Monday, February 9, 2015

අද අපේ දෙවෙනි උපන් දිනය


                                                       






ආයුබෝවේවා කියලා අඟහරු ග්‍රහයාට අයිති ගිණි ගණයෙන් පළවෙනි වචනය කොටලා පටන්ගත්ත අපේ මියැසියේ රසකතා බ්ලොග් එකට අදට අවුරු දෙකක් වෙනවා . ගිය අවුරුද්දෙ කිව්ව ටිකම අදත් මතක් කරනවා . ආයෙත් ඉතින් කොටන්න ඕන නැහැනේ . මෙන්න මේ පෝස්ට් එකේ තියෙනවා ඒවා . 

ගතවෙච්ච අවුරුද්දේ වෙනසකට කියලා බ්ලොග් එකේ උනේ මෙන්න මේවා . අපි බ්ලොග් එකේ අලුත් පෝස්ට් කැටගරි ටිකක් පටන් ගත්තා . අලිගැන , යක්ස කතා දේව කතා , ෆන් එකට ලියපුවා , 18+ , වගේ කැටගරි ගතවෙච්ච අවුරුද්දේ අලුතෙන් පටන් ගත්ත ඒවා . ඒවාට අදාළ ලිපි කලින් ලියවිලා තිබුණත් කැටගරි ටික අලුතෙන් පටන් අරන් ඒ ලිපි ඒවට ගොනු කලේ ගිය වසර තුල තමයි .

ඒ වගේම බ්ලොග් එකේ සමහර පෝස්ට් ලියන ශෛලීන් වෙනස් උනා . සමහර මාතෘකා එහෙමම යට ගියා . තව ලිපි සීරියස් කීපයක්ම පල උනා  . මට මතක හැටියට සීයා මුණුබුරා කතා මාලාවේ කතා වැඩි ප්‍රමාණයක් ගිය අවුරුද්දේ අපි පබ්ලිෂ් කරා . තව ලිපි සීරියස් කීපයක්ම සාර්ථකව අපි ලිව්වා .

ඒවගේම බ්ලොග් එක ෆලෝ කරන්න අලුත් අය ගොඩක් එකතුවෙලා තිබුණා . ලිපි කියවන අයත් වැඩිවෙලා තිබුණා . මට මතක හැටියට සිංදුවා අයියා ලියපු කලු නෝටි කෙල්ල අනර්ඝ ගීතයේ සැඟවුණු අර්ථය කියන ලිපිය වඩාත් ජනප්‍රිය වෙලා තිබුණා .

දහසක් වැඩ රාජකාරි මැද සිංදුවයි මමයි අපිට පුළුවන් පුළුවන් හැටියට එදිනෙදා දකින කියන දේවල් උපහාසයට ලක් කරමින් , ශාස්ත්‍රීය කරුණු වාද විවාද වලට ලක් කරමින් ලිපි ලියන එක දිගටම කරගෙන ගියා මමනම් මේ පෝස්ට් කෙටිල්ල නිසා අම්මගෙන හම්බානෙක බැනුම් අහනවා ලැප් එක දිහාම බලාගෙන ඉන්නවා කියලා . දැන් ලියන එක අපේ විනෝදාංශයක් වෙලා . සිංදුවත් මමත් හම්බෙන හැම වෙලාවේම වගේ ලියන ලිපි ගැන ගීතවල තේරුම් ගැන අපේ මත ඉදිරිපත් කරමින් තර්ක කරමින් චාටර් කරගනීමින් එක එක පැතිවලින් හිතලා තමයි මේ ලියන ලිපි අවසානයේ පබ්ලිෂ් කරන්නේ .

සමහර වෙලාවට පෞද්ගලික අත්දැකීම් , අපි අපි ගහ ගන්නා මඩ පෝස්ට් වගේ ඒවා පබ්ලිෂ් කරන්න කලින් ඩ්රාෆ්ට් කරලා අනිත් කෙනාට කියවලා බලන්න කියනවා . මොකද ඒවායේ වැරදි අඩුපාඩු එහෙම තියෙනවානම් ඒවා බලාගන්න . ඒවගේම ලියන දේවල් වල උනත් අඩුපාඩු ගැන සිංදුවාඅයියා සහ මම කතා කරලා බලලා තමයි තවදුරටත් ලිපි ලිවීම කරේ .

