අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

ඕං දවරගන ජෝගිනි හනුමා වා වා දිෂ්ටී වා වා .......................... යක්කු භූතයෝ දෙවිවරු ගැන කතාවක් කාලෙකින් ලියන්න උනේ නැති නිසා...

අඳුන් සඳුන් ජීවන් දිෂ්ටිලා වඩින හනුමන්තා දේව රාජා





ඕං දවරගන ජෝගිනි හනුමා වා වා දිෂ්ටී වා වා ..........................

යක්කු භූතයෝ දෙවිවරු ගැන කතාවක් කාලෙකින් ලියන්න උනේ නැති නිසා අද ආයෙත් ඒවගේ කතාවක් ලියන්න කියලා හිතුනා . ඒත් ඊට කලින් දෙයක් කියන්න ඕන . මේ බ්ලොග් එකේ ලියන්නේ කාගේවත් ලිපි කොපි කරලා පේස්ට් කරලා නෙවෙයි . කියවලා , අහලා , ඉගෙනගෙන නැත්නම් පොත් පත් කියවලා එකතුකරගන්න දේවල් තමයි මෙහෙම ලිපි හරහා අරගෙන එන්නේ . 

තම තමන්ගේ අභිමානය වර්ධනය කරගන්න මගේ හරි සිංදුවාගේ හරි , ලිපි පාවිච්චි කරාට මගේවත් සිංදුවාගේවත් අමනාපයක් නෑ . ඒත් ඒවා කොපි කරනකොට කතෘ අයිතිය ගැන සැලකිලිමත් වෙන්න මතක තියාගන්නවනම් හොඳයි . 

එහෙම කරන්න තියෙන ලොකුම හේතුව තමයි මට නම් මේවා උගන්නපු කීර්තිමත් පරම්පරා කීපයේ අයගේ වගේම එයාලාගේ ශිල්පයේ ගෞරවය රකින්න මමත් පොරොන්දුවෙලා ඉන්නවා කියන කාරණය නිසා . අනික තමයි මගේ වැය වෙන කාලයට වටිනාකමක් තියෙන්න ඕන කියන එක . කැම්පස් එකේ වැඩ ගොඩත් එක්ක බොහොම අමාරුවෙන් තමයි කලබල හිත එකතැන් කරගෙන , කියවන්න කැමති අයට කියවන්නයි , මගේ මානසික ආතතිය නැති කරගන්නයි බ්ලොග් ලියන්නේ .

ලිපියක් ලියනවා කියන්නේ එක අතකට භාවනාවක් වගේ වැඩක් . ඒ නිසා ඒ කැප කිරීමට කමෙන්ට්ස් වලින් නැතත් කොපි කරන්නේ නැතිව මගේ අයිතිය තහවුරු කරන්න උදව් වෙලා අපිට සහයෝගයක් දක්වනවානම් මම කැමතියි . කන්සෙප්ට් කොපි කරාට කමක් නෑ . ඒත් කන්ටෙන්ට් එක එහෙමම නොගන්න කාරුණික වෙන්න . ගන්නවානම් ගත්ත ලිපියේ ලින්ක් එක දාන්න . එහෙම දාන්නත් බැරිනම් පස්සේ අමනාපකම් ඇතිවෙයි .

මේ දේවල් අද කියන්න මතක් උනේ , මගේ ලිපි කීපයක්ම මුහුණු පොතේ එක පිටුවක පලවෙලා තියෙනවා දැක්ක නිසා . කොපි කරලා තිබුණේ ජෝතිෂ්‍යය සහ තවත් යන්තර මන්තර ගැන කටයුතු කරන සම්මාන ලාභී කෙනෙක් . ඒ දේවල් දැක්කම හිතට ඇතිවෙන කළකිරීම කියලා වැඩක් නෑ .

එක අතකට සතුටුයි එහෙම කොපි කරන්න තරම් දෙයක් මම ලියලා තියෙනවා කියලා හිතනකොට . ඒත් ඒවා තමන්ගේ වගේ කොපිකරලා දාගෙන ඉන්නවා මදිවට වෙන වෙන අය ඇවිත් ඒ පේජ් එකේ ඇඩ්මින්ට ස්තූති කරලා කමෙන්ට් කලාම , මේක මගේ රචනාවක් නෙවෙයි මමත් මේක කොපි කරලා ගත්තේ මියැසියේ රසකතා වලින් කියලා කියන්න තරම් ඒ ඇඩ්මින් ඉදිරිපත් නොවීම ගැන මම කණගාටු වෙනවා .

මමයි සිංදුවයි ඒ කෙනාට කිව්වට පස්සේ ලිපි කීපයක් අයින් කරලා තිබුණා . ඒත් කීපයක් ඉවත් නොවී තවම තියෙනවා . ඒ මදිවට මම සිංදුවා එක්ක කිව්ව කතා ගැන ලියලා තිබ්බ කොටස් අයින් කරලා තමයි එයා එයාගේ පේජ් එකේ මේවා දාලා තියෙන්නේ .

