නම පොඩ්ඩක් වෙනස් කරා ඔන්න







කොහොමද ළමායි....හිටං


මම මේ කලින් මේකේ හිටිය සිංදුවා කියල එකෙක්. පොඩි පොඩි පොස්ට් ටිකක් ඒ කාලේ දැම්මා. වැඩිය කතා කලේ සිංදු ගැනම තමයි. ඒ නිසා තමා අපි මියැසියේ රස කතා කියලා නම දාන්න හිතුවේ.

දැන් ඉතින් සිංදුවාට ජම්බු සෙට් වෙලා නිසා පොස්ට් හරි හරියට ලියන්න වයලත් එක්ක බැරි නිසාත්, වයලත් සිංදු ගැනම විතරක් නැතුව එක එක සබ්ජෙක්ට් ගැන ලියන නිසාත්, අපි හිතුවා මේකට මියැසියේ රස කතා කියන එක වැරදියිනේ කියලා.

ඒ නිසා අපි ගිරාමසේවක උන්නැහෙගෙන් ෆෝම් එකක් ඉල්ලන් නම වෙනස් කරලා බ්ලොග් වාසී ජනරජයට දැනුම් දෙන අවස්ථාවයි මේ.

මේකේ වැඩිය රඟන්නේ වයලා නිසාත්, ඌගෙ ගෙදර කාමරේට ගියාමත් මේ බ්ලොග් එකේ වගේ එකී මෙකී නොකී හැම ඉලව්වක්ම තියෙන නිසාත් අපි හිතුවා මේක වයලගේ වර්චුවල් කාමරේ කරන්න :D

ඒ නිසා අපි නම චූට්ටක් වෙනස් කරා "වයලගෙ කාමරේ" කියලා.
මගේ අදහස තිබ්බේ වලාගෙ කාමරේ කියලා දාන්න. ඒත් චන්දෙන් පරාදයි. ඒ නිසා ඔන්න මම කියලා යන්න ආවේ. අද හිටං

මියැසියේ රස කතා = වයලගෙ කාමරේ  

නෑ නෑ url එක වෙනස් වෙන්නේ නෑ. ඒක එහෙම්මමයි හිටං. :D

එහෙනම් මම ගොහිං එන්නම්. මගේ කතාව අවසානයි කියවපු ඔබ සැමට ස්තුතියි. ! හිටං

සිංදුවා
සිංදුවා

විද්‍යාවේදී ( ජෛවීය විද්‍යා ) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය , වයලීන් වාද්‍ය ශිල්පී , පුවත්පත් ලේඛක , පාරම්පරික ජ්‍යෝතිෂ වේදී , පාරම්පරික වාස්තු වේදී

29 comments:

  1. ගිහිල්ල එන්න හිටං

    ReplyDelete
    Replies
    1. ගිහිල්ලා එන්න හිතාගෙන නෙවෙයි නම වෙනස් කරේ . ටික ටික යන්නම යන්න තමයි ඔය හදන්නේ .
      හැබැයි තව අවුරුද්දක් ඇතුළත ආයෙත් සිංදුවා ලියන්න පටන් ගන්නවා කියලා මම සහසුද්දෙන්ම දන්නවා .
      එදාට මම තමයි නම වෙනස් කරන්නේ .
      හැක හැක හැක :p

      Delete
  2. මේක කියවද්දි කූඩාරමට රිංගපු ඔටුවගෙ කතාව මතක් වුණා ඕයි ! :))

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල
      මාත් ඕකම කොටන්න කියල ආවෙ කෝ බොලා ඒකත් කරල නෙව.. හැක්

      Delete
    2. කූඩාරම හිස්ව තියෙනවට වඩා හොඳයිනේ ඔටුවා හරි ඉන්න එක :D

      Delete
    3. මල්ලි . මම දන්නවා ඉතින් ඔයාට ජෙල කියලා . දනාගේ කුණු මල්ලට වඩා මේක කස්ටිය කියවන නිසා ඔයා දුක් වෙන්න එපා . ජීවිතේ ඔහොම තමා .රිය සක වගේ පෙරළෙනවා .
      :p :p :p :p
      =))=))=))=))

      Delete
    4. අනේ අපිට මේව්වට ජෙල කර කර ඉන්න වෙන වැඩ නෑ නෙහ්? අපි බොහොම දැහැමෙන් සෙමෙන් ලිපි ලියන වැදගත් මහත්තුරු හරිය? අපි කවදාවත් "සම්මුඛ සාකච්ඡාවක් අරගත්තෙ නැත්නම් නාග පිල්ලියක් එවනවා කියලා", හා පැටව් වගේ ඉන්න අහිංසක චූටි හුරුබුහුටි ළමයින්ව බය කරන්නෙ නෑ හරිය? :-da :-da :-da

      Delete
    5. වරෙන්කො අර බෙරේ මේ බෙරේ ගැන කිය කිය විස්තර අහන්න :-vi

      Delete
    6. :-as :-as :-as :-as :-as

      Delete
  3. එතකොට දැං සිංදුවා සිංදු කියන්නෙ නැතෙයි

    ReplyDelete
    Replies
    1. නැ බන් දැන් ඒවාට ස්ටාර් ලා ඉන්නවානේ .....හැක් හැක්

      "ගායක පට්ටම් අහකට දමලා
      හොලිවුඩ් පුරය බලා
      හිටිහැටියේ අපි නළුවන් වෙන්නට
      ගියානේ නැව් නැගලා ....."

