Breaking

Post Top Ad

Friday, 24 October 2014

ඔන්න ලස්සය පහුකරා !











ඔන්න ඔහොමලු එක්කෙනෙක් බ්ලොග් ලියන්න පටන් ගත්තේ . ඊට පස්සේ ඒ බ්ලොග් එකේ තව එක්කෙනෙක් ලියන්න සෙට් උනාලු . දෙන්නම එහෙම ලියාගෙන ලියාගෙන ලියාගෙන යනවලු . දැන් වීවස් ගණන ලක්ෂයේ සීමාව පහුකරලා නිසා දෙන්නම හිතුව බ්ලොග් එක කියවන්න එන අයට ස්තූති කරන්න . 

ඊයේ කැම්පස් ඉඳලා ගෙදර එනගමන් මගදී තමයි මතක් උනේ බ්ලොග් එක දැන් ලොකු ළමයෙක් වේගෙන එනවා කියලා . 2013 පෙබරවාරි මාසයේ පටන්ගත්ත අපේ මේ බ්ලොග් එක , එක එක එව්වා මේව්වා ලියාගෙන ලියාගෙන දිග ගමනක් යනගමන් ඔන්න වීව්ස් ලක්ෂයේ සීමාව පහුකරාලු ඉතින් ඈ . 

අපේ පෝස්ට් කියවපු , 
ඒවාට අදහස් පල කරපු , 
විවේචනය කරපු , 
බ්ලොග් එක ප්‍රවර්ධනය කරන්න උදවු කරපු , 
අපේ පෝස්ට් ශෙයා කරලා තවත් අය එක්ක අපේ කතා බෙදාගත්තපු , 
වැරදි පාරේ යනකොට හරි පාරට ඇදලා ගත්තපු හැමෝටම 

සිංදුවා සහ වයලීනෝවා හදපිරි මෙව්වා එක පල කොරනවා . කලින් ලියාගෙන ආපු දේවල් ඉදිරියටත් එහෙමම ලියාගෙන යන්න වගේම , තව තව අලුත් දේවල් බ්ලොග් අවකාශයේ හැමෝමත් එක්කම බෙදාගන්න අපි බලාපොරොත්තු වෙනවා . 

අපිත් එක්ක ඔබ ආවොත් 
හිනාවෙනව හැමදාමත් 
මේ කියන්නේ ඇත්තයි 
මල්ලී 
නංගී 
අයියේ 
අක්කේ 
නැන්දේ 
මාමේ 
සහෝදරි සහෝදරි වරුනේ . 


එහෙනම් සිංදුවටයි මටයි විතරක් මවුලයක් ( හයයි දශම බින්දුවයි දෙකයි දෙක වැඩිකිරීම දහයේ විසිතුනක් ) දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරස්සාවයි .








මාළිගෙ සුන්දර පුරය දෙවුන්දර
සෝභන පුර සඳ ලෙසට මනෝහර 
වැජඹෙන සිරි මහ විෂ්ණු පුරන්දර
පින්ගෙන අපදෙන රකින නිරන්තර

රත්න විමානේ කදිරා පුරවර
චන්ද්‍ර සූරියා ලෙසට සුභාකර 
වැජඹෙන කදිරා දේව මනෝහර
පින්ගෙන අපදෙන රකින නිරන්තර

ලොවැති සකල අඟනන් හට පේමා
තිලකවූ සුන්දර රුසිරෙන් සෝමා
නම් දැරු දේවිය පත්තිනි අම්මා
පින්ගෙන අපදෙන රකින්න සෑමා

නැගී ඇතුගෙ පිට සුදු සඳ පානේ 
ඔබේ ගමන කන්දේ සොභමානේ
සමන් දෙවිඳු අප තෙදිනි රකින්නේ
පින්ගෙන අපදෙන සැවොම රකින්නේ

සටනින් පසු රාමා කල ඈතේ
දෙවියන් වූ සිරි කැළණි පළාතේ
සුරිඳු විභීෂණ සිහිකර නිතිනේ
පින්ගෙන අපදෙන සැවොම රකින්නේ

