Breaking

Post Top Ad

Blog Archive

Thursday, 4 May 2017

සාත්තර ආතා ( 6 අවසන් කොටස )





මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින්

" හොඳයි සීයේ " 

අංජනම වසා රැගෙන යායුතු සියල්ලද සූදානම් කර මම පන්සලේම ස්වාමීන් වහන්සේ නමක විසින් සකසා දුන් ස්ථානයක ඇලවුණේ මහන්සියට වඩා දරාගත නොහැකි නිදිමත තුනී කරගැනීමටය . 

පසුදා උදෑසනම අවදි වූ මම සීයාගේ අනුදැනුම ඇතුව රැගෙන යායුතු සියල්ලද රැගෙන නැවතත් සිටිනාමළුව දක්වා පිටත් වීමි . එහි ප්‍රධාන අරමුණ වූයේ අංජනම කිල්ලෙන් ආරක්ෂා කරගැනීමයි . 

මරණයේ වැඩකටයුතු අවසාන වී සීයා වලව්වට පැමිණියේ පසුදා හවස් වන විටදීය . සාත්තර ආතා එසේ මාතරින් නික්ම ගියද ඔහුගේ බැල්ම තවමත් මාතරින් තුරන්වී නොතිබිණි . එහි ඊළඟ ඔට්ටුව ආරම්භ වූයේ සාත්තර ආතා මිය ගොස් දවස් හත ගතවූවාට පසුව වලව්වට ආ පණිවුඩයත් සමගය . එබැවින් විනය කැපීම ආකාරයකට කතාවේ නවමු ආරම්භයක් ලෙස සටහන් කල හැක . 

අද එතැන් සිට 

" මොකද මේ දරුවා ආයෙත් කරත්තේ දක්කාගෙන වලව්වට ආවේ . එපාර කාටද අපිව ඕන වෙලා තියෙන්නේ ? " 

" ගුරුන්නාන්සේ , මේකනම හදිස්සි කාරණාවක්මත් නෙවෙයි . ඒත් ඉක්මන් වෙන්න උවමනා දෙයක් " 

" හ්ම්ම් . ඔහෙන් ඉඳගෙන කියමු බලන්න එහෙනම් කතාව සහසුද්දෙන්ම "





සාත්තර ආතාට අසනීප බව කියා සීයාත් මමත් කැඳවාගෙන යාමට ආ කරත්තයම නැවතත් වලව්වට පැමිණියේය . ඒ නැවතත් සීයා කැඳවාගෙන යාමටය . නමුත් සීයා අතර සහ එම කරත්ත කරු අතර කතාව තවමත් අවසන් වී නැත .

" මරණේ කටයුතු අහවර වුණායින් පස්සෙන් පහු ගුරුන්නාන්සේ වලව්වට ආවා නෙව . ගුරුන්නාන්සේට මතකද අර පොඩි කොලු ගැටයෙක් හිටියා සාත්තර ආතට උදවු උපකාර කරපු පවුලේ අයගේ " 

" ආ . මට ඔය කියන ළමයා මතකයි සීයේ . ඒ ළමයා මගෙන් මන්තර ගැන අංජනම ගැන එහෙමත් වැඩි වැඩියන් හාරවුස්සන ප්‍රශ්න අහ අහා තමයි හිටියේ " 

" මටනම් එච්චර නිච්චි නැහැ . ඒත් දැක්කොත් අඳුරාගන්න පුළුවන් . හා කතාව කියමුකෝ බලන්න " 

" අන්න ඒ දරුවට සාත්තර ආතා ඇවිත් වහලා නෙව "

" ආ උන්දා එහෙනම් මිය ගියාට ගම අතෑරලා ගිහින් නැහැ . දැන් ඉතින් මොකද ඒ දරුවාට ගොඩක් අමාරුද ? කලබල කරනවද ? " 

" හැම වෙලේම නැහැ ගුරුන්නාන්සේ . රාත්තිරියට ඔන්න ටිකක් කලබල කරනවා . ඇඟේ පතේ මස් පොදක් නැති වුණාට මොකද ආවේස වුනාට පස්සේ අලියා වගේ . කිසි කෙනෙක්ට මෙල්ල කරන්න බැහැ . ඇඟ පත යකඩ පරාදයි " 

" හ්ම්ම් . දැන් ආවේ මාව එක්කාසුකරගෙන යන්නද ? " 

" එහෙමයි ගුරුන්නාන්සේ . ඒ ගෙවල් කිට්ටුව ඉන්න ඇදුරෙක් ලවා ඇප නූලක් දැම්මා සතියකට කල් යල් ඉල්ලාගෙන . ඒත් දරුවා මෙල්ල කරන්න බැහැ . ඒ නිසා ඒ ඇදුරාත් කිව්වා ගුරුන්නාන්සෙ එක්ක එන්නය කියලා " 

" හ්ම්ම්ම්ම් . එහෙනම් යමුකෝ බලන්න . චූටි පුතා මේ කරත්තේ ඉස්සරවෙලා ගිහින් යමක් කමක් කරන්න පටන් ගන්න . මම එන්නම් වලව්වේ කරත්තෙන් " 

" හොඳයි සීයේ " 





සීයාගේ අවසරය ලත් ඇසිල්ලේම මම සූදානම්වී වලව්වෙන් පිටත් වීමි . දහවල් කාලයේ මෙවැනි දීර්ඝ ගමනක් යාම තරමක අසීරු කටයුත්තක් විය . එහෙත් රෝගී දරුවාගේ සුබසෙත උදෙසා මටත් වඩා වෙහෙස වූයේ කරත්තය ඇදගෙන ගිය ගවයාය . ඒ කරත්ත කරුගේ කෙවිටි පහර අනුව පෙන්වන පාරේ ගමන් කිරීමටයි . දරුවා සිටි නිවස තිබුණේ පන්සල් වත්තට අනෙක් පසින්ය . සාත්තර ආතාගේ නිවස පන්සලෙන් එහා පැත්තේද දරුවා ජීවත් වන නිවස මෙහා පැත්තේද පිහිටා තිබීම නිසා මෙම නිවාස දෙක අතර එකිනෙකා යහමින් ඇඳුරුම්කම් කල බව මට තේරුම් ගියේය . 

