Wednesday, February 8, 2017

ඉඟුරු ව්‍යංජනය






බ්ලොග් එක ගොඩ කාලෙකට පස්සේ ගතානුගතික යක්ස කතා දේව කතා වලින් මුදවලා ආයෙත් සුපුරුදු තත්වයට ගත්තා . මම හිතන්නේ මේ මාස ගානකට පස්සේ තමයි ලිපියක් ලියන්නේ . මේ කාලය පුරාවටම බ්ලොග් එකත් එක්ක රැඳිලා ඉන්න අයට මාගේ හදපිරි මෙව්වා එක පුද කරනවා . අද ලියන්න යන්නේ කෑමක් ගැන . කෑම ගැන ලියන්න කලින් මම කියන්නම් ඇයි මේක ලියන්න කල්පනා කරේ කියලා . 

ගොඩක් දෙනෙක්ට මේ කාලේ බඩේ ලෙඩ තමයි තියෙන්නේ . බඩ පුරවාදාන ලෙඩ . ගැස්ට්‍රයිටීස් ලෙඩ . අජීර්ණ ලෙඩ වගේ ලෙඩ තමයි තියෙන්නේ . කේන්දර බලන වෙලාවට සමහර අයට තියෙන බඩේ ලෙඩ ගැන කියලා මම ඒ අයට කියලා තියෙනවා ඉඟුරු සුදුලූනු එහෙම වැඩියෙන් කන්න කියලා . ඔන්න ඔහොම දවසක් මම කිව්ව කෙනෙක් අද මට කතා කරලා ඇහුවා ඉඟුරු ආහාරයට ගන්න විධි මොනවද කියලා . 

මමනම් කියන්නෙම අමුවෙන් පොඩ්ඩක් පොඩ්ඩක් කන්න පුළුවන් නම් හොඳයි කියලා . ඒත් කන්න බැරි අයට පුළුවන් බත් එක්ක දාගෙන අනාගෙන කන්න . එහෙමත් බැරිනම් උයලා කන්න පුළුවන් විදියක් ගැන තමයි මම ඒ කෙනාට කිව්වේ . උයන්නේ කොහොමද කියලා ඇහුවම මම කිව්වා හැමෝටම දැනගන්න එක්ක අපි බ්ලොග් එකේ ලියන්නම් ඒ ගැන . ලියලා ලින්ක් එක එවන්නම් කියලා . මෙන්න මේ විදියට තමයි ඉඟුරු ව්‍යංජනය හදන්නේ . 

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය 

වැඩිය මෝරලා නැති ඉඟුරු අල ග්රෑම් 250 
මිටි කිරි කෝප්ප 1 
දිය කිරි කෝප්ප 1 
මිරිස් කුඩු මේස හැන්දක්
තුනපහ අවශ්‍ය තරමට 
රතුළූණු ග්රෑම් 5 
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්බලකඩ ග්රෑම් 5 
අමුමිරිස් කරල් දෙකක් 
රම්පෙ කොළ 1 
කරපිංචා කිනිති දෙකක් 
දෙහි ගෙඩි 1 
උළුහාල් ජුන්ඩක්
කහ ජුන්ඩක් 
ලුණු ඉතාම ජුන්ඩක් අවශ්‍ය තරමට 


සාදන අන්දම 

ඉස්සෙල්ලම ඉඟුරු අල හෝදලා පොතු ඇරලා පිරිසිදු කරගන්න . ඊට පස්සේ ඒවා පෙති පෙති කපන්න . පෙති හීනි වෙන තරමට හොඳයි . මොකද ලොකු කෑලි හැපෙනවට වඩා පොඩි කෑලි හැපෙනකොට පොඩි ගතියක් තියෙනවා බත් එක්ක . 

ඉඟුරු ලියලා පිසගන්නා භාජනයකට දාගන්න . ඊට පස්සේ කපාගත්ත රතු ළූණු උම්ම්ම්ම්ම්ම්ම්බලකඩ අමුමිරිස් මිරිස් කුඩු තුනපහ කහ උළුහාල් රම්පෙ කරපිංචා දියකිරි දාලා අවශ්‍ය තරමට ලුණු දාලා මද ගින්නේ පිසගන්න . 
ඊට පස්සේ ඉඟුරු අල කෑලි තැම්බිලා කියලා දැනෙනකොට මිටි කිරි දාලා දෙහි ඇඹුල් බිංදු කීපයකුත් දාලා හොඳට ගින්දර දාලා පිසගන්න . ව්‍යංජනය හොඳට පිසගෙන ඊට පස්සේ දෙහි ඇඹුල් අවශ්‍ය තරමට දාලා කලවම් කරගත්තට පස්සේ කන්ට හැකි බඩ පිරෙනකල් . 


මේ ව්‍යංජනය කටෙන් ආරම්භ වෙලා අනිත් කොනෙන් අවසන්වෙන ලෙඩරෝග විශාල ප්‍රමාණයකට ගුණදායක වෙනවා . ඒවගේම තමයි වාත පිත්ත සෙලෙස්මාව කියන තුන් දොස් සමනය කරන්න මේ ආහාරය වඩාත් ගුණ දායක වෙනවා . ආමාශගත රෝග සමනය කරන්නත් මේ ආහාරය උදවු වෙනවා . පොඩි ළමන්ගේ පණු අමාරු සමනය කරන්නත් මේ ආහාරයට පුළුවන් . ඉඟුරු දැන් ටිකක් මිලයි . ඒ නිසා මමනම් කියන්නේ වත්තේම ඉඟුරු වගා කරගන්න කියලා . පෝච්චියක උනත් පුළුවන් වගා කරගන්න . 

