මේ සතිය ඔබට කොහොමද ? ( ජූලි 8 - 15 )





මේෂ
මෙම සතිය ඔබට වෙනදාට වඩා වගකීම් බහුල වන කාලයක් වේ . තමන්ගේ සාමාන්‍ය ගමන් වලට අමතරව වෙනත් ගමනක් වෙනුවෙන් සැලසුම් සකස් කරගැනීමට සිදුවේ . නව බලාපොරොත්තු ඇති වන කාලයක් වුවද ඒවා ක්‍රමවත් ලෙස විසඳා ගැනීමට බාධා මතු කරයි . පවුලට ළඟ ඥාතියෙකුගෙන් කරදරකාරි බවක් ඇති කරයි. දරුවන්ගේ කටයුතු අක්‍රමවත් වීම හේතුවෙන් මානසික ගැටලු කීපයක් මතුවීමට ඉඩ ඇත . වරින්වර කකුලේ ආබාධ ඇතිවේ . පාදවල වේදනා ඇතිවේ . සතිය අවසාන වීමත් සමගම පවුලේ පැවැති මතභේදකාරි බවක් සමතයකට පත්වේ . වාහන ගමන් බහුල කරන කාලයකි. පෙම් සබඳතාවයක් හේතුවෙන් ගැටළුකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුවේ .


වෘෂභ
මෙම සතිය ඔබට ශාරිරික වෙහෙස මහන්සිය වැඩි කරමින් ආරම්භ වේ . ස්ථීර ආදායම් මාර්ග වලට බාධා ඇතිවන අතර ව්‍යාපාර ආදායම් මාර්ගවල වෙනසක් සිදුවිය හැකි කාලයකි . ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වගකීම් වැඩි කරයි . පවුලේ කෙනෙකු තමාගෙන් උපකාර පතා පැමිණෙන බවක් පෙනේ . නිවාස සෑදීමට සැලසුම් කරයි නම් ඒවා සාර්ථක වේ . රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී කල්පනාකාරි විය යුතුය . උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබේ . ඇවිදිලි වැඩිකරන කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න . පවුලේ සමගියට බාධා ගෙනදිය හැකි අන්දමේ කරුණු කීපයක් යෙදේ . සති අන්තයේදී වියදම් පාර්ශවය අධික වීම නිසා පාඩු විඳීමට සිදු වේ .


මිථුන
මෙම සතිය ඔබට වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් කර ගැනීමට වෙහෙසක් දැරිය යුතු කාලයක් වේ . අන් අය සමඟ වචන පාවිච්චියේදී කල්පනාකාරි විය යුතුය . එමෙන්ම හිතුවක්කාර තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්වයක් ඇති කරයි . පැරණි ණය  ගනුදෙනු සාර්ථක කර ගැනීමට වෙහෙසක් දැරිය යුතු කාලයකි. ගැටලු සහගත තත්ත්වයක් හේතුවෙන් පදිංචිය වෙනස් වී නිවසෙන් පිට වාසයට කටයුතු සැලසේ . විවාහ යෝජනා ස්ථිරවීමක් කල්දැමීමට සිදුවන බවක් පෙනේ . පවුලේ අසමගියට හේතු සැලසෙන කටයුතු කීපයක් යෙදෙන අතර, රැකියා ස්ථානය පිළිබඳ ඇතිවන සිත් කලකිරීමක් දුරදිග යාමට ඉඩ ඇත . ඉවසීමෙන් යුතුව කටයුතු කලයුතු කාලයකි .


කටක
රැකියා ක්ෂේත්‍රයේ තමන්ට නොගැළපෙන අය සමග ඇතිවන සම්බන්ධතා හේතුවෙන් රැකියා ස්ථානයේ ගැටළු ඇතිවීමට මග පෑදේ . තමන්ගේ උසස්වීම් ප්‍රමාද වේ . නමුත් සතිය අවසාන වීම සමගම තමන්ගේ එම බාධා කාරී කටයුතු අඩුවී සුබ ආරංචි ඇසීමට හැකියාව ලැබේ . ආශ්‍රය කරන්නන්ගෙන් පරෙස්සම් විය යුතුය . නව ආයෝජනයන් කිරීමෙන් වළකින්න . පාඩු විඳීමට සිදුවිය හැක . අධ්‍යාපන කටයුතු සාර්ථක වැන්නේ උත්සාහය කැපවීම මත පමණි . උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වන්නන් හට සුබ දායක ආරංචි ඇසීමට හැකි වේ . ප්‍රේම සම්බන්ධතා සඳහා බාධා ඇතිවේ . ප්‍රේම සම්බන්ධතා තුල මත ගැටුම් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කල යුතුය . විවාහ ජීවිතය සාමාන්‍ය ලෙස ගතවේ . දරුවන්ගේ කටයුතු සඳහා වැඩි කාලයක් යෙදවීමට සිදුවේ . සතිය අවසාන වීමත් සමගම සැලකියයුතු ආදායම් තත්වයේ ප්‍රගතියක් පෙන්නුම් කෙරේ .


