Breaking

Post Top Ad

Thursday, 4 July 2013

පෙම් කපල්






කපල් කිව්ව ගමන් මොකක්ද කට්ටියට හිතට ආවේ ?
හරි හරි ආපු එක හිතේම තියාගන්නකෝ. ඉතිං මේ කපල් ගත්තම කැටගරි ගොඩකට වෙන් කරන්න පුළුවන්නේ. පිරිමි-ගැහැණු, ගැහැණු-ගැහැණු, පිරිමි-පිරිමි, තවත් තියෙනවද මන්ද ! අර ගැහැණුපිරිමි-ගැහැණු වගේ.තේරුනාද මන්ද. හරි හරි කොහොම වුනත් ප්‍රධාන වශයෙන් ඕවනේ මේ දවස්වල ප්‍රසිද්ධ කපල් කැටගරීස්. ඕකෙන් අපි ගමු ගැහැණු-පිරිමි කපල් ගැන.

ඒ වර්ගයේ කපල්නම් ඉතිං හැම තැනම දැකල ඇතිනේ. ඉස්කෝලේ, බස් එකේ, කැම්පස් එකේ, හොටෙල් වල, පාරවල් වල,කැලෑ වල, මුහුදු වෙරළේ, යන ආදී වශයෙන් ගත්තම කපල් නැති තැනක් නැති තරම්නේ. ඔතනින් අපි බස් එක සිලෙක්ට් කරගමුකෝ.

කපල් වලින් කොල්ලා ගත්තම එතනත් සබ් කැටගරි හෙන ගොඩකට කඩන්න පුළුවන්නේ. කොහොමවුනත් කෙල්ලොනම් සබ් කැටගරි වලට කඩලා තේරුමක් නෑනේ,මොකද ලඳුන් කවදත් ලඳුන්නේ. ඒ අය කෙනෙක්ට කෙනෙක් අනිවාර්යෙන්ම වෙනස්. වෙනත් සාධක නොසලකා හැරලා පාලනය කරන ලද තත්ත්ව යටතේ උපරිම ට්‍රයි එකක් දීලා අපිට පුළුවන්වෙයි සමහරවිට ලඳුන් දෙන්නෙක්ව ආසන්න වශයෙන් සමාන කරගන්න.ඒකත් සීමිත කාලයකට පමණයි.

හරි දැන් මේ කොල්ලෝ ගැනනේ කියාගෙන ආවේ. ඉතිං මේ කපල් වල සමහර කොල්ලෝ ඉන්නවා හිතාගෙන ඉන්නේ උගේ කෙල්ල එක්ටැම් ගෙදරක තියන්න. කෙල්ලට වෙන කොල්ලෙක් එක්ක හිනාවෙන්න බෑ. කතා කරන්න බෑ. ලඟින් යන්න බෑ. කෙල්ල දිහා වෙන කොල්ලෙක් බැලුවත් කෙල්ලට දෝසෙ. කොල්ලෝ නිතර ගැවසෙන දවස් හෝ ස්ථාන වලට කෙල්ලට ලස්සනට ඇඳුමක් අඳින්නවත් දෙන්නේ නෑ. ඉතිං උගේ ලව මහප්‍රානෙන්ම කුඩා බඩවැලේ කෙලවරේ සිට නැගී එන්නක්.
එහෙම එකෙක් සෙට් වුනු කෙල්ල ඒ කොල්ලව වෙනස් කරලා හදාගන්නේ නැතුව කොල්ලගේ විදියට ඉන්න ගියොත් දෙයියන්ගේම පිහිටයි. කාටද ඔහොම ජීවත්වෙන්න පුළුවන් ? උගේ ආදරේ මහමෙරක් කියන්නේ මේකට තමා කියලා හිතාගෙන අරුවම පතාගෙන ඉන්න කෙල්ලොත් නැත්තේම නෙවෙයි. හැබැයි වැඩි කාලයක් එහෙම ඉන්නවද කියලනම් මම දන්නේ නෑ. මොකද කෙල්ලගේ වුනත් සීමාවක් තියෙනවනේ.

සමහර කොල්ලොනම් ඉතිං එහෙම මොකුත් නෑ කෙල්ලව යම් මට්ටමකට තියාගෙන ඉන්නවා.කාටවත් හානියක් නෑ.දෙන්නම දෙන්නගෙ ගැන අවබෝධයකින් ලස්සනට මල් ඵල නෙලනවා.

තව වර්ගයක් තියෙයි කොල්ලට කෙල්ල වෙන එකෙක් එක්ක පැනල ගියත් ගානක් නැති ගානට තමයි ඉන්නේ. දෙන්නා අතර තියෙන්නේ ප්‍රේමයකට වඩා මිතුදමක්ද කියලයි හිතෙන්නේ. දෙන්න අතර හැසිරීමත්, කතාවත් ලිමිට් එක පැනලද මන්ද. එකෙත් ඉතිං හොඳයි නරකයි දෙකම දකින්න පුළුවන්.

