Breaking

Post Top Ad

Blog Archive

Friday, 16 January 2015

සිංදුවාගේ යාලුවාගේ සිංදුව - ලිහිණින් රෑන

සිංදුවාගේ යාලුවෙක් හිටියා ඉස්කෝලේ කාලේ ඉඳලා එකට උන්නු. හැබැයි කොල්ලා අපේ ඉස්කෝලේ නෙවෙයි. ඒත් අපි එකට සෙට් වුනු අවස්ථා ගොඩක් තිබුනා. ඌට ඒ දවස්වල ඉඳලා යාළුවෙලා හිටපු ගෑලු ළමයා දැන් මාස ගණනකට මුලින් බූට තියලා පස්සේ කෙල්ල ළඟදි වෙන පොරක් බැන්දා...
ඒ බූට තිබ්බෙත් අපේ එකාගේ තාත්තා කැන්සර් එකක් නිසා නැතිවෙලා ටික කාලයකට පස්සේ. කොල්ලට ඒ දෙකම ඒක ළඟ ආවා. ඒ කෙල්ලත් කොහොමත් කලින් ඉඳලාම මනමේ රඟපානවා කියලා ගොඩක් උන් දැනගෙන හිටියා. සිංදුවාගේ යාලුවා කොහොමවුනත් උගේ හිත සුවපත් කරගෙන දැන් ඌ හිටියට වඩා හොඳ මාර්ගයක යනවා.

ඉතින් අර කෙල්ල බැන්දා කියලා බුකිය පුරා ෆීලින්ග් මූන් කියා කියා කියනකොට අපේ උන් ටිකට නැග්ගා නැගිල්ලක් කරටියටම. ඉතින් දැන් හැමෝම අප්‍රසිද්ධියේ කෙල්ලට බනින කොට... සිංදුවාගේ යාලුවා හ්ම්ම් නෑ...
ඉතින් ඕක තමයි මුල්ම හේතුව...





පස්සේ ඒ වගේ සීන් එකක් සිංදුවා දන්නා කියන යෙහෙළියකට වුනා. හැබැයි ඔය තරම් සැර නෑ හැබැයි බූට් වැදිලා මෙයා තනිකඩ ඉද්දි කොල්ලා බැන්දා....

දැන් දැන් මේ බ්ලොග් එකේ හරබර ටෝක්ස් තවුසන් ගණන් දෙන, ප්‍රේම විශාරධ කියලා හිතාගෙන ඉන්න, ප්‍රේම විශාරධ විතරක් නෙවෙයි රති විශාරද කියලා හිතාගෙන ඉන්න, බැඳපු ජීවිතය ගැන පරමේශ්වර කියලා හිතාගෙන ඉන්න, මට හැමදාම මඩ ගහන ඒත් මගේ බෝට්ටුවටම පනින්න තටමන වයලත් සුද්දා වගේ ටෝක්ස් දැම්මට, මල් සරා පරාද වෙන මැසේජ් කෑලි තාම තාම වයලීනිට යවනවා කියලයි ආරංචිය.
වයලත් මට තීරණ ගන්න ටෝක්ස් දැම්මට මොකද මූත් තීරණ නොගත්තොත් මුටත් කියන්න වෙන්නේ මේ අද සිංදුවා කියන්න යන සින්දුව තමයි.

සින්දුව තමයි ප්‍රියා සූරියසේන මහත්මයා ගයන ලිහිණින් රෑන පියා සලන්නේ.
මේ සින්දුව ඇහෙන හැමපාරම සිංදුවාට හිතෙන්නේ...අර සිංදුවාගේ යාලුවා තමන් අවුරුදු ගානක් ආශ්‍රය කරපු ගෑලු ළමයා වෙන කෙනෙක් බැඳලා යනකොට හිතින් කියන්න ඇත්තෙත් මේ සින්දුවම තමයි කියලා.
කවදාවත් අනිත් උන් බැන්නට හ්ම්ම් කියපු නැති යාලුවා. 








ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

ගඟ දිය හඬන්නේ විහඟුන් අසන්නේ
නුඹ කොතැනකද කියාලා
පෙර සේ මා සොයාලා මහදේ ගිනි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරන්

මට හිමි මනාලී පිට ගම් ගියාවේ
විරසක නොවෙමු කියාලා
සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැසීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්


පද රචනය - ධර්මරත්න පෙරේරා
සංගීතය - සරත් දසනායක
ගායනය - ප්‍රියා සූරියසේන



මේ සිංදුව ධර්මරත්න පෙරේරා මහත්මයා එතුමාගේ ප්‍රථම ප්‍රේමයේ අත්දැකීමක් ඇසුරෙන් නිර්මාණය කරපු ගීතයක්. මේකට මුලින්ම දාලා තිබුනේ මෙලඩි එකලු. පස්සේ තමයි මෙලඩියට අනුව සින්දුව ලියලා තියෙන්නේ.


ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

වැහිළිහිණියෝ අහසේ පියාඹන්නේ වැස්සකට කලින් කියනවනේ. වැස්ස වහින්න ඔන්න මෙන්න තියෙද්දී වැහිලිහිණියො අහසේ පියාඹනවායි මද වැස්සේත් උන් පියාඹනවා දැකලා තියෙනවා නොවැ. ලිහිණියා කිව්වම මතක්වුනේ ඔය ලිහිණින්ගේ වර්ග ගොඩක් ඉන්නවානේ. ඕකේ එක වර්ගයක් ඉන්නවා අටු වැහිලිහිණියා කියලා. ඔන්න ඔය සෙට් එක සංචාරය කරනවා රටෙන් රටට. කාලයක් තියෙයි එහේ රස්නේ කාලෙට වැහිලිහිනියෝ රෑන් පිටින් එනවා රත්නපුරේට. 


ඇවිල්ලා වහන්නේ ඔන්න ඔය පින්තුරේ තියෙනවා වගේ කරන්ට් වයර් වල. රත්නපුර ටවුන් එකේම කම්බි වල කුරුල්ලෝ සෙට් එක වහලා ඉන්න දවස්වලට පව් නෑ කියලා කුඩනම් විකිනෙනවා.
ට්‍රැක් පැන්නනේ. දැන් ඉතින් ඔන්න වැහිලිනියෝ අහසේ පියඹනවා , මන්දාරම් වැහිපොද වැටෙන්නේ...
අඳුර එක්ක වැහිපොදත් වැටෙනවා. සමහරවිට අහසත් අඬනවා වගේ වෙන්න පුළුවන්නේ..
ඒ වගේම ගෑලු ළමයා ඉන්න කාලේ මන්දාරමේ පොද වැස්සේ කරපුවා ගියපුවා මතක් වෙලා වෙන්නත් පුලුවන්... දෙකම වෙන්නත් පුළුවන්.




රුක් මල් කියන්නේ රුක් අත්තන මල් වලට. රුක් අත්තන මල් වල පස්ට සුවඳක්නේ තියෙන්නේ. සමහරවිට ඒ සුවඳ නිසා ගෑලු ළමයාගේ සුවඳ මතක් වෙන්නත් පුළුවන්. ඔය රුක් අත්තන මල් පිපෙන්නේ හවසටනේ . ඒ නිසා මුල ඉඳලම අරන් ආපු හවස තවත් තහවුරු කරන්න යොදාගත්තා වෙන්නත් පුලුවන්. ඔය හවසෙන් ගෑලු ළමයා නැති දුක පෙන්වනවා කියලා හිතෙනවා. ඔය රුක් අත්තන ගස් වැඩිපුරම හැදෙන්නේ පාලු තැන්වල ඒ කිව්වේ සොහොන් පිට්ටනි වගේ ඒවායේලුනේ. ඒ අදහසින් රුක් මල් ගැන කිව්වද දන්නෙත් නෑ. ඔය පතිවතට අධිපති පත්තිනි දේවියගෙත් පා සලඹද කොහෙද හංගලා තිබුනේ රුක් අත්තන ගහේ කියනවනේ.
සිහිනෙන් වත් නුඹ නෑ පෙනෙන්නේ.... ඒ තරමට දුරස් වීමක්. 


ගඟ දිය හඬන්නේ විහඟුන් අසන්නේ
නුඹ කොතැනකද කියාලා
පෙර සේ මා සොයාලා මහදේ ගිනි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරන්


දැන් නම් වීඩියෝවල කොල්ලෝ අඬන ඇඩිල්ලට එන කඳුළු වලින් ගඟක් හදලා ඒ වතුරෙන් විදුලි බලාගාරයක් හදලා ජාතික විදුලි අවශ්‍යතාවයට සැලකිය යුතු වොට් ගානක් ගන්න පුළුවන් වුනාට කලින් සිංදු වලනම් එහෙම ලෝල්ලෝ නෑ. චඃ ට්‍රැක් පිට පනිනවා. 
ගඟ ගලන හඬ දැන් ඇහෙන්නේ ගෑලු ළමයා නැති දුකට අඬනවා වගේ. කලින් ගී කියපු කුරුල්ලෝ දැන් අහනවා කෝ මල්ලි උඹේ කෑල්ල ? කෝ ඉස්සර ගෑලු ළමයා කියලා. මහදේ ගිනි නිවාලා... මෙන්න කියනවා මොකක්හරි හේතුවක් නිසා කොල්ලා ඉන්නේ හිතේ ගින්දරෙන්.ඇයි ගින්දර ? ගමට එන්න ඇවිත් යන්න රත්තරං. ගෑලු ළමයා ගමේ නැති නිසා. 


