Friday, March 4, 2016

රත්තණපිටිය







ඔන්න අම්මේ තාත්තේ අයියේ  අක්කේ නංගියේ මල්ලියේ වයලීනෝ මහතා අදත් මෙතනට ආවේ යස අපූරුවට තියෙන ගමක් කාලා බීලා විනාස කරලා දමන්නටයි . උදා හිරු කිරණ මේ මිහිමතට පතිතවෙන මොහොතේ පතන්නම් ඔබට සුබ උදෑසනක් , දවාලක් , සවසක් හෝ රැයක් කියලා . කැමති ඕන එකක් උනත් හිතා ගත්තට මට කමක් නැහැ . ඔය සිරි ජයවර්ධනපුර සරසවියේ ඉගෙනගත්ත , ඉගෙනගන්න අයනම් මේ ගම ගැන හොඳට දන්නවා . මොකද මේ ගම පිහිටලා තියෙන්නේ ජයවර්ධනපුර සරසවියට පිටිපස්සේ නිසා . ඒත් එහෙමයි කියලා මේ කතාව කියවන්නේ නැතුව අතෑරලා දාන්න එපා . මොකද ඒක ජාතික ගීය දෙමළෙන් ගායනා කලාට වඩා  ජාතියට කරන අපරාදයක් වෙන්න පුළුවන් . එහෙනම් මම ඔන්න කතාව පටන් ගන්න තමයි හදන්නේ . හැමෝම සාධුකාරයක් දීලා කැරකිලා දෙකට නැවිලා මේ කතාව අහගෙන ඉන්න ඕන හොඳද ළමයි ?

විජයාගමනයට පෙර අම්මටසිරිලංකාවේ කොළඹ කිට්ටුව තිබුණා එක ගමක් . මේ ගම හරිම පිටිසරයි . මොකෝ ඉතින් දැන් කාලේ වගේ කාර් බස් තිබුනා කියලය . ඉතින් මේ ගමේ අය ගමන් බිමන් ගිහින් තියෙන්නේ ගොං කරත්ත වලින් . ඒ පැත්තේ දැනට ජීවත්වෙන සමහර අයගේ වැඩ දැක්කම දැනුත් ඒ පැත්තේ ඉන්නේ මේ කරත්තවල බැඳපු අයමද කියලා මමනම් හිතන්නේ නැහැ . ඒත් මේක කියවන ඔබ තමුන්නාන්සේලාට ඒ ගැන හිතන්න පුළුවන් .

ඉතින් මේ ගොං කරත්තවල බඳින්න ගොන්නුත් ඉන්නේපාය . ගොඩක් වෙලාවට මේ ගොං කරත්තවල බැඳලා තියෙන්නේ එකම පුද්ගලයෙක්ට අයිතිවෙලා තිබ්බ හරක් . එහෙමත් නැත්නම් එයාගෙන් කරත්ත කුලියට උනත් ගන්න පුළුවන් . අපේ කතාව දැන් තමයි පටන් ගන්නේ . මේ හරක් අයිතිවෙලා හිටපු කෙනාගේ නම ලනුද . එයාට ලනුද කියලා නම වැටිලා තියෙන්නෙත් මේ කරත්ත රස්සාවට සම්බන්ධ නිසාම තමයි . මොකද හරකුන්ගේ නහය විදලා ලණුවක් දාන්න ඕනනේ කරත්තවල බඳිනවනම් . ඒ වැඩේට මෙයා හොඳට දස්සයිලු . ලණු දාන්න දස්ස නිසා තමයි ගමේ ය මෙයාට ලනුද කියලා නම දාලා තියෙන්නේ  . නැත්නම් එයාගේ නම දිකරන් .





මේ දිකරන් කියන කෙනා තමන්ගේ හරකුන්ට ඉතාම ආදරයෙන් සලකාගෙන ජීවත් උනා . ගමේ අයට කරත්ත කුලියට දුන්නේත්  මෙයා තමයි . මෙයා ඒ ලැබෙන සල්ලිවලින් ගමේ පන්සලට නොමිලේ වෙබ් සයිට් එකක් පවා හදලා දීලා තියෙනවා . ඒත් හරිම නිරහංකාර කෙනෙක් තමයි මේ දිකරන් කියන කෙනා . මෙයාගේ ගෙවල් කිට්ටුව තියෙනවා විශාල තණකොළ  පිට්ටනියක් . එයාට කන්න නෙවෙයි ඒක වවලා තිබුනේ . එයාගේ හරකුන්ට කන්න තමයි ඒක වවලා තිබුණේ . මෙන්න මේ තණකොළ පිට්ටනිය තමයි මේ ගමට නම වැටෙන්න අන්තිමට හේතු උනේ .

දවසක් ඔන්න මේ ලනුද , එහෙමත් නැත්නම් දිකරන් කියන මනුස්සයා තමන්ගේ හරක් ඔක්කොම දක්කාගෙන ගියා මේ තණකොළ තියෙන පිට්ටනියට . මොකටද ගියේ ? වෙන මොකටද ඉතින් උන්ට කන්න දෙන්න . ඔන්න දැන් ගිහින් ඉන්නවා තණකොළ පිට්ටනියට . හරක් ටික තම තමන්ට කැමති කැමති තැන්වල කැමති කැමති පොසිසන් වලට ඉඳගෙන හිටගෙන එක එක ස්ටයිල් වලින් මේ තණකොළ කනවා .

