Sunday, September 20, 2015

සරසවියට මග පෙන්වූ මහා සරස්වතී තෛලය






ජගන් මෝහිනී මධුර භාෂීණී
චාරු දේහිනී කමල වාසිනී
සරස්‌වතී දේවී වන්දේ
සරස්‌වතී දේවී

කම්පිත කංචන මාලා කූජිත
කිංකිණි නූපුර ජාලා
පාද සරෝඡේ කටී තටාකේ
චංචල නර්තන ලීලා

මීන මකර පංකජ රූපාකුල
අංකිත කුංකුම රේඛා
පූර්ණ කුම්භම්ව පීන පයෝධර
පූරිතාමෘත ධාරා

භාග්‍ය සාධන පුණ්‍ය මූර්තිධර
සුරකුලවර අභිරූපා
දේහි දේහි වරදායක හස්‌තේ
ශුභ මංගල මූද්‍රා




වයලීනෝ ඉස්කෝලේ යනකාලේ , වයලීන් ගහන කාලේ මේ ගීතය වාදනය කරපු වාර ගණන අනන්තයි අප්‍රමානයි මෙයාලා . මතක් වෙනකොට ඇඩෙනවා මෙයාලා . කොයි දේට ගියත් මේ ගීතය වාදනය කරන්න මට අවස්ථාව ලැබෙනවා . මොකද ආර්ට් ඩේ සයන්ස් ඩේ අරඩේ මේඩේ ඔක්කොම ඩේ පටන් ගන්නේ මේ ගීතය ගායනය කරලා පූජා නැටුම ඉදිරිපත් කරලා නිසා . මට මතකයි සිංදුවා අයියා උනත් ඕගන් එක ගත්ත ගමන් මේ ගීතය පොඩ්ඩක් වාදනය කරලා තමයි වැඩ පටන් ගත්තේ . පාස්ට් ටෙන්ස් එකෙන් එහෙම කියන්න උනේ අදවෙනකොට මගේ අතින් වයලීනයත් , සිංදුවා අයියාගේ අතින් ඕගන් එකත් තරමක් දුරට ඈත් වෙලා තියෙන නිසා . ඒත් සරස්වතී දේවිය අපේ හිත්වල කොයි වෙලෙත් වැඩ ඉන්නවා කියන එක ගෞරවයෙන් යුතුව මතක් කරන්න ඕන . 

ඉතින් සකල කලාවන් හී අති උත්තම පූජාවට පාත්‍රවෙන සරස්වතී දේවිය ගැන අද ලිපියෙන් කියන්න හිතුනා . ලිපියේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් කියනවනම් ,  වයලීනොත් සිංදුවාත් දෙන්නම මේ දක්වා ආපු පාරට සමාන්තරව සංගීත පාරකුත් තිබුණ නිසා සරස්වතී දේවිය ගැන කරුණු කාරණා ටිකක් මෙතන ලියනවා . අනිත් දේ තමයි සරස්වතී තෛලය . හෙනරාජ රාජතරන්ගනී තෙල් ගැන ලිව්වට පස්සේ ඒ කාලේම මුහුණු පොතේ කීපදෙනක් මට මැසේජ් එවලා තිබුණා සරස්වතී තෛලය ගැනත් ලියන්න කියලා . ඒ කාලේ නම් මේ ගැන ලියන්න තිබ්බ උනන්දුව අඩුයි . එත් ඔන්නොහෙ ලියලා දානවා කියලා හිතුන නිසා ඒගැනත් මේ ලිපියේ සඳහන් කරා . එහෙනම් අපි නමෝවිත්තියෙන් මුලපුරමු සරස්වතී දේවියගෙන් වරමක් ඉල්ලගන්න .





සරස්වතී දේවිය හඳුන්වන්න අතිවිශාල නම් සංඛ්‍යාවක් තියෙනවා . බ්‍රාහ්මී , වාග් දේවී , වීනාධාරී , පුස්තකධාරී , ගී දේවී , හංසවාහිණී , සාරදා කියන්නේ ඒ නම් ගොන්නෙන් ටිකක් . මේ කොයි නමින් හැඳින්වූවත් සරස්වතී දේවිය සරස්වතී දේවියම තමයි . සරස්වතියගේ උත්පත්තිය ගැන කතා කීපයක්ම අහන්න ලැබුණා . 