දරුවා අප යනවිට කිසිඳු හැලහොල්මනක් නැතිව සිටියේය . මම ඔහුගේ ඇස් අනුව තේරුම් ගතිමි ඔහුගේ ශරීරයේ අමනුෂ්‍යයෙකු වැසී සිටිනා බව . මම සීයා අනුකරණය කරමින් අමනුෂ්‍යයාට කෑගැසුවෙමි . 

" උඹ හිතාගෙන ඉන්නේ මම උඹ ඉන්නවා කියලා දන්නේ නැහැ කියලද ? . කතා කරපං " 

මගේ හඬට අමනුෂ්‍යයා අවදි වුයේය .

" උඹ පොඩි එකෙක් . අරනෝලිස් අයියා ආවත් මම මේ පරාණ කූඩුව දාලා යන්නේ නැහැ " 

" හඃ හඃ හඃ හඃ . වෙසමුණි සැරේ රස්නේ ගැන දන්නේ නැතුව වගේ සාත්තර ආතා කතා කරන්නේ " 

" ගියත් මම මේ පරාණ කූඩුව අරගන්න එනවා . දැන් එකෙක් ඇවිත් සතියයි කියලා නූල් දාලා ගියා . මම නූල කැඩේව්වා . කවුරු ආවත් ඔච්චර තමයි . මුන් මට සැලකුවේ මගේ මන්තර සාත්තරේ හූරගන්න . කපටි හැත්ත . මුන් මගේ පොත් පත් හොරෙන් ගන්න හැදුවා . මං ඒවා දන්නවා . මම ඒක නිසා තමයි පොත් පත් ගිණි තිබ්බෙව්වේ " 

" ඉතින් මේ ළමය මොකවත් කරේ නැහැනේ . ඒ නිසා මේ ළමයා අතෑරලා යන්න " 

" මේ ළමයාට උගන්නවන්න තමයි උන්ගේ මහ උන් දෙන්නට ඕන වෙලා තිබුණේ . ඒ නිසා මම පලි ගන්නවා . මම මුට වරමක් දෙනවා . මූ වරම ගන්න ඕන . නැත්නම් මම මූව ගන්නවා " 

" කේ මේ ළමයාගේ අම්මා තාත්තා දෙන්නා එන්න මෙහාට " 

" අනේ ගුරුන්නාන්සේ අපේ දරුවා බේරලා දෙන්න " 

" හා . කියමු බලන්න මේ කතාව " 

" අපි හරිම දුප්පත් මිනිස්සු . ළමයින්ගේ තාත්තා මාළු රස්සාව තමයි කරන්නේ . හැමදාම ඔරු නැගලා ඔය අල්ලන් එන මාළු විකුණලා තමයි අපි ජීවත් වෙන්නේ . ඒත් ඒ මුදල අපිට හොඳටම මදී . ඒ නිසා ජීවත් වෙන්න විදියක් හොය හොයා තමයි අපි උන්නේ ගුරුන්නාන්සේ " 

" ඉතින් " 

" සාත්තර ආතා මියැදෙන්න වැටුණු වෙලාවේ අපි උදවු කරා තමයි . අපි හිතුවා සාත්තර ආතා අපිට මන්තර සාත්තරේ උගන්නයි කියලා . පස්සෙන් පහු අපි කිව්වා දරුවට මන්තර සාත්තරේ උගන්නන්න කියලා සාත්තර ආතාට කියන්න කියලා " 

" ඉතින් වැඩක් වුණාද ? " 

" ඒකට උන්දා කැමැත්තෙන් හිටියේ . ඒත් අපිට මොකවත් කියලා දුන්නේ නැහැ . අන්තිමට උන්දා මියැදුනා . මගේ දරුවා ලෙඩ වුණා . අනේ මගේ දරුවා බේරලා දෙන්න ගුරුන්නාන්සේ " 

" හ්ම්ම් . මට දැන් තේරෙනවා මොකද වෙලා තියෙන්නේ කියලා . සීයා දැන් එනවා කියලා කිව්වා . මාව කලියෙන් එව්වේ කලබල කරනවානම් ඒක ගැන මොනවා හරි කරන්න කියලා . මේ ළමයා අපි පන්සලට එක්කගෙන යමු " 

මම දරුවාගේ අතින් අල්ලාගත්තෙමි . එහෙත් ඔහුගේ අත ඉතාමත් දරදඬු වී තිබේ . මම අත අතාරින්නේ නැතිවම පන්සල කරා ඔහු කැඳවාගෙන ගියෙමි . 

