අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

කාලෙකට පස්සේ ගම කන්න උනේ නැති නිසා වයලීනෝ අද හිතුවා ගමක් කාලා බීලා වමිට් කරලා දාන්න . ඔන්න නම කියවලා කස්ටිය වැරදියට හිතන්න එපා මම මේ...

මාදම්පේ







කාලෙකට පස්සේ ගම කන්න උනේ නැති නිසා වයලීනෝ අද හිතුවා ගමක් කාලා බීලා වමිට් කරලා දාන්න . ඔන්න නම කියවලා කස්ටිය වැරදියට හිතන්න එපා මම මේ කන්නේ මීගමුව පැත්තේ තියෙන මාදම්පේ කියලා . මම මේ කියන්නේ රත්නපුර රක්වාන මාර්ගයේ යනකොට හම්බෙන මාදම්පේ ගම ගැන . මේවා ඉතින් ඇත්තට භාරගන්න උන්ට දෙයියන්ගේම පිහිට තමයි කියමින් මම ඔන්න මාදම්පේ ගමට මාදම්පේ කියලා නම වැටුනේ කොහොමද කියලා කියන්න මුල පුරනවා .

ආදරණීය අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ සහෝදර සහෝදරි වරුණේ . ඔන්න එකෝමත් එක කාලෙකට පොඩ්ඩක් විතර කලින් කාලේ ලංකාවේ එක්තරා ගමක ජීවත් උනා ජුන්ඩයියා සහ ගුන්ඩයියා කියලා දෙන්නෙක් . මේ දෙන්නා කලක පටන් බොහොම එකමුතුයි . හැබැයි සොහොදරයෝ නෙවෙයි හොඳේ . දෙන්නා හොඳ යාළුවො . මේ දෙන්නා පොඩි කාලෙම ඉඳලා හැදුනේ එකට . කැලේ මූකලානේ ඇලේ දොලේ වන වදුලේ ගියේ එකට .





මෙහෙම කාලයක් ගතවෙලා යනකොට යනකොට දවසක් ජුන්ඩයියාගේ අම්මා ජුන්ඩයියට කිව්වා කහවත්තේ තියෙන සෙනසුරාදා පොලට ගිහින් කන්න බොන්න ඕන ඒවා අරගෙන එන්න කියලා . ජුන්ඩයියා මේ ගමනට ගුන්ඩයියවත් එකතු කරගත්තා . ඔන්න දැන් දෙන්නා යනවා කහවත්තේ පොළට . ඒ කාලේ ලංකාවේ තිබ්බේ භාණ්ඩ හුවමාරු සිස්ටම් එකක් .

ඒ කියල්ලේ මෙයාලා ඒ භාණ්ඩේට මේ භාණ්ඩේ , කැත්තට පොල්ල , බාල්දියට කඹේ , කරත්තෙට හරකා , පෑනට ක්ලිප් එක , හාල් වලට මුට්ටිය , එළවලු වලට පොල් . අන්න ඒවගේ හුවමාරුවක් තමයි කරලා තියෙන්නේ . ඉතින් මේ ඩයියලා දෙන්නා අම්මා දුන්න ඒවාත් කරගහගෙන ගියා කහවත්තේ පොලට ඕන ඒවා අරගෙන එන්න . ඔන්න දැන් තිබ්බ තිබ්බ ඒවා ඔක්කොම හුවමාරු කරලා ඕන ඒවා ගත්තා කියමුකෝ . ඊට පස්සේ තමයි මාර සීන් එක උනේ .







කහවත්තේ පොලට ඇවිත් හිටියා පිටදේසක්කාර සුද්දෙක් වෙළඳාමට . එයා ගෙනත් තිබ්බා සෙස්සි ගෑණු ළමයින්ගේ පින්තූර . ඒවා හරිම චමත්කාර ජනකයි පිංවතුනි . මම දන්නේ නෑ . ඉතිහාස පොත්වල ලියවිලා තියෙනවා චමත්කාරම් සෙක්සි කාන්තා පැට්ටම් පින්තූරම් සෙල්හේ කියලා . ඒ කියන්නේ චමත්කාර ජනක සෙස්සි ගෑණුලමයින්ගේ පින්තූර විකුණනවා කියලා . ඉතින් දැන් මේ අපේ ඩයියලා දෙන්නටත් මේවා එකක් ගන්න ඕන . ඒත් හුවමාරු කරන්න මුකුත් නැහැ . අම්මා ගෙන්න කිව්ව ඒවා දෙන්නත් බැහැනේ . එහෙමයි කියලා මොකෝ ඉනේ තියෙන රෙද්ද ගලවලා දීලා අන්ඩර් වෙයාර් එක පිටින් ගෙදර යන්නය . එහෙමත් බැහැනේ . ඒ නිසා දැන් ජුන්ඩයියයි ගුන්ඩයියයි කතා වුනා මොකද කරන්නේ කියලා .