දෙවිවරුන්ගේ නම් දාගෙන පේජ් කරාට වැඩක් නෑ . දෙවියෙක් වගේ ජීවත් වෙන්න බලන්න . එතකොට මිනිස්සුත් තමන්ට දෙවියෙක්ට වගේ සලකයි . දැනට මිනිස්සු තමන්ට දෙවියෙක්ට වගේ සලකනවානම් ඔය ගතිගුණ ඔහොමම පවත්වාගන්නවානම් ඕක තාවකාලික බව මතක තියාගන්න . සුමනදාස අංකලුත් එහෙම තමා කාලයක් හිටියේ කියලාත් මතක තියාගන්න .






ඊයේ කැම්පස් ඉඳලා ගෙදර එනකොට බස් එකේ ඇහුනා හනුමන්තා ගැන කියවෙන සින්දුවක් . ඒ සින්දුවෙන් හනුමන්තා ගැන කියවෙනවා කිව්වට හනුමන්තාගේ පසුබිම ගැන නම් වැඩි ලොකු අදහසක් එන්නේ නෑ . ඒත් අඩුගානේ හනුමන්තා කියලා කෙනෙක් හිටියා කියලාවත් දැනගන්න එහෙමවත් ගීතයක හනුමන්තා ඉන්නවා කියන එකත් සතුටු වෙන්න පුළුවන් කාරණාවක් . 

මම මන්කී හනුමන්තා
වඳුරන්ගේ මහදැන මුත්තා
දඬු මොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

මම මන්කී හනුමන්තා
නැට්ටෙන් වැඩකිඩ ගිණි දුන්නා
දඬුමොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

චාල්ස් ඩාවින්
කිව්වා බයිලා
ඔහෙලා අපෙන්
පැවතෙනවා කියලා
චෑ චෑ පට්ටම පල් බොරු ඔව්වා
වන සත්තු අපියි
නෑ විපත්ති කරලා

දියුණු උනට කරුමාන්තයෙන්
කැත කරනවා ඔහෙලා මාන්නයෙන්
විසකුරු ගිණි අවි බෝම්බයෙන්
විනාස කරනවා අවියෙ බලෙන්

ඔහෙලගේ දිවි දික්කර ගන්නට
ගන්නවා අපේ දිවි අත්හදා බැලුමට
හිංසාවාදී දාන්නෙ බාල්දි
කවදා හරි ඔහෙලාට වදීවී

ඕං රීං කට්ටු කට්ටු
ඔහෙලගේ මොළ වල පිට්ටු පිට්ටු
මෙන්න දැම්මා අපි තට්ටු තට්ටු
වෙයි ළඟදිම හැම මට්ටු මට්ටු

මම මංකී හනුමන්තා
චිම්පංසිස් මහදැන මුත්තා
දඬු මොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

මම මංකී හනුමන්තා
ගෝරිල්ලස් ඕල්සෝ ලොක්කා
දඬුමොණරෙන් නගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

ඉක්මන් ගමනට‍ හැදුවා ඔහෙලා
‍වාහන කියලා තෙල් දා දුවනා
පුච්චා අරිනා දුම් පිට කරනා
සී ඕ ටූ මුළු ලොව නැති කරනා

හදන්න ඔහෙලගේ නිවාස ‍ලී බඩු
කපනවා වටිනා කැළෑ ලෝ වටේ
නැතිකරමින් අපේ ජීවන ‍ප්‍රදේස
ගෙනනවා ලඟටම ලෝක අන්තිමේ

මෙහෙම ගියොත් අපි කාට කාට
ඕසෝන් හිලෙන් එන පාට පාට
රැස්වලින් පිච්චිලා මුළු සංහතියම
යයි මරු තුරුලට ගාට ගාට

වැටෙනා හිරු එළියෙන්
හමනා තද සුළ‍ඟෙන්
ගළනා ජල බලයෙන්
ගන්නකෝ වැඩකිඩ හොඳහින්

ගායනය : ජය ශ්‍රී
තනුව : ජය ශ්‍රී
ගී පද :




දැන් ඔයාලා බලනවා ඇති මම අර මුලින්ම පොඩි මන්තර කෑල්ලක් දාලා තියෙන්නේ මොකක්ද කියලා . ඒක ඇත්තටම ඇත්ත මන්තරයක් තමයි . හැබැයි ඒක විශේෂ වෙන්නේ වෙනත් වැදගත් කාරණාවක් නිසා .

