Breaking

Post Top Ad

Blog Archive

Tuesday, 10 February 2015

කොඩිවින උපත , කොඩිවින කිරීම හා කොඩිවින කැපීම ( 4 ) අවසාන කොටස







දෙවෙනි අවුරුද්ද ඉවරවෙලා අපේ බ්ලොග් එකේ තුන්වෙනි අවුරුද්ද පටන්ගන්න කියලා ඉස්සෙල්ලම ලියන්නේ මේ ලිපිය . අදින් මම කොඩිවින ගැන කියන කතාව අවසන් කරනවා . ඒ නිසා මුල ලිපි කියෙව්වේ නැති අය ඉන්නවනම් කියවන්න . කොඩිවින ගැන අහලා නැති දන්නේ නැති ගොඩක් දේවල් එක්ක ඒ සම්බන්ධව තියෙන මගෙ අත්දැකීම් මම ඒ ලිපිවල පිළිවෙලට ලියලා ඇති .

කොඩිවින උපත , කොඩිවින කිරීම හා කොඩිවින කැපීම ( 1 )

කොඩිවින උපත , කොඩිවින කිරීම හා කොඩිවින කැපීම ( 2 )

කොඩිවින උපත , කොඩිවින කිරීම හා කොඩිවින කැපීම ( 3 )

කොඩිවිනයක් කරලා තියෙනවද නැත්ද කියලා අපි දැනගන්න ඕන ඉස්සෙල්ලම . මොකද එහෙම නැතුව වෙන වෙන දේවල් වලටත් ගෙවල් වල අඩදබර ලෙඩ රෝග කරදර ඇතිවෙන්න පුළුවන් නේ නේද . බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නේ උතු බීජ කම්ම ධම්ම චිත්ත කියන නියාම ධර්ම පහට අනුව මේ ලෝකයේ වෙන දේවල් ප්‍රමාණයකුත් තියෙනවා කියලා .

මම ගුරුකම් කරන පරපුරවල් කීපයක්ම එක්ක මේ ගැන කතා කරලා ඒ ඒ අයගේ ශිල්පීය ක්‍රම ගැන අධ්‍යනය කරා . ඒවායින් මම ලියන්න සුදුසුයි කියලා හිතෙන ක්‍රම කීපයක් මෙතන සටහන් කරනවා . මොනයම් ආකාරයක හෝ ගුරුකමක් අපිට කරලා තියෙනවනම් ඒක අඳුරගන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි අඳුනක් භාවිතා කරලා හනුමාගෙන් හරි අංජන දේවියගෙන් හරි අහගන්න එක . මොකද එයාලා කියනවා එයාලාට පේනවනම් අදාළ තැන ගුරුකමක් කරලා තියෙනවා කියලා .

මම දන්න කීප දෙනෙක් ළඟම ක්‍රියාකාරීත්වයේ තියෙන අඳුන් කීපයක්ම තියෙනවා . ඒ අය අඳුන් වලින් කියන දේවල් අනුව ඒවා විශ්වාස නොකර බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ . ඒක අවස්ථාවක හනුමා කියලා තිබුණා එක ගෙදරකට ගේ හදන්න කලින් අඩිතාලමට දාලා තිබුණ මිනී ඔලුවක් ගැන . ගෙදර අය ඒක විශ්වාස කලේ නැතුව ඉඳලා අවසානයේ අඩිතාලම හාරලා බලනකොට මිනී ඔලුවක් ගොඩ අරගෙන තිබුණා . දැන් කියන්න පුළුවන් සල්ලි ගන්න කරපු වැඩක් වෙන්නැති කියලා . ඒත් මේ අඳුන බලන කෙනා සල්ලි ගත්තේ නෑ ඒ වැඩ වලට . සමාජ සේවයක් විදියට තමයි ඒවා කරලා තිබුණේ .


කොඩිවින කරලාද නැත්ද කියලා බලාගන්න ඊළඟට තියෙන හොඳ ක්‍රමයක් තමයි දෙහි කපලා බලන එක . මේ වෙනුවෙන් රචනා වෙලා තියෙන මන්තර ගණනාවක් තියෙනවා . වැඩිය ලොකු ඒවත් නෙවෙයි . ඒවායින් අදාළ වාර ගණනක් ජීවන් කරපු දෙහි අදාළ ගෙදර බිම කහ වතුර භාජනයක් තියෙලා මන්තර මතුරන ගමන් ගිරයකින් කපලා දැම්මම , විනයක් තියෙනවනම් ඒ දෙහි පලු බේසමේ පතුල බඳාගෙන ගිලා බහිනවා . විනයක් නැත්නම් උඩ පාවෙනවා .