දැන් අර මම කිව්ව කපල් වල, කෙල්ලව එක්ටැම් ගෙදර තියන්න හිතා ඉන්න කෙනෙක් ගීත රචකයෙක් වුනොත් මොනවා වේවිද ? මොනවා වෙන්නද සිංදුවක් ලියාවී නෙහ් ! අද කියන්න යන සින්දුවත් ඒ වගේ පෙම්වතෙක් ගැන ඒ වගේ හැඟීමක් දැනුණු ගීත රචකයෙක් ලියපු ගීතයක්. ගීතරචකයෙක් කිව්වට ඔහු ගීත රචනා කලාම පමණක් නෙවෙයි. ඔහු කවි ලියන්නෙක්, ලේඛකයෙක්, අකුරු නිර්මාණ සැලසුම් ශිල්පියෙක්, නිවේදකයෙක්, චිත්‍රපට ප්‍රචාරක සැලසුම් ශිල්පියෙක්, ගුවන් විදුලි නාට්‍ය රචකයෙක්, ගුවන් විදුලි නාට්‍ය නළුවෙක්, චිත්‍ර ශිල්පියෙක්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්.

ගීතයට අදාළ යුවතියගේ නම ඉන්ද්‍රා රාමනායක.


මීටරේට ආවේ නැද්ද ? ඉස්සර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශය වූ ගුවන් විදුලි රඟමඬල, ගජමුතු, කැලෑමල්, විනෝද සමය වගේ වැඩසටහන් වලනම් ඇය ගොඩක් ජනප්‍රියයි.

ඇය වෙනුවෙන් බණ්ඩාර කේ විජේතුංගයන් අතින් ලියවුනු මේ ගීතය සංගීතවත් කළා වගේම ගීතය ගායනා කරන්නේ වික්ටර් රත්නායකයන්.





ගීතය තමයි "සඟවා ගනු මැන ඔබේ රුව". අර්ථයනම් හිතාගන්න ඒ හැටි අමාරුවක් නෑ. මෙතනදි නම් ඔන්න යුවතිය හංගන්නේ හිරු රැස් බිඳකුදු වැටෙන්නේ නැති අඳුරු ගුහාවකලු. සොමි කියන්නේ සෞම්‍ය, මෘදු යන අර්ථය. ඒ වගේම රුසිරු කියන්නේ රූපශ්‍රීය යන්න. සංගීතමය පැත්තෙන් ගත්තොත් රසවිඳලා බලන්න ගීතය පුරාවටම අර කියන ඉවසිලිවන්ත බව නැති කම, කවුරුවත් ඈ දිහා බලනවද බලනවද වගේ හැඟවෙන කලබලකාරී, හිතේ තියෙන කැළඹිලි ස්වභාවය පෙන්වලා තියෙනවා.



සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි
මා හද බිය වී සැලී සැලී යයි

මහ වන පියසක අඳුරු ගුහාවක
යම් දිනයක ඔබ සඟවා තබනෙමි
හිරු රැස් බිඳකුදු ඔබ රුවැ දුටු සඳ
ඉරිසියාවෙන් පිරවේ මා හද


සොමිසඳ වන ලෙස රුසිරු නොවිනි නම්
දහසක් නෙත් ඔබ දුටුව ද කම් නැත
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත


ආදරය, ප්‍රේමය කියන්නේ කිසියම් බොළඳ බවක් අන්තර්ගතවුණු හැඟීමක්ලු. කොයි චණ්ඩියා වුනත් ඒ බොළඳ කමට ලැදියිලු.ඒ නිසාලු පණ්ඩිතයන්ට පෙම් කරන්න බෑ කියලා කියන්නේ. අර දික්පිටියා කියන්නේ
"යුක්තිය පසිඳන ඔබේ මහා පඬිවරු හඳුනන්නේ නැත පෙමක අගේ" කියලා.
ඒ නිසා මේ වගේ ඊර්ෂ්‍යාවක් ආත්මාර්ථකාමී හැඟීමක් ඇතිවීම සාධාරණ වෙන්න ඕනි. නමුත් ඒ මත ඔහුව හෝ ඇයව සැක කිරීම මහා නූගත් ක්‍රියාවක්. ඒ පුහු සැක කිරීම් මත පදනම් වෙලා තීන්දු තීරණ ගැනීම මහා නිවට ක්‍රියාවක්.

