Breaking

Post Top Ad

Blog Archive

Friday, 31 August 2018

ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (3)






ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (1)
ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (2)

ඔන්න තුන්වෙනි කොටසටත් ආවා . කලින් පොස්ට් දෙක කියෙව්වේ නැත්නම් කියවලා එන්න මේක කියවන්න . නැත්නම් කලින් පොස්ට් එකේ අල මුල ගිය තැන් ගැන කියනකොට ඔයාලට ගැටළු ඇති වෙයි .

ගිය පොස්ට් එක නැවැත්තුවේ ඇලපාත මුදලි තුමා ගජමන් නෝනාට ඇලපාත ගමට එන්න කියන කතාවත් එක්ක .

කාලයක් යනකොට ඇලපාත මුදලිතුමා තේරුම් ගන්නවා තමාට ගජමන් නෝනා සම්බන්ධ කරගන්න බෑ කියලා . ගජමන් නෝනා තමන්ගේ කවි වලින්ම කියනවා " මම ඔබතුමාට නෙවෙයි මුදලිතුමා ආදරය කලේ , ඔබ තුමාගේ කවි වලට " කියලා .

මෙච්චර කවි ලියලා මුදලිතුමාට ඉතුරුඋනේ අන්තිමට ඔය හෙනේ තමයි . හැබැයි එතුමා ඒ කියපු ලියපු කවි බලලා හිතන්න යමක් ඉතුරු කරලා තියෙනවා . ඔන්න බලන්නකෝ .



ඇලපාත
සසඳර මනන්න්ද බඳුවද                 මකුලින්ද
යුගතන පිරිකුන්ද ගනරන් කුඹු            මෙන්ද
මතවර වර නින්ද සසොබන මන           නන්ද
කත නුඹ ළඟ නින්ද නොලැබුන       පවකින්ද

ගජමන්
කුන්ද මමන පොබ කල මැති සඳුනි    යසා
අන්ධ කාරයට ඇවුලූ පහන            ලෙසා
නන්ද මගත දිලුණත් රූපෙන්      සතොසා
නින්ද බැරිය මා ළඟ ඔබ සිතන       ලෙසා

ඇලපාත
පිනවන සිත් සුරතල් බස් දෙන          ලීලේ
ගුණ යහපත් සොඳුර නුඹ වෙත බැඳී  ආලේ
බැඳී මා සිත් නුඹ ළඟ හැසිරෙයි   දෙවෙලේ
පන ගීයමුත් නොහරිමි නුඹ වෙත     ආලේ

( සොඳුර , සිත සතුටින් පුරවන සුරතල් වදන් කියන ආකාරයට , ගුණ යහපත් කම් සහිත , ඔබ වෙත බැඳෙන ආදරය , මාවෙත තදින් බැඳීමෙන්, හදවත දවසේ දෙවෙලෙහිම ඔබ ළඟ ගැවසේ . එබැවින් මම මියගියද ඔබ හට බැඳී ආදරය නැති නොවේ )

ගජමන්
ආදරේ බැරිද ඉවසාගෙන        ඉන්ඩ
සාගරේ බැරිද පීනා ගොඩ       යන්ඩ
මේ සැරේ දීපු දුක ඇත දැන     ගන්ඩ
ආදරේ මොකද ඔය හැටි     ගෑනුන්ඩ

( ආදරේ ඉවසාගෙන ඉන්න නොහැකිද ? . සාගරය පීනා ගොඩ යාමට නොහැකිද ? . මෙවර මට ඔබ දුන් දුක ඇතිය . ඔබ ගෑනුන්ට ඔය තරම් ආදරේ ඇයිද ? )


ඇලපාත
වෙනසක් නොව අදරින් එක පන      ලෙසින
සිත දුක් දුරැර වැස ඉන්නට එක           යහන
මඇසක් සදිසි කුළුනැති පියොබඳෙ   සොබන
සැපතක් වෙන කුමට ලැබුනොත් එම  පමණ