තව තියෙනවා මන්තර වර්ග කීපයක් " වින කෝෂ මන්තර , වින රාජ මන්තර , වින ධාරණ මන්තර " කියලා . මේවා ඉතාම බලගතු අමාරු මන්තර . මේවා කට පාඩම් තියෙන අයට කොඩිවින වදින්නේ නැති තරමටම මේවා බලගතුයි කියලා තමයි කියන්නේ . හැබැයි කටපාඩම් කරන්න හරිම අමාරුයි . මොකද ඒවායේ භාෂාව ඉතාම පැටලිලි සහගත වචන වලින් තමයි හැදිලා තියෙන්නේ .

මේ මන්තර වලින් මතුරලා දෙහි නාරං අන්නාසි වගේ දේවල් ඒ ඒ මන්තරවලට නියම කරලා තියෙන හැටියට හපලා බලනකොට එන රස අනුව තීරණය කරන්න පුළුවන් වින තියෙනවද නැත්ද කියලා . මේවා හපලා බලන්නේ ඇදුරා නෙවෙයි . ඒවා හපලා බලන්නේ ගෙදර කෙනා . එයාට දැනෙන රස අනුව තමයි තීරණය කරන්නේ . තව මේ මන්තර වලින් දෙහි කපනකොට සමහර වෙලාවල් වලට දෙහි වලින් ලේ පාට දියරයක් වෑස්සෙන්න ගන්නවා . එතකොටත් තීරණය කරනවා මෙතන කොඩිවිනයක් තියෙනවා කියලා .

තවත් ක්‍රමයක් තියෙනවා ගොප් කොලයකට මතුරලා වින තියෙනවද නැතද කියලා හොයන විදියක් . මෙතනදී කරන්නේ ගොප්කොලයට මතුරලා තෙල් ගාලා අදාළ ගෙදර අයගේ කෙනෙක්ගේ ඉනේ දිගට ගොප්කොලේ කඩනවා . පස්සේ ටික වෙලාවක් ඉඳලා ආයෙත් ඒ ගොප්කොලේ ඒ කෙනාගේ ඉනේ එතුවම කලින්ට වඩා දිග වැඩිවෙලා නම් එතන විනයක් තියෙනවා කියලා තීරණය කරනවා . විනයක් නැත්නම් ඒ ගොප් කොලේ දිග වැඩි වෙන්නේ නෑ .

ඔන්න ඔයවගේ තවත් එක එක ශිල්පීය ක්‍රම තියෙනවා කොඩිවින බලන්න . කොඩිවින කපනකොට ඒවා කපන්නත් එක එක දේවල් කරනවා . වින කපන්න කියලා කිව්වට ඔයාලා දන්නේ නැතුව ඇති වින කපනවා කියන්නේ මොකක්ද කියන එක . විනයක් කරන්නේ මොකක් හරි විදියකින් අමනුස්සයෙක් බන්ධනය කරන එක . වින කපනකොට කරන්නේ ඒ බන්ධනය කඩලා ඒ අමනුස්සයා එතනින් ඉවත් කරන එක . මේ දේ කරන්න තමයි ගොඩක් දේවල් කරන්න වෙන්නේ . වින කපන්නත් ක්‍රම දෙකක් තියෙනවා . සමහර වෙලාවට ඉතින් පලි ගන්න ඕනේ නැත්නම් නිකන්ම විනය කපලා දාන්න පුළුවන් . ඒත් කරපු දේ වෙනුවෙන් පලි ගන්න ඕන නම් ආපිට කපනවා කියල වෙනමම ක්‍රියාදාමයක් කරනවා .

