Thursday, May 11, 2017

ලංකාවේ කේන්දර සහ පිටරට කෙන්දර




දැනට ටික කාලයකට කලින් විදේශගතවෙලා ඉන්න අන්කල් කෙනෙක් මට කතාකරලා ඇහුවා එයාගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරවා ගන්න පුලුවන්ද කියලා . මම ඒ වෙලාවේ මගේ ජ්‍යෝතිෂ වැඩ කොටසට අදාළ සියලුම විස්තර අඩංගු සටහනක් යවලා කිව්වා ඒ අවශ්‍ය විස්තර මට එවන්න කේන්දරේ හරිද වැරදිද බලලා පළාපල සහ දැනගන්න අවශ්‍ය අනිත් විස්තර එවන්නම් කියලා .

ඊට පස්සේ එයා මාත් එක්ක කිව්ව දේවල් වලින් මම පුදුමයට පත්වුණා . ඒ අංකල් කිව්වා මම දැන් විදේශගත වෙලා ඉන්නේ . ඒ නිසා මට ඒ රටට අදාලව කේන්දරේ හදාගන්න පුලුවන්ද කියලා . ඊට පස්සේ මම හිතුවේ එයා ඉපදිලා තියෙන්නේ පිටරටක කියලා . මම ඉතින් ඇහුවා කොහෙද ඉපදිලා තියෙන්නේ කියලා . එතකොට කිව්වා මම ඉපදිලා තියෙන්නේ ලංකාවේ . ඒත් දැන් ඉන්නේ විදේශගතවෙලා ඒ නිසා මම ඉන්න රටට අනුව උපන් වෙලාවට කේන්දරයක් හදාගන්න ඕන කියලා . මම කල්පනා කරා මේ කියන්නේ මේ කෙනා ඉන්න රටට මේ දවස්වල කොහොමද ග්‍රහ බලපෑම තියෙන්නේ කියලා අහනවා කියලා . ඒත් මෙයා අදහස් කරලා තියෙන්නේ තමන් ජීවත්වෙන රට වෙනස් කරනවානම් උපන් වෙලාව අනුව තමන් ජීවත් වෙන රටට අදාලව කේන්ද්‍ර සටහනක් නිර්මාණය කරන්න ඕන කියලා .



මම ඊට පස්සේ ඒ දේවල් පැහැදිලි කරන්න උත්සාහ ගත්තත් ඒ කෙනා ඒවා වටහාගන්නා බවක් පෙනුනේ නැති නිසා එයා වෙනුවෙන් මගේ සේවය ලබා දීම මම ප්‍රතික්ෂේප කරා . ජ්‍යෝතිෂ විද්‍යාව තරමක් දුරට දැනගත් පිරිසක් මේ වගේ වැරදි දේවල් මිනිස්සුන්ගේ ඔළුවට දාලා තියෙනවා කියලා තමයි මමනම් හිතන්නේ .

කේන්දරේ කියන්නේ තමන් උපන් වෙලාවට අදාලව අහසේ තරු ග්‍රහයින් නැකත් පිහිටලා තියෙන ආකාරය ගැන දළ වශයෙන් හෝ සූක්ෂම වශයෙන් පෙන්නුම් කරනු ලබන යම්කිසි සැලසුමකට . ඒ සැලසුම අනුව තමයි ජ්‍යෝතිෂ විද්‍යාඥයින් කේන්දරේ බලවා ගන්න එන අයට අවශ්‍ය දේවල් කරලා දෙන්නේ .

අපි ඉපදෙන්නේ යම් වේලාවකදී පොළවේ යම් තැනකදී . ඉතින් ඒ කෙනාගේ ශරීරයට මේ නැකත් ග්‍රහ තරුවල කිරණ එහෙම බලපාන්නේ ඒ ඉපදෙන වෙලාවේ අහසේ පිහිටලා තිබුණු විදියට . සරළවම කියනවානම් ඔයාලා හිතනවාද ගෝලාකාර පොළවේ එකම වෙලාවකට ලංකාවටත් ඇමෙරිකාවටත් එකම ලග්නයක් උදාවෙයි කියලා . අනික ලංකාවේ උපන් කෙනා ඇමෙරිකාවට ගියාම එයාට වෙනමම කේන්දරයක් හදන එක සාධාරණයි කියලා . කවදාවත් එහෙම වෙන්නේ නැහැ . කෙනෙක් ඉපදුනා නම් ඒ කෙනාට බලපාන්නේ ඒ වෙලාවේ ඒ ස්ථානයට තිබ්බ ග්‍රහ බලපෑම තමයි .