මේ මන්තරය තමයි මම මන්තර යන්තර යක්කු භූතයෝ දෙවියෝ ගැන හොයන්න ඉගෙනගන්න කියලා පටන් ගත්ත කාලේ කියවපු පළවෙනිම මන්තරය . ඒක කියෙව්වා වගේම අදටත් මතක තියෙන තරමටම හදවතේ ඒක ලියවුණා . මේ මන්තරය අංජනම් වලට හනුමන්තාට ආරාධනා කරන මන්තරයක් . ආරාධනා කරලා ආවේ නැත්නම් බලෙන් හරි ගෙන්න ගන්න ක්‍රම ශිල්ප තියෙනවා . ඒත් මගේ සොයාගැනීම් අනුව මේක ආරාධනා කිරීමක් . 

යන්තර මන්තර වලට මම ආසාවක් ඇතිකරගත්තේ ඇත්තටම අංජනම් නිසා කිව්වොත් හරි . මම කලින් ලිපිවලත් කියලා තියෙනවනේ අපේ අර වෙදකම් කරපු සීයා කෙනෙක් ගාව මෙහෙම අංජනමක් තිබුණා , ඒ අංජනමෙන් හනුමා ලවා බෙහෙත් එහෙම අහගෙන ලෙඩ්ඩුන්ට බෙහෙත් කරලා තියෙනවා කියලා . ඒ අංජනම බලන්න ඒ කාලේ පොඩි ළමයි කීපදෙනේක්ගේම සහයෝගය ඒ සීයා ලබාගෙන තියෙනවා . මට ඒ අයගෙන් දෙන්නෙක් එක්කම කතා කරන්න පුළුවන් කම ලැබුණා .

එක්කෙනෙක් දැන් අවුරුදු හැත්තෑවත් පහු කරලා . අනිත් කෙනාත් හැත්තෑවට කිට්ටුවෙලා ඉන්නේ . මේ දෙන්නා එක්ක කතා කරලා අහගත්ත දේවල් අනුව හනුමා කියන්නේ ඇඟ පුරාම කලුපාට රෝම වලින් පිරුණු භයංකර මූණක් සහිත වානරයෙක් . හැබැයි කතා කරන්න පුළුවන් . මිනිස්සුන්ට තේරෙන්න සිංහලෙන් කතා කරන්න පුළුවන් . ඒ වගේම ඕන නම් ඕන දේ ලියලා පෙන්නන්නත් පුළුවන් .






අපි බලමුකෝ හනුමාගේ උත්පත්තිය කොහොමද කියලා . එක දිව්‍ය අප්සරාවක් හිටියා මෝහනී කියලා . මේ දිව්‍ය අප්සරාවට මෝහනී කියලා කියන්නේ දෙවියන් උනත් වසඟයට ගන්න පුළුවන් තරමේ නර්තන හැකියාවක් මේ දිවය අප්සරාවට තියෙන නිසා . දවසක් ශිව දෙවියන්ගෙන් මේ මෝහනී දිව්‍ය අප්සරාව වරයක් ඉල්ලුවා . ඒ තමයි ශිව දෙවියන්ගේ ප්‍රජනක ධාතුවක් තමාට ලබාදෙන්න කියන වරය . මේ වරය පිළිගත්තා ශිව දෙවියෝ තමන්ගේ ප්‍රජනක ධාතුවක් මේ මෝහනී කියන දිව්‍ය අප්සරාවට ලබා දෙනවා .

පස්සේ මේ ප්‍රජනක ධාතුව මෝහනී දිව්‍ය අප්සරාව වායු දිව්‍ය පුත්‍රයාට ලබාදෙනවා වන්දනීය වස්තුවක් හැටියට තබාගන්න කියලා . වායු දිව්‍ය පුත්‍රයා කාලයක් මේ ප්‍රජනක ධාතුව තමා ළඟ තියාගෙන හිටියා . පස්සේ දවසක් වායු දිව්‍ය පුත්‍රයාට දැනගන්න ලැබුණා කෙසරී කියන වානරයාගේ බිරිඳ අන්ජානි කියන වැදිරියට දරුවන් නැහැ කියලා . ඒ නිසා වායු දිව්‍ය පුත්‍රයා අන්ජානි වැදිරියගේ කනෙන් ඇතුළුවෙලා මේ ප්‍රජනක ධාතුව අන්ජානි වැදිරියගේ කුසයේ තැම්පත් කරා . මෙන්න මේ විදියට තමයි හනුමන්තා උපත ලබන්නේ .

පොඩිකාලේ හනුමන්තා අහසේ ඉගිල්ලෙන්න එහෙමත් නැත්නම් පාවෙලා යන්න පුළුවන් හැකියාවක් ලබාගත්තා . ඒ නිසා මෙයා ඉර හඳ තාරකා පවා හොයාගෙන ගියා . දවසක් හනුමන්තා සූර්යා ලඟට ගිහින් සූර්යාව ගිලින්න උත්සාහ කළා . මේ වෙලාවේ බයවෙච්ච ඉන්ද්‍ර දෙවියෝ තමන්ගේ වජ්රායුධයෙන් පහර දීලා හනුමන්තාව අඩපණ කරා . හනුමන්තා කියන්නේ ශිව දෙවියන්ගේ දරුවෙක් , ඒවගේම වායු දිව්‍ය පුත්‍රයාගේ දරුවෙක් .

