මුහුදු පතුලෙන් මුදු පුත්තු

මේ ළඟදී කියවපු නිව්ස් එකක් නිසා ඔන්න ෆිල්ම්ස් ගොඩාරියක් මතක්වී ගෙන වී ගෙන වී ගෙන වී... එක්කෝ ඕනි නෑ, ඉතින් මේ නිව්ස් එක ඇවිල්ල මේක.

ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහත්තයා දන්නවා ඇතිනේ. මම නම් විද්‍යා ප්‍රබන්ධ වලට ආස වුනේ එතුමගේ පොත් වලටයි විදුසර පත්තරේටයි පින්සිද්ධ වෙන්න. කොහොම හරි නිව්ස් එකේ තිබුනේ, ඒ දවස්වල රන් මුතු දුව ෆිල්ම් එක කොරන්න කස්ටිය බෝට්ටුවක් ගන්න සල්ලි නැතුව ඉන්නකොට ආතර් මහත්තයා නිර්නාමිකව සල්ලි දීලලු. පේනවනේ සුද්දා එදා ඉඳලා අපිට උගන්වන්නේ පාඩම්. දැන් චන්ද පොස්ටරේකට වියදම් කරන සල්ලි ටික කෝමද මේ වගේ දේකට යෙදෙව්වනම් ? ඕවා කියලා වැඩක් නෑ. චන්දෙ ඉල්ලන උන් මේවා කියෝනවා කියලයෑ. මොකෝ බ්ලොග් කියෙව්වොත් ඒක චන්ද ඉල්ලීමේ සුදුසුකම් උල්ලංගනය කිරීමක් වෙනවානේ. මොකද පල් මෝඩයෙක් වෙලා ඉන්න ඕනිනේ මුලින්ම. කෙලියා නේද තාප්පෙට, සිංදු කියන්න ආව නම් සිංදු කියලා පල. හා.

කොහොම හරි ඉතින් ඔන්න නිව්ස් එක කියෙව්වට පස්සේ සින්දුවගේ මොළේ සිංදු කිසි කිසි ගාලා ට්‍රැක් එකට වැටෙනවා. මුලින්ම වැටුනේ
"මුහුදු පතුල යට ඉඳලා"   කෙලියා නේද තාප්පෙට ඒක ඇවිල්ලා මුදු පුත්තු එකේනේ. ඊළඟට කල්පොනා කොලාම ආවේ
"සිනිදු සුදු මුතු තලාවේ"... ආයෙත් කෙලියා නේද තාප්පෙට ඒක ඇවිල්ලා සත් සමුදුරු එකටනේ. මුහුදු පතුල යට මුලින්ම මතක් වුනු ගමන් ඒක ගැන ලියන්න ඕනා කියලා හිතුනා. පස්සෙනේ මතක් වුනේ ඒක මුදු පුත්තු කියලා. කොහොම වුනත් සිනිදු සුදු මුතු තලාවේ එකනම් මම කලින් ලිව්වනේ. කොහොමද ඒකෙ මියුසික් වල අර්ථය ! ආපෝයි දරුවෝ ඔන්න ඒක කියවලා නැත්නම් මහා පාපයක්. මට හිතෙන හැටියට මට නම් කොච්චර කියෙව්වත් අමුතු කික් එකක් දෙන පොස්ට් එක ඒක. කියෙව්වේ නැත්නම් තියෙන්නේ මේ ලින්ක් එක ක්ලික් කරන්න තමයි.

ඉතින් මේ දෙකම මතක් වුනාට මොකෝ දෙකම රන් මුතු දූවේ නෙවෙයිනේ. ඉතින් ඔන්න ඔහේ ලියන්න හිතුනු මුදු පුත්තු එකේ සිංදුව ගැනම ලියනවා. මේ සින්දුවනම් ඕනි තරම් අහලා ඇතිනේ. අර අර මුහුදු පතුල යට ඉඳලා සිංදුව තමයි මේ කියන්නේ.




ඉතින් මුදු පුත්තු මමත් ඔන්න බලලා තියෙන්නේ පොඩිම කාලේදී එක පාරක් ටීවී එකෙන්. මට තාම මතක ඔය සිංදුව විතරයි. කතාව මොකක්ද කියලා හොයාගන්න ට්‍රයි කොලා කොලා කොලා එකෙක් දන්නේ නෑ හප්පා. දන්නා පින්වතෙක් ඉන්නව නම් මහන්සිය නොතකා පිං තකා ශෙයා කොරගනිත්වා !

ඉතින් මෙහෙමයිලු දැන් ඔය සිංදුව ළමයෙක් නවලන අම්මා කෙනෙක් කියන එකක්නේ.අම්මාගේ නම සරා මට මතක හැටියට. මුලින්ම සරාගේ චරිතය සෝමලතා සුබසිංහ මහත්මියත්, පස්සේ ප්‍රේමා ඩැනියල්ස් මහත්මියත් රඟ දක්වුවලු.  මේ දරුවා ධීවරයෙකුගේ පුතෙක්නේ. ඉතින් ඔන්න ඒ නිසා මුහුද සම්බන්ධ කරගෙන සිංදුව පටාන් ගන්නවා.

මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා

දැන් ඕක අහපු අපේ ගොයියෙක් මට කියනවා ඕකේ තියෙන්නේ අර අර තේරුමක්ලු. මමද නිකන් උඩ කැරකිලා ගියාලු ඈ. උන්දැගේ විචාරේ හැටියට මුතු ඇටය මුතු ඇටය නෙවෙයිලු, පෙණ කැටිය පේන කැටිය නෙවෙයිලු. වෙන ඒවලු නිරුපණය කොරන්නේ. කෙලියා නේද තාප්පෙට ! මුන් සොක්‍රටීස්ලට අන්තයිනේ නෙහ්. මට නම් එහෙම හිතෙන්නම නෑ මෙයා. මම නම් හිතන්නේ ඒ ඒ යෙදුම් යොදාගෙන තියෙන්නේ ඒ ඒ අවස්ථාවට අනුකුලව අර ධීවර යන එක ඉස්මතු කරන්න කියලා.

සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා
සුදු පාටින් ටිකිරි හිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා

මෙතනින් කියන දේ ඇත්තටම මුදු පුත්තු බලලම තමා කියන්න ඕනා. සමහර විට මෙතනින් කියන්නේ දුප්පත්කම ගැන වෙන්න පුළුවන්. ඒවා ඔක්කම පුතාගේ සිනාවෙන් යට කරලා අම්මට සතුටක් ගේනවා . එක්කෝ සමහරවිට ඒක නිකන්ම උපමාවක් විදියට ගත්තා විතරක් වෙන්නත් පුළුවන්.

වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා
තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා
ඒ කවඩියි මේ පබළුයි එක නූලේ අමුනනවා
ඒවායින් හවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා

මෙතැනදී නොකියා මොනාද කියනවා කියනවා. :D වෙරළෙන් කිරි කවඩි ගේන්නේ එක්කෙනෙකුයි, පාට පාට පබළු ගේන එක්කෙනෙකුයි දෙන්නෙක් ගැන කියනවා. අනික ඒ ටික කියද්දී ඒ අම්මගේ රඟපෑම බලන්න. පුතාගෙන් ඈත් වෙලා හිතන්නේ. වෙරළෙන් කිරිකවඩි ගෙන කෙනා ගැන සතුටු මුණක්, අනිත් කෙනා ගැන වෙනත් මුණක්, වරදක ස්වරූපයක් පෙන්වනවා. නාමික තාත්තයි, නියම තාත්තයි ගැන කියනවා නේද නොකියා. කෙලියා නේද තාප්පෙට !
ඉතින් මේ දෙන්නටම පුතාව අයිතියිනේ. ඉතින් දෙන්නම ගේන ඒවා එක නුලේ අමුණලා හවඩිය බඳින්නේ.

සිංදුව ඇහෙන හැමවෙලාවෙම මම නම් ගිහින් නවතින්නේ ඉස්කෝලේ මේන් හෝල් එකේ. කොලපාට ගාපු බෙරයක් උඩු අතට හරවන් බෙරය කකුල් දෙක අතරේ හිරකරන් පුටුවක වාඩි වෙලා ජින්නා අයියා ඉන්නවා පැත්තක. සර්පිනාව තියාගෙන වසන්තා මිස්. ෆ්ලුට් එක අරන් මධුර අයියා, වයලින් තුන් දෙනෙක් වගේ හිටියා. ඉස්ටෙජ් එකේ කෙල්ලෝ ඉස්සරා කොල්ලෝ ටික පස්සේ. මිසා කවුන්ට් කාලාම ජින්නා දෙනවා මේ විදියටම බෙර පාර..
පුළුවන් තරම් ගිරි යටින් කොට කලිසම් ගහපු කොල්ලෝ සෙට් එකයි, ගිරියටින් කෑ ගහනවට කොල්ලන්ට හිතින් බැන බැන කෙල්ලෝ සෙට් එකයි , මේන් හෝල් එක දෙදරන්න ගයනවා මෙහෙම...




මේක මුල් ගායනය : සෝමලතා සුබසිංහ
තනුව : සෝමදාස ඇල්විටිගල
නාට්‍යය : මුදු පුත්තු - ගුණසේන ගලප්පත්ති
සංගීතය මෙහෙයවීම : ජයතිස්ස අලහකෝන්
මුල් රඟදැක්වීම : 1962 - 05 - 4 හැව්ලොක් ටවුන් රඟහලේ
නිෂ්පාදනයට මහගමසේකරයනුත් දායක වුනා කියලයි ආරංචිය.

( කොහොමවුනත් සින්දුව අග භාගය ඇහෙද්දී මටනම් වයලා ගැන දුක හිතෙනවා. අහ්හ් කෙලියා නේද තාප්පෙට )

මේ ළඟදී කියවපු නිව්ස් එකක් නිසා ඔන්න ෆිල්ම්ස් ගොඩාරියක් මතක්වී ගෙන වී ගෙන වී ගෙන වී... එක්කෝ ඕනි නෑ, ඉතින් මේ නිව්ස් එක ඇවිල්ල මේක. ශ්‍රීම...