( මාගේ ඇසක් වැනි ලෙන්ගතු කමක් දැනෙන ප්‍රියාවියේ , වෙනසක් නැතිව  පණ වාගේ ආදරයෙන් , සිතේ ඇති දුක් දුරු කර , ඔබ හා එකම යහනක සැතපෙන්නට හැකිනම් , වෙන සැපතක් කුමටද ? )

ගජමන්
මල් පිපුනොත් සුවඳට බඹරුන්           එනවා
ගඟ තිබුනොත් කවුරුත් දියවර        බොනවා
වැසි තිබුනොත් සරු නැති බිම සරු    වෙනවා
රුව තිබුනොත් අපටත් සැම        තුටුවෙනවා

( මල් පිපුනහොත් ඒ සුවඳට බඹරුන් ඒ , ගඟ තිබුණහොත් පිපාසයට කවුරුත් එහි ජලය පානය කරයි . වර්ෂාව වටහොත් නිස්සාර භූමිය සරුසාර වේ . එ පරිද්දෙන් රූපය තිබුනොත් අපටද කවුරුත් කැමති වේ )

ඇලපාත
අටී සුරඹ දුටුවම පිනවන           නයන
අටී කෙලින් දෙන බව යහතින්  දෙතන
අටී වඩන ගජමන් ලැබුනොත්    සරණ
වටී මෙමට සක්සැප අත්වුණ     පමණ

( සුර ලියන් දුටුවම ප්‍රීති උන්මාදයට පත්වෙයි සිතෙන දෑස තවදුරටත් සිතන්නේ ඔබගේ දැඩි වූ පියයුරු මා වෙත ලැබෙයි කියාය . එවන් ගජමන් නෝනා මට ලැබුනහොත් ශක්‍රයා ලද දිව්‍ය සැපත ලැබුනා මෙන් මට වටින්නේය )







ගජමන්
සායේ වැදීලා විත් මෙපුර               කිවියුරු
මීයේ වදය මෙන් රැස්කොට කියති    බොරු
ලීයේ ඇදය හරිතත් හුයලා               අඟුරු
වැයේ කුදය බැලුවම ඊටත්             නැඹුරු

( මේ නගරයේ කවි කරන්නන් සාගින්නෙන් මෙන් පැමිණ මී මැස්සන් මී පැණි රැස් කරන්නා සේ බොරු ගොතා කියති . අගුරු පල්ලේ දමා රත් කර ලීයක ඇදය නැති කිරීමට හැකි වූවත් වැයේ නැම්ම ඊටත් වඩා වැඩියෙන් පවතී )

ඇලපාත
කිව් මෙනේ තදිනි දුක්මුසු            විලාපා
ඇයි අනේ කුමට දෙන්නෙද       මෙතාපා
වෙයි සෙනේ මසිත නුඹ වෙත     මනාපා
ඇයි පනේ ඔහොම නොකියන්      සරූපා

( මෙවැනි තද දුක් මුසු විලාප නගන්නේ ඇයි ? . මෙවැනි ගින්දර දෙන්නේ ඇයි ? . මගේ සිත නුඹ වෙත ඉතාම කැමැත්තෙන් පසුවේ . එනිසා ඔය ආකාරයට කතාකරන්න එපා පනේ )

නෙතට දුකයි නුඹේ උවනත    නොදැකීම
කනට දුකයි නුඹේ අම බස්      නොඇසීම
කයට දුකයි නුඹේ සුපහස       නොලැබීම
සිතට දුකයි මෙලෙසින් නීති         පසුවීම

( ඔබේ මුහුණ නොදැකීම මගේ දෑසට දුකකි . අමෘතය වැනි ඔබගේ වදන් නොඇසීම මාගේ දෙසවනට දුකකි . ඔබගේ ස්පර්ශය නොලැබීම මාගේ ගතට දුකකි . මෙසේ කාලය ගත කිරීම සිතටද දුකකි )

ඇලපාත මුදලිතුමාගේ මේ කවි කියෙව්වම පේනවා නේද අනන්ගයා ඇලපාත මුදලිතුමාගේ හදවතට කොච්චර ගින්දරක් දීලද කියලා .

