Breaking

Post Top Ad

Tuesday, 16 August 2016

සුදු ළූණු ව්‍යංජනය






ඊයේ පෙරේදා දවසක බ්ලොග් කියවන හිතවතෙකුගේ කේන්දරයක් බැලුවා . ඒක බලත්දී තියෙන ග්‍රහ පිහිටීම් වලට අනුව මට හිතුනා එයාට කොලෙස්ටරෝල් තියෙන්න ඕන කියලා . කොලෙස්ටරෝල් නිසා සියුම් රුධිර වාහිණී අවහිර වෙලා ශරීරයේ වැදගත් අවයවයක අඩපණ වීමක් ඒ කේන්දරයෙන් පෙන්නුම් කරා . මම ඉතින් එයාගෙන් අහනකොට දැනට කොලෙස්ටරෝල් නම් තියෙනවා කියලා කිව්වා . ඒ වෙලාවේ මම කිව්වා එදිනෙදා කෑම වේලට වැඩිපුර සුදු ළූණු එකතු කරගන්න කියලා . තව තව කන්න ඕන ඒවත් කිව්වා . ඒ වෙලාවේ මං කල්පනා කරා සුදු ළූණු විතරක් උයන්නේ කොහොමද කියලා බ්ලොග් එකේ කියලා දුන්නන නම් හොඳයි කියලා .

රුධිරගත කොලෙස්ටරෝල් අවම කරගන්න කුස්සියේ තියෙන හොඳම කෑම වර්ගය තමයි ළූණු පවුලේ සාමාජිකයෝ ටික . රතු ළූණු , ලොකු ළූණු , සුදු ළූණු හැම කෑමකටම වගේ එකතු කරගන්න පුළුවන් නම් රුධිර නාලවල තියෙන අවහිරතා සමනය කරගන්න ඒවා දායක කරගන්න පුළුවන් . තෙම්පරාදු කරලා කෑමට ගන්න දේවල් වලට උනත් සුදු ළූණු වැඩිපුර එකතු කරලා කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි . සුදු ළූණු රහ සමහර අයට අප්‍රිය උනාට ඉඟුරු ටිකක් එක්ක කලවම් කරලා ගත්තම කෑමට ගන්න පුළුවන් .

අපි දැන් බලමු සුදු ළූණු ව්‍යංජනය ගැන . සුදුළූණු විතරක් උයලා කෑමට ගන්න එකට තමයි මේ සුදු ළූණු ව්‍යංජනය කියලා කියන්නේ . ගොඩක් වෙලාවට සාංඝික දාන දෙනකොට මේ සුදුළූණු වෙනමම උයලා පූජා කරනවා . මොකද හාමුදුරුවරුන්ට ඒ ආහාරය වැඩිපුර ලැබෙන්නේ නැති නිසා . අද වෙනකොට ඒ ව්‍යංජනය සාංඝික දාන වලට විතරක් සීමා වෙලා තියෙන නිසා තමයි මම කල්පනා කරේ සාමාන්‍ය ආහාර වෙලටත් සුදු ළූණු ව්‍යංජනය ගන්න පුළුවන් කියලා බ්ලොග් එක හරහා දැනුවත් කරානම් හොඳයි කියලා . සුදු ළූණු ටිකක් මිලයි . ඒත් කොලෙස්ටරෝල් වලට ගන්න බෙහෙත් , රුධිර පරීක්ෂාවන් ඊටත් වඩා මිලයි . ඒ නිසා සුදුළූණු කාලා බලන්න .


අවශ්‍ය ද්‍රව්‍ය

සුදු ළූණු 500 g
මිටිකිරි කෝප්ප 1ක්
මිරිස් කුඩු මේස හැඳි 1/2ක්
තුනපහ කුඩු මේස හැඳි 1/4ක්
අමු මිරිස් කරල් 2ක්
උම්බලකඩ 5g
කහ ස්වල්පයක්
රම්පෙ කොළ භාගයක්
කරපිංචා කිණිති 2ක්
උළුහාල් ස්වල්පයක්


