Saturday, February 20, 2016

පැය හතෙන් මරු කැඳවන අංගම







දැනට මාස කීපයකට කලින් මම අපේ ගෙදර දොරවල් දෙකක WOOD CARE කෙමිකල් එකක් ගෑවා ඒවා දිරයි කියලා සැක කරලා . මමත් කරපු වැඩේ වැරැද්ද තේරුනේ ඊට පස්සේ . ඔයවගේ දේවල් කරනකොට මාස්ක් එකක් දාගෙන වැඩ කරන්න කියලා අම්මලා කොච්චර බැන්නත් මම සාමාන්‍යයෙන් මාස්ක් දාගෙන වැඩ කරන්න කැමති නැහැ . මකුළුදැල් කැඩුවත් ඔය මගුල නහයේ ඔතාගන්නේ නැහැ මොකද හුස්ම ගන්න අවුල් වගේ නිසා .

අන්තිමේදී ඔන්න මේ කෙමිකල් එක ගෑවා කියමුකෝ . ගාලා ඉවරවෙලා පැයක් දෙකක් ගියාට පස්සේ හචින් යන්න පටන් ගත්තා . හචින් යනවා කියන්නේ ඉවරයක් නැහැ . මම හිතුවා දවසක් විතර ගියාට පස්සේ වැඩේ ගොඩ යයි කියලා . අන්තිමට උනත් හැදුනා . හචින් යනවා හෙම්බිරිස්සාවයි උනයි ඔලුව ඇතුලෙන් රිදෙනවා රිදෙනවා වගෙයි ලෙඩ ගොඩයි . පස්සේ ජීවත්වීමේ ආසාව අතෑරලා දාලා ඩොකා හම්බෙන්න ගියා බෙහෙත් ගන්න . බෙහෙත් ගත්තා . දවස් තුනක් හිටියා . ඒත් අඩු නැහැ . පස්සේ අයෙත් ඩොකා හම්බුනාට පස්සේ බ්ලඩ් චෙක් කරලා බැලුවා . වෙලාවට ඩෙංගු නෙවෙයි . ඒත් බ්ලඩ් කවුන්ට් එකේ හැටියට සෙම පැසවලා කියලා තමයි ඩොකා කිව්වේ . දැන් ඩොකා අහනවා ප්‍රශ්න දිගට දිගට . සෙම කහපාටද ? , කැටිති වගේද අරවද මේවද ප්‍රශ්න ගොඩයි .

පස්සේ මම ඩොකාට කිව්වා මෙන්න මෙහෙම කෙමිකල් එකක් ගෑවා . සෙමත් එක්ක ලේත් ආවා කියලා . ඩොකා මට වඩා බය උනාද කොහෙද . අන්තිමට මාසයක් විතර ඒ සෙම පැසවපු ගතිය තිබුණා . දැන් තමයි හොඳ වෙලා තියෙන්නේ . මට ඒ වෙලාවේ මතක් උනා අංගම් වැදුනම මෙච්චර කාලයක් ගන්නේ නැති උනාට අන්තිමට වෙන්නේ නාහෙන් කටින් ලේ දාගෙන සෙම දාගෙන වැටෙන එක නේද කියලා .





ආපිට උසස්පෙළ කරන කාලෙ ඉඳලම කියලා දෙන දෙයක් තමයි කාබන් මොනොක්සයිඩ් වායුව වැඩියෙන් ආග්‍රානය කරොත් මනුස්සයෙක්ට මරණීය ප්‍රතිඵල ලබාගන්න පුළුවන් කියන දේ . ඔය සිගරට් වල පවා මේ කාබන් මොනොක්සයිඩ් වායුව යම් තරමට තියෙනවා කියලා කියනවනේ . ඒවගේ කාබන් මොනොක්සයිඩ් විතරක් නෙවෙයි තව ගොඩක් වායූන් වර්ග සහ වාෂ්පශීලී සංයෝග තියෙනවා ආග්‍රානය කරොත් මරණීය ප්‍රතිපල ලැබෙන ඒවා .

සමහර වෙලාවට කෙමෙස්ට්‍රි ලැබ් එකේ ප්‍රැක්ටිකල් කරනකොට අපි ෆියුම්හුඩ් එකක කරන ප්‍රතික්‍රියා තියෙනවා . ඒ ඒවාත් ආග්‍රානය කරොත් ක්ලාන්ත වෙන්නවත් වැඩි ඉඩකඩක් තියෙන නිසා . ඒත් අද කාලෙ එහෙම ඒවා තිබුණට ඒ කාලෙ එහෙම දේවල් තිබුණේ නැහැනේ . ඒ නිසා ඒ කාලෙ අයට කාටහරි ඔය ආග්‍රානය කිරීම වගේ දේවල් වලින් බලපෑමක් කරන්න ඕන නම් අංගම් පිඹලා තමයි මේ වගේ විෂ වායුන් වර්ග සහ අමනුෂ්‍යබලපෑම එකට එකතු කරලා මරණීය ප්‍රතිඵල ඇති කරවන්නේ .

