Breaking

Post Top Ad

Tuesday, 25 June 2013

සුදු නෙළුම කෝ ?


ගොඩක් ගීත රචකයන් පට්ට සංවේදී නිරමාණයක් එහෙම නැත්නම් ප්‍රසිද්ධ නිරමාණයක් කලොත් බොහෝ වෙලාවට ඒක තමන්ගේ අත්දැකීමක් ඇසුරෙන් නිර්මාණය වුවක්. ඇත්තටම තමන්ගේ අත්දැකීමක් තරම් මොකුත් හිතෙන මවාගන්න හරිම අමාරුයි කියලයි මට හිතෙන්නේ. ඒත් ඉතිං අහම්බෙන් වගේ එච්චර දක්ෂතාවය තියෙන අය නැතුවමත් නෙවෙයි. හරියට සුනිල් ආරියරත්න ශුරින් වගේ. බැඳලවත් නෑ ඒත් ලියපු සිංදු ඇහුවම කීයටවත් එහෙම හිතන්න අමාරුයි. කොහොමවුනත් අද කියන්න යන්නේ සුනිල් ආරියරත්නයන් ලියපු ගීයක් ගැන නම් නෙවෙයි. මේක වෙනමම කෙනෙක් ලියපු ගීතයක්. මම කිව්වනේ සංවේදී හිතට දැනෙන ගීතයක්නම් ඒක ගොඩක් දුරට අත්දැකීමක්, සත්‍ය සිදුවීමක් නිසා කියලා. ඇත්තටම මේ සින්දුවත් එහෙම සිදුවීමක්.

මේක වෙලා තියෙන්නේ රත්න ශ්‍රී විජේසින්හයන්ට.













ඒ දවස්වල විජේසිංහයන් රැකියාව කලේ මහියංගනය ප්‍රදේශයේලු. ඉතිං එහෙ පාසලක උගන්වන්න විජේසිංහයන් තරමක දුරක් ගෙවාගෙන බස් රියේ පාසලට හැමදාම උදේ එනවලු.ඉතිං එන්නේ ඔක්කම්පිටියේ දෙමටමල් විහාරයත් හැමදාම පහුකරගෙනලු. ඉතිං කතරගම එහෙම ගිහින් තියෙයිනම් කට්ටිය දන්නවා ඇතිනේ මල් විකුණන ගෑලු ළමයි එහෙම ඉන්නවා. ඒ වගේ මල් විකුනනවලු මේ පන්සලෙත් ළමයි. කතරගම වගේ ලොකු ගෑලු ළමයි නෙවෙයි මේකට අදාළ වෙන්නේ ඉස්කෝලේ යන ඒ වයසේ පොඩි දරුවෙක්ලු. ඉතිං විජේසිංහයන් එන කොට හැමදාම වගේ දකිනවලු මේ ළමයා වැවෙන් මල් කඩලා ඇවිත් පන්සලේ ළඟ ඉඳන් විකුණන එක. ඔහොම ටික දවසක් යනකොට එක දවසක වැව ගාව මිනිස්සු පිරිලලු. විපරම් කරලා බැලුවම අර පොඩි දරුවා වැවේ ගිලිලා මිය ගිහින්ලු.

ඉතිං ඔන්න ඔය සිද්ධිය පාදක කරගෙන විජේසිංහයන් ලියනවා ගීතයක්. මේකට සොරබොර වැව ආරෝපණය කරගෙන තියෙනවා. ඉතිං මේ පද රචනය අරගෙන විජේසිංහයන් අමරදේවයන්ගේ ගෙදරට යනකොට අමරදේවයන් අහමින් හිටියේ ආශා මාන්ඩ් කියන රාගය ආශ්‍රයෙන් පණ්ඩිත් ජස්රාජ් කියන ගායකයා ගයන සින්දුවක්ලු. ඒකෙ වැඩිපුරම මතුකරලා තියෙන්නේ කරුණා රසයලු. පුදුමය කියන්නේ මේකේ පද පෙලෙත් වගේම මේ ගීතයට ඕනි කියලා හිතෙන්නෙත් කරුණා රසයමලු. ඉතිං ඒ ආශ්‍රයෙන් අමරදේවයන් මේ ගීතය නිර්මාණය කලාලු.

ඉතිං අමරදේවයන්ගේ ප්‍රතිභාවෙන් පරිපුර්ණ වෙලා ගායනා කරන ඒ ගීතය තමයි "සුදු නෙළුම කෝ" . මේ ගීතය අසද්දී දැන් ඒ සිද්ධිය ඔබේ සිතෙහි මැවී පෙනෙනු වගේම එයින් සිතට සංවේදී හැඟීමක් දැනෙනු නොඅනුමානයි.






සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ


වැවට කළුවර යාවුණා
සංසාර දුක බෝවුණා
නෙලූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා


සිහින් සිරිපොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙලුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පා වුණා


12 comments:

  1. ගීතයට පාදක වෙලා තියෙන්නෙ හරිම අනුවේදනීය කතාවක්නේ . ගීතයත් රස වින්දා . බොහොම ස්තූතියි අගනා සටහනට .

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔයාටත් :)

      Delete
  2. රන්නශ්‍රී විසින්ම මේ කතාව කියන වෙලාවට සම්මන්ත්‍රණවල ඉන්න හැමෝම අඬනවා.

    ReplyDelete
    Replies
    1. :) මට තාම චාන්ස් එකක් ආවේ නෑනේ ඕකකට යන්න :) බොහෝම ස්තුතියි :)

      Delete
  3. දුක හිතෙන කතාවක් සිංදු... හ්ම්.. :( :( :(
    (Budz)

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් බොහෝම ස්තුතියි :)

      Delete
  4. පෝස්ට් එකත් ලස්සනයි කතාවත් ලස්සනයි අර පොඩි එකාගෙ පින්තූරෙත් ලස්සනයි.....
    වෙච්චි සිද්දිය තමා දුක. දුප්පත්කම නිසා ඔය වගේ ජීවිත කීයක් බිලි වෙනව ඇද්ද.

    ReplyDelete
    Replies
    1. අනිවා මචං දුප්පත්කම නිසා කියක් බිලිවෙනවද ! සිරා ! බොහෝම ස්තුතියි මචං ! :)

      Delete
  5. හරිම සංවේදී කතාවක්නේ.... සිංදුව අහල තිබුනට මේ සිද්දිය දැන ගත්තේ අද....

    ReplyDelete
    Replies
    1. :) බොහෝම ස්තුතියි සමනලී !

      Delete
  6. හම්මට උඩු . කතාව ඇහුවම සින්දුව ආයේ ආයෙ රිපීට් කරන්න හිතෙනවා හෆ්ෆා .......
    පට්ට පොස්ට් එක .
    මම ඔය සින්දුව තාම ඇහුවේ නෑ .
    අහන්න ඕන දැන් නම් .
    g-) g-) g-) g-)

    ReplyDelete
    Replies
    1. :-O :-O :-O තාමත් අහලා නෑ ? අඩෝ දැන් අහපිය ! බොහෝම ස්තුතියි වයලා ! g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here