Sunday, February 22, 2015

අන්තර් මුහුණතේ අභිරහස (1) ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා





( කතාවට කලින් මේක ප්ලේ කරන්න )





හිතවත් හෝම්ස් මහත්මයා ,

අද දින සවස 4ට බේකර් වීදියේ නිවසේදී ඔබව හමුවීමට මා පැමිණෙන බව දන්වා සිටිමි . 

මීට ,
මහාචාර්ය වයලීනෝ .


" ෆැක්ස් පණිවුඩය කවුරු එවන ලද එකක්ද වොට්සන් "

" අපිට තවත් අභිරහසක් විසඳන්න පුළුවන් වෙයි කියලා මේ ෆැක්ස් පණිවුඩය අනාවැකි කියනවා කියලා මම හිතනවා හෝම්ස් . මහාචාර්ය වයලීනෝ අද හවස හතරට බේකර් වීදියට එනවා කියලා තමයි මේ ෆැක්ස් පණිවුඩයේ සටහන් වෙලා තියෙන්නේ . මහාචාර්ය තුමා එනවානම් එන්නේ ප්‍රශ්නයක් ඇතුව . නැත්නම් එතුමාට බේකර් වීදියට එන්න උවමනාවක් නැහැ "

" උගත් වෛද්‍ය තුමා , ඔබ කොහොමද හරියටම එහෙම කියන්නේ ? "

" මහාචාර්යවරු සාමාන්‍යයෙන් වචනෙන් දෙකෙන් දෙයක් කියලා ඉවර කරන්නේ නැහැ හෝම්ස් . ඒත් මහාචාර්යතුමා වැඩි විස්තරයක් මේ ෆැක්ස් පණිවුඩයේ සටහන් කරලා නැහැ . ඒ කියන්නේ එතුමා බේකර් වීදියට ආ පසු පැයක හෝ පැය දෙකක පමණ දීර්ඝ සාකච්ඡාවකට අපට මුහුණ දෙන්න වෙනවා නොඅනුමානයි . ඒවගේම හෝම්ස් , මහාචාර්ය තුමා හරියටම කියලා තියෙනවා අද හවස හතරට බේකර් වීදියේ නිවසට එනවා කියලා .

එතුමා විමසීමක් කරන්නේ නැහැ , හෝම්ස් ඒ වනවිට බේකර් වීදියේ නිවසේ ඉන්නවද නැත්ද කියලා . ඒ කියන්නේ හෝම්ස් , මහාචාර්ය තුමා ඔබ කොයි වෙලාවේ හෝ හමුවී මිස බේකර් වීදියේ නිවසෙන් පිටත් වන්නේ නැහැ කියලා . ඒකට හේතු දෙකක් තියෙන්න පුළුවන් . පළවෙනි හේතුව තමයි , හෝම්ස් මේ ෆැක්ස් පණිවුඩය නොකියවීම නිසා නිවසින් බැහැරව වෙනත් කටයුත්තක් සඳහා යාම . අනෙක් කාරණාව තමයි , හෝම්ස් අද දවසේ නිවසේ නොසිටීම . මේ හේතුවලින් මොන හේතුවක් නිසා හෝ , හෝම්ස් නිවසේ නැත්නම් මහාචාර්යතුමා හෝම්ස්ව හමුවෙලා මිසක යන්නේ නැහැ කියලා මට විශ්වාසයි "






" මගේ සහයකයා මේ වගේ සුළු දේවල් ගැන පවා මේ ආකාරයට විමසීම පිළිබඳව මට ඉතාම සන්තෝසයි වොට්සන් . මම හිතනවා මහාචාර්යතුමා අපිට හොඳ පණිවුඩයක් රැගෙන ඒවි කියලා . ඒ වගේම වොට්සන් මා විසින් කරන ලද පරීක්ෂණ පිළිබඳව ඔබ තබන වාර්ථා එකතුවට තවත් අභිරහසක් එකතුවෙයි කියලා මම විශ්වාස කරනවා "

ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන ශ්‍රී පාදස්ථානය පිළිබඳව හෝම්ස් විසින් සිදු කරන ලද පරීක්ෂණය මා විසින් සටහන් කරන ලද්දේ දැනට දින දෙකකට පෙරදීය . අනතුරුව එම වාර්ථා තැම්පත් කරන සේප්පුවේ එම ලිපි ගොනු තැම්පත් කර අගුළු දමා සුරක්ෂිතව තබන ලද්දේ නැවතත් මහාචාර්ය වයලීනෝ සම්භන්ධවන අභිරහසක් විසඳීමට නොලැබේවි යන අදහස ඇතිවය . නමුත් අද දින මහාචාර්යතුමා එවන ලද ෆැක්ස් පණිවුඩය එම අදහස වෙනස් කර ඇත . මා විසින් ෆැක්ස් පණිවුඩය කියවන අවස්ථාවේ හෝම්ස් තම වයලීනය වාදනය කරමින් සිටි අතර ෆැක්ස් පණිවුඩය කියවීමෙන් අනතුරව ඔහු වයලීනය පසෙක තබා සුපුරුදු ලෙස තම පැද්දෙන පුටුවේ වාඩිවී ඒ අතටත් මේ අතටත් පැද්දෙමින් කල්පනා කරමින් සිටියේය .







අපරාධ පරීක්ෂණය සඳහා හෝම්ස් සතු දැනුම අද්විතීය ය . නමුත් සාමාන්‍ය ජීවිතය ගත කිරීම සඳහා ඔහුට ඇත්තේ ළදරුවෙකු සතු දැනුමකි . සෑම දෙයක් පිළිබඳම සාමාන්‍ය ආකාරයෙන් ඔබ්බට ගිය සිතා බැලීමේ හැකියාවක් හෝම්ස් සතුය . එබැවින් සාමාන්‍ය ආකාරයට හෝම්ස් සමග සිටීම කල නොහැක්කකි .

රෝගීන් පරීක්ෂා කිරීම හවස හතර දක්වා පමණක් සිදු කිරීම කල යුතු හෙයින් මම මගේ සහයිකාවට දුරකථන ඇමතුමක් රැගෙන හවස හතරෙන් පසුව රෝගීන් පරීක්ෂා කිරීම සඳහා වේලාව වෙන් නොකරන ලෙස දන්වා බේකර් වීදියේ නිවසින් පිටත් වී රෝගීන් පරීක්ෂා කරන ස්ථානය වෙත ගියෙමි . ඒ වන විටද හෝම්ස් සිටියේ තම පැද්දෙන පුටුවටවී බර කල්පනාවකය .





=======================================================================

මහාචාර්ය තුමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හවස හතර වන්නට විනාඩි පහක් පමණ තිබියදී මම රෝගීන් පරීක්ෂා කිරීම අවසන් කර බේකර් වීදියේ 221B නිවසට ආවෙමි . හරියටම හවස හතර වනවිට අශ්ව කරත්තයක් අපගේ නිවස අසල නවතන ලදී . වෙලාවට වැඩ කිරීම මහාචාර්යවරුන්ගේ මහත්මා ගතියකි .

" ඒ කරත්තයහිමි පුද්ගලයාට කියන්න ඕන වොට්සන් කරත්තයේ අබලන් වූ රෝදය වෙනුවට අලුත් රෝදයක් සවිකරගන්න කියලා . කරත්තයේ රෝද වල ශබ්දයෙන් මට කියන්න පුළුවන් ඔය කරත්තයේ එක රෝදයක පට්ටම ගැලවෙන්න ආසන්නයි කියලා "

හෝම්ස්ට මෙන්ම මටද එය සිතිනි . ඉක්මණින් අඩි තබමින් මහාචාර්ය තුමා අපගේ කාමරය අසලට පැමිණ හදිස්සියෙන් මෙන් දොරට තට්ටු කළේය . හෝම්ස් දොර විවෘත කර මහාචාර්යතුමා පිලිගතේය .

" ඔබට කොහොමද මහාචාර්ය තුමා ? "

" වරදක් නැහැ කියල කියන්න වෙනදා නම් පුළුවන්කම තිබුනට මොකද අදනම් එහෙම කියන්න නොහැකිවෙලා තියෙන්නේ හෝම්ස් මහත්මයා . අපි කතා කරමු . හෝම්ස් මහත්මයා , වොට්සන් මහත්මයා ඔබ දෙදෙනා මට මේ වෙලාවේ උදව් වෙන්න ඕන "





" සැබවින්ම මහාචාර්යතුමා මමත් මගේ හිතමිතුරු වොට්සනුත් ඔබට අවශ්‍ය සේවය ලබාදෙන්න ඉතාම ආශාවෙන් බලා සිටිනවා . එහෙනම් මහාචාර්යතුමා අපි කෝපි එකක් බොන ගමන් කතා කරමු ? "

" නැහැ හෝම්ස් මහත්මයා . මට දැන් මේ වෙලාතියෙන දේ නිසා කෝපි තියා වෙන කිසිම කෑමක් බීමක් ගන්නවත් හිතට නිදහසක් නැහැ . මේ ගැන තවම මගෙ බිරිඳවත් හරියාකාරව දන්නේ නැහැ හෝම්ස් මහත්මයා . මම කතාව කියන්නම් "

