Breaking

Post Top Ad

Blog Archive

Thursday, 11 May 2017

ලංකාවේ කේන්දර සහ පිටරට කෙන්දර



දැනට ටික කාලයකට කලින් විදේශගතවෙලා ඉන්න අන්කල් කෙනෙක් මට කතාකරලා ඇහුවා එයාගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරවා ගන්න පුලුවන්ද කියලා . මම ඒ වෙලාවේ මගේ ජ්‍යෝතිෂ වැඩ කොටසට අදාළ සියලුම විස්තර අඩංගු සටහනක් යවලා කිව්වා ඒ අවශ්‍ය විස්තර මට එවන්න කේන්දරේ හරිද වැරදිද බලලා පළාපල සහ දැනගන්න අවශ්‍ය අනිත් විස්තර එවන්නම් කියලා .

ඊට පස්සේ එයා මාත් එක්ක කිව්ව දේවල් වලින් මම පුදුමයට පත්වුණා . ඒ අංකල් කිව්වා මම දැන් විදේශගත වෙලා ඉන්නේ . ඒ නිසා මට ඒ රටට අදාලව කේන්දරේ හදාගන්න පුලුවන්ද කියලා . ඊට පස්සේ මම හිතුවේ එයා ඉපදිලා තියෙන්නේ පිටරටක කියලා . මම ඉතින් ඇහුවා කොහෙද ඉපදිලා තියෙන්නේ කියලා . එතකොට කිව්වා මම ඉපදිලා තියෙන්නේ ලංකාවේ . ඒත් දැන් ඉන්නේ විදේශගතවෙලා ඒ නිසා මම ඉන්න රටට අනුව උපන් වෙලාවට කේන්දරයක් හදාගන්න ඕන කියලා . මම කල්පනා කරා මේ කියන්නේ මේ කෙනා ඉන්න රටට මේ දවස්වල කොහොමද ග්‍රහ බලපෑම තියෙන්නේ කියලා අහනවා කියලා . ඒත් මෙයා අදහස් කරලා තියෙන්නේ තමන් ජීවත්වෙන රට වෙනස් කරනවානම් උපන් වෙලාව අනුව තමන් ජීවත් වෙන රටට අදාලව කේන්ද්‍ර සටහනක් නිර්මාණය කරන්න ඕන කියලා .



මම ඊට පස්සේ ඒ දේවල් පැහැදිලි කරන්න උත්සාහ ගත්තත් ඒ කෙනා ඒවා වටහාගන්නා බවක් පෙනුනේ නැති නිසා එයා වෙනුවෙන් මගේ සේවය ලබා දීම මම ප්‍රතික්ෂේප කරා . ජ්‍යෝතිෂ විද්‍යාව තරමක් දුරට දැනගත් පිරිසක් මේ වගේ වැරදි දේවල් මිනිස්සුන්ගේ ඔළුවට දාලා තියෙනවා කියලා තමයි මමනම් හිතන්නේ .

කේන්දරේ කියන්නේ තමන් උපන් වෙලාවට අදාලව අහසේ තරු ග්‍රහයින් නැකත් පිහිටලා තියෙන ආකාරය ගැන දළ වශයෙන් හෝ සූක්ෂම වශයෙන් පෙන්නුම් කරනු ලබන යම්කිසි සැලසුමකට . ඒ සැලසුම අනුව තමයි ජ්‍යෝතිෂ විද්‍යාඥයින් කේන්දරේ බලවා ගන්න එන අයට අවශ්‍ය දේවල් කරලා දෙන්නේ .

අපි ඉපදෙන්නේ යම් වේලාවකදී පොළවේ යම් තැනකදී . ඉතින් ඒ කෙනාගේ ශරීරයට මේ නැකත් ග්‍රහ තරුවල කිරණ එහෙම බලපාන්නේ ඒ ඉපදෙන වෙලාවේ අහසේ පිහිටලා තිබුණු විදියට . සරළවම කියනවානම් ඔයාලා හිතනවාද ගෝලාකාර පොළවේ එකම වෙලාවකට ලංකාවටත් ඇමෙරිකාවටත් එකම ලග්නයක් උදාවෙයි කියලා . අනික ලංකාවේ උපන් කෙනා ඇමෙරිකාවට ගියාම එයාට වෙනමම කේන්දරයක් හදන එක සාධාරණයි කියලා . කවදාවත් එහෙම වෙන්නේ නැහැ . කෙනෙක් ඉපදුනා නම් ඒ කෙනාට බලපාන්නේ ඒ වෙලාවේ ඒ ස්ථානයට තිබ්බ ග්‍රහ බලපෑම තමයි .



