Breaking

Post Top Ad

Blog Archive

Monday, 12 January 2015

මගේ පෙම් සිහිනේ






එක සතියයි තියෙන්නෙ කැම්පස් යන්න
ඒ සතියත් ගෙදරට වී බැහැ ඉන්න
ජීවිතයම අතහැර මකබෑවෙන්න
හිතලා මම දින දෙකකට පෙර ඔන්න

ඩවුන් ලෝඩ් කෙරුවා ගී පෙම් සිහිනේ
ගිලෙන ගමන් එය ඇහුවා මගෙ සිහිනේ
ඇහැරෙන්නට පෙර එළි වී ඒ සිහිනේ
මමත් ටිකක් සැරිසැරුවා ඒ සිහිනේ

සෙක්සි කෑල්ලක් සමගින් ටික දවසක්
ගෙවන්නට ලැබේනම් හරි එක මොහොතක්
කුඩු වෙන්නට කෑවත් ඇඟපත පොඩ්ඩක්
තව වෙන නම් ඕනා නැහැ මට කිසිවක්

ලබන සතියෙ විජේරාමෙ මම යනවා
යනකොට මම වයලීනය ගෙන යනවා
සිංදු දෙක තුනක් ගහන්න සෙට් වෙනවා
කෑලි කොටු කරන්නට පසු අරඹනවා

කොටුවෙ පහන් ගෙය නම් එළ පොට් එකකී
සුන්දරියන් යන එන බව නොරහසකී
තුන හතරක් ඉන් කොටුකර ගන්න හැකී
රවුම් කිරීමට කොටු කල පසුව හැකී

හොරට ගහන්නට වයලින් හැකිය මුට
සිරා ගහන්නට වයලින් හැකි මට
පස්ට කැබැල්ලකි වැටුනේ එදා උට
කොටු කරනව ඊට වඩා එකක් මට

සඳුදා ලබන මේ ගේමට මම බසිමී
වැටෙනා කෙල්ල දෙතුන් මසක් රන් කරමී
ඇසෙනා නෑසෙනා ගානට පෙම් කරමී
පෙම් සිහිනේ ඔබ මොබ මා සැරිසරමී

සුවර්ය මට ඒ කෙල්ලගෙ තාත්ත හෝ
මිනිහා හෝ නෙලනව ඇට තැලෙන්න හෝ
ඒත් හිත කියන්නෙම මට වයලිනෝ
කොටු කරපන් කෙල්ලන් කිසි ලෙසකින් හෝ

එබැවින් මිතුරනි මම ගේමට යනවා
සෙට්වෙන එක අරගෙන මගුලක යනවා
මගුලක ගොස් (*@#$&$^#)(#% යනවා
අවසානේ මම වල පල්ලට යනවා



14 comments:

  1. මචං.............. වයා.................

    සුභ පැතුම්. කෝකටත් උඩුකය ඡායාරූපයක් අරන් තියලා ගියානං තමා හොද.................

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්
      බොහොම ස්තූති උපදේසයට
      චායාරූප අරගෙන තියෙන්නේ . fb එකේ දාලා තියෙන්නේ . :p :p

      Delete
  2. හිහී පට්ටයි ඈ...
    නිවාඩු ඉවර වෙන එකනම් හොඳම වැඩේ! අනේ සාදු!
    හැබැයි ලියන්නැතුව ඉන්න බෑ හොඳේ

    ReplyDelete
    Replies
    1. හෑ! විජේරාමෙ?
      හූවයි බල්ටියයි දුරනෙ. පාරෙදි දැක්කොත් ටටා පාරක් දාන්ට ඈ

      Delete
    2. හිහ් . එළ එළ . ටටාවක් දාන්නම් . හැබැයි මට තාම ඔයාගේ මුණ ෂුවර් නෑ . මේ දවස්වල මූණ කොහොමද කියලා බලාගන්න ෆොටෝ කෑල්ලක් දාන්න මුහුණු පොතේ . :) :)

      Delete
  3. එල තමා
    හලි මාන්දමිකයි
    හිහි

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ
      බොහොම ස්තූති
      g-) g-) g-)

      Delete
  4. හප්පා...පරිස්සමින් ඈ..

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here