අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

සමහර වෙලාවට මට එපාවෙන වැඩක් තමයි කාගේ හරි කේන්දරයක් බලලා දෙන්න කිව්වම එයාගේ කේන්දරේ ග්‍රහයෝ ඉන්නේ කොහොමද කියලා අහගන්න එක . මට ඉතින් කේන්දර හ...

කේන්දරේ කොටු කියවන්නේ මෙහෙමයි

සමහර වෙලාවට මට එපාවෙන වැඩක් තමයි කාගේ හරි කේන්දරයක් බලලා දෙන්න කිව්වම එයාගේ කේන්දරේ ග්‍රහයෝ ඉන්නේ කොහොමද කියලා අහගන්න එක . මට ඉතින් කේන්දර හද හද ඉන්න වෙලාවක් නැති නිසා මම ෆේස්බුක් හරි ෆෝන් එකෙන් මැසේජ් කරලා හරි මට ඕන විස්තර අහගන්නවා . ඔක්කොමත් හරි , එපා වෙන්නේ එක එක කොටුවල ඉන්න ග්‍රහයෝ කවුද කියලා අහගන්න එක . මචන් උඩම තියෙන ඒවායින් මැද තියෙන්නේ පලවෙනි කොටුව . ඊට පස්සේ වම් පැත්තට ගැනපන් එක දෙක තුන හතර කියලා තියෙන කොටු ටික . එහෙම ගනිනකොට ග්‍රහයෝ ඉන්නේ මොන කොටුවේද කියලා කියපන් . ඔන්න ඔහොම කිව්වම ඒ පැත්තෙන් අහනවා එතකොට මචන් අර ත්‍රිකෝණ ඩබල් ඩබල් තියෙන්නේ මොනවද කියලා . මාත් ත්‍රිකෝණ වෙලා යනවා එහෙම ඇහුවම . ඒ නිසා මම ගොඩක් දවස් ඉඳලා කල්පනා කරා කේන්දරේ කොටු ගණන් කරන්නේ කොහොමද ? ඒවායේ ග්‍රහයෝ ඉන්නේ කොහොමද ? කියලා ලිපියකින් ලියලා කියලා දෙන්න .


කෙන්දරේක එකවගේම බෙදලා තියෙන කොටු දෙකක් තියෙනවා . එකක් ලග්නය තියෙන කොටුව . අනික නවාංශකය තියෙන කොටුව . ඔය කොටු දෙකේම පොඩි කොටු බෙදලා තියෙන්නේ එකම විදියකට . ඒ නිසා හොයාගන්න අමාරු වෙන්නේ නැහැ . සමහර කේන්දරවල තියෙනේ නෙළුම මලක් වගේ පෙති දොළහක් ඇඳලා . රවුමක් වටේට තමයි පෙති තියෙන්නේ . මේ රවුමේ මැද තමයි නවංශකය හරි ලග්නය හරි ලියන්නේ . එහෙම කේන්දරවල නම් අමාරුවක් නැහැ කියවන්න .

උඩම තියෙන පෙත්ත එක කියලා ගණන් ගත්තම දෙක තුන හතර පහ කියලා වම්පැත්තට ඒ කියන්නේ වාමාවෘතව පෙති ගණිනකොට ග්‍රහයෝ  ඉන්නේ කොහොමද කියලා අඳුරගන්න පුළුවන් . අඳුරගන්න පහසු වෙන්න කියලා මම ඔන්න කෙන්දරේක ෆොටෝ එකක් දානවා ඒ ඒ ඉලක්කම් කොහොමද කේන්දරේ කොටු වලට අදාළ වෙන්නේ කියලා දැනගන්නත් එක්ක .




