Friday, May 12, 2017

සීයා සහ මුණුබුරා ආයෙත් වයලගෙ කාමරයට එන්නේ නැත !







2013 මැයි මස 10 වැනි දින
දහවල් 1යි විනාඩි 47යි තත්පර32 ට
වයලීනෝ විසින් සයිබර් අවකාශයේදී පන දුන් සීයා සහ මුණුබුරා ,

2017 මැයි මස 5 වැනි දින
රාත්‍රී 11යි විනාඩි 46යි තත්පර50 ට
මිය ගිය බව මෙසේ දන්වා සිටිමි .

මෙතෙක් කල් සීයා සහ මුණුබුරාගේ කතා රසවිඳි ඔබට වයලීනෝ හෘදයාංගම ස්තූතිය පුදකරමි .
ගුරුන්නාන්සේ වලව්වෙන් නැවතත් සීයා සහ මුණුබුරා පන ලබාවි .

අලුත් චරිත කීපයක් සමග රසවත් කතාවකින් නැවතත් බ්ලොග් එකෙන් හමුවෙමු .

අද සිට සීයා සහ මුණුබුරා කතා මාලාවේ සබැඳි කිසිවක් ක්‍රියාත්මක නොවන බවද මේ සමග දන්වා සිටිමි .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


ඔය පණිවුඩය ෆේස්බුක් ග්රූප් එකේ දාලා තිබුණත් ගොඩක් දෙනෙක් ඒ ගැන දන්නේ නැහැ . කීපදෙනෙක්ම කතා කියවන්න බැහැ කියලා තියෙන නිසා තමයි මම මේ මතක් කිරීම කරන්න තීරණය කරේ . 

සීයා සහ මුණුබුරා කතාමාලාව ලිව්ව පළවෙනි දවස තවම මට මතකයි . කතාව ලියලා පබ්ලිෂ් බට්න් එක ක්ලික් කරන්න කලින් බුදුන් වැඳලා දෙවියන්ටත් පිං දීලා ඇවිත් තමයි කතාව පබ්ලිෂ් කරේ . ඒවගේම ඒ කතා මාලාවට හොඳ ප්‍රතිචාරත් තිබුණා . ඒවගේම තමයි ඒ කතා ගොඩක් දෙනෙක් යම් යම් තැන්වල කොපි කරලා දාලාත් තිබුණා . 

ඒ කොපි කරලා දාලා තිබුණු තැනකට මම මේ ළඟදී බොහොම වැදගත් විදියට කිව්වා කතාව ගත්ත තැන සඳහන් කරන්න නැත්නම් කතාව අයින් කරන්න කියලා . ඒත් ඒ ගැන විමසිලිමත් නොවුණු කෙනෙක් මට මැසේජ් කරලාත් වැඩි දුරටත් කියා සිටියේ කතාව ඉවත් කරන්නේ නැහැ පුළුවන් දෙයක් කරන්න කියලා . ඔන්න එහෙනම් මම පුළුවන් දේ කරා . 

කතා මාලාව පොතක් වශයෙන් එළිදක්වන්න කියලා තමයි හිතාගෙන හිටියේ . එතකොට මේකෙන් කතා ඉවත් කරලා දාන්න හිතාගෙන හිටියත් පුළුවන් දෙයක් කරන්න ඕන නිසා පොත එළිදක්වන්න කලින්ම කතා ටික බ්ලොග් එකෙන් ඉවත් කළා . මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් පොතක් විදියට සීයා සහ මුණුබුරා ඔබ අතට පත්වේවි . 

සුළුතරයක් වූ අඳබාලයින්ගේ ක්‍රියාකලාපය නිසා අනිත් අයටත් වෙච්ච අසාධාරණය සම්බන්ධව වයලීනෝ කණගාටුව ප්‍රකාශ කරනවා . හැබැයි ඔයාලා දුක් වෙන්න එපා . ඔයාලාට පොත වගේම තවත් අලුත් බලාපොරොත්තුවක් තියෙනවා . ටික දවසකින් ඒ බලාපොරොත්තුවේ ප්‍රතිඵල දළුලා වැඩෙන්න පටන් ගනීවි . 




