අමුතුම කාමරයකි . විනීතව හැසිරෙන්න

Breaking

Tuesday, 27 November 2018

මල් මඩුව







ගමට සහ ගම්වැසියන්ට සෙත් පතමින්, බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ, විෂ්ණු මහා දේවාලයෙන් වාර්ෂිකව සංවිධානය කරන ශාන්තිකර්ම මංගල්‍යය, මෙවරත් අතිසාර්ථකව පැවැත්වුණා. ඒ අද සහ ඊයේ දිනයන්වලදී.

අනිත් අවුරුදුවලදී සංවිධානය වුණේ ගම්මඩු ශාන්තිකර්ම වුණත්, මේ අවුරුද්දෙ සංවිධානය වුණේ මල් මඩු ශාන්තිකර්මයක්. අනිත් ශාන්තිකර්මවල වගේම මල් මඩු ශාන්තිකර්මයෙත් එකම අරමුණ වෙන්නෙ සශ්‍රීකත්වය සහ රෝග නිවාරණයම තමයි. හැබැයි මල් මඩු ශාන්තිකර්ම, ඒ තරම් ප්‍රසිද්ධ නෑ. ඒ වගේම හරිම විරලයි. මල් මඩු ශාන්තිකර්මයේදී ඉදිරිපත් කරන්නෙ සුප්‍රසිද්ධ ගම්මඩු ශාන්තිකර්මවල එන අංගවලින්, තෝරා බේරා ගත්ත අංග කිහිපයක් විතරයි. ඒ වගේම ගම්මඩු ශාන්තිකර්මවල තියෙන වර්ණවත් සහ විචිත්‍රවත් බවක්, මල් මඩු ශාන්තිකර්මයකදි දකින්න නෑ.

බොහොම පුංචි පහන් පැල කිහිපයකට, පහන් ටිකක් පත්තු කරලා, බොහොම පුංචියට සහ සරලව තමයි මේක කරන්නෙ. මේ ශාන්තිකර්මය ආරම්භයේ ඉදලා, අවසන් වෙනකන්ම, නර්තනකරුවන් සැරසිලා ඉන්නෙ ශ්වේත වර්ණ වස්ත්‍රවලින් විතරමයි . ඒ නිසා ඒ තරම්ම විවිධත්වයක් දකින්න නෑ. ගොඩක් වෙලාවට ඒකාකාරී බවක් අරගන්නවා.

තෙල්මේ නැටුම නැටුවත් , ඒ අංග නටන අවස්ථා වලදී අපිට ඒවා රූපගත කරන්න වුණේ නැහැ . කොහොම නමුත් මේ ශාන්තිකර්මය ගැන අවබෝධයක් ගන්න අවශ්‍ය කරන මූලික අවස්ථා සියල්ලම පාහේ මේ රූපරාමුවල අඩංගුවෙලා තියෙනවා .

























මල්මඩු ශාන්තිකර්මයේ ඡායාරූප කීපයක් මෙතන ඉඳලා ඉදිරිපත් කරනවා .





























ඡායා රූප තවත් නැරමීමට මෙම Link එක ඔස්සේ පිවිසෙන්න .



මේ ශාන්තිකර්මය නරඹන්න අවස්ථාව සලසා දීම පිළිබඳව දනුල වික්‍රමාරච්චි මහතාට විශේෂ ස්තූතිය .






මෙම link හරහා පිවෙසෙන්න ඔහුගේ වෙබ් අඩවි වෙත .

දනාගේ පලා මල්ල 

Around thambapanni



තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!!

2 comments:

  1. ගම්/මල් මඩු දේවාල භූමියේ හැර වෙනත් තැන්වලත් පවත්වනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් . සාමාන්‍යයෙන් මේක ශාන්තිකර්මයක් . ඒ නිසා ඉස්සර කාලේ වුණත් ආතුරයෙක් නම් කොතැනක හරි ඒ වෙනුවෙන් මේ යාගය නම් අදාළ වෙන්නේ ඒක කරනවා .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය ඇතුළු අනෙකුත් සේවාවන්

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . ජ්‍යෝතිෂ සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here