මේ දේව දරුවා විනාශ කිරීම හේතු කරගෙන දෙවිවරු තමන්ගේ කාර්යයන් ඉටු කිරීම නතර කළා . ඒ කියන්නේ වායු දිව්‍ය පුත්‍රයා හුළඟ ඇති කිරීම නතර කළා . වර්ෂාවට අධිපති දෙවියෝ වැස්ස නැවැත්තුවා . මේ නිසා පරිසරයේ අසමතුලිත බවක් ඇතිවුණු නිසා අනිත් දෙවිවරු හනුමන්තාට නැවත ප්‍රාණය ලබාදෙන්න කියලා ඉන්ද්‍ර දෙවියන්ගෙන් ආයාචනා කළා . පස්සේ ඉන්ද්‍ර දෙවියෝ හනුමන්තාට සදාකාලික වීමේ වරයක් දුන්නා . මේ නිසා හනුමන්තා අදටත් ජීවත් වෙනවා කියලා තමයි විශ්වාස ක‍රන්නේ .






හනුමන්තා සහ රාමායණය අතර තියෙන සම්බන්ධයත් මේ වෙලාවේ අපි සලකා බලන්න ඕන . හනුමන්තා රාමායනයේදී රාමට උදවු කරා සීතා දේවිය නැවත රාම කුමාරයාට ලබාගන්න . මේ වෙනුවෙන් හනුමන්තා ගොඩක් කැප වෙලා වැඩ කරා කියලා රාමායනයේ සඳහන් වෙනවා . හනුමා තමයි සීතා දේවිය හොයාගෙන ඉස්සෙල්ලම ලංකාවට එන්නේ . සීතා දේවිය ලංකාවේ ඉන්නවද නැද්ද කියලා බලන්න ඕන කියලා කිව්වම රාම ලක්ෂමන දෙන්නා කල්පනා කරන වෙලාවේ ජම්භවන් කියන වලස් නායකයා කියනවා හනුමාට , ඔබට පුලුවනි නේද ඉගිලිලා යන්න ? . මතක නැද්ද ඔබ කුඩා කාලයේ සූර්‍යා වෙත ගිහින් සූර්‍යා ගිලින්න හැදුවා ? කියලා .

ඉතින් තමන්ගේ ඉගිලීමේ හැකියාව උපයෝගී කරලා හනුමන්තා ලංකාවට ආවා . මේ ගමනේදී හනුමාට ආශිර්වාද වගේම සතුරන් සමග සටන් වදින්නත් උනා . ඒ හැමදේම විඳ දරාගෙන හනුමා ලංකාවට ආවා . ඊට පස්සේ රාවණාගේ බලකොටුවට ඇතුල් වෙන්න සූක්ෂම ශරීර මවාගනීමට , රාවණාගේ යෝධයින් සමග සටන් වදින්න විශාල ශරීර මවාගැනීම වගේ විශ්මිත දේවල් පවා හනුමන්තා කරා . මේවා ඔක්කොම කරලා අවසානයේ හනුමා ලංකාවෙන් පිටත් උනේ හිතාමතාම රාවණාගේ සේනාවට අහුවෙලා රාවණා හමුවෙන්නත් ගිහිල්ලා . රාවනා හමුවෙලා තමාට නියමිත ආසනයක් දුන්නේ නැති නිසා තමාගේ වලිගය දික් කිරීමෙන් ආසනයකුත් හදාගන්න හනුමන්තා සමත් උනා .





හනුමා ලංකාවෙන් පිටත් උනේ තමාගේ වලිගයට රාවණාගේ හේවායින් ගිනි තිබ්බට පස්සේ . මේ ගිණි ගත්ත වලිගයෙන් හනුමන්තා ලංකාව ගිනිබත් කරා කියලා රාමායනයේ සඳහන් වෙනවා . පස්සේ ඔන්න රාම රාවණා යුද්ධය ඇතිවුණා . මේ යුද්ධයේදී හනුමන්තා තමන්ගේ සහය නොඅඩුව ලබාදෙන්න කටයුතු කළා . කුම්භකරණ සමග සටන ඒවායින් වැදගත් එකක් . යුද්ධය අතරතුරේදී රාවණාගේ පුතා , ඉන්ද්‍රජිත් විදපු ඊතලයක් ලක්ෂමනට වැදිලා ලක්ෂමන කුමාරයා මරණාසන්න වෙනවා . පස්සේ මේ වෙනුවෙන් අවශ්‍ය කරන සංජීවනී කියන බෙහෙත් පලැටිය හිමාලයෙන් ගෙන්න භාරගන්නේ හනුමන්තා . හනුමන්තා සෑම ශිල්පයකම විශාරද වරයෙක් නිසා වෙදැදුරු තුමා හනුමාට කිව්වා සංජීවනී පැලැටි ටිකක් ගෙන්න කියලා .