කරුණාකරලා මේ පලවෙන ලිපි ඒ ආකාරයෙන්ම උපුටාගන්නවානම් එක්කෝ අවසර ගන්න . නැත්නම් බ්ලොග් එකේ ලින්ක් එකත් එක්ක සඳහන් කරන්න . කොපිරයිට්ස් කියන දේවල් ගැන දන්නේ නැත්නම් ගූගල් සර්ච් කරලා බලන්න . මේ ලියන දේවල්වල නෛතිකමය පැත්ත ගැන එතකොට අදහසක් ගන්න පුළුවන් වේවි . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

33 comments :

  1. Ayyyyyoooo!!!! Munge modakam hinda apitai paadu! Shik! Uge wisthara prasidda karannai thibbe lokukam kiyawanawata! Ikmaninma kathawak ewi kiyala hithanawa!

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න අවශ්‍ය නැහැ . අලුත් කතාවක් එනවා සත්තයි .

      Delete
  2. අපේ රටෙන් අලුත් නිර්මාණ බිහි නොවෙන්න බලපාන ප්‍රධාන දෙයක් තමයි "නිර්මාණ මංකොල්ලය" කියන්නෙ.
    ඇත්තටම දුකයි. අලුත් පොතට අපෙනුත් සුභාශිංශන !

    ReplyDelete
    Replies
    1. එසේම වේවා බ්‍රෝ .

      Delete
  3. අලුත් යමක් කරන්නට සුබ පැතුම්. මොන දේ හොරකම් කරත් හැකියාව හොරකං කරන්න බෑ. අන්න ඒ නිසා සතුටුවන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් . ඒත් සමහර මිනිස්සු මගේ ලිපි දාගෙන අහිංසක මෝඩ මිනිස්සුන්ගෙන් හම්බ කරනවා . fb ලින්ක් එකක් එවලා ඇති . ශේප් එකේ ගිහින් බලන්න . බොහොම ස්තූති (y)

      Delete
  4. මේ බ්ලොග් එක මට පේන්නේ අකුරු වෙනුවට කොටු. කියවන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන්ද කියවන්නේ ?

      Delete
    2. ලැප් එකකින්. ඔබගේ බ්ලොග් Google Chrome එක වලින් බලන කොට පෙනෙන්නේ කොටු. Safari එකෙන් බැළුවාම හරිගියා.

      Delete
    3. ම්ම්ම්ම්ම් වෙනත් පස්නයක් නම් නැහැ . ඔයාගේ කොම්පියුටරේ යුනිකෝඩ්ස් අප්ඩේට් කරලා බලන්න .

      Delete
    4. මටත් එහෙමයි. ක්‍රෝම් වලින් පේන්නේ කොටු

      Delete
    5. fire fox use karanna kohomath chrom eka use karaddi ram ekata bara wadi open karana hama tab ekatama ram eken adinawa maara vdihata

      Delete
    6. මම හිතන්නේ දැන් ඒ කොටු කතාව හරි ඇති ?

      Delete
  5. GODAK DUKAI WEDE GENA RAWANA YUGAYA HODAI KIYALA HITENAWA JAYA WEWA

    ReplyDelete
  6. මොන දේ හොරකම් කලත් දැනුමයි දක්ෂ කමයි හොරකන් කරන්න බැ.... පොත ප්‍රකාශ කරද්දී අපිටත් කියන්න කිවන්න බැරි උන ප්‍රමාණය වැඩියි.
    ඔබේ තීරණය සාදාරණයි
    ජය වේවා..!

    ReplyDelete
  7. එකපාරකුත් facebook හොල්මන් කතා ගෘප් එකක ඔය දේ වෙලා මම කෙනෙක්ට කිවුව, පස්සෙ ඔයත් එතනට ඇවිල්ල කතා කරල තිබ්බ , හැබැයි ඒ පුද්ගලය නම් පිළිගත්ත... ඒත් හැම කෙනෙක්ම එක වගේ නෑනෙ.. නිර්මාණ හොරකම් කලාට නිර්මාණ හැකියාව හොරකම් කරන්න බෑනෙ , ඉස්සරහට ඔයිට වඩා හොඳ නිර්මාණ බිහි කරන්න ඔයාට පුලුවන්නෙ.. අපි බලාගෙන ඉන්නව . ඡයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් . මට මතකයි . මම ඒ කතාව පස්සේ ඉවත් කරන්න කියලා එයත් මට ලොරි ටෝක්ස් දැම්මා . කමක් නැහැ . පොඩි උන්ගේ ආසාවනේ . කතාව අවුරුද්දක් විතර තිබ්බට පස්සේ මම අයින් කරන්න කිව්වේ .