සමහරු විශ්වාස කරන්නේ සරස්වතී දේවිය ඉපදුනේ සුරයින් සහ අසුරයින් කිරි මුහුද මන්ථනය කරනකොට කියලා . එත් සමහර අය විශ්වාස කරන්නේ සරස්වතිය ඉංදු ගංගා දෙණියේ ඉපදිලා ඉඳලා පස්සේ දේවත්වයට පත් වුණා කියලා . සරස්වතියට සරස්වතිය කියලා නම් කරලා තියෙන්නේ මහා බ්‍රහ්මයාගෙන් සිවුසැට කලාවන්හී විශාරද භාවයක් ලැබෙන විදියට එතුමියට වරයක් ලැබිලා තියෙන නිසා කියලාත් විශ්වාස කරනවා . 

සරස්වතිය විෂ්ණු දෙවියන්ගේ බිරිඳක් වෙලා හිටියා කියලා දේව කතාවල සඳහන් වෙනවා . මුල කාලේදී සරස්වතිය , ලක්ෂ්මී දේවිය සහ ගංගා දේවිය කියන තුන්දෙනාම විෂ්ණු දෙවියන්ගේ භාර්යාවන් විදියට ඉඳලා තියෙනවා . ඒත් කාලයක් යනකොට මේ තුන්දෙනා අතරේ ආරවුල් ඇතිවෙන්න පටන් ගත්තට පස්සේ විෂ්ණු කරන්නේ ලක්ෂ්මී දේවිය තමා වෙත තියාගෙන සරස්වතී මහා බ්‍රහ්මයාටත් , ගංගා දේවිය ඊශ්වර දෙවියන්ටත් පවරලා දෙන එක . ඒ නිසා සරස්වතිය මහා බ්‍රහ්මයාගේ බිරිඳ විදියට අදටත් හඳුන්වනවා .





සරස්වතිය වැඩ ඉන්නේ නෙලුම් මලක් උඩ , නැත්නම් හංසයෙක් මත . නෙළුම සහ හංසයා මහා බ්‍රහ්මයාගේ ආසනය සහ වාහනය නිසාත් , සරස්වතී දේවිය මහා බ්‍රහ්මයාගේ බිරිඳ නිසාත් එතුමියටත් මේ වාහනය සහ ආසනය ලැබිලා තියෙනවා . සරස්වතී දේවියගේ එක අතක වීනාවක් තියෙනවා . මේ වීනාවෙන් පෙන්නුම් කරන්නේ කලාවන්ට අධිපති බව මෙතුමියට තියෙනවා කියන එක . තවත් අතක පුස්කොල පොතක් තියෙනවා . ඒකෙන් පෙන්වන්නේ අධ්‍යාපනයට එතුමිය අධිපති වෙනවා කියන එක . අනික් අතේ තියෙන්නේ පළිඟු ජප මාලයක් . ජපමාලයෙන් පෙන්නුම් කරන්නේ අධ්‍යාත්මික පසුබිම .

සරස්වතිය වෙනුවෙන් තමයි ඉන්දියාවේ අදටත් සංගීත ශිල්පීන් ප්‍රසංග පවත්වන්නේ . ඒ කියන්නේ මෙහෙමයි . සරස්වතිය වෙනුවෙන් කියලා කිව්වේ නැතත් වෙනත් හේතුවක් නිසා ප්‍රසංග පැවැත්වුවත් එයාලාගේ ප්‍රධාන අරමුණ වෙන්නේ සරස්වතී දේවිය වෙනුවෙන් පුජාවක් පැවැත්වීම . දවසක් මට මතකයි මම බලපු වීඩියෝ එකක තබ්ලා වාදනය කරේ අද ලෝකයේ ඉන්න අංක එකේ තබ්ලා වාදන ශිල්පියා , සකීර් හුසේන් . එතුමාව ෆොටෝ ගන්න වෙලාවක එතුමා වාදනය නවත්වලා කිව්වා පොටෝ ගහන්න එපා , අපි මේ වාදනය කරන්නේ ප්‍රසිද්දිය වෙනුවෙන් නෙවෙයි සරස්වතී දේවිය වෙනුවෙන් පූජාවක් කියලා . අන්න එහෙමයි එහෙ . ලංකාවේ එච්චර දුරට නැතත් සරස්වතී දේවිය වෙනුවෙන් කියන හැගීම හැම කලාකරුවෙක්ගේම හිතේ තියෙනවා .