ඊට පස්සේ අවුල වෙන්නේ ග්‍රහයන්ගේ නම් ශෝට් කරලා දාලා තියෙන විදියට කියෝගන්න බැරිකම . මට නෙවෙයි , කේන්දරේ අයිතිකාරයට තමයි කියෝගන්න බැරිකම තියෙන්නේ . මෙන්න මෙහෙමයි කේන්දරේ ග්‍රහයන් නම් කරලා තියෙන්නේ

රවි - ර
චන්ද්‍ර - ච
කුජ - කු
බුධ - බු
ගුරු - ගු
ශුක්‍ර - ශු
ශනි - ශ 
රාහු - රා
කේතු - කේ
යුරේනස් - යු
නැප්චූන් / නෙප්චූන් - නැ / නෙ
ප්ලූටෝ - ප් / ප්ලු


එකේ කවුද , දෙකේ කවුද , තුනේ කවුද , හතරේ කවුද කියලා ඒ ඒ කොටු වලට අදාළව ග්‍රහයෝ ඉන්නේ කොහොමද කියලා තමයි ඔය ශෝට් කරපු අකුරු ටිකයි අංක දාලා තියෙන කොටු ටිකයි බලලා කියන්න ඕන . නැත්නම් කියවගන්න දැනගන්න ඕන . කාලයක් තිස්සේ කේන්දර අතපත ගාන අයට කේන්දරේ දැක්ක ගමන් අංක දාලා නැතත් මේ කීවෙනි කොටුවද කියලා සං.............. ගාලා කියන්න පුළුවන් . ඒක ඉතින් පළපුරුද්ද නිසා ලැබෙන හැකියාවක් .

ගොඩක් අය රවි රාහු පටලවලා කියනවා . වෙලාවකට මට හිතෙනවා රවි මෙතන නම් රාහු කොහොමද මෙතනට ආවේ කියලා . ඒ මම හිතන්නේ කේන්දරේ මට කිව්ව කෙනා පටල ගත්ත වෙලාවක් තමයි . සමහර වෙලාවට ශනි ශුක්‍ර දෙන්නා පටලගන්නවා . ශනි කියන්නේ සෙනසුරු , ශුක්‍ර කියන්නේ සිකුරු . ශ ශු අකුරු දෙක වෙන් කරලා අඳුරගන්න බැරි උනාම ඔන්න ඒකත් වැරැද්ද ගන්නවා . මේ වැරදි කරගන්නේ නැතුව සාමාන්‍යයෙන් කේන්දරයක් කියෝගන්න පුළුවන් නම් ඒක බලන්න ඉගෙන ගන්න හරිම ලේසියි .

කේන්දරේ නැකත මොකක්ද කියලා කොටු ටිකට පස්සේ තියෙන විස්තරයේ කියලා තියෙනවා . ඊට පස්සේ නැකතේ පාදය කරණය අරවා මේවා විස්තරයක් දිගට දිගට ලියලා තියෙනවා . ඒවායෙන් නම් ඉතින් ඕන ඒවා විතරක් ඇහුවම මොනවද කියලා බලන කෙනාට බලලා කියන්න පුළුවන් . ඊට පස්සේ තියෙන වැදගත් දේ තමයි දශා ශේෂය කියන එක . දශා ශේෂය කියන්නේ එයා ඉපදෙන වෙලාවේ ගෙවෙමින් තිබුණු ග්‍රහයාගේ කාලයෙන් තව කොච්චරක් ගෙවෙන්න ඉතුරු වෙලා තියෙනවද කියන එක . වර්ෂ මෙච්චරයි මාස මෙච්චරයි දින මෙච්චරයි කියලා තමයි දශා ශේෂය ලියලා තියෙන්නේ . අතීතය , වර්තමානය සහ අනාගතය ගැන විමසලා බලන්න මූලිකවම මේ දශා ශේෂය වැදගත් වෙනවා .

මට ලොකු චෝදනාවක් තියෙනවා ලියන ලිපි දිග වැඩියි කියලා . ඒ නිසා මම කල්පනා කරා කොටස් කොටස් කඩලා පොඩි පොඩි ලිපි ලියලා දාන්න . එහෙම උනාම ඉතින් එකම මාතෘකාවටම ලියලා දන්න පුළුවන් කරුණු , ලිපි කීපයකට කැඩිලා යනවා . කරන්න දෙයක් නැහැ ඉතින් කියවන අයගේ පහසුව එපාය බලන්න . ඒ නිසා මේ ලිපියේ ඊළඟ පියවරට යන්නේ නැතුව මෙතනින් නවත්තනවා . අංක දාන්නේ නැහැ ලිපි වලට . එත් මේවා එකකට එකක් සම්බන්ධයි කියලා මතක තියාගන්න ඕන ළමයි . ආයෙත් කේන්දර ගැන ලියන ලිපියෙන් මෙතන ඉඳලා කන්ටිනිව් කරගෙන යමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