      Delete
  8. පුලුවන් තරම් ඉක්මනටම පොත එලිදක්වන්න ලැබේවා කියලා පතනවා.. ජයෙන් ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති ! :)

      Delete
  9. අන්තිම කැතයි අනුන්ග‍ේ නිර්මාණ හොරකම් කරන එක. සැලෙන්න එපා. පොත එළි දකිනකම් ආසාවෙන් බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් . එල එල මචං කිව්වම ලැජ්ජ නැතුව තැන්ක්ස් මචං කියලත් කියනවා එයාලා .
      බොහොම ස්තූති :)

      Delete
  10. දුකයි ...කමක් නැහැ ලියන්න අපි ඔයත් එක්ක ඉන්නවා

    ReplyDelete
  11. අලුත් පොතට සුබ පැතුම්. ගත්ත තීරණේ වැරදි නෑ

    ReplyDelete
  12. මම මේ බ්ලොග් එකට රිංගන්න ගත්තෙත් සීයායි මුනුබුරා හින්ද.කතාව නැවත්තුවටනම් දුකයි කමක් නෑ පොතක් ව්දිහට හරි ඒ දෙන්න ආයේ එන නිසා හිත හදාගන්න පුළුවන්.අහ ප්‍රින්ට් කරන්න නම් හෙල්ප් එකක් දෙන්න පුලවන් :)

    රවනා උගයට පස්සේ තියෙන්නේ මොන උගයද දෙවෙනියට තියෙන එක

    ReplyDelete
    Replies
    1. අනුරාධපුර පොළොන්නරු දඹදෙණි යාපහු කුරුණෑගල ගම්පොළ

      අපෝදයාකුගකෝමා තමයි යුගටික ලංකාවේ . :p

      බොහොම ස්තූති :)

      Delete
  13. මචං දුකයි නම් තමයි එත් උඹ හරි.මෙ ලන්කාවට කෙලවෙන්නෙ අර කියවුවා වගෙ කොපි කරන උන් නිසා.උඹ වගෙ ටැලන්ට් උන්ට කෙලවනවා. ඔව් උබ පොතක් ලියපන් මන් ගන්නවා එකේ පලමු සෙට්එකෙම කොපියක්. බුදු සරණයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති :)

      Delete
    2. උබෙ fb account eka dipanko natham mata request ekak ewahanko susith damitha bandara

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

මේ සතිය ඔබට කොහොමද ?