" පොඩි හාමුදුරුවනේ , නායක හාමුදුරුවෝ ඉන්නවද ? " 

" ආ මේ අර ගුරුන්නාන්සෙ එක්ක ආව අනිත් ගුරුන්නාන්සේ නේද ? . මෙහෙන් ඉන්නකෝ . මම නායක හාමුදුරුවන්ට කතා කරන්නම් " 





නායක ස්වාමීන්වහන්සේ සමග මම මෙම දරුවා සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කලෙමි . නායක ස්වාමීන් වහන්සේ පැවසුවේ සාත්තර ආතා ඈත කාලයකට නෑකම් කියන පරපුරක හිමිකරුවෙක් බවයි . එවැනි පුද්ගලයෙකු ඔහුගේ ශාස්ත්‍රය සිල්ලර වෙළඳාමේ යොදවන්නේ නැති බව නායක ස්වාමීන් වහන්සේ පැවසූහ . 

" උන්දා කරේ නරක නොහොඹිනා දේ වුනාට දරුවෝ පරපුර ගැන උන්දැගේ හිතේ බොහොම ගෞරවයක් තිබුණා .ඒ  නිසා උන්දා මන්තර කාටවත් දෙන්නේ නැහැ කියලා මමත් දන්නවා . මටත් වින කරානේ උන්දා . දැන් ඉතින් මේ තවත් පවු කරගන්න තමයි උත්සාහ ගන්නේ " 

අවසානයේ සීයා පැමිණ ආතාගේ ආත්මය රත්තරන් කෙන්දකින් බැඳ බෝතලයක දමා හිර කර පොලවේ අඩි දොළහක ගැඹුරේ වැළලුවේය . දරුවා සනීප වූයේ එයින් පසුවය .

මෙහි එන නම් ගම සියල්ල මනඃකල්පිතය 
විසිඑක්වන  සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

ඔන්න දැන් කට්ටිය බලනවා ඇති ආයෙත් සීයා මුනුබුරා කතාවක්ද එන්නේ කියලා . මේකත් ඇවිල්ලා ඒවගේ කතාවක් . හැබැයි මේකේ මමත් ඉන්නවා . මේක වෙලා දැනට ඕන නම් මාස තුනක් වත් වෙන්න ඇති . මම එදාම කල්පනා කරා මේ කතාව බ්ලොග් එකේ ලිව්වනම් හරි කියලා . මොකද මේ කතාවට මමත් සම්බන්ධ නිසා . හැමදේම දැනගෙනත් පොරොන්දුවක් නිසා මම අසරණ වෙච්ච අවස්ථාවක් මේක . කියවලා බලන්නකෝ .

හොල්මන් භූතයින් ආරූඪවීම් බොරු කියලා කියන අයට කවදා හරි කියවන්න තමයි මම මේ සාත්තර ආතා කතාව ලියලා තියන්නේ . ඒවගේම කියන්න ඕන මේක තමයි මට අත්දකින්න ලැබුණු ආරූඪ වෙච්ච කෙනෙක් එක්ක හැප්පෙන්න ලැබුණු පළවෙනි අවස්ථාව කියලාත් . මේකෙන් ගන්න ආදර්ශයකුත් තියෙනවා . ඒක අන්තිමට කියන්නම් .

පසුගිය අවුරුද්දේ සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහැර පැවැත්වුණු දවස්වලින් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ . දෙවිනුවර ජීවත්වෙන අපේ නෑදෑ වෙන පවුලක් අපේ ගෙදර ආවා පෙරහැර බලන්න . පෙරහැර කාලෙට එහෙම නෑදෑයෝ එන එක දෙවිනුවර පැත්තට නම් සිරිතක් වුණාට රත්නපුරේටනම් සිරිතක් නෙවෙයි .

ඒත් එයාලා පෙරහැර බලලා නැති නිසා එන්න ඕන කිය කිය ඉඳලා ආවා . ඇවිත් පෙරහැරත් බැලුවා . පෙරහැර බලලා දවස් දෙකක් විතර අපේ ගෙදර ඉඳලා එයාලා ආයෙත් දෙවිනුවර ගියා . ඊට මාසෙකට විතර පස්සේ මට දැනගන්න ලැබුණු දෙයින් මම ටිකක් පුදුම වුණා . ඒ තමයි එදා ඒ ආව පවුලේ මල්ලි ආරූඪ වෙනවා කියන කතාව .

පස්සේ විපරම් කරලා බලනකොට තමයි දැනගන්න ලැබුණේ මගෙන් පුරුදු වෙච්ච දෙයක් නිසා මෙයා ආරූඪ වෙනවා කියන කතාව . මමනම් ඒක එච්චර ගණන් ගත්තේ නැහැ . වවුලගේ ගෙදර ආවනම් එල්ලිලා හිටු කියන පිළිවෙලටනෙ මම ඉන්නේ . මම කිය කිය හිටියේ " මම පහන් තියන පලියට උනුත් පහන් තියන්න ඕනද ? " කියන කතාව .

ඒත් ටික ටික ආරංචි එන්න ගත්තා ඒ ළමයාත් මම වගේම ගෙදර විෂ්ණු දෙවියන්ට පහනක් පත්තු කරනවා කියලා . අපේ ගෙදර විෂ්ණු දෙවියන්ට මම පත්තු කරන පහන තියනවා බලාගෙන ඉඳලා තමයි ඒ ළමයාත් එයාගේ ගෙදර පහන තියන්න පටන් අරගෙන තියෙන්නේ .