සරස්වතිය වෙනුවෙන් අද වෙනකොට පුද පූජා පවත්වන එක මාකට් එකක් වෙලා තියෙනවා . මට මතකයි මට ශිෂ්‍යත්වය තියෙන දවසට කලින් දවසේ අපේ අම්මා මාව සරස්වතී පූජාවකට එක්ක ගියා . එදා රත්නපුරේ පැත්තේ හිටපු ගොඩක් ළමයි මේ පූජාවට ඇවිත් හිටියා . පූජාව පටන් ගන්න කලින් හම්මේ තිබ්බ කාලගෝට්ටිය .

පූජා මණ්ඩපය කිට්ටුවෙන් තමන්ගේ ළමයා වාඩිකරවන්න අම්මලා ටික පොරකනවා . අපේ අම්මා මාව පැත්තකට කරගෙන හිටියා කට්ටිය වාඩි වෙනකල් , ඊට පස්සේ ඉඩ තියෙන කොහෙන් හරි වාඩි වෙන්න කියලා . ඊට පස්සේ තමයි මම වාඩි උනේ . ඉතින් පූජාව කරලා ආශිර්වාද කරාට පස්සේ තමයි පූජාව ඉවර උනේ . මේ පූජාව එක අතකින් බැලුවම හොඳයි උනාට මේවා පෝස්ටර් ගහලා අඬබෙර ගහලා කරන එකට මමනම් එච්චර කැමැත්තක් නෑ . දෙවියන් බලනවද නැද්ද මම දන්නේ නෑ . ඒත් මේවගේ මාකට් වැඩ නිසා දෙවිවරුන්ගේ තියෙන දේවත්වය අදවෙනකොට අඩුවෙලා තියෙනවා කියලා මට හිතෙනවා .

ඉතින් මේ පූජාවේදී එක කරපු හාමුදුරුවෝ කිව්වා මට මතකයි සරස්වතී දැහැනෙන් දහස් වාරයක් මේ තෙල් ජීවම් කළා කියලා . ඉතින් ඒ පූජාවේදී මම හොඳට අහගෙන හිටියා කියන්නේ මොනවද කියලා . ඇත්තටම ඒ හාමුදුරුවෝ සරස්වතී මන්තර පුරලා තමයි පූජාව කලේ , පස්සේ පිරිත් කියලා දෙවියන්ට පින් දීලා පූජාව අවසාන කළා .

සරස්වතී තෛලය අද වෙනකොට අහන්න දකින්න ලැබෙන්නේ නෑ . ඒත් සරස්වතී මන්ත්‍රය සරස්වතී යන්ත්‍රය වගේ දේවල් අදත් අහන්න දකින්න ලැබෙනවා . සරස්වතී තෙල් අද නැති නිසා තමයි යන්ත්‍රය සහ මන්ත්‍රය ඇතිවෙලා තියෙන්නේ . අනික තමයි සරස්වාතී තෙල් හදන්න සහ පාවිච්චි කරන්න තියෙන අපහසුව . මේවා පාවිච්චි කරනවානම් මස් මාළු කන්නේ නැතිව පිලී ජාතිවලින් වැළකිලා ඉන්න ඕන . අද වෙනකොට මේ දේවල් පිළිපදින්න අමාරු නිසාත් මේ දේවල් නැතිවෙලා තියෙනවා . අනික තමයි ගුරු මුෂ්ටිය . ගුරු මුෂ්ටිය නිසා මේවා හංගගෙන ඉන්න නිසා මේවා නැතිවෙන්න තියෙන ඉඩ කඩ වැඩිවෙලා තියෙනවා . එත් ගුරු මුෂ්ටි තියාගත්තේ නැත්නම් ශිල්පය අනවශ්‍ය පුද්ගලයින් අතට ගිහින් තවත් විනාස වෙන්න පුළුවන් නිසා මේවා භාවිතය අඩුවෙලා තියෙනවා .