කතා එකතුව

  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව ඔබගේ ජීවනෝපාය මර්ගයන්හී යම් යම් කරදර බාධක ඇතිවනු ඇත . නමුත් ඒවා එතරම් ප්‍රභල නොවන බැවින් ඔබට අධික ලෙස පාඩු දායක තත්වයකට මුහුණපාන්නට වැන්නේ නැත . ඔබගේ වැඩිහිටියන් ඔබට ලබාදෙනු ලබන යම් යම් අවවාද අනුශාසනා පිළිනොපැදීම නිසා ඔබට යම් කරදර සහිත අවස්ථා වලට මුහුණ පාන්නට සිදුවනු ඇත . විදේශ ගමන් පිළිබඳව ඔබගේ අවධානය පැවතියේ නම් ඒ සඳහා යම් යම් කරදර බාධක ඉදිරිපත් වීමට හැකියාව තිබේ . ඔබගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් උනන්දුවෙන් යුතුව මෙම සතිය තුළ කරගෙන යා යුතුය . සතියේ අවසාන භාගයේදී යම් කලකෝලහාල තත්වයකට මුහුණදීමට සිදුවේ . එබැවින් එවැනි අවස්ථා ඔබ විසින් මගහල යුතුය . ඔබගේ උරුමයන් පිලිබඳ ගැටළුකාරී තත්ත්ව උදාවිමටද හැකියාව තිබේ . සුබ වර්ණය - රන්වන් සුබ දවස - අඟහරුවාදා සුබ අංකය - 9
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව ඔබට සමාජ සේවා කටයුතු සදහා වඩාත් ආකර්ශනීය ලෙස ඉදිරිපත්වීමේ වාසනාව උදාවී තිබේ . ඒ අනුව ඔබට එවැනි සමිති සමාගම් හී නිලතල ලබාගැනීමටද හැකියාව ශක්තිය ලැබී තිබේ . විනෝද සංචාරයක යෙදීමට හැකියාව තිබේ . එබැවින් සතිය පුරාවටම සතුටින් කාලය ගත කිරීමට හැකියාව ලැබේ . ආදායම් මාර්ග , රැකියාව සහ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය අන්දමින් සිදුවන අතර ඒවායේ දියුණුව සඳහා යම් යම් ආයෝජන කටයුතු සිදුකිරීමට ඔබට හැකියාව ලැබේ . අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර ඒ සඳහා තිබෙන උත්සාහය උනන්දුව වඩාත් වැඩි වේ . ප්‍රේම සම්බන්ධතා සඳහා සතිය පුරාවටම සුබ දායක වන අතර විවාහ ජීවිතයට සතුටින් සමාදානයෙන් ගෙවීමට හැකියාව ලැබේ . සුබ වර්ණය - නිල් සුබ දවස - සිකුරාදා සුබ අංකය - 6
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව ඔබගේ හිතුමනාපයට කටයුතු කිරීමට යාමෙන් ඔබගේ ධනය ශ්‍රමය කාලය යන සියළු දේ නිකරුණේ නාස්ති වීමට ඉඩ කඩ තිබේ . විනෝද චාරීකා යෑමටත් එම විනෝද චාරිකා වලදී අලුත් අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට හැකියාවත් ඔබට උදාවේ . තමන්ගේ ජීවනෝපාය වර්ධනය කරගැනීමට යම් යම් සැලසුම් ඔබ විසින් සාදන අතර ඒ කටයුතු සඳහා ඔබ විසින් එම ක්ෂේත්‍රයන්හී නිපුණ පුද්ගලයින්ගෙන් අදහස් ලබාගත යුතුය . අධ්‍යාපන කටයුතු සඳහා උදාසීන භාවයක් පෙන්නුම් කරනු ලැබේ . එබැවින් එම කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොමු කලයුතුය . සුබ වර්ණය - කොළ සුබ දවස - බදාදා සුබ අංකය - 5
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව ඔබගේ සමාජ තත්වය පහලට ඇද දමන යම් ක්‍රියාවක් සිදුවීමට ඉඩ තිබේ . තමන්ගේ මානසික පීඩනය ඉහළ යාමට හැකියාව ඇත . රැකියා ස්ථානයේදී තමන්ගේ වෘත්තීය කුසලතා සහ ප්‍රවීණතාවන් ඉස්මතුකර පෙන්වීමෙන් එම රැකියාවේ උසස්වීම් ලබාගැනීමටත් තම වැටුප් ඉහළ නංවා ගැනීමටත් පුළුවන . එහෙත් සිතේ පවතින කලකිරීම හේතුවෙන් එම සතුට නියමාකාරයෙන් භුක්ති විඳීමට ඔබට හැකියාව නොලැබී යා හැක . අධ්‍යාපනය සාමාන්‍ය ආකාරයෙන් සිදුවේ . ඔබගේ කලින් පැවති ප්‍රේම සම්බන්ධතාවයක යම් යම් කරුණු කාරනා මෙම සතියේ ඉස්මතුවී පැමිණීමට හැකියාව තිබේ . එමගින් ඔබගේ පවුල් ජීවිතයේ හෝ ප්‍රේම සම්බන්ධතාවයේ විශ්වාසවන්ත භාවය පිලිබඳ ගැටළු පන නැගීමට හැකියාව තිබේ . සුබ වර්ණය - සුදු සුබ දවස - සඳුදා සුබ අංකය 7