ලංකාවේ සමහර ජ්‍යෝතිෂවේදීන් මේ විදේශයක උපන් කෙනෙක්ට කේන්දර නිර්මාණය කිරීමේදී මෙන්න මෙහෙම දෙයක කරනවා . එයාලා කරන්නේ විදේශයක උපන් වෙලාව ලංකාවේ වෙලාවට හරවනවා . ඊට පස්සේ ලංකාවේ වෙලාවට කේන්දරේ හදනවා . ලංකාවේ වෙලාවට කේන්දරේ හදලා දෙනවා මෙන්න කේන්දරේ කියලා . ඒත් ඒක වැරදියි . වෙලාවේ අඩු වැඩිවෙන සාධකයක් තියෙන නිසා අපිට පුළුවන් විදේශ වෙලාව ලංකාවේ වෙලාවට හරවලා නැවතත් විදේශයේ වෙලාවට පෙරළන්න . ඒත් විදේශයක හැදෙන්න ඕන කේන්දරේ ලංකාවේ තැනකට හදලා ආයෙත් විදේශයකට පෙරළන්න බැහැ . අනිත් කාරණාව තමයි මෙහෙම ලංකාවේ වෙලාවට විදේශයේ වෙලාව පෙරලලා කේන්දරේ හැදුවා කියමුකෝ . ඒත් ස්ථානය කොහොමද ගන්නේ . ලංකාවේ යම් නිශ්චිත වේලාවකදී කොළඹට තියෙන ග්‍රහ බලපෑම නෙවෙයි ත්‍රිකුණාමලයට තියෙන්නේ . ඉතින් විදේශගත වෙලාවක් ලංකාවට හදනකොට කොළඹ නගරය පාදක කරගෙන කේන්දරේ හැදීම යම් දුරකට වැරදියි කියලා තමයි මමනම් විශ්වාස කරන්නේ .

උදාහරණයක් හැටියට විදේශයක උපන් කෙනාට කටක ලග්නය උදාවෙලා තියෙන වෙලාවට ඒ වෙලාවම ලංකාවේ වෙලාවට පෙරලලා කේන්දරේ නිර්මාණය කලාට පස්සේ එයාගේ ලග්නය මකර ලග්නය වෙන්න පුළුවන් . එහෙමත් නැත්නම් ධනු ලග්නය හෝ වෙනත් ලග්නයක් වෙන්න පුළුවන් . ඊට පස්සේ ඔන්න ලංකාවේ හදලා තියෙන කේන්දරේ නැවතත් අපිට විදේශයේ ඒ වෙලාවට අදාළ කේන්දරේ බවට පෙරළන්න විදියක් නැහැ . මේක තේරුම් ගැනීම මත තමයි තියෙන්නේ .



මේ ගැටළුව නිරාකරණය කරගන්න අපිට තාක්ෂනය උපයෝගී කරගන්න පුළුවන් . හැබැයි මම කියන්නේ නැහැ කේන්දර බලන සොෆ්ට්වෙයා සේරම හරි කියලා . සමහර ඒවායේ තියෙන  වීජගණිතමය ගණනය කිරීමේ වැරදි නිසා සමහර වෙලාවල් වලට කේන්දර වරදිනවා . මේ නිසා මම නම් කියන්නේ එකම සොෆ්ට්වෙයා එකක් තියාගෙන ඉන්නේ නැතුව කීපයක් පාවිච්චි කරන්න කියලා . අඩුම තරමේ සොෆ්ට්වෙයා තුනකින් හෝ මේ ගණනය කිරීම් කරලා බලන්න පුළුවන් නම් නිවැරදිතාවය පිළිබඳව හොඳ අදහසක් ගන්න පුළුවන් . එතකොට ඒ උපන් වෙලාවට අදාළව කේන්දර සටහන අනුව පළාපල විස්තරය ඉදිරිපත් කරන්න පුළුවන් විශ්වාසයෙන්ම .

