Breaking

Post Top Ad

Sunday, 26 October 2014

අකුණු හෙනගිනි දේවතාවාට මග කියන " මහා හෙනරාජ තෛලය "





අද කියන්න යන මාතෘකාව ගැන කොහොම කියන්නද කියලා හිතාගන්න අමාරුයි . මොකද අද්භූත බලවේග ගැන ගවේෂණය කරන වයලීනෝ විතරක් නෙවේයි ඒ වගේ තවත් අය බොහොම ගෞරවයෙන් කතාකරන මාතෘකාවක් ගැන තමයි අද කතාකරන්න යන්නේ . ඒ ගැන ගින්නක් නැතුවම කතා කරන්න මට සාධාරණ අයිතියක් තියෙනවා කියලා මම හිතනවා . ඒ මොකද කියලා මම කියන්නම්කො පෝස්ට් එකේ අතරමැදදී .

ගිය සිංහල අවුරුද්දට අපේ ගෙදර චාරිත්‍ර ඉෂ්ටකරා විතරයි ෆෝන් එක රින්ග් වෙනවා දිගට හරහට . යාලුවොනම් ගානක් නෑ . උන් කොහොමත් කතාකරන්නේ මගේ ෆෝන් එකටනේ . මේ කතා කරන්නේ අපේ ගෙදර ෆෝන් එකට . වෙන කවුරුවත් නෙවේ . වේයන් මීයන් යන අඩිපාරේ යමින් අපිව කවදත් කන නෑයෝ . අපේ අම්මලටනම් ඔය නෑයෝ ඔක්කොම එක ඉත්තක පිපිච්ච මල් වගේලු . හනේ බම්බුව. මටනම් එහෙම නෑ .

ඉස්සර ඉඳලා මම නෑයෝ ගැන හොඳට අධ්‍යනය කරලා උන්ව කැටගරි දෙකකට වෙන් කරලා තියෙන්නේ . එයින් එක කැටගරියක කට්ටිය හරිම හොඳයි . අපි උන්නද මලාද කියලා ඉඳල හිටලා කතාකරලා බලනවා . තව එයාලා අපේ ගෙවල් පැත්තේ ළඟ කොහෙට හරි ආවම අපේ ගෙවල් පැත්තෙත් එනවා . තව කට්ටියක් ඉන්නවා , උන් ඉන්නේ දානෙට මරණෙට මගුලට විතරයි . එහෙම එකක් කිව්වම පැනගෙන එනවා . ඒත් ඉන් එහා කිසි කතාවක් නෑ . උන් ආවත් අපිවත් හූරගෙන කාලා තමා යන්නේ . ඒත් ඉතින් දානෙට මරණෙට මගුලට උන්ට එන්න කියලා කියනවා . මොකද ඉතින් වලන් ටිකවත් හොදවගන්න කවුරුවත් ඉන්න එපාය . හැක හැක හැක .





හැබැයි මේ අයගෙන් සමහර අය අවුරුද්දට අනිවා එනවා . ඉතින් මේ අවුරුද්දෙත් එහෙම සෙට් එකක් අවුරුද්ද දවසේ කතා කරලා අපේ අම්මගෙන් ඇහුවා අක්කේ ඉතින් අපි මේ සිංහල අවුරුද්දට හෙට දිහාවට ඔයපැත්තේ එන්න හදන්නේ කියලා . ඔන්න ඉතින් නැකතටම මගේ යකා ආවේස උනා . අම්මා කෝල් එක ඉවරවෙලා කිව්වා අර කස්ටිය හෙට එනවා කිව්වා කියලා . මම කිව්වා මම ඉන්නේ නෑ ඕකුන් එන වෙලාවට . මම යනවා සිංදුවගේ ගමේ ගෙදර කියලා . වෙනදත් මම ඔයවගේ අපත සෙට් එන වෙලාවට කරන්නේ වෙන ගමනක් සෙට් කරගෙන මග ඇරලා යන එක . මොකද කාඑක්ක උනත් මූනිච්චාවට හිනාවෙන්න මට පුරුද්දක් එදත් නෑ අදත් නෑ හෙටත් නැති නිසා .

මම ඉතින් පහුවෙනිදා උදේම හදාගත්ත අරවයි මේවයි ඔතාගෙන සිංදුවගේ ගමේ ගෙදර ගියා . ඒ නැතත් සිංදුවගේ අම්මි බබාගේ හැපී බර්ත්ඩේ ඒ කිට්ටුව තිබ්බ නිසා සිංදු අම්මි බලන්න යන්න කියල තමයි මම හිතාගෙන හිටියේ . ඔන්න ඉතින් මම ගියා සිංදුවගේ ගමේ . එහෙ ගිහින් ටික වෙලාවක් යනකොට ඔන්න එනව සිංදුවගේ අයියා . ඒකිව්වේ ලොකුසිංදුවා .

ලොකු සිංදුවා එක්ක එහෙ ආවා තව ඥාති සහෝදර පොරක් . මිනිහා කවුද කියලා ඉස්සර ඉඳල දැනගෙන හිටියට පොඩ්ඩක් ආස්සරේ කොරලා බලන්න හම්බුනේ එදා තමයි . ඉතින් එදා දවල් වරුවේ ඇන්ඩ් හවස් වරුවේ සිංදුවගේ ගෙදර කස්ටියත් එක්ක රවුමක් ඇවිදලා ඔන්න රෑ වෙනකොට කස්ටිය කයිය ගහන්න සෙට් උනා . ලේඩීස්ලා කුස්සියේ සංගමය දාගත්තා . අපි කස්ටිය සාලේ පැත්තක අපේ සෝන් එක හදාගෙන  කැම්පස්වල විස්තරයි අරවයි මේවයි කියෝ කියෝ ඉන්නවා .

එක පාරටම අර මම කලින් කිව්ව ලොකු සිංදුවගේ ඥාති සහෝදරයා මගෙන් ඇහුවා මල්ලි හෙනරාජ තෛලයද බෙල්ලේ එල්ලන් ඉන්නේ කියලා . එක එක කාලෙට මගේ බෙල්ලේ එල්ලන් ඉන්න සුර මම මාරු කරනවා . විවිධත්වයක් තියෙන්න එපාය ජීවිතේ . හැමදාමත් එකම උරචක්කරමාලාව එල්ල ඉන්න පුළුවන්ය නේද ? හැක හැක හැක . ඉතින් මේ වෙලාවේ මගේ බෙල්ලේ තිබ්බේ රිදී සුරයක් . ඒකෙ තිබ්බේ පිරිත් වලින් පුරපු යන්තරයක් .

