Breaking

Post Top Ad

Blog Archive

Sunday, 11 October 2015

ඔන්න ලස්සදෙකත් පහු කරා





ආයුබෝවන්

ඔන්න ඔහොමලු එක්කෙනෙක් බ්ලොග් ලියන්න පටන් ගත්තේ . ඊට පස්සේ ඒ බ්ලොග් එකේ තව එක්කෙනෙක් ලියන්න සෙට් උනාලු . දෙන්නම එහෙම ලියාගෙන ලියාගෙන ලියාගෙන යනවලු . දැන් වීව්ස් ගණන ලක්ෂදෙකේ සීමාව පහුකරලා නිසා දෙන්නම හිතුව බ්ලොග් එක කියවන්න එන අයට ස්තූති කරන්න .

2013 පෙබරවාරි මාසයේ පටන්ගත්ත අපේ මේ බ්ලොග් එක , එක එක එව්වා මේව්වා ලියාගෙන ලියාගෙන දිග ගමනක් යනගමන් ඔන්න වීව්ස් ලක්ෂදෙකේ සීමාව පහුකරාලු ඉතින් .







2014 - 10 - 24 වෙනිදා ඉඳලා 2015 - 10 - 11 වන අද දිනය වෙනකොට අපි ලක්ෂයක වීව්ස් ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා . ඒ ගැන පොඩි සතුටක් තියෙනවා . මේ කාලය ඇතුලත අලි ගැන , කෑම සූත්‍ර වගේ කැටගරි කීපයක් අපි අලුතෙන් පටන් ගත්තා . වෙලාව සහ හිත නිදහස් නොවීම් වගේ කාරණා නිසා සීයා මුණුබුරාගේ කතා මාලාව මේ වෙනකොට ඇණ හිටලා තියෙනවා . ආසාවෙන් ඒවා කියවපු අය වෙනුවෙන් ආයෙත් ඒ කතා ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා .

මේ කාලය ඇතුලත සිංදුවා බ්ලොග් එකේ ලිව්වේ අඩුවෙන් කියන එක රහසක් නෙවෙයි . කොටින්ම කියනවනම් ලිව්වේ නැති තරම් වගේ තමයි . ඒත් පරිඝනක තිරය හරහා සිංදුවා අදහස් දැක්වුයේ නැති උනාට මම ලිව්ව හැම ලිපියකම වැරදි අඩුපාඩු වගේම වැදගත් හොඳ දේවල් විවේචනය කරමින් මියැසියේ රසකතා පිටුපස සිංදුවා හැමදාමත් ඉන්න බව බ්ලොග් එක කියවන අයට මතක් කරන්න ඕන .








මම මේ ස්තූති කිරීමේ ලිපිය ලියන වෙලාව වෙනකොට අපේ බ්ලොග් එකට කමෙන්ට්ස් 3622ක් ලැබිලා තියෙනවා . පළවෙනි කමෙන්ට් එක ලැබුණේ චතුර අයියාගෙන් . වීව්ස් ලක්ෂ දෙකක් සම්පූර්ණ වෙන වෙලාවේ අවසාන කමෙන්ට් එක ලැබිලා තිබුණේ කුරුටු ගෑ ගී පවුර ඇඩ්මින් තුමාගෙන් . ඒ අවස්ථා දෙක බ්ලොග් එකේ වැදගත් අවස්ථා දෙකන් විදියට මම දකිනවා . ඉතින්

අපේ පෝස්ට් කියවපු ,
ඒවාට අදහස් පල කරපු ,
විවේචනය කරපු ,
බ්ලොග් එක ප්‍රවර්ධනය කරන්න උදවු කරපු ,
අපේ පෝස්ට් ශෙයා කරලා තවත් අය එක්ක අපේ කතා බෙදාගත්තපු ,
වැරදි පාරේ යනකොට හරි පාරට ඇදලා ගත්තපු හැමෝටම

සිංදුවා සහ වයලීනෝවා හදපිරි මෙව්වා එක පල කොරනවා . කලින් ලියාගෙන ආපු දේවල් ඉදිරියටත් එහෙමම ලියාගෙන යන්න වගේම , තව තව අලුත් දේවල් බ්ලොග් අවකාශයේ හැමෝමත් එක්කම බෙදාගන්න අපි බලාපොරොත්තු වෙනවා .

අපිත් එක්ක ඔබ ආවොත්
හිනාවෙනව හැමදාමත්
මේ කියන්නේ ඇත්තයි
මල්ලී
නංගී
අයියේ
අක්කේ
නැන්දේ
මාමේ
සහෝදරි සහෝදරි වරුනේ .


එහෙනම් සිංදුවටයි මටයි විතරක් මවුලයක් ( හයයි දශම බින්දුවයි දෙකයි දෙක වැඩිකිරීම දහයේ විසිතුනක් ) දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරස්සාවයි .















