ගෙදරට එන්න අටියෙන් දක්නට අම්මා
බසයට ගොඩ උනා මිණිපුර මහරගමා
අසුනට බර උනෙත් වට පිට බලමින්මාදෙතුන් දෙනයි හිටියේ මුළු බසයටම
නමුත් විනාඩිය දෙක ගතවන කොටම
ආවා සෙනග දොර දෙකොනෙන් පිරෙන්නම
ඩ්රයිවර් අයිය පෑගුවනේ ලැල්ලටම
දැන් ටික ටික බස් එක ගමනේ යනවා
මගෙ ටික ටික නිදි නැති ඇස් පියවෙනවා
හිස ටික ටික මගෙ පහලට යොමුවෙනවා
කොට්ටාවට ටික ටික දැන් ලං වෙනවා
කොන්දයියා ඇවිදින් මා සිටි තැනට
තට්ටු දෙක තුනක් දැම්මා පිට මැදට
මල්ලි ගෙදර යනවා වාගේ ජයට
දෙන්න ටිකට් ගන්න සල්ලි කිව්ව මට
කොට්ටාවේ බස් නැවතුම අසල සකී
බසය නැවැත්තුවෙ ගන්නට සෙනග සකී
සුන්දර දිගැසියක් බසයට එනව සකී
දැක්කම මගේ නිදිමත උඩ ගියා සකී
කොණ්ඩය ඇගේ ලේයර් කරලා තිබුණා
කොන්ඩ කටුත් රන් වන් පැහැයෙන් දිලුනා
සිහින් කෙස් රොදක් විත් නළලට තිබුණා
ඇස් දෙක මගේ ඈ වෙත කැරකී තිබුණා
සිහින් නළල් තල ඇගෙ හඳ පළුව වගේ
ඇස් දෙක ඇගේ බ්ලූ සෆාය මැණික් වගේ
චූටි නහය බට්ටිච්චගේ හොටය වගේ
කටට දෙන්න උපමාවක් නැතුව වගේ
අළු පාටයි ඇය හැඳ සිටි බ්ලවුස් එක
විලේ හංස ජෝඩුව ඇත නොනින්දක
ඉඟටිය ගන්නට අකුලා එක මිටක
ගන්නට නොසිතයි ඇය දුටු කෙනෙක් සැක
මැද පොල්ලේ එල්ලෙන සොඳ මහතුන්නේ
අල්ල පනල්ලේ ඇයි එක තැන ඉන්නේ
කරුණාකර පස්සට යමු කියමින්නේ
කොන්දයියා හරි හයියෙන් මොර දෙන්නේ
ටික ටික ටික මැද පොල්ලේ ඉන්න අය
පස්සට යන්නේ කොන්දට රවමින්ය
සුන්දර දිගැසියත් ඒ හා ඇදෙමින්ය
ඇවිත් නැවතුනේ මට අඩි තුනකින්ය
එකවර ඇය මා දෙස ඇගෙ ඇස හරවා
බලනා බව මට මීටර් වී නැතුවා
ගන්නට මගෙ ඇස් දෙක ඇවෙතින් හරවා
ඇදෙස බලා සිටි මා චාටර් වූවා
රතු තොල් ඇති මුව සරසා නැති උපමා
දසන් විදා සිනහව පා ඇය හා මා
අහකට නෙත් යුග ගත්තේ සිතකින් මා
නොව එය නොකරා ඉන්නට බැරියෙන් මා
සුන්දර දිගැසියේ ඔබ යන්නේ කොහිද
අහන්නට සිතයි ඒ බව කියනවද
ඒත් හිත භයයි නාගන්නට වෙයිද
කියලා හිතන්නට තව මොකවත් නැතිද
අවි උස්සපු වේල්ල වෙත බස් රථය
දන්නේ නැති ලෙස එය දැන් ලං වීය
වයසක අම්මෙක් නැග්ගේ එහිදීය
කතාව ඇරඹුනෙ මචන්ලා මෙහිදීය
වයසක අම්මා මා ඉන්නා අසල
සිටගෙන ඇති බව දැක මගෙ හද සසල
වී දුන්නා මගෙ ආසන නොව ලොල්ල
රූබර දිගැසියත් ඇත දැන් මා අසල
ඇගෙ සුකොමල මුහුණ මගේ උර හිසට
තිබ්බේ දෑඟුලක් පමණකි සම වෙන්ට
හිසට කලින් හිත මුල් තැන අරගන්ට
හිත කිව්වේ මට ඇය දෙස බලන්නට
ආයෙත් ඇය මගෙ දෙස දෙවරක් බලලා