මම කවදත් පුරුදු සයිලන්ට් හිනාව දැම්මා මිස මොකවත් කිව්වේ නෑ . එවෙලේ සිංදුවා බලාගෙන ඉන්නවා දැන් මොකද්ද අර ඥාති පොර දෙන උත්තරේ කියලා . පස්සේ ඉතින් පොර කියනවා , හෙනරාජ තෛලය සුරේක දාලා බෙල්ලේ එල්ලගත්තම වෙඩි වදින්නේ නෑ කියලා . පස්සේ හෙනරාජ තෛලය ගැන ජෝක් එකට ගොඩක් දේවල් කිව්වා .







මටනම් එව්වා ඇල්ලුවේ නෑ . වෙන මොකවත් නිසා නෙවේ . මොකද බාගෙට ඕක දැනගෙන කට දෙකොනෙන් හිනාවෙවී ඒවා සෙකන්ඩ් කරලා කතා කරණ එක මෙලෝ රහක් නැති වැඩක් නිසා . විවේචනය කරනවනම් එන්න ඕන ඒ විවේචනය කරණ දේ ගැන දිග පළල හරියට මැනගෙන .  , නැත්නම් කට වහගෙන ඉන්න ඕන . ඒත් අදකාලේ වෙන්නේ මේ දෙකෙන් මොකුත් නොදැන විවේචනය කිරීම නිසා ඒගැන කතා කරලම වැඩක් නෑ . කොහොමහරි අපේ කතාව වෙන පැත්තකට මාරු උනා . මම හිතෙන් හිතාගත්තා අනේ යකෝ උඹයි මමයි දන්න හෙනරාජ තෛලය කියලා . හැක හැක හැක....

මම කිව්වා සර්පවෙද දූත ලස්සන විජ්ජාව ගැන කියනකොට , අපේ ආච්චිඅම්මා වෙද පවුලක කියලා . මම ඕක කියන්නේ නැතුව ඉඳලා ඉඳල තමයි ළඟදී ඔය පෝස්ට් එකේ කිව්වේ . ඉතින් දැන් මම කියන්න යන්නේ මට හෙනරාජ තෛලය ගැන තොරතුරු ලැබුන විදිය ගැන . අපේ අච්චිඅම්මා බෙහෙත් වර්ග ගොඩක් මතක තියාගෙන හිටියා මිස එයාගෙ ළඟ පොත් තිබුණේ නෑ . ඒ නිසා එයාගෙන් පස්සේ දැනුම ඉදිරියට ගමන් කලේ නෑ . ඒකෙ එක හොඳක් තියෙනවා නරකකුත් තියෙනවා . හොඳ තමයි ඒ දැනුම පිට නොගිය එක  . නරක තමයි මට ඒවා ඉතුරු නොවුන එක .

අපේ ගමේ ටිකක් වයසක මාමා කෙනෙක් ඉන්නවා , එයා ටිකක් මේ වෙදකම , ගුරුකම් සම්භන්ධව වැඩ කරනවා . මම හතර වසරේ ඉන්න කාලේ තමයි අපේ සීයා නැති උනේ . ඒ මරණෙට මේ මාමත් ආවා . පස්සේ හත් දවසේ දානෙත් ඉවරවෙලා ටිකක් කල් මෙයා අපේ ගෙදර හිටියා . ඒ හිටියේ , මම හොඳටම දන්නවා අපේ ආච්චිගෙන ලකුණු දාගෙන බෙහෙත් අහගෙන යන්න . එත් ආච්චි එයා බලාපොරෝත්තු වෙච්ච ඔක්කොම දේවල් දුන්නේ නෑ .







ඉතින් දවසක් මේ මාමා මාත් එක්ක කතාවට සෙට් උනා . පොර මට කිව්වා ආච්චිඅම්මා ගොඩක් දේවල් දන්න කෙනෙක් ඔහොම හිටියට . ඒ නිසා ආච්චි අම්මගෙන් වෙදකම ගැන ඉගෙන ගන්න කියලා . පස්සේ මම එයාගෙන් ඇහුවා විස්තර . එයා කිව්වා අපේ ආච්චි අම්මගේ පියා ජීවත්වෙලා ඉන්න කාලෙත් එයා හිටියා කියලා . එයා එතකොට පොඩි ළමයෙක්ලු . ඒ වෙද මුත්තා ගාව තිබුණලු තෙල් වර්ග දාලා තිබ්බ කළුවර ලී පෙට්ටියක් . ඒකෙ තිබ්බේ කවදාවත්ම පිට කෙනෙක්ට අල්ලන්නවත් දුන්නේ නැති තෙල් බෝතල් කීපයක්ලු .

හෙනරාජ
රාජ තරංගනී
ඉරු දැපන
විෂ්ණුරාජ
සරස්වතී
චින්තාමාණික්‍යම් කියන තෙල් වර්ග තමයි ඒවායේ නම් .

හෙනරාජය ගැන මම දැන් කියන්නම් . අනිත් තෙල් වර්ග ගැන වැඩිදුර කියන්න යන්නේ නෑ . හැබැයි ඔයාලා දන්නවනේ සරස්වතී තෛලය ගැන . අර තොටගමුවේ හාමුදුරුවෝ බීලා සිහිය නැති උනේ . අන්න ඒක තමයි සරස්වතී තෛලය . ඔය සරස්වතී තෙල පොඩ්ඩක් දිවේ ගාගන්න කෙනාට ඇහෙන ඇහෙන දේවල් මතක හිටිනවාලු .

මම ඉතින් ඒකාලේම වගේ ඔය ගැන ආච්චිගෙන් ඇහුවා . එයා කිව්වේ එයාගේ සීයා එයාට කියා දීපු දේවල් ගැන . ඒ කියන්නේ ආච්චිගේ තාත්තාගේ තාත්තා . එහෙම බලනකොට මම මේ කියන ඒවා පරම්පරා පහක් පරණයි ඈ .