මේ ආහාරය මාසයකට වතාවක් වගේ හදලා ආහාරයට ගන්න පුළුවන් නම් ශරීරයට ලොකු මෙව්වා එකක් ලබා ගන්න පුළුවන් කියලා පුරාණයේ හිටපු සෘෂිවරු පුස්කාපු කොලපොත් වල ලියලා තියෙනවා . 

එහෙනම් තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු . 


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

19 comments :

  1. ඈඈඈඈඈ පට්ටයිනෙ වැඩේ... අදමයි ඇහුවෙ ඉගුරැ උයලා කන්න පුලුවන් කියලා... නියමයි ඈ අපෙ අම්මට කියන්නොනා හදන්න කියලා....

    ReplyDelete
    Replies
    1. මම කාලා තියෙනවා. සැරයි පුතෝ................
      වැඩිය කන්න එපා . ගානකට කන්න .

      Delete
  2. මේක ට්‍රයි කරලා බලන්න ඕනේ...
    අක්මාවට ගුණ කෑම මොනවද තියෙන්නේ... ;)

    ReplyDelete
    Replies
    1. ඉඟුරු අරක්කුවලින් තම්බලා ලුනු පොඩ්ඩක් ඉහලා, බොන වෙලාවට බයිට් එකට ගනින්.

      Delete
    2. දවසකට කොහොඹ කොළ දෙකක් කන්න පුළුවන් නම් ඇඟේ තියෙන විෂ ගතිය ගොඩක් නැතිවෙනවා . හැබැයි සමහර අයට කොහොඹ කොළ ඇලජි වෙනවා . ඒ නිසා කලින් ටිකක් වෙන්න කාලා බලලා තමයි කන්න ඕන . එනසාල් , කරාබුනැටි , සාදික්කා , විශේෂයෙන්ම වසාවාසි , ඉඟුරුපියලි , වගේ දේවල් වැඩියෙන්ම හොඳයි ඔය අප්සැට් එකට . මොනවා කලත් ඔය අක්මාවට ගුණ කෑම හොයන උන්දැලා වැඩියෙන්ම කරන්නේ වහ බීලා අනේ මට මැරෙන්න බැහැ කියලා බෙහෙත් කනවා වගේ වැඩක් හිටං . ආ කරපිංචා කැඳ . අක්මාව වකුගඩු මොලය කියන තුනටම එකවගේ බලපාන ගුණ දෙනවා . මාත්‍රාව වැඩි වුණාම කරපිංචා කැඳ බොන එක හොඳයි වැඩිවෙන්න .

      Delete
  3. බ්ලොග් එකට පොඩි වෙනසක් කිරීම බොහොම හොඳයි. කොයි වෙලාවේ වෙනස් කරයිද කියලා බලන් හිටියේ.

    හොඳ කෑමක් වගේ. මම ජින්ජර් චට්නි කනවා බත් එක්ක. ඉන්දියන් කඩවල තියෙනවා. අපේ හොඳට බොන මාමා කෙනෙක් හිටියා බත් කනකොට අමු ඉඟුරු කෑල්ලක් බත් එක්ක හපාගෙන කනවා.

    ReplyDelete
    Replies
    1. කොටස් කීපයක කතාවක් ලියනවා කියන්නේ හරිම පීඩනයක් . එකක් ඉවරවෙලා අනික දානකල් මාව මරාගෙන කන්න හදනවා කස්ටිය .

      ඒ කෑම පුරුදු නැතිවීම තමයි ලංකාවේ මිනිස්සුන්ට හෙනයක් වෙලා තියෙන්නේ .

      බොහොම ස්තූති g-)

      Delete
  4. Replies
    1. මොකක්ද බං මේ කමෙන්ට් එක...

      Delete
    2. මේ කෝඩ්ස් වැඩ කරන්නේ නැහැ . කෝ මේ කෝඩ්ස් දාපු එකා ?????

      Delete
  5. මේ දවස් වල මම තනි රන් එක දෙන හින්ද, මේක හොඳ ඔත්තුවක්. හෙට අනිද්දම ට්‍රයි එකක් දීල බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හොඳට උයාගන්න ලැබේවා !

      Delete
  6. appaa mata kohhomaba kola alajic papola hadila anthimata hospital pawa admit wenna una kohomaba kola hinda;).e unata yaksha dewa kathath awulkma naa kiyawanna asai

    ReplyDelete
  7. වෑන්ජනේ රූපෙකුත් තිබුනානම් තමයි හොඳ

    ReplyDelete
    Replies
    1. හැදුවට පස්සේ ෆොටෝ එකක් ගන්ට :)

      Delete
  8. බොහෝම ස්තූතියි විස්තරේට ජින්ජර් වැංජනේ හදලා කාලා බලන්නම් :)

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.