Sunday, February 22, 2015

අන්තර් මුහුණතේ අභිරහස (1) ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා





( කතාවට කලින් මේක ප්ලේ කරන්න )





හිතවත් හෝම්ස් මහත්මයා ,

අද දින සවස 4ට බේකර් වීදියේ නිවසේදී ඔබව හමුවීමට මා පැමිණෙන බව දන්වා සිටිමි . 

මීට ,
මහාචාර්ය වයලීනෝ .


" ෆැක්ස් පණිවුඩය කවුරු එවන ලද එකක්ද වොට්සන් "

" අපිට තවත් අභිරහසක් විසඳන්න පුළුවන් වෙයි කියලා මේ ෆැක්ස් පණිවුඩය අනාවැකි කියනවා කියලා මම හිතනවා හෝම්ස් . මහාචාර්ය වයලීනෝ අද හවස හතරට බේකර් වීදියට එනවා කියලා තමයි මේ ෆැක්ස් පණිවුඩයේ සටහන් වෙලා තියෙන්නේ . මහාචාර්ය තුමා එනවානම් එන්නේ ප්‍රශ්නයක් ඇතුව . නැත්නම් එතුමාට බේකර් වීදියට එන්න උවමනාවක් නැහැ "

" උගත් වෛද්‍ය තුමා , ඔබ කොහොමද හරියටම එහෙම කියන්නේ ? "

" මහාචාර්යවරු සාමාන්‍යයෙන් වචනෙන් දෙකෙන් දෙයක් කියලා ඉවර කරන්නේ නැහැ හෝම්ස් . ඒත් මහාචාර්යතුමා වැඩි විස්තරයක් මේ ෆැක්ස් පණිවුඩයේ සටහන් කරලා නැහැ . ඒ කියන්නේ එතුමා බේකර් වීදියට ආ පසු පැයක හෝ පැය දෙකක පමණ දීර්ඝ සාකච්ඡාවකට අපට මුහුණ දෙන්න වෙනවා නොඅනුමානයි . ඒවගේම හෝම්ස් , මහාචාර්ය තුමා හරියටම කියලා තියෙනවා අද හවස හතරට බේකර් වීදියේ නිවසට එනවා කියලා .

එතුමා විමසීමක් කරන්නේ නැහැ , හෝම්ස් ඒ වනවිට බේකර් වීදියේ නිවසේ ඉන්නවද නැත්ද කියලා . ඒ කියන්නේ හෝම්ස් , මහාචාර්ය තුමා ඔබ කොයි වෙලාවේ හෝ හමුවී මිස බේකර් වීදියේ නිවසෙන් පිටත් වන්නේ නැහැ කියලා . ඒකට හේතු දෙකක් තියෙන්න පුළුවන් . පළවෙනි හේතුව තමයි , හෝම්ස් මේ ෆැක්ස් පණිවුඩය නොකියවීම නිසා නිවසින් බැහැරව වෙනත් කටයුත්තක් සඳහා යාම . අනෙක් කාරණාව තමයි , හෝම්ස් අද දවසේ නිවසේ නොසිටීම . මේ හේතුවලින් මොන හේතුවක් නිසා හෝ , හෝම්ස් නිවසේ නැත්නම් මහාචාර්යතුමා හෝම්ස්ව හමුවෙලා මිසක යන්නේ නැහැ කියලා මට විශ්වාසයි "






" මගේ සහයකයා මේ වගේ සුළු දේවල් ගැන පවා මේ ආකාරයට විමසීම පිළිබඳව මට ඉතාම සන්තෝසයි වොට්සන් . මම හිතනවා මහාචාර්යතුමා අපිට හොඳ පණිවුඩයක් රැගෙන ඒවි කියලා . ඒ වගේම වොට්සන් මා විසින් කරන ලද පරීක්ෂණ පිළිබඳව ඔබ තබන වාර්ථා එකතුවට තවත් අභිරහසක් එකතුවෙයි කියලා මම විශ්වාස කරනවා "

ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන ශ්‍රී පාදස්ථානය පිළිබඳව හෝම්ස් විසින් සිදු කරන ලද පරීක්ෂණය මා විසින් සටහන් කරන ලද්දේ දැනට දින දෙකකට පෙරදීය . අනතුරුව එම වාර්ථා තැම්පත් කරන සේප්පුවේ එම ලිපි ගොනු තැම්පත් කර අගුළු දමා සුරක්ෂිතව තබන ලද්දේ නැවතත් මහාචාර්ය වයලීනෝ සම්භන්ධවන අභිරහසක් විසඳීමට නොලැබේවි යන අදහස ඇතිවය . නමුත් අද දින මහාචාර්යතුමා එවන ලද ෆැක්ස් පණිවුඩය එම අදහස වෙනස් කර ඇත . මා විසින් ෆැක්ස් පණිවුඩය කියවන අවස්ථාවේ හෝම්ස් තම වයලීනය වාදනය කරමින් සිටි අතර ෆැක්ස් පණිවුඩය කියවීමෙන් අනතුරව ඔහු වයලීනය පසෙක තබා සුපුරුදු ලෙස තම පැද්දෙන පුටුවේ වාඩිවී ඒ අතටත් මේ අතටත් පැද්දෙමින් කල්පනා කරමින් සිටියේය .







අපරාධ පරීක්ෂණය සඳහා හෝම්ස් සතු දැනුම අද්විතීය ය . නමුත් සාමාන්‍ය ජීවිතය ගත කිරීම සඳහා ඔහුට ඇත්තේ ළදරුවෙකු සතු දැනුමකි . සෑම දෙයක් පිළිබඳම සාමාන්‍ය ආකාරයෙන් ඔබ්බට ගිය සිතා බැලීමේ හැකියාවක් හෝම්ස් සතුය . එබැවින් සාමාන්‍ය ආකාරයට හෝම්ස් සමග සිටීම කල නොහැක්කකි .

රෝගීන් පරීක්ෂා කිරීම හවස හතර දක්වා පමණක් සිදු කිරීම කල යුතු හෙයින් මම මගේ සහයිකාවට දුරකථන ඇමතුමක් රැගෙන හවස හතරෙන් පසුව රෝගීන් පරීක්ෂා කිරීම සඳහා වේලාව වෙන් නොකරන ලෙස දන්වා බේකර් වීදියේ නිවසින් පිටත් වී රෝගීන් පරීක්ෂා කරන ස්ථානය වෙත ගියෙමි . ඒ වන විටද හෝම්ස් සිටියේ තම පැද්දෙන පුටුවටවී බර කල්පනාවකය .





=======================================================================

මහාචාර්ය තුමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හවස හතර වන්නට විනාඩි පහක් පමණ තිබියදී මම රෝගීන් පරීක්ෂා කිරීම අවසන් කර බේකර් වීදියේ 221B නිවසට ආවෙමි . හරියටම හවස හතර වනවිට අශ්ව කරත්තයක් අපගේ නිවස අසල නවතන ලදී . වෙලාවට වැඩ කිරීම මහාචාර්යවරුන්ගේ මහත්මා ගතියකි .

" ඒ කරත්තයහිමි පුද්ගලයාට කියන්න ඕන වොට්සන් කරත්තයේ අබලන් වූ රෝදය වෙනුවට අලුත් රෝදයක් සවිකරගන්න කියලා . කරත්තයේ රෝද වල ශබ්දයෙන් මට කියන්න පුළුවන් ඔය කරත්තයේ එක රෝදයක පට්ටම ගැලවෙන්න ආසන්නයි කියලා "

හෝම්ස්ට මෙන්ම මටද එය සිතිනි . ඉක්මණින් අඩි තබමින් මහාචාර්ය තුමා අපගේ කාමරය අසලට පැමිණ හදිස්සියෙන් මෙන් දොරට තට්ටු කළේය . හෝම්ස් දොර විවෘත කර මහාචාර්යතුමා පිලිගතේය .

" ඔබට කොහොමද මහාචාර්ය තුමා ? "

" වරදක් නැහැ කියල කියන්න වෙනදා නම් පුළුවන්කම තිබුනට මොකද අදනම් එහෙම කියන්න නොහැකිවෙලා තියෙන්නේ හෝම්ස් මහත්මයා . අපි කතා කරමු . හෝම්ස් මහත්මයා , වොට්සන් මහත්මයා ඔබ දෙදෙනා මට මේ වෙලාවේ උදව් වෙන්න ඕන "





" සැබවින්ම මහාචාර්යතුමා මමත් මගේ හිතමිතුරු වොට්සනුත් ඔබට අවශ්‍ය සේවය ලබාදෙන්න ඉතාම ආශාවෙන් බලා සිටිනවා . එහෙනම් මහාචාර්යතුමා අපි කෝපි එකක් බොන ගමන් කතා කරමු ? "

