නම පොඩ්ඩක් වෙනස් කරා ඔන්න







කොහොමද ළමායි....හිටං


මම මේ කලින් මේකේ හිටිය සිංදුවා කියල එකෙක්. පොඩි පොඩි පොස්ට් ටිකක් ඒ කාලේ දැම්මා. වැඩිය කතා කලේ සිංදු ගැනම තමයි. ඒ නිසා තමා අපි මියැසියේ රස කතා කියලා නම දාන්න හිතුවේ.

දැන් ඉතින් සිංදුවාට ජම්බු සෙට් වෙලා නිසා පොස්ට් හරි හරියට ලියන්න වයලත් එක්ක බැරි නිසාත්, වයලත් සිංදු ගැනම විතරක් නැතුව එක එක සබ්ජෙක්ට් ගැන ලියන නිසාත්, අපි හිතුවා මේකට මියැසියේ රස කතා කියන එක වැරදියිනේ කියලා.

ඒ නිසා අපි ගිරාමසේවක උන්නැහෙගෙන් ෆෝම් එකක් ඉල්ලන් නම වෙනස් කරලා බ්ලොග් වාසී ජනරජයට දැනුම් දෙන අවස්ථාවයි මේ.

මේකේ වැඩිය රඟන්නේ වයලා නිසාත්, ඌගෙ ගෙදර කාමරේට ගියාමත් මේ බ්ලොග් එකේ වගේ එකී මෙකී නොකී හැම ඉලව්වක්ම තියෙන නිසාත් අපි හිතුවා මේක වයලගේ වර්චුවල් කාමරේ කරන්න :D

ඒ නිසා අපි නම චූට්ටක් වෙනස් කරා "වයලගෙ කාමරේ" කියලා.
මගේ අදහස තිබ්බේ වලාගෙ කාමරේ කියලා දාන්න. ඒත් චන්දෙන් පරාදයි. ඒ නිසා ඔන්න මම කියලා යන්න ආවේ. අද හිටං

මියැසියේ රස කතා = වයලගෙ කාමරේ  

නෑ නෑ url එක වෙනස් වෙන්නේ නෑ. ඒක එහෙම්මමයි හිටං. :D

එහෙනම් මම ගොහිං එන්නම්. මගේ කතාව අවසානයි කියවපු ඔබ සැමට ස්තුතියි. ! හිටං

කොහොමද ළමායි....හිටං මම මේ කලින් මේකේ හිටිය සිංදුවා කියල එකෙක්. පොඩි පොඩි පොස්ට් ටිකක් ඒ කාලේ දැම්මා. වැඩිය කතා කලේ සිංදු ගැනම තමයි....