දැන් කියන්නම් මේ පෝස්ට් එක ලියන්න හිතුවේ ඇයි කියල . ගිය සතියෙ සෙනසුරාදා සුපුරුදු පරිදි සිංදුවගේ ගෙදර ගිය වෙලාවේ බත් කන්න කුස්සියට රිංගපු වෙලාවේ දැක්කා මිරිස්ගල වහලා තියෙන පත්තර කොලේ රත්තරන් පාට සුරයක රූපයක් තියෙනවා . මම ටක් කාලා ඒක අතට අරන් බලනකොට තමයි දැක්කේ හෙනරාජ තෛලය ගැන තියෙන්නේ කියලා .

ඒත් ඒ කොලේ පොඩි කොළ කෑලි දෙකක් ඉරලා දාලා තිබ්බේ . ඒ විස්තරේ කියවන්න තිබ්බ ආසාව නිසාම මම මිරිස්ගල අයිනේ අවුස්සලා අවුස්සලා කොලේ කම්ප්ලීට් කරලා ෆොටෝ එකක් ගත්තා . සිංදුව ඉතින් විරිත්තගෙන මම මේ කරණ දේ දිහා බලාගෙන ඉන්නකොට මම කිව්වා ඔන්න තව පෝස්ට් එකක් ලියන්න මාතෘකාව කියලා . දැන් මේ ලියන්නේ ඒක තමයි . ඒ පත්තර කොලේ හෙන රාජ තෛලයෙ මූලික තොරතුරු ගැන තිබ්බේ කියලා තේරුනේ ඒක කියෙව්වම . අවුලක් නෑ . මම දන්නා හරිය ඔන්න මම ලියනවා.


ගුරුකම් ශාස්ත්‍රය ඒ කියන්නේ මන්තර ශාස්ත්‍රය සහ වෙදකම කියන ශිල්ප දෙක නැත්නම් විද්‍යාවන් එක සමහර තැන් වලදී එකට හා වෙනවා . මෙන්න මේ තෙල් වර්ග කියනෙත් අන්න ඒ හා වීම සිදු කරන එක පාලමක් . ඉතින් අතීතයේ හිටපු ඍෂිවරු , රාවණා වගේ මහා නුවණැත්තන් තමන්ගේ තුන්කල් දක්නා නුවණින් සහ ප්‍රඥාවෙන් නිපදවපු ඉතාම වටිනා රහස් බෙහෙත් වට්ටෝරු වලින් තමයි මේ තෙල් වර්ග ඇති උනේ .

නිකන්ම තෙල් හිඳලා ගාලා ලෙඩ සුවපත් කරනවා වගේ නෙවෙයි මේ කලින් කිව්ව විශේෂ තෙල් වර්ග . මේවා හිඳලා අන්තිමට මන්තර වලින් මතුරලා ඒවාට බල පිහිටවන්නත් ඕන . එහෙම බල පිහිටවපු තෙල් සමහර හේතු නිසා බල බිඳිලා බල රහිත වෙනවා .එතකොට ආයෙත් මන්තර පුරලා බල පිහිටවන්න ඕන නැත්නම් ඒවායේ හරි ප්‍රතිඵලය ලබන්න බැරි වෙනවා .







ගුප්ත විද්‍යා ශාස්ත්‍රයේ මව සහ පියා විදියට හඳුන්වන ප්‍රධානම තෙල් වර්ග දෙකක් තියෙනවා . ඒ තමයි මහා හෙන රාජ තෛලය සහ මහා රාජතරංගනී තෛලය . එහෙම හඳුන්වන්නේ මේ තෙල් වර්ග පළඳින , ආලේප කරගත්ත කෙනාට මව සහ පියාගෙන ලැබෙන ආරක්ෂාව ලැබෙන නිසා . මේ තෙල් වර්ග දෙකෙනුත් ප්‍රධානම තෙල තමයි මහා හෙන රාජ තෛලය .

මේ තෛලයට මේ නම ලැබුණේ ඇයි කියලා දන්නවද . මම නම් මුලින් හිතාගෙන හිටියේ හෙන රාජ කියන්නේ ලොකු අයිටම් එකක් නිසා වෙන්නැති කියලා . ඒත් අපේ ආච්චිඅම්මා මට කිව්වා මේ තෙලට මේ නම ලැබුණේ අකුණට අධිපති අකුණු හෙනගිනි දේවතා පුත්‍රයා මේ තෙලට බන්ධනය කරණ නිසා කියලා . ඒ කියන්නේ මන්තර වලින් මේ තෙලට අකුණු හෙනගිනි දේවතාවා බන්ධනය කරල තමයි හදලා තියෙන්නේ කියලා . අර මම කිව්ව පත්තර කොළෙත් මේ විස්තරේ තිබ්බා .

තෙල හිඳින්න ගන්න සම්පූර්ණ බෙහෙත් වට්ටෝරුවෙ මෙන්න මේ බෙහෙත් වර්ග තියෙනවා . ඒ තමයි

ඇත්දෙමට
අංකෙන්ද
වෙනිවැල්
රසකිඳ
අරළු
බුළු
නෙල්ලි
රත් සඳුන්
සුදු සඳුන්
කොකුම්පොතු
ඉරිවේරිය
සපුමල්
නාමල්
ගවරාගේ අං
මුව අං වගේ දේවල් ගොඩක් ගන්නවා .

මේ තෙල හිඳින්න ගන්න බෙහෙත් වර්ගවල තියෙන දුර්ලභ බව නිසාම මේ තෙලේ වටිනාකම වැඩි වෙනවා . තෙලට ගන්න ගවර අං ගැන එක එක මත තියෙනවා . සමහරු කියන්නේ කඟවේන අං නැති නිසා ගවර අං ගන්නවා කියලා . ඒත් අපේ ආච්චිබබා මට කිව්වේ නම් ගවර අං කියලා තමයි . තෙල හිඳින්න ප්ලේස් එක විදියට ඉස්සරම කාලේ ගල් ගුහාවක් තමයි අරගෙන තියෙන්නේ . එත් පස්සේ කාලෙකදී ඒක අලුතෙන් මැටි ගහලා ගත්ත අලුත් නැවුම් මැටි ගෙයක් බවට පත්වෙලා තියෙනවා . ඉස්සර කාලේ මේ තෙල හිඳින්න බෙහෙත් වර්ග හොයාගෙන තියෙන්නේ යක්ෂ ආවේස වෙච්ච පුද්ගලයෙක් මගින් . ඒත් පස්සේ කාලෙකදී මොනාද ඕන බෙහෙත් වර්ග කියලා හොයාගත්තට පස්සේ මේ තෙලට බෙහෙත් සාමාන්‍ය පුද්ගලයෙක්ටම හොයාගන්න පුළුවන් කම ලැබිලා තියෙනවා .