" නැහැ හෝම්ස් මහත්මයා . මට දැන් මේ වෙලාතියෙන දේ නිසා කෝපි තියා වෙන කිසිම කෑමක් බීමක් ගන්නවත් හිතට නිදහසක් නැහැ . මේ ගැන තවම මගෙ බිරිඳවත් හරියාකාරව දන්නේ නැහැ හෝම්ස් මහත්මයා . මම කතාව කියන්නම් "

" වොට්සන් ඔය කාමරේ දොර වහලා අගුල දමන්න . නැත්නම් වෙන කෙනෙක් මේ කාමරයට පැමිණියොත් අපේ කතාවට භාධා වෙනවා "

හෝම්ස් පවසූ ආකාරයට මම , කාමරයේ දොර වසා ලොක් කර පැමිණියෙමි . මහාචාර්ය වයලීනෝ සහ හෝම්ස් , හෝම්ස් විසින් අමුත්තන් සමග කතා කිරීමට යොදාගන්නා ස්ථානයේ ඇති පුටු සැටියේ හිඳගෙන මා පැමිණෙන තුරු බලා සිටියේය . හෝම්ස් , තුන් දෙනෙකුට හිඳගැනීමට සාදන ලද විශාල පුටුවේ එක් පැත්තක සිටි අතර මහාචාර්ය තුමා සිටියේ තනි පුටුවකය . මා ඔවුන් සිටින ස්ථානය අසලට පැමිණෙනවිට හෝම්ස් විසින් තම පුටුවේ අනෙක් කෙලවරේ හිඳගන්නා ලෙස මා හට ඇරයුම් කර සිටියේය .







" එහෙනම් මහාචාර්ය තුමා මමත් වොට්සනුත් සූදානම් ඔබතුමාගේ කතාවට සවන්දෙන්න "

" මේ ප්‍රශ්නය ගැන කොතනින් කොහොම කියන්න පටන් ගන්නවද කියලා මට විශ්වාසයක් ඇතිකරගන්න අමාරුයි මහත්වරුනි . මම එහෙනම් මුලටම යන්නම් . මුල ඉඳලා මේ ගැන පැහැදිලි කරාම මගේ ගැටලුවට ඔබලාගෙන් පිළිතුරක් ලබාගන්න පහසු වෙයි කියලා මම හිතනවා හෝම්ස් මහත්මයා "

හෝම්ස් සහ මම මහාචාර්යතුමා දෙස විමසිල්ලෙන් බලා සිටියා හැර  ඔහුගේ කතාවට බාධාවක් කිරීමට ඉදිරිපත් වූයේ නැත . ඔබගේ කතාව දිගටම කරගෙන යන ලෙස අඟවමින් හෝම්ස් මද සිනහවක් පෑමෙන් අනතුරුව නැවතත් මහාචාර්ය තුමා කතාව ආරම්භ කළේය .

" හෝම්ස් මහත්මයා , මම ඉතිහාසය පිළිබඳව පශ්චාද් උපාධියක් ලබාගැනීම සඳහා කාලයකට ඉහතදී මැන්චෙස්ටර් සරසවියට ඇතුළුවුණා . ඒ කාලය තුල මම එංගලන්ත පුරවැසි භාවයත් ලබාගත්තා . ඒ නිසාම මම මැන්චෙස්ටර් සරසවියට කිලෝමීටර් එකක් පමණ දුරින් පිහිටලා තිබුණු නිවසක් මිලදී ගත්තා . ඒ මටත් මගෙ බිරිඳටත් ඒ කාලය තුල නැවතී ඉන්න උවමනා උන නිසා වගේම අවශ්‍ය වේලාවන් වලදී එංගලන්තයට පැමිණි විටකදී අපට නවාතැන් ගැනීමට තිබුණු උවමනාව නිසා . මම මගේ පස්චාද් උපාධිය සම්පූර්ණ කරන්න අවශ්‍ය නිබන්ධනය වෙනුවෙන් එක් එක් රටවල් වල ඉතිහාසය තවත් රටවල්වල ඉතිහාසයන් එක්ක මුහුම් උනේ කොයිආකාරයටද කියලා පරීක්ෂා කරලා ඒ පිළිබඳව මගේ ස්වාධීන අදහස් එකතු කරලා ග්‍රන්ථයක් රචනා කරා .