වැරදි කේන්දරයක් කියන්නේ නමේ ඉඳලාම සේරම වැරදියි . ඔය විදියට විදේශයක ඉපදුණු කෙනෙක්ට සෙත් කවියක් ලියන්න ගිහින් උපන් නැකත් සහ නම සහ නිවැරදි කේන්දරේ අතර විශාල පරස්පර බවක් තිබිලා ඒ දේවල් මුල ඉඳලාම නිවැරදි කරන්න සමහර වෙලාවල් වලදී මට සිදුවෙලා තියෙනවා . සමහර නැකත් වලට එන අකුරු වලින් නම් තියන්න අමාරුයි . ඒ වෙලාවට ඒ නැකතට ගැළපෙන වෙනත් නැකතක අකුරෙන් නම් තියනවා . ඒත් එහෙම නොගැළපෙන වෙලාවල් වලදී නම් තියන්න මේ වැරදි කේන්දර හේතු වෙලා තියෙනවා .

කේන්දරේ වැරදි වුණාම අපල , දසා , විදසා , එරාෂ්ටක හැමදේකම කාලසීමාව වරදිනවා . එතකොට වෙන්නේ වැරදි පළාපල කීම . ඊටත් පස්සේ වෙන්නේ ඉතින් ජ්‍යෝතිෂ විද්‍යාව මිනිසුන් විසින් පිළිකුල් කිරීම කියලා . මේ ළඟදී මම කියවපු ලිපියක කමෙන්ට්ස් විදියට තිබුණා ජ්‍යෝතිෂ විද්‍යාව කියන්නේ ඇඟ මහන්සි කරවන්නේ නැතුව ලේසියෙන් හම්බ කරන්න තියන හොඳම විදිය කියලා . ඒත් ජ්‍යෝතිෂ විද්‍යාව හරියට කරන කෙනෙක් දන්නවා තමන්ගේ මනස තුල කොයිතරම් ගණනය කිරීමක් සහ ග්‍රහ ගමන පිළිබඳව කොයිතරම් සැළකිල්ලෙන් ඉන්න ඕනද කියන දේ .

ඒක ඉගෙන ගත්ත කෙනා විතරයි දන්නේ . ඉගෙන ගන්නේ නැතුව කියන්න බැහැ මේ දේ මෙහෙමයි කියලා . ධර්මය තුළිනම් ධර්මය විනාශ කරන අය ඇතිවෙනවා වගේම තමයි ජ්‍යෝතිෂ විද්‍යාව තුළින්ම තමයි ජ්‍යෝතිෂ විද්‍යාව විනාශ කරන අය ඇතිවෙන්නේ . විද්වතුන්ගේ ශාස්ත්‍රය ඒ ආකාරයට හෑල්ලුවට ලක්වීම පිළිබඳව තියෙන්නේ කළකිරීමක් .


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

16 comments :

  1. macho sasthara atha anthima kotasa penne ne apahu daapan deiyo

    ReplyDelete
    Replies
    1. ඒ කතා කොහොමත් ආයේ පේන එකක් නැහැ .

      Delete
  2. මම පෞද්ගලිකව කේන්දර පලාපල , නැකැත් ආදිය විශ්වාස කරන්නෙ නෑ... ඒත් ඒවා විශ්වාස කරන අයට මුකුත් කියන්න යන්නෙත් නෑ... මොකද ඒකෙන් ඒ අයට හොදක් වෙනවනම් ඒකෙ ඇති වරදක් නෑනේ... ඔයාගෙ ලිපිය වටිනවා... ජයවේවා ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති . ඔයාගේ ප්‍රතිපත්තිය හොඳයි . තමන්ට ගොඩ යන්න පුළුවන් මොකක් හරි මාර්ගයකින් ගොඩ යන්න පුළුවන් නම් තමයි ජීවිතේට වැඩක් වෙන්නේ .

      Delete
  3. පිටරට ඉපදුන කෙනෙක්ට කේන්දරේ හදවගන්න ඉපදුන තැන අක්ෂාංශ දේශාංශ ඕන නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. දැන් ඉතින් අන්තර්ජාලය හරහා මොනවද හොයාගන්න බැරි . නේද :)

      Delete
  4. Blog එකේ මොකක් හරි අව්ලක් තියනවද මචෝ............??? සමහර පෝස්ට් පෙන්නන්නේ නෑ නේ.............

