2019 වසර ඔබට කොහොමද ?





ලබන්නාවූ 2019 නව වසර සතුට සෞභාග්‍යය සාමය සපිරි සුබ නව වසරක් වේවා ! 


බිලියන 7.6 කට ආසන්න ජනගහනයක් පවතින මේ මහපොළවේ රාශි 12 ට හෝ නැකත් 27 ට අදාළව කාණ්ඩගත කර පළාපල කථනය කිරීම , ජ්‍යෝතිෂ විද්‍යානුකූලව සහ ප්‍රායෝගිකව අසාර්ථක කටයුත්තකි . 

එබැවින් ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය විසින් නව වසරේ ඔබගේ ජීවිතයේ සිදුවන හොඳ සහ නොහොඳ පිළිබඳව ඔබගේම ජන්මපත්‍රය ඇසුරෙන් ජ්‍යෝතිෂ ඇසින් පරීක්ෂා කර ඒවාට මුහුණ දෙන අන්දම පිළිබඳ ඔබ දැනුවත් කිරීමේ සේවාව සැපයීම මෙමගින් සිදු කෙරේ .

ඔබගේ උපන් දිනය , උපන් වෙලාව සහ උපන් ස්ථානය අනුව පිළියෙළ කරනු ලබන දළ කේන්දර සටහන සහ භාව කේන්ද්‍ර සටහන අනුව ඵලාපල කථනය සිදු කරනු ලැබේ . එබැවින් ඔබ සතු ඔබගේ ජන්ම පත්‍ර සටහන් අපවෙත එවීම අවශ්‍ය නොවේ .

මෙම පළාපල කථනය සාමාන්‍ය ජීවිතයේ අවශ්‍ය සියළුම අංග ආවරණය වන ආකාරයේ ව්‍යුහයකින් යුක්ත වන අතර ඉන් පරිබාහිරව ඔබට විශේෂයෙන් දැනගැනීමට යම් කරුණු තිබේනම් ඒවා පළාපල කථනය හරහා විශේෂයෙන් දැනගැනීමට අවශ්‍ය මොනවාද ? කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එවිය යුතුය .

පළාපල සටහන PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතර ගෙවීමක් සිදුකළයුතු වේ . පලාපල කථනය සඳහා 1500 /=  ක මුදලක් අය කෙරේ .

මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක සහ එම විස්තර ඔබගේ පළාපල සටහන සැකසීමෙන් අනතරුව ලබා දේ . එබැවින් මුලින්ම මුදල් ගෙවීමක් අවශ්‍ය වන්නේ නැත .

2019 වසර සඳහා පළාපල කථනය වෙනුවෙන් මෙම දත්ත අවශ්‍ය වේ .



නම

කේන්ද්‍රය ස්ත්‍රී කේන්දරයක්ද පුර්ෂ කේන්දරයක්ද 

උපන් දිනය 

උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )

උපන් ස්ථානය / රෝහල 

ලග්නය ( දන්නවානම් )

නවාංශකය ( දන්නවානම් )

නැකත ( දන්නවානම් )

දසා ශේෂය ( දන්නවානම් )

විවාහක අවිවාහක බව

රැකියාව 

දරුවන් සිටී නම් කී දෙනෙක්ද ?

මව පියා ජීවත්ව සිටීද ?

සහෝදර සහෝදරියන් සිටී නම් දෙනෙක්ද ? 

ඵලාපල කථනය හරහා විශේෂයෙන් දැනගත යුත්තේ මොනවාද ? 


ඔන්ලයින් සේවාවක් ලෙස මෙම සේවාව පවත්වාගෙන යන අතර ඔබගේ පළාපල සටහනේ යම් ගැටළුවක් තිබේනම් හෝ පැහැදිළි කරගැනීමක් අවශ්‍ය වේ නම් ඒ සඳහා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීමට හැකියාව තිබේ .





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Comments