Breaking

Post Top Ad

Blog Archive

Tuesday, 9 February 2016

අද අපේ තුන්වෙනි උපන් දිනය




පළවෙනි උපන් දිනය

දෙවෙනි උපන් දිනය

හස්තිකේ.................... වයස යනවා යනවා දැනෙන්නේ වත් නැහැ . දෙවෙනි උපන් දිනයට පෝස්ට් එකක් කෙටුවා මට මතක නිකං මේ අද ඊයේ වගේ . මොනවා කරන්නද ඔරලෝසුවත් කැරකෙනවා , ලෝකෙත් කැරකෙනවා . ඔය දෙකෙන් එකක්වත් නවත්තන්න විදියක් නැති එකේ අපිත් දැන් නිකං කැරකෙනවා කැරකෙනවා වගේ .

මේ ගතවෙච්ච අවුරුද්දේ මම හිතන්නේ සිංදුවා ලිව්වෙම නැත්ද කොහෙද . ලිව්වනම් ලිව්වේ පෝස්ට් දෙකක් තුනක් විතර තමයි . අදින් ලබන අවුරුද්දේ මම දන්නවා ඔය මිනිහා මොකවත්ම ලියන්නේ නැහැ කියලා . හැබැයි ලබන අවුරුද්දේ ලියන්න පටන් ගන්නවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා . හැක හැක හැක හැක .

මේ අවුරුද්දේ බ්ලොග් එකේ පසුබිම වෙනස් උනා . උනා නෙවෙයි වෙනස් කරා . මොකද සිංදුවට නැතත් මට ඔය පසුබිම මාරු කිරීමේ උන තියෙනවා . එක මාසයක් එකම පසුබිම දිහා බලාගෙන ඉන්න බැහැ මට . විවිධත්වයක් තියෙන්න ඕන නිසා මම පසුබිම මාරු කරනවා . හැබැයි ඒක කරන්නේ යටි අරමුණක් ඇතිව . ඒවා දේව රහස් .

ජවුතිස්ස කියලා කැටගරි එකක් පටන් ගත්තා ජෝතිෂ්‍ය ගැන කියලා දෙන්න . ජවුතිස්ස එකයි , කෑම සූත්‍ර එකයි ටිකක් වැඩිපුර මේ ඉදිරි කාලයේ ලියවෙයි . සීයා මුණුබුරා කතා මාලාව තමයි නැගලා ගියේ . තවම ෆේස්බුක් හරහා ඒ කතා මාලාවේ උණුසුම පත්තු වෙනවා .මම ඒ කතා මාලාවේ ඊළඟ එපිසෝඩ් එක දැන් හිතන්න පටන් අරන් තියෙන්නේ . ඔක්කොම ලියලා සතියට පෝස්ට් දෙක ගානේ පබ්ලිෂ් වෙන්න දාන්න තමයි හිතාගෙන ඉන්නේ . මාර්තු මාසයේ මුල අනිවා ඒක පබ්ලිෂ් වෙනවා .

වයලීනෝ සබැඳි කතා පෝස්ට් ලියලා , මෙච්චර කල් වහං වෙලා හිටපු වයලීනෝ ඔන්න එළියට ආවා . ඒ අවේ චන්දෙ ඉල්ලන්න නෙවෙයි . ඒකෙන් ලැබෙන ප්‍රසිද්දියත් එක්ක තවත් වැඩිපුර දෙයක් බ්ලොග් එක හරහා දෙන්න පුළුවන් නිසා . හැබැයි ප්‍රසිද්ධිය දැන් එක විදියකට වදයක් වෙලා තියෙන්නේ . කමක් නැහැ ඉතින් පොඩි උන්ගේ ආසාවනේ .

මේ අවුරුද්දේ වෙච්ච ලොකුම වෙනස්කම තමයි බ්ලොග් එකේ නම වෙනස් වෙච්ච එක . නම දාපු එකාම වෙනස් කරමු කිව්වම මම හා කිව්වා මිස වෙන මොකවත්ම කිව්වේ නෑ . අන්තිමට මෙන්න නම වෙනස් කරලා පෝස්ට් එකක් දාලා ලින්ක් එකත් එව්වා . ඔය කොච්චර ලියන්නේ නෑ නෑ කිව්වත් සිංදුවා ආයේ ලියනවා කියලා මට ෂුවර් . හැබැයි ලබන අවුරුද්දේ .

ඊළඟ කාරණාව තමයි බ්ලොග් එක කියවපු වයලීනි අලුත් බලාපොරොත්තුවක් ඇතිකරලා තියෙන්නේ බ්ලොග් ලිවීම සම්බන්ධව . ඒකත් ළඟදීම ඉෂ්ට සිද්ද කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා . බලමුකෝ . හතරවෙනි උපන්දිනය සමරනකොට ඒවායින් සඵල කරගන්න පුළුවන් වෙච්ච දේවල් කියන්නම් . එහෙනම් මේ ඇති .

අපේ බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉඳලා මේ දක්වා කාලය තුල,

බ්ලොග් එකට ආපු ගියපු
කතා කියවපු
කමෙන්ට් කරපු
ප්‍රවර්ධනය කරන්න උදවු කරපු

හැමෝටම සිංදුවා සහ වයලීනෝ හදපිරි ස්තූතිය පිරිනමනවා .

බ්ලොග් එක හරහා අලුත් දේවල් මොනවද ඕන කියලා කමෙන්ට් කරන්න . එතකොට ඒ ඒ දේවල් අපිට පුළුවන් හැටියට ලියන්න අපි උත්සාහ කරන්නම් . කැමති සිංදු එහෙමත් මතක් කරන්න . ඒවගේම

මකරාගේ සන්නස කියන ෆේස් බුක් ග්රූප් එකත් එක්ක එකතු වෙන්න .

