Breaking

Post Top Ad

Blog Archive

Tuesday, 5 September 2017

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවයට අවුරුද්දයි






කාලයක් තිස්සේ ටික ටික අධ්‍යනය කරපු කරුණු කාරණා ප්‍රායෝගික වශයෙන් භාවිතා කරන්න පටන් අරගෙන සහ වෘත්තිමය වශයෙන් ඒ දේවල් කළමනාකරණය කරන්න අරගෙන මේ ගෙවෙන දවස් කීපයට හරියටම අවුරුද්දක් වෙනවා . නොමිලේ බලපු අවසන් කේන්දරය වගේම මුදලට බලපු පළවෙනි කේන්දරයත් තවම මම සටහන් වශයෙන් තියාගෙන ඉන්නවා .

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවයෙන් ආරම්භයට පසුව සේවාව ලබාගත් පළවෙනි කෙනා නීතිඥ වරියක් . එදා ඉඳලා අද වෙනකල් නොයෙක් මාදිලියේ මිනිස්සු එක්ක තම තමන්ගේ ජීවිත කතාවල් පුරෝකථනය කරමින් ඒ අයගේ අදහස් උදහස් සහ එයාලාගේ ජීවිත කතා වලටත් සවන් දීගෙන මේ ගෙවාගෙන ආව මාස 12 ක කාලය , සමාජය ගැන අමුතුම ආකාරයේ දේවල් තමයි ඉගැන්නුවේ .

අකමැත්තෙන් වුණත් කීප දෙනෙක්ගේම කේන්දර සටහ පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරන්නත් සිදුවුණා . මුලින්ම ඒක මතක් කරන්න ඕන .

“ ඇත්තම කියනවානම් අපි ඔයාට සල්ලි දෙනවා ඕන තරම් “
“ අපිට සල්ලි තියෙනවා ඕන තරම් . ඇත්තම කියනවානම් අපි සල්ලි දෙනවා ඔයාට “

ඔන්න ඔය කියන කතාව කිව්ව කීප දෙනෙක්ම ඒවගේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා සල්ලිත් එපා ඇත්ත කියන්නෙත් නෑ බොරු කියන්නෙත් නෑ කියලා .

කේන්දර බලන්න පටන් අරගෙන මුහුණ දෙන්න වෙච්ච වැදගත්ම දෙයක් වුණේ ඕස්ට්‍රේලියාවේ හිර කඳවුරක ජීවත් වෙන කෙනෙක්ගෙන් ආව imo ඇමතුමකට පිළිතුරු දෙන්න වීම . කතා කරාම කවුද කින්ද මන්ද කියලා අහලා

“ මම ඉන්නේ දැන් ඕස්ටේලියාවේ හිර කඳවුරක “

කියලා කියනකොට හරිම පුදුමයක් දැනුනේ . එයාගේ කතාව ලිපියකින් නැවතත් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා .

අසනීප තියෙන අයගේ කේන්දර තමයි වැඩියෙන්ම මමනම් බලන්න කැමති සහ ප්‍රතිකාර කියලා දෙන්න කැමති . ඒ වෙනුවෙන් වෙනමම පර්යේෂණත් කෙරීගෙන යනවා . පිළිකා රෝගීන් ගැන වෙනමම දත්ත සටහනක් පවත්වාගන්න උනන්දු වෙනවා වගේම තමයි මෑතක දී ඉඳලා දරු ඵල අහිමි වීම සම්බන්ධවත් කේන්දර හරහා යම් වෙනසක් තියෙනවද කියලා බලාගෙන යනවා .

මොකද වෛද්‍ය ප්‍රතිකාර වලදී කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා කිව්ව කීප දෙනෙක්ම මුණගැහිලා ඉන්නවා දරුවන් අහිමි . ඒ අයට මේ විෂය හරහා හෝ යම් ප්‍රතිකාරයක් ලබාදෙන්න පුළුවන් වෙනවානම් කියන බලාපොරොත්තුවෙන් තමයි ඒ අධ්‍යනය ආරම්භ කරලා තියෙන්නේ .