රතු තොල්පෙති විවර කරා එකල් බලා
අයියා යන්නේ මිණි පුරටද කියලා
ඇසුවේ මා ගන්න කලින් මුල පුරලා
මගෙ කට කණ සොයමින් යන බව දැනිලා
දන්නෙම නැති පැණි මුට්ටිය ඉවත හලා
ඔව් නංගියෙ මම මිණිපුර යමි කියලා
දුන්නා පිළිතුරක් තව පැන එයි කියලා
හිතුව වගේ දිගැසිය දැන් විඩෙන් විඩ
මගෙන් එව්වා මෙව්වා අහනවා හැඩ
මමත් ඇයට දාමින් මගෙ නොයෙක් වැඩ
කතා කරේ බලමින් ඇය දුන්න හැඩ
අයියේ මම කුරුවිට හරියෙන් බැහැලා
යන්නම් එහෙනම් ගෙදරට පිය මැනලා
මම ඉන්නේ NIBM කියලා
දිගැසිය මට කිව්වා යන්නම් කියලා
යන්න එපා ස්වීටි නගේ මා දාලා
මිණිපුර ගිරිහෙල් අරඹේ ඇති නිමලා
මගෙ නිවසට කැන්දන් යන්නම් පැනලා
කියන්නටම කිව්වා මගෙ සිත සැලිලා
දිගැසිය මට සමුදී යන්නම් කියලා
වම් පස සිටි ඇය මගෙ දකුණට පැනලා
බසයේ දොර වෙත යන්නට පිය මැනලා
ඇරඹුවෙ මගෙ පිටි පතුලට කෙලවාලා
ඇගෙ සෙරෙප්පු ජෝඩුව පොෂ් එකක් නිසා
උල් අඩි දෙක තිබුණේ ඊ තල විලසා
යනවිට ඇය මා හද පෙම් මල් ගවසා
ඇනුනේ මගෙ ඇඟ නංවා හිරි වරුසා
ඇගෙ සුකොමල වත මට අමතක වීය
සුළුදිය පහවන්නට මෙන් සිත් වීය
එච්චර චාටර් වන්නට නොම වීය
දන්නා හැම කුණු හරුපම සිත් වීය
තෝ පරට්ටි &$%^%#^%&* නීයන්
මට රිදවූ සෙරෙප්පු දෙක *#&&^නීයන්
යන යන තැන තෝ &&%$$&**() නීයන්
අවසානේ තොගෙ %#@%^&&(&^ නීයන්
ඔක්කමත් හරි අන්තිම කවි පදහතරත් හරි පට්ට යකෝ...
ReplyDeleteඔය උල් අඩි සෙරෙප්ප දාපු ගෑල්ලමෙක්ට පිං සිද්ද වෙන්න අපේ අංකල් කෙනෙක්ගෙ ඇගිල්ලක්ම කපන්න වුණා එයාට දියවැඩියාවතිබ්බ ඒත් ඇගිල්ලෙන් බේරෙන්න නං හමුබුනේ නැ...
ඔන්න ඔහොමයි උනා කියන්නෙ
හ්ම්ම්ම්ම්ම් . කොහෙද ඉතින් මුන්ට ස්ටයිල් ස්ටයිල් කියලා ඊතල හයි කරලා හරියනවය සෙරෙප්පු අඩි වලට . :p :p :p
Deleteඇගෙ සුකොමල වත මට අමතක වීය
ReplyDeleteසුළුදිය පහවන්නට මෙන් සිත් වීය
එච්චර චාටර් වන්නට නොම වීය
දන්නා හැම කුණු හරුපම සිත් වීය
තෝ පරට්ටි &$%^%#^%&* නීයන්
මට රිදවූ සෙරෙප්පු දෙක *#&&^නීයන්
යන යන තැන තෝ &&%$$&**() නීයන්
අවසානේ තොගෙ %#@%^&&(&^ නීයන්
අඩේ පට්ට ඕයි... :D
ටන්කු ටන්කු g-) g-) g-)
Deleteඑල ද බ්රා..
ReplyDeleteලියවිල්ල එල ද බ්රා..
උඔ හිතුවා විතරක් නෙමෙයි ඇත්තටම බැන්නා නේද?
ටන්කු ටන්කු . තව ටිකක් පාගාගෙන හිටියනම් මම දානවා කටේ ........................................................ මසුරන් :p :p :p :p
Deleteපට්ට.