    ReplyDelete
    Replies
    1. මොන පෝස්ට්ද පේන්නේ නැත්තේ ?

      Delete
  5. වයලීනෝ,

    මම මෙක අහන්නෙ දනගැනීමට.
    ලංකාවෙ එකම තැනක, එකම වෙලාවට,(මිලි සෙකන්ඩ්) එකක් වත් වෙනස් නොවී ඉපදෙන දෙන්නෙක්ට එකම කෙන්දරය ද හැදෙන්නෙ?

    ඒ දෙන්නගෙ ජීවිතය එකම වෙනවද?

    අර පොස්ට් පේන්නෙ නැති අවුල මමත් දැක්කා..
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. සමනිවුන්නු ගැන හිතලා බලනකොට මේ ගැන යම් තරමක ප්‍රායෝගික අදහසක් ගන්න පුළුවන් නේද . මොන පෝස්ට්ද පේන්නේ නැත්තේ . අවුලක් නැහැ කොහොමහරි . ලිපියක් දාලා තියෙන්නේ .

      Delete
    2. sama niwunnu unath milisecond ekaka hari wenasak tiyenawane..eka paratama dennama eliyata en na ne

      Delete
    3. එයාලගේ ඉරණමේත් ඒවගේ මිලිසෙකන්ඩ් ගණනක වෙනසක් තමයි තියෙන්නේ . මට කැම්පස් එකේ හම්බෙලා තියෙනවා එහෙම නිවුන් අය . දෙන්නම එකටම කැම්පස් ඇවිත් .

      Delete
    4. ethakota kendare hadanakota milisecond pawa adala wenawada.mamath japure paththe nam enawa wenawa wadakata.

      Delete
    5. ඉක්මණට දුවන ග්‍රහයින්ගේ වෙනස්වීම වගේ දේවල් බලනකොට තත්පර වෙනස් වීමත් වැදගත් වෙනවා . එච්චරම සියුම්ව දැන් කේන්දර ගැන බැලෙන්නේ නැහැ . හැබැයි බලපු අය ඉඳලා තියෙනවා . ගොඩාක් ඉස්සර කාලේ .

      Delete
  6. ඇත්තටම රට ගියාම මිනිස්සුන්ට හිතෙන දේවල්

    ReplyDelete
    Replies
    1. පවු ඉතින් . හිතන්නේ නැතිකම තමයි .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

මේ සතිය ඔබට කොහොමද ?