මාළිගෙ සුන්දර පුරය දෙවුන්දර
සෝභන පුර සඳ ලෙසට මනෝහර 
වැජඹෙන සිරි මහ විෂ්ණු පුරන්දර
පින්ගෙන අපදෙන රකින නිරන්තර

රත්න විමානේ කදිරා පුරවර
චන්ද්‍ර සූරියා ලෙසට සුභාකර 
වැජඹෙන කදිරා දේව මනෝහර
පින්ගෙන අපදෙන රකින නිරන්තර

ලොවැති සකල අඟනන් හට පේමා
තිලකවූ සුන්දර රුසිරෙන් සෝමා
නම් දැරු දේවිය පත්තිනි අම්මා
පින්ගෙන අපදෙන රකින්න සෑමා

නැගී ඇතුගෙ පිට සුදු සඳ පානේ 
ඔබේ ගමන කන්දේ සොභමානේ
සමන් දෙවිඳු අප තෙදිනි රකින්නේ
පින්ගෙන අපදෙන සැවොම රකින්නේ

සටනින් පසු රාමා කල ඈතේ
දෙවියන් වූ සිරි කැළණි පළාතේ
සුරිඳු විභීෂණ සිහිකර නිතිනේ
පින්ගෙන අපදෙන සැවොම රකින්නේ

වන්නියේ වනයේ අණ පතුරන්නේ 
දිවි වග වලසුන් පන්නා ලන්නේ 
සාධු සිතින් යන සැවොම රකින්නේ 
අයියා නායක දෙවි පින් ගන්නේ 

අල්ලට ගල් ගෙන මැණික් කරන්නේ 
වැල්ලෙන් බත් පිස භෝජන ගන්නේ 
සෙල්ලන් වියෙ දරුවන් රැක දෙන්නේ 
දෙවොල් දෙවිඳු අද මේ පින් ගන්නේ 

ගවුවක් විතරැති ගල පොඩි කරපූ 
ඇසක් ලෙසට බෙර සමතල කරපූ
එක් දවසින් දේවාලය සදපූ 
දැඩිමුන්ඩය ගනු පින් දොස හරපූ 

කමල නයන නෙත පතුරන බලනා
පුවල බලැති ඔඩ්ඩිස දෙවි බැතිනා
අපට කරන දොස දුර කර වසනා
නිමල සහන සෙත දුන මැන ලෙසිනා

රන් තොරණේ මුරට සිටින කඩවර 
වම් අතිනේ ගෙනත මුගුරු වරතර 
රන් විමනේ දොරැර එන්න අවසර 
දැන් ඉතිනේ වඩින් දේව කඩවර


18 comments:

  1. හම්මේ ඉතිං අපිට පට්ට හැපීලු ඈ....... මගේ අවංක හදපිරි මෙව්ව එක ඈ......... ඒ කිව්වෙ සුබ පැතුම් ඈ......... දෙන්නටම ඈ.......... චිරාත් කාලයක් ලියාගෙ ලියාගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.........!

    ReplyDelete
    Replies
    1. එල එල . චිරාත් මේකට කිසිම සම්බන්ධයක් නෑ . චිරාත් ඇවිල්ලා වෙනම කුලකයක් :p :p
      හිහ් හිහ් හිහ් බොහොම ස්තූති ආ g-)

      Delete
  2. ලක්ෂ දෙකට සුභ පැතුම් අපෙනුත්.....g-)

    මගේ වැඩිම හිට්ස් අඩුම කොමන්ටු තියෙන්නේ ලිංගිකත්වය ගැන ලියපු ලිපි කිහිපයට...ඉන් පස්සේ පාසල් මතකයන් වලට

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ ඒක ඉතින් පොදු සාධාරණයක් තමයි . වැඩිපුර කියවන්නේ සහ අඩුවෙන් කමෙන්ට් වැටෙන්නේ ඔව්වට තමයි . ගණන් ගන්නෙපා මෙයා .
      බොහොම ස්තූති g-) g-)

      Delete
  3. හප්පා පහු කරලද ! සුපිරිලු ඈ... ! g-) g-) g-)
    උඹ දස්සයනේ ! :D එහෙනම් 3 වෙනකම් ඇදගෙන පලයන් දෙයියනේ කියලා. සුභ පතනවා ආ... :-h :-h
    අදමයි බ්ලොග් එකට ආවේ හැබැයි බ්ලොග් එක නිකන් දැකලා පුරුදුයි වගේ :-? :-? :-? :-? ;) ;) ;)
    ජය ජය වයලා ! w-) w-) :- :- :- y-) y-)

    ReplyDelete
    Replies
    1. කට්ටිය කියනවා වගේ දැන් මේක මටම සින්න වෙලා තමා . :p
      ඔන්න බලපන් තව ටික දවසකින් මම කතිරේ ක්ලික් කරලා මේක තනි ඇඩ්මින් කෙනෙක් යටතට ගන්න ලස්සන :p :p :p
      එල එල . වෙලාව තියෙන වෙලාවක ලියපන් මොනවාහරි
      බොහොම ස්තූති g-) g-)

      Delete
  4. ජයවේවා ලක්ස දෙකට! ලක්ස විස්සත් කජ්ජක් ද

    ReplyDelete
  5. සුබ පැතුම් මචෝ....

    ReplyDelete
  6. එල ද බ්‍රා
    කුරැට්ටෝ කියනවා වගේ පාටියක් දානවා නම්
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල පාර හදන්න ගල් ලොරි ගණන් ගෙනත් තිබුණා . දෙන්නම් ගෙදර ගිය වෙලාවක ගල් පාටියක් :p
      එල එල බ්‍රා
      බොහොම ස්තූති g-)

      Delete
    2. මෙන්ඩො, අනේ උඹ ගහන ගල්. චෙෆාකි කිව්වෙ නමට ගල් ඇත්තට ස්කොච් කියල.

      Delete
  7. සුභ පැතුම් ලක්ෂ දෙකට. දෙකට දෙසීයක් ආයුබෝවේවා.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here