මට මේ වෙලාවේ මතක් වෙනවා ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහනට සහභාගී කරවාගත්ත තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගෙන් ගුරුකම් ඉගෙනගත්ත උන්වහන්සේගේ ඇබිත්තයාගේ මුණුබුරෙක් වන ඔබ්බේගොඩ දේවානන්ද හිමියන් කිව්ව කතාවක් . ඒ තමයි පුස්කොල මංකඩ ගණිතයා අංගම් හැටහතරක් පිඹලා සිංහල රජකෙනෙක්ට උදවු කරලා යුද්ධයක් දිනුවා කියලා . අන්න ඒ තරමටම අංගම කියන එක බලවත් . මොකද වෙන ගුරුකම් වගේ නෙවෙයි . මේ අංගම්වල ප්‍රතිඵල එවෙලේම ලැබෙනවා . කල් ගත්තොත් පැය හතයි උපරිමම ගතවෙන්නේ . ඒ කාලය ඇතුළත මරු කැඳවන්න තරම් මේ අංගම් ප්‍රභල වෙනවා . ඒ නිසාම අංගම් කියන ශාස්ත්‍රය පරම්පරාවලින් පිටතට දෙන්නේ නැති ඉතාමත්ම බරපතල රහස් විදියට තමයි පැවතගෙන ආවේ .

මේ අංගම්වල කරන්නේ මොනවාහරි දෙයක් මතුරලා තියාගෙන ඉඳලා අවශ්‍ය වෙලාවට ඒ දේ පාවිච්චි කරලා අංගම පිඹින එක . මම මේ අංගම් වලට භාවිතා කරන දේවල් කීපයක් සටහන් කරන්නම් ඔයාලට දැනගන්න . ඒවා ඒ ඒ අවස්ථාවේ හැටියට තමයි භාවිතා කරන්නේ . සමහර දේවල් ඉතාම සුළු දේවල් . ඒත් ඒවායින් පිඹින අංගම නිසා මරණයකින් ජීවිතයක් කෙලවර කරන්න පුළුවන් .

ගම්මිරිස් ඇට
ගම්මිරිස් කුඩු
ගම්මිරිස් කොළ
ගම්මිරිස් මුල්
ගම්මිරිස් නටු
මිරිස් කරල්
මිරිස් කුඩු
මිරිස් ඇට
තිබ්බටු ගෙඩි
වටු බිත්තර
හූණු බිත්තර
ගේ කුරුළු බිත්තර
තල් කොළ
කතුරු
ලේන්සු
ගොප් කොළ
කෙසෙල් කොළ
මුදු
ගොම
රත්මල්
ඉද්දමල්
නයි දළ
පොළොන් දළ
පුවක්ලී
පොල් ලී
තල් ලී
කිතුල් ලී

වගේ තව ගොඩක් දේවල් තියෙනවා මේ අංගම් පිඹින්න යොදාගන්න දේවල් . ප්‍රධාන වශයෙන් අංගම් වර්ග කියලා තියෙන්නේ මෙන්න මේ අංගම් තමයි . ඒත් තව අංගම් වර්ග ගොඩක් තියෙනවා . මම සටහන් කරන්නම් අංගම් කීපයක් ඔයාලාගේ දැනගැනීම වෙනුවෙන් .






හස්ත අංගම
හස්ත අංගම කියන්නේ අතින් කරන අංගමක් . ඒ අංගමට වෙන්වෙලා තියෙන මන්තරය අතට මතුරලා තමාට අංගම අරින්න ඕන කෙනාගේ පැත්තට අත පාන එක තමයි මේකෙන් කරන්නේ . එතකොට අංගම අදාළ කෙනාට වදිනවා .

