Saturday, August 20, 2016

කාලය මැනීම






මේ ළඟදී මට බලන්න ලැබුණු කේන්දර සටහනක් නිසා තමයි මේ ලිපිය ලියන්න මම කල්පනා කරේ . දවසක් අපේ ගෙදර ආවා අපේ ගෙවල් කිට්ටුව නැන්දා කෙනෙක් . ඒ නැන්දා තමන්ගේ ළමයාගේ ඉගෙනීම ගැන හරිම අඩු තක්සේරුවෙන් තමයි කතා කලේ . කොහොමත් ඒ ළමයාට වැඩිය ඉගෙනගන්න උවමනාවක් තිබ්බේ නැහැ . ඒත් ඒ ළමයා එක්ක මම කතා කරලා බලනකොට තේරුනා ඒ ළමයට මොලේ නැතිව නෙවෙයි ඉගෙන ගන්න බැරි වෙලා තියෙන්නේ කියලා . කොතනක හරි අවුලක් ඇති කියලා හිතලා මම ඒ අම්මගෙන් ඇහුවා මේ මල්ලිගේ කේන්දරේ මට ගෙනත් දෙන්න බලන්න කියලා . මම බැලුවේ මැණික් ගල් පැළඳවීමේ ප්‍රතිකාරය කරවලා බලන්න හරියනවද නැත්ද කියලා . පස්සේ ඒ නැන්දා මමත් එක්ක  කිව්ව කතාව නිසා තමයි මම මේ කතාව බ්ලොග් එකේ ලියනවා කියලා හිතුවේ .

මේ ළමයා ඉපදිලා තියෙන්නේ හරියටම දවල් 12 00 ට . ඉස්පිරිතාලේදී සටහන් කරගත්ත මේ වේලාව ගැන කිසිම වැරද්දක් කියන්න නැහැ . මොකද හරියටම ළමයා ඉපදුනු වේලාව තමයි ඉස්පිරිතාලෙන් ලබා දෙන්නේ . පස්සේ මේ වේලාව අරගෙන ගිහින් තියෙනවා ජෝතිෂ්‍ය දන්නා මහත්මයෙක් ළඟට කේන්දර සටහන හදාගන්න කියලා . මේ ජෝතිෂ්‍ය මහත්මයා කියලා තියෙන්නේ මහ පුදුම කතාවක් . එයා කියලා තියෙනවා මේ ළමයා ඉපදිලා තියෙන්නේ ගැහැණු නැකතකින් . මේ වෙලාවට පිරිමි ළමයෙක් ඉපදෙන්න කිසීම ඉඩක් නැහැ . ඒ නිසා පිරිමි නැකතක් ලබලා තිබුණු 11 35 කියන වෙලාවට කේන්දරයක් හදලා දෙන්නම් කියලා . පස්සේ ඒ ළමයට කේන්දරේ හදලා තියෙන්නේ ඒ වෙලාවට . නම තියලා තියෙන්නෙත් ඒ වෙලාවට ගළපපු නැකත ලග්නය සඳහා ගත්ත අකුරු වලින් . ඔන්න ඔහොමයි කේන්දර මහත්මයාගේ කතාව .

ජෝතිෂ්‍ය විද්‍යාව පරිහරණය කරන කෙනෙක් කිසිම වෙලාවක කරන්න හොඳ නැති දෙයක් තමයි ඒ කරලා තියෙන්නේ . වෙලාව කවදත් වෙලාවම තමයි . කෙනෙක් මහපොළවේ ඉපදෙන්නේ තමන් කරපු කුසලාකුසල කාර්ම ශක්තිය අනුව . සිද්දාර්ථ කුමාරයත් මහපොළවේ ඉපදෙන්න කලින් පංච මහා විලෝකනය කරන වෙලාවේ ඉස්සෙල්ලම බැලුවේ කාලය . කාලය තමයි හැම දේටම ඉස්සෙල්ලම වැදගත් වෙන්නේ . ඉතින් මේ කාලය කාටවත් වෙනස් කරන්න බැහැ .





ඒ කාලය අනුව පෙර අත්දැකීම් සහ සෘෂිවරුන් ලබා දීපු දැනුම මිශ්‍ර කරලා තමයි ජෝතිෂ්‍ය විද්‍යාව හසුරුවන අය නැකත් කේන්දර පළාපල වගේ දේවල් කියන්නේ . කෙනෙක් මහපොළවේ ඉපදුනා නම් ඒ කෙනාට බලපාන්නේ ඉපදුනු වෙලාවේ තිබ්බ ග්‍රහ පිහිටීම මිස තමන්ට ලැබිලා තියෙන ලිංගයට අදාළ ග්‍රහ පිහිටීම නෙවෙයි . සමහරවිට මේ ලිපිය කියවන ජෝතිෂ්‍ය පරිහරණය කරන මහත්තුරුන්ට ඒ කතාව කිව්වම රිදෙයි . ඒත් ඇත්ත ඒක තමයි .