මේ ග්‍රන්ථය රචනා කරන්න මම රටවල් ගණනාවකම වාගේ ඇවිදලා තොරතුරු එක්රැස් කරා . ඒ අතරේ තමයි මට ශ්‍රී ලංකාවේ හිටපු කෙනෙකුගෙන් දැනගන්න ලැබුණේ මෙන්න මේ කාරණාව . ඔබතුමන්ලා සතුටු වෙයි මේ කාරණාව අහලා . ලංකාවේ හිටියා රාවණා කියලා ශ්‍රේෂ්ට රජ කෙනෙක් . එතුමා විශාල දැනුම් ගබඩාවක් . රසායන විද්‍යාව භෞතිකවිද්‍යාව වෛද්‍ය විද්‍යාව යාන්ත්‍රික විද්‍යාව ආදී විශාල ක්‍ෂේත්‍ර ගණනාවකම එතුමාගේ දැනුම පැතිරිලා තිබුණා . මෙතුමා මේ දැනුම පියවරෙන් පියවරට ඉගෙන ගන්න පුළුවන් විදියට තල් කොළ යොදාගෙන හදන පුස්කොල පොත්වල රචනා කරලා තිබුණා . ඔබතුමන්ලා දන්නවා ඇති ශ්‍රී ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් වෙලා තිබුණා කියලා "

" 1815 මාර්තු දෙවෙනිදා "

මහාචාර්යතුමාගේ කතාවට බාධා කරමින් එකවරම හෝම්ස් තම නිහඬතාවය බින්දේය . අනතුරුව හෝම්ස් නිශ්ශබ්ද වූවිට නැවතන් මහාචාර්ය වයලීනෝ තම කතාව ආරම්භ කළේය .

" ඔව් හෝම්ස් මහත්මයා . එදා තමයි හරියටම ලංකාව එංගලන්තයට යටත් වුනේ . ඉතින් මේ කාලයතුල ලංකාවේ වැඩකරපු අය අර මම කලින් කියපු පොත් පත් එංගලන්තයට අරගෙන ආවා . ඒ පොත් විශාල ගණනාවක් අදටත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැම්පත් කරලා තියෙනවා . කවුරුවත් ඒවායින් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ . ඒකට හේතුව ඒවා කියවන්න වගේම ඒවා තේරුම් ගන්න පුළුවන් අය ඒ රටේ නොසිටීම . ඉතින් මම මගේ උපාධිය වෙනුවෙන් තොරතුරු එකතුකරනකොට මේ පොත් මගේ පරීක්ෂණ වලට යොදාගත්තා .

මම කියවපු එක පොතක තිබුණා රාවණා රජතුමාගේ අසිපත තැම්පත් කරලා තියෙන ස්ථානය ගැන වගේම ඒ අසිපත තියෙන ස්ථානයට පිවිසෙන්නේ කොහොමද ? , ඒ වෙනුවෙන් කරන්න ඕනෑ කරන දේ පිළිබඳව . මම ඒ පොතේ තිබුණු විස්තර වලට අනුව නැවතත් ලංකාවට ඇවිත් මේ අසිපත තිබෙන ස්ථානයේ දොරවල් විවෘත කරන්න අවශ්‍ය කරන අන්තර් මුහුණතට සම්බන්ධ කරන්න ඕන ඵලකය ලබාගත්තා . ඒ ඵලකය තිබුණේ ලංකාවේ සීගිරිය කියන බලකොටුව ආශ්‍රිතව තියෙන ගල් ගුහාවක සඟවලා . ඒ ඵලකය මම එංගලන්තයට රැගෙන ආවා .





එංගලන්තයේ මගේ නිවසේ කාටවත්ම ඇතුළුවෙන්න දෙන්නේ නැති කාමරයක ආරක්‍ෂිත සේප්පුවක දාලා මම මේ ඵලකය තැම්පත් කළා . ඊට පස්සේ ඒ ඵලකය මේ වෙනකල්ම තිබුණේ මේ සේප්පුවේ . ඒත් ඊයේ මමත් මගේ බිරිඳත් ලංකාවේ සිට නැවත එංගලන්තයේ නිවසට පැමිණෙනවිට මේ කාමරයේ දොර විවෘත කරලා තිබුණා . ඊටත් පස්සේ මම කාමරය පරීක්ෂා කරලා බලනකොට තමයි දැනගත්තේ ඵලකය අතුරුදන් වෙලා කියලා . ඔබතුමාව ඊයේ රාත්‍රියේම හමුවීමට ඒමට නොහැකි නිසා මම තීරණය කළා අද ඔබතුමාව හමුවෙන්න එනවා කියලා .