ඇත්තටම සෘෂිවරු කියපු සමහර කරුණු කාරණා අද කාලෙට ගැළපෙන්නේ නැහැ . පරිඝණක විද්‍යාව හදාරන අය ගැන සෘෂි වරු කියලා නැහැ , ඉංජිනේරුවෝ ඒ කාලේ ඉඳලා නැහැ . ඒත් ඒවගේ අය දැන් ඉන්නවා . ඒ නිසා සෘෂි මතය වෙනස් කිරීම කරන්නේ නැතුව ඒ අනුව ඉඳගෙන මේ විෂය අලුත් කිරීම තමයි අද කාලේ ජ්‍යෝතිෂ වේදීන් විදියට කරන්න ඕන . මමත් පොඩියට හෝ උත්සාහ ගන්නේ ඒ වෙනුවෙන් යමක් කරන්න . ඒත් ඒ වෙනුවෙන් සමාජයෙන් තියෙන උදව්ව නම් අන්තිමයි කියලා මතක් කරන්න ඕන .

පිළිකා රෝගීන් ගැන අධ්‍යනය කරන්න ඒ අයගේ කේන්ද්‍ර සටහන් ලබාදෙන්න කියලා කිව්වට වැඩි දෙනෙක් ඒ වෙනුවෙන් වචනයක වත් උදව්වක් කරේ නැහැ . ඒත් බලෙන් හරි මම ඒ දේ කරන්න තමයි හිතාගෙන ඉන්නේ වෛද්‍යවරුන් හෝ සම්බන්ධ කරගෙන .

කේන්දර බලනකොට තියෙන තවත් ලොකු ප්‍රශ්නයක් තමයි ගොඩක් දෙනෙක් කේන්දරේ හරහා කියවෙන දේවල් ඔලුවට දාගන්නේ තමන් වඩාත් ආකර්ෂණීය විදියට භාර ගන්නා කොටස විතරක් වීම . අනිත් කරුණු කාරණා සේරම අමතක කරනවා . ඒ නිසා හැමදේම ටයිප් කරලා නැවත නැවත කියවලා ඔලුවට දාගන්න පුළුවන් වෙන විදියේ සේවාවක් තමයි මගේ තියෙන්නේ . කරදරයි . ඒත් කරන්න දෙයක් නැහැ . ඒ නිසා දුරකථන ඇමතුම් මගින් කේන්දර සටහන් පරීක්ෂා කිරීම මම ප්‍රතික්ෂේප කරනවා .

මෘදුකාංග භාවිතය ගැනත් යමක් කියන්න ඕන . මම මෘදුකාංග භාවිතා කරනවා ගණනය කිරීම් වලදී . ඒත් ලිත් හරහා හරි වැරදි පරීක්ෂා කිරීමත් කරනවා මොකද විශ්වාස වන්ත භාවය පවත්වා ගැනීම වෙනුවෙන් . ඒත් සමහර අය තවමත් ජීවත් වෙන්නේ ගල් යුගයේ . එයාලට ඕන අපි ලවා කේන්දර අතින් හදවන්න . ඒ අයට කියන්න තියෙන්නේ ඉතින් ඔයාලා බස් වල ගමන් යන්නේ නැතුව ගොන් කරත්ත වල ගමන් යන්න කියලා තමයි . මොකද දෙකේම රෝද කැරකෙනවා . ආරම්භය සහ අවසානය සමානයි . ඒ නිසා ඒවගේ මහා ප්‍රාථමික තත්වයක් තමයි තවමත් මිනිස්සු අතරේ තියෙන්නේ .