ලංකාවේ සමහර ජ්‍යෝතිෂවේදීන් මේ විදේශයක උපන් කෙනෙක්ට කේන්දර නිර්මාණය කිරීමේදී මෙන්න මෙහෙම දෙයක කරනවා . එයාලා කරන්නේ විදේශයක උපන් වෙලාව ලංකාවේ වෙලාවට හරවනවා . ඊට පස්සේ ලංකාවේ වෙලාවට කේන්දරේ හදනවා . ලංකාවේ වෙලාවට කේන්දරේ හදලා දෙනවා මෙන්න කේන්දරේ කියලා . ඒත් ඒක වැරදියි . වෙලාවේ අඩු වැඩිවෙන සාධකයක් තියෙන නිසා අපිට පුළුවන් විදේශ වෙලාව ලංකාවේ වෙලාවට හරවලා නැවතත් විදේශයේ වෙලාවට පෙරළන්න . ඒත් විදේශයක හැදෙන්න ඕන කේන්දරේ ලංකාවේ තැනකට හදලා ආයෙත් විදේශයකට පෙරළන්න බැහැ . අනිත් කාරණාව තමයි මෙහෙම ලංකාවේ වෙලාවට විදේශයේ වෙලාව පෙරලලා කේන්දරේ හැදුවා කියමුකෝ . ඒත් ස්ථානය කොහොමද ගන්නේ . ලංකාවේ යම් නිශ්චිත වේලාවකදී කොළඹට තියෙන ග්‍රහ බලපෑම නෙවෙයි ත්‍රිකුණාමලයට තියෙන්නේ . ඉතින් විදේශගත වෙලාවක් ලංකාවට හදනකොට කොළඹ නගරය පාදක කරගෙන කේන්දරේ හැදීම යම් දුරකට වැරදියි කියලා තමයි මමනම් විශ්වාස කරන්නේ .

උදාහරණයක් හැටියට විදේශයක උපන් කෙනාට කටක ලග්නය උදාවෙලා තියෙන වෙලාවට ඒ වෙලාවම ලංකාවේ වෙලාවට පෙරලලා කේන්දරේ නිර්මාණය කලාට පස්සේ එයාගේ ලග්නය මකර ලග්නය වෙන්න පුළුවන් . එහෙමත් නැත්නම් ධනු ලග්නය හෝ වෙනත් ලග්නයක් වෙන්න පුළුවන් . ඊට පස්සේ ඔන්න ලංකාවේ හදලා තියෙන කේන්දරේ නැවතත් අපිට විදේශයේ ඒ වෙලාවට අදාළ කේන්දරේ බවට පෙරළන්න විදියක් නැහැ . මේක තේරුම් ගැනීම මත තමයි තියෙන්නේ .



මේ ගැටළුව නිරාකරණය කරගන්න අපිට තාක්ෂනය උපයෝගී කරගන්න පුළුවන් . හැබැයි මම කියන්නේ නැහැ කේන්දර බලන සොෆ්ට්වෙයා සේරම හරි කියලා . සමහර ඒවායේ තියෙන  වීජගණිතමය ගණනය කිරීමේ වැරදි නිසා සමහර වෙලාවල් වලට කේන්දර වරදිනවා . මේ නිසා මම නම් කියන්නේ එකම සොෆ්ට්වෙයා එකක් තියාගෙන ඉන්නේ නැතුව කීපයක් පාවිච්චි කරන්න කියලා . අඩුම තරමේ සොෆ්ට්වෙයා තුනකින් හෝ මේ ගණනය කිරීම් කරලා බලන්න පුළුවන් නම් නිවැරදිතාවය පිළිබඳව හොඳ අදහසක් ගන්න පුළුවන් . එතකොට ඒ උපන් වෙලාවට අදාළව කේන්දර සටහන අනුව පළාපල විස්තරය ඉදිරිපත් කරන්න පුළුවන් විශ්වාසයෙන්ම .

වැරදි කේන්දරයක් කියන්නේ නමේ ඉඳලාම සේරම වැරදියි . ඔය විදියට විදේශයක ඉපදුණු කෙනෙක්ට සෙත් කවියක් ලියන්න ගිහින් උපන් නැකත් සහ නම සහ නිවැරදි කේන්දරේ අතර විශාල පරස්පර බවක් තිබිලා ඒ දේවල් මුල ඉඳලාම නිවැරදි කරන්න සමහර වෙලාවල් වලදී මට සිදුවෙලා තියෙනවා . සමහර නැකත් වලට එන අකුරු වලින් නම් තියන්න අමාරුයි . ඒ වෙලාවට ඒ නැකතට ගැළපෙන වෙනත් නැකතක අකුරෙන් නම් තියනවා . ඒත් එහෙම නොගැළපෙන වෙලාවල් වලදී නම් තියන්න මේ වැරදි කේන්දර හේතු වෙලා තියෙනවා .

කේන්දරේ වැරදි වුණාම අපල , දසා , විදසා , එරාෂ්ටක හැමදේකම කාලසීමාව වරදිනවා . එතකොට වෙන්නේ වැරදි පළාපල කීම . ඊටත් පස්සේ වෙන්නේ ඉතින් ජ්‍යෝතිෂ විද්‍යාව මිනිසුන් විසින් පිළිකුල් කිරීම කියලා . මේ ළඟදී මම කියවපු ලිපියක කමෙන්ට්ස් විදියට තිබුණා ජ්‍යෝතිෂ විද්‍යාව කියන්නේ ඇඟ මහන්සි කරවන්නේ නැතුව ලේසියෙන් හම්බ කරන්න තියන හොඳම විදිය කියලා . ඒත් ජ්‍යෝතිෂ විද්‍යාව හරියට කරන කෙනෙක් දන්නවා තමන්ගේ මනස තුල කොයිතරම් ගණනය කිරීමක් සහ ග්‍රහ ගමන පිළිබඳව කොයිතරම් සැළකිල්ලෙන් ඉන්න ඕනද කියන දේ .