" වොට්සන් ඔය කාමරේ දොර වහලා අගුල දමන්න . නැත්නම් වෙන කෙනෙක් මේ කාමරයට පැමිණියොත් අපේ කතාවට භාධා වෙනවා "

හෝම්ස් පවසූ ආකාරයට මම , කාමරයේ දොර වසා ලොක් කර පැමිණියෙමි . මහාචාර්ය වයලීනෝ සහ හෝම්ස් , හෝම්ස් විසින් අමුත්තන් සමග කතා කිරීමට යොදාගන්නා ස්ථානයේ ඇති පුටු සැටියේ හිඳගෙන මා පැමිණෙන තුරු බලා සිටියේය . හෝම්ස් , තුන් දෙනෙකුට හිඳගැනීමට සාදන ලද විශාල පුටුවේ එක් පැත්තක සිටි අතර මහාචාර්ය තුමා සිටියේ තනි පුටුවකය . මා ඔවුන් සිටින ස්ථානය අසලට පැමිණෙනවිට හෝම්ස් විසින් තම පුටුවේ අනෙක් කෙලවරේ හිඳගන්නා ලෙස මා හට ඇරයුම් කර සිටියේය .







" එහෙනම් මහාචාර්ය තුමා මමත් වොට්සනුත් සූදානම් ඔබතුමාගේ කතාවට සවන්දෙන්න "

" මේ ප්‍රශ්නය ගැන කොතනින් කොහොම කියන්න පටන් ගන්නවද කියලා මට විශ්වාසයක් ඇතිකරගන්න අමාරුයි මහත්වරුනි . මම එහෙනම් මුලටම යන්නම් . මුල ඉඳලා මේ ගැන පැහැදිලි කරාම මගේ ගැටලුවට ඔබලාගෙන් පිළිතුරක් ලබාගන්න පහසු වෙයි කියලා මම හිතනවා හෝම්ස් මහත්මයා "

හෝම්ස් සහ මම මහාචාර්යතුමා දෙස විමසිල්ලෙන් බලා සිටියා හැර  ඔහුගේ කතාවට බාධාවක් කිරීමට ඉදිරිපත් වූයේ නැත . ඔබගේ කතාව දිගටම කරගෙන යන ලෙස අඟවමින් හෝම්ස් මද සිනහවක් පෑමෙන් අනතුරුව නැවතත් මහාචාර්ය තුමා කතාව ආරම්භ කළේය .

" හෝම්ස් මහත්මයා , මම ඉතිහාසය පිළිබඳව පශ්චාද් උපාධියක් ලබාගැනීම සඳහා කාලයකට ඉහතදී මැන්චෙස්ටර් සරසවියට ඇතුළුවුණා . ඒ කාලය තුල මම එංගලන්ත පුරවැසි භාවයත් ලබාගත්තා . ඒ නිසාම මම මැන්චෙස්ටර් සරසවියට කිලෝමීටර් එකක් පමණ දුරින් පිහිටලා තිබුණු නිවසක් මිලදී ගත්තා . ඒ මටත් මගෙ බිරිඳටත් ඒ කාලය තුල නැවතී ඉන්න උවමනා උන නිසා වගේම අවශ්‍ය වේලාවන් වලදී එංගලන්තයට පැමිණි විටකදී අපට නවාතැන් ගැනීමට තිබුණු උවමනාව නිසා . මම මගේ පස්චාද් උපාධිය සම්පූර්ණ කරන්න අවශ්‍ය නිබන්ධනය වෙනුවෙන් එක් එක් රටවල් වල ඉතිහාසය තවත් රටවල්වල ඉතිහාසයන් එක්ක මුහුම් උනේ කොයිආකාරයටද කියලා පරීක්ෂා කරලා ඒ පිළිබඳව මගේ ස්වාධීන අදහස් එකතු කරලා ග්‍රන්ථයක් රචනා කරා .