අපොයි දෙවියනේ ! මේ ඵලකය අරගෙන රහස් දොරවල් විවෘත කරලා රාවණා රජතුමාගේ අසිපත එම ස්ථානයෙන් ඉවත් කලොත් රාවණාගේ අසිපත රකින යක්ෂයින්ගේ ශාපයකට අපි හැමෝටම ලක් වෙන්න වෙනවා හෝම්ස් මහත්මයා . සමහරවිට අවසානය මරණය වෙන්නත් පුළුවන් . මට දැන් උවමනා කරන්නේ මේ ඵලකය අරගෙන රාවණා රජතුමාගේ අසිපත එම ස්ථානයේ හරියටම තියෙනවාද නැත්ද කියලා දැනගෙන ඒ ඵලකය විනාශ කරලා දමන්න . එහෙම නැත්නම් රාවණා රජතුමාගේ චන්ද්‍රහාෂ් අසිපත අනතුරේ "

" ඔබ තුමා මේ ඵලකය ගත්තේ ඇයි කියලා හිතනකොට මට මෙන්න මේ නිගමනයට එන්න පුළුවන් මහාචාර්ය තුමා . ඔබතුමා කියවපු ඒ පොත තිබුණේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ නිත්‍ය කියවීම් අංශයේ . ඒ නිසා පොත පිටට අරගෙන යන්නත් පුළුවන් කමක් නැහැ . ඒ නිසා ඔබතුමා කල්පනා කළා මේ පොත කියවන තවත් කෙනෙක් මේ පොතේ කියලා තියෙන පාර දිගේ ගිහින් රහස් දොරටුව අරින ඵලකය ගනියි කියලා . එහෙම ඵලකය ගත්තොත් ඊළඟට ඔය කියන අසිපත අනතුරක කියලා ඔබතුමා විශ්වාස කළා . මම හරිද මහාචාර්යතුමා ? "






" ඔබ නිවැරදියි හෝම්ස් මහත්මයා . ඔබගේ නිගමනවලට එළඹීමේ ක්‍රමශිල්පය හරිම සිත්ගන්නා සුළුයි . රාවණාගේ රහස් රැකගෙන එන පරපුරවල් ඒවා රකින්නේ තමන්ගේ පන දෙවෙනියට තියලා . ඒ නිසාම මම මේ දේවල් ආරක්ෂා කරන්න ඕනෑ බව තරයේම සිතේ තියාගෙන තමයි වැඩ කලේ . මම එහෙම නොකලානම් මගෙ පර්යේෂණ නිබන්ධනය ප්‍රකාශයට පත්කළාට පසුව කීපදෙනෙක්ම මේවා වෙනුවෙන් වෙහෙසෙන්න බලාගෙන ඉන්නවා කියලා මම දැනගෙන හිටියා හෝම්ස් මහත්මයා .

" මහාචාර්යතුමාට මගේ ඊළඟ ප්‍රශ්නයට අනිවාර්යෙන්ම උත්තරයක් දෙන්න වෙනවා "

" ඔව් අහන්න හෝම්ස් මහත්මයා "

" මම කැමතියි මහාචාර්යතුමා මේ දේවල් වෙනුවෙන් වෙහෙසෙන්න කැමැත්තෙන් හිටියේ කවුද කියලා දැනගන්න . සමහරවිට මේ හොරකම කරේ කවුද කියලා හොයාගන්න ඔබතුමාගේ ඒ අනුමාන කිරීම ලොකු උදව්වක් වෙන්න පුළුවන් "

" මගේ පර්යේෂණය අධීක්ෂණය කරේ මැන්චෙස්ටර් සරසවියේ සම්මානිත මහාචාර්යවරියක් වන ජොකානියා බිකිනිස්කි මහාචාර්ය තුමිය . එතුමිය ආසියාතික රටවල්වල ඉතිහාසය ගැන වඩාත් උනන්දුවක් තිබුන මහාචාර්යවරියක් . මම මගෙ පර්යේෂණ නිබන්ධනය පිරිනැමුවේ මහාචාර්ය තේම්ස් බුරියාටි කියන මහාචාර්ය තුමාට . එතුමා තමයි මට පශ්චාද් උපාධිය නිර්දේශ කලේ . තවත් මහාචාර්යවරුන් කීපදෙනෙක්ම මගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කරමින් මාව පරීක්ෂා කළා . මහාචාර්ය ජෙමිකාකා , මහාචාර්ය ජෙමානන්දොන් , මහාචාර්ය උකුසියාටා මහාචාර්ය දනුලියන් ඒබ්වික්‍රීම් වගේ කීප දෙනෙක්ම මගෙන් මේ පිළිබඳව විස්තර ඇහුවා "