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව ඔබගේ ස්ථානොචිත ප්‍රඥාව තරමක් අඩුවී යයි . ඒ අනුව අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිවීමටද ඉඩ කඩ තිබේ . තමන්ට එරෙහිව මිතුරන්ගේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වේ . එබැවින් මිතුරන් ආශ්‍රය කිරීමේදී විශ්වාසවන්ත භාවය පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුය . රැකියා කටයුතු සහ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය ආකාරයෙන් සිදුවේ . විශේෂයෙන්ම කොන්ත්‍රාත් වැඩ සඳහා වඩාත් සුබ දායක කාලයකි . පවුලේ නෑදැයින් වෙනුවෙන් යම් යම් වගකීම් ගැනීමට අවස්ථාව උදාවේ . අධ්‍යාපන කටයුතු උදාසීන තත්වයක් ගනී . ඇවිදින්නට සිදුවන සතියකි . පවුල් ජීවිතයේදී සහ ප්‍රේම සම්බන්ධතා වලදී ඔබගේ වගකීම් සම්බන්ධව දෝෂාරෝපණ එල්ලවීමට ඉඩකඩ තිබේ . සුබ වර්ණය - රන්වන් සුබ දවස - ඉරිදා සුබ අංකය - 1
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව වැඩි වැඩියෙන් මහජන සේවයේ යෙදීමට හැකියාව ලැබේ . විශේෂයෙන්ම පිං දහම් කටයුතු වලට ඉදිරිපත් වීමට අවස්තාව උදාවේ . එම අවස්ථා වලදී තමන් හා ගැවසෙන්නන් සමග මත ගැටුම් ඇතිවීමටත් ඒවා කලකෝලහාල දක්වා දුරදිග යෑමටත් ඉඩ තිබේ . අධ්‍යාපන කටයුතු දුර්වල වන අතර ඒ දුර්වලත්වය හේතුවෙන් ගුරුවරුන් සහ දෙමාපියන්ගෙන් දෝෂාරෝපණයට ලක්වීමට ඉඩකඩ තිබේ . අනියම් ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට ඉඩ තිබේ . පවුල් ජීවිතය සතුටින් සමාදානයෙන් ගතකිරීමට හැකියාව තිබේ . සතියේ අවසාන භාගයේදී සෞඛ්‍ය තත්වය යම් තරමකට දුර්වල වීමට හැකියාව තිබේ . විශේෂයෙන්ම හෘධ රෝග සහිත පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්වය . සුබ වර්ණය - කොළ සුබ දවස - බදාදා සුබ අංකය - 5
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව රැකියා ස්ථානයේ තමන්ට හිමි කාර්යභාරය වෙනස් වීමට ඉඩකඩ තිබේ . ඒ අනුව තමන්ගේ අලුත් වැඩ කොටස වෙනදාට වඩා උනන්දුවෙන් කිරීමට තමන්ව ඉබේම පෙළඹවේ . ස්වයංරැකියාවන්හී නියුතු වූවන් සඳහා විශේෂ සුබපලදායක තත්වයක් මෙම කාලවකවානුවේ උදාවේ . නිෂ්පාදනය ඉහළ නංවාගත හැකි අතර ආදායමද ඒ අනුව ඉහළ යයි . තමන්ගේ වැඩකටයුතු සඳහා පවුලේ අයගේ නොමද උදවු උපකාර ලැබේ . අධ්‍යාපනය සාමාන්‍ය තත්වයේ පවතී . ප්‍රේම සම්බන්ධතා අලුතෙන් ආරම්භවිය හැකි සතියකි . සුබ වර්ණය - නිල් සුබ දවස - සිකුරාදා සුබ අංකය - 6