අපේ ගෙදර මම පහන තියනවා කියලා කන්නලව් කර කර පැය ගණන් වඳින්නේ නැහැ . පහන පත්තු කරලා දෙවියන්ට පිං දෙනවා විතරයි . ඒත් පහන පත්තු කරන එක කවදාවත් අපේ ගෙදරින් අතපසු කරන්නේ නැහැ . මම නැත්නම් ගෙදර වෙන කෙනෙක් හරි පහන පත්තු කරනවා . අපි ඒක වැඩි හරියක්ම කරන්නේ සිරිතක් විදියට . ගෙදරට එනකොටම මිදුලේ තියෙන පහන් පැල දකින හැමෝම එක එක ඒවා කියනවා . ඒත් මම සහ අපේ ගෙදර අය ඒවා ගණන් ගන්නේ නැහැ . අපේ චේතනාව හොඳ නම් ඇයි කාටවත් වේදනා .

ඒත් දෙවියන්ට පහන් තියනවා කියන්නේ එසේ මේසේ වැඩක් නෙවෙයි . පහන තියනවානම් අනිවාර්යෙන්ම මම එදාට නාලා තමයි පහන තියන්නේ . ඒ කියන්නේ හැමදාම මම සාමන්‍යයෙන් නානවා . ඒ පිළිවෙතත් හැමදාම අපි කරනවා . මේ කිසි දෙයක් දන්නේ නැති ළමයෙක් තමයි මම පහන පත්තු කරනවා බලාගෙන ඉඳලා ගිහින් පහන පත්තු කරන්න පටන් අරගෙන තියෙන්නේ .

ටික ටික ආරංචි ආවත් මේ කතාව අපි එච්චර ගණන් ගත්තේ නැහැ . අනික තමයි මේ පවුලේ කවුරුවත් අපිට මේ ආරූඪ වෙන කතාව කිව්වෙත් නැහැ . ඒ ළමයාට ඉගෙන ගන්න අපේ ගෙදරින් උදවු කරා . ආරූඪ වෙලා සාත්තර කියන්න ගත්තම ඉගෙන ගන්න කරන ඒ උදවු නතරවෙයි කියලා එයාලා විස්තර කියන්නේ නැතුව හිටියා .

ටික කාලයක් ඔහොම ගියාම මේ ගෙදර ඉන්න අර පිරිමි ළමයාගේ නංගි වැඩිවියට පත් වෙනවා . ඒ වෙනුවෙන් තිබුණු මංගල උත්සවයට අපිත් සහභාගී වුණා . කලින් දවසේ අපි එහෙ ගියා උදවු කරන්න එහෙම හිතාගෙන . යනකොට දවල් දොළහ විතර ඇති .

ගෙදර වැඩ කරලා අනං මනං උදවු එහෙම කරලා රෑ හත විතර වෙනකොට මමත් නාලා කියලා කාමරේට වෙලා ඇඳේ හාන්සියක් දාගෙන මලක් කඩ කඩ හිටියා . එවෙලේ මම අර කිව්ව මල්ලි කාමරේට ආව කේන්තියෙන් වගේ . ඇවිත් මගෙන් කේන්තියෙන් ඇහුවා

" අයියේ මගේ බෑග් එක දැක්කද ? " කියලා .

මම " නෑ " කියලා උත්තර දුන්නා .

ඒත් මම කාමරේට වෙලා ඉන්න අතරේ ඒ වෙනකොට ගෙදර කට්ටිය මේ ළමයාට ආරක්ෂා නූලක් දාන්න සැලසුම් කරලා තිබිලා තියෙන්නේ . මොකද පහුවෙනිදා තියෙන මංගල උත්සවයේදී මේ ළමයා ආරූඪ වෙයි කියන බයට . මම කාමරේ ඉන්න අතරේ සාලය පැත්තෙන් ඇහෙනවා මතුරන සද්දයක් . මම හෙමීට කාමරේ උළුවස්ස ගාවට ගිහින් බලාගෙන හිටියා .

කවුද මනුස්සයෙක් ඇවිත් මතුරනවා නූලක් . ඊට පස්සේ පිරිමි ළමයාගේ කරෙත් ගෑණු ළමයාගේ කරෙත් නූල දැම්මා . මට මතකයි මම අපේ පුංචිඅම්මා එක්ක කිව්වා ඔය දාන්නේ නූල අමනුස්සයෙක් එලවන්න නම් ඕක හරියන්නේ නැහැ කියලා . නූල දාලා ඒ මනුස්සයා ගියාට පස්සේ මමත් ගෙයින් එලියට ඇවිත් එළියේ හදලා තිබුණු ටකරං හට් එකේ වාඩිවෙලා ඉන්නකොට ගේ ඇතුළෙන් ලොකු සද්දයක් ආවා . හැමෝම කෑගහනවා .

අර ළමයා ආරූඪ වෙලා දඟලනවා . මට හිතුනා පෙරේතය වැහිලා තමයි කියලා . ඒත් මම පැත්තකට වෙලා හිටියා මොකවත් කියන්නේ කරන්නේ නැතුව . ඊට පස්සේ මේ ළමයා පිහියක් ඉල්ලුවා අත කපාගන්න . ඊට පස්සේ අත කපාගෙන ලේ බිංදු බිංදු පත්තුවෙන පහනකට දැම්මා .

දැන් ඉන්නේ සාමාන්‍ය කෙනා නෙවෙයි . මෙයාගේ ඇඟ හරිම දරදඬුයි මේ වෙලාවේ . ඇස් රතුපාට වෙලා දෙතුන් දෙනක් මෙයාගේ අත් කකුල් ඉනෙන් එහෙම අල්ලාගෙන ඉන්නේ . ඔහොම ඉඳලා දඟලලා දඟලලා බිම වැටිලා බිමත් දඟල දඟල ඉන්නකොට ගෙදර කෙනෙක් රතන සූත්‍රය කියන්න ගත්තා .