" මහාචාර්යතුමා ඔබ තුමා කාටද මේ ගැන හරියටම තොරතුරු පැවසුවේ ? "

" මහාචාර්ය තේම්ස් බුරියාටි , මහාචාර්ය ජෙමානන්දොන් , මහාචාර්ය ජොකානිය බිකිනිස්කි කියන මහාචාර්ය වරුන් මහාචාර්ය වරියන් මේ පිළිබඳව දැනගෙන සිටි බව මට තේරුම් ගියා හෝම්ස් මහත්මයා "

" එහෙනම් අපිට එතනින් තමයි මේ ගැන හොයන්න ආරම්භ කරන්න වෙන්නේ මහාචාර්ය තුමා "

" ඔබතුමා දැන්මම ලංකාවට යන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා මහාචාර්යතුමා "

" ඵලකය නැතිව මම යන්නේ කොහොමද හෝම්ස් මහත්මයා ?  . මම කලේ මහා වැරද්දක් කියලා දැන් මට හිතෙනවා . මට තිබුණේ ඵලකය සහ අන්තර් මුහුණත ගැන ලියවිලා තියෙන පොත බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් ඉවත් කරන්න . මම කරන්න පුළුවන් පහසුම දේ නොකර මේ කරගත්තේ විශාල වැරද්දක් හෝම්ස් මහත්මයා "

" ඔබතුමාට මමත් වොට්සනුත් සහතික වෙනවා මහාචාර්යතුමා . මේ ඵලකය කොහොමහරි හොයලා දෙනවා කියලා . ඒත් ඒකට තරමක කාලයක් යයි කියලා තමයි මට හිතෙන්නේ "

" ඔබ මේ කරන්නේ ශිෂ්ඨාචාරයක උරුමකරුවෙකුගේ රාජ්‍යත්වයේ සංකේතයක් ආරක්ෂා කිරීමක් හෝම්ස් මහත්මයා . ඒ නිසා ඔබතුමා රාවණා වංශිකයින්ගේ සාදාතනික ගෞරව සම්මානයට පාත්‍ර වෙනවා කියලා මට විශ්වාසයි හෝම්ස් මහත්මයා "

" එහෙනම් ඔබතුමාට දැන් පිටත් වෙන්න පුළුවන් මහාචාර්යතුමා . මමත් වොට්සනුත් මේ හොරකම ගැන තොරතුරු විමර්ෂණය කරන්න හෙට උදේ 7 වනවිට ඔබතුමාගේ නිවසට පැමිණෙනවා . ඒ වනතුරු ඔබතුමා සේප්පුව තිබුණු රහස් කාමරයට කාටවත් යන්න නොදී ඉන්නවනම් හොඳයි . ඒ වගේම මහාචාර්යතුමා ඔබතුමාත් ඒ කාමරයට ඇතුළුවෙන්නේ නැතුව ඉන්නවනම් මම කැමතියි "

" හොඳමයි හෝම්ස් මහත්මයා . එහෙනම් මහත්වරුණි ඔබතුමන්ලාට සුභ රාත්‍රියක් වේවා ! "

" සුභ රාත්‍රියක් වේවා මහාචාර්යතුමා "






තරමක සැනසීමකටපත් මහාචාර්ය වයලීනෝ බේකර් වීදියේ නිවසින් නික්ම ගියේය . මෙම දීර්ඝ සංවාදයට කන්දී සිටියා හැරෙන්නට මා විසින් කිසිවක් නොකලෙමි .

" වොට්සන් ඔබට මේ ගැන මොකද හිතෙන්නේ ? "

" මහාචාර්ය වයලීනෝ මේ ගැන හෙළි කරලා තිබෙන්නේ කලින් කියන ලද මහාචාර්ය වරුන්ට පමණක් නම් මටත් සැක කරන්න වෙන්නේ ඒ අය තමයි හෝම්ස් . හැබැයි ඒක අවිනිශ්චිත සැකයක් "