ඔහොම ඉන්න අතරේ මෙතනට ආවා ටිකක් කටකාර පුද්ගලයෙක් . අපි කියමුකෝ එයාට අබරං කියලා . මේ අබරන් දැන් කදිරන් එක්ක බර සාකච්චාව . එකපාරටම අබරන් ඇහුවා කදිරන්ගෙන් ඔයා ගොපලු දෙවියෝ විශ්වාස කරනවද කියලා . කදිරන් කොච්චර පන්සලේ වැඩට උදවු කරත් මේ දෙවිවරුන්ගේ වැඩ වලට උදවු කරන්නේ නෑ  . ඒ නිසා ගත් කටටම කිව්වා මමනම් ඔය දෙවියෝ විශ්වාස කරන්නේ නෑ . ගොපලු දෙවියෝනම් කොහොමටවත් විශ්වාස කරන්නේ නෑ  . ගොපලු දෙවියෝ මට දීපු බම්බුවක් නැහැ කියලා .

මේ වෙලාවේ මේ කතාව ගොපලු දෙවියන්ගේ මහ ඇමතිට ඇහිලා වහාම මේ ගැන කම්ප්ලේන් කරා ගොපලු දෙවියන්ට මෙන්න මෙහෙම කෙනෙක් තමුන්නාන්සේට අපහාස වෙන්න කතා කරනවා කියලා . ඒ වෙලාවේ ගොපලු දෙවියන්ට හොඳටම කේන්ති ගිහින් අර තණකොළ පිට්ටනියම රත් වෙන්න කියලා ශාප කළා . හරක් ටික එහෙ මෙහෙ දුවනවා . කදිරන්ට කරගන්න දෙයක් නැහැ . එයා හරිම අමාරුවෙන් හරක් ටික ගෙදරට දක්කාගෙන ගියා . ඒත් මේ පිට්ටනියේ ආයෙත් කදිරන්ට නෙවෙයි වෙන කාටවත්ම තමන්ගේ හරකුන්ට තණකොළ කන්න දෙන්න ලැබුණේ නැහැ . මොකද මේ ගොපලු දෙවියෝ කරපු ශාපය නිසා .

කාලයක් යනකොට මේ පැත්තට රත් තණකොළ පිටිය කියලා මිනිස්සු කිය කිය හිටියා . පස්සේ අන්තිමට රත් තණකොළ පිටිය රත්තණපිටිය  බවට පත්වෙලා අද දක්වා විකාශනය වේගෙන එනවා කියලා ඉතිහාසගත පොසිල වාර්තාවල සඳහන් වෙලා තියෙනවා . ඔන්න ඔහොමයි රත්තණපිටිය  ගමට නම වැටුනේ .නයන්න මාරු උනොත් හොඳ නැති බව කරුණාවෙන් සලකන්න . ආයෙත් මේ වගේ රසබර කතාවක් අරගෙන ඔබ හමුවට එන්නම් .

පලි :-
ටික කාලෙකට ආයෙත් ලියන්න වෙන්නේ නැහැ . දැන් කැම්පස් එකේ වැඩ වැඩිවෙලා තියෙන්නේ . පුළුවන් විදියට ලියලා ආයෙත් කතා අරගෙන එන්නම් . අර සීයාගේ මුණුබුරාගේ කතා එනකල් බලාගෙන ඉන්න අය සොරි වෙන්න ඕන කතාව පරක්කු වෙනවට . කතාවට මම " සඳ එළියේ අසිපත " කියලා තමයි නම දැම්මේ . ඒත් ඒක ලියලා ඉවර කරන්න කලින් වැඩ වැඩි උනා . ඒ නිසා ඒ කතාවත් කල් යයි .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

23 comments :

  1. අර විමලසිරි ගම්ලත් උන්නාන්සේ වත් දිකරන් = කදිරන් වගේ මෙච්චර ඉක්මනට නම් මාරු කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩක් වයර් මාරුවෙලා තමයි . ගණන් ගන්නෙපා මෙයා :p

      Delete
  2. ආ... එතකොට ඒක වෙලා තියෙන්නේ එහෙමයි එතකොට...

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි :p

      Delete
  3. Replies
    1. රත්තණපිටියට බණිනකොට ඇයි මෙයා ඔයාට වේදනා ?

      Delete
  4. අගෙයි සුබපතනව නිතර ලියන්නො

    ReplyDelete
  5. Replies
    1. ඔබට සතුටුයිද දැන් ? :p :p

      Delete
  6. හරක් අයිතිවෙලා හිටපු කෙනාගේ නම "ලනුද" වෙන්නෙ නැතුව, බැරි වෙලාවත් "ලයවා" වෙන්න බැරිද? :-SS

    ReplyDelete
    Replies
    1. බොරලැස්ගමුවත් කෑවා. රත්තණපිටියත් කෑවා.
      ඔන්න ඔහේ ජී.එච්.පෙරේරා මාවතත් කාලා දාන්න. මම මොකූත් කියන්නේ නෑ b-( b-( b-(

      Delete
    2. රත්තණපිටිය ගැන විස්තර දැන ගන්න කැමති අය, මේ පැත්තෙන් එන්න :-da

      http://danulawickramaarachchi.weebly.com/348435123546-352035383501353035013538.html

      Delete
    3. මේ ලනුද කියල තියෙන්නෙ ඔයාට එහෙම නෙමෙයිනෙ වැරදිලවත්? මට හීන් සැකයක් ආව ගොයියො.. :bd

      Delete
    4. උඹේ නම ආයේ කොහොමද බං වෙනස් වෙන්නේ ? :p :p :p

      Delete
  7. හනේ බං උඹ... මයෙ රුපියල් පා කේව!

    ReplyDelete
    Replies
    1. :p :p
      ඔබට සතුටුයිද දැන් ? :p :p

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.