එයාට ඒකෙ තියෙන වචන හරියට උච්චාරණය කරගන්න බැහැ . ඊට පස්සේ අර ළමයා දඟලනවා බලාගෙන ඉන්න බැරි නිසා පිරිත් පොත උදුරලා අරගෙන මමත් අපේ පුංචි අම්මාත් ඔන්න රතනසූත්‍රය කියන්න ගත්තා . පිරිත ඉවරවෙනකල් සද්ද නැතුව ඉන්න ළමයා ආයෙත් නවත්තනකොට ඔන්න දඟලන්න ගන්නවා . ඊට පස්සේ ඒ ළමයා ආරූඪයෙන්ම කෑ ගැහුවා ඕක නවත්තපන් ඕක නවත්තපන් කියලා . ඒත් මම නැවැත්තුවේ නැහැ . පස්සේ ඒ ළමයට සිහිය ආවා .

මම ඊට පස්සේ පිරිත් කීම නවත්තලා ඒ ළමයගේ කම්මුලට ටිකක් සැර පාරක් දීලා " ආ දැන් හරි හරි " කියලා කාමරෙන් එළියට ආවා විතරයි මේ ළමයා කාමරේ ජනේලෙන් පැනලා පන්සල් වත්තට පැනලා දිව්වා . දුවලා දුවලා ගිහින් බෝධිය ළඟ නැවතුනා . ළමයා අල්ලගන්න ගෙදර පිරිමි කස්ටිය ඔක්කොම දිව්වා . පස්සේ මේ ළමයට වැහිලා ඉන්න අමනුස්සයා කතා කරා .

" මට පිං දෙන්න . කතරගම කිරිවෙහෙරට අටපිරිකරක් පූජා කරලා පිං දෙන්න " කිව්වා . ඔන්න එදා එයින් ඉවරයි .

පහුවෙනිදා හවස තමයි කොටහළු මංගල්ලේ උත්සවය තිබ්බේ . ඒකට මෙයා ලෑස්ති වෙලා ඉන්නකොට ළඟ පන්සලේ හාමුදුරුවෝ කියලා තිබ්බා පන්සලට එන්න පිරිත් නූලක් දාන්න කියලා . ගෙදර හැමෝම බයයි යන්න . ඊට පස්සේ මට පුලුවන්ද ඇහුවම මම හා කියලා මෙයත් එක්ක ගියා පන්සලට . පන්සලේ තියෙනවා දේවාල ගෙවල් . විෂ්ණු දේවාලය ඉස්සරහා මේ ළමයා වාඩි කරවලා ඔන්න හාමුදුරුවෝ මහා සද්දෙට නමෝ තස්ස කියන්න ගත්තා විතරයි ළමයා දරදඬු වුණා .

ආරුඪ වෙන්න කලින් මම ගෙදර සෙට් එකට කතා කළා එන්න කියලා ළමයා අල්ලගන්න . එදාත් ඒ ළමයා දරදඬු වෙලා දඟලලා දඟලලා අන්තිමට පිරිත් නූල කරේ දැම්මේ ඇප නූලක් විදියට . සතියක් ඇතුලත කරන දෙයක් කරනවා කියලා ඒ අමනුස්සයාට පොරොන්දු වුණා . ඒ අමනුස්සයා ළමයා ගෙනියන්නම තමයි කතා කලේ . ඒත් කරගන්න දෙයක් නැති නිසා සතියක විරාමයකට අපි පොරොන්දු වුණා හා එහෙනම් ළමයා සතියකින් දෙනවා කියලා .

මේ වැහිලා ඉන්නේ ගෙවල් ළඟ හිටපු පාරම්පරික ඇදුරෙක් ගේ ආත්මය . මේ මනුස්සයා මැරෙන්න පන අදින කාලේ ආරූඪ වෙන ළමයාගේ පවුලේ අය සහ ළමයා තමයි උපස්ථාන කරලා තියෙන්නේ . එයාලාගේ යටි අරමුණක් තිබුනා මන්තර ශාස්ත්‍රය ඒ මනුස්සයාගෙන් ඉගෙන ගන්න සහ පොත් ටික ගන්න . මේ ආරුඪ වෙන ළමයට ඒ දේවල් උගන්නවන්නත් ඒ අම්මට තාත්තට උවමනාව තිබ්බා . කොහොම නමුත් පාරම්පරික මිනිස්සු තමන්ගේ දේවල් ලේසියෙන් පිටට දෙන්නේ නැහැ විනාශ වෙලා ගියත් . මේ මනුස්සයාත් කරේ ඒක . අන්තිමට මේ ළමයාට ආසාවෙන් මැරුණා සහ ඒ ළමයටම වැහුනා .

මේ කතාව දැනගෙන ඒ ගෙදර අම්මටයි තාත්තටයි මම හොඳටම දොස් කිව්වා . අපේ ගෙදර ආයෙත් එන්න එපා කියලා තමයි මම ආවේ . මොකද එහෙන් මෙහෙන් කතාව තිබුණා අපේ ගෙදර ඇවිත් පහන තියනවා බලාගෙන ඉඳලා තමයි මේ ළමයට අමනුස්ස දෝසෙ හැදුනේ කියලා . නෑකම් නොනෑකම් වුනත් කමක් නැහැ කියලා එදා නම් මම හොඳට ඇමතුවා  . ගෙදරින් එන වෙලාවෙත් බලනකොට ඒ ළමයාගේ ඇස්වලින් ඒ අමනුස්සයා ඉන්නවා කියලා දැනුනු නිසා මම කිව්වා " ඔන්න තවම ගිහින් නැහැ . තනියට තියාගන්න හොඳ කෙනෙක් ඉන්නේ " කියලා . එවෙලේ ඒ ළමයා මගේ දිහා රවලා බැලුවා . ඒත් මුකුත් කිව්වේ කරේ නැහැ .

