Breaking

Post Top Ad

Blog Archive

Thursday, 5 October 2017

බංකොලොත් ටෝක්ස් ( 1 )




සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා
සියලුම සත්ත්වයින් ආහාර නිසාම ජීවිතය රැක ගනී

මහ පිරිත්පොත කියවන වේලාවකදී මට පිරිත් පොතේ මුල්ම හරියේ තියෙන මෙන්න මේ සාමණේර පඤ්ඤහා කියන කොටස නැවතත් කියවන්න ලැබුණා . ඕක කියවන වෙලාවේ මට ටිකක් පරණ අත්දැකීම් ටිකක් මතක් වුණා .

ඉස්සර ඉස්කෝලේ සංගීත වාදන කණ්ඩායමේ සාමාජිකයෙක් වෙච්ච මුල්ම කාලයේ අපි , " දවස " කියන මාතෘකාව යටතේ නිර්මාණය කරපු සංගීත වාදන කොටසක් ඉදිරිපත් කරා සීවලී මධ්‍යමහා විද්‍යාල නියෝජනය කරමින් සමස්ත ලංකා සංගීත තරඟාවලියට . ඕකෙන් ලැබුණු ජයග්‍රහණය එක්ක සබරගමුව විශ්වවිද්‍යාලයෙන් අපිට ආරාධනයක් ලැබුණා ඒ සංගීත වාදනය විශ්වවිද්‍යාලයේ කළා උළෙලකට ඉදිරිපත් කරන්න කියලා . ඔන්න අපි ගියා කැම්පස් එකට . මම හිතන්නේ මම හිටියේ 10 වසරේ . ඊට පස්සේ ඔන්න කැම්පස් එකේ කළා උළෙලේ අපේ ඉදිරිපත් කිරීම තිබුණේ හවස්වෙලා .

ඒ නිසා අපිට විශ්වවිද්‍යාලයේ අනුග්‍රහයෙන් දිවා ආහාර වේල ලබා දුන්නා . මට වඩා වැඩිමල් අයියා කෙනෙක් තමයි මම හිටපු තැන ළඟ හිටියේ . මේසයේ අනික් පැත්තේ තවත් දෙන්නෙක් හිටියේ . අපි කාලා ඉවරවෙලා අත හෝදන්න යනකොට ඒ අයියා මගේ පිඟාන දිහා බැලුවා . බලලා හිනා වුණා . මම ඉතින් අනේ මන්දා කියලා කල්පනා කරා ඇයි ඒ හිනා වුණේ කියලා . ඒ අයියා එදා හැසිරුණු හැසිරිල්ල අනුව මට හිතුනේ මිනිහා කැම්පස් එකට ආවට පස්සේ හිතාගෙන ඉන්නේ කැම්පස් එක බකිංහැම් මාලිගාව වගේ වෙන්න ඕන කියලා . මම ඒත් කල්පනා කරා මගේ පිඟානේ මොකක්ද තිබ්බ අවුල කියලා . මිනිහා හරියට හිනා වුණේ මම පිඟානේ ඩිස්ටි ඩිඩින් කරා වගේ . එදා ඒ සිදුවීම එහෙමම ඉවරයි .

සිංදුවගේ ගෙවල් තියෙන කිට්ටුව තියෙනවා පොඩි බත් කඩයක් . ඕකට කියන්නේ " ලොක්කගේ බත් කඩේ " කියලා . මොන හේතුව නිසාද දන්නේ නැහැ ඒ කෑම එකට මිනිස්සු මාර විදියට වහ වැටෙනවා . අජිනමොටෝ වගේ දේවල් නම් නැහැ කියලා ෂුවර් . එක්කෝ මුන් බත් එකට හූනියමක් කරලා දෙනවා ආයෙත් ආයෙත් කන්න එන්න . කොහොමහරි රහයි කියලා දැනුන කෑම කඩවල් වලින් එකක් තමයි ඕක . ගොඩක් වෙලාවට එහේ යන එන වෙලාවට ඕකෙන් කාලා යන්න හෝ නැත්නම් බත් එකක් ඔතාගෙන ගෙදර ඇවිත් කන්න හරි වැඩකටයුතු සම්පාදනය කරනවා .