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව ඔබගේ අධ්‍යාපන කටයුතු වඩවඩාත් සාර්ථකවන සතියකි . තමන් ආශ්‍රය කරණු ලබන අයගෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට මනා පිටිවහලක් ලැබේ . කාලයක් තිස්සේ පවතී මිතුරුකමක් ප්‍රේම සම්බන්ධතාවක් දක්වා වර්ධනයවීමට ඉඩකඩ තිබේ . ඒ හේතුවෙන් මෙම සතියේ සතුටින් කාලගතකිරීමට හැකිවේ . උදරාබාදයක් ඇතිවීමට ඉඩ තිබේ . විදේශ ගමනක් පිළිබඳ අදහසක් ඇතිවීමට පුළුවන . රැකියාව සහ ආදායම් මාර්ග පිළිබඳ සුබවාදී බවක් තිබේ යැයි කිව නොහැක . කල්පනාකාරීවන්න . සුබ වර්ණය - රතු සුබ දවස - අඟහරුවාදා සුබ අංකය 9
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව දුර ගමනකට සහභාගී වීමට අවස්තාව උදා වේ . රැකිරක්ෂා ව්‍යපාර ආදී කටයුතු ඉතා උනන්දුවෙන් සිදුකරනබවක් පෙන්නුම් කෙරේ . ආර්ථික තත්වය යහපත් වුවද වැඩියෙන් ලැබෙනවා මෙන්ම සතිය අවසානයේ වැඩියෙන් වියදම් වීමටද හැක . නව ප්‍රේම සම්බන්ධතාවයක් පිළිබඳව අදහසක් පහළවීමට ඉඩ තිබේ . අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර ගුරුවර දෙමාපිය ප්‍රසාදයට ලක්වේ . විවාහ ජීවිතයේ යම් යම් ගැටළුකාරී තත්ත්ව උදාවීමට හැකියාව තිබේ . දේපළ සම්බන්ධ ගැටළු පැන නගීන අතර ඒවා වෙනුවෙන් වැඩි කාලයක් ගතකිරීමට සිදුවේ . සුබ වර්ණය - තැඹිලි සුබ දවස - බ්‍රහස්පතින්දා සුබ අංකය - 3
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට බලවත් උත්සාහයෙන් කටයුතු කිරීමට සිදුවේ . කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ව්‍යාපාර කටයුත්තක් හෝ කොන්ත්‍රාත්තුවක් ලැබීමක් මෙම සතිය තුල සිදුවීමට ඉඩ තිබේ . අධ්‍යාපන කටයුතු යහපත්ය . ප්‍රේම සම්බන්ධතා බිඳවැටීමට ඉඩකඩ තිබේ . විවාහ ජීවිතයේ ගැටළුකාරී තත්වයක් උදගතවන්නේ නැත . මංගල යෝජනා ඇතිකෙරෙන කාලයකි . තමන්ගේ හිමිකරු හෝ හිමිකාරිය මෙම සතියේ හමුවීමට ඉඩකඩ තිබේ . තමන්ගේ තනි තීරණ සඳහා දෝෂාරෝපණ ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න . සුබ වර්ණය - නිල් සුබ දවස - සෙනසුරාදා සුබ අංකය - 6
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව අනවශ්‍ය කටයුතු සදහා වැඩිවෙලාවක් ගත කිරීමට සිදුවේ . එබැවින් තමන්ගේ කාලය ශ්‍රමය ධනය නිකරුණේ නාස්ති වී යන බවක් පෙනේ . එහෙත් එම කාලය තුළදී තමන්ට ගුණවත් උසස් පුද්ගලයින් ආශ්‍රය කිරීමට අවස්තාව ලැබේ . ඔවුන්ගෙන් තමන්ට උදවු උපකාර පවා ලැබේ . තමන් සමග සතුරුවී සිටි අයෙක් මිතුරු වේ . ආදායම් මාර්ග සහ රැකියාවේ තත්වය සාමාන්‍ය අන්දමින් පවතී . ප්‍රේම සම්බන්ධතා ශක්තිමත් වන අතර බිඳවැටුණු සම්බන්ධතා නැවත ඇතිවීමට ඉඩ තිබේ . සුබ වර්ණය - නිල් සුබ දවස - සඳුදා සුබ අංකය - 8
  • මෙම සතියේ ඔබේ ලග්නයට තිබෙන ග්‍රහ බලපෑම් අනුව දුරබැහැර සිටින තමන්ගේ නෑදැයින් දැකගැනීමට අවස්තාවක් උදාවේ . තමන්ගේ දෛනික කටයුතු අතපසුවීම හේතුවෙන් දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ තිබේ . ආදායම හා වියදම අසමතුලිතවීම නිසා සතිය අවසානයේ තමන්ට පාඩු සිදුවී ඇතිබවක් පෙනී යයි . අධ්‍යාපනය කටයුතු සාර්ථක වේ . ප්‍රේම සම්බන්ධතා යහපත් මට්ටමින් පවත්වාගත හැක . නිවාස අලුත්වැඩියා කිරීමට යෝජනා ඉදිරිපත්වීමට ඉඩකඩ තිබේ . සතිය අවසානයේ එම කටයුතු ආරම්භ කිරීමටද අවස්ථාව උදාවේ . පොදුකටයුතු සඳහා මෙම සතිය වඩාත් සුබදායක වේ . සුබ වර්ණය - තැඹිලි සුබ දවස - බ්‍රහස්පතින්දා සුබ අංකය - 3