      ගායනය - ෆ්‍රෙඩි සිල්වා /මොරිස් දහනායක

      Delete
    2. ඔය ලැබුනේ උත්තරේ :D ගෑණු එක්ක සිංදු කියන්න අමාරුයි හප්පා. :D

      Delete
    3. https://www.youtube.com/watch?v=bGTvWRZpVlo

      මෙන්න මේක අසන්ට පිංවතුනි හිටං :p

      Delete
    4. මෙන්න බලන්න පිංවතුනි ...හැක් හැක්

      පන පලයන් ලබන සුමානේ
      ඔහේ පලයන් මේ මරගාතේ
      කපලා කපලා කකුල කැපිලා
      මෙව්වා දැකලා අපිට වැදිලා
      කොහේ යනවද මේ මරගාතේ ..
      කෝන් ගහේ ...
      කෝන් ගහේ වට පාරෙන් ඕන් එනවා ...

      සික්නල් එක වැටිලා නැතිව
      රතු එළියක් ඈත එනවා ...
      කෝන් ගහේ ...
      කෝන් ගහේ වට පාරෙන් ඕන් එනවා ...

      උකුලේ ඉඳලා නැලවී නැලවී
      කරන මුකුළු අතහැරපන්
      ම‍ගේ හොද්ද බොර කරන්න
      වෙන දවසක් ගල් ගහපන් ...
      කෝන් ගහේ ...
      කෝන් ගහේ වට පාරෙන් ඕන් එනවා ...

      හැංගි හැංගි කොයි කවුරුත්
      පාක් එකේ සරණ පතා
      කට ඇත්නම් ගහක් ගානේ
      කියලා දේවි පුදුම කතා ...
      කෝන් ගහේ ...
      කෝන් ගහේ වට පාරෙන් ඕන් එනවා ...

      ගායනය - ෆ්‍රෙඩි සිල්වා
      සංගීතය - ප්‍රේමසිරි කේමදාස
      ගී පද - ජෝජ් ලෙස්ලි රණසිංහ

      Delete
  4. ඉත්තෑවාගේ ගෙට කබැල්ලෑවා රිංගුවා වගේ කියන්නේ මේවට තම ඉතින්. හැබැයි ඉත්තෑවා වගේ කබැල්ලෑවත් වැඩේ හොඳටම ගොඩ දාන බවනම් පෙනෙනවා.

    ජය වේවා !!!

    ReplyDelete
  5. හොදා හොදා.. ලියමු බලන් හිටං

    ReplyDelete
  6. අයියා ඔබ මා කැඳවා යන්නේ ඔබ සිටින රාජ්යේයටද?
    යන්ට එපා අයියා යන්ට එපා ..............



    පින්සාර මා අයියා
    පින්සාර මාගෙ සෝයුරා
    ප්‍රේන් පිදූවා ජීතේ
    දර්ශන වේ මෙ මාර්ගයේ

    නංගීව ශෝක ගින්නෙ දා
    යන්ට එපා දැන් මා හැරා
    එල්ලෙමි මං ඔබේ ගෙලේ

    අහසේ දියේ වලාකුළේ
    මතුවේ ඔබේ උතුම් ගුණේ

    අයියා ඔබ මා කැඳවා යන්නේ ඔබ සිටින රාජ්යේයටද?
    යන්ට එපා අයියා යන්ට එපා

    ඇනෙනා කටු ශරීරයේ
    වද මල් සේ යාවි ලේ ගලා
    නොදැනේ ශරීර වේදනා

    ඵල නෑ විකාර ජීවිතේ
    මරණෙත් සැපයි මෙ ලෝකයේ

    අයියාගේ රම්‍ය දර්ශනේ
    නොපෙනේ අනේ වසන් උනේ
    සැතපෙම් ඔබේ මිනී වළේ

    ආත්මේ අපේ ඇලී ගැලී
    උපදීවා ස්වර්ග රාජ්‍යයේ
    පින්සාර මාගෙ සෝයුරා
    ප්‍රේමෙන් පිදූවා ජීතේ
    දර්ශන වේ මෙ මාර්ගයේ

    ගායනය – රුක්මනී දේවි
    ගී පද – ජී.එල්.ජේ. නන්දනකීර්ති
    සංගීතය – සී.එන්. පාන්ඩුරංගන්

    ReplyDelete
  7. ඹබද මාද විය මාද ඹබම විය...


    ජ ය වේ වා !! =D>

    ReplyDelete
    Replies
    1. මේක දැක්කම මට කොයිල් වගේ නම පේන්නෙම "වලාගේ කාමරේ" කියලා.. ඩී ඩී ඩී

      Delete
  8. මියැසියේ රසකතා නම තිබ්බනම් හොදයි. වයලගේ කාමරේ කියන නමට වඩා මියැසියේ රසකතා කියන නමේ ශබ්ද රසය හා අර්ථ රසය වැඩි. ඒ නම මේ බ්ලොගයේ පොස්ට් වලට හා theme එකට වැඩියෙන් ගැලපෙනව. නොදන්න කෙනෙක්ට උනත් ඒ නම දැක්කම ඇවිත් බලන්න හිතෙනවා මේ නමට වඩා.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් කැමතියි ඒ නමට .
      දේව ගණයෙන් ගිනි ගණයට මාරුවෙලා තියෙන්නේ . කියවන කියවන අය අළු දූලි වෙලා යයිද දන්නේ නෑ :)
      බොහොම ස්තූති g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.