දවසක් ඔන්න සිංදුවගේ ගෙදර යන දවසේ රත්නපුරේ ස්ටෑන්ඩ් එකේදී සිංදුවගේ මලයත් සෙට් වුණා . අපි දෙන්නා බස් එකේ යනගමන් මම ඇහුවා මොකද අද ලොක්කා සරණං ගච්චාමු ද ? කියලා . සිංදුවගෙ මලයත් චන්දය ප්‍රකාශ කරපු නිසා අපි දෙන්නා බස් එකෙන් බැහැලා කඩේට ගියා . ගිහින් දැන් අපිට අවශ්‍ය පැකේජ් එකේ කෑම දෙකක් ඕඩර් ප්ලීස් කියලා මේසෙට වෙලා වාඩිවෙලා හිටියා .

ඒකෙ වැඩ කරන කෙනෙක් කෑම පිඟන් දෙක බෙදාගෙන ඇවිත් අපේ ඉස්සරහින් තිබ්බට පස්සේ ටිකක් නිවෙනකල් ඉඳලා කන්න පටන් ගත්තා . කෑමේ සීග්‍රතාවය ගැන බලනකොට කොහොමත් මගේ කෑම ගැනීමේ වේගය වැඩියි . දන්නෙම නැතුව සාමාන්‍ය වේගයට ඇවිත් කාගෙන කාගෙන ගියා . ඊට පස්සේ මේසෙන් නැගිටින්නේ නැතුව සිංදුවගෙ මලයත් කාලා ඉවරවෙනකල් හිටියා බලාගෙන . එතකොට අර කෑම පිඟාන ගෙනැත් දීපු කෙනා ඇහුවා " තව බත් ගෙනැත් දෙන්නද ? " කියලා මගෙන් .

සාමාන්‍යයෙන් ඒ කඩේ කෑම පැකේජ් එකක් එක්කෙනෙක්ට වැඩිත් එක්ක වගේ . මටත් කාලා කාලා බඩ පිරිලා තිබ්බේ . තව කන්න තියා වතුර බොන්නවත් ඉඩ තිබ්බේ නැහැ . ඉතින් මම කිව්වා " එපා , මේ හොඳටම ඇති " කියලා . පස්සේ මම අත තියාගෙන හිටපු පිඟාන දිහා බැලුවා . මම හිතන්නේ ඒකෙ බත් ඇට එකක් වත් ඉතුරුවෙලා තිබුණේ නැහැ .

ඔන්න ඒ වෙලාවේ මතකය කනෙක්ට් වුණා සබරගමුව විශ්වවිද්‍යාලයට . එදා අර හාල්පාරුවත් පිඟාන දිහා බලලා හිනා වුණේ මේක තමයි එහෙනම් කියලා මට ධර්ම සංවේගය පහල වුණා .

පිරිත් පොත කියවන වෙලාවේ මට මතක් වුණා අපේ ආච්චිඅම්මා මට ඉස්සර කෑම කන්න පුරුදු කරපු හැටි . කෑම මේසෙට උස නැහැ එතකොට . පුටුව උඩ කොට්ට තියලා තමයි මම ඉඳගත්තේ . ඊට පස්සේ පිඟානට කෑම බෙදලා අරගෙන ඇවිත් මගේ ඉස්සරහින් තියලා අනාගෙන කන හැටි කියලා දුන්නා . කොහොමහරි ආච්චිඅම්මාගේ තියරිය වුණේ කෑම අනනකොට තමන් මී ළඟට ගන්න බත් කටට අවශ්‍ය දේවල් විතරක් හෝ බත් කටවල් දෙකකට අවශ්‍ය බත් ප්‍රමාණය සහ එළවළු විතරක් අනාගන්න කියලා .

ඒවගේම තමයි බත් පිඟානේ අනලා නැති බත් පිළිවෙලකට තියෙන්න ඕන කියලා . කොහොමහරි බත් කන එක වෙන වැඩකට අතරමග නතර වුණත් විනාඩියකට දෙකකට හෝ ආයෙත් පිරියක් ඇතුව කන්න පුළුවන් වෙන්න ඉතුරු බත් ටික සහ එළවලු සියල්ල පිඟානේ ඉතුරු වෙලා තියෙනවා .