මේ විෂයන් කාලයක් පවතින්නේ ඒ ඒ කාල වලදී ඒවා ඒ ඒ පරිසර වලට ගැලපුණු නිසා . ඒ නිසා අද කාලේ තියෙන තාක්ෂණයටත් මේවා ගලපාගෙන තමයි දියුණු කරන්න අවශ්‍ය වෙන්නේ . ළිඳේ ඉන්නකල්ම ගෙම්බට ලිඳෙන් එහා ලෝකය පේන්නේ නැහැ වගේ තමයි තාක්ෂනය අල්ලන්නේ නැතුව ඉන්නකල් එයා එතනම තමයි . ගොඩක් වෙලාවට මෘදුකාංග වැරදියි කියන්නේ භාවිතා කරන්න දන්නේ නැති හෝ භාවිතා කරන්න බයක් තියෙන අය තමයි . ඒ ඇරෙන්න ඒවායේ තියෙන දෝෂ ප්‍රමාණය ඉතාම අඩුයි කියලා තමයි මටනම් කියන්න තියෙන්නේ . දෝෂ තියෙනවා . ඒත් දෝෂ රහිත දේවල් සහ දෝෂ අවම කරපු මෘදුකාංග අද පාවිච්චි වෙනවා .

අක්ෂාංශ දේශාංශ භාවිතය සම්බන්ධවත් යමක් මතක් කරන්න ඕන . එදා ඉඳලාම ගූගල් මැප් හරහා ඒ ඒ උපන් ස්ථාන වල තියෙන අක්ෂාංශ දේශාංශ තමයි මමනම් භාවිතා කරන්නේ . සමහර වෙලාවල් වලදී පොඩි පොඩි වෙනස් කම් ඇතිවෙන්න මේ දේවල් වල වැරදි හේතු වෙලා තියෙනවා . ඒ වරද නිවැරදි කරන්න තමයි මම ගූගල් මැප් භාවිතයට පුරුදු වෙලා ඉන්නේ . ඒ නිසා කරුණාකරලා කේන්දර සටහන් පරීක්ෂා කරන්න දෙනකොට උපන් ස්ථානය කියන්න අමතක කරන්න එපා .

මම කියපු කියන දේවල් වල ඇත්ත නැත්ත මම ලවා කේන්දර බලවාගත්ත අය දන්නවා . ඒ නිසා ඒ සම්බන්ධව කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ . අත්දැකීම ලැබෙනකොට මතක් වෙයි කිව්වා නේද කියලා .

මේ වෙලාවේ ආච්චි අම්මා සහ ඇයගේ පවුලේ සියල්ලෝම මතක් කරන්න ඕන . සිටිනාමළුව ගමේ භරණ ගණිතයා විදියට හඳුන්වපු  චන්ද්‍රාභරණ ගණිත පරම්පරාව සිහිපත් කරන්න ඕන . ගජමන්නෝනාට ඇලපාත මුදලිට උගන්නපු සිටිනාමළුවේ ධම්මජෝති හිමියන්වත් සිහිපත් කරන්න ඕන .

හැමදේටම පිටුපසින් ඉන්න අම්මා තාත්තා පුංචිඅම්මා ඇතුළු පවුලේ හැමෝමත් , වයලීනිත් , යාළුවො ටිකත් , මතක් කරන්න ඕන .

කහවත්ත කට්ටන්ගේ පන්සලේ නායක හිමියන්වත් ගෞරව පූර්වකව මතක් කරන්න ඕන . තත්කාල ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධව අතෑරලාම දාලා හිටපු කාලයකදී ඒ ගැන අධ්‍යනය කරන්න සහ මෘදුකාංග ලබා දීම සම්බන්ධව උන්වහන්සේ ලොකු උදවු කීපයක් ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය වෙනුවෙන් ලබා දීලා තියෙනවා .

මේ සේවාව වෙනුවෙන් ලැබෙන මුදලින් දෙවියන්ගේ පංගුව විදියට යම් මුදලක් හැම කෙනෙක්ගෙන්ම වෙන් වෙනවා .ඒ මුදල් පන්සල් දේවාල සහ වෙනත් පිං දහම් වෙනුවෙන් වෙන් කරනවා . ඒවායේ බෙදී යාම කොහොමද කියලා ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය ෆේස්බුක් පිටුවේ නිතරම යාවත්කාලීන වෙනවා .

පළවෙනි වර්ෂ පූර්ණය වෙනුවෙන් හෙට දිනයේ , ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ පසළොස්වක පොහොය දවසේ අපගේ අනුග්‍රහයෙන් පන්සලේ සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් වෙනුවෙන් ධර්මදේශනාවක් පවත්වන්න සූදානම් කරලා තියෙනවා .

