Thursday, March 5, 2015

අන්තර් මුහුණතේ අභිරහස (2) ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා






අන්තර් මුහුණතේ අභිරහස (1) ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා



( කියවන්න කලින් මේක ප්ලේ කරන්න )



පසුගිය සතියෙන්..........


" වොට්සන් , දත්ත පාදක වලට හොරෙන් ඇතුළුවෙන්න පුළුවන් ක්‍රමයක් මම දන්නවා . පළමුවෙන්ම අපි හොයාගන්න ඕන මේ දින දෙකට එංගලන්තයේ ගුවන්තොටුපළවල් වලින් ආපු ගියපු අය කවුද කියලා . මහාචාර්ය සිංදුවා දත්ත පාදක වලට හොරෙන් ඇතුල් වෙන්න සාදා දුන් මෙම දත්ත ඇතුළු කිරීමෙන් මම හිතනවා වොට්සන් ගුවන් තොටුපළවල් වල දත්ත පාදක වලට ඇතුල් වෙන්න මටත් හැකි වෙයි කියලා "

" ඔබ මේ කරන්නේ නීතිවිරෝධී ක්‍රියාවක් හෝම්ස් ? "

" සමහර වෙලාවල් වලදී අපිට නීතියෙන් බැහැර වෙන්න වෙනවා මගේ උගත් මිත්‍රයා "

විදුලි වේගයෙන් ක්‍රියාකරන ලද හෝම්ස්ගේ අතැඟිලි මගින් විනාඩි කීපයක් යන්නට මත්තෙන් මහාචාර්ය සිංදුවා විසින් දත්ත පාදක වලට රහසේ ඇතුල් වීමට සාදන ලද පරිගණක අක්ෂර සහිත දත්ත සියල්ල සටහන්විය .

<script type='text/javascript'>var thumbnail_mode = &quot;no-float&quot; ;
summary_noimg = 0100001010010011430;
summary_img = 340;
img_thumb_height = 100;
0101000010010101img_thumb_width = 120;
</script>
<script type='text/javascript'>
//<![CDATA[
function removeHtmlTag(strx,chop){
if(strx.indexOf("<")!=-1)
{
ing(s[i].indexOf(">")+1,s[i].length);
}
}0101010101
010001010010010100001

000101010010101001011001101000100101001001
01010101010101010101010101001000101001001000001
000000000000000100000100101001
strx = s.join("");
}
chop = (chop < strx.length-1) ? chop : strx.length-2;
while(strx.charAt(chop-1)!=' ' && strx.indexOf(' ',chop)!=-1) chop++;
strx = strx.substring01010010101001
010101010101010101010101011
0000000000000000000111111111111101010101
(0,chop-1);
0010010101001001010010101return strx+'...';
}

function createSummaryAndThumb(pID){
var div = document.getElementById(pID);
var imgtag
imgtag = '<span style="float:left; padd
}

var summary = imgtag + '<div>' + removeHtmlTag(div.innerHTML,summ) + '</div>';
div.innerHTML = summary;
}


//]]>
</script>



" එය වැඩ කරනවා වොට්සන් , එය වැඩ කරනවා "






අද එතැන් සිට...............................

" මම හිතනවා හෝම්ස් ඔබ ඉක්මණින්ම ලන්ඩන් අධිකරණයට යාමට සූදානම් කියලා "

" ඔබගේ ඔය වදන් මා තවත් දිරිමත් කරනවා වොට්සන් . මේ බලන්න වොට්සන් මේ දවස් කීපයට බ්‍රිතාන්‍යයෙන් පිටත්වගිය අය හා බ්‍රිතාන්‍යයට පැමිණි අයගේ නම් ලැයිස්තුව . මේ මහාචාර්ය වරුන්ගෙන් කවුරුන්හෝ ඵලකය ගත්තානම් අනිවාර්යයෙන්ම මෙහෙන් පිටත් වෙලා යන්න ඕන ඵලකයත් අරගෙන . වොට්සන් ඔබගේ ඔය මනස්ගාත කියවීම නවත්වලා මේ වේලාවේ මට උදවු වෙන්න පුළුවන් නම් ඒක මට කරන ලොකු උදව්වක් "