නැකත් ස්ත්‍රී පුර්ෂ කියලා වෙන් කරලා තිබුණට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ස්ත්‍රී නැකතකින් ඉපදුනු කෙනෙක්ට ස්ත්‍රී ලිංගයත් පුර්ෂ නැකතකින් ඉපදුනු කෙනෙක්ට පුර්ෂ ලිංගයත් හිමිවෙන්න ඕන කියලා . සමහරවිට ස්ත්‍රී කෙනෙක්ට පුර්ෂ නැකත් තියෙන්නත් පුරුෂ කෙනෙක්ට ස්ත්‍රී නැකත් තියෙන්නත් පුළුවන් . ඒවා එතකොට ඒ ඒ අයට බලපාන විදි වෙනස් වෙනවා . අනික තමයි ස්ත්‍රී නැකත් තියෙනවා කියලා පිරිමියෙක් ගැහැණියක් වෙන්නෙවත් පිරිමි නැකත් තියෙනවා කියලා ගැහැණියක් පිරිමියෙක් වෙන්නෙවත් නැහැ . ජෝතිෂ්‍ය පිලිබඳ අවම දැනුම සහ මුලා කිරීම තමයි මේ දේවල් වලට මූලිකවම හේතු වෙන්නේ .

මේ කතාව නිසාම මම කල්පනා කරා බ්ලොග් එක හරහා කාලය මනින මිනුම් ගැන දැනුවත් කිරීමක් කරානම් හොඳයි කියලා . මෙන්න මෙහෙමයි කාලය මනින මිනුම් ගැන ජෝතිෂ්‍ය විද්‍යාවේ සඳහන් වෙන්නේ . ඒකත් සිංහල ක්‍රමය සහ බටහිර ක්‍රමය කියලා ක්‍රම දෙකකට විග්‍රහ වෙනවා . ඒත් මැනෙන්නේ එකම කාලය .








බටහිර ක්‍රමය

තත්පර 60 - මිනිත්තු 1
මිනිත්තු 60 - පැය 1 
පැය 24 - දින 1 
දින 7 - සති 1 
සති 4 - මාස 1 
මාස 12 - අවුරුදු 1 
අවුරුදු 10 - දශක 1 
අවුරුදු 20 - විංශති 1 
අවුරුදු 60 - ෂස්ටි 1 
අවුරුදු 100 - ශතවර්ෂ 1 



සිංහල ක්‍රමය

නිමේෂ 18 - කාෂ්ටා 1 
කාෂ්ටා 30 - කළා 1 
කළා 30 - ක්ෂණ
ක්ෂණ 12 - මුහුර්ත 1
මුහුර්ත 1 - පැය 2 
පැය 60 - දින 1 
දින 15 - පක්ෂ 1 
පක්ෂ 2 - මාස 1 
මාස 6 - අයන 1 
අයන 2 - වර්ෂ 1 
වර්ෂ 20 - විංශති 1 

මේ ක්‍රම දෙකම එකට මිශ්‍ර කරලා මෙන්න මේ විදියට කාලය මනින මිනුම් විග්‍රහ කරලා තියෙනවා

තත්පර 60 ක් – විනාඩි 01 යි
විනාඩි 10 ක් – ක්ෂණ 01 යි
ක්ෂණ 06 ක්   – පැය 01 යි
පැය 02 ක් – මුහුර්ථ 01 යි
මුහුර්ථ 3.5 ක් – යාම 01 යි
යාම 08 ක් – දින 01 යි
දින 15 ක් – පක්ෂ 01 යි
පක්ෂ 02 ක් – මාස 01 යි
මාස 02 ක් – සෘතු 01 යි
සෘතු 03 ක් – අයන 01 යි
අයන 02 ක් – වර්ෂ 01 යි
වර්ෂ 20 ක් – විංශති 01 යි
විංශති 03 ක් – ෂෂ්ඨි සංවත්සර 01 යි
විංශති 05 ක් – ශත වර්ෂ 01 යි
වර්ෂ 05 ක් – යුග 01 යි
යුග 04 ක් – විංශති 01 යි


මේ එක එක වචනයක් ගානේ අර්ථ දැක්වීම් තියෙනවා . සමහර  දේවල් වැරදියට තමයි අපි භාවිතා කරන්නෙත් . ඒ අර්ථ දැක්වීම් මොනවද කියලා ඉදිරි කාලයේ ලියන ලිපිවලින් කියවන්න පුළුවන් වෙයි . එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


19 comments :

  1. මෙන්න මේක ටික දවසකට කලින් දැක්කා. අදාළ වේ නේ ද ? c-)
    https://www.facebook.com/lokasithiyama.lk/photos/?tab=album&album_id=309751672708918

    අපේ පොඩි කෙලීගේ කේන්දරේ හදා ගන්න ගිය වෙලේ ඔය විදියටම කිව්වා මේකනම් පිරිමි නැකතක් . ඒ වුනාට එහෙම වෙන්න පුළුවනිය කියල.