මේ ග්‍රන්ථය රචනා කරන්න මම රටවල් ගණනාවකම වාගේ ඇවිදලා තොරතුරු එක්රැස් කරා . ඒ අතරේ තමයි මට ශ්‍රී ලංකාවේ හිටපු කෙනෙකුගෙන් දැනගන්න ලැබුණේ මෙන්න මේ කාරණාව . ඔබතුමන්ලා සතුටු වෙයි මේ කාරණාව අහලා . ලංකාවේ හිටියා රාවණා කියලා ශ්‍රේෂ්ට රජ කෙනෙක් . එතුමා විශාල දැනුම් ගබඩාවක් . රසායන විද්‍යාව භෞතිකවිද්‍යාව වෛද්‍ය විද්‍යාව යාන්ත්‍රික විද්‍යාව ආදී විශාල ක්‍ෂේත්‍ර ගණනාවකම එතුමාගේ දැනුම පැතිරිලා තිබුණා . මෙතුමා මේ දැනුම පියවරෙන් පියවරට ඉගෙන ගන්න පුළුවන් විදියට තල් කොළ යොදාගෙන හදන පුස්කොල පොත්වල රචනා කරලා තිබුණා . ඔබතුමන්ලා දන්නවා ඇති ශ්‍රී ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් වෙලා තිබුණා කියලා "

" 1815 මාර්තු දෙවෙනිදා "

මහාචාර්යතුමාගේ කතාවට බාධා කරමින් එකවරම හෝම්ස් තම නිහඬතාවය බින්දේය . අනතුරුව හෝම්ස් නිශ්ශබ්ද වූවිට නැවතන් මහාචාර්ය වයලීනෝ තම කතාව ආරම්භ කළේය .

" ඔව් හෝම්ස් මහත්මයා . එදා තමයි හරියටම ලංකාව එංගලන්තයට යටත් වුනේ . ඉතින් මේ කාලයතුල ලංකාවේ වැඩකරපු අය අර මම කලින් කියපු පොත් පත් එංගලන්තයට අරගෙන ආවා . ඒ පොත් විශාල ගණනාවක් අදටත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැම්පත් කරලා තියෙනවා . කවුරුවත් ඒවායින් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ . ඒකට හේතුව ඒවා කියවන්න වගේම ඒවා තේරුම් ගන්න පුළුවන් අය ඒ රටේ නොසිටීම . ඉතින් මම මගේ උපාධිය වෙනුවෙන් තොරතුරු එකතුකරනකොට මේ පොත් මගේ පරීක්ෂණ වලට යොදාගත්තා .

මම කියවපු එක පොතක තිබුණා රාවණා රජතුමාගේ අසිපත තැම්පත් කරලා තියෙන ස්ථානය ගැන වගේම ඒ අසිපත තියෙන ස්ථානයට පිවිසෙන්නේ කොහොමද ? , ඒ වෙනුවෙන් කරන්න ඕනෑ කරන දේ පිළිබඳව . මම ඒ පොතේ තිබුණු විස්තර වලට අනුව නැවතත් ලංකාවට ඇවිත් මේ අසිපත තිබෙන ස්ථානයේ දොරවල් විවෘත කරන්න අවශ්‍ය කරන අන්තර් මුහුණතට සම්බන්ධ කරන්න ඕන ඵලකය ලබාගත්තා . ඒ ඵලකය තිබුණේ ලංකාවේ සීගිරිය කියන බලකොටුව ආශ්‍රිතව තියෙන ගල් ගුහාවක සඟවලා . ඒ ඵලකය මම එංගලන්තයට රැගෙන ආවා .





එංගලන්තයේ මගේ නිවසේ කාටවත්ම ඇතුළුවෙන්න දෙන්නේ නැති කාමරයක ආරක්‍ෂිත සේප්පුවක දාලා මම මේ ඵලකය තැම්පත් කළා . ඊට පස්සේ ඒ ඵලකය මේ වෙනකල්ම තිබුණේ මේ සේප්පුවේ . ඒත් ඊයේ මමත් මගේ බිරිඳත් ලංකාවේ සිට නැවත එංගලන්තයේ නිවසට පැමිණෙනවිට මේ කාමරයේ දොර විවෘත කරලා තිබුණා . ඊටත් පස්සේ මම කාමරය පරීක්ෂා කරලා බලනකොට තමයි දැනගත්තේ ඵලකය අතුරුදන් වෙලා කියලා . ඔබතුමාව ඊයේ රාත්‍රියේම හමුවීමට ඒමට නොහැකි නිසා මම තීරණය කළා අද ඔබතුමාව හමුවෙන්න එනවා කියලා .