මට හිමි මනාලී පිට ගම් ගියාවේ
විරසක නොවෙමු කියාලා
සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැසීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්

සිංදුවේ කතාවයි ආදරේ නියම අර්ථයයි කියන්නේ මේ වර්ස් එකෙන් කියලයි සිංදුවාටනම් හිතෙන්නේ. 
මේ ගෑලු ළමයා පිට ගමකට බැඳලා ගිහින්. හැබැයි හිමි වෙන්න තිබුනේ මට. කෙල්ල යන්න කලින් විරසක නොවෙමු තරහා නොවී ඉමු කියලා ගිහින් තියෙන්නේ. සමහරවිට ගෙදර ප්‍රශ්නයක් වෙන්න ඇති. සමහරවිට වෙන නොගැලපීමක් වෙන්න ඇති. සමහරවිට ගෑලු ළමයත් අකමැත්තෙන් වෙන්න ඇති. කොහොමහරි දැන් මේ ළමයා නෑනේ. ඒ දෙන්නගේ අතර සිද්ධිය දන්නේ ඒ දෙන්නා.
ඒත් ඒ කොල්ලා තාමත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා
සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැසීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්
දැන් ඉන්න ගොඩක් කොල්ලන්ට ප්‍රාර්ථනා කරන්න බැරි දෙයක්. සමහරවිට සිංදුවාගේ යාලුවත් ප්‍රාර්ථනා කරන්න ඇත්තේ මේකම වෙන්න ඇති.

දැන් මේ සිංදුව අහලා ඇතිනේ ඒත් බිස්කට් කුඩු බීට් එකටනේ. අර හිරමන දිගා අර අර මොට්ටපාල වයලා කොච්චර දෙහි කැපුවත් Dell Studio එකට මේ සිංදුවට අද වෙනකම් මියුසික් වලින් කරපු ඉහලම සාධාරණය කලේ Dell Studio එකේ ටීම් එක කියලයි සිංදුවාගෙ අදහස.
ඔය මැන්ටලේ ගිය පරණ වයලා වගේ මයිනහම් කාරයන්ට ඉතින් ඔව්වා දිරෙව්වෙ නැති වුනාට :D (කෝමද ඒ ටෝක) අහලා බලන්න මේ මියුසික් එක්ක සිංදුව අද.

මුලින්ම මියුසික් වලින් අපි අර කියපු මන්දාරම් වැස්ස එක්ක පාලු ගැමි පරිසරය මවනවා. ඒකට එකතුවෙන තව තම්ද නානේ කියන කොටසින් ග්‍රාමීය බව තව තීව්ර කරනවා කියලයි සිංදුවාට හිතෙන්නේ.
ඊට පස්සේ එන ප්‍රියාගේ වයසට යන්නේ නැති කටහඬ.
අර ඩිස්කෝ බුබුන් ටින් ටින් ගගා ටින් වලට ටකරන් වලට ගහනවට වඩා මියුසික් කියන්නේ මේකට තමා වයලෝ. ඔන්න අහලා බලපන්.
එන්වයරමන්ට් එක මවන්නේ මියුසික් වලින්. වචනෙන් නෙවෙයි.
පලවෙනි වර්ස් එකට පස්සේ තියෙන මියුසික් වලින් ඒ දෙන්නගේ අතීතය මතක් කරනවා වගේ හැඟීමක් එන්නේ සිංදුවාටනම්.
පලවෙනිපාර අහනවනම් අහන්න වීඩියෝ එක බලන්නේ නැතුව. හෙඩ් ෆෝන් එකෙන් අහන්න. දෙවෙනි පාර බලන ගමන් අහන්න කොහොමද එච්චර මියුසික් ටිකක් ලයිව් ගහන්නේ බලාගන්න. 





එහෙනම් සිංදුවා මාරු ඔන්න. ආයේ සිංදුවක් එක්ක සෙට් වෙමු. 