සිංහ
සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරගෙන යාමට මෙම සතියේ  ඔබට යම් යම් බාධා ඇතිවීමට ඉඩ තිබේ . එබැවින් තමන්ගේ සාමාන්‍ය කටයුතු පවා මනා ලෙස සැලසුම් සහගතව කිරීමට ඔබ වගබලාගත යුතුය . ඔබගේ නිවසේ කටයුතු සඳහා ඔබට තිබෙන අවධානය වෙනස් වීමට ඉඩ ඇති බැවින් පවුලේ අයගෙන් ඔබට යම් දෝෂාරෝපණයක් එල්ලවීමට ඉඩ තිබේ . අනතුරු වීමට ඉඩ ඇති බැවින් අවදානම් කටයුතු වලින් වළකින්න . අධ්‍යාපන කටයුතු සාර්ථක වන්නේ උත්සාහය කැපවීම මත පමණි . තමන්ගේ ආදායම් වියදම් තත්වය අසමතුලිතවන අතර ආදායමට වඩා වියදම වඩාත් ඉහලට යයි . එබැවින් ආදායම් වියදම් තත්වය සමතුලනය් කරගත යුතුය . රැකියා ස්ථානයේ කටයුතු සාර්ථක වන අතර සතිය අවසාන වීමත් සමගම රැකියා උසස්වීම් බලාපොරොත්තු වන අයට සුබ ආරංචි ලැබේ . විදේශගතවීම් සමහරවිට අඩාල වීමට ඉඩ තිබේ . නහර ආශ්‍රිත රෝග ඇතිවේ .


කන්‍යා
ඉක්මන් කේන්තිය නිසා තමන් අවට සිටින්නන් සමග මත ගැටුම් ඇතිකර ගැනීමට ඉඩ තිබේ . මේ නිසා ඉතාමත් ඉවසීමෙන් යුතුව කටයුතු කරගෙන යාමට අවශ්‍යවන අතර අන්‍යයන්ගේ සිත් රිදවීම් වලට හේතුවන දේවල් කීමෙන් සහ කිරීමෙන් වැළකී සිටිය යුතුය  . වෘත්තීය කටයුතු වලට බාධා සහ ප්‍රමාදවීම් ඇතිවේ . ප්‍රේම සම්බන්ධතා සඳහා ද යම් යම් බාහිර බලපෑම් ඇතිවීම නිසා මානසික වශයෙන් ව්‍යාකූල තත්වයට පත්වේ . පවුල් සංස්ථාව ශක්තිමත් වේ . උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට විදේශ ගත වීමට බලාපොරොත්තු වන්නන් හට සුබ දායක තත්වයක් ඇතිවේ .දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ දරුවන්ගේ දියුණුව උදෙසා කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේ . අක්ෂි රෝග සහ ඌශ්නාධික රෝග ඇතිවීමට ඉඩ තිබේ .


තුලා
මෙම සතිය ඔබට අවිවේකී සතියක් වේ . ඔබගේ ආසන්නතම කෙනෙකු සම්බන්ධව විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් පවුලේ ගැටලු කීපයක් දුරදිග යාමට ඉඩ තිබේ . දරුපල හිමි කාලයකි. පවුලේ කෙනෙකු වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදු වේ . විවාහ සහ ප්‍රේම සම්බන්ධතා සඳහා යම් යම් බාහිර බාධා ඇතිවේ . පිත් රෝග ඇතිවන අතර ඒවාට ප්‍රතිකාර ගැනීමට සිදුවේ . රැකියාවේ කටයුතු පිළිබඳ ඉවසිලිවන්ත තීරණ ගත යුතුය . අධ්‍යාපන හා ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කල යුතුය . තැන්පත් කරන ලද ධනය වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ . තරඟ විභාග වලින් ජය ගැනීමට හැකිවේ . සතිය අවසාන වීමත් සමගම ආදායම් තත්මයේ අසමතුලිත බවක් ඇතිවේ .


වෘශ්චික
ඔබ විසින් කලින් යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙමින් මෙම සතිය ආරම්භ වේ . අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතුවලින් ලාබ ප්‍රයෝජන හිමි වේ . තමාන්ගේ පියාගේ පාර්ශවයේ කෙනෙකු සම්බන්ධව අධිකව කාලය වැය කිරීමට සිදුවේ . ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමේ මඟ සැලසේ . පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු සූදානම් වන බවක් පෙන්නුම් කරන අතර පවුලේ කෙනෙකු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමටද කටයුතු යෙදේ . හදිස්සියේ යම් යම් ගමන් යාමට සිදුවන අතර එම ගමන් නිසා මුදල් හා කාලය නාස්ති වේ . නිතර නිවසට යන එන අය නිසා කරදරවලට මුහුණ පාන්නට සිදුවේ . දරුවෙකුගේ කටයුතු නිසා අමතර මුදල් වැයවීමක් සිදු වේ . රැකියාවේ කටයුතු සම්බන්ධව ඇතිවන අවිවේකී බව හේතුවෙන් සැලසුමක් වෙනස්කිරීමට සිදුවේ .