පස්සේ හනුමා හිමාලයට ගියාට පස්සේ මතක නෑ මොනවද ගෙන්න කිව්වේ කියලා . ඉතින් මෙයා කරන්නේ හිමාලයේ තියෙන කොටසක් ගලවලා අරගෙන කර තියාගෙන පියාඹලා ආවා . මේ කොටස පස්සේ ලංකාවේ උණවටුන කියන ප්‍රදේශයේ තිබ්බා කියලා කියනවා . ඒක සනාථ කරන්න සාක්ෂි කීපයක්ම තියෙනවා . උනවටුන ප්‍රදේශයේ ලංකාවේ වෙනත් පැතිවල නැති බෙහෙත් වර්ග තියෙනවා . ඒ වගේම රූමස්සල කඳු ප්‍රදේශයේ ගුරුත්වජ ක්ෂේත්‍රයේ ලොකු වෙනසකුත් තියෙනවා කියලා මම අහලා තියෙනවා . මේවා මෙහෙම වෙනස් උනේ උණවටුන ප්‍රදේශයේ තියෙන කොටස හිමාලයෙන් ගෙනාව කොටස නිසා කියලා පිලි ගැනීමක් තියෙනවා .






මේ හැමදෙයක්ම රාමායනයේ සම්බන්ධ උනාට රාමායණය පිළිගන්න නම් මම කැමති නෑ . මොකද මේ හැමදෙයක්ම වගේ රාවණා විරෝධී විදියටයි හදලා තියෙන්නේ . මම රාවණා අදහන්නේ නෑ . ඒත් රාවණාගේ ඉගැන්වීම් මමත් අනුගමනය කරන නිසා මේවා ගැන මගේ ඒ හැටි පැහැදීමක් නෑ . රාවණාගේ ගොඩක් ශිල්ප ශාස්ත්‍ර එක්ක හනුමා කෙලිනම් හෝ වක්‍රව සම්බන්ධ වෙනවා . ඉතින් දෙන්නා මෙච්චර හතුරෝ නම් කොහොමද එහෙම ශිල්ප සහ හනුමන්තා සම්බන්ධ වෙන්නේ ? . රාවණා රචනා කරපු සමහර අංජනම් බෙහෙත් වලට හනුමා වඩින්නේ කොහොමද ? . ඔන්න ඔයවගේ ප්‍රශ්න ගොඩක් තියෙන නිසා මමනම් රාමායනයේ සමහර කතා එක්ක එකඟ වෙන්නේ නෑ .

හනුමා විෂ්ණු දෙවියන්ට , ඒ කියන්නේ රාම කුමාරයාට වඩාත් භක්තිමත් බවක් පෙන්නනවා කියනවා . ඒ තමන්ගේ ස්වාමියා විදියට විෂ්ණු දෙවියන් කෙරෙහි හනුමන්තා සේවයේ දීලා ඉන්නා නිසා . මම දැන් කියන්නම් හනුමන්තා ගැන මට විතරක් අහන්න ලැබුන දේවල් ටිකක් .

හනුමන්තා අපේ අංජනම් බෙහෙත් වට්ටෝරුවක් වෙනස් කරන්න දායක වෙලා තියෙනවා . මම කියවපු සමහර පොත් පත් වල මුල් රචනාවට පස්සේ සංස්කරණ විදියට හනුමන්තා කිව්ව දේවල් කීපයක් සටහන් කරලා තියෙනවා දැක්කා . ඒවා යටින් ලියලා තියෙනවා මෙය හනුමා කීවේය කියලා .






අංජනම් හදනකොට අපි බෙහෙත් වර්ග ගොඩාක් එකතු කරනවා . මේ බෙහෙත් වට්ටෝරු වලට පාවට්ටා දළු සහ තේක්ක දළු එකතු කරන්න කියලා හනුමන්තා කියලා තිබුණා . තව දෙයක් තමයි අංජනම් හැම කෙනාටම පේන්නේ නැති වීම . මේ අවුල දුරු කරන්න හනුමන්තා එක මන්ත්‍රයක් කියලාදීලා තිබුණා . ඒ මන්ත්‍රයෙන් ඉතා විශාල වාර ගණනක් ජීවම් කරාම අංජනම හැම කෙනාටම බලන්න පුළුවන් තත්ත්වයට පත්වෙනවා කියල හනුමා වැඩි දුරටත් කියලා තිබුණා . ඒත් ඒ වාර ගණන ලේසියෙන් පුරන්න පුළුවන් වාර ගණනක් නෙවෙයි . ඒ නිසා එක ප්‍රායෝගික නෑ . හනුමා මේ මන්ත්‍රය කියලා තිබුණේ මන්ත්‍රයම කියලා නෙවෙයි . අහවල් පොතේ අහවල් පිටුවේ මෙන්න මේ කොටස කියන්න කියලා , කියල තිබුණේ .