වන්නියේ වනයේ අණ පතුරන්නේ 
දිවි වග වලසුන් පන්නා ලන්නේ 
සාධු සිතින් යන සැවොම රකින්නේ 
අයියා නායක දෙවි පින් ගන්නේ 

අල්ලට ගල් ගෙන මැණික් කරන්නේ 
වැල්ලෙන් බත් පිස භෝජන ගන්නේ 
සෙල්ලන් වියෙ දරුවන් රැක දෙන්නේ 
දෙවොල් දෙවිඳු අද මේ පින් ගන්නේ 

ගවුවක් විතරැති ගල පොඩි කරපූ 
ඇසක් ලෙසට බෙර සමතල කරපූ
එක් දවසින් දේවාලය සදපූ 
දැඩිමුන්ඩය ගනු පින් දොස හරපූ 

කමල නයන නෙත පතුරන බලනා
පුවල බලැති ඔඩ්ඩිස දෙවි බැතිනා
අපට කරන දොස දුර කර වසනා
නිමල සහන සෙත දුන මැන ලෙසිනා

රන් තොරණේ මුරට සිටින කඩවර 
වම් අතිනේ ගෙනත මුගුරු වරතර 
රන් විමනේ දොරැර එන්න අවසර 
දැන් ඉතිනේ වඩින් දේව කඩවර


43 comments:

  1. ඔන්න අපේ සුබ පැතුම් ලස්සපතියෝ දෙන්නටම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති වේවා :-f :-f :-f

      Delete
  2. සංගීත භාණ්ඩ දෙකට පෝස්ටුත් ලක්ෂයක් ලියන්න ලැබේවා...! ඒ වගේම නොබෝ දිනකින් තවත් ලක්ෂයක් එකතු වේවා...!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා . ටන්කියු වේවා :-f :-f :-f :-f

      Delete
  3. සුබ පතනවා මුලු හදවතින්ම. මේ ලොකු ජයග්‍රහනයක්. ඒ වගේම කඩයිමක්. දිගු ගමනකට ආසිරි.

    ReplyDelete
  4. හෙක් හෙක් බොලා ලස්සේට කොඩි දාලා නේ? හොඳා හොඳා ජය වේවා

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි . බොහොම ස්තූති වේවා :-f :-f :-f

      Delete
  5. ඔබද ලක්ෂප්ති මමද ලක්ෂපති

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ලස්සපති :p :p
      එල එල ටන්කු ටන්කු :-f :-f :-f

      Delete
  6. අම්මෝ ලක්සයක් නේද. මුළු හදින් සුබ පැතුං
    ඔන්න මාත් අද 10,000 පහුකරා. මාස හතරක් ගියා.
    පලවෙනි 2000 පහුකරන්න මාස දෙකක් සහ පොස්ට් 24ක් ගිහින් තියෙනවා
    ඊට පස්සේ තමා ගමන වේගවත්.
    පස්සේ පොස්ට් 21න් 8000ක් හිට් වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති . ඔබටත් ඔන්න අපෙන් සුභපැතුම් .... :-f :-f :-f :-f

      Delete
  7. :))
    ලස්සෙට සුභපැතුම් ලස්සයක් ඩබලටම! මගේ ප්‍රියතම බ්ලොග් රචකයො දෙන්නෙක් ඔයාලා...

    ReplyDelete
    Replies
    1. හානී............ ටන්කු ටන්කු :-f :-f :-f :-f

      Delete
  8. Replies
    1. බොහොම ස්තූති ...... :-f :-f :-f

      Delete
  9. හිට්ස් අැවගාඩ්රෝ සංඛ්‍යාවකට අාලෝකයේ ප්‍රවේගයෙන් යාමට සත්තිය දයිර්යය ලැබේවා !!!