සරස්වතී තෙල් ගැන කියනකොට අපට මතක් වෙන්නේ ෂඩ් භාෂා පරමෙශ්වර ත්‍රිපිටක වාගීශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ . 1408 මැයි මාසයේ 08 වෙනිදා උපත ලබපු මේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ පස්සේ කාලෙක රජ මාලිගාවට ගිහල්ලා අන්තිමට නැවතුනේ පැවිදි බිමට පත්වෙලා . එතුමාගේ ගුරු හාමුදුරුවෝ උනේ වීදාගම මෛත්‍රීය හිමි . ඉතින් කාලයත් එක්ක තොටගමුවේ රාහුල හාමුදුරුවෝ බෞද්ධ අධ්‍යාපනය එක්ක ගුප්ත විද්‍යාවත් හොඳට ඉගෙන ගත්තා .

ෂඩ් භාෂා පරමේශ්වර . ඒ කියන්නේ භාෂා හයක නිපුනත්වයක් ලබාගත්තා . ඒවගේම ජෝතිෂ්‍යය යන්තර මන්තර ශාස්ත්‍රය ගැනත් මනා දැනුමක් ලබා ගත්තා . තොටගමුවේ හාමුදුරුවෝ යක්කු භූතයෝ බැඳගෙන වැඩ ගත්තා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා . මෙහෙම බැඳගත්ත යක්කු එලවා ගන්න විදියක් නැතුව වෙනත් උපායන් මගින් යක්කු එලවපු කතා පවා සඳහන් වෙනවා . ඒවගේම තොටගමුවේ හාමුදුරුවෝ යන්තර මන්තර  ශාස්ත්‍රය ගැන මනා පරිචයක් ලබාගත්ත හිමි නමක් .

තොටගමුවේ හාමුදුරුවෝ රචනා කරපු මන්තර පවා තියෙනවා . මමත් මන්තර යන්තර ගැන අධ්‍යනය කරන කාලේ එක තැනකදී තොටගමුවේ හාමුදුරුවන්ගේ මන්තර කීපයක්ම කියෙව්වා . ඒ මන්තරවල භාෂාව ටිකක් වෙනස් . තෙලිඟු වගේ භාෂාවක් ඒක .

ඒවගේම තොටගමුවේ හාමුදුරුවෝ කතරගම දෙවියන්ගෙන් වරම් ලබාගත්ත හිමි නමක් විදියට සඳහන් වෙනවා . කතරගම දෙවියන්ගෙන් වරම් ලබාගත්ත අය කීපදෙනෙක් ගැන සඳහන් වෙනවා . ඒ අතරෙන් කෙනෙක් තමයි මේ තොටගමුවේ හාමුදුරුවෝ . ඉතින් අපි එමුකො අද කතාවට . මේ කතාව ඉතින් ඔයාලා කියවලා අහලා දැකලා ඇති . ඒත් හදිස්සියෙවත් නොදන්නා කෙනෙක් ඉන්නවනම් කියලා මම ඒ කතාව සඳහන් කරනවා .






තොටගමුවේ හාමුදුරුවෝ පොඩි කාලේ ඉඳලා හරිම කල්පනාවෙන් යුතුව ජීවත් වුනු චරිතයක් . ඒ නිසාම මේ හාමුදුරුවෝ තමන්ගේ ගුරු හාමුදුරුවන් ගැන පවා හිටියේ හරිම විමසිල්ලෙන් . ඉතින් තොටගමුවේ හාමුදුරුවන්ට දවසක් නෝට් උනා තමන්ගේ ගුරු හාමුදුරුවෝ කොහේ හරි බණකට හෝ වෙනත් ශාස්ත්‍රීය කටයුත්තකට යන්න කලින් පන්සලේ තියෙන රහස් කාමරයට ඇතුල් වෙලා ආයෙත් කාමරයෙන් පිටවෙලා යනවා කියලා . එත් මොකක්ද කරන්නේ කියලා හොයාගන්න උනේ නෑ . දවසක් වීදාගම හාමුදුරුවන්ට හදිස්සියේම ශාස්ත්‍රීය කටයුත්තකට යන්න ඕන උන නිසා කාමරේට ඇතුල් වුන වෙලාවේ කාමරේ දොර වහගන්න උනේ නෑ .