ඔන්න බහෙත් ජාති හොයාගත්ත කියමුකෝ . දැන් තියෙන්නේ තෙල හිඳින්න . තෙල හිඳින එකත් ලේසි වැඩක් නෙවේ . තෙල හිඳින්න ලිප හැදිල්ලේ ඉඳලා ගොඩක් දේවල් කෙරෙන්නේ නැකත් බලල . අනික තමයි මේ තෙල හිඳින්න ලිපට ගින්දර ගන්න ඕන අකුණක් ගහලා පත්තුවෙන ගින්නකින් . ඉස්සර අයනම් මතුරලා ඒ මන්තර වලින් ලිපට ගිනි අවුලවලා තියෙනවා . ඒත් අකුණක් ගහපු තැනකින් ගන්න ගින්දර තමයි මේ තෙල හිඳින්න වඩාත්ම සුදුසුයි කියලා කියන්නේ . මම අහලා තියෙනවා ගුරුකම් වලදීත් දෙවිවරු වඩිනකොට අකුණු පුපුරනවා කියලා . ඒ විදියටත් මේ තෙල හිඳින්න පුරාණයේ හිටපු අය ගිනි ඇවිලෙව්වා කියලා කියනවා .

ඊට පස්සේ කරන්න තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි තෙල හිඳින තැනයි තෙල් භාජනයයි ආරක්ෂා කරණ එක . මේකට මල් තටු හදලා , පහන් පළවල් අටවලා මේ තැන ආරක්ෂා කරන්න අමනුෂ්‍ය බලවේග වලට ආරාධනා කරනවා . මෙතනදී දෙවිවරු වගේම ඇතුල් පංතියේ යක්ෂයින් ගෙන්නනවලු . මේ අමනුෂ්‍ය බලවේග මේ තෙලයි තෙල හිඳින පුද්ගලයි ඒ ස්ථානයයි ආරක්ෂා කරනවලු . තෙලට අවශ්‍ය කරණ සත්තු එහෙම ඉන්නවා . ඒ සත්තු දෙවියන්ගේ බලයෙන් ඉබේම ඇවිත් කැකෑරෙන තෙලට පනිනවා කියලා කියනවා . ඒ කියන්නේ කුරුල්ලෝ පියාඹලා ඇවිත් තෙලට වැටෙනවලු .






තෙල හිඳින වැඩේ ඉවර උනාට පස්සේ තමයි තියෙන්නේ තෙලට අකුණු හෙන ගිනි දේවතාව බන්ධනය කරණ රාජකාරිය . මේ රාජකාරිය එසේ මෙසේ කෙනෙක්ට කරන්න බැරිලු . සාමාන්‍යයෙන් ඒ ශිල්පයේ හොඳ පළපුරුද්දක් තියෙන නිවැරදි ඝන පිහිටවලා මතුරන්න පුළුවන් අයටලු මේ වැඩේ කරන්න පුළුවන් . කාටත් පුළුවන් ඉතින් . එත් ප්‍රතිඵල ෂුවර් වෙන්නේ එහෙම උනාම . මේ බන්ධනය කිරීම කරාට පස්සේ තමයි තෙල පන පිහිටලා සම්පූර්ණ වෙන්නේ . සමහර වෙලාවල් වලදී මේ පන පිහිටවීමෙදී මතුරන කෙනා මන්තර වැරැද්දුවොත් ඒ කෙනා පිස්සු වැටෙනවා කියලා අපේ ආච්චිඅම්මා මට කිව්වා . වෙන්න පුළුවන් . යක්ෂයින් බන්ධනය කරනවා වගේ ලේසි වැඩක් නෙවෙයිනේ දෙවිකෙනෙක් බන්ධනය කරනවා කියන එක . අකුණු හෙන ගිනි දේවතාවා කියන්නේ සමහරවිට ග්‍රීක මිත්‍යා කතාවල ඉන්න සියුස් වෙන්න පුළුවන් . නැත්නම් ශක්‍රයා වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා .

දැන් තෙල හැදුවට පස්සේ තෙල තැම්පත් කරලා තියන කරඬුව හරි බෝතලේ හරි ඉතාම පිරිසිදු එකක් වෙන්න ඕන . මේ තෙලට කිලි අහුවෙන්න හොඳ නෑ කියලා මම පිටින් අහලා තිබ්බට ආච්චිඅම්මානම් කිව්වේ මේ තෙලට කිලි වදින්නේ නෑ කියලා . ඒත් තෙලේ බලය අඩු වීමක් පොඩ්ඩක් වෙන්න පුළුවන් , එහෙම උනොත් ආයෙත් මන්තර පුරලා තෙලේ බලේ වැඩි කරන්න පුළුවන්ලු . ඔන්න ඔහොමයි ඉතින් මහා හෙන රාජ තෙලේ බලේ . හරියට හිඳගත්ත තෙල දීප්තිමත් කහපාටකින් වගේම හොඳ සුවඳකින් යුක්ත වෙනවා .






තෙල ගැන කියන්න තව දේවල් මතක් උනොත් කමෙන්ට්ස් වල කොටලා තියන්නම් . තව වැදගත් දෙයක් තමයි මේ තෙලෙන් වෙඩි වදින එක නවතිනවා කියලා කියනවා . එහෙම වෙන්නේ මේ තෙල් වල තියෙන කාබනික අකාබනික සංයෝගවල බලයකින් නම් නෙවෙයි . මේ තෙලට අරක්ගන්න අකුණු හෙනගිනි දේවතාවාගේ බලය නිසා . තමා වෙතට උණ්ඩයක් එනකොට මේ දෙවියන්ට පුළුවන් ඒ උණ්ඩයේ පැත්ත වෙනස් කරන්න .