තල්පත් අංගම
තල්පත් අංගම කරනකොට කරන්නේ තල් කොලයක් ඒ කියන්නේ පුස්කොලයක් අරගෙන මන්තරය ලියලා කළු මැදලා තියාගෙන ඕන වෙලාවට මන්තරය මතුරලා පුස්කොලේ රෝල් කරලා අංගම වදින්න ඕන කෙනාට යවන එක . ඒ කෙනා ඒක දිගෑරලා බැලුවට පස්සේ එයාට ඒ අංගම වදිනවා

සුරුට්ටු අංගම
රත්මල් , ඉද්දමල් , සමන්පිච්ච මල් වගේ මල් වර්ග අරගෙන මන්තර මතුරලා ජීවම් කරලා සුරුට්ටු ඔතන කොළත් එක්ක තියලා සුරුට්ටු ඔතලා තියාගෙන ඕන වෙලාවට මේ සුරුට්ටුව පත්තු කරලා අංගම වදින්න ඕන කෙනාට ආග්‍රානය වෙන්න පුළුවන් වෙන විදියට දුම පිඹිනවා . එතකොට අංගම වදිනවා .

උඩු තිරිංග අංගම
උඩු තිරිංග අංගම් ගොඩක් තියෙනවා . මේකට උඩු තිරිංග අංගම කියලා කියන්නේ අංගම කරන්න ඕන කෙනා පොළවේ පයගහලා ඉන්නේ නැතිවෙලාවට තමයි මේ අංගම වදින්නේ . ඒ කියන්නේ ගස් නගින අය , ගහෙන් ගහට මාරුවෙන රා මදින අය , ඔරු පදින අය වගේ අයට තමයි මේ අංගම් යවන එක කරන්නේ .

නීචකුල අංගම
මේ අංගම් කරන්නේ ගොඩක් වෙලාවටබලවත් අයට . ඒ කියන්නේ මන්තර ශාස්ත්‍රය දන්නා අයට , රජවරු ඇමතිවරු වගේ අයට . මොකද ඒ වගේ අයට ලේසියෙන් අංගම් වදින්නේ නැහැ ආරක්ෂාවල් කරලා තියෙන නිසා . ඒ නිසා නීචකුල අංගම් පිඹල තමයි මේ අංගම් කරන්නේ . මිරිස් කුඩු ගම්මිරිස් කුඩු වගේ දේවල් තමයි ඔහොම දේවල් වලට පාවිච්චි කරන්නේ .

රොඩී අංගම
රොඩී අංගම් කරන්නේ ගොඩක්වෙලාවට රොඩී කුලයේ අය තමයි . ඒ අය මේ අංගම් අරින්න එක එක වර්ගයේ දේවල් භාවිතා කරනවා . ඒවා පස්සේ කාලෙක වෙනත් අයත් ඉගෙනගෙන රොඩී නොවන අය පවා රොඩී අංගම් යවනවා . ඒත් මේ අංගම්වල සමහර අංගම් තියෙනවා ඒවා සාර්ථක වෙන්න රොඩී කුලයේ කෙනෙක් සම්බන්ධ වෙන්නම ඕන .

කතුරු අංගම්
කතුරු අංගම කරන්නේ මතුරපු කතුරක් ළඟ තියාගෙන ගිහින් ඒ අංගම පිඹින්න ඕන කෙනාගේ මූනට පිඹීමෙන් . එහෙම පිම්බම අංගම වදිනවා . මේ අංගම ටිකක් බරපතලයි . වැදුනගමන් මැරෙන්න උනත් පුළුවන් .

ලේන්සු අංගම
ලේන්සුවෙන් අංගම් පිඹින එක තමයි මේ අංගම් වර්ගයේ තියෙන විශේෂත්වය වෙන්නේ . ගොඩක්වෙලාවට මන්තර ගුරුකම් කරන අයගේ කරේ ලේන්සුවක් තියෙනවා . මේ ලේන්සුවේ කොනක් මතුරලා ගැටගහලා තමයි එයාලා ගෙයින් පිටත් වෙන්නේ . එයාලට අවුලක් වෙනවනම් එයාලා කරන්නේ මේ ලේන්සුව කරෙන් අරගෙන ගසන එක . එතකොට වදින හුළං පාර නිසා තමයි අංගම වදින්නේ . සමහරවෙලාවට මේ අංගම නිසා ගස්වල කරටි පවා කඩා වැටෙනවා කියලා මම අහලා තියෙනවා .

තඩිකාර අංගම
තඩිකාර අංගම කරන්නේ මතුරපු ලීයකින් . එතකොට කරන්නේ මතුරපු ලී කෑල්ලක් අංගම වදින්න ඕන කෙනාගේ අතට දෙන එක . අතට ගත්ත ගමන්ම අංගම වදිනවා . අසම්භාවී විදියට අංගම් වදින්න අංගම් යවන්න ඕන නම් මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන් .