අපේ ආච්චිඅම්මාගේ මිත්තණියට නවතින්නේ නැති බඩ යෑමක් ඇතිවෙලා සිංහල සහ ඉංග්‍රීසි බෙහෙත් කරලා කරලා පස්සේ කරන්නම දෙයක් නැතුව අංජනමෙන් බෙහෙත් අහලා තිබුණා . ඒ වෙලාවේ හනුමා කියලා තිබුණා එක්තරා ගමක පැල්පතක් වගේ ගෙදරක ඉන්න මෙන්න මේ නම තියෙන වෙද මහත්තයා දන්නවා මේකට බෙහෙත් . එයාව එක්ක ඇවිත් බෙහෙත් කරන්න කියලා . ඒ වෙද මහත්තයාගේ ගෙදරට යන පාර පවා හනුමන්තා කියලා තිබුණා . ඒ අනුව ඒ රෝගියා සුවපත් කරගත්තා .

තව දවසක් එක ගෙදරක ඔන්න හැමදාම රණ්ඩු රණ්ඩු කියලා අංජනමෙන් බලලා තිබුණා ඇයි එහෙම වෙන්නේ කියලා . ඉතින් හනුමා පෙන්නලා තිබ්බා ගේ ඉස්සරහා තියෙන අඹ ගහ යට මෙන්න මෙච්චර යටකින් තියෙන ගල යට ගුරුකමක් කරපු යන්තරයක් තියෙනවා , අන්න ඒක ගොඩ අරගෙන මේ මේ පිළිවෙලට ගුරුකම ඉවත් කලාම මේ ප්‍රශ්නය නැතිවෙලා යයි කියලා .






තව වතාවක ගමේ එක්තරා පුද්ගලයෙක් ගංජා ගහන්න පුරුදුවෙලා පස්සේ පිස්සු හැදිලා ගම දාලා ගිහිල්ලා . ඉතින් මේ කෙනාව හොයාගන්න ලැබුණේ අංජනමෙන් බලලා . හනුමන්තා කියලා තිබුණා මෙන්න මේ ප්‍රදේශයේ මෙන්න මේ කැලයේ මෙන්න මේ පැත්තේ තියෙන ගලක් උඩ තමයි මේ දවස්වල එයා ඉන්නේ . ඉක්මනට ගියොත් අල්ලගන්න පුළුවන් කියලා . ඒ විදියට ගිහින් ඒ කෙනාව එක්ක ඇවිත් තිබුණා .

ඉතින් ඒ කාලේ නම් හනුමන්තා බෙහෙත් කිව්ව ලෙඩ්ඩු අනන්ත අප්‍රමාන ගණනක් සනීප වෙලා තිබුණා . අදවෙනකොට මේ ශිල්පය අභාවයට ගිහින් නිසා හනුමන්තාටත් නිදහසේ ඉන්න පුළුවන් වෙලා ඇති .

හනුමන්තා විවාහකද නැද්ද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් . ඒකට උත්තරයක් මම දැන් දෙන්නම් . හනුමා බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා කියලා පොඩිකාලේ දිවුරුම් දුන්න කියලා හනුමා අදහන අය විශ්වාස කරනවා . පාරාෂර ඍෂි වරයා රචනා කරපු පාරාෂර මහා සංහිතවේ සඳහන් වෙන හැටියට හනුමාගේ ආකාස්මික විවාහයක් ගැන සඳහන් වෙනවා .

සංහිතාවේ කියන හැටියට හනුමා සූර්ය දෙවියන් තමාගේ ගුරුවරයා හැටියට සලකනවා . හනුමා අවිවාහක නිසා දෙවියන්ගේ ඉගැන්වීම් වන නව වැදෑරුම් වූ ව්‍යාකරණ ඉගෙන ගන්න අවස්ථාව නැති උනා . ඉතින් හනුමාගේ ඉගෙන ගැනීම සම්පූර්ණ කරන්න ඕන නිසා බ්‍රහ්ම විෂ්ණු ඊශ්වර කියා ත්‍රී මූර්තිය විසින් සූර්ය කිරණ වලින් සුවර්චලා දේවිය නිර්මාණය කරා . සුවර්චලා තමයි හනුමාගේ විවාහක බිරිඳ උනේ . ඒත් දෙන්නම බ්‍රහ්මචාරීව තමයි ජීවත් උනේ . විවාහයක් කරපු නිසා හනුමාට අර නව වැදෑරුම් ව්‍යාකරණ ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා .






හනුමාගේ දරුවා ගැන මෙන්න මෙහෙම සඳහනක් තියෙනවා . දවසක් හනුමා වෙහෙස නිවන්න ගඟක් අසබඩ ඉන්නකොට ඇගෙන් දහදිය බිංදුවක් ගඟට වැටුනා . මේ ඩහදිය බිංදුව පස්සේ දරුවෙක් බවට පත් වුණා . මේ දරුවා හදාවඩාගෙන තියෙන්නේ කිඹුලියක් විසින් . මේ වගේ තවත් කතා දන්නවනම් කමෙන්ට්ස් හරහා ඉදිරිපත් කරන්න ඔයාලට පුළුවන් .

හනුමන්තා සම්බන්ධ ගුරුකම් විශාල ප්‍රමාණයක් තියෙනවා .

හනුමා පිරිත
හනුමා ඉදිරෙට්ටුව
හනුමා වෛරොඩිය
හනුමා දැහැන
හනුමා වෙට්ටුව
හනුමා අලගුව
නයනමහාරී ගුරුකම
කෛවීර හනුමා වෙට්ටුව

ඒ ගුරුකම් වලින් කීපයක් .

හනුමා ගැන සම්බන්ධ අංජනම් ගැන මම මෙන්න මේ ලිපියේ ගොඩක් ඉස්සර කාලේ මම ලියලා තියෙනවා . ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් ඒකත් කියවන්න පුළුවන් . එහෙනම් තවත් ලිපියකින් ආයේ හම්බෙමු .

..... ආතාල බන්ධ පාතාල බන්ධ සිවුකොන අටකොන සොළොස්කොන බන්ධ බන්ධාමි හනුමන්තා දේව රාජා බන්ධාමි අදත් මාගේ මෙරඟ මඩලට දිෂ්ටි ලා ගිනි ගිනි හනුමා දේවරාජා සෙල්ලුම් ක්‍රලාඩි බාහේස් ගුරුලා වන්දනේ ඉරන්ද පෝනුම් සුවරවර වරියේ වෙල්ලක් කොන්ඩු ඉරිනුත්තු සෙල්ලුම් පේසු වර වර දේව රාජා පුර මෙත්ත පුඩයුම් කයිවීර හනුමා දේව රාජා බන්ධ බන්ධාමි වර වර ඒස්වාහඃ ...... ඕන් හරගුරු හනුමා දේවරාජා වර වර ...............





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

18 comments:

  1. ඒ කියන්නෙ රාමායනයෙ ඉන්නෙයි අංජනමට ගෙන්වන්නෙයි දෙන්නම එක්කෙනෙක්ද? මං හිතන් හිටියෙ ඒ දෙන්නෙක් කියලා....... රාමායනය නං පිළිගන්න බෑ තමයි. ඒක රාවණාට මඩ ගහන්නම ලියපු එකක්ද කොහෙද. හනුමන්තව දෙවියෙක් විදිහට අදහන අය ඉන්නව නේද ඉන්දියාවේ?

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ කාටුන් පවා හදලා තියෙන්නේ දුෂ්ට චරිතෙට රාවණා දාලා . ඒ නිසා මමනම් හිතන්නේ ඉන්දියාවේ අය රාවණා එක්ක තරහා නිසා මෙහෙම කරලා කියලා . හනුමා කියන්නෙත් දෙවි කෙනෙක් . රාවණාත් දෙවි කෙනෙක් . රාම ලක්ෂ්මනත් දෙවිවරු . ඒ නිසා මමනම් හිතන්නේ අපි පිල් බෙදිලා ගහගත්තට එයාලා නම් තරහා නෑ කියලා . ඔව් අදටත් හනුමන්තා අදහන අය ඉන්නවා . එයාලා පූජාවල් එහෙමත් තියලා භාරහාර වෙනවා . :)

      බොහොම ස්තූති g-)

      Delete
  2. ඔන්න ඔය හොරකම ගැන විචාරක තුමත් මේ දවස්වල පුෂ්පය විකසිත කරං ඉන්නේ බලුකිරියෙක් එයාගේ පෝස්ට් උස්සලා උගේ වගේ දාගන.

    ReplyDelete
    Replies
    1. ගත්තට කමක් නෑ ගත්තේ කොහෙන්ද කියලා දානවනම් . එහෙමත් නෑනේ . තමන් ලියලා වගේ දාන්නේ :) තව ඒ මදිවට දෙවිවරුන්ගේ නම් දාගෙන ඉන්නේ පේජ් එකට .

      Delete
  3. භද්‍රජි මහින්ද ජයතිලක මහත්මයා ලියපු ශ්‍රී රාවණ්ණා පුවත පොත කියවල තියෙනවද? ඒකෙ ඔය රාවණගෙ පැත්තෙන් බලල කතාවක් ලියල තියෙනව. මට මතක හැටියට ඒ පොතේදි භද්‍රජි වාල්මිකී ගැන වෙනස්ම අදහසකුත් දක්වල තිබුණා.