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති ...... :-f :-f :-f

      Delete
  10. :) :( :)) :(( =)) =D> :D :P :-O :-? :-SS :-f d( :- b-( h-( g-) 5-p y-) c-) s-) d-) w-) :-h :X :-bb :-bd :-da :-gr :-pi :-vi :-as ;-) :-rap ;) :C v: :8

    ReplyDelete
  11. පලවෙනි ලක්ෂයේදේ දැනෙන සතුට, ගැන විස්තර කරන්න වචන නෑ. එවරස්ට් කන්ද නැග්ගා වගේ සතුටක් දැනෙනවා. ඉතිං ඔන්න මගේ සුබ පැතුම් !!! රසවත්, ගුණාත්මක පොස්ට් සිය දහස් ගණනින් දමන්නත්, ඒ වෙනුවෙන් ලක්ෂ ගණනින් හිට්ස් ලැබෙන්නත් කියලා සුබ පතනවා සුදීක අයියා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති අයියා g-) g-) g-)

      Delete
  12. සුභ පැතුම් මල්ලී :D

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක . මතකද දන්නේ නෑ මාව fb ග්රූප් වලට add කරා ඉස්සර :p :p
      එල එල ටන්කු ටන්කු g-) g-)

      Delete
    2. ඇ හසිතය ඉන්නවද තම

      Delete
  13. එහෙනම් ලක්ෂෙට කොඩිය දැම්ම ආ.... සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි :) :) බොහොම ස්තූති ආ

      Delete
  14. 100570.. මං දකිනකොට ලස්සෙ පැනල තව 570 කුත් එක්ක.. මං ඉන්නෙ ඔය 570 ඇතුලෙ නිසා 100570 ටම සුභ පැතුම්.. වයලීනෝ.. ගහමු අඩියක්..

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ් ...... ගහමු ගහමු අඩි දෙකතුනක්ම ගහමු . අඩි ගලවිච්ච සපත්තු දෙක තුනක්ම තිබ්බා . g-) g-) g-) g-)

      Delete
  15. එල ද බ්‍රා.
    උඔලා දෙන්නම මරැ ඩබලක්..

    ReplyDelete
    Replies
    1. එල එල ...... බොහොම ස්තූති :) :)

      Delete
  16. එල කිරි තව තව ලියාගන යන්න ඒන හරිද , පුලුවන්නං මාව අල්ලහං . සංතෝසයි මචං එල

    ReplyDelete
    Replies
    1. එළකිරි ...... හම්මෝ චැලේන්ජ් නම් බැරියෝ . දැන් ටික ටික වෙලාව නෑ වේගෙන එන්නේ . පුළුවන් විදියට ලියනවා . ඉස්සරනම් ටාගට් තිබ්බා . ඒ කාලේ මරාගෙන මැරීගෙන ලිව්වා . දැන් ලියන්න කම්මැලි කමට . හී හී . බොහොම ස්තූති ඈ ..... g-) g-) g-)

      Delete
  17. හදපතුලෙන්ම සුබ පැතුම් කිව්වා අයියාලාහ් දෙන්නාටම......................... ජයවේවා...!!! සුභ අනාගතයක්...!!!

    ReplyDelete
    Replies
    1. ටන්කියු මල්ලි . දැන් කොහෙද බං සුභ අනාගතයක් . දැන් ඉතින් හැකියාවට රැකියාවක් තමා . :p :p :p

      Delete
  18. ජයම වේවා දෙන්නටම..දිගටම ලියන්ඩෝ එහෙනම්.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති . g-) g-) g-)

      Delete
  19. බොහෝ කාලයක් ලියන්නට හැකිවේවා කියා පතනවා දෙන්නට ම. පස්සෙ ඕන නම් හතර දෙනත් එක්කම ලියන්න බැරියැ. :D ජයවේවා !! g-)

    ReplyDelete
    Replies
    1. හතර දෙනාත් එක්ක ලියන්න පුළුවන් වෙච්ච කාලෙක මමයි සිංදුවයි අයින් වෙනවා . මොකද ඉතින් අපි වගේය අනිත් පාර්ශවේ කොන්ඩේ පටලවගන්න ගත්තම . සිංදුවටයි මටයි සැලෝන් එකක් දාන්න වෙන්නේ කෙස් වලු පැටලිලි නිරවුල් කරන්න . හඃ හඃ හඃ . එල එල
      බොහොම ස්තූති ....... g-) g-)

      Delete
  20. ඔන්න සුභ පැතුවා එහෙනම් දෙන්නටම.......

    ReplyDelete
    Replies
    1. ටැංකු ටැංකු මෙයා :) :)

      Delete
  21. උණුසුම් සුභ පැතුම්..! ;-)

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here