13 comments:

  1. සුමනදාසගේ ගෝලයෙක්ද?නැතිනම් කාගේ ගෝලයෙක්ද ? වැඩේ පටන් ගන්න කලින් කියන්න. එනවද නැද්ද කියලා තෝරාගන්න

    ReplyDelete
    Replies
    1. d( d( d( d(
      හඃ හඃ හඃ
      නෑ නෑ කාගෙවත් ගෝලයෙක් නෙවෙයි
      බොහොම ස්තූති ! g-)

      Delete
  2. අනේ මේ ලිපි දිග උනාට කමක් නෑ. අපිට කොටස් කඩාගෙන ඕන නම් දෙපාරකට බැරි නම් තුන් පාරකට හරි කියවන්නම්. ඔයා ඔහොමම ලිපිය ඉවරවෙනකල්ම ලියලා දාන්න. නැත්තම් මෙතන පොඩි පොඩි කෑලි දානකල් මෙයාට වැඳ වැඳ ඉඳපල්ලකෝ අපි.

    ReplyDelete
    Replies
    1. බයවෙන්නෙපා මෙයා . මම අලුත් ක්‍රමවේදයක් පටන් අරගෙන තියෙන්නේ . වෙලාව තියෙන හැටියට කොටලා සෙඩූල් කරලා තියනවා . වෙලාවට පබිලිස් වෙයි දෙයියනේ කියලා .
      :p

      Delete
  3. කැමති අය කෝමත් කියවනව බං
    දැං බලපං මං ලියන ඒව කියවන අය අඩුයි උඹ වත් ඒව කියවන්නෙ නෑනෙ හිටං (හැක් හැක්) ඒත් මං ලියනව නෙ (බුහැක්) ඒ වගේ තමා ලියනෙක ලියහං සාමාන්‍යෙයන් වචන 1000ක් කියන්නෙ ලොකු ගාණක්ම නෙවී...
    කමෙන්ටුවෙන් කිවන ගාණ මනින්නත් එපා...
    ඉතුරු ටික එනකං මග බලං

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කරන්නේ නැති උනාට කියවනවා :-?
      වෙලාවනේ අවුල තියෙන්නේ . ඒ නිසා තමා කමෙන්ට් කෙරෙන්නේ නැත්තේ . මගේ පරමාර්ථය පුළුවන් තරම් ලියන්න . එකයි අවුල :p
      බොහොම ස්තූති . බලමුකෝ . ඔය කොච්චර කිව්වත් මමත් කොටන්න ගත්තම කලින් තරමටම ලියවෙනවා . g-)

      Delete
  4. ඔයා ව සම්බන්ද කරගත හැකි ක්‍රමය ක් කියන්නකෝ

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ යට තියෙනවා ග්‍රහයෝ නවදෙනා ඉන්න ෆොටෝ එකක් . ඒක උඩ ක්ලික් කරාම කෙලින්ම එන්නේ මගේ fecebook මැසේජ් වලට . මට මැසේජ් කරන්න . එහෙමත් නැත්නම් . prabhashwara.astro@gmail.com කියන ලිපිනයට ඊ මේල් කරන්න . ෆේස් බුක් හරහා කතා කරන්න පුළුවන් නම් තමයි පහසු . :)

      Delete
  5. Godak wadagat lipiyak kalekin me patte awe..godak lassanai

    ReplyDelete
  6. Oyawa contact karaganna bane meka click kalata..tharaha nathuwa poddak balannako

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/prabhashwara.astro/

      මේ මගේ ෆේස්බුක් පේජ් එක . ඒකට තමයි ලින්ක් කරලා තියෙන්නේ .

      Delete
  7. Oyawa contact karaganna bane meka click kalata..tharaha nathuwa poddak balannako

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.