මෙතනදී මාරයා ගෙන්නලා මාරයාගේ තියෙන මරණ ශක්තිය වැඩිකරලා විනය කරපු කෙනාව මරලා දාන්න තරම් මේ ආපිට කැපීම දරුණු වෙනවා . ආපිට කැපීමේදී මේ කරන මාරයා අවධි කරවීමට ගුරුකම් ශාස්ත්‍රයේ කියන්නේ මරු නග්ගනවා කියලා . ඔය නිසාම තමයි මම කලින් පෝස්ට් වල වැඩිදුර කියලා තියෙන්නේ වින කරන්න නම් යන්නෙපා , කැපුවොත් අනිවා බඩු හම්බෙනවා කියලා . මෙහෙම අපිට කැපුවම ඉස්සෙල්ලම දිෂ්ටිය එන්නේ විනය කරපු ඇදුරා හොයාගෙන . ඇදුරා ප්‍රභල ආරක්ෂාවක් කරගෙන ඉන්නවනම් දිෂ්ටිය ඊළඟට යන්නේ විනය කරවපු කෙනාව හොයාගෙන . ඒ නිසා වින කරවීමත් වින කිරීම තරමටම භයානක දෙයක් වෙනවා .

වින කපනකොට වින කපන්න ගන්න දේවල් කීපයක් මම මෙතන සටහන් කරන්නම් .

දෙහි
එක ඉත්තක දෙහි
යකිනාරං
එක ඉත්තක යකිනාරං
පුහුල් 
තැඹිලි 
අන්නාසි
පොල්
ඉටි රූප
මැටි රූප
හබරල අල
හොඬල අල
අලුකෙසෙල් අල
බිත්තර
මිනී ඔලු
හරක් ඔලු
නියඟලා අල
කැහිපිත්තන් ගස්
ඉඹුල් කොළ
දිවුල් කොළ
කොලොන් කොළ
නික කොළ
බෝ කොළ
කරඳ කොළ 
නුග කොළ
නෙලුම් මල්
මානෙල් මල්
ගැටතුඹ මල්
සමන් මල්
කිනිහිරි මල්
රත් මල්
මා රත් මල්
ඉද්ද මල්
සප්සඳ වැල්
ඉරමුසු වැල්
කයිල වැල්
සමන්පිච්ච වැල් 
කරවිල වැල්
මෑ වැල්
කැකිරි වැල්
ගොන් කැකිරි වැල්
වෙනිවැල් 
වේවැල්
මදුවැල්

වගේ දේවල් ගොඩක් ගන්නවා . මේ වැල් ජාතිනම් එකසිය අටක් තියෙනවා . ආයේ වෙලාවක එකසිය අටේම නම් කොටලා දාන්නම් . දැන් කම්මැලියි අෆ්ෆා ඔක්කොම කොටන්න . 

ඉතින් ඔයවගේ දේවල් ගොඩක් එක්ක වින කැපීමේ ක්‍රම ශිල්ප විවිධ ආකාරයෙන් වෙනස් වෙමින් ඇතිවෙලා තියෙනවා . කලින් පෝස්ට් එකේ කිව්වා වගේ මේ ලෝකේ නරක වැඩියි . හොඳ තමයි අඩු . ඒවගේම වින කපන්න නිර්මානයවෙලා තියෙන මන්තරත් අඩුයි . වින කරන්න තියෙන මන්තර තමයි වැඩි . මේ මන්තර එක එක දේවල් වලට විශේෂ වෙනවා . 

වින කපන මන්තර වලට අරක්ගත්ත එක එක අමනුස්සයෝ ඉන්නවා . ඒ වගේම වින කපන මන්තර හීන කුලයේ මන්තර සහ මහා කුලයේ මන්තර විදියට කොටස් වෙනවා . හීන කුලයේ මන්තර විදියට රොඩී හෙල්ලොලි වගේ මන්තර ගණන් ගැනෙනවා . මහා කුලයේ මන්තර වෙන්නේ ඍෂිවරු හදපු මන්තර , පඬිවරු හාමුදුරුවරු හදපු මන්තර . මේවා කවුරු හැදුවත් ඒවායේ බලය නම් වෙනසක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ . 

මම දාන්නම් මට කියවන්න ලැබුණ වින කපන මන්තරවල ලැයිස්තුවක් . 