ReplyDeleteඅර අන්තිම කවිය කටෙන් එහෙම්ම පිට උනා නම් සෙරෙප්පුවෙ සනීපෙ පිටි පතුලට විතරක් නෙමේ කම්මුලටත් දැනෙන්න තිබුනා. :p
ඊට වඩා හොඳයි පිහියක් අරගෙන කම්මුල හිල් කරගත්තනම් :p :p :p
Deleteටන්කු ටන්කු
හැක හැක කොමන් තියරිය නේ, බලන් ගියාම බොලා අපි ඔක්කොටම වෙන්නේ
ReplyDeleteබසයේ මා සිප් සොයා වාසිටි යන අතර තුරා
රූබර ලදක් හිටියයි හෙලමින් බැලුමන් නුරා
දැකුමෙන් ඈ කැලබිනිය මාසිත මටත් හොරා
මන්මත් බවක් ඇතිවිය මාගත නොලබත් සුරා
මාගත ඇදෙයි ඈ අසලට කාන්දමක් වෙලා
මාසිත ඇදෙයි ඊටත් පෙර මාන්දමක් වෙලා
මානෙතු නැලවෙයි ඇගෙ රූ දැකුමන් බලා
මාකන් පිනයි ඇගෙ මුව සිනහවන් නෙලා
ඈ තැවරූ වත්සුනු සුවදින් මා මත් වෙලා
කිට්ටු උනා මමත් ඈහට සිනහවක් හෙලා
හයි හීල්ස් දැමූ ඇගෙ විල්ලුද පුංචි දෙපා
අනේ පෑගුවයි ලෙලි පනින තුරු මගෙ දෙපා
මත් බවින් සිටි මා දැක ඇගෙ නුරා
මිදුනයි මා මතින් වේදනාවෙන් දෙපා
මතක් වුනි ඉතිං මට ඇගේ පරම්පරා
නද දුන්නා මා හඩ මුළු බසය අරා
කදුළු පිරි නෙතින් ඈ මා දෙස බලා
කීවා ගලපා වදන් අනේ සොරි කියා
කකුලේ වේදනාව කොහේදෝ ගියා
ඊලග නැවතුමෙන් ඇයත් බැස ගියා
d-)
http://sonduruminisa.blogspot.com/2012/03/vs.html
This comment has been removed by the author.
Deleteමචෝ හත්වෙනි කවියේ අන්තිම පදේ දරුණුයි ඈ, සෑහෙන්න බොන්න ඕනා පුරස්නයක්, ඌ යේස්, යකෝ ඔහොම ලියනවද?
Delete//මචෝ හත්වෙනි කවියේ අන්තිම පදේ දරුණුයි ඈ,// ++++++ හැක්. පිස්සු හැදෙනවා. c-)
Deleteහඃ හඃ හඃ මෙන්න මේ පෝස්ට් එක කියවලා තියෙනවද . කියෙව්වනම් ඒ පදේ අවුලක් නෑ :p :p :p
Deletehttp://sinduwagemiyasiya.blogspot.com/2013/06/blog-post_6.html
හුටා.... කටට දෙන්න එකක් නැද්ද?
ReplyDeleteමම කිව්වේ උපමාවක් විතරයි පින්වත :p :p :p :p :p :p
Deleteෆෝන් නම්බර් එක ඉල්ලලා පෑගුවද දන්නේ නෑ
ReplyDeleteවෙන්ට බෑ වෙන්ට බෑ . :p :p :p
Deleteහැක හැක හැක...කියන්න වචන නෑ මෙයා.... :-rap පස්ට පස්ට..
ReplyDeleteවෙලාවට උඹට වචන තිබ්බේ නැත්තේ :p :p :p
Deleteටන්කු මචං g-) g-)
එච්චර තදෙන් කකුළ පාගනවා අම්මා මතක් වෙන වැඩක්... ඒ කියන්නේ මව්පියන්ගේ ආශිර්වාදය ඕනේ කියන එක එයා ඉගියකින් කියලා තියෙන්නේ........=)) =)) =))
ReplyDeleteහඃ හඃ හඃ මට එවෙලේ ආච්චිලා සීයලා පවා මතක් උනා :p :p :-? :-?