    ReplyDelete
    Replies
    1. අදාලයි අදාලයි . මට මතකයි මම හය වසරේ ඉන්න කාලේ අපිට පෑ තැටිය ගැන උගන්නලා ඒකක් හදන්න කිව්වා . අපි රම් ගෙඩියක් අරගෙන ඒක සුද්ද කරලා තමයි පෑ තැටිය හැදුවේ .
      ඉස්සරකාලේ වේලාව බලන්න එක එක ක්‍රම පාවිච්චි කරලා තියෙනවා . මම දන්න විදියට පියවර මැනීම තමයි සාර්ථකම ක්‍රමයක් වෙලා තියෙන්නේ . තව ඒවා තියෙන්නේ ඇති . ඒත් දැන් ඒවා නැතිවෙලා ගිහින් .
      බොහොම ස්තූති g-)
      බොල්තුඹේ යන්න කියලා හිත හිත ඉන්නවා දවසක . කොයි පැත්තෙන්ද ළඟ කියලා එහෙම දන්නේ නැද්ද ?
      කුරුවිට පැත්තෙන්ද ?
      බලංගොඩ පැත්තෙන්ද ?

      Delete
    2. මම දන්නා තරමින් බලංගොඩ පැත්තෙන් තමා යන්නේ. කුරුවිටින් යන පාරක් ගැන නම් දන්නේ නෑ. අපේ හාමිනේ මොරහැල. ඒ කිට්ටුව තමා බොල්තුඹේ තියෙන්නේ. මහ ලොකු දුරක් නෑ නොවැ. ඒත් තවම යන්ට වුනේ නෑ මටත්. ඒ පැත්තෙන් යන්න විස්තර ඕනි නම් කියන්න.

      Delete
  2. මට පෙන්නේ මගේ එකටත් වෙලා තියෙන්නේ ඔය සෙතේම ද කෙහෙද මගේ කේන්දරේ බලන බලන එකා කියන්නේ පට්ට පල් බොරැ ලගකදි බෝම ප්‍ර‍සිද්ධ මැතිවරන පලාපල පවා තක්කෙටම කියල උන්හිටි තැන් පවා අහිමිවෙච්ච කෙනෙකුත් මගේ එක බලල පට්ට පල් බොරැ තොගයක් කියල තිබ්බ....

    ReplyDelete
    Replies
    1. ආ ඒකද කේන්දරේ බලලා දෙන්න පුළුවන්ද ඇහුවේ ? . මට fb මැසේජ් එකක් දාන්න

      Delete
    2. https://www.facebook.com/asiri.madura

      ඇඩ් කරගන්න මාව

      Delete
    3. එකත් එකක් තමයි තව හේතු ගොඩක් තියනව...

      Delete
  3. මගේ කේන්දරෙත් බලන බලන තැනින් එක එක කතා කියන්නෙ. අත බලල කියන්නෙ වෙනම එකක් අනේ මන්ද....:-?:-?:-?

    ReplyDelete
    Replies
    1. අත බලල කියන එක සාර්ථකයි ඉස්සර . දැන් නැහැ . මොකද දැන් ඒ ගැන වැඩිය අත්දැකීම් තියෙන අය නැහැ . දැන් ඉන්නේ පොත් කියවලා බලලා සාත්තර කියන අය . ඒ අය අනිත් දේහ ලක්ෂණ ගැන එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ . ඒ නිසා දැන් අත බලලා කියන එකනම් සාර්ථක නැහැ . කේන්දරෙත් එහෙනම් මොකක් හරි අවුලක් ඇති .

      Delete
  4. Replies
    1. g-) බොහොම ස්තූති :)

      Delete
  5. මල්ලි ඔයාට ගොඩක් පින් මගෙ කෙන්දරය බලලා මට කරන්න ඔනි පිලිවෙත් ටික කියලා දුන්නට.
    ඔයා වගෙ කවුරුත් පැහැදිලි කරේ නැහැ.
    හරිම සධාරණ විදිට විද්යතමක විදියට ඔයා කෙන්දරය බලලා දුන්නෙ....
    ඔයාට සුබම සුබ අනගතයක් සහ කරන හැම කටයුත්තක්ම සාර්ථක වෙවා කියලා ප්රාර්ථනා කරනවා ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති . සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ටවේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා :) g-)

      Delete
  6. යම් යම් හේතු කිහිපයක් සහ කේන්දර සම්බන්ධව කතිකාවතක් ඇති වෙච්ච නිසා හදිසියේ හිතිලා මම වයලිනෝගෙන් කේන්දරේ බලව ගත්තා...
    ඔහු මගේ අතීතය සම්බන්ධව පවසපු කරුණු වලින් සැළකිය යුතු ප්‍රමාණයක් සත්‍යයි. ඒ වගේම අනාගතය සම්බන්ධවත් යම් යම් පැහැදිළි කිරීමක් කලා...
    ඔහු ප්‍රශ්න අහන්න අවස්තාව දීල ඒකට වෙනම උත්තර දෙන එක වටිනවා...

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.