ඊට පස්සේ ආච්චිඅම්මා කිව්ව කතාවක් තමයි පිඟානේ එක බත් ඇටයක් වත් ඉතුරු කරන්නේ නැතුව කන්න ඕන කියලා . ඒකට හේතුව විදියට කිව්වේ මිනිස්සු ජීවත් වෙන්නේ කෑම නිසා , ඒ නිසා කෑම අහක දාන්න හොඳ නැහැ . බෙදාගන්නවානම් , බෙදලා දෙනවානම් ඒ දෙන ප්‍රමාණය කෑමට ගන්න ඕන කියලා . ඔය කතාව ඒ කාලේ තදින්ම හිතට වැදිලා තිබුණු නිසා අද වෙනකල් මම කෑම කාලා ඉවරවෙනකොට පිඟානේ ඉතුරු වෙන්නේ කන්නම බැරි දේවල් විතරයි .

මම හිතන්නේ මේ හිස් පිඟාන සමහර අයට අසාමාන්‍ය දෙයක් වෙන්න ඇති . මොකද යම් යම් වෙනත් සංස්කෘතීන් වලට අනුව කෑම පිඟානේ ටිකක් ඉතුරු කරලා තමයි නැගිටින්න ඕන . ඒවගේම බොන කෝප්පේ ටිකක් ඉතුරු කරලා තමයි තියන්න ඕන . බීම බෝතලේ බීම ටිකක් ඉතුරු වෙන්න ඕන . නැත්නම් ගතියක් නැහැ .

මේ ළඟදී දවසක් මී කිරි කෑම ගැන ෆේස්බුක් එකේ ගියා මෙන්න මේ ලිපිය .



ලංකාවේ මිනිස්සු ඉස්සර හොඳට කෑවා . ඒත් දැන් කන්නේ නැහැ . යෝගට් කෝප්පයකින් එකක සයිස් බත් ටිකකට රත්තරන් පවුමක මිල ගෙවලා ඒකෙනුත් ටිකක් මැනස් වලට කියලා ඉතුරු කරලා නැගිටලා යනවා . ඊට පස්සේ බඩගින්නේ විඳවනවා .





මේ ළඟදී දවසක ෆාමසිස්ට් කෙනෙක් එක්ක කතා කරන වෙලාවක බෙහෙත්වල තියෙන විෂ තත්වය ගැන කතාවක් ඇදිලා ආවා . ඒ වෙලාවේ මම මතක් කරා ලංකාවේ මිනිස්සු බෙහෙත් හදන සේරම අමුද්‍රව්‍ය පිට රට යවලා ඒවායින් හදන විස තියෙන පෙත්ත සල්ලි දීලා බීලා ඉක්මණට මැරෙනවා කියලා . මම කල්පනා කරන්නේ ඔය සාදික්කා , කුරුඳු , වසාවාසි , එනසාල් , කරාබුනැටි එහෙම තමන්ගේ කෑම වේලටත් එකතු කරගත්තනම් නරකද ? . ඇන්ටිඔක්සිඩන්ට් කියලා වෙන වෙන දේවල් පෙති හරහා ගත්තට ඔය දේවල්ම ශරීරයට හිතකර මාත්‍රාවෙන් මේ ආහාර ද්‍රව්‍යවල අඩංගු වෙලා තියෙනවා . වැරැද්ද තියෙන්නේ සල්ලි නිසා ඒ දේවල් විකුණනවා ඇරෙන්න තමන්ගේ පාවිච්චියට ගන්නේ නැහැ . ඉස්සර මිනිස්සු කරේ තමන්ගේ පාවිච්චියට අරගෙන ඉතුරු ටික විකුණන එක . දැන් වෙන්නේ ඒකෙ අනික් පැත්ත .
දැන් ළමයින්ට පොඩි කාලේ ඉඳලා උගන්වන්නේ සහ කන්න බොන්න දෙන්නේ එක එක තියරි අඩංගු පොත්වල සටහන් වෙලා තියෙන විදියට . මේ වෙලාවට කෙසෙල් ගෙඩියක් . මේ වෙලාවට ගස්ලබු පළුවක් . මේ වෙලාවට බත් . මේ වෙලාවට නිදාගන්න ඕන . ඔන්න ඔය වගේ ෂෙඩුල් වෙච්ච ළමයි තමයි දැන් ඉන්නේ . අඩුම තරමේ පොලව පාගන්නවත් දෙන්නේ නැහැ . අනාගෙන කන්න දෙන්නේ නැහැ . වැසිකිලිය භාවිතා කරන්න උගන්වන්නේ නැහැ . හැබැයි ශෝ එකනම් දෙයියනේ කියලා තියෙනවා .