                                   
මේ පහල තියෙන කවි ගජමන් නෝනා තමාට නොලැබෙන බව දැනගෙන ඇලපාත මුදලි තුමා ගොතපු කවි .


තුට කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද
ඉට කල අරුත් පුවතර මා නෝන              සඳ
රට තුළ සිරින් අවුරුදු මගුල් විය             සොඳ
මට තුළ සතොස් නැත නුඹ නාවොතින්        අද

( ගුණ නැණ රුව ආදී නොයෙක් දේවල් වලින් මාගේ හදවත සතුටු කල , එහි අරුත සිතාගත් මාගේ සුපසන් ගජමන් නෝන , මුළු රට පුරාම අවුරුදු මංගල්‍යයේ අසිරි සිරි පිරී තිබුනද නුඹ නාවොත් අද මට කිසිම සතුටක් ලැබෙන්නේ නැත )

උස්සා කර බැලුවෙ දුටුදා සිට              නෙතට
උත්සා කරන වගකුත් නෑ           පෙනෙන්නට
මැස්සා ඉගිලුනා වැනි ගියෙ ගේ             තුළට
ඇස්වා වදිනවද දුටුවම මුහුණ                   මට

( ඔබව ලබාගැනීමට මම උත්සාහ කර බැලුවේ මාගේ දෑසට ඔබව දුටු දවසේ සිටය . නමුත් ඔබ ඒ සඳහා කිසිම වෑයමක් ගන්නා බව නොපෙනේ . මැස්සෙකු ඉගිලී ගියාමෙන් නිවාස තුලට පිවිසියේ ඔබගේ මුහුණ මම දැක්ක විට ඇස්වහ වදිනවා යැයි සිතාද ? )

වතාවත් සඳෙව් නෙත් දෙක              නිලුපුල්ලා
ඇතා යුර ගමන යයි වටපිට                    බලලා
ඉතා රතු ලියක් කහවත්තෙදි                 දැකලා
කතා නොකර ආවෙමි සරණය               පතලා

( වරෙක ඔබගේ දෑස නිලුපුල් වැනිය . ඔබගේ ගමන ඇතෙකුගේ ගමන වැනි වට පිට බලමින් යන ගමනක්ය . කහවත්තේදී රතු පැහැති කාන්තාවක් දුටුවත් මම ඇය සමග කතා නොකර ආවේ ඔබගේ සරණය ප්‍රාර්ථනාවෙනි .)


පුන් සඳ දෝ මිදුලේ කර            කැවෙන්නේ
රන් බඳ දෝ ගෙයි ඇඳ පිට             නිදන්නේ
රන් කොල දෝ ඔය ළමයා         ගොතන්නේ
පින් මදි දෝ මා ලං කර             නොගන්නේ


( ගෙමිදුලේ සක්මන් කරන්නේ පුන් සඳද ? . ගෙයි ඇඳේ සැතපෙන්නේ රන් බන්දද ? . ගෙත්තම් කරන්නට ඔබ ගන්නේ රන් කොලද ? . ඔබ මාව ලංකර ගන්නේ නැත්තේ මගේ පින් මදි වෙලාද ? .)

ඇලපාත
ලොව රස අහර නැත්තෙන් ගොන් තන කත්ද 
දිය කුස ඇති නිසා වෑ ලී ඇද              වෙත්ද
නුබෙ දොස නැතැයි මට කුමකට     ගරහත්ද
මගෙ දොස නිසා නුඹ දැන් වෙසගන   වෙත්ද

( ලෝකයේ වෙනත් රස ආහාර නැති නිසාද ගොන්නු තණකොළ කන්නේ . ඇතුලේ ජලය ඇති නිසාද වෑයෙන් වෑගැසූ ලී ඇද වෙන්නේ . නුඹේ වැරදි නැති නිසාද මට ලොකු පාට් දාන්නේ . මාගේ වැරැද්ද නිසාද නුඹට වේස ගෑණියෙක් කියලා නම වැදුනේ . )