සාදන අන්දම

සුදුලූණු ඉස්සෙල්ලම පොතු සුද්ද කරලා හෝදලා දෙකට කපා ගන්න . දෙකට කපන්නේ නැතිව උයනවනම් තමයි මම කැමති . ඒත් කැමතිනම් කපාගන්න . ඊට පස්සේ කපාගත්ත අමු මිරිස් , උම්බලකඩ , රම්පෙ , කරපිංචා , මිරිස් කුඩු , තුනපහ කුඩු , කහ කුඩු , උළුහාල් , ලුණු , මිටිකිරි අර සුදු ළූණු ටිකත් එක්ක පිසින භාජනයේ එකතු කරලා හොඳට කලවම් කරගන්න . ඊට පස්සේ මද ගින්නේ පිසගන්න තමයි තියෙන්නේ . වැඩිය ගින්දර දාලා තම්බ ගන්න එපා . එහෙම උනොත් සුදු ළූණු වලින් වැඩක් වෙන්නේ නැහැ . ඒ නිසා තරමකට පිසගෙන කෑමට ගන්න . රම්පෙ දානකොට සමහර අය කොලේ විතරක් දාලා පස්සේ ව්‍යංජනයෙන් ඉවත් කරනවා . ඒත් කරන්න ඕන රම්පෙ කොලෙත් පොඩියට කපලා ව්‍යංජනයට දාන එක .

මීට අමතරව සුදු ළූණු පොත්ත පිටින් පුච්චලා මී පැණිත් එක්ක කන එකත් හොඳයි . තව සුදු ළූණු අමුවෙන් කන්නත් පුළුවන් .

එහෙනම් සුදු ළූණු උයලා කාලා බලන්න .

තවත් ලිපියකින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

15 comments:

  1. මස් බැද්ද කියලා ගහක් තියෙනවද. ඒක ගුණ මොනවටද

    ReplyDelete
    Replies
    1. මස්බැද්ද දියවැඩියාවට හොදයි මෙයින් නිපදවන බෙහෙතුත් තියනවා
      http://www.lankadeepa.lk/index.php/articles/353124

      Delete
    2. ඒ ලිපියේ තියෙනවා නේද ගොඩක් විස්තර . මම දන්නේ නැති දේවල් පවා දැනගත්තා . බොහොම ස්තූති g-)

      Delete
  2. මමත් කැමති කෑමක්...
    බත් එක්ක අමුවෙන් සහ පොඩියට කපලා ලුණු ගම්මිරිස් ඉහලා ගත්තමත් හොඳයි...

    ReplyDelete
  3. බයිට් එකට සෝක්... ලුණු ඉහලා ගෙඩිය පිටින් බැදල කඩල කරත්තෙ තියෙන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්
      මම දැකලා තියෙනවා ලිකර් ෂොප් ළඟ ගෙඩි පිටින් බැදලා විකුණනවා :p

      Delete
  4. කාට හරි මී පැණි ඕන්නම් කියන්න....ඕඩර් භාර ගන්නවා...මොකද සුදුළූනු තිබුණට මී පැනි නෑනෙ

    ReplyDelete
  5. වයලිනෝගෙන් අහන්න හිතුන දෙයක් තමයි ඕනම දෙයක් ඕනාවට වැඩිය හොඳ නෑ කියනවා වගේ සුදු ළූනු වැඩිපුර ආහාරයට ගත්තම ඇති වන ගැටළු තිබේද?

    ReplyDelete
    Replies
    1. එහෙම ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ . අවුල තියෙන්නේ ගඳ ගහන එක තමයි . ඇඟ ගඳ ගහන්න පටන් ගන්නවා ටිකක් . හැබැයි වාසි තියෙනවා . මදුරුවෝ එහෙම කන්නේ නැති ගතියක් එනවා සුදුලූනු කෑවම .

      Delete
  6. ගොඩක් ස්තූතියි මේ වටින විස්තර වලට. ඇත්තටම සුදු ලූනු ව්‍යoජනේ දැන් සාoඝික දාන වලට විතරමයි තමයි හදන්නෙ.. පොඩි අයට දෙන්න ඕනෙ නිසාම බැදුම් හදද්දි ටිකක වැඩිපුර සුදු ලූනු දානවා. පස්සෙ කජු කියල කවනවා.. මින් පස්සෙ ව්‍යoජනේ හදන්න ඕනේ.. ආයෙමත් කියන්නෙ බොහොම පිo ඈ.. ☺️

    ReplyDelete
    Replies
    1. හම්මට සිරි . ඒකත් පට්ට මෙතඩ් එක සුදු ළූණු කවන්න :)
      බොහොම ස්තූති :)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here