බත් කන්න දෙන්නේ නැහැ . කෝස් පොලොස් දෙල් අල කන්න දෙන්නේ නැහැ . ඒත් සොසේජස් එක , චිකන් කෑල්ල උජාරුවෙන් කවනවා . ජාතියක් විදියට සිංහලයා මේ කොහෙද යන්නේ . ඒක තමයි අවසානයේ අහන්න තියෙන ප්‍රශ්නය .

ලිපිය අවසාන කරන්න කලින් මෙන්න මේ කතා දෙක ලියලා පූර්වාපර සන්ධි ගළපන්න මම හිතුවා .

කැම්පස් එකේදී අපිට ඉගෙන ගන්න ලැබුණු විෂයන් වලින් එක විෂයක් තියෙනවා ඔය පරිසරය සහ මිනිසා අතර සම්බන්ධය සහ රසායනික බලපෑම් කොහොමද ශරීරයට වෙන්නේ කියන යාන්ත්‍රන උගන්වන . මේක උගන්වන වෙලාවේ අපේ ප්‍රොෆෙසර් කතාව ටික ටික වෙන පැත්තකට හරවලා මෙන්න මේ කතාව කිව්වා .

" ළමයි , මම ජපානයේ විද්‍යාඥයින් පිරිසක් එක්ක පර්යේෂණයක් කරා කුකුල් මස් සම්බන්ධව . ඔය කුකුල් මස් ගන්න ඇතිකරන , කුකුලන්ට ගහන හෝමෝන් එක යම් ප්‍රමාණයකින් මිනිස්සුන්ට අහිතකර වෙනවා කියලා අපි හොයාගත්තා . ඒත් යම් යම් ප්‍රශ්න මත අපිට මේ ප්‍රතිඵල එලියට නිකුත් කරත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැති තත්වයක් තියෙන නිසා ඒ පර්යේෂණය එහෙමම තමයි "

ඊට පස්සේ සර් කිව්වා , ළමයින්ගේ වැඩිවියට පත්වීම සම්බන්ධව . දැන් ඔය මස්වල තියෙන හෝමෝන ප්‍රමාණය යම් ප්‍රමාණයක් මිනිස්සුන්ගේ ශරීරයටත් ආහාර වේල හරහා ඇතුළු වෙනවා . පොඩි ළමයි කෑවාම ඒ ළමයින්ගේ වර්ධනය අධික වෙනවා . වයසට වඩා වර්ධනය වෙනවා . මොලය වුණත් ඒවගේ අධි ක්‍රියාකාරී වෙනවා . ඒ නිසාම ගැහැණු දරුවන් කලින්ම වැඩිවිය පත්වීම මේ කාලයේ දකින්න ලැබෙනවා . ඒත් මිනිස්සු ඒ ගැන සතුටු වෙනවා . මොකද මගේ ළමයා දැන් ලොකුයි , හොඳට වැඩ කරනවා . මොළෙත් හොඳට වර්ධනය වෙලා කියලා . පෆෝමන්ස් හොඳයි කියලා අනිත් අයට වඩා .

ඒත් මිනිස්සු හිතන්නේ නැහැ ඉලක්කමෙන් අඩුවට හිටියට මෙයාගේ ශරීරයේ යාන්ත්‍රණය අනවශ්‍ය ලෙස වෙගවත් වෙලා නිසා මෙයා ඉක්මණට වියපත් වෙනවා කියන එක . ඒක තේරුම් ගන්න තවම මිනිස්සුන්ට අත්දැකීම් මදි . ඒවගේම ඒක තේරෙනකොට පරක්කුත් වැඩි වෙයි . මේ අපරය . මම කියන්නම් ඊට පස්සේ පූර්වය කොහොමද කියලා .

බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අනාගතය ගැන දේශනා කරන වෙලාවේදී මේ කල්පය විනාශ වෙන කාලය ආවාම මිනිස්සුන්ගේ පරමායුෂ අඩුවෙලා අඩුවෙලා යනවා කියලා . ඒත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ කුකුළොන්ට හෝමෝන ගහලා ආයුෂ අඩු කරගන්නවා කියලා . ඒත් ප්‍රතිඵලය දේශනා කරලා තියෙනවා . කොයි යම් ආකාරයකින් හෝ අද කෘත්‍රීම සූර්යයන් නිපදවෙනවා . ඒ කියන්නේ ඉරවල් හතක් පායාවි . ඒවගේම තමයි පරමායුෂත් අඩුවෙලා . මෙන්න මේ ආකාරයට පූර්වාපර සන්ධි ගළපලා කතාව අවසානයට අරගෙන ආවා ඔන්න .

කියවලා පොඩ්ඩක් හිතලා බලන්න තමන් පොඩි කාලේ කාපු බීපු දේවල්ද තමන්ගේ ළමයට තමන් කන්න බොන්න දෙන්නේ කියලා .

මොකද , කොස් පොළොස් පළා වර්ග මුහුදු මාළු කාලා ඉංජිනේරුවෝ දොස්තරලා වෙච්ච අම්මලා තාත්තලාගේ ළමයින්ට ඒ අම්මලා තාත්තලා කන්න දෙන්නේ වහ . ඒ ළමයිනුත් ඉතින් ඉගෙන ගන්නවා . අපි හැදෙනවා , රට හදනවා කියනවා . ඒත් උන්ගේ ඇතුලාන්තය හොඳ නෑ . ඒ නිසා අනාගතයේ බිහිවෙන්නේ අධ්‍යාත්මයක් නැති කල්ලතෝනි සමාජයක් . උන් ඉක්මණට මැරෙයි . ඒ නිසා හොඳ දේවල් කන්න දෙන්න . ලංකාවේ තිබ්බ හොඳ පුරුදු නැවතත් ඇති කරන්න , ළමයින්ට ඒවා කියලා දෙන්න .


මෙන්න මේ සිංදුවත් දෙතුන් පාරක් අහලා බලන්න කවුද හරි කවුද වැරදි තමන් අද කොහෙද ඉන්නේ සහ තමන්ගේ ළමයි කොතනටද යන්නේ කියලා .

මටනම් ෂුවර් , වැඩිකල් යන්න කලින් වලපල්ලට තමයි යන්නේ කියලා .

වැරදියට හිතන්න එපා . කියලා තියෙන දේ තේරුම් ගන්න . මම කියන්නේ දරුවන්ට ලංකාවේ දේවල් කවලා පිටරට දේවල් කවන්න . මොකද ළමයින්ගේ ඇඟ පත මොලය හැදෙන කාලේ පිටරට වස කෑම නිසා ළමයි දුර්වල වෙයි . එතකොට අම්මා තාත්තාට කලින් ළමයි වල පළලටම තමයි යන්නේ .

බටහිර පරිණාමයේ කියන්නේ මිනිසාගේ පරිණාමයට කලින් ශාකය පරිණාමය වුණා කියලා සෘෂි වරුන් කියන්නේ මිනිසා කියන්නේ උඩු යටිකුරු කරපු ගහක් කියලා . හිතලා බලන්න . මම ඒක ඉදිරි ලිපියකින් පැහැදිළි කරන්නම් .