රීරි අංගම
කුකුලෙක්ගේ කරමලේ කඩලා ගන්න ලේ මතුරලා මල්වල කාසිවල රෙදි කෑලිවල එහෙම තවරලා ඒවා අංගම වදින්න ඕන කෙනාට ලැබෙන්න සලස්වලා එහෙමත් නැත්නම් මූණට මල වදින්න වීසි කරලා තමයි මේ අංගම කරන්නේ .

හනුමා අංගම
හනුමා අංගම කරන්නේ වඳුරෙක්ගේ මවිල් වලට මතුරලා තියාගෙන ඉඳලා අංගම පිඹින්න ඕන කෙනාගේ මූණට වදින විදියට එක අල්ල උඩ තියලා පිඹින එක.

හෙණරාවණ අංගම
අකුණු ගහපු පොල්ගස්වල පොල් ඉරටු කඩලා අරගෙන මතුරලා ඒ ඉරටු කෑලි පුළුස්සලා ඒ අළු අල්ල උඩින් තියලා පිඹලා තමයි මේ අංගම යවන්නේ . ඒ අළු මිශ්‍ර වාතය ආග්‍රානය කරලා තමයි මේ අංගම වදින්න සලස්වන්නේ .

මහසොහොන් අංගම
මහසෝනාගේ දිෂ්ටි කිරීම්වලින් තමයි මේ අංගම් කරන්නේ .

හස්ති අංගම
අලියෙක් කාපු පොල් අතුවල ඉරටු අරගෙන ඒවා ළඟ තියාගෙන ඉඳලා අංගම වදින්න ඕන කෙනාට ඒ ඉරටු කෑල්ල දීලා තමයි අංගම යවන්නේ .

සුනඛ අංගම
බල්ලෙක් කාපු බීපු තැන්වල තියෙන වතුර වැලි වගේ දේවල් භාවිතා කරලා තමයි සුනඛ අංගම් කරන්නේ .

මීට අමතරව විස්තර කියන්න බැරි ගොඩක් අංගම් වර්ග තියෙනවා

නරපුර අංගම
විදුර අංගම
ගෙරි අංගම
කල්ලු අංගම
මලයාල අංගම
කුල අංගම
තාරුකා අංගම
කුරුම්බර අංගම
දේව අංගම
නීල අංගම
වට අංගම





අංගම් ගැන තවත් කියන්න තියෙන විශේෂ දෙයක් තමයි මේවා වැදුණු ගමන් අංගමට තියෙන ප්‍රභලතාවය අනුව සමහර අංගම් සනීප කරන්න පුළුවන් . ඒත් ප්‍රභල අංගම් වැදුනම සනීප කරන්න අමාරුයි . මැරෙන්නම අංගම් පිඹින්න පුළුවන් . ඒ නිසා අංගම කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි .

පහසු දෙයක් නෙවෙයි කිව්වම මතක් උනේ . හැබැයි ඒ කතාව ටිකක් වැරදියි වගේ . මොකද කියනවනම් අංගම් පිඹින එක පහසු දෙයක් සනීප කරන්න පහසු නොවුනට . මන්තර අතට මතුරලා අතපාන එක මහලොකු අමාරු දෙයක් නෙවෙයිනේ . ඒ වගේම මේ අංගම් කරන්න නිර්මාණය වෙලා තියෙන මන්තර හරිම කෙටියි . පේලි දෙකක් වගේ තමයි තියෙන්නේ . ඒ නිසා ඒ කාලෙ ඉඳලම මිනිස්සු අංගම් වලින් බේරෙන්න විවිධ උපක්‍රම යන්ත්‍ර මණ්ඩල පැළඳගෙන ඉන්න පුරුදු වෙලා තියෙනවා .

පලි :

ලිපියේ අවසානය සනිටුහන් කරන්න මම අංගමක මන්ත්‍රයක් ඇතුළත් කරන්නම් . ඒත් මේකේ අකුරු වැරදියි කියලා මතක තියාගන්න . ඒ නිසා කාටවත් බලපෑමක් වෙන්නේ නෑ . මට ඕන අංගමක මන්ත්‍රයක් කොච්චර කෙටිද කියලා කියන්න විතරයි . අංගම් ගැන විස්තර හොයන කාලේ ; අංගම් විතරක් නෙවෙයි අනිත් මන්තර ගුරුකම් ගැන විස්තර හොයන කාලෙ මට හමුවෙච්ච සීයා කෙනෙක් තමයි මේ අංගමේ මන්තරය මට කිව්වේ . එයත් කිව්වේ පුතාට මේවා කියලා දෙන්න බැහැ . ඒ නිසා වැරදි විදියට කියනවා කියලා . ඒ වගේම ඔන්න මමත් ඔයාලට වැරදියටම කියලා දෙන්නම් .