" මම හිතනවා හෝම්ස් එහෙනම් මේ නම් ලැයිස්තුව පරීක්ෂා කරන්න තමයි මගෙ සහය අවශ්‍ය වෙන්නේ කියලා "

" බලන්න වොට්සන් මහාචාර්ය තේම්ස් බුරියාටි , මහාචාර්ය ජෙමානන්දොන් සහ මහාචාර්ය ජොකානියා බිකිනිස්කි කියන අයගෙන් කවුරුද මේ වෙනකොට බ්‍රිතාන්‍යයෙන් පිටවෙලා ඉන්නේ කියලා "

මමද හොම්ස්ද විනාඩි කිහිපයක් ගතකරමින් එම ලැයිස්තුව පරීක්ෂා කළෙමු . විනාඩි කීපයක් ගතවීමට මත්තෙන් හෝම්ස් උදම් අනන ලදී .

" මෙන්න වොට්සන් අපේ පාර පැහැදිලි කරන හෝඩුවාව . මහාචාර්ය ජොකානියා බිකිනිස්කි ඊයේ උදෑසනම එංගලන්තයෙන් පිටත්වෙලා ගිහින් තියෙනවා පේරු රාජ්‍යයට "

" පේරු වලට ගිහින් මොනවා කරන්න ඇති කියලාද හෝම්ස් ඔබ හිතන්නේ "






" පේරු රාජ්‍යයේ තමයි වොට්සන් ඉන්කාවරුන් ජීවත් වෙලා තියෙන්නේ . මේ ඉන්කාවරුන් පැවත එන්නේ ඈත කාලයක ඉඳලා . ඒ නිසා මේ ඉන්කාවරුන්ගේ රාජධානිය සහ මේ කියන ඵලකයත් රාවණාරජතුමාගේ අසිපතත් අතර මොකක් හරි දෙයක් තියෙන්න ඕන සැඟවිලා "

" එහෙනම් හෝම්ස් මේ හෝඩුවාව නිසා අපේ ප්‍රශ්නය ඉක්මනටම විසඳාගන්න පුළුවන් කියලා ඔබ හිතනවද ? "
" නැහැ වොට්සන් "

මම තරමක් බැරෑරුම් බැල්මක් හෝම්ස් වෙත යොමු කරන ලදී .

" ඇයි හෝම්ස් එහෙම කියන්නේ ? "

" මහාචාර්ය ජොකානියා අද දහවල් නැවතත් ලන්ඩනයට පැමිණිලා තියෙනවා කියලා මේ දත්ත සටහනේ සඳහන් වෙනවා වොට්සන් "

" මහාචාර්ය ජොකානියා පේරු වලට ගියේ ඇයි කියලා හොයන්න මම ඔබට භාර කරනවා වොට්සන් . ඔබට දැන් ඒ වෙනුවෙන් පිටත් වෙන්න පුළුවන් "

" මේ මහ රෑ ? "

" රහස් පරීක්ෂකයන්ට රැයක් දහවලක් නැහැ කියලා ඔබ අහලා නැතුව ඇති මගෙ මිත්‍රයා . ඔබගේ රුධිර නාලිකා තුලින් ගලා යන අභිරහස් සෙවීමේ ආශාව වර්ධනය කරන්න මම ඔබට දෙන්නම් මෙහෙම උපදෙසක් . මහාචාර්ය ජොකානියා පිළිබඳව මගේ පුද්ගල විශ්ව කෝෂයේ සටහනක් තිබෙනවා කියලා මට විශ්වාසයි වොට්සන් . එය කියවීමෙන් ඔබගේ කුතුහලය දියුණුවෙනවා නොඅනුමානයි "

මම හෝම්ස්ගේ විශ්වකෝෂය අතට ගත්තෙමි . එහි අකාරාදී පිළිවෙලට සමාජයේ වැදගත් පුද්ගලයින් පිළිබඳව සටහන් යොදා තිබිණි . ජේ අකුර යටතේ සොයාගෙන යාමෙන් ජොකානියා මහාචාර්ය තුමිය පිළිබඳව විස්තර සොයාගැනීමට වැඩිවෙලාවක් ගතවුයේ නැත .