ඒ නිසා තොටගමුවේ හාමුදුරුවෝ හැංගිලා බලාගෙන හිටියා ලොකු හාමුදුරුවෝ මොකක්ද කරන්නේ කියලා . වීදාගම හාමුදුරුවෝ යම්කිසි තෙල් බෝතලයකින් හංස පිහාටුවකින් ස්වල්පයක් අරගෙන දිවේ ගාගන්නවා තොටගමුවේ හාමුදුරුවෝ දැක්ක . ලොකු හාමුදුරුවන්ට තිබ්බ හදිස්සියට කාමරේ දොර වහන්න බැරි වුණා . තොටගමුවේ හාමුදුරුවෝ කාමරේට ඇතුල් උනා . වීදාගම හාමුදුරුවෝ මේ අතරේ පන්සලෙන් පිටත් වුණා . තොටගමුවේ හාමුදුරුවෝ අඳුරගත්තා මේ බෝතලේ තියෙන්නේ සරස්වතී තෛලය කියලා .

සරස්වතී තෛලයෙන් ඉතාම ස්වල්ප මාත්‍රයක් දිවේ ගාගත්තම ඇහෙන ඇහෙන දේවල් මතක හිටිනවා කියලාත් තොටගමුවේ හාමුදුරුවෝ ඒවෙනකොට දැනගෙන හිටියා . ස්වල්පයක් ගාගත්තම එහෙමනම් , බෝතලේම බිව්වම කොහොම හිටියිද කියලා හිතපු තොටගමුවේ හාමුදුරුවෝ එකපාරටම බෝතලේ කටට හලාගත්තා . පන්සලේ හිටපු ගිරවා මේක දැක්කා . ඊට පස්සේ කෑගහන්න ගත්තා තොටගමුවේ මලා තොටගමුවේ මලා කියලා . මේ සද්දේ ඇහුනා පන්සලේ වැඩ කරන ඇබිත්තයාට . ඇබිත්තයාගේ නම පුන්චිත්තා . මෙයා තමයි පස්සේ කාලෙකදී ඉඳුරුගිරි ලෙනේ තොටගමුවේ හාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ උන්වහන්සේට උදවු උපකාර කලේ . ඒවගේම තොටගමුවේ හාමුදුරුවෝ ගුරුකම සම්පූර්ණයෙන්ම වගේ මේ පුන්චිත්තට තමයි උගන්වලා තියෙන්නේ .

ඉතින් ගිරවාගේ සද්දේ ඇහිලා පුන්චිත්තා ඇබිත්තයා දුවගෙන ආවා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න . ඒ ආවම තමයි දැක්කේ තොටගමුවේ හාමුදුරුවෝ සිහි නැතුව රහස් කාමරේ ඇදගෙන වැටිලා ඉන්නවා . හිස් වෙච්ච සරස්වතී තෙල් බෝතලයත් දැක්කා . පුන්චිත්තා දැනගත්තා මොකද වෙලා තියෙන්නේ කියලා . ඉක්මනටම වීදාගම හිමි හමුවෙන්න දුවගෙන ගිය පුන්චිත්තා වීදාගම හිමියන්ට කිව්වා තොටගමුවේ හාමුදුරුවෝ සරස්වතී තෙල් බීලා සිහි නැතුව ඇදගෙන වැටිලා ඉන්නවා කියලා . වීදාගම හාමුදුරුවන්ට දෙලෝ රත් උනා . කරන්න ගිය රාජකාරියත් පැත්තක දාලා වීදාගම හාමුදුරුවෝ පන්සලට වැඩම කළා . ඒ එන අතරතුරේ කිරි දෙන අම්මලාට පන්සලට එන්න කියන්න කියලා පනිවිඩයකුත් යවලා තමයි වැඩම කලේ .





වීදාගම හාමුදුරුවෝ අර අම්මලාට කිව්වා බෙහෙත් ඔරුවට කිරි දොවලා දාන්න කියලා . පස්සේ තමන් හදපු විශේෂ ඖෂධ මේ කිරි ඔරුවට එකතු කරලා තොටගමුවේ හාමුදුරුවෝ මේ ඔරුවේ සතපවලා මන්තර පුරමින් පිරිත් පුරමින් තොටගමුවේ හාමුදුරුවන්ට සිහිය ලබාහන්න උත්සාහ කරා . සතියක් යනකල් සිහිය ආවේ නෑ . ඒ නිසාම වීදාගම හාමුදුරුවෝ උත්සාහය අත්හැරලා දෙවියන්ට මේ කාර්යය භාරදීලා නිහඬ වෙනවා . වාසනාවට වගේ නොසිතපු වේලාවක තොටගමුවේ හාමුදුරුවන්ට සිහිය ආවා .