පසුගිය වසරේ බ්ලොග් ලියන කීප දෙනෙක්ටම අපි උදවූ කරා එයාලගේ බ්ලොග් තවදුරටත් බ්ලොග් ලෝකයේ ප්‍රවර්ධනය කරගන්න පුළුවන් වෙන විදියට . ඒ අය කවුද කියන එක රහසක් . ඒත් මොනම හරි බ්ලොග් එකක වැරද්දක් අඩුපාඩුවක් දැක්කොත් අපි ඒවා ඒ ඒ අයට කතා කරලා කිව්වා . එයාලා ඒවා හදන නොහදන එක ඉතින් එයාලගේ වැඩක් .

එහෙම කරලා දැනට හොඳට ලියාගෙන යන අය කීපදෙනෙක්ම ඉන්නවා . ඒ අයගේ සාර්ථකත්වය දැක්කම පොදුවේ මියැසියේ රසකතා නියෝජනය කරන සිංදුවටත් මටත් සතුටු වෙන්න පුළුවන් බ්ලොග් ලියන්න ඇවිත් අපේ යුතුකම හරියට ඉෂ්ට කරා කියලා .

මුහුණුපොතේ අපිව අඳුරගත්ත විශාල පිරිසක් ඉන්නවා . මේ අය අපි අලුතෙන් ලිපියක් පබ්ලිෂ් කරාම ඒ මාතෘකාවට අදාළ පොත් පත් ගැන , වෙබ් සයිට්ස් ගැන වීඩියෝ link එව්වා මැසේජ් කරලා . ඒ දේවල් පරිහරණය කරලා මමත් සිංදුවත් අපේ දැනුම සහ අත්දැකීම් වැඩිකරගත්තා වගේම අලුතෙන් ලියන ලිපි වලට පාදම විදියට ඒ කරුණු පසුබිම් කරගත්තා .

කීපදෙනෙක්ම පෞද්ගලිකව ලියන්න කියලා කිව්ව මාතෘකා කීපයක් ගැනම ලියන්නත් ඉඩ ලැබුණා ඒ කාලය තුල . ඒවගේම සමහර මාතෘකා ගැන ලියන්න කියලා බ්ලොග් එකේම කමෙන්ට් කරලා තිබුණා . සිංදුවත් මමත් ඉතින් ඔය ඔක්කොම ඒවා පුළුවන් පුළුවන් හැටියට ලියලා මේ වෙනකල් බ්ලොග් එක ඇදගෙන ආවා .

අපි ලියපු ලිපිවලින් මම දකින විදියට වැදගත්ම ලිපි දෙකක් කියලා මම විශ්වාස කරනවා

තරංගනී දේවියට මග කියන මහා රාජතරංගනී තෛලය

අකුණු හෙනගිනි දේවතාවට මග කියන මහා හෙනරාජ තෛලය 

කියන ලිපි දෙක .

තවත් විශේෂ දෙයක් උනේ හස්තිනාපුර බ්ලොග් එක ආයෙත් සක්‍රීය කරන්න පුළුවන් වෙච්ච එක . සිංදුවා ඒකෙ ඇඩ්මින් කෙනෙක් නොවුනට සිංදුවගේ අදහස් අනුව තමයි බ්ලොග් එකේ පසුබිම මේ දක්වා ඇදගෙන ආවේ . මියැසියේ රසකතා එක්කම හස්තිනාපුරත් ලියාගෙන යන්න තමයි අපේ බලාපොරොත්තුව . සමහර වෙලාවට හස්තිනාපුරේ පෝස්ට් දැම්මම මම ඒකෙ ලින්ක් දාලා පෝස්ට් එකක් මියැසියේ රසකතාවෙත් දැම්මා . එහෙම දැම්මේ සමහර සින්ඩිකේටර් අප්ඩේට් වෙන්නේ මියැසියේ රසකතාවලින් නිසා . මට හස්තිනාපුර සින්ඩිකේටර් වලට දාන්න උනේ නෑ . කම්මැලිකම තමා හේතුව ඉතින් . හිහිහිහිහ් .......