පහුගිය දවස්වල පෙම්වතියට වහ දීලා මරපු පිස්සු ඩයල් එකක් ගැන ඇහිලා ඇතිනේ. ආරංචියේ හැටියට මානසික ආබාධයකුත් තිබිලාලු. පෙම්වතෙක් පෙම්වතියක් හමුවුනාම ඇතිවෙන හැඟීමේ බොළඳකම පාලනයක් නැති වුනාම වෙන විනාශය කොච්චරද. පිස්සෙක්ට කොච්චර පෙම් කලත් වැඩක් නෑ ඌ පිස්සෙක්නම්. පෙම් කරන්න කලින් පිස්සුව හොඳ කරගෙන ඉන්න ඕනි. හැඟීමක් පාලනය කරගන්න මොළයක් තියෙයි. අවශ්‍ය වෙලාවට පාවිච්චි නොකරන මොළයෙනුත් කිසිම වැඩක් නෑ. ඒ කිව්වේ බස් එකේ ඔයා යනවනම් එතන නිදි යහන කරගන්නේ නැතුව බස් එක කරගන්න. හරිහමන් පෙම්වතෙක්නම් හිතන්න ඕනි පෙම්වතියගේ ගෞරවය ගැන. වෙන රටකදී ඒක ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන් ඒත් ඒක හැම රටටම පොදු නෑනේ නෙහ්. බස් ගැන ඉතින් වෙනමම ලියන්න ඕනි නෙහ් ? ඔන්න ඔහේ සිංදුව අහන්න මෙයා.

17 comments:

  1. ඉන්ද්‍රා ඒ කාලේ 1975 විතර හොඳ කඳ. හුඟ දෙනෙක් දන්නවා SLBC එකේ.

    ReplyDelete
    Replies
    1. :D හඃ හඃ හඃ හප්පටසිරි එහෙමද :D බොහෝම ස්තුතියි ඇනෝ !

      Delete
    2. රාමනායක උනේ බැන්දට පස්සෙද

      Delete
  2. සි0දුව අදමයි ඇහැව්වේ.හරිම ලස්සනයි, විස්තරේද අපුරුයි:-pi

    ReplyDelete
  3. මේ සිංදුව නම් ඇත්තටම අදමයි මම ඇහුවේ..

    ReplyDelete
    Replies
    1. :) අහලා බලන්නකෝ මට අහපු ගමන් වැදිච්ච සිංදුවක්. බොහෝම ස්තුතියි :)

      Delete
  4. මගේ ප්‍රියතම ගීතයක්... ගීතයේ කතන්දරේ ඇහුවේ අදමයි.. කෑල්ල නම් පිස්සු හැදෙන කෑල්ලක් නම් තමයි..

    ReplyDelete
    Replies
    1. :D මාතලනුත් එහෙනම් හොඳට දන්නවා වගේ :D :D බොහෝම ස්තුතියි ඈ !

      Delete
  5. බස් ගැනත් එහෙම නම් තව කතාවක් එයි නේ ලඟදිම? හැමදාමත් කියන්නා වගේ, ලස්සනයි සිංදු මේකත්. සුපිරි ලියවිල්ලක් w-) w-) w-)

    (Budz)

    ReplyDelete
    Replies
    1. ඒවි ඒවි . බොහෝම ස්තුතියි බඩී ! :)

      Delete
  6. // කෙල්ලට වෙන කොල්ලෙක් එක්ක හිනාවෙන්න බෑ. කතා කරන්න බෑ. ලඟින් යන්න බෑ. කෙල්ල දිහා වෙන කොල්ලෙක් බැලුවත් කෙල්ලට දෝසෙ. කොල්ලෝ නිතර ගැවසෙන දවස් හෝ ස්ථාන වලට කෙල්ලට ලස්සනට ඇඳුමක් අඳින්නවත් දෙන්නේ නෑ. // b-( මේ ජාතියේ ය නං සෑහෙන්න ඉන්නවා මන් හිතන්නේ .. ගීතය නම් අදමයි ඇහුවේ h-(

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හැම ජාතියෙන්ම ඇති වෙන්න ඉන්නවා ඇත්තටම. අහලා බලන්නකෝ සින්දුව. බොහෝම ස්තුතියි :)

      Delete
  7. // වෙනත් සාධක නොසලකා හැරලා පාලනය කරන ලද තත්ත්ව යටතේ උපරිම ට්‍රයි එකක් දීලා අපිට පුළුවන්වෙයි සමහරවිට ලඳුන් දෙන්නෙක්ව ආසන්න වශයෙන් සමාන කරගන්න.ඒකත් සීමිත කාලයකට පමණයි.//
    සහතික ඇත්ත

    ReplyDelete
    Replies
    1. :D බොහෝම ස්තුතියි මචන් :)

      Delete
  8. හනේ අම්මේ .......!
    කපල් කිව්වම ඉතින් තව එකක් එනවා . ( ගැහැණු හෝ පිරිමි නොවන + ගැහැණු හෝ පිරිමි නොවන )
    හැක හැක ...... :-da :-da :-da
    මම ඔය සින්දුව අහන්න ගත්තේ 4 වසරේ විතර විතර ඉඳලා . කැටස් කැසට් පීස් තමා . එක අහලම අවුරුද්දක් විතර යනකොට පීස් එක අවුල් .
    මමනම් ආයේ ඕක අහන්නේ නෑ . හැක හැක හැක .... :-da :-da :-da
    පොස්ට් එක එල ආ ...... :)

    ReplyDelete
    Replies
    1. පීස් එක විතරනේ අවුල් නෙහ් ? :)) හඃ හඃ හඃ හඃ බොහෝම ස්තුතියි වයලෝ ! :)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here