ඕන් අරිඅරී ශක්‍රාන් ගුරුගුරූ ශක්‍රාන් ශ්‍රීවිෂ්ණු නාරායනේ ගිනිපුරංගු දිරිධඃ

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

16 comments :

  1. දෙපාරක් අකුරු වැරැද්දුවම වැරැද්දට වැරැද්ද කැපිල හරි එක ඇවිල්ලද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. හැක හැක =)) =)) =)) =))
      =)) =)) =)) =)) =))
      =)) =)) =))
      =)) =))
      =))

      Delete
  2. මේ අංගම්වල කරන්නේ මොනවාහරි දෙයක් මතුරලා තියාගෙන ඉඳලා අවශ්‍ය වෙලාවට ඒ දේ පාවිච්චි කරලා අංගම පිඹින එක //// Pl see this movie : The Serpent And the Rainbow https://www.youtube.com/watch?v=qvI6CF8rDMo

    අංගම පිඹින එක මේකෙත් තියනවා

    ReplyDelete
    Replies
    1. ඒ වීඩියෝ එක බලන්න බැහැනේ :( :( :(
      :(
      බොහොම ස්තූති . මම බලන්න ක්‍රමයක් හොයාගෙන බලන්නම් . බොහොම ස්තූති g-)

      Delete
    2. http://www.watchfree.to/watch-1a72-The-Serpent-and-the-Rainbow-movie-online-free-putlocker.html#close-modal

      Delete
    3. බොහොම ස්තූති g-) g-)

      Delete
  3. ඒ බං, අර මහින්ද මාමා අතේ තියන් ඉන්න ජිල්මාට් එකෙන් අනින එකත් අංගමක්ද?

    ReplyDelete
    Replies
    1. ඒක යන්තරයක් නේද ? :-?

      Delete
  4. //මම මේ අංගම් වලට භාවිතා කරන දේවල් කීපයක් සටහන් කරන්නම් ඔයාලට දැනගන්න .//

    මේ කියන්නේ තමන් අංගම් පිඹිනවා කියන එක නේද ?

    ReplyDelete
    Replies
    1. මාගේ දෑස දෙස බලනු..............................
      ඔව් මට පේනවා ........................ පැහැදිළිවම පේනවා....................................
      නාකි රාමා මෙතන පිස්සු කෙලින්න හදනවා කියලා c-) c-) c-) c-) c-) c-) c-)

      Delete
  5. අම්මෝ බය හිතෙනවා මේකාගේ බ්ලොග් එකට එන්නත්. ඕක වර්චුවලි පිඹින්න බෑ නේද? අර විස්තර කරන්න බෑ කියලා තියෙන්නේ ඒවා ඒ තරමටම අප්සට් ද?

    ReplyDelete
    Replies
    1. මේ මේ . ඔයාගේ බ්ලොග් එකටත් එන්නේ නෑ හොඳේ :p
      බෑ බෑ . එහෙම බෑ :) :) :)
      ඒවා රහස් විදියට තියාගෙන ඉන්නවා ගොඩක් වෙලාවට ඒ අයත් . මොකද නැති ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් නිසා . ඒ නිසා ඒවා දේව රහස්ම තමා මෙයා .
      බොහොම ස්තූති .
      ඔයාගේ බ්ලොග් එක ශෝක් . මම කැමතියි ඒකෙ ලියලා තියෙන ඒවට ( රජ කතා වලට ) g-)

      Delete
  6. Bohoma hodai math mewa karana kenek

    ReplyDelete
  7. Me idiripath karala thiyena manthraya angamak nemei.wishnu kulambuwa akuru wenas karala thiyenne. Meka minissunta pibinne ne. Yakshawesha una kenek palanaya karaganna amaru welawakadi thama pibinne. Kohoma unath guptha vidyawa gena an ayawa denuwat karana me wage deyak kirima pilibadawa obathumata sthuthi karanawa.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති . විෂ්ණු කුලම්බුව මිනිස්සුන්ටත් පිඹලා තියෙනවා ඉස්සර . මම කරුණු කාරණා හොයලා තමයි ලියලා තියෙන්නේ . කමක් නැහැ ඉතින් . ඔබතුමා කියලා තියෙන දේවල් ඇත්ත තමයි . බොහොම ස්තූති මාවත් අනිත් අයවත් දැනුවත් කලාට :)
      මම ලියන ලිපිවල තවත් වැරදි අඩුපාඩු තියෙනවනම් කමෙන්ට් කරන්න .

      Delete
  8. Wishnu kulambu 18n 5 weni kulambuwa thama oya thiyenne

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.