ගජමන්
සිත් ලෙසිනා ඇවිද තන බුදින        තිරිසනා 
මත වෙමිනා රාගෙන් හක් හෝක්       ගානා 
සිත් තුටිනා මෙනටක කරනකොට   ගොනා 
බත් බුදිනා අපට තව කොහොමද මඳ     නා 

( හිතේ හැටියට තණකොළ කමින් ඇවිදින ගොනා රාගයෙන් මත්වෙලා හක් හොක් ගගා කෑගසයි . එහෙව් ගොනා සිතේ සතුටින් මේ විකාර කරනකොට , බත් කන අපිට තව මොන සැපද ? )



ලවු කරලා අන්තිමට් මෙහෙම හින්ට් පාරවල් ගහගෙන තමයි ගජමන් නොනයි ඇලපාත මුදලිතුමයි කවි කියාගන්නේ . ගජමන් නෝනා මෙච්චර ගණන් උස්සන් එකේ ඇලපාත මුදලි තුමා හිතනවා මම වෙන අතක් බලා ගන්නවා කියලා .

එහෙම හිතලා ඇලපාත මුදලි තුමා ගජමන් නෝනට ටටා කියනවා .

                                                             
ඊට පස්සේ එතුමා විවාහ වෙනවා වෙන රදල පැලැන්තියේ කුමාරිහාමි කෙනෙක් එක්ක . ඒත් සිතින් විතරක් ගජමන් නෝනට පෙම් කරා .   

ගජමන් ඇලපාත දෙන්නාගේ ලවු ලවු කවි ටික මෙතනින් ඉවරයි . ඊළඟ පොස්ට් එකෙන් ඇලපාත මුදලිතුමාගේ වෙනත් කවි රචනා කීපයක් කියවලා ,  මුදලිතුමාට පාන්සකූලේ දීලා පැන්වඩමු .


ඊළඟ කොටසින් හමුවෙමු .   




ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

18 comments:

  1. "මම ඔබතුමාට නෙවෙයි මුදලිතුමා ආදරය කලේ , ඔබ තුමාගේ කවි වලට" මුදලිතුමා පවු නේ? :-? මරු පොස්ට් එක වයලෝ... w-) w-) w-)

    (Budz)

    ReplyDelete
    Replies
    1. කොහෙද ඔයා හිටියනම් ඒ දවස්වල මුදලිතුමාට අප්ප්ලිකේෂන් එකක් දාන්න තිබුනා s-):-bd :-bd

      Delete
    2. ආ හා .......
      මම දන්නේ නෑ අප්පා .
      සමහරවිට ගජමන් නෝනා කවිකොළ ටික බදාගෙන ඉන්න ඇති . හැක හැක =)) =)) =))
      බොහොම ස්තූතී ආ .
      g-) g-) g-) g-)

      Delete
    3. @සිංදුවා - අයියා මෙයා කවි ලිව්වනම් :-O :-O :-O :-O

      Delete
  2. .නැද්ද සිංදුවා අයියා ?
    මල්ලි හරි මල්ලි ! :D :D

    කවි වල තේරුම් පුළුවන් හැටියට හරි දාපු එක ගොඩක් වටිනවා ඈ.
    අර කවි දෙක පොඩ්ඩක් බලන්නම් මමත්. වෙනදා වගේම පොස්ට් එක සුපිරි. ඒ වගේම මේ සීරියස් එකත් ගොඩක් වටිනවා ආ... උපරිමයි පස්ටයි ! :-h

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක . දාන්න ඕන පවුල් සෞඛ්‍ය නෙවේ පවු අවුල් සේවා මධ්‍යස්ථානයක් . දාලා ඔක්කොම පවුල් කන්න ඕන . කාලා බොන්න ඕන . හැක හැක හැක :)) :)) :))