එහෙනම් ලිපිය අවසාන කරනවා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


13 comments:



  1. //කියවලා පොඩ්ඩක් හිතලා බලන්න තමන් පොඩි කාලේ කාපු බීපු දේවල්ද තමන්ගේ ළමයට තමන් කන්න බොන්න දෙන්නේ කියලා //

    ඇත්තටම මම පාසැල් ගියේ 1990 දශකයේ ඒ කාලයේත් කැන්ටිමෙන් ෂෝර්ට් ඊට් කෑම මටත් මගේ මිතුරන්ටත් පුරුදු දෙයක් නමුත් එදා කාපු බන් එකත් අද තියන බන් එකත් අතර විශාල වෙනසක් තියනවා කියලා තේරුම් ගත්තේ තිරිගු නිෂ්පාදනය ගැන තොරතුරු සොයන්න උනාට පසුවයි, අද තියන්නේ GMO ලෙස නිපදවන ලද තිරිගු වලින් නිපදවන පිටියි මේ පිටිවලින් පමණක් පාන් ගෙඩියක් හැදුවොත් කිසිම රසක් නෑ, මේ ප්‍රශ්නය විසදන්න කරලා තියෙන්නේ මේ පිටිත් සමග සිනි අන්තර්ගත කිරීමයි.

    මෙනිසා අද වයස 10 පමණ දරුවන්ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් දියවැඩියාවෙන් පෙළෙනවා.

    හැබැයි අපේ දැනට තියන ආහාර වෙලේ අඩංගු තුනපහ නිසා අපට සැලකියයුතු වාසි ලැබෙනවා අපි තුනපහ පාවිච්චි කලේ නැත්නම් විශාල පිරිසක් ලංකාවේ බරපතල රෝගීන් වෙන්න තිබුන මොකද ශ්‍රී ලංකාවට එන බෙහෙත් උනත් අධික විෂ සහිතයි ඒවගේම අපි විශාල ලෙස විෂ සහිත කෘතීම කෑම ගන්නවා.

    ReplyDelete
    Replies
    1. තුනපහ ගැන එහෙම කිව්වට , අද කාලේ තුනපහ වුණත් හොඳ දේවල් නැහැ කඩේ ගන්න . මට මතකයි මගේ අන්තිම සෙමෙස්ටර් එකේ ආහාර තාක්ෂණය කියලා රසායනික විද්‍යාව ලෙක්චර්ස් සීරිස් එකක් තිබුණා . එකෙදී අපිට ඉගැන්නුවා මේ තුනපහ වර්ගවල ප්‍රමාණය වැඩි වෙන්න එකතු කරන දේවල් සම්බන්ධව . ඒ එක්ක බලනකොට අපි දැන් දැන් තුනපහ කියලා කන්නෙත් වැඩක් නැති ඒවා තමයි . ඒත් තවම යම් යම් දේවල් වල ප්‍රමිතියක් තියෙනවා . ආයුර්වේද බෙහෙත් සම්බන්ධව විතරයි හොඳම දේ තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්කමක් තියෙන්නේ .

      Delete
  2. මේ සසර දනව්වේ........
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
    බුදු හාමුදුරුවනේ

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් තමයි . ඔව් .

      Delete
  3. ada kaale thaman wagaa karagena kanawa nam thamai wishwasayen kanna puluwan,
    kohoma baluwath api kanne wasa wisa thamai,elawalu palathuru hama deyakma

    wayala jyothishya sewayakuth patan aragenane.. subha pathum aaah

    rehaani akka :)

    ReplyDelete
    Replies
    1. කෝස් පොලොස් දෙල් අල බතල තමා දැන් ඉතුරුවෙලා තියෙන්නේ . එළවලු නම් ෂුවර් කරන්නම බැහැ .
      ගොඩක් කල් කේන්දරේට බැහැලා . අවුරුද්දටත් වැඩියි ;)
      බොහොම ස්තූතියි !