මියැසියේ රසකතා පේජ් එකට ලයික් කරන්න .

අපේ අලුත් ලිපි ඒ පාරවල් දෙක හරහා අනිවාර්යෙන්ම ඔයාලට කියවන්න පුළුවන් . අපිත් එක්ක ඉදිරියටත් රැදී ඉන්න .

මියැසියේ රසකතා , ආ නෑ නෑ වයලගෙ කාමරේ සදාකල් දිනේවා !


ශ්‍රී ලෝකං ජයදේව නාග සරණා ශ්‍රී බ්‍රහ්ම නාරායනං
ශ්‍රී ශ්‍රේෂ්ටං ලෝකනාතං ජනතිලක පතිනන්දනේ දේව දේවෝ
ශ්‍රී ලෝකේශ්වර බුද්ධ ශාසන ධරං ශ්‍රී බෝධි බුද්ධාංකුරෝ
ශ්‍රී නාමං නාම දේවං දසඅත නයනං ශ්‍රී විශ්ණුතේ මංගලම්

ශ්‍රී නාරායන දිව්‍ය බෝධි උතුමෝ රක්ෂා කරත් බෝ කලක්
ශ්‍රී යක්ෂ ප්‍රේත පිශාච සර්වභය මේ ඇති ඇස් වහත් තුන් දොසින්
ශ්‍රී ආයු යංවට්ටිතේ ග්‍රහ දොසත් සැම සර්ව දොෂ හරනාම් 
ශ්‍රී රාම ජග ලෝකපාල නමදිම් ශ්‍රී විශ්ණු තෙ මංගලම්

ශ්‍රී නාරායන විෂ්ණු දේව නමිතේ නාතස්‍ය බෝසත් උතුම්
ශ්‍රී නිත්‍යන් කන්ද කුමාර දේව සරණේ දේවෝ සමන් සුරපති
ශ්‍රී සකලං ආයු දිනා දින දිනේ රක්ෂා කරන් බෝ කලක්
ශ්‍රී රාමං නමදිම් උතුම් දෙවිතුමෝ රාමෂ්ඨකං මංගලම්

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

14 comments:

  1. මුලින්ම වැඩි විය පත් වූ ඔබ දෙපලට මගේ හදපිරි මෙව්වා එක......

    මේකා නමත් වෙනස් කරල. තව පොඩ්ඩෙන් මාව අතරමං වෙනව. මම ඒත් බැලුවා මට වැරදිලාවත් ද කියල. අර උඹේ සබරගමුවෙන් ඉපදිලා හස්තිනාපුරේට ගිහිපු එක නමත් වෙනස් වෙල ලින්ක් එක මාරු වෙල ලෝඩ් වෙලාද කියල මම ආයෙත් බැලුවා. නැහැනේ, ඔය සිංදුවා මහතාත් උඩින්ම ඉන්නෙ.

    මම මේක ගිනිනරියාගෙන් කියව ගත්තෙ. (ඒත් අර අන්තිමට තියෙන දිව උළුක්කු වෙන ටික නම් කියෙව්වෙ නෑ. උඹ කියවල නෙව දාන්න ඇත්තෙ) ක්රෝමෙගෙන් නම් ම්හු. ..... වැඩිහිටියන්ට පමණයි වගේ කොටු කොටු පෙන්නනව මලයා. පොඩ්ඩක් බැලුවනම්.

    ReplyDelete
    Replies
    1. //මේකා නමත් වෙනස් කරල//
      මම නෙවේ වෙනස් කරේ . මම නිර්දෝෂයි :(
      http://sinduwagemiyasiya.blogspot.com/2016/02/blog-post_72.html

      ක්‍රෝම් එක මේ දවස්වල අවුල් වෙලා තියෙන්නේ . අලුත් අප්ඩේට්ස් වලින් සිංහල පෙන්නේ විකාර වෙලා . ඕක ළඟදීම එයාලා හදයි . එතකල් ඔය මොකක්ද නරියාව පාවිච්චි කරන එක හොඳයි තමයි g-)
      එල එල
      බොහොම ස්තූති ආ g-)

      Delete
  2. හැපි 'බර්ත් ඩේ' දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා !
      බොහොම ස්තූති g-) g-)

      Delete
  3. තුන්වෙනි උපන්දිනයට උණුසුම් සුභපැතුම්..

    ReplyDelete
  4. උපන්දිනයට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති . සිංදු ගැන ලියනකොට මතක් වෙන කෙනෙක් තමයි මේ . බොහොම ස්තූති g-) g-)

      Delete
  5. අඩේ පොඩ්ඩක් ලේට් උනා.
    උපන්දිනේට උණුසුම්ම සුබ පැතුම් ඔන්න මගෙනුත්.
    දේව කතා භූත කතා තමයි මම නම් ආසාවෙන්ම කියෙවුවේ.
    දිගටම ලියමු. ජය..

    ReplyDelete
    Replies
    1. එල එල .
      බොහොම ස්තූති g-)

      Delete
  6. ඒ කියන්නෙ මේ අවුරුද්දෙද මොන්ටිසෝරි යන්නෙ? තාම හැදෙන වයස නෙහ්? :)) අපිත් මේ කාමරේට Wishes එකතු කරනවා හොදේ !

    ReplyDelete
    Replies
    1. හා !
      බොහොම ස්තූති පොඩි එකෝ g-):p

      Delete
    2. පුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ :-da :-da :-da

      Delete
    3. Your ග්‍රෑන්ඩ් මදර්ස් water ක්ලෝත් :p

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here