පස්සේ මම ඒ පන්සලේ හාමුදුරුවෝ එක්ක ගොඩක් දේවල් මේ ගැන කතා වුණා . ඒ හාමුදුරුවෝ කිව්වා භාවනා කරන හිත දියුණු කරන හෝ සිවුර දාගත්ත කෙනෙක් මෙයාව අල්ලනකොටත් ඒ දිෂ්ටිය ඇඟේ තියෙන්නේ නැහැ හැබැයි අතාරිනකොටම ආයෙත් එනවා කියලා . කියනවා වගේම එහෙම වුණා .

ඊට පස්සේ තමයි දැනගන්න ලැබුණේ සතියකට පස්සේ ඒ ළමයා වෙනුවෙන් තොවිලයක් නටවනවා කියලා . 40000 / = මුදලක් ඒකට අය කරා . අපි නෑදෑයෝ හැමෝමත් ඒ තොවිලය කරන්න ආධාර කරා . එහෙම තමයි ඒක කරේ . ඒ කරාට පස්සේත් මම ඒ ළමයට අපේ ගෙදර එන්න එපා කියලා තහංචි දැම්මා .

අපේ ගෙදර මරණයක් වෙලා මම මාස තුනක් පහන පත්තු නොකර හිටියා . තුන්මාසේ බන දවසේ පහන් පැලත් හෝදලා හක්ගෙඩියෙන් පැන් වත්කරලා පහන පත්තු කරා . ඒවගේ දවසකට අමනුස්සයින් ඒ පහනට එන වග දන්නා නිසා තමයි මම ඒ ළමයට දානෙට බනටත් එන්න එපා කියලා තිබ්බේ . ඒකට ඒ පවුලෙන් දෝෂාරෝපණත් තිබුනා . ඒත් මම තනි තීරනයේම තමයි හිටියේ .

දැනට සති දෙකකට වගේ කලින් දැනගන්න ලැබුණා ඒ ළමයට ආයෙත් අමනුස්සයා වැහිලා කියලා . ඒ වැහෙන ඇදුරා ඒ ළමයව දාලා යන්නේ නැති තත්වයක් තමයි තියෙන්නේ . බුදු බණට හැමදේම යටයි කියලා තිබුණට මෙතනදී ඒ දේවල් වල පොඩි පරස්පරයක් තියෙනවා .

කොච්චර පිරිත් කිව්වත් ආටානාටිය කිව්වත් මොන දේ කරත් ඒ අමනුස්සයා යන්නේ නැහැ . මට මතක් වුණේ කොක්ගල නිලමේ කතාව . මේකයි ඒකයි සමානයි වගේ . දැන් ඒ ළමයාට වැහිලා ඉන්න අමනුස්සයා ඇදුරා වෙලා හිටපු කාලේ කරපු කොඩිවින ගොඩ ගන්නවාලු . පන්සලටත් විනයක් කරලා තිබිලා . ඒකත් ගොඩ අරන් තිබුණා . ඒ ළමයට වරමක් හිමි වෙනවා ඒ වරම ගත්තේ නැත්නම් මැරෙනවා කියලත් කියලා තිබුණා .

සමහර දවසට මේ ළමයා ලංකාවේ දක්ෂ මන්ත්‍ර කරුවන්ට දුරකථන ඇමතුම් අරගෙන එයාලාගේ පොත්වල මන්තරවල තියෙන අඩුපාඩු කියලා දොස් කියනවාලු ආරූඪයෙන් . මුද්‍රිත පොත්වල මන්තරවල තියෙන අඩුපාඩු කියලා තියෙනවා ආරූඪ වෙලා . සුප්‍රසිද්ධ කවි රචකයෙක් වෙච්ච සේන අම්බලංගොඩ මහත්මයාටත් කතා කරලා තිබුණා මේ වගේ . ඔන්න ඕකයි තත්වය දැන් . ඒ ළමය ගොඩ එන එකක් නැහැ කියලා තමයි මමනම් හිතන්නේ . දක්ෂ අදුරෙක්ට අහු වුණොත් හොඳයි . නැත්නම් ජීවිතේ පවා ප්‍රශ්නයක් .

මෙන්න මේ සිද්ධිය අනුව තමයි මම කතාව ලිව්වේ . සීයා මුණුබුරා කතා මාලාවට අදාළ සිද්ධි සමූහයෙන් මේ කතාව තරමක් දුරස් වුණත් මේ සිද්ධිය ගැන මෙහෙම කතාවකින්ම කියන එක හොඳයි කියලා මම හිතුවා .

අමනුස්සයින්ට බය අයට කියන්න ඕන දෙයක් තමයි භාවනා කරන්න කියන එක . හිත ශක්තිමත් නම් කිසිම කරදරයක් වෙන්නේ නැහැ . ධනාත්මක චින්තනය නෙවෙයි හිත ශක්තිමත් කියන්නේ . ඒක කාලයක් භාවනා කරලා ලබාගන්න ඕන දෙයක් .හිත එකතැන් වෙන්න වෙන්න හිතේ ඇතිවෙනවා මානසික බලයක් .