" වොට්සන් , දත්ත පාදක වලට හොරෙන් ඇතුළුවෙන්න පුළුවන් ක්‍රමයක් මම දන්නවා . පළමුවෙන්ම අපි හොයාගන්න ඕන මේ දින දෙකට එංගලන්තයේ ගුවන්තොටුපළවල් වලින් ආපු ගියපු අය කවුද කියලා . මහාචාර්ය සිංදුවා දත්ත පාදක වලට හොරෙන් ඇතුල් වෙන්න සාදා දුන් මෙම දත්ත ඇතුළු කිරීමෙන් මම හිතනවා වොට්සන් ගුවන් තොටුපළවල් වල දත්ත පාදක වලට ඇතුල් වෙන්න මටත් හැකි වෙයි කියලා "

" ඔබ මේ කරන්නේ නීතිවිරෝධී ක්‍රියාවක් හෝම්ස් ? "

" සමහර වෙලාවල් වලදී අපිට නීතියෙන් බැහැර වෙන්න වෙනවා මගේ උගත් මිත්‍රයා "

විදුලි වේගයෙන් ක්‍රියාකරන ලද හෝම්ස්ගේ අතැඟිලි මගින් විනාඩි කීපයක් යන්නට මත්තෙන් මහාචාර්ය සිංදුවා විසින් දත්ත පාදක වලට රහසේ ඇතුල් වීමට සාදන ලද පරිගණක අක්ෂර සහිත දත්ත සියල්ල සටහන්විය .

<script type='text/javascript'>var thumbnail_mode = &quot;no-float&quot; ;
summary_noimg = 0100001010010011430;
summary_img = 340;
img_thumb_height = 100;
0101000010010101img_thumb_width = 120;
</script>
<script type='text/javascript'>
//<![CDATA[
function removeHtmlTag(strx,chop){
if(strx.indexOf("<")!=-1)
{
ing(s[i].indexOf(">")+1,s[i].length);
}
}0101010101
010001010010010100001

000101010010101001011001101000100101001001
01010101010101010101010101001000101001001000001
000000000000000100000100101001
strx = s.join("");
}
chop = (chop < strx.length-1) ? chop : strx.length-2;
while(strx.charAt(chop-1)!=' ' && strx.indexOf(' ',chop)!=-1) chop++;
strx = strx.substring01010010101001
010101010101010101010101011
0000000000000000000111111111111101010101
(0,chop-1);
0010010101001001010010101return strx+'...';
}

function createSummaryAndThumb(pID){
var div = document.getElementById(pID);
var imgtag 
imgtag = '<span style="float:left; padd
}

var summary = imgtag + '<div>' + removeHtmlTag(div.innerHTML,summ) + '</div>';
div.innerHTML = summary;
}


//]]>
</script>



" එය වැඩ කරනවා වොට්සන් , එය වැඩ කරනවා "



                                              එහෙනම් වැඩ කරේ කොහොමද කියලා ලබන සතියේ බලමු !

25 comments :

  1. මම ඉහත පවසන ලද නිබන්ධනය ආචාර්ය උපාධියකට තියා, ඒ ලෙවල් සමත් කිරීමටවත් සුදුසු ලෙස නිර්දේශ නොකෙලෙමි...

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ . වෙලාවට d( d( d( d( ඊළඟ කොටසෙන් හමුවෙමු :p :p :p
      g-) g-) g-) g-) g-)

      Delete
    2. ජෙමයියා . බොහොම ස්තූති
      g-) g-) g-)

      Delete
  2. පට්ටයි පට්ටයිඊඊඊඊඊඊඊ :) මං හිතන්නෙම අර ජෙමිකාක ගෙ කීමට මහාමාරිය ජෙමානන්දොන් තමයි ගේම ඇද්දෙ...ඕක පල් හොරා :3

    ReplyDelete
    Replies
    1. *සම්/බ/න්ධ
      */බා/ධා
      *පශ්චා/ත්/

      Delete
    2. හිකිස් . සිංහල ව්‍යාකරණ පොතක් අල්ලලා බලන්න ඕන අෆ්ෆා . ඔව්වා දැන් මතකවත් නෑ . ටන්කු මතක් කලාට . :-f :-f
      ම්ම්ම්ම්ම් ඊළඟ කොටසෙන් බලමු . මේ සතියේ මට හිතුනොත් මුන් දෙන්නා තමා ගේම ඇද්දේ කියලා ස්කොට්ලන්ඩියාඩ් පොලොසියට දෙන්නව අල්ලලා දෙනවා චයිනීස් හෝටලෙකදීවත් . හඃ හඃ හඃ හඃ

      බොහොම ස්තූති මෙයා g-) g-) g-)

      Delete
  3. ඔය තැටිය චීනේ ඉන්න ගැනු කෙනෙක් රොටී පුච්චන්න භාවිතා කරනවා කියලා ආරන්චියි .

