Thursday, November 3, 2016

අමරදේවයිනි , ඔබට නිවන් සුව ලැබේවා !


ඔබ එනතුරු සේකරයන් මෙපමණ කලක් බලා සිටින්නට ඇති 
ගී පොතත් මීවිතත් නැවතත් එක් විය

සංගීතයට හිතැති මිනිසුන් අතරේ 
වයලීනයට පෙම් බැන්දෙකු විලසින් 
පිං කෙත හෙළ රන් දෙරණේ 
යළි උපදින්නට හේතු වාසනා වේවා !

ඇදුරිඳුනි ඔබට නිවන් සුව ලැබේවා !





මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අඳුරට ඉඩදී...අඳුරේ සැඟවී...
ඔබගෙන් වෙන්වී මම යන්නම්

නිදි නැති යානේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ
සුළඟේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමැළි දෑතින් ඔබ හිස අතගා
ඔබ නිදි කරවා මම යන්නම්

අළුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිනි කඳුළක් රඳවා
සුසුමක් වාගේ ඉන් පිටවී
ඔබගෙන් වෙන් වෙන්නම්
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්

ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - මහගම සේකර



5 comments :

  1. අප වෙන්ව යා යුතුය......සියල්ල අස්තිරය....ඔබ එය බොහෝ වර ගායනා කර ඇත. බොක්කේ දුක සහ නිමක් නැති ගෞරවය. ඔබ කිසිදා අමතක නොවෙනු ඇත. මන්ද යත් ඔබ අප සමගමය. ඔබට අවසර!!!!!!!

    ReplyDelete
  2. එතුමාණන්ට නිවන් සුව!!

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.