එහෙමයි වෙඩි වලින් ආරක්ෂාව ලැබෙන්නේ . ඔය රජකාලේ එහෙම වෙඩි පත්තු කිරිල්ලක් තිබිලා නෑහැ . ඒ කාලේ ඊතල විදිල්ලක්නේ තියෙන්නේ . යුද්ධවලදී ඊතල විදගන්නකොට මේ හෙනරාජ තෛලය පැළඳගත් කෙනාගෙ පැත්තට එන ඊතල වල ගමන් මාර්ගය වෙනස් කරන්නත් මේ හෙනරාජ තෛලයට පුළුවන් වෙලා තියෙනවා . මේ තෙලෙන් වෙඩි වදින එක නවතිනවා විතරක් නෙවෙයි ; තවත් ගන්න පුළුවන් ප්‍රයෝජන් ගොඩයි .


තමන්ට කවුරුවත් ගහන්න ඉදිරිපත් වෙන්නේ නෑ
මූණ දිහා එකඑල්ලේ බලාගෙන කතා කරන්නේ නෑ
කඩු කිනිසි වලින් අනතුරක් කරන්න බෑ
සමහර වෙලාවල් වලට තමාට වෙඩි තියනකොට තුවක්කුව පුපුරනවා
රාජ රාජ මහාමාත්‍යාදීන් ගෙන් උදවු ලැබෙනවා
රාජ උදහස්වීම් වලට ලක්වෙන්නේ නෑ
අලි ඇත්තු දිවි වලස් සර්පයින් වගේ සත්තුන්ගෙන් කරදර වෙන්නේ නෑ
පහන් පත්තු කලොත් ඒ එලිය වැටෙන ප්‍රදේශයේ යක්කු භූතයො ඉන්නේ නෑ
තමා හීනෙන් භය වෙන්නේ නෑ
මන්තර ගුරුකම් වලින් ගොඩක් වෙලාවට බේරෙන්නේ පුළුවන්


ඔන්න ඔහොමයි තෙලේ තත්ත්වේ . අර මම කිව්ව මාමා කිව්වා එයා මහගෙදර ඉන්න දවසක , මේ තෙල් බෝතලේ අපේ ආච්චිගේ තාත්තා ඒ තෙල් බෝතල් තිබ්බ කළුවර ලී පෙට්ටියෙන් එළියට ගත්තලු . එහෙම ගත්තට පස්සේ ඒ මුත්තා මෝල් ගස් දෙකක් ගෙන්නලා අරන් මේ තෙල් බෝතලේ දෙපැත්තෙන් තිබ්බලු . ඒ මෝල්ගස් දෙක පෙරලිලා ඇවිත් බෝතලේට වදිනවලු ටික් ගාලා . ආයෙත් මෝල්ගස් දෙක දෙපැත්තට කළාම හෙමීට පෙරලිලා ඇවිත් ආයෙත් බෝතලේට ඇලෙනවලු මෝල්ගස් දෙක . අන්න එහමයි තෙලේ බලේ .

ආ තව දෙයක් කියන්න බැරි උනා . මේ තෙල බෙල්ලේ එල්ලගන්නවනම් දඹ රන් සුරයක දාලා තමයි එල්ලගන්න කියන්නේ . ඒ මුත්තා ගාවත් තිබිලා තියෙනවා හෙනරාජ තෙල් දාපු දඹරන් සුරයක් . මම මුලින්ම දාලා ඇති ඒ සුරයේ ෆොටෝ එකක් . අද මට ඉතුරු වෙලා තියෙන්නේ ඒ හිස් සුරය විතරයි .අපේ ආච්චිඅම්මා ඒකත් චෛත්‍යයක් හදනකොට නිධන් කරන්න හැදුවේ . මම දුන්නේ නෑ . හැක හැක හැක . ඇයි වදේ තෙල් නැති එකේ අඩුගානේ තෙල් ආලා තිබ්බ සුරයවත් තියෙන්න එපාය .


ඒ වෙද මුත්තා මැරෙන්න කලින් මේ තෙල් බෝතල් මුහුදට දාලා තියෙනවා . එහෙම කරලා තියෙන්නේ මේවා වැරදි කෙනෙක් අතට ගියොත් ඒකෙන් සමාජෙට වෙන නරක ගැන හිතලාලු . ඒ නිසාම වෙන්න ඇති එයාල ඊළඟ පරපුරට මේ දැනුම දෙන්නේ නැතුව ඉන්න ඇත්තේ . එයාලා ආච්චිඅම්මලට දැනුම දෙන්න නෑ . ආච්චිඅම්මලා අපිට දෙන්න නෑ . ඔහොම ඔහොම දැනුම ක්ෂය වෙලා ගිහින් අන්තිමට මුකුත්ම නැතිවෙන කාලයක් එයි . ඒත් පරපුරක උරුමය නිසා මේගැන කතා කරන්න මට සාධාරණ හිමිකමක් තියෙනවා . හැක හැක හැක ..........







අදකාලේ සමහර අය හෙනරාජ තෛලය කියලා සුර විකුණනවා . ඒත් මමනම් හිතන්නේ නෑ මේ ඔක්කොම වතාවත් කරලා හරියට හිඳපු තෙලකට මුදල්මය වටිනාකමක් දෙන්න පුළුවන් කියලා .
හොරුන්ට අහුවෙන්න එපා !

මාසෙකට වගේ වයලීනෝ සයිලන්ට් . අපිට කැම්පස්සුවේ එන්ඩ් එක්සෑම් ළඟයි නෙව . අරවිජ්ජා මේ විජ්ජා තමයි ඉතින් එක්සෑම් ඉවර වෙනකන්ම . හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු දෙවෙනි කොටස අරන් එන්නම්කො ආයෙත් . එහෙනම් මම ගියා ..........

හැමෝටම අකුණුහෙනගිනි දේවතාවගේ පිහිටයි , ආරස්සාවයි !