      තව මොකක් හරි ෆන් සීරියස් එකක් සෙට් උනාම බලන්න ඕන ලියල දාන්න .
      බොහොම ස්තූතී ආ g-) g-) g-) g-)

      Delete
  3. තේරුම් හරියටම ලියන්න නම් තේරෙන්නේ නෑ. ඒත් කියන්නෙ මොකක්ද කියලා හිතාගන්න පුළුවන්. බොහොම ස්තූතියි ළිපි පෙලට..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී මාතළං අයියේමාමේ .
      තේරුම මටත් හිතෙනවා . ලියාගන්න බැරි නිසා කියවන අයට ලියන්න කිව්වා . හැක හැක හැක :)

      Delete
  4. එක අතකින් පව් නේ මුදලි තුමා..... මොනා කරන්නද ඉතිං නේ මුදලිතුමා ලබා උපන් හැටි තමා....
    කහවත්ත කිව්වේ අර මිනීමැරුම් සෙට් එකක් වුන පැත්තද.....
    පෝස්ට් එක හොදයි වෙනද වගේම....

    ReplyDelete
    Replies
    1. ඔවු හනී....
      ඇඩේ.......නවා
      බෙලිඅත්ත කිට්ටුව තියෙන කහවත්තක් වෙන්න ඕන මේක . හිතාගන්න අමාරුයි මොන කහවත්තද කියලා . ඇලපාත මුදලි තුමා කියන්නේ රත්නපුරේ කිට්ටුව කහවත්ත ගැනද දන්නේ නෑ . ගජමන් නෝනගේ තාත්තා ඉපදිලා තියෙන්නේ අර මම කිව්ව බෙලිඅත්ත කිට්ටුව තියෙන කහවත්තේ .

      බොහොම ස්තූතී !

      Delete
  5. මම නම් තේරුම දන්නව. කියන්නෙ නෑ. හූ හූ.....

    ReplyDelete
    Replies
    1. හීඊඊඊඊඊඊඊඊ :)) :)) :)) :))
      මමත් දන්නවා . මම බැලුවේ මේ උයා දන්නවද කියලා . හැක හැක හැක
      g-) g-) g-) g-)
      උයත් දන්නවනේ . ඒ ඇති . c-) c-) c-)

      Delete
  6. ඒ කාලෙයි දැං කාලෙයි කියලා වෙනසක් නෑ බං...... ගෑණු ගෑණුමයි
    (අ.පේ. ආලවක)

    ReplyDelete
    Replies
    1. සිරාවටම !
      බොහොම ස්තූතී ආ .

      Delete
  7. බ්ලොගට ආවේ අද ය..එළ ය...ජය වේවා!! ;)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී අයියේ ! g-) g-)

      Delete
  8. හ්ම්.... දැන් කාලෙත් ඇලපාතල ගජමන්ල හැමතැනම. වැරැද්ද ඉතිං උන්ට කයි කිය කිය ඉන්න ඉස්පාසුවක් නැතිකම. :D

    මට ඔය ඇලපාත සීන් එක අහන හැම වෙලාවෙම කලින් උඹ කියපු දිවුල්ගනේ මහත්තයගෙ සින්දුව මතක් වෙනවා. ඒත් එක්කම මේ පදෙත් හිතට එනවා, මොකද මන්දා.

    ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ.

    ReplyDelete
    Replies
    1. ආ අයියා ඇවිත් තියෙන්නේ . එල ආ ....!

      හඃ හඃ හඃ ඔව් ඉතිං උන් ඔහොමම තමා . අපිත් එහෙමම තමා .
      ගෙවල් වලට හොරෙන් කවි කියා කියා ඉන්න එකෙත් ආතල් එකක් ඇති නේද ?.
      කියලා බලන්න ඕන . හඃ හඃ හඃ =)) =)) =))

      මමත් පෞද්ගලිකවම පට්ටම ලයික් සින්දුවක් ඕන . g-) g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here