කතා එකතුව

  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව ඔබගේ ජීවනෝපාය මර්ගයන්හී යම් යම් කරදර බාධක ඇතිවනු ඇත . නමුත් ඒවා එතරම් ප්‍රභල නොවන බැවින් ඔබට අධික ලෙස පාඩු දායක තත්වයකට මුහුණපාන්නට වැන්නේ නැත . ඔබගේ වැඩිහිටියන් ඔබට ලබාදෙනු ලබන යම් යම් අවවාද අනුශාසනා පිළිනොපැදීම නිසා ඔබට යම් කරදර සහිත අවස්ථා වලට මුහුණ පාන්නට සිදුවනු ඇත . විදේශ ගමන් පිළිබඳව ඔබගේ අවධානය පැවතියේ නම් ඒ සඳහා යම් යම් කරදර බාධක ඉදිරිපත් වීමට හැකියාව තිබේ . ඔබගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් උනන්දුවෙන් යුතුව මෙම සතිය තුළ කරගෙන යා යුතුය . සතියේ අවසාන භාගයේදී යම් කලකෝලහාල තත්වයකට මුහුණදීමට සිදුවේ . එබැවින් එවැනි අවස්ථා ඔබ විසින් මගහල යුතුය . ඔබගේ උරුමයන් පිලිබඳ ගැටළුකාරී තත්ත්ව උදාවිමටද හැකියාව තිබේ . සුබ වර්ණය - රන්වන් සුබ දවස - අඟහරුවාදා සුබ අංකය - 9
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව ඔබට සමාජ සේවා කටයුතු සදහා වඩාත් ආකර්ශනීය ලෙස ඉදිරිපත්වීමේ වාසනාව උදාවී තිබේ . ඒ අනුව ඔබට එවැනි සමිති සමාගම් හී නිලතල ලබාගැනීමටද හැකියාව ශක්තිය ලැබී තිබේ . විනෝද සංචාරයක යෙදීමට හැකියාව තිබේ . එබැවින් සතිය පුරාවටම සතුටින් කාලය ගත කිරීමට හැකියාව ලැබේ . ආදායම් මාර්ග , රැකියාව සහ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය අන්දමින් සිදුවන අතර ඒවායේ දියුණුව සඳහා යම් යම් ආයෝජන කටයුතු සිදුකිරීමට ඔබට හැකියාව ලැබේ . අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර ඒ සඳහා තිබෙන උත්සාහය උනන්දුව වඩාත් වැඩි වේ . ප්‍රේම සම්බන්ධතා සඳහා සතිය පුරාවටම සුබ දායක වන අතර විවාහ ජීවිතයට සතුටින් සමාදානයෙන් ගෙවීමට හැකියාව ලැබේ . සුබ වර්ණය - නිල් සුබ දවස - සිකුරාදා සුබ අංකය - 6
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව ඔබගේ හිතුමනාපයට කටයුතු කිරීමට යාමෙන් ඔබගේ ධනය ශ්‍රමය කාලය යන සියළු දේ නිකරුණේ නාස්ති වීමට ඉඩ කඩ තිබේ . විනෝද චාරීකා යෑමටත් එම විනෝද චාරිකා වලදී අලුත් අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට හැකියාවත් ඔබට උදාවේ . තමන්ගේ ජීවනෝපාය වර්ධනය කරගැනීමට යම් යම් සැලසුම් ඔබ විසින් සාදන අතර ඒ කටයුතු සඳහා ඔබ විසින් එම ක්ෂේත්‍රයන්හී නිපුණ පුද්ගලයින්ගෙන් අදහස් ලබාගත යුතුය . අධ්‍යාපන කටයුතු සඳහා උදාසීන භාවයක් පෙන්නුම් කරනු ලැබේ . එබැවින් එම කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොමු කලයුතුය . සුබ වර්ණය - කොළ සුබ දවස - බදාදා සුබ අංකය - 5
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව ඔබගේ සමාජ තත්වය පහලට ඇද දමන යම් ක්‍රියාවක් සිදුවීමට ඉඩ තිබේ . තමන්ගේ මානසික පීඩනය ඉහළ යාමට හැකියාව ඇත . රැකියා ස්ථානයේදී තමන්ගේ වෘත්තීය කුසලතා සහ ප්‍රවීණතාවන් ඉස්මතුකර පෙන්වීමෙන් එම රැකියාවේ උසස්වීම් ලබාගැනීමටත් තම වැටුප් ඉහළ නංවා ගැනීමටත් පුළුවන . එහෙත් සිතේ පවතින කලකිරීම හේතුවෙන් එම සතුට නියමාකාරයෙන් භුක්ති විඳීමට ඔබට හැකියාව නොලැබී යා හැක . අධ්‍යාපනය සාමාන්‍ය ආකාරයෙන් සිදුවේ . ඔබගේ කලින් පැවති ප්‍රේම සම්බන්ධතාවයක යම් යම් කරුණු කාරනා මෙම සතියේ ඉස්මතුවී පැමිණීමට හැකියාව තිබේ . එමගින් ඔබගේ පවුල් ජීවිතයේ හෝ ප්‍රේම සම්බන්ධතාවයේ විශ්වාසවන්ත භාවය පිලිබඳ ගැටළු පන නැගීමට හැකියාව තිබේ . සුබ වර්ණය - සුදු සුබ දවස - සඳුදා සුබ අංකය 7