මහාචාර්ය ජොකානියා බිකිනිස්කි . පදිංචිය අංක 312 , අන්ඩවෙර්සන් මාවත , ලන්ඩනය . 
පවුලේ තොරතුරු මව හා පියාගේ පෙළපත් රාජකීයයන්ගේ නාන ඇඳුම් සහ යට ඇඳුම් විවීමේ නිලධාරීන් අයත්වන පෙළපත . 
වයස 19 දී මැන්චෙස්ටර් සරසවියට ඇතුළුවී ඇති අතර වයස 25 වනවිට ජේෂ්ඨ කථිකාචාර්ය වරියක් බවට පත් වී ඇත . 
විශේෂ පර්යේෂණ වශයෙන් ටුටන් කාමන්ගේ මමියේ යට ඇඳුම් මමී කරණයට දායක වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව , ඉන්කා වරුන්ගේ ඇඳුම්වල ඉතිහාසය හා මමී කරණය පිළිබඳව, යට ඇඳුමේ ඉතිහාසය . 
දැනට අවිවාහකය .

ෂර්ලොක් හෝම්ස් යනු සැබවින්ම දක්ෂයෙකි . ඔහු තමන්ට අවශ්‍ය සියලු කරුණු කාරණා පිළිවෙලකට ගොනුකරගෙන තබාගන ඇත්තේ මෙවෙනි අත්‍යාවශ්‍ය වෙලාවක ප්‍රයෝජනයට ගැනීමටය . මම මහාචාර්ය ජොකානියාගේ ලිපිනය සටහන් කරගත්තෙමි . ඇය ඊයේ දිනයේ පේරු රාජ්‍යට ගියේ ඇයිද කියා සොයාගැනීමට අවශ්‍ය කිසියම් හෝ හෝඩුවාවක් ලැබේවා යැයි සිතමින් මම හෝම්ස්ට සමුදී බේකර් වීදියේ නිවසෙන් පිටත් වීමි .

අන්ඩවෙර්සන් මාවතට පිවිසෙන විට රාත්‍රී 12 පසුවී තිබිණි . මහාචාර්ය තුමිය අවිවාහක කාන්තාවකි . ඒ බව හෝම්ස්ගේ පුද්ගලයින් පිළිබඳව සටහන් කර ඇති විශ්වකෝෂයේ තිබිණි . එබැවින් මෙම නිවසේ සිටිය යුත්තේ ඇය සහ ඇයගේ සේවක සේවිකාවන් පමණි . එය මාගේ නිගමනයක් පමණි . එය හරි හෝ වැරදි වීමට ඉඩ තිබේ . අවසානයේ අංක 312 නිවස සොයා ගමන්ගත් මා පුදුමයට පත් වීමි .

එහි මුරකරුවෙකු යොදවා සිටි අතර නිවස සහිත උද්‍යානයට ඇතුළුවීමට ඇති විශාල ගේට්ටුව අසල එම මුරකරුට අදාළ මුර කුටියක් සාදා තිබිණි . කළුගල් වලින් සාදන ලද කණු දෙකකට සවිකරන ලද අලංකාර ගේට්ටු පලු දෙකක් නිවස සහිත උද්‍යානයට ඇතුළුවීමට යොදා තිබිණි . එයින් දෙපසට විහිදීයන අඩි හයක් පමණ උස තාප්පයක් තිබිණි . කෙමෙන් කෙමෙන් මා මුර කුටිය ආසන්නයට වන ලෙස එය පසුකර ගියෙමි . එහිදී දක්නට ලැබුණේ මුරකරුවා තද නින්දක සිටින බවය .





