Breaking

Post Top Ad

Blog Archive

Monday, 11 February 2013

ඒ මියැසිය අද මා ගයනා විට


මියැසියේ ගී විඳින්නට එන හැමෝටම සමහරවිට මේ බොලොග්ගු ඉට්ටයිල් එක පුරුදු නැතිවෙන්න පුළුවන්. ඒ නිසා මේක පාවිච්චි කරන හැටි නොදන්න අයට කියන්නම්.මේකේ පොස්ට් ඔයාට කැමතිම විදියකට view කරන්න පුළුවන්.ඒකට විවිධ ආකාර ටිකක් ඔය උඩ තියෙන කලුපාට තීරුවේ වම පැත්තේ කෙලවරේ තියෙයි.එතන තියෙන ලිස්ට් එකෙන් කැමති විදියකට පොස්ට් ටික බලන්න හදාගන්න. 

සින්දුවගේ වාද්‍ය වෘන්දයට එකතුවෙලා ගහන ගහන සිංදුව ගැන දැනගන්න ඕනිනම් දකුණු පැත්තේ හැංගිලා තියෙන කළු පෙට්ටියෙන් වාද්‍ය වෘන්දය තෝරාගෙන ඒකට sign වෙන්න.ඒ වගේම එතනින් පහුගිය පොස්ටු ඉක්මනට හොයාගන්නත් පුළුවන්.පොස්ටුව කියවල යනගමන් පහල තියෙන කොමෙන්ටුවක බැනලා හරි ගහලා යනවනම් ඉතිං වටිනවාලු.යමු යමු සින්දුවට.


මව් ගුණ ගීත මෑත කාලීනව බිහිවුනේ ඉතාමත් කුඩා ප්‍රමාණයක්ය
අවාසනාවකට මෙන් මවගේ ගුණද හෑල්ලුවට ලක්වුණු ගීතද ඒ කුඩා ප්‍රමාණය තුල ඇත
නමුදු
වාසනාවකට මෙන් තාමත් මව් ගුණ ගීයක් කියූ සැනින් අප හදවත් තුල රැදෙන්නේ
මෙකල බිහි වූ කසී කබල් ශබ්දයන් නොව
වික්ටර් රත්නායකයන් සුනිල් එදිරිසිංහයන් නන්ද මාලිනියන් වැනි අය ගීතවත් කල ගීතයි
මෙයද එවැනි ගීතයකි.මේ ගීතය නිර්මාණය වුවේ මෙසේය.


සුනිල් එදිරිසිංහයන්ගේත් රෝහණ වීරසිංහයන්ගේත් මෑණිවරුන් මියගියේ සමකලීනවලු
සුනිල් එදිරිසිංහයන්ගේ මවගේ අවමගුලට පැමිණි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්
සුනිල් එදිරිසිංහයන්ගේන් ඇසුවාලු ” ඔබ මව් ගුණ ගීයක් ගයා තිබෙනවාද ? ” කියා
එවිට ඒ වෙනතෙක් මව්ගුණ ගීයක් ගයා නොසිටි
සුනිල් එදිරිසිංහයන්ගේ මුවින් වචන පිට නොවුවත් ඔහුගේ දෑසින් හැගීම් පිටවුනෙලු.
පසුව සතියක පමණ කාලෙකින් සුනිල් එදිරිසිංහයන්ට ඒවා තිබු ගීතය මෙයයි.


මුල් දවසේ මෙම ගීතය පටිගත කර ගැනීමට සුනිල් එදිරිසිංහයන්ටවත් රෝහණ වීරසිංහයන්ටවත් නොහැකි වුනේලු
රෝහණයන් පටිගත කිරීමේ වීදුරු කාමරයේ සිට අඩන අතර
සුනිල් එදිරිසිංහයන් මයික්‍රෆෝනය ඉදිරිපිට සිට කදුළු සලන්නේලු
පසුව පටිගත කිරීම නවතාදමා දෙවැනි දවසක නැවත පටිගත කළේලු
එවන් උදාර මව් ගුණ හැගීමකින් ගයනා වූ ගීතයක් අදනම් කොහෙන් සොයන්නද


මේකේ උවම් කල කියන්නේ උපමා කලා කියන එක , මියැසිය කියන්නේ සංගීතය තාලය වගේ අදහසක් තව මී මැස්සන්ගේ නාදයටත් කියනවා
අනිත්වනම් අමාරු නෑනේ.


දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල 
ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ 
අම්මා අම්මා අම්මා 


දෙසවන් සනහා මා නැලවූ ඔබ
මියුරු මියසියේ අරුත කියාදුනි 
ඒ මියැසිය අද මා ගයනා විට 
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත 
අම්මා අම්මා අම්මා 


ඇසට හඩන්නට කඳුලැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි 
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට 
මා සිපගන්නට ඔබ මා ළඟ නැත 
අම්මා අම්මා අම්මා

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවක්වත් නැතුව වේලි වේලි තිබිලා දාපු කොමෙන්ටුවත් මොකෑ බොල මැකුවේ ?

      Delete
    2. ගණන් ගන්ටෙපා අයියන්ඩි...
      කමෙන්ටනා සැටි මම පෙන්වමි.............

      Delete
  2. එහෙම වේලෙන්න දෙනවද බොල. අදනෙ දන්නෙ.
    (අර රතු බොත්තම තව සූට්ටක් පල්ලෙහට ගමු. උඩ කලු පාට පොප් අප් පේලිය වැහෙනව මගේ ස්ක්‍රීන් එකේ)

    ReplyDelete
    Replies
    1. හුටා මම ඒක දාන්නම් මචං අනිත්පැත්තට

      Delete
  3. කොයිතරම් ඇහුවත් ඇති වෙන්නේ නැති සින්දුවක්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත :D බොහෝම ස්තුතියි

      Delete
  4. ඇස් දෙනට කදුලු උනන සිංදුවක්

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here