ඒවගේම භික්ෂූන් වහන්සේලා 12 නමක් උදෙසා වටාපත් පූජා කිරීමක් සිදුවෙනවා . ඒ සියලු පිං ඉහත මතක් කරපු හැම දෙනාටමත් ප්‍රභාශ්වර වූ සියලුම අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවියන්ටත් ඔබ සැමටත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය දෙවෙනි අවුරුද්දේ පසුවදන මීටත් වඩා සාර්ථක වෙයි කියලා බලාපොරොත්තුවෙන් හෙට ඉඳලා ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවයේ දෙවෙනි අවුරුද්ද ආරම්භ කරනවා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


ශ්‍රී නාරායන දිව්‍ය බෝධි උතුමෝ රක්ෂා කරත් බෝ කලක්
ශ්‍රී යක්ෂ ප්‍රේත පිශාච සර්වභය මේ ඇති ඇස් වහත් තුන් දොසින්
ශ්‍රී ආයු යංවට්ටිතේ ග්‍රහ දොසත් සැම සර්ව දොෂ හරනාම්
ශ්‍රී රාම ජග ලෝකපාල නමදිම් ශ්‍රී විශ්ණු තෙ මංගලම්

මාළිගෙ සුන්දර පුරය දෙවුන්දර
සෝභන පුර සඳ ලෙසට මනෝහර
වැජඹෙන සිරි මහ විෂ්ණු පුරන්දර
පින්ගෙන අපදෙන රකින නිරන්තර

රත්න විමානේ කදිරා පුරවර
චන්ද්‍ර සූරියා ලෙසට සුභාකර
වැජඹෙන කදිරා දේව මනෝහර
පින්ගෙන අපදෙන රකින නිරන්තර

ලොවැති සකල අඟනන් හට පේමා
තිලකවූ සුන්දර රුසිරෙන් සෝමා
නම් දැරු දේවිය පත්තිනි අම්මා
පින්ගෙන අපදෙන රකින්න සෑමා

නැගී ඇතුගෙ පිට සුදු සඳ පානේ
ඔබේ ගමන කන්දේ සොභමානේ
සමන් දෙවිඳු අප තෙදිනි රකින්නේ
පින්ගෙන අපදෙන සැවොම රකින්නේ

සටනින් පසු රාමා කල ඈතේ
දෙවියන් වූ සිරි කැළණි පළාතේ
සුරිඳු විභීෂණ සිහිකර නිතිනේ
පින්ගෙන අපදෙන සැවොම රකින්නේ

වන්නියේ වනයේ අණ පතුරන්නේ
දිවි වග වලසුන් පන්නා ලන්නේ
සාධු සිතින් යන සැවොම රකින්නේ
අයියා නායක දෙවි පින් ගන්නේ

අල්ලට ගල් ගෙන මැණික් කරන්නේ
වැල්ලෙන් බත් පිස භෝජන ගන්නේ
සෙල්ලන් වියෙ දරුවන් රැක දෙන්නේ
දෙවොල් දෙවිඳු අද මේ පින් ගන්නේ

ගවුවක් විතරැති ගල පොඩි කරපූ
ඇසක් ලෙසට බෙර සමතල කරපූ
එක් දවසින් දේවාලය සදපූ
දැඩිමුන්ඩය ගනු පින් දොස හරපූ

කමල නයන නෙත පතුරන බලනා
පුවල බලැති ඔඩ්ඩිස දෙවි බැතිනා
අපට කරන දොස දුර කර වසනා
නිමල සහන සෙත දුන මැන ලෙසිනා

රන් තොරණේ මුරට සිටින කඩවර
වම් අතිනේ ගෙනත මුගුරු වරතර
රන් විමනේ දොරැර එන්න අවසර
දැන් ඉතිනේ වඩින් දේව කඩවර

7 comments:

  1. තෙරුවන් සරණින් යහපතක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. තෙරුවන් සරණයි හාමුදුරුවනේ :)

      Delete
  2. වයිලිනෝ අයියේ , පිං තකා වත් free බලන දවසක් ආවොත් මටත් කියන්න , මගෙ අතේ සතේ නෑ

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here