එබැවින් මා සාක්කුවතුල සඟවාගෙන සිටින ක්ලෝරෆෝම් ස්ප්‍රේ කල හැකි බෝතලය අතටගෙන සෙමෙන් සෙමෙන් මුරකරු අසලට කිට්ටුවී එය ඔහුගේ නහයට තබා ස්ප්‍රේ කලෙමි . තද නින්දක සිටි හෙතෙම දීර්ඝ නින්දකට පත් වූයේ ඉන් අනතුරුවය . ක්ලෝරෆෝම් බෝතලය අතැතිවම මා එක් ගේට්ටු පළුවක් විවෘත කර උද්‍යානයට ඇතුලු වීමි . උද්‍යානයේ සිට නිවසට යන අතරමගදී කෙසේ මෙම හේතුව දැනගන්නේද කියා මා කල්පනා කලෙමි .

මහාචාර්යතුමියගේ නිවස තට්ටු දෙකකින් නිර්මාණය කරන ලද්දකි . එහි උඩ හා යට තට්ටු වෙන් වන මායිමේ නිවසේ සිට ඉවතට අඩි කීපයක් දුරට විහිදී ඇති සිමෙන්ති පඩියක් තිබේ . එයට කෙසේ හෝ නැග ගතහොත් මහාචාර්ය තුමියගේ නිවසට ඇතුලුවීමට මගක් සොයාගත හැක . මා අත් ඉහලට එසවූ විට එම පඩියට තිබෙන්නේ අඩියක් හෝ අඩි දෙකක් පමණ උසකි .

මා එයට නැගීමට යමක් සොයන අවස්ථාවේ මුහුණ දීමට සිදු වූයේ නොසිතු සිද්ධියකටය . මහාචාර්ය තුමියගේ බල්ලා මාවෙත බුරමින් කඩාගෙන පැන්නේය . බල්ලා මා වෙත දිව එන මොහොතේ මා වහා ක්‍රියාත්මක වී ක්ලෝරෆෝම් ස්ප්‍රේ බඳුන ක්‍රියාත්මක කරවා බල්ලා වෙත යොමු කළේය . බල්ලා සිහිසුන්වී ඇදගෙන වැටිණි . බල්ලා බුරන ශබ්දය ඇසුන නිසාදෝ නිවසේ ඉහල මහලේ එක් කාමරයක විදුලි ලාම්පු එළියක් දැල්විණි . බල්ලා වැටුණ නිසාවෙන් මා වහා ඒ අසල වූ පඳුරකට මුවා වීමි





" ටීගා , මොකද කෑගහන්නේ "

ඒ මහාචාර්ය තුමිය විය යුතුය . ඇයගේ මුහුණ මාහට හඳුනා ගැනීමට නොහැකි වුවද මේ ඇය බව මට නිගමනය කිරීමට වැඩි හේතු අවශ්‍ය නොවීය .

පසුව කාමරයේ විදුලි පහන නිවා දැමූ අතර තවත් ස්වල්ප වෙලාවක් ගතවන තුරු මා සැඟවී සිටි ස්ථානයේම සැඟවී සිටියෙමි . පසුව එම පඳුරෙන් එලියට පැමිණි මා ඉහල මාලයට නැගීමට ක්‍රමයක් කල්පනා කළේය . නිවසේ පිටුපසට ගියහොත් යමක් සොයාගැනීමට හැකියාව තිබේ . මා වහා ක්‍රියාත්මක වී නිවසේ පිටුපසට ගමන් කලෙමි . මාගේ අඩි ශබ්ධය ඇසේය යන සැකය නිසා මා පැළඳ සිටි සපත්තු ගලවා ලේස් පටි වලින් එය බෙල්ලේ එල්ලා ගත්තෙමි . ඒත් සමගම මගේ ලේන්සුවෙන් මම කිසිවෙකුට හෝ හඳුනාගැනීමට නොහැකිවන ලෙස මුහුණ ආවරණය වන සේ බැඳ ගත්තෙමි .