මලයාල නාග වෛරෝඩිය
ගිනි කුමාර වෛරෝඩිය
කළුකුමාර වෛරෝඩිය
හනුමා වෛරෝඩිය
රුවන්දොර පෙරළුම
සත්භූමි කම්පාව 
විෂ්ණු සංහාරය
මහා සොහොන් අලගුව
නවගුනරාජ මන්තරය
සායි දැහැන
හනුමා වෙට්ටුව
සැවුලා තීන්දුව
කින්කිලියා තීන්දුව
ලක්ෂේට නායක අලගුව 
ලංකෙෂ්ට නා අලගුව
ඔඩ්ඩි කුමාර දැහැන් හත
මරු සුරුන්ඩුව
ලේ කාලි තීන්දුව
නවකුන්ට රාජ තීන්දුව
වෙසමුණි සැරය
දැඩිමුන්ඩ ඉනාව
දැඩිමුන්ඩ ජීවම 
දැඩිමුන්ඩ පෙරළුම
අරවලී දැහැන
ගිනි විල්ලොඩිය
කිසිඹිලි කතුර 
ක්‍රෝධ බන්ධන පෙරළුම
හෙනගිනි තීන්දුව
නාග වල්ලි විදුර
අග්නි සැරය
ගෝඩිම්බර දැහැන 
අග්නි මාලාව
මයුර සංහාර පෙරළුම
ඔඩ්ඩි පෙරළුම
කඩවර පෙරළුම
හූනියන් පෙරළුම
පිල්ලි පාරාව
පිල්ලූ පිදෙන්න
නීචකුල තීන්දුව
මරු බන්ධනය
රාජ ගින්ගිලියාව
පළවෙනි තීන්දුව
දෙවෙනි තීන්දුව
තුන්වෙනි තීන්දුව
දෙවොල් බාගේ අලගුව
මලයාල රීරි තීන්දුව
බස්නාහිර තීන්දුව
රීරි කාම තීන්දුව
සිවයන් අලගුව
කල්ලු වින රාජය
අශ්ටෝත්තර අලගුව
විජ්ජාපලුව
කළුවැදි තීන්දුව
වලාශ්‍රී තීන්දුව
ගුරුළු වලා බන්ධනය
ගුරුළු මාල බන්ධනය
ගුරුළු මාල තීන්දුව
කාකු දැහැන් හත
ඊශ්වර අලගුව
ක්‍රලාඩිබාහේ අලගුව
ආඬිබාගේ අලගුව
කයිවීර හනුමා වෙට්ටුව
ශ්‍රී පාද කතුර

මේවායින් මම දන්නා තරමින් දිගම මන්තර දෙක තමයි රුවන්දොර පෙරළුම සහ සත් භූමි කම්පාව . එකක් කොපිපොත් පිටු නවයක් තියෙනවා . අනික කොපිපොත් පිටු දොළහක් තියෙනවා . මේවා ඒකාලේ අය කොහොම පාඩම් කරාද කියලා හිතාගන්න අමාරුයි . ඒත් සරස්වතී තෙල් වගේ දේවල් මේවට උදවු වෙන්න ඇති . 

මේ මන්තර වලින් භයානකම එකක් තමයි රුවන්දොර පෙරළුම කියන්නේ . මොකද මාරයාට භාර කරන මන්තරයක් ඒක . වැරදුනොත් විනේ කැපෙන්න කලින් තමන්ට වැරද්දක් වෙන්නත් පුළුවන් . මේ මන්තර වලින් ජීවම් කරපු මම උඩින් කියලා තියෙන දේවල් වලින් වින කපනවා . තව වින කපනකොට භාවිතා කරන අඩි තියෙනවා . අඩි කියන්නේ මේවා බිම ඇඳලා ඒවා උඩට ලෙඩා ගෙන්නලා , ලෙඩා ඒවා උඩ තියාගෙන මතුරමින් වින කපනවා . මේවාට කියන්නේ ශක්‍රන් කියලා . මේ ශක්‍රන් නිර්මාණය වෙලා තියෙන්නේ සිදුහත් කුමාරයා ඉපදුන වෙලාවේ නෙලුම් මල් හතක උඩ ඇවිදපු සිද්දිය මුල් කරගෙන . මම ඔයාලට බලන්න මේ ශක්‍රන් වල ෆොටෝ ටිකක් දාලා තියෙනවා . 




වින කපනකොට ඉස්සෙල්ලම හූනියන් දෙවියන්ට ආරාධනා කරනවා . පස්සේ යක්ෂ දිෂ්ටි වලට ආරාධනා කරනවා . ඊටත් පස්සේ අදාළ යකාට ආරාධනා කරනවා . මහසෝනා රීරි යකා අභිමාන යකා කළු යකා වගේ යක්කු මේ විදියට ආරාධනා ලබනවා . පස්සේ මාරයා ගෙන්නනවානම් මාරයාට ආරාධනා කරනවා . මාරයා ගෙන්නන්න විශේෂ මන්තර කොටසක් නිර්මාණය වෙලා තියෙනවා . ඇදුරෝ මේ මන්තර කවදාවත් පිටට දෙන්නේ නෑ . ඒක සම්ප්‍රදායක් . පරපුරවල් වලින් රකින දෙයක් ඒක . මොකද ආපිට කපන්න මාරයා ගෙන්නන්න හොඳ පළපුරුද්දක් තියෙන්න ඕන නිසා වගේම මාරයා එක්ක සෙල්ලම් නැති නිසා .