මෙහෙම අමනුස්සයෙක් වැහිලා ඉන්න කෙනෙක් ලඟට ආවොත් තමන් ඒවගේ භාවනා කරන ශක්තිමත් කෙනෙක් නම් ඒ ආරුඪ වෙලා ඉන්න කෙනාව අල්ලගන්න . එතකොට ටිකක් එයා මෙල්ල වෙනවා . හිත සසල කරගන්නේ නැතුව එයා එක්ක කතා කරන්න . භාවනා කරන හිත දියුණු අයගේ ඇඟේ තියෙන රශ්මි මාලාවට ඒ අමනුෂ්‍යයින් ලං වෙන්න බයයි . ඒ රශ්මිය නිසා තමයි අපි ආරක්ෂා වෙන්නේ .

අනික තමයි පාරම්පරික ඇදුරන්ගෙන් , මන්ත්‍ර දත් අයගෙන් මන්ත්‍ර ඉල්ලන්න එපා දෙන්න අකමැතියි කියලා දන්නවානම් . මොකද එයාලා ඒවා පරපුරකින් තව පරපුරකට දෙන්නේ ලෙයට ලෙය තියලා පොරොන්දු කරගෙන . එක අකුරක් එයාලා පිටට දෙන්නේ නැහැ පොරොන්දුව කඩලා . ඒ නිසා ඒ වගේ අයගෙන් මන්තර ඉල්ලලා ප්‍රශ්න ඇතිකරගන්න එපා මේ වගේ .

මැරෙන්න යන ඇදුරන් එක්ක ගනුදෙනු කරනවානම් පරෙස්සමට කරන්න . මොකද එයාලා වැඩියෙන්ම යන්නේ එයාලා වන්දනා කරපු දෙවියන් හෝ යකුන්ගේ සමාගමයට . එතකොට හොඳ තැනකට නොගිය කෙනෙක් නම් කරදර වෙන්න පුළුවන් .

මේ මම කියන ඇදුරා කාලිඅම්මා ලඟට තමයි ගිහින් තියෙන්නේ . ඉතින් එහෙම තමයි එයාගේ වැඩත් .

අනුන් කරන දේවල් බලාගෙන ඉඳලා කරන්න යන්න එපා . මේ කතාවේදී මේ ළමයාට පහන තියන හැටි , කියන දේවල් , පිං දෙන හැටි මම කියලා දුන්නේ නැහැ . මොකද එයා මගෙන් ඇහුවෙවත් පහනක් තියනවා කියලා කිව්වෙවත් නැති නිසා . අනික ඒවගේ දේවල් අඩබෙර ගගහා කරන දේවලුත් නෙවෙයි නිසා .

දැක්ක පලියට කරපු නිසා තමයි ඒ ළමයා අද අනවශ්‍ය ප්‍රශ්නයකට පැටලුනේ . මොකද පහනෙන් තමයි ඒ අමනුස්සයාට පාර කැපුනේ . විෂ්ණු දෙවියන්ට තිබ්බ පහනට බැල්ම දැම්මේ අර මැරුණු ඇදුරාගේ ආත්මය . දෙවියන්ට පහන තියන්නේ නැති තරමට හොඳයි . පහන් තියනවානම් ඒවා කරන්න ඕන විදි තියෙනවා . ඒ විදියට කරන්න ඕන . කොටින්ම කියනවානම් පහන තියන උස පවා වැදගත් වෙනවා . නැත්නම් පහනට බහිරවයෝ අරක් ගන්නවා .

අනික තමයි මෙන්න මේ දේ මතක තියාගන්න ඕන . මන්තර කියන්නේ ආයුධයක් . හොඳ මුවහත් කඩුවක් . ඒක යුද්ධයට පාවිච්චි කරන්නත් පුළුවන් ආරක්ෂාවට ළඟ තියාගන්නත් පුළුවන් ඕන නම් තමන්ගේම බෙල්ල කපාගන්නත් පුළුවන් අනුන්ගේ බෙල්ල කපන්නත් පුළුවන් පිහියක් නැත්නම් පාන් කපන්නත් පුළුවන් . ඒ නිසා මේ ආයුධය පාවිච්චි කරන්න දන්නා අය සහ ආයුධය ළඟ තියාගෙන ඉන්නා උදවිය ඒක ලේසියෙන් දෙන්නේ නැහැ . ඒ නිසා ආයුධ ඉල්ලලා තරහා වෙන්න එපා . ඒ ආයුධය නොදීමෙන් ඉල්ලන කෙනාටත් වෙන්නේ හොඳක් වක්‍රාකාරව . ඒක තේරුම් ගන්න .

ඔය සිද්ධි මාලාව තමයි සාත්තර ආතා කතා මාලාවට නිධාන වුනේ . වෙනදා නම් සීයා මුණුබුරා කතා මාලාවට අදාල කරගත්තේ ඒ අයටම වෙන් වෙච්ච කතා . ඒත් හදිස්සියේම මට මේ කතාව මෙහෙම ලිව්වානම් හොඳයි කියලා හිතුන නිසා වෙද ගෙදරත් ගුරුන්නාන්සේ වලව්වත් සම්බන්ධ කරලා ඒ කතාව ලිව්වා . වැඩියෙන්ම මේක ලිව්වේ දැනුවත් කරන්න ඕන නිසා .