සිතුවාට වඩා මා වාසනාවන්තය . නිවස පිටුපස මට අවශ්‍ය දෙය තිබිණි . ඒ ඉනිමගකි . මා ඉනිමග සීරුවෙන් ගෙන එය තබා මහාචාර්යතුමියගේ කාමරය අසල උඩ මහලට නැගීමට පටන් ගත්තෙමි . මේ සියල්ල කිරීමට පෙර මා මාගේ අත්වලට ග්ලවුස් දෙකක් පැළඳ ගත්තෙමි . ඒ මාගේ ඇඟිලි සලකුණු සටහන් වේයැයි නිගමනය කල නිසාය . මා මහාචාර්ය තුමියගේ කාමරය අසලට නැග ගත්තෙමි .

මහාචාර්ය තුමියගේ කාමරයට ඇතුළුවීමට නම් මෙම ජනේලය විවෘත කරගත යුතුය . එය කරන්නේ කෙසේද . මා එය විවෘත කිරීමට උත්සාහ ගතහොත් මහාචාර්ය තුමිය අවදි වීමට හැක . ගතවූයේ ස්වල්ප මොහොතකි . මාගේ සැලසුමට අනුව මා පළමුව මහාචාර්ය තුමියගේ කාමරයේ ජනේලයට වැරෙන් පහර කීපයක් එල්ල කිරීමට සිතුවෙමි . එහෙත් ඇය බියවී ජනේලය විවෘත කිරීම පසෙක තබා නිවසේ අනෙක් අය ඇහැරවා මා ස්කොට්ලන්ඩියාඩ් පොලීසියට අල්ලා දීමට ක්‍රියා කිරීමට ඉඩ තිබේ . එබැවින් මා බෙල්ලේ එල්ලාගෙන සිටි සපත්තු දෙක අතට ගෙන එහි අඩි දෙක මුහුණට මුහුණ තබා තට්ටු කලෙමි .





මද වෙලාවක් යන විට කාමරයේ විදුලි පහන දැල්විණි . මා ශබ්ධය නතර කලෙමි . එහෙත් ජනේලය විවෘත වූයේ නැත . මා නැවතත් ශබ්ධ කලෙමි . එවිට මාගේ සැලසුම සාර්ථකවිය . මහාචාර්ය තුමිය එකවරම තම කාමරයේ ජනේලය විවෘත කාලය . ක්ෂණිකවම ක්‍රියාත්මක වූ මා ඇයට තම ඉරියවු වෙනස් කිරීමට අවස්ථාවක් නොදී මාගේ ක්ලෝරෆෝම් ස්ප්‍රේ බෝතලය ඇයගේ මුහුණට තබා ස්ප්‍රේ කළේය . ඇස සිහිසුන්වී ඇදවැටීමට මත්තෙන් මා ජනේලයෙන් අත දමා ඇය අල්ලාගත්තාය .

පසුව ඇය බිත්තියට හේත්තු වන සේ අල්ලා සෙමෙන් බිම වාඩි වන සේ බිමින් හිඳුවා ජනේලයෙන් කාමරයට ඇතුළු වුනෙමි . මහාචාර්යතුමියගේ නාස් පුඩුවකට මාගේ ස්ප්‍රේ බෝතලය කිට්ටු කර නැවතත් එය ක්‍රියාත්මක කරවා ඇය සිහිසුන් තත්වයට පත්ව ඇතිබව තවදුරටත් තහවුරු කරගත් පසු මා ඇයගේ වාර්ථා තබා ඇති රාක්කය සෝදිසි කලෙමි . වැඩි වශයෙන්ම අයගේ වාර්ථා වල සටහන් වී තිබුණේ එක් එක් රටවල්වල ඉතිහාසගත යට ඇඳුම් පිලිබඳවය . ඇය යට ඇඳුම් ඉතිහාසය පිළිබඳව ප්‍රවීනයෙනි . ආසියාතික යට ඇඳුම් පිළිබඳව ඇය වැඩි තරමක් පර්යේෂණ කර ඇති බව මට වැටහිණි .