ධනු
මෙම සතියේ ඔබගේ මෙතෙක් පැවැති කටයුතු කීපයකින් නිදහස සැලසේ . මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති සැලසුම් කීපයක් සාර්ථක වේ . පවුලේ ඉදිරි කටයුතු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ . තමා සතු යම් දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කලයුතුය . තමන්ගේ රැකියාවේ කටයුතු සම්බන්ධ ස්ථාන වෙනසක් සිදුවිය හැක . විවාහය සම්බන්ධ යම් තීරණයක් ගැනීමට හැකියාව ලැබෙන අතර එම තීරණයේ යහපත් අයහපත් භාවය සම්බන්ධව තමන් කල්පනාකාරී විය යුතුය . එමෙන්ම පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි කාලයකි . පාදවල වේදනා ඇතිවන කාලයක් වන අතර ඇවිදීම් ද අධික වේ . උසස් අධ්‍යාපන කටයුතු සහ ලේඛන කටයුතු සඳහා යහපත් කාලයකි .


මකර
ඔබගේ සැලසුම් සහගත කටයුතු කීපයකට අතගැසීමට මෙම සතියේ ඔබට සිදුවන කාලයක් වේ . වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි . නොදැනුවත්ම අමතර මුදලක් වැය කිරීමට කරුණු සැලසේ . එහෙත් සතිය අවසාන වීමත් සමගම යම් මුදලක් අතේ ඉතිරි වේ . නිතර තමා ඇසුරු කරන අය පිළිබඳ කල්පනාකාරි විය යුතුය . විදෙස් ලැබීමකට හිමිකම් ඇති වුවත් ඒවා මඟහැරී යන කාලයකි . ඥාති හිතවතුන්ගෙන් උපකාර බලාපොරොත්තු වීමට සිදුවේ . හදිසි සැලසුමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසේ . වාහන ගනුදෙනුවකට කටයුතු සූදානම් වන බවක් පෙන්නුම් කරයි . සතිය අවසාන වනවාත් සමගම පවුලේ යම් යම් මතභේද ඇතිවීම් නිසා සිත් කලකිරීම් ඇතිවේ .


කුම්භ
මෙම සතියේ ඔබට වරින් වර පීඩාකාරි ගතිපැවතුම් මතුකරමින් ආරම්භ වේ . ඔබගේ පවුලේ කටයුතු කෙරෙහි ඔබට මූලිකවීමට සිදුවේ . දරුවෙකුගේ කටයුතු නිසා මානසික සිත්තැවුල් අත්කරයි . පවුලේ කෙනෙකු රෝහල් ගතවීම සිදුවීමට ඉඩ ඇත . තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ යම් යම් කටයුතු සඳහා අසල්වාසී අයගෙන් උදවු උපකාර ලැබීමට ඉඩ තිබේ . ආදායම් අතින් යහපත් කාලයක් වුවත් වියදම් පාර්ශවය අධික වීමට ඉඩ ඇත. නොසිතූ මතභේදයක් දුරදිග යාමෙන් අඹුසැමි ගැටලුවක් ඇති කරයි . හිතවතෙකු සමඟ මුදල් ගනුදෙනුවක් සිදුකර ගැනීමෙන් අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකිවේ . වරින් වර හට ගන්නා කොන්දේ අමාරුවක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි . නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි .


මීන
මෙම සතිය ඔබගේ එදිනෙදා කටයුතු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සැලසෙමින් ආරම්භ වේ . තමන්ගේ සාමාන්‍ය කටයුතු හැර වෙනත් අමතර සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන කාලයකි . ණය ගැනීමට අපේක්ෂා කරන්නන්ගේ අපේක්ෂාවන් සාර්ථක වන බවක් ඇතිවේ . ආයතන ප්‍රධානීන්ගෙන් උපකාර හිමිකරයි . අලුත් පදිංචි වීමක් පිළිබඳ තීරණයක් වෙනස් කිරීමට කටයුතු සැලසේ . ගේ දොර කටයුතු කීපයක ප්‍රමාදතා සිදුකරයි. විදෙස් මූලාශ්‍රයකින් ලැබීම් හිමිකරයි. ආගමික සැලසුමක් උදෙසා වෙහෙසීම් වැඩිකරයි . පොත්පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි අවධානයක් යොමුකරන කාලයකි. තමන්ගේ මවගේ පාර්ශවයේ දේපළ සඳහා යම් යම් සතුරු කරදර ඇතිවේ .

Comments

  1. මගේ සතිය නම් නිකම්ම ගෙවිල ගියා.

    ReplyDelete

Post a Comment

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.