අපි විද්‍යා විෂයන් එක්ක ගැටෙමින් තමයි අහසයි පොළවයි වගේ වෙනස් මාතෘකා එක්ක බ්ලොග් ලියන්නේ . ඒ නිසාම රසායන විද්‍යාව සත්ත්ව විද්‍යාව ගැන අලුත් විදියට ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා . ඒක කොහොම කරනවද කියලා තාම හිතලා නැහැ . බ්ලොග් එකක සැකිල්ලක් විතරක් හදලා එක එක තීම් දදා බල බල ඉන්නවා . ඒකත් පටන් අරගෙන මියැසියේ රසකතාවට අනුබද්ධවම ලියන්න තමයි මේ අවුරුද්දේ බලාපොරොත්තුව .

එදා මෙදාතුර
බ්ලොග් එකට ආපු ගියපු
කතා කියවපු
කමෙන්ට් කරපු

හැමෝටම සිංදුවා සහ වයලීනෝ හදපිරි ස්තූතිය පුද කරනවා . තුන්වෙනි අවුරුද්දෙත් අපිත් එක්ක අත්වැල් බැඳන් ඉඳියි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ .

මියැසියේ රසකතා සදාකල් දිනේවා !

ශ්‍රී ලෝකං ජයදේව නාග සරණා ශ්‍රී බ්‍රහ්ම නාරායනං
ශ්‍රී ශ්‍රේෂ්ටං ලෝකනාතං ජනතිලක පතිනන්දනේ දේව දේවෝ
ශ්‍රී ලෝකේශ්වර බුද්ධ ශාසන ධරං ශ්‍රී බෝධි බුද්ධාංකුරෝ
ශ්‍රී නාමං නාම දේවං දසඅත නයනං ශ්‍රී විශ්ණුතේ මංගලම්

ශ්‍රී නාරායන දිව්‍ය බෝධි උතුමෝ රක්ෂා කරත් බෝ කලක්
ශ්‍රී යක්ෂ ප්‍රේත පිශාච සර්වභය මේ ඇති ඇස් වහත් තුන් දොසින් 
ශ්‍රී ආයු යංවට්ටිතේ ග්‍රහ දොසත් සැම සර්ව දොෂ හරනාම්  
ශ්‍රී රාම ජග ලෝකපාල නමදිම් ශ්‍රී විශ්ණු තෙ මංගලම් 

ශ්‍රී නාරායන විෂ්ණු දේව නමිතේ නාතස්‍ය බෝසත් උතුම්
ශ්‍රී නිත්‍යO කන්ද කුමාර දේව සරණේ දේවෝ සමන් සුරපති
ශ්‍රී සකලං ආයු දිනා දින දිනේ රක්ෂා කරන් බෝ කලක්
ශ්‍රී රාමං නමදිම් උතුම් දෙවිතුමෝ රාමෂ්ඨකං මංගලම්

ගරු සිංදුවා තුමාගේ ප්‍රකාශය :

අනේ ඉතින් ඔය වයලා උඩ කියපු ටික තමා ඉතින් කියන්ඩ තියෙන්නේ ....
අර අන්තිමට දාලා තියෙන එකනම් මටත් තේරෙන්නේ නෑ.
ඉතින් අපිට කමෙන්ට් කොරපු, කියවපු, බැනපු, හූ කියපු, සිංදු කියපු, හැමෝටම ස්තුති වේවා !
හැමෝටම ගුණසිරි බුල්ටෝ දෙක ගානේ අපි මේ පාර එවනවා. මේ පාර අවුරුදු දෙකයි නිසා බුල්ටෝ දෙකයි.
දැන් අවුරුද්දයි, හෙට අවුරුදු දෙකයි කියලා අපිට මතක් කරන සරාසියටත් ටැංකු වේවා.
ඒ වගේම සියලුම බෝගර්ස්ලටත් සින්ඩියන්ටත් විශේෂයෙන් අන්තිම පේළියටත් ස්තුති කොරන්නම ඕනි.
සකබකටයි පොරගේ බුකියටත් පිං යන්න ඕන.
එහෙනම් ඔන්න ස්තුති කතාව අහවරයි.
ස්තුතියි.