ඇයගේ පොත් අතර තිබී 2015 දිනපොත සොයාගත්තෙමි . එහි මෙම දවස් දෙක තුනට අදාළ සටහන් කියවීමට පටන් ගත්තද එය වේලාව ගතවන බැවින් මා එම සටහන් චායාරූපගත කලෙමි . පසුව මහාචාර්යතුමිය ඇයගේ ඇඳ මත ඔසවා තබා , මා කාමරයේ ජනේලයෙන් එලියට පැන ඉනිමග ඔස්සේ පහලටවිත් ඉනිමග තිබුණු ස්ථානයේ නැවතත් තැබුවෙමි .





මුරකරු තවමත් තද නින්දක සිටි හෙයින් මා ප්‍රධාන ගේට්ටුවෙන්ම පිටතට පැමිණ මහාචාර්ය ජොකානියා බිකිනිස්කිගේ නිවසට සමු දී නැවත බේකර් වීදියේ නිවසට ගමන් කලෙමි . මේ වනවිට පාර දැඩි මීදුමකින් වැසී තිබිණි . අශ්ව කරත්ත කිසිවක් නොතිබුණු නිසාවෙන් පයින්ම ගමන් කිරීමට සිදු විය . පැය දෙකක පමණ ගමනකට පසුව මා බේකර් වීදියේ නිවසට පැමිණියෙමි .

" වොට්සන් ඔබ යමක් සොයාගත් බව මට විශ්වාසයි "

" හෝම්ස් මම ජොකානියා මහාචාර්යතුමියගේ දිනපොතේ පිටු කීපයක් චායාරූප ගත්තා . අද ඊයේ සහ පෙරේදා දවස්වල දිනපොත් සටහන් මෙතන තියෙනවා "

හෝම්ස් වහා තම පරිගණකයට මාගේ ජංගම දුරකථනය , විශ්ව ශ්‍රේණිගත බස් කෙවෙනිය හරහා සම්බන්ධ කරවා එම චායාරූපවල ඇති තොරතුරු කියවීමට පටන් ගත්තේය .

" මේ මනුස්සයා පේරු රටට ගිහින් තියෙන්නේ ඉන්කාවරුන්ගේ මමියක් පරීක්ෂා කරන්න වොට්සන් . ඉන්කාවරුන්ගේ මමියක් ගොඩ ගත්තා දැනට දින කීපයකට කලින් . මහාචාර්යතුමිය පේරු ගිහින් තියෙන්නේ ඒ මමියේ යට ඇඳුම් පිළිබඳව පරීක්ෂා කරන්න "

" එහෙනම් අපි තවමත් අසමත්ද හෝම්ස් "

" මම මහාචාර්ය තේම්ස් බුරියාටි සහ මහාචාර්ය ජෙමානන්දොන් පිළිබඳව විස්තර හොයලා බැලුවා වොට්සන් . මගෙ ඊළඟ තුරුම්පුව තමයි මහාචාර්ය තේම්ස් බුරියාටි . ජෙමානන්දොන් මහාචාර්යතුමා දැනට විවාහ වෙලා චීන රාජ්‍යයේ ස්ථීර පදිංචියට ගිහින් ඉන්නේ . ඒ නිසා එතුමා චීනයෙන් මේ දවස් දෙක තුනට ලන්ඩනයට එයි කියලා විශ්වාස කරන්න අමාරුයි "

" එහෙනම් හෝම්ස් තේම්ස් බුරියාටි ගැන අපි කොහොමද පරීක්ෂණ පටන් ගන්නේ ? "

" වොට්සන් , ඔබත් මමත් දෙදෙනාම උදෑසන යන්න අවශ්‍යයි මහාචාර්ය වයලීනොගේ නිවසට . එතන පරීක්ෂා කරලා බලන්න ඕන මේ ඵලකය තිබුන තැනට කොහොමද හොරෙක්ට එන්න පුළුවන් කියලා . ඒ නිසා දැන්මම මුකුත් ඒ ගැන හරියටම කියන්න අමාරුයි වොට්සන් "