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව ඔබගේ ස්ථානොචිත ප්‍රඥාව තරමක් අඩුවී යයි . ඒ අනුව අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිවීමටද ඉඩ කඩ තිබේ . තමන්ට එරෙහිව මිතුරන්ගේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වේ . එබැවින් මිතුරන් ආශ්‍රය කිරීමේදී විශ්වාසවන්ත භාවය පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුය . රැකියා කටයුතු සහ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය ආකාරයෙන් සිදුවේ . විශේෂයෙන්ම කොන්ත්‍රාත් වැඩ සඳහා වඩාත් සුබ දායක කාලයකි . පවුලේ නෑදැයින් වෙනුවෙන් යම් යම් වගකීම් ගැනීමට අවස්ථාව උදාවේ . අධ්‍යාපන කටයුතු උදාසීන තත්වයක් ගනී . ඇවිදින්නට සිදුවන සතියකි . පවුල් ජීවිතයේදී සහ ප්‍රේම සම්බන්ධතා වලදී ඔබගේ වගකීම් සම්බන්ධව දෝෂාරෝපණ එල්ලවීමට ඉඩකඩ තිබේ . සුබ වර්ණය - රන්වන් සුබ දවස - ඉරිදා සුබ අංකය - 1
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව වැඩි වැඩියෙන් මහජන සේවයේ යෙදීමට හැකියාව ලැබේ . විශේෂයෙන්ම පිං දහම් කටයුතු වලට ඉදිරිපත් වීමට අවස්තාව උදාවේ . එම අවස්ථා වලදී තමන් හා ගැවසෙන්නන් සමග මත ගැටුම් ඇතිවීමටත් ඒවා කලකෝලහාල දක්වා දුරදිග යෑමටත් ඉඩ තිබේ . අධ්‍යාපන කටයුතු දුර්වල වන අතර ඒ දුර්වලත්වය හේතුවෙන් ගුරුවරුන් සහ දෙමාපියන්ගෙන් දෝෂාරෝපණයට ලක්වීමට ඉඩකඩ තිබේ . අනියම් ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට ඉඩ තිබේ . පවුල් ජීවිතය සතුටින් සමාදානයෙන් ගතකිරීමට හැකියාව තිබේ . සතියේ අවසාන භාගයේදී සෞඛ්‍ය තත්වය යම් තරමකට දුර්වල වීමට හැකියාව තිබේ . විශේෂයෙන්ම හෘධ රෝග සහිත පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්වය . සුබ වර්ණය - කොළ සුබ දවස - බදාදා සුබ අංකය - 5
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව රැකියා ස්ථානයේ තමන්ට හිමි කාර්යභාරය වෙනස් වීමට ඉඩකඩ තිබේ . ඒ අනුව තමන්ගේ අලුත් වැඩ කොටස වෙනදාට වඩා උනන්දුවෙන් කිරීමට තමන්ව ඉබේම පෙළඹවේ . ස්වයංරැකියාවන්හී නියුතු වූවන් සඳහා විශේෂ සුබපලදායක තත්වයක් මෙම කාලවකවානුවේ උදාවේ . නිෂ්පාදනය ඉහළ නංවාගත හැකි අතර ආදායමද ඒ අනුව ඉහළ යයි . තමන්ගේ වැඩකටයුතු සඳහා පවුලේ අයගේ නොමද උදවු උපකාර ලැබේ . අධ්‍යාපනය සාමාන්‍ය තත්වයේ පවතී . ප්‍රේම සම්බන්ධතා අලුතෙන් ආරම්භවිය හැකි සතියකි . සුබ වර්ණය - නිල් සුබ දවස - සිකුරාදා සුබ අංකය - 6