ඉතින් ඊට පස්සේ තොටගමුවේ හාමුදුරුවන්ට ඇහෙන ඇහෙන දේ මතක හිටියා කියලා තමයි කියන්නේ . කොච්චර හොඳ දෙයක් උනත් වැඩිපුර පාවිච්චි කරපු නිසා තමයි විෂ බවට පත් උනේ . තෙල ඇත්තටම විෂයි . මොකද මැණික්වර්ග පවා මේ තෙල හිඳින කල්කයට එකතු කරන නිසා . අනික ස්නායු පද්දතියට කෙලින්ම බලපාන නිසා අධි මාත්‍රාව කෙලින්ම ස්නායු පද්දතියට බලපාන්නේ . ඒ නිසා වෙන්න ඇති තොටගමුවේ හාමුදුරුවෝ සිහිය නැති තත්ත්වයට පත් වෙන්න ඇත්තේ .

ඒ කොහොම හරි ඉතින් අද මම මේ ලිපියේ සරස්වතී තෙල හිඳින්න ගන්න බෙහෙත් වර්ග ටික සඳහන් කරන්න කල්පනා කරා . සරස්වතී තෙල් වර්ග දෙකක් තියෙනවා මම දන්නා හැටියට . එකක් පොඩි එකක් . ඒක සරලයි සුගමයි . ඒ වගේම ප්‍රතිචාරයත් සරලයි . අනික තමයි මේක .

මේ සරස්වතී තෙල හිඳින්න ඉතාම සංකීර්ණ වත්පිළිවෙත් විශාල ප්‍රමාණයක් කරන්න තියෙනවා වගේම පේ වීම අකුරටම කරන්න ඕන .මස් මාළු කිලි වර්ග වලින් වැළකෙන්න ඕන . මෙන්න මේවා තමයි සරස්වතී තෙල් හිඳින්න ගන්නා බෙහෙත් වට්ටෝරුවට අයත් වෙන්නේ .

රණවරා මල්
වතුසුද්ද මල්
පිච්ච මුල්
සුදුකටරොළු මල්
නිල් කටරොළු මල්
රත්මල්
කොහොඹ මල්
මූනමල්
නාමල්
සපුමල්
පිච්චමල්
වතුසුදු මල්
මෙට මල්
නිකමල්
හීන් කොඳ මල්
කළු රොළුමල්
පෙතං මල්
බැබිල මල්
නෙළුම් මල්
දුනුකේ අල
බේදුරු අල
ඉඳුරු අල
කලාඳුරු අල
මානෙල් අල
එළනෙළුම් අල
ඉරිවේරිය
රසකිඳ
සැවැන්දරා
එළවරා
එළ බිංතඹුරු
පාවට්‌ටා
කරපිංචා
නික
මිරිස්‌
බුලත්
අරළු
මුගුණුවැන්න
දොඩම්
සප්සඳ
කරඳ
ඇහැල
බටුමුල්
බැබිල මුල්
දෙහි
සස්‌සඳ
කරඳ
ඇහැල
ඔලිඳ
හාතවාරිය
කෝමාරිකා
සූදුරු
මාදුරු
සතකුප්ප
දේවදාර
මනෝසීල
පරංගි පාසානං
සීනක්‌කාරං
ගල්මද
ගල්නහර
උළුහාල්
රුද්‍රෂ්ටක
හිරියල්
සහිඳලුණු
මීපැණි
උක්‌පැණි
පිනිදිය
සුදු හඳුන්
කොහොඹ තෙල්
තලතෙල්
ඉඟිනි ඇට
සීනි
එළකිරි
තැඹිලි
පොල්කිරි
ගිතෙල්
එඬරු තෙල්
මී තෙල්
රත්‍තරං
රිදී
මුතු ඇට
සක්‌ ඇට
සුදු පළිඟු මැණික්‌
කහ පළිඟු මැණික්‌
හීං හැඩයා
උරුලෑසට්‌ටං
ගේකුරුළු බිත්තර
කට්‌ටකුමංජල්
නිදිකුම්බා