                                                                     

30 comments :

  1. හා එහෙනං හා හා පුරා කියන බුල්ටො දෙකක් ඉස්සෝරම මට එව්ව නං....
    අවුරුදු දෙකට මගෙං බොක්කෙංම සුභ පැතුම්... තවත් නොසැහෙන්න කාලයක් ලෙසටම මේ බොලග් කටුවයි හස්තිනාපුරෙයි ඇදන් යන්ට හැකි වේවා...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. බුල්ටෝ මම දන්නේ නෑ . ඒවා සින්දුවගෙන් ඉල්ලගන්න :p :p :p
      බොහොම ස්තූති :) :) g-) g-)

      Delete
    2. ආ තැපෑලේ එනවා ආ
      බොහොම ස්තුතියි

      Delete
  2. ඔන්න මගෙ බුල්ටෝ දෙකත්.. නෑ නෑ මං කිව්වේ මට හම්බෙන්න තියෙන බුල්ටෝ දෙකත් එවන්න..
    දෙකට සුභ පැතුම්! තුනට ජය ශ්‍රී!

    ප.ලි. හස්තිනාපුර දාන ඒවා මේකටත් කොපි කරන්න. ඉතාම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම් බලමු . සිංදුවා එක්ක කතා කරලා බලන්න ඕන . එහෙම උනොත් ඒ ලිපි බ්ලොග් දෙකේම තියෙන නිසා කවදා හරි බලන කෙනෙක්ට ඒවා කියවන්න ලැබෙන සම්භාවිතාව වැඩිවෙනවා නේද . හ්ම්ම් හ්ම්ම්ම් . බලමුකෝ....

      බොහොම ස්තූති :) :)

      Delete
    2. අපේ සම්මුඛ සාකච්චාවෙන් පස්සේ බලමුකෝ. බොහොම ස්තුතියි !

      Delete
    3. මේකට නූගත් පාඩම් කොමිසමක් පත්කරන්න වෙනවා . හ්ම්ම් හ්ම්ම් :-?

      Delete
  3. ඔන්න එහෙනං අපිත් "ජය වේවා" කිව්වා ඕඕඕන්න්..!!!!!

    ReplyDelete
    Replies
    1. එළකිරි . බොහොම ස්තූති ..... පලා මල්ලත් වැඩිවැඩියෙන් වැවේවා :p g-) g-) g-)

      Delete
  4. Replies
    1. අහ්හ්හ් ගොඩ කාලෙකින් දැක්කේ . බොහොම ස්තූති g-) g-)

      Delete
  5. කියන්න වදන් නෑ බොලාගේ ගමනට මගේ බොක්කෙන්ම සුභ පැතුම් !!!!


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. :) :) :) :)
      බොහොම ස්තූති g-) g-)

      Delete
    2. බොක්කෙන්ම උම්මා !

      Delete
  6. අළුත් අවුරුද්දෙත් ජයම වේවා එහෙනම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති g-) g-)

      Delete
    2. ජය ශ්‍රී වේවා !

      Delete
  7. ඔන්න එහෙනම් අපෙනුත් උණුසුම්ම සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. එල . බොහොම ස්තූති :) :)

      Delete
    2. බොහොම ස්තුති වේවා !

      Delete
  8. ගිය අවුරුද්දේ බුල්ටෝ එක හම්බුනෙත් නෑ. එක හින්ද මේ අවුරුද්දේ කමෙන්ට් කරේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්වා මේ සිංදුවා දෙන චන්ද පොරොන්දු . ඔව්වා ගණන් ගන්නේ නැතුව තමා ඉන්ට ඕන . හැක හැක හැක හැක
      එළකිරි බොහොම ස්තූති g-) g-) g-)

      Delete
    2. චඃ මොනවද බන් බුල්ටෝ එකට එහෙම කරනවද. :D ජය වේවා !

      Delete
  9. ජයවේවා...! (ශිතුම් ශීන)

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ . මු ආයෙත් නම වෙනස් කරලා . ඇති යකෝ ඔය නම ඔහොමම තියපන් . නැත්නම් මම හොඳ නමක් හදලා දෙන්නම් උඹට .
      පට්ට නම . ශිතුම් ශීන :-?
      ශ්තූතී .........! g-) g-) :p :p :) :) :-f

      Delete
  10. මෙීවගේ බ්ලොග් එකක් තාම ඇවිල්ලත්නෑ. ආයේ එන්නෙත් නෑ. සුපිරියි සින්දුවයලීනෝ......

    Y-)

    ReplyDelete
  11. මෙීවගේ බ්ලොග් එකක් තාම ඇවිල්ලත්නෑ. ආයේ එන්නෙත් නෑ. සුපිරියි සින්දුවයලීනෝ......

    Y-)

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.