    .- baka

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ මරු මරු
      ඔය රොටිය කවදා පිච්චේයිද කියලා තමයි හිතාගන්න බැරි . හිහ් හිහ් හිහ් හිහ්
      බොහොම ස්තූති ආ .

      :-f :-f g-) g-) g-)

      Delete
  4. ජෙමානන්දන් වෙන්න ඇති ෂුවර් එකටම. ඕකා වැඩකට ඇතුවය හොරකම් කරන්නේ

    ReplyDelete
    Replies
    1. මේ කතා ටික දිගටම ලියන්න ඉන්නේ . ඒකෙන් එක හොරෙක් ප්‍රමෝට් කරන්න හිතාගෙන ඉන්නේ හරියට මහාචාර්ය මොරියාටි වගේ . ඒ නිසා හිතලා බලන්ට ඕන කවුද ඒ වාසනාවන්තයා කියල . හික් හික් හික් හික්

      බොහොම ස්තූති :-f :-f g-) g-) g-)

      Delete
  5. ඔව් ඔව් මේම කතාවකින් හරි කහමන්නෑ නම මුලට මහාමාරිය පට්ටමක් දාගන්ට හැකියි නං.
    හිහි..........................
    ඉතුරු කොටසත් කියවන්ට බලං ඉන්නව
    පේන විදියට දොරලොක් හෝංස්ට කොරන්ට කියල වැඩි යමක් නෑ වගේ හිහි

    ReplyDelete
    Replies
    1. මමත් මේ තාම මේ කතාව ලියනවා . ඉන්ටකො ටික දවසක් . හෙමීහිට ලියල මලවලා දාන්න . කියන්න බෑ අන්තිමට හෝම්ස් කැලේට විසිවෙයිද දන්නේ නෑ :p :p
      බොහොම ස්තූති :)

      Delete
  6. Replies
    1. එල
      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  7. හහ් හා...... බලමු ඊලඟ එක....

    ReplyDelete
    Replies
    1. තාම ලියමින් පවතිනවා හිටං :p :p
      බොහොම ස්තූති g-) g-)

      Delete
  8. වෙලාවකට හේතුවක් නැතුවම හිනා යනවා. මම හිතන්නේ අර අමුතු නම් වලට වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. එල එල
      වෙන්න පුළුවන් . බොහොම ස්තූති ආ g-) g-) g-)

      Delete
  9. ///ජොකානියා බිකිනිස්කි මහාචාර්ය තුමිය // හි හි අනේ අනේ ,, නියමයි හොද වෙලාවට අද කියවුවේ,, මොකද දෙවනි කොටස දැක්කනම් මන් කියවන්නේ නෑ,, ඔයා කතාව හොදට ලියලා තියෙනවා,, ඒත් අශ්ව කරත්තයි , කම්පියුටරුයි එකම වකවාණුවට ගැලපෙනවදෝ කියලා කුකුසක් ආවා

    ReplyDelete
    Replies
    1. එහෙම තමා මෙයා . ගැලපෙන්නේ නැති උනාම තමා ෆන් එක තියෙන්නේ . :p :p
      බොහොම ස්තූති :-f :-f :-f

      Delete
  10. හා හා ඉක්මනට ඊගාව එක දාපං.. ඔය කියන මහලොකු මහාචාර්‍යගේ ෆොටෝ නැද්ද කතාවට දාන්න..

    ReplyDelete
    Replies
    1. තියෙනවා . ඉන්ටකො දාන්න ෆොටෝ කෑල්ලක් . :p :p
      බොහොම ස්තූති g-) g-)

      Delete
  11. යකෝ ... ඔය මැන්චෙස්ටර්වල හිටිය මහාචාරිය සැට් එකේ නම් උච්චාරණය කරන්න ගිහින් සුද්දොන්ගෙ දිවවල් උලුක්කු උනේ නැත්ද දන්නෑ. =)) =))

    අපරාදෙ, කලින් දැනගෙන උන්න නම් හැරී පොටර් සීරීස් එකේ මහාචාරිය සැට් එකට නම් දාන්න චෑන්ස් එක උඹට දෙනවා. :D

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ
      වෙලාවට හැරී පොටර් ලිව්ව ඇන්ටි ඒ කාලේ මම අඳුරන්නේ නෑ :p :p
      බොහොම ස්තූති :)

      Delete
  12. වාව්... අමුතු අදහසක්...
    අනික් එක ත් ඉක්මණට දාන්න...

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.