    ඔය ඉන්දියන් දෙවිවරුයි - ග්‍රීක දේවකතායි එහෙම කට ඇරගෙන අහගෙන ඉන්නනම් මරු. ඒ තරමටම හැම රසයක්ම ඒ කතාවල තියෙනව. ඒ ඒ බනිසට ඒ ඒ කෙසෙල් වගේ. භක්තිමත් එවුන්ට වැඳගෙන අහගෙන ඉන්නත් පුළුවන්. :P :P

    ReplyDelete
    Replies
    1. කියවලානම් නෑ . හොයාගෙන කියවන්නම්කො හොයාගෙන . මමනම් විශ්වාස කරන්නේ ඔක්කොම දෙවිවරු එකයි කියලා . මම හැමවෙලේම කියන කතාවක් තමයි ශක්‍රයා සියුස් ඉන්ද්‍ර කියන්නේ එක්කෙනෙක් කියලා . ඒ ඒ සමාජවල හැටියට එයාලා වෙනස් නම් වලින් වෙනස් ස්වරූප වලින් පෙනී ඉන්නවා . :)

      බොහොම ස්තූති g-)

      Delete
    2. කියවපන් මචෝ. ඒක සුපිරි පොතක්.

      Delete
    3. කියවපන් මචෝ. ඒක සුපිරි පොතක්.

      Delete
  4. කාලෙකට පස්සේ ආසාවෙන් යමක් කියෙව්වා...
    මමත් දැක්කා FB එකේ දෙවියන්ගේ නම් වලින් pages හදල ඔයාගේ සමහර posts ගෙඩි පිටින් copy කරල දාලා තියෙනවා.

    මම දැක්කා ඔයත් එව්වට කොමෙන්ට් දාලා තියෙනවා ..
    කතෲ අයිතිය නැතිව පබ්ලිශ් කරන්න එපා කියලා...

    මොනා උනත් මෙහෙම ලිපි දිගටම ලියන්න...
    ඔයාගේ college වැඩත් හරියට කරගෙන යන්න තවත් ශක්තිය ලබෙන්න දෙවියන් ගේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ...
    මම නිමෂා සමරවීර.

    ReplyDelete
    Replies
    1. කිව්වට වැඩක් නෑ . මමනම් හිතන්නේ නෑ මෙහෙම කිවා කියලා ඒවා නවතියි කියලා .
      ඒත් හිතේ අමාරුවට ඔන්නොහෙ කියලා දැම්මා .
      බොහොම ස්තූති . ඔයාටත් දෙවි පිහිටියි g-)

      Delete
    2. මොකද්ද බං ප්‍රොපයිල් එක

      Delete
    3. මොකද්ද බං ප්‍රොපයිල් එක

      Delete
  5. ඉතාමත් කැමෙත්තෙන් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. හලෝ හලෝ . ගොඩ කාලෙකට පස්සේ දැක්කේ . :)
      බොහොම ස්තූති g-) g-)

      Delete
  6. යකොව් හනුමත් සෙල්ලං බුලට් එකක් නෙවෙයිනේ... මරු කතා ටික
    අර නැට්ට ගිනිගත්තට පස්සේ පොර දිව්වලු නෙහ් හෝ ගාලා ඒකෙන් පලාතක් ගිනි ඇවිලිලා පස්සේ ඒකට නමකුත් මොකක්ද වැටුනා කියලා අහලා තියෙයි.

    //දැනට මිනිස්සු තමන්ට දෙවියෙක්ට වගේ සලකනවානම් ඕක තාවකාලික බව මතක තියාගන්න . සුමනදාස අංකලුත් එහෙම තමා හිටියේ කියලාත් මතක තියාගන්න .//
    මූ යකොව් දෙයියා කියලා උටම කියාගන්න මැන්ටලයෙක්නේ. සුමනදාස අන්කල් අම්බානෙක හොඳයි ඒ අතින්

    ReplyDelete
    Replies
    1. මේ එස්කියුස් මී . මට කියන්න පුළුවන්ද පොඩ්ඩක් ඔයා කවුද කියලා ? මම මීට කලින් ඔයාව දන්නේ නෑනේ ;-) ;-) ;-)

      Delete
  7. Mama godak ithihasaya gana danne Neha.habai Dana ganna asai.mama podi kale pothak kiyewa sahithya gana.eke liyala thibuna vidiyatanan Rama kiyanne gahanu loliyek.ravanage nangita eyagen avadak vela thibuna.ithin e tharahata thamai ravana seethavavpahara gena avith hira Karan idala thiyenne.habai ravanagen seethata karadayak vela Nam Naha.eheth adatayh indiyave ravanata Karana apahasayan dakkama duka hithenava.ape Kama raja ganna ape aya idiripath vela thibunananm hasa idiripath unanam me deval me vidiyata sidda novee thibenna thibuna.😞 Mama ratata adaraya Karana kenek.thanks oyage lipi valata

    ReplyDelete
  8. අඳුන හදන හැටි සහ අඳුන ජීවන් කරන මන්තරය කියලා දෙන්නකෝ.......

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.