සරස්වතී තෙල් හිඳින්න රත්තරන් භාජනයක් අරගන්න ඕන . ඒ කියන්නේ ලිපේ තියන්න වෙන්නේ රත්තරන් භාජනයක් . ඒවගේම උඩුවියන් පාවාඩ වටතිර ඇතුව තමයි තෙල් හිඳින්න ඕන . තෙල හිඳිනවට වඩා අමාරුයි තෙලට සරස්වතී මන්ත්‍රය පුරලා බල පිහිටවන වැඩේ . මස්මාලු කන්නේ නැතිව , කිල්ලට අහුවෙන්නේ නැතිව තෙලට මන්තර පුරන්න ඕන . හදිස්සියෙවත් එහෙම අවුලක් තියෙන කෙනෙක් මන්තර පුරන්න ගන්නවානම් එයා මන්තර පුරලා තෙල ජීවම් කරනකොට එයාට පිස්සු හැදෙනවා . අනික තමයි සරස්වතී තෙල පාවිච්චි කරන කෙනා ඒ වෙලාවේ මස්මාලු කාලා තියෙනවනම් හරි තෙල ගත්තට පස්සේ මස් මාළු කනවනම් හරි ඒ කෙනාට පිස්සු වැටෙන්න පුළුවන් කියලා සඳහන් වෙලා තියෙනවා .

සරස්වතී තෙල හිඳින එක සහ තෙල පාවිච්චි කරන එක සහ තෙලට මන්තර පුරන එක හරිම අමාරු වගේම අවදානම් වැඩක් නිසා අද වෙනකොට ඉතුරු වෙලා තියෙන්නේ සරස්වතී යන්ත්‍රය සහ මන්ත්‍රය විතරයි . සරස්වතී දේවියගේ ඇල්ම බැල්ම ලැබෙන විදියට තමයි සරස්වතී යන්ත්‍රය සහ මන්ත්‍රය රචනා කරලා තියෙන්නේ . සරස්වතී මන්ත්‍ර පාවිච්චි කරන අය ඉන්නවනම් එයාලා මතක තියාගන්න මේවා එක්ක මස් මාළු කිලි කියන දේවල් එකතු කරගන්නේ නැතිව ඉන්න වග බලාගන්න ඕන කියන එක .

ආයෙත් එහෙනම් ලිපියකින් හම්බෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

13 comments :

  1. ගීතය නම් මමත් ඒ කාලෙ නිතරම අහපු කැමති එකක්.

    අනිත් දේවල් ගැන නම් මොකුත් නොකිය ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූති :) :) g-)

      Delete
  2. මේ සින්දුවේ එකම එක සිංහල වචනයක් වත් නැති අතර මුළු ගීතයම සංස්කෘත බසින් කියවේ ලු.

    ReplyDelete
    Replies
    1. එහෙමද ? මමනම් එහෙම දන්නේ නෑ . සංස්කෘත දන්නෙත් නැ . හි හිහ ඉහ හි
      බොහොම ස්තූති g-) g-)

      Delete
  3. වැදගත් විස්තරයක්........ ඒ කියන්නේ ඔය ගොඩක් තැන්වල විභාග පාස් වෙන්න කියලා සරස්වතී තෛලය දෙනව කිව්වට ඒක ඔරිජිනල් කියලා හිතන්න අමාරුයි නේද?

    ReplyDelete
    Replies
    1. ආ මල්ලි එහෙනම් මේවා පාවිච්චි කරලා වගේ කතා කරන්නේ . එල එල . රිසල්ට්ස් ළඟදීම එයි :p
      බොහොම ස්තූති g-) g-)

      Delete
    2. එහෙම සරස්වතී තෙල දෙන්න පුළුවන් න, ඉතින් මොනව කරන්න බැරිද!!!

      Delete
  4. අනික්වා වගේම මේ ලිපියත් නියමයි!
    දිගටම ලියන්න

    -නිමෂා සමරවීර

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති :) :) g-)

      Delete
  5. මට ඔය තෙල හදන්න වෙන්නෙත් නෑ ටෙස්ට් කරලා බලන්න වෙන්නෙත් නෑ එහෙනම්.

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන් :p :p :p

      Delete
  6. සරස්වතී තෛලය ගැන කතාව මමත් කාලෙකට ඉස්සර මගෙ බ්ලොග් එකේ ලිව්ව. මෛත්‍රී හාමුදුරුවන්ගෙ තවත් කතා ගොඩකුත් ලිව්ව.
    http://madhawaweblog.blogspot.com/2014/03/thotagamuwe-janaprawada-saraswathee-thailaya.html

    ReplyDelete
    Replies
    1. එල . මම කියවලා බලන්නම් .
      බොහොම ස්තූති g-) g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.