පස්සේ අදාලා වින කපන මන්තරය කියලා විනේ කැපුවට පස්සේ කරන්න ඕන දේවල් ඉතින් ඉවරයි . ප්‍රතිපල එනකල් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ . වින කපන මන්තරවල භයානකකම තේරෙන්න එක්ක මම ඒ මන්තරවල ආපිට යවන කොටස් ටිකක් මෙතන සටහන් කරනවා . මේ තියෙනේ ඒවා .


........අල්ලල්ලා හූ කිඩ ඔට්ටු මරු කුදිර අඩා කුදිර විස කණ්ඩී ඔන්න අරගන් බා බා වින කල අදුරා එලාගන් පෙරලාගන් තීන්දු තීන්දු යමදොරට ගෙන ගිය ඉර ශර අවර බිල්ල ඉරා ශර උර උරා මරණ පුරි ගිනි ගන් මරණ පුරු අඩා පුර ශර මරු පෙරළෙයි හිර ගිනි උපුටයි දෙපයට ගිනි ලයි විෂයට මරණයි අට කොන භාරයි රුවන් දොර පෙරළෙයි සතියට මරණයි අවරට බිල්ලයි මාරුවට භාරයි නව දොර පෙරළෙයි විස පෙවූ කඩුවයි පෙරලා කැපුවයි යාම දේවී භාරයි වින කල ඇදුරට මරණයි රුවන් දොර පෙරළෙයි අඩා පෙරළෙයි.......... 

විෂ්ණු රන්දුනු සැරෙන් වින පෙරලා ගිනිගන් මේ වින කල ඇදුරාට වැදී ගිනි ගං පෙරලගන් රවී කුජ ඔට්ටු බිලි පාරේ පන්දු අෂ්ට ගතේ දැලේ රේඛා තරු ................

...........ඔන් කාමී මිනී රාක්ෂී නීච ග්‍රී හනුමන්තා වින ධාරණී උගුළුවා ගං හිර බන්ධන කැපී වෙසමුණි රජ්ජුරුවෝ සෑම යකුන් යක්ෂණියන් ගෙන්නවා කුල වීදි වලට කුල විජ්ජා බන්ධනයට අසු කරවා සියලු විජ්ජාවල් පාළුකර ආනුභාවෙන් කුල බිලි යක්ෂයා වින කල ඇදුරා බිලි ගං විජ්ජා මරණ දිෂ්ටි ආපිට හැරී පලයන් තීන්දු .............

..............වින කල ඇදුරා රීරි මඩුල්ලේ රීරි දේවතාවුන් වහන්සේට භාරයි ඔහුගේ අඹු දරුවන් නුඹට භාරයි ඔහු මරු භීත කරවා එලා ගන්ඩ තනිපල රීරි මස්සිනා නුඹට භාරයි රීරි යක්ෂනී වින කල ඇදුරා දිෂ්ටි ගං තෝස්වාහඃ......

................වින කල ස්ත්‍රී පුරුෂයෝ ඇත්නම් විනකළ ඇදුරෙක් ඇදුරියෙක් ඇත්නම් ඔහු හිස පුළුටු කුම්බරයාට භාරයි ගැබ දරණය ලේ කුරුම්බරයාට භාරයි උකුල දෙපා කෙන්ඩ පතුල හෙන කුරුම්බරයාට භාරයි දෙවොල් තුන් සමයමට අරක් ගත් රීරි සොහොන් යක්ෂයෝ සත් දෙනාට මේ වින කල ඇදුරාගේ ලේ රීරි ඇට සන්ධි නහර කැප ගං ................