31 comments:

  1. හෙනරාජ තෛලය පැළදුවාම වෙඩි වදින්නේ නෑ කියන කථාව මමත් අහල තියනවා.. 89 කලබල කාලේ ගම් පැත්තෙ හිටපු මනුස්සයෙක් හෙනරාජ තෛලෙ දාපු සුරයක්, තමන්ගේ කලවයක් පලල ඇතුලට දාගෙන ඉදල තියනවා.. මිනිහට තුන් පාරක් වෙඩි තියලා වැදුන් නෑලු අන්තිමට මිනිහා කැති පොලු වලින් ගහල තමයි මරල තියෙන්නේ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ ............ ආතල් සිද්දිය . මිනිහ එහෙනම් කස්ටියටම කිය කිය ඉන්න ඇති මම ගාව හෙනරාජ තෙල් තියෙනවා කියලාවත් . හඃ හඃ හඃ .
      පවු වැඩේ ඉතින් මනුස්සයව මරපු එක නම් .

      Delete
  2. //හැමදාමත් එකම උරචක්කරමාලාව එල්ල ඉන්න පුළුවන්ය නේද ? හැක හැක හැක .// කලිං දන්නවනං මාත් එල්ල ගන්නෙ නෑ බෙල්ලෙ ඔහොම එකක්.. හිහ්..හිහ්..
    මම මේ පෝස්ට් එකේ වැඩියම කැමති //විවේචනය කරනවනම් එන්න ඕන ඒ විවේචනය කරණ දේ ගැන දිග පළල හරියට මැනගෙන . , නැත්නම් කට වහගෙන ඉන්න ඕන . // කියන තැනට.. අද අපිට වෙලා තියෙන වැරැද්දත් ඕකමයි.. දන්නෙ නැති නිසා අන්තර්ගතය ගැන කොමෙන්ට් කරන්න බෑ.. විභාගෙට සරස්වතී තෙලේ බලේ ලැබේවා! ජය ශ්‍රී! g-)

    ReplyDelete
    Replies
    1. ඒක තමා මේ මමත් කල්පනා කරන්නේ . කසාද නීතිය වෙනස් කරන්නවත් ඕන හැක හැක හැක...............
      හිහ් හිහ් හිහ් හිහ්
      රාවණාට වෙලා තියෙන්නෙත් ඔය සිද්දියම තමා . සමහර මෙලෝ දෙයක් දන්නේ නැති අය කරන්නේ මොකක් හරි දෙයක් රාවණා එක්ක ගලපලා මේක හැදුවේ රාවණා කියලා කියනවා . රාවනා ඉන්නවනම් හිනාවෙනවා ඇති අපේ සමහර මිනිස්සු දිහා බලලා මොන ගොන් රැලක්ද මේ ඉන්නේ කියලා . තව ටික දවසකින් කියයි සිරීපාද කන්දේ තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ ශ්‍රී පාද ලාංචනය නෙවෙයි , රාවණාගේ පාද ලාංචනය කියලා . පුළුවන් උනොත් අපේ මිනිස්සු ගාතාවකුත් හදයි ඕකට . අන්න එහෙමයි අද කාලේ දියුණු ලාංකිකයෝ . ආ නෑ නෑ හෙළයෝ .. හඃ හඃ හඃ

      ෆස්ට් සෙමෙස්ටර එකේ වෙච්ච සන්තැසිය නිසා මේ පාර ටිකක් කලින් ඉඳලා ලැස්ති වෙන්න කියලා බැලුවේ සියලු සංස්කාර ධර්මයන් අතහැරලා . නිවාඩුවක් එනවනේ . එතකොට ලියන්නම් ආයෙත් . කස්ටියට ෆන් පෝස්ට් ටිකක් ලියන්න කියලා හිතාගෙන ඉන්නේ . බොහොම ස්තූති විශ් කරාට ඇන්ඩ් කමෙන්ට් කරාට g-) g-) g-)

      Delete
  3. මිත්‍යාවන් කියලා මේවා එක පාර බැහැර කරන්න බෑ.. මේ වගේ දේවල් සොයා යායුතුයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... මටනම් ඉතින් අත්දැකීම් තියෙන නිසා කියන්න පුළුවන් ඇත්ත කියලා . එත් ඉතින් කැමති කෙනෙක් කැමති විදියකට හිතා ගන්න නිදහස තියෙනවා ඔන්න . මේවගේ දේවල් හොයන්න ඕන ඒවාට හානියක් නොවෙන්න . හතර වටේම බැනර් ගහගෙන ටීවී එකෙත් පෙන්නලා වන කරගන්නේ නැතුව ගවේෂණයක් කරලා ඒදෙවල් වල ඇත්ත නැත්ත හොයන එක වටිනවා . මෙතනදීත් මට මතක් වෙන්නේ රාවනාව . කොච්චරනම් දෙයක් වන කරගත්තද මේ මිනිස්සු රාවණා නම ඇපේට තියාගෙන . :( :( :(

      Delete
  4. හොඳ ලිපියක් මචං.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති :) :) :) g-) g-)

      Delete
  5. හොයාගන්ට ඕනෑ හෙනරාජේ....
    ඒ වගේ දැනුම නැති වෙන එකනම් හරිම අපරාධයක්..

    ReplyDelete
    Replies
    1. අහ්හ් හොයලා බලන්න . හම්බුනොත් බලන්න තද කහපාටත් තියෙන්නේ . මාර සුවඳයි . සුදු හඳුන් තෙල් සුවඳ දන්නවද . ඊට වඩා අමුතුම සුවඳක් තියෙන්නේ මේ තෙලේ . හ්ම්ම් හ්ම්ම් . ඇතිවෙනවා නැතිවෙනවා ....... :p :p :p

      Delete
  6. // හොඳ තමයි ඒ දැනුම පිට නොගිය එක //
    ඒ උනාට දැන් ඒක කාටවත් නෑනේ. ඒ වගේ එව්වා නැති වෙන්න දෙන එක නරකයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් ඒකනම් ඇත්ත . :) :)

      Delete
  7. අපරාදෙ වයෝ බොලාට වත් ඕව ඉගන ගන්න තිබ්බෙ එහෙම වුණා නං හෙණරාජයක් වත් ඉල්ල ගන්න තිබ්බ හෙක් හෙක්...
    පට්ට පෝස්ටුව ජයවේවා

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ .ඔව් අෆ්ෆා . මේ වැඩ කිඩ ඉවර උනාට පස්සේ ඔව්වා දන්නා ඇය හොයාගෙන ගිහින් ස්ටඩී පාරක් දාලා දෙන්නම් කස්ටියට හෙනරාජ තෛලය :) :)

      Delete
  8. සැක්! උඹ ඔය සාත්තරේ ඉගෙනගත්තනම් මෙලාකට සුරයක් හදෝගෙන අපිටත් මිනිස්සු වෙන්ට තිබ්බා. කොහෙද මේකා ගිහින් තියෙන්නෙ විජ්ජාවල් ඉගෙන ගන්ට නෙව.