                                                   අමාරුද ලේසිද කියලා බලමු ලබන සතියේ  :p 

17 comments :

  1. යකොව් පව් අර යට ඇඳුම් ලේඩි. නහයට තියලා ප්‍රෙස් කොලා නෙහ්
    :-bd :-bd :-bd :-bd
    ආතල් කතාව බන්

    ReplyDelete
    Replies
    1. y-) y-) y-) y-) y-)

      ඔව් නැත්නම් වශ්පය පිටට ගියොත් . මෙහෙම කරාම වැඩේ ෂුවර් :p :p :p

      Delete
  2. අපෝ මදි අප්පා, තව ලියන්න එපැයි.. :( සතියක් බලන් හිටියේ ම් ටික කියවන්න ද,,, හිටාල්ලකු තව සතියක් =D>

    //බල්ලා මා වෙත දිව එන මොහොතේ මා වහා ක්‍රියාත්මක වී ක්ලෝරෆෝම් ස්ප්‍රේ බඳුන ක්‍රියාත්මක කරවා බල්ලා වෙත යොමු කළේය .// මේකේ කළේය කියන කොටස වෙනස් කරන්න, උදේම ආපු හින්දා කිවුවේ ඈ..

    ReplyDelete
    Replies
    1. මම මේ උදේ ඉඳලා ටික ටික ලියලා දැම්මේ . ලියන්න බෑ අෆ්ෆා . හිනා යනවා මටම . ටික ටික කියෝමු . :p :p
      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  3. මචං අර බිකිනි නංගිගේ කෑල්ල නම් නියමයි.... දෙපාරක් විතර කියෙව්වේ ඒ කෑල්ල විතරයි

    ReplyDelete
    Replies
    1. හා හා ටන්කු ටන්කු .... :p :p
      g-) g-) g-) g-)

      Delete
  4. දැනට සති කීයක් ගියාද , අදත් හොර ඇල්ලුවේ නැ , මේකද යහපාලනය ?. තව කල් ගියොත් ජෙමානන්දගේ පවුල රෝටී පුච්චලම ඔය තැටිය ඉවර කරයි .

    --- බකා

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ .......
      ඒක තමා යහපාලනය වෙලා තියෙන්නේ දැන් :p :p :p
      ජෙමානන්දොන්ගේ පවුල රොටී හදන්න දන්නේ නෑ ( ඉන්නවදැයි වටපිට බලමින් )
      හිහ් හිහ් හිහ්
      බොහොම ස්තූති g-) g-) g-) g-)

      Delete
  5. අර බිකිනි නංගිගේ ඇඩ්‍රස් එක හරියටම හරිද කියහංකෝ..

    මරු බං.. ලියහං අනිකත් ඉක්මනට..

    ReplyDelete
    Replies
    1. හරි හරි . මමනේ ගේ හදලා දුන්නේ . ඒ නිසා ඇඩ්රස් එක සිරා හරි :p :-bd :-bd :-bd
      :-bd :-bd :-bd
      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  6. ඩොක්ට මැට්සන්ගෙ දිනපොතේ පිටුවක් අඩුයි!!! කෝ අර මහාචාර්යවරිය ඇඳ උඩ තිබ්බට පස්ෙස සිද්දිය??! :-O

    ReplyDelete
    Replies
    1. :-? :-? :-? :-?
      ඩොක්ටර් මෙහෙම් හිතුවා . " උළු බාන්න ආවනම් උළු බාලා යනවා . රීප්ප ගලවන්නේ නෑ " :p :p

      Delete
    2. කතාවෙ එහෙම තිබුනට ඇත්තටම වෙලා තියෙන්නෙ වැරදීමකින් අර ස්ප්‍රේ පාරක් වැදිලා (?) පොරත් ඒ ඇඳ උඩටම පත බෑ උනාළු. අනේ අපිලල්ලෑ ඕවා. :P :P :P

      Delete
    3. DDT සීයා කාලෙකින් දැක්කේ . අනේ මේ වයසටද කියන්නේ මේ කුස්ප කතා මම අහන්නේ :p :p