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව ඔබගේ අධ්‍යාපන කටයුතු වඩවඩාත් සාර්ථකවන සතියකි . තමන් ආශ්‍රය කරණු ලබන අයගෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට මනා පිටිවහලක් ලැබේ . කාලයක් තිස්සේ පවතී මිතුරුකමක් ප්‍රේම සම්බන්ධතාවක් දක්වා වර්ධනයවීමට ඉඩකඩ තිබේ . ඒ හේතුවෙන් මෙම සතියේ සතුටින් කාලගතකිරීමට හැකිවේ . උදරාබාදයක් ඇතිවීමට ඉඩ තිබේ . විදේශ ගමනක් පිළිබඳ අදහසක් ඇතිවීමට පුළුවන . රැකියාව සහ ආදායම් මාර්ග පිළිබඳ සුබවාදී බවක් තිබේ යැයි කිව නොහැක . කල්පනාකාරීවන්න . සුබ වර්ණය - රතු සුබ දවස - අඟහරුවාදා සුබ අංකය 9
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව දුර ගමනකට සහභාගී වීමට අවස්තාව උදා වේ . රැකිරක්ෂා ව්‍යපාර ආදී කටයුතු ඉතා උනන්දුවෙන් සිදුකරනබවක් පෙන්නුම් කෙරේ . ආර්ථික තත්වය යහපත් වුවද වැඩියෙන් ලැබෙනවා මෙන්ම සතිය අවසානයේ වැඩියෙන් වියදම් වීමටද හැක . නව ප්‍රේම සම්බන්ධතාවයක් පිළිබඳව අදහසක් පහළවීමට ඉඩ තිබේ . අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර ගුරුවර දෙමාපිය ප්‍රසාදයට ලක්වේ . විවාහ ජීවිතයේ යම් යම් ගැටළුකාරී තත්ත්ව උදාවීමට හැකියාව තිබේ . දේපළ සම්බන්ධ ගැටළු පැන නගීන අතර ඒවා වෙනුවෙන් වැඩි කාලයක් ගතකිරීමට සිදුවේ . සුබ වර්ණය - තැඹිලි සුබ දවස - බ්‍රහස්පතින්දා සුබ අංකය - 3
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට බලවත් උත්සාහයෙන් කටයුතු කිරීමට සිදුවේ . කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ව්‍යාපාර කටයුත්තක් හෝ කොන්ත්‍රාත්තුවක් ලැබීමක් මෙම සතිය තුල සිදුවීමට ඉඩ තිබේ . අධ්‍යාපන කටයුතු යහපත්ය . ප්‍රේම සම්බන්ධතා බිඳවැටීමට ඉඩකඩ තිබේ . විවාහ ජීවිතයේ ගැටළුකාරී තත්වයක් උදගතවන්නේ නැත . මංගල යෝජනා ඇතිකෙරෙන කාලයකි . තමන්ගේ හිමිකරු හෝ හිමිකාරිය මෙම සතියේ හමුවීමට ඉඩකඩ තිබේ . තමන්ගේ තනි තීරණ සඳහා දෝෂාරෝපණ ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න . සුබ වර්ණය - නිල් සුබ දවස - සෙනසුරාදා සුබ අංකය - 6
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව අනවශ්‍ය කටයුතු සදහා වැඩිවෙලාවක් ගත කිරීමට සිදුවේ . එබැවින් තමන්ගේ කාලය ශ්‍රමය ධනය නිකරුණේ නාස්ති වී යන බවක් පෙනේ . එහෙත් එම කාලය තුළදී තමන්ට ගුණවත් උසස් පුද්ගලයින් ආශ්‍රය කිරීමට අවස්තාව ලැබේ . ඔවුන්ගෙන් තමන්ට උදවු උපකාර පවා ලැබේ . තමන් සමග සතුරුවී සිටි අයෙක් මිතුරු වේ . ආදායම් මාර්ග සහ රැකියාවේ තත්වය සාමාන්‍ය අන්දමින් පවතී . ප්‍රේම සම්බන්ධතා ශක්තිමත් වන අතර බිඳවැටුණු සම්බන්ධතා නැවත ඇතිවීමට ඉඩ තිබේ . සුබ වර්ණය - නිල් සුබ දවස - සඳුදා සුබ අංකය - 8
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව දුරබැහැර සිටින තමන්ගේ නෑදැයින් දැකගැනීමට අවස්තාවක් උදාවේ . තමන්ගේ දෛනික කටයුතු අතපසුවීම හේතුවෙන් දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ තිබේ . ආදායම හා වියදම අසමතුලිතවීම නිසා සතිය අවසානයේ තමන්ට පාඩු සිදුවී ඇතිබවක් පෙනී යයි . අධ්‍යාපනය කටයුතු සාර්ථක වේ . ප්‍රේම සම්බන්ධතා යහපත් මට්ටමින් පවත්වාගත හැක . නිවාස අලුත්වැඩියා කිරීමට යෝජනා ඉදිරිපත්වීමට ඉඩකඩ තිබේ . සතිය අවසානයේ එම කටයුතු ආරම්භ කිරීමටද අවස්ථාව උදාවේ . පොදුකටයුතු සඳහා මෙම සතිය වඩාත් සුබදායක වේ . සුබ වර්ණය - තැඹිලි සුබ දවස - බ්‍රහස්පතින්දා සුබ අංකය - 3