ඒක ඉගෙන ගත්ත කෙනා විතරයි දන්නේ . ඉගෙන ගන්නේ නැතුව කියන්න බැහැ මේ දේ මෙහෙමයි කියලා . ධර්මය තුළිනම් ධර්මය විනාශ කරන අය ඇතිවෙනවා වගේම තමයි ජ්‍යෝතිෂ විද්‍යාව තුළින්ම තමයි ජ්‍යෝතිෂ විද්‍යාව විනාශ කරන අය ඇතිවෙන්නේ . විද්වතුන්ගේ ශාස්ත්‍රය ඒ ආකාරයට හෑල්ලුවට ලක්වීම පිළිබඳව තියෙන්නේ කළකිරීමක් .


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

16 comments:

  1. macho sasthara atha anthima kotasa penne ne apahu daapan deiyo

    ReplyDelete
    Replies
    1. ඒ කතා කොහොමත් ආයේ පේන එකක් නැහැ .

      Delete
  2. මම පෞද්ගලිකව කේන්දර පලාපල , නැකැත් ආදිය විශ්වාස කරන්නෙ නෑ... ඒත් ඒවා විශ්වාස කරන අයට මුකුත් කියන්න යන්නෙත් නෑ... මොකද ඒකෙන් ඒ අයට හොදක් වෙනවනම් ඒකෙ ඇති වරදක් නෑනේ... ඔයාගෙ ලිපිය වටිනවා... ජයවේවා ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති . ඔයාගේ ප්‍රතිපත්තිය හොඳයි . තමන්ට ගොඩ යන්න පුළුවන් මොකක් හරි මාර්ගයකින් ගොඩ යන්න පුළුවන් නම් තමයි ජීවිතේට වැඩක් වෙන්නේ .

      Delete
  3. පිටරට ඉපදුන කෙනෙක්ට කේන්දරේ හදවගන්න ඉපදුන තැන අක්ෂාංශ දේශාංශ ඕන නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. දැන් ඉතින් අන්තර්ජාලය හරහා මොනවද හොයාගන්න බැරි . නේද :)

      Delete
  4. Blog එකේ මොකක් හරි අව්ලක් තියනවද මචෝ............??? සමහර පෝස්ට් පෙන්නන්නේ නෑ නේ.............

    ReplyDelete
    Replies
    1. මොන පෝස්ට්ද පේන්නේ නැත්තේ ?

      Delete
  5. වයලීනෝ,

    මම මෙක අහන්නෙ දනගැනීමට.
    ලංකාවෙ එකම තැනක, එකම වෙලාවට,(මිලි සෙකන්ඩ්) එකක් වත් වෙනස් නොවී ඉපදෙන දෙන්නෙක්ට එකම කෙන්දරය ද හැදෙන්නෙ?

    ඒ දෙන්නගෙ ජීවිතය එකම වෙනවද?

    අර පොස්ට් පේන්නෙ නැති අවුල මමත් දැක්කා..
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. සමනිවුන්නු ගැන හිතලා බලනකොට මේ ගැන යම් තරමක ප්‍රායෝගික අදහසක් ගන්න පුළුවන් නේද . මොන පෝස්ට්ද පේන්නේ නැත්තේ . අවුලක් නැහැ කොහොමහරි . ලිපියක් දාලා තියෙන්නේ .

      Delete
    2. sama niwunnu unath milisecond ekaka hari wenasak tiyenawane..eka paratama dennama eliyata en na ne

      Delete
    3. එයාලගේ ඉරණමේත් ඒවගේ මිලිසෙකන්ඩ් ගණනක වෙනසක් තමයි තියෙන්නේ . මට කැම්පස් එකේ හම්බෙලා තියෙනවා එහෙම නිවුන් අය . දෙන්නම එකටම කැම්පස් ඇවිත් .

      Delete
    4. ethakota kendare hadanakota milisecond pawa adala wenawada.mamath japure paththe nam enawa wenawa wadakata.

      Delete
    5. ඉක්මණට දුවන ග්‍රහයින්ගේ වෙනස්වීම වගේ දේවල් බලනකොට තත්පර වෙනස් වීමත් වැදගත් වෙනවා . එච්චරම සියුම්ව දැන් කේන්දර ගැන බැලෙන්නේ නැහැ . හැබැයි බලපු අය ඉඳලා තියෙනවා . ගොඩාක් ඉස්සර කාලේ .

      Delete
  6. ඇත්තටම රට ගියාම මිනිස්සුන්ට හිතෙන දේවල්

    ReplyDelete
    Replies
    1. පවු ඉතින් . හිතන්නේ නැතිකම තමයි .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here