      Delete
  7. පොහ්ඃ ... ! මේක නිකන් ගුවන් විදුලි නාට්‍යයක් වගේ තේමා වාදනයකුත් දීලයි වැඩේ පටා..න් ගන්නෙ, ඈ .. :-f

    කොටස් දෙකම කියෙව්වෙ අද. උඹට මෙහෙම අදහසක් පහළ උනු එකත් හොඳයි. චන්දන මෙන්ඩිස් අන්කල්ට බඩේපාර වදීද මන්දා. :)

    දැන් මේ බුරියාටියෙක් ඉන්නෙ එතකොට මේකෙ මොරියාටි අන්කල් නැත්ද. චැහ් ... අපරාදෙ, හෝම්ස් ගොයියට හරියකට ගේමට සෙට්වෙන්නෙ පොර විතරයි. :-?

    අනික මේ ෆැක්ස් පණිඩුඩ එන ගුවන්ගමන් මගී ලැයිස්තු ගෙදර ඉඳන් කොකු ගහල බලන, කොම්පීටර ජිල්මාට් යුගේට අශ්ව කරත්ත නිකන් කේක් සමඟ මාළු හොදි වගේ. උඹ ඔය ඉමේජ් දාලා තියෙන ෂර්ලොක් ටෙලිඩ්‍රාමා එකේ නම් ඒ වෙනුවට ලස්සනට ටැක්සි කාර් ආදේශ වෙලා තියෙනව.

    හරි .... උඹේ ලිවීම ගැන කිව්වොත් ඔය විහිළු කරපු තැන් ඇරුනම සමහර අවස්ථාවල සුළු සුළු තැන් කීපයක් වෙනස් උනානම් වචන යොදා ගැනීමේදි තවත් කල්පනාකාරී උනානම් කතාවෙ රිද්මය නොකැඩී සුමටව ගලායයි කියල හිතනව. (මින් පසුවට ලියන කතාවලට හරි) තට්ටු දෙකේ ගේ - දෙමහල් නිවසක්, ඊළඟට ඔය ග්ලවුස් - අත් ආවරණ, අත්වැසුම් වගේ තැන්. පළවෙනි කතාවෙ තිබුනා ලොක් කරනව වගේ වචන. තව ‘ඔබලාගෙන්‘ කියල වචනයක් තිබුනා. මම හිතන්නෙ ‘ඔබ‘ කියන්නෙ ඒක වචනයෙන් වගේම බහුවනයෙනුත් යොදන්න පුළුවන් ආමන්ත්‍රණයක්. හරි .. හරි .. නිකන් හම්බවෙන අශ්වයගෙ වැඩිය දත් ගනින්න යන්නෙ නෑ ඕං. සුබපැතුම් ! දිගටම ලියාගෙන යමු මල්ලි.

    ප.ලි- කලින් කොටසෙත් සහෘදයෙක් වචන වගයක් පෙන්වල තිබුනා. පුළුවන් වෙලාවක මෙතනටත් ගිහින් බලන්න. වැදගත් වේවි කියල හිතනව.

    http://subasa.ambitiouslemon.com/spellerweb.py


    ReplyDelete
    Replies
    1. කැම්පස් ඉඳලා ගෙදර එනකොට හෝම්ස් කතාවක් කියවගෙන එනවා ස්ටයිල් එක අල්ලගන්න . පස්සේ ලියන්න ගත්තම ඔක්කොම අමතක වෙනවා :( :( :( :(
      වැරදි හදාගන්න දුන්න ලින්ක් එකට ටන්කු .
      ඉස්සරහට වැඩ වැඩි වීගෙන එනවා . හයියෝ ලියන්න බැරිවෙයිද දන්නේ නෑ . බලමුකෝ.....
      බොහොමස්තූති :) :) g-) g-)

      Delete
  8. ඉඳල ඉඳල බ්ලොග් එකක් බැලුව බන් හහ් හහ් හා.......

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.