රුපියල් 60 ට 70 ට තියෙන මන්තර පොත් අරන් ඇවිත් මතුරලා වැඩ කරනවානම් පරෙස්සම් වෙන්න . මොකද ඒවායේ බලපෑම නරක එකක් වුණොත් ලේසියෙන් ගොඩ එන්න බැහැ .

කොටස් හයක් පුරාවට දිව ආ සාත්තර ආතා කතා මාලාව මෙතෙකින් සමාප්ත කරමි .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

20 comments:

  1. ප්රශ්නයක් තියනවා... බුදුන්ට තියන පහනට එහෙම වෙන්නෙ නෑ නේද?

    එල සුපිරි කතාව... 👍👍

    ReplyDelete
    Replies
    1. පහන තියලා ගාථ කියලා පූජා කරන්න ඕන . නිකං මෙන්න බුදුනේ පහන කියලා කිව්වට වැඩක් නැහැ . පහන පත්තු කරලා අදාල චරිතයට පූජා කලාම හරි . අවුලක් වෙන්නේ නැහැ .

      බොහොම ස්තූති !

      Delete
  2. 😱කියෙව්වා.. බයයි ඒත් හරි හැඩයි ගැලපීම් හැමඑකම

    ReplyDelete
  3. ඔබේ කථාවේ එක තැනක තිබුනා....."..................අන්තිමට පිරිත් නූල කරේ දැම්මේ ඇප නූලක් විදියට.........................."....................මෙතන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද...?????

    ReplyDelete
    Replies
    1. ජලනන්දන පිරිත කියලා ඒකෙන්ම වැඩි වාර ගණනක් ජීවම් කරපු නූලක් කරට දාලා තමයි අමනුස්සයා පොරොන්දු කරගත්තේ සතියක් කල් දෙනවානම් ළමයා ඒ අමනුස්සයාට භාර කරනවා කියලා . ඊට පස්සේ තමයි තොවිලයක් නැටෙව්වේ .

      Delete
    2. හැබැයි හරි ගියේ නැහැ . නූල දාලාත් ඒ ළමයා ආරූඪ වුනාලු කියලා තමයි අහන්න ලැබුණේ . ඒත් මේ පිරිත ගොඩක් අයට වැඩ කරනවාලු . අවුල තියෙන්නේ මේ අමනුස්සයා මන්තර ගුරුකම් කරපු එකයි . එයාට තවමත් ඒවා කරන්න පුළුවන් . ඒ ළමයාට ආරූඪ වුණාම ඒ ළමයාම මතුරනවා ආරූඩෙන් . සංකීර්ණ පස්නයක් ඉතින් . වරම ගන්නම වෙනවා කියලා තමයි ආරංචි .

      Delete
  4. හැමදාමත් වගේ සුපිරිමයි

    තවත් කතාවක් ඉක්මනින්ම දෙන්න

    ReplyDelete
  5. මේක බන්ධනයට වැඩිය හොඳයි

    ජය වේවා ..!!!!

    ReplyDelete
  6. ape ammath hamama paththini maniyantanam pahana tiynawa.kathawa nam hoda e unata ara podi ekata help eka dunnanm ne hoda mko podi ekek ne jeevthayak ne

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් . මමනම් අපේ ගෙදර එන්න දෙන්නේ නැත්තේ අපේ පහනට මේ මලපෙරේතයෝ වහන නිසා . වෙන තරහක් නැහැ . තියෙන්නේ මගෙන් කොපි කරලා ඒ ළමයාගේ නෑදෑයෝ මට දොස් කියන එක නිසා තියෙන තමා . ඒත් අපේ අම්මලා තවම ඌව සනීප කරන්න වියදම් කරනවා . ඒත් ගුණයක් නැහැ . හිත හදාගන්න එක එක ඒවා කරාට ඒ ළමයා මැරෙයි කියලා තමයි මමනම් හිතන්නේ . බලමුකෝ . ඉදිරි කතාවලදී ඒ ළමයාගේ තත්වය මම කියන්නම් .
      බොහොම ස්තූති :)

      Delete
  7. මන් දන්න දෙයක් නම් හැමටම මුල මින්ස්සුම තමා යන්ත්‍ර මන්ත්‍ර කරලා මිනිස්සුනටත් දෙවියන්ටත් යක්ෂයන්ටත් කරදර කරන්නෙ මිනිස්සුම තමා.අපි පින් දහම් කරලා අපි කාටවත් කරදරයක් කරලා නැත්නම් ඔය කිසිම දෙයක් වෙන්නෙ නැහැ.
    මන් කියන දෙ හරි කියලා හිතෙනවා
    මොනවි වුනත් අත් ගුණය තියනවා ලියන දෙ හිතට වදිනම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත . එයාලට එයාලගේ පාඩුවේ ඉන්නත් අපි අපේ පාඩුවේ ඉන්නත් පුරුදු වෙනවානම් අවුලක් වෙන්නේ නැහැ . හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. මන්තර හැදිලා තියෙන්නේ අමනුස්සයින් ගෙන් වැඩ ගන්න . අනුන්ට වැඩ දෙන්න නෙවෙයි . දැන් මිනිස්සු අමනුස්සයින්ගෙන් වැඩ ගන්න දන්නේ නැහැ . ඒකත් මේකට ප්‍රශ්නයක් තමයි .

      බොහොම ස්තූති (y)

      Delete
  8. මේ කතාවෙ පලවෙනි කොටස් 5 නැහැනෙ සහෝදරයා???

    ReplyDelete
  9. මමත් හෙව්වා පළවෙනි කොටස් 5 කෝ.. ?

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here