වින කැපීම ගැන කියන්න තියෙන ඒවා ඔච්චරයි වගේ මතක් වෙන්නේ . තව මොනවා හරි මතක් උනොත් ආයෙත් පෝස්ට් එකක් ලියන්නම් . ඒත් මේ ලිපි මාලාව මෙතනින් මම ඉවර කරනවා . මේ ලිපි හතර ලිව්වේ වින ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න . මොකද අපේ පැත්තේ ඉන්න කාලි යක්ෂනී වසඟයට ගත්ත කෙනෙක් දැන් අංශබාගය වැළඳිලා ඔත්පල වෙලා ඉන්නවා . ඔත්පල කිව්වට දැන් නම් ටිකක් ඇවිදින්න පුළුවන් . ඒත් මෙයාට ගුරුකම් වැරදිලා තමයි ඒ දේ උනේ කියන එක කාටත් නොරහසක් . මොකද ගුරුකම් වැරදිලා මැරෙන , ලෙඩවෙන ඇදුරන් ගැන දෙවුන්දර පැත්තේ මම හොඳට දැකලා තියෙනවා . 

මේ ලිපි කියවලා කවුරුවත් අන්තගාමී වෙන්න ඕන නෑ . මම කියන්නේ නෑ මේවා පිළිගන්න කියලා . ඒත් තව අවුරුදු දෙතුන්සීයක් විතර ගියාම මේ දේවල් ගැන කතා කරන්නවත් කෙනෙක් නැති කාලයක් එයි . එතකොට මේ ලිපි සයිබරේ රැකිලා තිබුණොත් කවුරුහරි කියවලා ඉගෙන ගනීවි ලංකාවේ මෙහෙමත් ඒවා තිබුණා කියලා . 

එහෙනම් වින ගැන ලිව්ව ලිපි කීපය මෙතනින් අවසන් කරනවා . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

17 comments:

  1. mama dennam wade elata

    ReplyDelete
  2. පාසල් කාලයේදී තරමක් ඔය ගැන ඉගෙනීමට අවස්ථාව ලැබුණා... ඒත් මේවා ගැනම නෙමෙයි යාතුකර්ම ගැන ඒහෙම... ලිපි පෙළ අගෙයි...........

    ReplyDelete
    Replies
    1. එහෙනම් නැටුම් තමා කරලා තියෙන්නේ . නෙහ් ?
      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  3. ඔයාගේ දැනුම එල ද බ්‍රා
    විශ්වාස කරනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ විශ්වාස නොකර බැරි මට්ටමට ලියලා තියනවා.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඒක වැරදියට තේරුම් ගත්ත කීප දෙනෙක් මාත් එක්ක හිත හොඳ නැති වුනේ ඕක තමයි . මොනා කොරන්නද . හ්ම්ම් හ්ම්ම්

      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  4. මම අහම්බෙන් මේ ළිපිය දැකල ආවෙ. පස්සෙ එක දිගටම ලිපි හතරම කියෙව්ව. වර්තමානයේ මේ සම්බන්ධ දේවල් බොහෝ දෙනෙක් විශ්වාස නොකෙරුවත් මේ හා සම්බන්ධ මෑතක් වන තුරු සිද්දි සහ කතා අහපුවම මම දකින විදිහට නම් මේවා මනස්ගාත කියල බැහැර කරන්න බැහැ. මේ බ්ලොග් එකේ ගොඩක් වටිනා ලිපි තියෙනව. ඉඩ ලැබෙන වෙලාවකට ඇවිල්ල ඒවත් කියවන්න ඕනෙ. කොහොම උනත් වයලිනෝ මේ කරන වැඩේ ගොඩක් වටිනවා. දිගටම මේ වගේ අපි නොදන්න දුර්ලභ දේවල් ගැන ලියන්න. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. g-) g-) g-)
      බොහොම ස්තූති :)

      Delete
  5. මචං. මෙී මන්තර ගුරුකම් අපිට ඉගෙනගන්න ක්‍රමයක් ඇත්තෙම නැත්ද...

    ReplyDelete
    Replies
    1. ඇති . පොඩ්ඩක් හොයලා බැලුවනම් හොයාගන්න පුළුවන් වෙයි . g-)

      Delete
  6. 1.2.3කොටස් වලට යන්න bane

    ReplyDelete
  7. හරි එක දැන්......

    ReplyDelete
  8. හරි එක දැන්......

    ReplyDelete
  9. mage jiwithe matama wuna athdekim nisa mama mewa wiswasa karanawa.

    ReplyDelete
  10. mema apita yawana manthtra padan karanna wath oda ne neda........????????????

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here