    එක්සෑම් එක එකෙන්ම ගොඩ දාන්න සුබපැතුම් ඈ! පස්ට් කලාස් එකකට පා තබන්න සත්තිය ධෛර්යය හා වාසනාව ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. විජ්ජා උප්පත්තං සෙට්ටා . ලොව උපන් සියලුදෙයින් විජ්ජාව ශ්‍රේෂ්ටවේ දරුවා . අන්න එහෙමයි ජපුර ආදරුස පාටේ . හැක හැක හැක .

      පට්ට ක්ලාස් කිව්වේ ටියුෂන් ක්ලාස්ද ?? :( :( :(
      හිහිහිරි ටන්කු ටන්කු මෙයා ...............

      Delete
  9. එල ද බ්‍රා...
    ඇත්ත කියහන් ඉතුරැ වෙච්ච චුට්ටක්වත් නැද්ද

    ReplyDelete
  10. මචෝ //මන්තර පුරලා බල පිහිටවන// කියන්නේ මොකක්ද? විශේෂයෙන්ම පුරලා කියන සීන් එකේදී වෙන්නේ මොකක්ද? ඒ කියන්නේ ආයෙත් මතුරන එකද එකසිය අට වරක් වගේ?

    හෙක් හෙක් බොලට මතකට ගෝටා වාහනේ යද්දී ආටාක් කරාට පස්සේ ලංකාදීපේ ලිපියක් ගියා හෙනරාජ තෙලෙන් පදම් කරපු බුලට් ප්රූෆ් වාහන ගැන?

    අද නම් ඉන්න තෙල් බේත් කාරයෝ, එවුන්ට ගස් තෙල් ටිකක් වත් හදා ගන්න පුලුවන්ද මන්දා? කරන්නේ මිනිස්සුන්ගේ ඔලුවේ හොල්මන් කරන නමක් විකුණන් මාකට් වෙන එක, ගොඩක් මිනිස්සු අර බොලා හීන් එකා වගේ හෙන රාජ ලිවාම හිතන්නේ හෙන සයිස් රජ භාණ්ඩයක් කියලා. :P, මමත් එහෙමයි බන් =)) නමටම බයවෙනවනේ.

    අපරාදේ බොලාට ඕවා ඉගෙන්න ගන්න තිබුන නම් වටිනවා, මක්ක කරන්නද පරම්පරාවකින් පරම්පරාවකට යද්දී භාගෙකට වැඩිය හැලෙනවා. අපි ඉතින් පාත්තයෝ, යන්තම් සන්තම් බඩේ අමාරුවකට ඔය අරකකකට මෙකකට මතුරගන්න පුළුවන් :D, ඒවා බැහැර කරන්න බැහැ, මම ඇත හදා බලලා තියෙනවා, ඒ කියන්නේ අපේ අම්මට බඩේ අමාරුවක් හැදුනු වෙලාවේ එයාටවත් නොදන්වා හොරෙන් මතුරලා මේක බොන්නකෝ කියලා අල වතුර ටිකක් දුන්නේ, ටිකකින් ලෙඩේ හරි.

    මොකද විජ්ජාවෙන් බැලුවම ඕවයේ බඩේ අමාරුවට මතුරන්නේ දෙහෙ හරි තැඹිලි හරි, ඕක ඉතින් මතුරන් නැතිව බිව්වත් හරිනේ ගොඩක් වෙලාවට, මතුරනවා කියලා ගොඩක් කරන්නේ හිත හදන එකනේ ලෙඩාට ඇහෙන්න අමුතු වචන ටිකක් තාලෙට කියලා, ගොඩක් වෙලාවට තියෙන්නේ බුදුගුණ. ඉතින් ටෙස් කරාම ඔහොම නම් ආයේ කියන්න දෙයක් නැහැනේ, ඒ නිසාම ඕවා බැහැර කරන්න බැහැ. අපේ සීයලා සීයාගේ තාතතලා ඇදුරෝ, ඒ වගේම ගොවියෝ. මම බලන් ඉද්දදීම අපේ සීයා යකෙක් ගහලා කියලා බය වෙලා දත කට පූට්ටු වෙච්චා කෙනෙක් කුදලන් ආවම මතුරලා නුලක් දැම්මා, හරි. සීයාගේ දේවල් හිමි හිමීට ඉගෙන ගන්න ඕනා, මාමා ගාව දැන් පොත් ටික. දන්නා විදියට රත්න පොත් ප්‍රකාශකයෝ මේ සබ්ජෙක්ට් ගැන උනන්දුයි. ඒ ගැන පොත් වගයක් එයාල පබ්ලිෂ් කරලා තිබුනා, නම් මතක නැහැ. ලොකු තාත්තලාගේ ගෙදරදී එකක් කියෙව්වා.

    බොලා කීවා කතාව නම් සහතික ඇත්ත, දෙයක් දිහා අති පණ්ඩිත සයන්ස් මානයෙන් බලන්නත් හොඳ නැහැ, අන්ද භක්තියෙන් බලන්නත් හොඳ නැහැ.

    සයිබරයේ මේ වගේ ලිපි ඉතින් බෝලාගෙන්ම තමයි, තැන්කු තැන්කු, බොලට පොස්කටු සඳහා පතිරුපදෙස වාසෝ එකෙන්ම තියෙනවා.