Deleteහයියූඌඌඌඌඌඌඌ පවු මෙයා
ReplyDeleteඒක තමා හලෝ . හයියෝ තමා :-? :-? :-? :p :p
Deleteඅන්තිම කවියත් එක්ක උඹේ මූණ මැවිලා පෙණුනා. මෙතන පෑගුවනේ ලැල්ලටම වඩා පහසුවෙන් පෑගුවනේ නැට්ටටම කියවෙනවා වගේ නේද. උපමාවක් නැතිවුනාට ඒ වැඩේට වෙන දේවල් තියෙනවා. වයලීනුවෝ උඹට තෙරුවන් සරණයි. බස් වල යනකොට සපත්තු දෙකක් දාගෙන පලයන්. :-rap
ReplyDeleteඉවසන දනා රුපු යුදයට අර කොඩිය කියලා හිටියා ඉතින් . ඒත් තාම මගේ පාද පද්මයෙ තියෙන තුවාලය තියෙනවා . රෙද්ද . ආයේ ඕකි අහු උනොත් අඹරලා චප්ප කරලා දානවා . වෙනදා සපත්තු දාගෙන එන්නේ . එදා සපත්තු දාගෙන පැය ගානක් යන්න ඕන නිසා බාටා දෙකක් දාගෙන ආවේ . ඒකනේ කෙල උනේ . :p :p :p
Delete:(( :(( :((
යසයි උඹට :))
ReplyDeleteඒත් ජම්ම ගති මගෑරෙන්නේ නෑ කියනවනේ . අදත් බස් එකේ එකකට පෙර පෙර ආවා . :p :p :p
Deleteඅතුරු කතාවක්...
ReplyDeleteආවා මෙතන ගෙවලය සෙම පෙරන්නට
දෙන්නං උඹට හිටපං මං බහිනකොට
NIBM ගිහින් හොයපං මගෙ නැට්ට
'අය්යා හරි ස්වීට්- බයි බයි ටටා මට'
W-)
හඃ හඃ හඃ අත්දැකීම කතා කරනවලු . එල එල බොහොම ස්තූති . g-) g-) g-)
Deleteමල්ලි සිහින මාලිගාවේ උඩටම නැගලා ඉන්නේ කියලා ඒ කෙල්ලට තේරෙන්න ඇති. බස් එකෙන් බහින්න කලින් අනුකම්පා හිතිලා බිමට බස්සන්න හිතෙන්න ඇති. නැත්තම් බස් එකේ වහලේ ඔලුව වැදුනොත් ස්වීට් අයියා පවුනේ.... අනේ හොඳ කෙල්ල. මට මේ වෙලාවේ ඒ වර්ගයේ සපත්තු දෙකක් දම්මවන්න ඕන විදියේ කෙනෙක්වත් මතක් වුණා. ඒ නංගිත් ඒ වගේ මිටි ඇති මලයෝ.
ReplyDeleteහඃ හඃ හඃ හඃ මට නිකමට වගේ ඒ නංගි කවුද කියලා හිතා ගන්න පුළුවන් . එයාගේ නමට වයන්නක් එහෙම එන්න පුලුවන්ද කියන්ට බලන්ට ?? :p :p :p
Deleteමම කිව්වේ නංගි කෙනෙක් ගැන නෙමේ මලයෝ..... අක්කෙක් ගැන... :P නමට වයන්නක් නෑ චයන්නක් නම් තියනවා.
Deleteහරි හරි ඉතින් . මම කිව්වෙත් එයා තමා . මම අදාලා පාර්ශව දැනුවත් කරන්නම් :p :p :p
Deleteඒ ගැල්ලමය ඔයාගේ රසිකවියක්ද දන්නේ නැනේ වයලිනෝ .....
ReplyDeleteම්ම්ම්ම් දැක්ක පලියට එකපාරටම අඳුනගන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ . ඒත් කියන්න බෑ . දැන් මම දන්න උන් කවුද කියලා මමවත් දන්නේ නෑ . :p :p
Deleteබලපං ඉතින් මේ බ්ලොග් එක මගෙ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙලා නෑ. මන් බලන් ඉන්නවා මොකද මුන් දෙන්න කාලෙකින් ලිවුවෙ නැත්තෙ කියල. හිටු ගොඩක් පෝස්ට් තියෙනවා කියවන්න.
ReplyDeleteමමනම් ඔය රෝල කවදාවත් ෂුවර් කරන්නේ නෑ . ඔය රෝල තියෙනවා නේද මම කිව්වේ ඕක කවදාවත් මම ෂුවර් කරන්නේ නෑ . ඇත්තටම කියන්නේ මම කවදාවත්ම ඔය රෝල ෂුවර් කරන්නේ නෑ . මම කිව්වේ මේ ගල් රෝල . :p :p :p
Deleteහිහිහිහිහි . මොඅක්ක් හරි අවුලක් වෙන්නැති . මේදවස්වල ගූගල් ඒකෙ අප්ඩේට්ස් වගයක් වෙනවා වගේ . ක්රෝම් ඒකත් අවුල් වෙනවා හිටපු ගමන් . එල එල . ටන්කියි මෙයා මේ පැත්තේ ආවට :) :) :)