ගුන්ඩයියට හොඳ අදහස ආවා . ගුන්ඩයියා කිව්වා අපි කැලේට ගිහින් මාදං කඩාගෙන ඇවිත් ඒවා දීලා එක පිංතූරයක් ගමු කියලා . පස්සේ දෙන්නත් එක්කම කහවත්ත පොළ පහු කරලා ඈතට ඈතට යන්නේ නැතුව ළඟපාත තියෙන කැලේකට ගිහින් මාදං ගෙඩි ගොඩ්ඩාආආආආආක් කඩාගෙන ඇවිත් අර සුද්දට දීලා අර පින්තූර වලින් එකක් ගත්තා . සුද්දා කලින් මේ මාදං කාලා තිබුනේ නෑ කවදාවත් . ඒ නිසා සුද්දා එවෙලේම ඒ එකක් කාලා බැලුවා . මාර සීන් එක සුදු පාටට තිබ්බ කට දම් පාට වෙලා ගියා . අහෝ චේදයකි ඉරකි තිතකි . ඒ උනාට සුද්දට මේක මාර ආතල් වැඩක් උනා . ඒ නිසා මේ මාදං වලින් ගෙවීම් කරලා සෙස්සි ගෑණුළමයාගේ පොටෝ කෑල්ලක් ගත්ත ඩයියලා දෙන්නට තවත් පොටෝ එකක් නොමිලේම ලබා දුන්නා .







ඒවගේම ඒ සුද්දා අපේ ඩයියලා දෙන්නව හැඳින්වූවේ මාදංපේ ගායිස් කියලා . ඒ කියන්නේ මාදං වලින් Pay කරපු ගායිස් කියලා .

අන්තිමට ඉතින් මාදංවලින් Pay කරපු ගායිස්ලා ඉන්න ගම මාදංපේ වෙලා කාලයක් යනකොට මාදම්පේ බවට පත් වුනා . අන්න එහෙමයි මාදම්පෙට නම ලැබුණේ . අදත් ඒ පැත්තේ තියෙන අවුරුදු 25000ක් විතර පරණ මාදං ගස්වල පොසිල වාර්තා වලින් මේ කතාව මොනවට පැහැදිලි වෙනවා . ඒවගේම ගුන්ඩයියා සහ ජුන්ඩයියා මාදම්පේ ප්‍රදේශයට අධිගෘහිත දෙවියන් බවට පත්වෙලා ගම ආරක්ෂා කරනවා කියලා ඒ පැත්තේ ඉන්න බටකොළ ආච්චි කෙනෙක් වයලීනෝ එක්ක දවසක් පැවසුවා . එහෙනම් තවත් කතාවකින් නැවත හමු වෙමු .







24 comments:

  1. නෙද්දකිං කියෙව්වටත් පාඩුයි

    ReplyDelete
  2. :-bd මුවගමටත් නම වැටිලා තියෙන්නේ ඔය වගේම සීන් එකකින්.. ජුන්දයියයි ගුන්දයියයි ඒ කාලේ ටුවරිසම් කරලත් තියෙනවා. කෙල්ලන්ගේ ෆොටෝ දීපු සුද්දව සබරගමුවේ ටුවර් ගෙනියනකොට හදිසි අවශ්‍යතා වලට නවත්තන්නේ රත්නපුර මුවගම කැලේ ගාවලු. ඉතින් සුද්දෝ කැලේට ගිහින් pump එකක් දාල එනකොට ගමේ උන් අහනවලු කොහෙද ගියේ කියලා. කියන්න දෙයක් නැතුවට ලැජ්ජාවට කියනවලු අයි වෙන්ට් ටු වොච් ද පිනිමුවාස් කියලා..අන්තිමට කාලයක් ගිහින් මහජන වැසිකිලිය වගේ ඒ කැලේ ප්‍රසිද්ද උනාලු පිනි මුවා දාන කැලේ තියෙන ගම කියලා. පිනි මුවා දාන ගම -> පිනිමුවා ගම වෙලා අන්තිමට මුවගම උනාලු. ඒ කාලේ සුද්දෝ වැඩිපුරම පිනි මුවා බලල තියෙන්නේ දැන් මුවගම පාලම තියෙන තැන ඉදන් පහලටලු. කොච්චර මුවන් හිටියද කියනවනම් එතන කවදාවත් හිදෙන්නති ගඟක් වගේ පිනි මුවා පාර ගිහින් තියෙනවා. ඉතින් ඒ කලේ මිනිස්සු මේ ගඟක් සයිස් වතුර පාර උඩින් එහා මෙහා යන්න විදියක් නැතුව පාලමක් හදලා . මේක රටට ආරංචි උනොත් විලිලජ්ජාව හින්දා කළු ගඟ එච්චරකල් ගිය පාර වෙනස් කරලා පිනි මුවා පාර දිගේ යන්න හදලා.එතකොට පාලම ගඟක් උඩින් යන පාලමක් වගේ පේනවනේ. ඔන්න ඔහොම තමයි දැන් රත්නපුරේ මුවගම පාලම හැදිලා තියෙන්නේ :-bd :-bd =)) =D>