    මොක කලත් හොඳට විහාගේ කොරගෙන පස්ට් කැලෑසියක් දමා ගන්න බලන්න, GPA නේ, 3.7 වලින් උඩ දමාගෙන බැජ් ටොපා වෙන්න ඇහැකි වේවා කියලා සුබ පතනවා. :f :f :f

    ReplyDelete
  11. //මන්තර පුරලා බල පිහිටවන// හිහ් හිහ් හිහ් .... මට මීටර් නෑ ඉතින් මෙව්වයේ තේරුම් දාන්න ඕන කියලා . මම අහලා පුරුද්දට ලිව්වා . මෙහෙමයි . දැන් හිස් කලයක් තියෙනවා අපි එකට වතුර දානවට කියන්නේ පුරවනවා කියලනේ . එත් ඒ වතුර වලට මන්තර මතුරලා තව බලයක් ඇතුළු කරලා ඒක බලයෙනුත් පුරවන්න පුළුවන් . එතකොට ස්කන්ධයයි බලයයි දෙකම තියෙනවා . ස්කන්ධය එකතු කරනවට පුරවනවා කියනවා . මන්තර බලය එකතු කරණ එකට කියන්නේ පුරනවා කියලා . මුලපුරනවා කියන එකයි මේ පුරනවා කියන එකයි දෙකක් හරිය .

    පොත් ප්‍රකාශකයින්ගේ පොත් දැන් තියෙන ඒවානම් ෂුවර් කරන්න බෑ . ගොඩක් ඒවායේ අකුරු වැරදියි ඈ . මම ඔය පොත් ප්‍රදර්ශන වලට ගියාම පෙරලලා බලනවා මුන් හරියට ලියලද කියලා . හැක හැක හැක . පරණ පොත් නම් ෂුවර් කරන්න පුලුවන් .

    සොමියා , අයියද මාමද මල්ලිද දන්නේ නෑ . කවුරු හරි කමක් නෑ ගුප්ත දේවල් වලට යනවනම් ජීවිතේ ස්ථාවරත්වයක් හදාගෙන යන්න . අනික වැරදි දේවල් වලට යොමු වෙන්න එපා . අමනුස්සයෝ කියන්නේ වරැද්ද ගත්ත වෙලාවට මරලා දාලම ඉවරයක් කරණ අය . ගුරුකම් වැරදිලා මැරෙන ඇදුරෝ ගැන මම අහලා දැකලා තියෙනවා . කනත්තේදී මන්තර වරද්දගෙන මිනී වල උඩම මැරිච්ච අයත් ඉන්නවා . ඒ නිසා සේෆ්ටි ෆස්ට් කිව්වලු :p :p :p

    එළකිරි . බොහොම ස්තූති :) :) :) :)

    ReplyDelete
  12. පෝස්ටුව නම් පංකාදුයි මලයෝ..... මේ දවස් වල වැඩ වැඩි නිසා කියවන්න ටිකක් පරක්කු උනා. නිවාඩු පාඩුවේ කියවන්න ඕනනේ. විභාගය හොඳින් කරගන්න ඔන්න අපෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ටැංකු ටැංකු මෙයා . ඔය තියෙන වැඩ රාජකාරි ඉවර කරගෙන හෙමීහිට කියවන්න . මේවානම් කවද කියවන්න බැරිද . ඔව්වා ඉතින් ඊටවද වැදගත් වැඩනේ :) :) :)

      Delete
  13. මාත් අහල තියෙනවා සරදියෙල්ටත් ඔහොම සුරයක් තිබ්බ කතාවක්.ඇත්ත නැත්ත නං දන් නෑ ඉතින්...
    හා හා එක්සෑමේ ඉවර වෙනකන් තමා මාත් බලන් ඉන්නේ..අලුත් කතන්දරයක් අහගන්න..ගුඩ් ලක් ඈ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක ඇත්ත මචං . සරදියෙල් පන්සලකින් හෙනරාජතෙල් බෝතලයක් හොරකම් කරලා ඒ තෙල් දාපු සුරයක් ඉනේ හන්ගනෙන තමයි සුද්දගෙන් ගේම ඉල්ලලා තියෙන්නේ . ඒත් බං හොරකම් කරපුවා යාදෙන්නේ නෑ කියනවනේ . මිනිස්සුන්ගේ කතාවත් තිබ්බලු ඒ කාලේ සරදියෙල්ට වාසනාව වගේම අවාසනාවත් ගෙනාවේ ඒ හොරකම් කරපු හෙනරාජතෙල් බෝතලේ කියලා . එක්සෑම් ඉවරයි බං . ඉවරවෙලා තමා මේ කමෙන්ට් බැලුවේ :p :p

      Delete
  14. අදයි මේ පැත්තට අාවේ. සින්දුවෝ.......................

    දිගට ම ඒන්න පාර හදාගත්තා............. ඉතින් විස්තර කියෙව්වා....... හරිම සතුටුයි...................... කලින් පෝස්ටුව් තිබ්බ ලක්ෂයටත් සුභ පැතුම්.................. ඉදිරියට හමුවෙමු...................

    ReplyDelete
    Replies
    1. s-) s-) s-) s-) s-)

      කුරුට්ටගේ ගීපොත මම බලි ගාලා කුරුටුගාලම දානවා . සිංදුවා සහ වයලීනෝ :p :p :p
      හිහ් හිහ් හිහ් හිහ් හිහ්
      බොහොම ස්තූති .
      මමත් එන්නම්කෝ ඒ පැත්තේ . කලින් මමත් ආවේ නෑ කියවන්න .

      Delete
  15. ravana gana kiw katahvanam siravatama aththa dan inda moda baka pandithayo danna magulai nodanna magulai hama ekama kiyavanava melo rahak naaaaaa

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් ...... ඒකතමා . මමත් රාවණා ගැන මොනවාහරි ලියන්න හදලා නිකා හිටියා , අන්තිමට මමත් ඒ විහිළුවේ හවුල් කාරයෙක් වෙන නිසා .

      Delete
  16. අනේ මන්දා මොනවා කියන්නද කියල... සුපිරි ලියවිල්ල ඈ....

    ReplyDelete
  17. මේ සොයාගැනිම් ගැන අවදානයෙන්.. පුත ඔය සුරය තිබුන පලියට නුබ පේ වෙලානම් පමණි පලදින්නට පුළුවන්..
    ඒ වගෙම මහාබලසම්පන්න අයත් සමග වැඩකරද්දි පරිස්සමට

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here