15 comments:

  1. දුක හිතෙන සිංදුවක් වගේම ලස්සන අදහස් ටිකක්. අදමයි මේ පැත්තේ ආවේ. ජය!!!

    ReplyDelete
  2. පස්ටයි මචෝ... වෙනද මඩ වෙනව විචාරය වෙනමනෙව...
    ඒත් අද දෙකම එකට දාල මික්ස්පෘට් කරල...
    ඒකත් නරකම නැ...
    ලොස් නැතිව කියවන්න පුලුවං කියවල ඉවරෙද්දි දන්නෙම නෑ

    ReplyDelete
    Replies
    1. :D ටැංකු වේවා ෆ්රුට් සැලඩ් එකක් කෑවා කියලා හිතාගන්න බැරියෑ :D

      Delete
  3. ගොඩක් අය කිව්වට අපරාදේ ජීවිතේ කියලා . යාලුවා ගොඩ ගියා . කියන අපේ තමා ජීවිත අපරාදේ වෙන්නේ . ඒ කෙසේවෙතත් සිංදුවගේ ජීවිතේ ඉක්මනටම අපරාදේ වේවා කියලා බ්ලොග් වාසීන් සාධු කාරයක් දෙන්න පින්වතුනී .

    අපිනම් ඔය බෝට්ටුවලට පනින්නේ නෑ . පොඩි පොඩි සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන්න පුළුවන් . ඒක පතුරක්ජන මිනිස්සු හැටියට වෙන දෙයක් . ඒක අපි මැදහත් සිතින් ඉවසන්න ඕන . සාධු කියන්න පින්වතුනී .

    පළවෙනි වර්ස් එක පතුරක්ජන මිනිස්සුන්ට වඩාත්ම හොඳයි කියන්න පුළුවන් කොටසක් . හැබැයි මෙතනට රත්තරන් ගාගෙන තියෙන ඒක සම්පූර්ණෙන්ම වැරදියි . මෙතනට දාන්න තිබ්බේ වාෂ්පශීලී මූලද්‍රව්‍යයක් .

    පින්වතුනී සිංදුවට වෙලා තියෙන්නේ ඔප්පා ගන්නම් ස්ටාආආආයිල් යකා වැහිච්ච එක . ඒ නිසා ගන්නම් යකා එලවන්න අපි තොවිලයක් නටමු .

    මෙන්න මේ ලින්ක් එකේ තියෙන තොවිලය හොඳයි වගේ .

    https://www.youtube.com/watch?v=xZjYIHbnBYs

    ReplyDelete
    Replies
    1. හැංගි හැංගි වෙස් බැඳපන්කෝ වයලෝ..නටන දවසට බලන්න පුළුවන් නොවැ

      Delete
  4. ප්‍රායෝගික විශ්ලේෂණයක්... අපේ වචනයෙන් ම ගීතය විචාරලා............ ලස්සනයි

    ReplyDelete
  5. සිංදුවා කාලෙකින්. වයලාට කට උත්තර නැතිවෙන්න දීලා තියෙන ටෝක්ස් වලට මෙන්න මගෙන් ලොකු ලයික් එකක්.

    (වයලා එන්න කලින් ඉක්මනට මාරු වෙන්ටෝනෑ!)

    ReplyDelete
    Replies
    1. මම තරයේ හෙලා දකිනවා . :( :(

      Delete
    2. හෙහ් හෙහ් හෙහ් :D ටැංකු වේවා ! කාලෙකින් කියන්නේ වැඩ කිඩ ටිකකට හිර වෙලා හිටියා

      Delete
  6. අඩේ මෙහෙමත් විචාර.. එල ඈ..

    ReplyDelete
  7. දැන් ඉතින් මේ සිංදුව අහන කියන හැම වෙලාවකම උඔව මතක් වෙනවා.
    එල ද බ්‍රා

    ReplyDelete
  8. ආ බං , ෂුවර්ද මෙතන රුක් මල් කියන්නේ රුක් අත්තන වලට කියලා . මට මතකයි කැපම්ස් එකේ ගහක් තිබුණා රුක් කියලා . ඒකෙත් මල් තියෙනවා . සුවඳත් තියෙනවා . බලධරයිනි , මේ ඔබේ අවධානය පිණිසයි .

    ReplyDelete
    Replies
    1. ෂුවර්ද මෙතන රුක් මල් කියන්නේ රුක් අත්තන වලට කියලා ????????????????

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here