    ReplyDelete
    Replies
    1. මේ කතාව ගැළපෙන්නේ නෑ හොඳේ . ඔබගේ උත්සාහය මම අගය කරනවා . කතා හදන්න තව පුරුදු වෙන්නේ . අපි ඊළඟ වටයේදී අවස්ථාවක් දෙන්න බලන්න . මටනම් ඔබව අවසාන සිය දෙනාට තෝරන්න අමාරුයි . බොහොම ස්තූති සහභාගී උනාට . :p :p :p

      Delete
  3. යකඩෝ, ගම කාලා නේන්නම්.
    ඒ තියරිටත් හැබැයි අවුලක්ම නෑනේ නම වැටුන එක ගැන කියන්න.

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක :p :p
      අපි ඔහොම ගම්ද කෑවේ ?
      බොහොම ස්තූති g-)

      Delete
  4. මාදම්පේ පාරමැද්දේ තියන ගඳ ගහන මාළු කඩවල් ටික අයින් කිරීම ගැන ලියන්න බැරිද මේ වගේ වල්පල් නොලියා

    ReplyDelete
    Replies
    1. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරි මොකක්හරි ඔෆිස් එකක් තියෙන්නෙත් එතනම වෙච්චි එකේ කාටද ලියන්නේ ?
      තව ටිකක් කාලෙකින් කඩ ටික එතන තියෙන ගොඩ කරපු භූමි භාගයට යනවා කියලා කතාවක් තියෙනවා . එතකොට ටිකක් වැඩේ පිළිවෙල වෙයි .

      Delete
  5. මරු බං ගං කන්න නියම බුවා උඹ තමා.. හැක්.. ඒකත් හැකියාවක් බං.. එළ..

    ReplyDelete
    Replies
    1. "ගංකන්නා" ...හැක්...

      Delete
    2. එල එල
      බොහොම ස්තූති g-)

      Delete
  6. උදේ හවා යන ඒන තැන.. පට්ට ගදයි..

    ජ ය නෙන් නා

    ReplyDelete
    Replies
    1. අම්මපා ?????
      මාත් සතියකට වතාවක් යන එන තැන . දැක්කොත් අමතන්න . මූණත් තහඩුව දැකලා ඇතිනේ .
      බොහොම ස්තූති g-)

      Delete
  7. අදයි බොලන් මේ පැත්තට ආවේ. මරු කතාව :D

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා .
      බොහොම ස්තූති g-)

      Delete
  8. හිහික්. මේ තණමල්විල තනමල්විල කරල ගම කාල මොකක් හරි ලියකො හිහි
    පස්ටයි හොඳේ ජයවේවා

    ReplyDelete
    Replies
    1. බලමු ට්‍රයි එකක් දීලා .
      බොහොම ස්තූති g-)

      Delete
  9. මෙන්න පිළිගන්න නව නිර්මාණ අංශයේ ගමට නමක් යටතේ පළමු ස්ථානය....
    sinhalabloggala.blogspot.com

    ReplyDelete
    Replies
    1. හරීඊඊඊඊඊඊඊඊ
      පිළිගත්තා .
      බොහොම ස්තූති g-)

      Delete
  10. මට ළඟදී මීටර් වුනේ බෝගවන්තලාවට නම වැටුණු හැටි.

    බොග + වන් + තලාව = බොග වැටුණු තලාව

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක
      වෙන්න පුළුවන් . ඉන්ටකො විශ්ලේෂණයක් කරලා බලන්න .
      බොහොම ස්තූති g-)

      Delete
  11. එතකොට අර හොරපේ කියල ගමක් තියෙන්නේ.. එහේ ඩයියලා සුද්දගේ පොටෝ අරන් හොර සල්ලි වලින් ගෙවලා වෙන්ටෑ.. :)

    ReplyDelete
    Replies
    1. ඇයි කිතුල්පේ හල්පේ එහෙමත් තියෙනවා :p

      Delete
  12. Ane man danne ne. Dennam melo rahak nahane.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.