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මට නම් හිතෙන්නේ අපේ කෑම රටාව දැන් කාලේ වෙනස් වෙන්න ඕනේ කියල. ඒ කියන්නේ සොසේජ්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් කන්න කියනවා නෙමෙයි. අපේ කෑම වේල ගත්තොත් තියෙන්නේ බත් කන්දක් එක්ක පොඩි එළවලු ප්‍රමාණයක්. පොඩී මාළු හෝ මස් කෑල්ලක්. ඒවත් මිරිස් තුන පහ නාවලා, මිරිස් තුන පහ රස තමා වැඩියෙන් තියෙන්නේ. පිටි රහට බත් ගොඩක් කන නිසා වෙන්න ඇති එහෙම පුරුදු වෙලා තියෙන්නේ.
    කන බත් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. මස්, මාළු, එළවලු, පලතුරු ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඒවත් මිරිස් තුන පහ ගොඩාක් දාල හදන්න හොඳ නෑ. කෑමේ තියෙන රස නැති වෙනවා එතකොට.
    මස් කියලත් අපි කන්නේ ගොඩක් වෙලාවට චිකන් විතරයි. ලංකාව වටේම මුහුද තිබිලත් මාළු ගිනි ගණන් සහ පරණ වෙලා. මේක ලොකු හේතුවක් වෙනවා මස්/මාළු කෑල්ල පොඩි වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම හරි . ටිකක් වැරදියි . පිළිකාවලින් තවමත් මිනිස්සු බේරිලා ඉන්නවානම් ඒ ඉන්නේ තුනපහ තියෙන නිසා ආහාර වේලේ . ඒ නිසා තුනපහ වර්ග වැඩි වැඩියෙන් කෑමට එකතු වෙන එක තමයි හොඳ . ප්‍රතිශක්තිය වර්ධනය වෙන්නත් බලපානවා මේ තුනපහ වර්ග . හැම දේටම තුනපහ වර්ග කියන දේ බලපානවා හොඳ ආකාරයෙන් . ආහාරයේ ස්වභාවික රස ඕන නම් ඉතින් ඉඳලා හිටලා තුනපහ නොදා කෑවට කමක් නෑ . :) . ඇත්ත . බත් නම් අඩුවෙන්න ඕන . ඒත් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ බත් වැඩියෙන් කන්න . කන ප්‍රමාණයට වැඩ වෙනවනම් කමකුත් නෑ . ඒත් වැඩ කෙරෙන්නේ අඩුවෙන් නිසා බත් අඩු කරලා එළවලු පලතුරු කන එක හොඳයි . ඔය ඔක්කොටම වඩා හොඳ කුරහන් කඩල කවුපි වගේ දේවල් ආහාරයට ගැනීම තමයි . කුරක්කන් කැඳ , මම අත්දැකීමෙන්ම දන්නවා පීරිසි කෝප්ප දෙකකින් එක වේලක බඩගිනි නිවන්න පුළුවන් හැකියාවක් තියෙන පෝෂණය අධික ආහාරයක් කියලා . ඒවගේ පරණ ආහාර රටාවලට යන එක තමයි වෙන්න ඕන මිනිස්සුන්ට සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන නම් . මේ ගැන තව ලිපියක් තියෙනවා ලියවෙන්න වෙනමම තුනපහ ගැන දාලා . එකත් ලිව්වම අපි ආයෙත් කතා කරමු .

      Delete
  6. පිළිකා හැදෙන ප්‍රතිශතය අඩු කරගන්න නම් කුළුබඩු තමා පරිභෝජනය වෙන්න ඕනේ. තුනපහ කියනවට වඩා කුළු බඩු කියන එක තමා මම හිතන්නේ ගැලපෙන්නේ. තුනපහ ඕනේ නෑ කියල නෙමෙයි මම කිව්වේ, අනවශ්‍ය විදියට දාන එක. විශේෂයනේ මස් මාළු වලට ලොකු මිරිස් තුනපහ/කුළුබඩු ප්‍රමාණයක් දානවා.
    අපේ සමාජේ දැන් තියෙන විදියට පරණ ආහාර රටා වලට යන එක අමාරුයි. මිනිස්සු ඇඟ මහන්සි කරලා වැඩ කරනවා අඩුයි. ගමන බිමන වාහන වල. ව්‍යායාම් අඩුයි. එතකොට පිටි කෑම ගොඩක් කන එක අහිතකරයි.
    ඇත්තටම මේක ලොකු මාතෘකාවක්. වෙනම කතා කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් . ඇත්ත කතාව . ප්‍රායෝගිකව කරන්න තමයි අමාරු ඉතින් .
      බොහොම ස්තූතියි !

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here