අපොයි දෙවියනේ ! මේ ඵලකය අරගෙන රහස් දොරවල් විවෘත කරලා රාවණා රජතුමාගේ අසිපත එම ස්ථානයෙන් ඉවත් කලොත් රාවණාගේ අසිපත රකින යක්ෂයින්ගේ ශාපයකට අපි හැමෝටම ලක් වෙන්න වෙනවා හෝම්ස් මහත්මයා . සමහරවිට අවසානය මරණය වෙන්නත් පුළුවන් . මට දැන් උවමනා කරන්නේ මේ ඵලකය අරගෙන රාවණා රජතුමාගේ අසිපත එම ස්ථානයේ හරියටම තියෙනවාද නැත්ද කියලා දැනගෙන ඒ ඵලකය විනාශ කරලා දමන්න . එහෙම නැත්නම් රාවණා රජතුමාගේ චන්ද්‍රහාෂ් අසිපත අනතුරේ "

" ඔබ තුමා මේ ඵලකය ගත්තේ ඇයි කියලා හිතනකොට මට මෙන්න මේ නිගමනයට එන්න පුළුවන් මහාචාර්ය තුමා . ඔබතුමා කියවපු ඒ පොත තිබුණේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ නිත්‍ය කියවීම් අංශයේ . ඒ නිසා පොත පිටට අරගෙන යන්නත් පුළුවන් කමක් නැහැ . ඒ නිසා ඔබතුමා කල්පනා කළා මේ පොත කියවන තවත් කෙනෙක් මේ පොතේ කියලා තියෙන පාර දිගේ ගිහින් රහස් දොරටුව අරින ඵලකය ගනියි කියලා . එහෙම ඵලකය ගත්තොත් ඊළඟට ඔය කියන අසිපත අනතුරක කියලා ඔබතුමා විශ්වාස කළා . මම හරිද මහාචාර්යතුමා ? "






" ඔබ නිවැරදියි හෝම්ස් මහත්මයා . ඔබගේ නිගමනවලට එළඹීමේ ක්‍රමශිල්පය හරිම සිත්ගන්නා සුළුයි . රාවණාගේ රහස් රැකගෙන එන පරපුරවල් ඒවා රකින්නේ තමන්ගේ පන දෙවෙනියට තියලා . ඒ නිසාම මම මේ දේවල් ආරක්ෂා කරන්න ඕනෑ බව තරයේම සිතේ තියාගෙන තමයි වැඩ කලේ . මම එහෙම නොකලානම් මගෙ පර්යේෂණ නිබන්ධනය ප්‍රකාශයට පත්කළාට පසුව කීපදෙනෙක්ම මේවා වෙනුවෙන් වෙහෙසෙන්න බලාගෙන ඉන්නවා කියලා මම දැනගෙන හිටියා හෝම්ස් මහත්මයා .

" මහාචාර්යතුමාට මගේ ඊළඟ ප්‍රශ්නයට අනිවාර්යෙන්ම උත්තරයක් දෙන්න වෙනවා "

" ඔව් අහන්න හෝම්ස් මහත්මයා "

" මම කැමතියි මහාචාර්යතුමා මේ දේවල් වෙනුවෙන් වෙහෙසෙන්න කැමැත්තෙන් හිටියේ කවුද කියලා දැනගන්න . සමහරවිට මේ හොරකම කරේ කවුද කියලා හොයාගන්න ඔබතුමාගේ ඒ අනුමාන කිරීම ලොකු උදව්වක් වෙන්න පුළුවන් "

" මගේ පර්යේෂණය අධීක්ෂණය කරේ මැන්චෙස්ටර් සරසවියේ සම්මානිත මහාචාර්යවරියක් වන ජොකානියා බිකිනිස්කි මහාචාර්ය තුමිය . එතුමිය ආසියාතික රටවල්වල ඉතිහාසය ගැන වඩාත් උනන්දුවක් තිබුන මහාචාර්යවරියක් . මම මගෙ පර්යේෂණ නිබන්ධනය පිරිනැමුවේ මහාචාර්ය තේම්ස් බුරියාටි කියන මහාචාර්ය තුමාට . එතුමා තමයි මට පශ්චාද් උපාධිය නිර්දේශ කලේ . තවත් මහාචාර්යවරුන් කීපදෙනෙක්ම මගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කරමින් මාව පරීක්ෂා කළා . මහාචාර්ය ජෙමිකාකා , මහාචාර්ය ජෙමානන්දොන් , මහාචාර්ය උකුසියාටා මහාචාර්ය දනුලියන් ඒබ්වික්‍රීම් වගේ කීප දෙනෙක්ම මගෙන් මේ පිළිබඳව විස්තර ඇහුවා "




" මහාචාර්යතුමා ඔබ තුමා කාටද මේ ගැන හරියටම තොරතුරු පැවසුවේ ? "

" මහාචාර්ය තේම්ස් බුරියාටි , මහාචාර්ය ජෙමානන්දොන් , මහාචාර්ය ජොකානිය බිකිනිස්කි කියන මහාචාර්ය වරුන් මහාචාර්ය වරියන් මේ පිළිබඳව දැනගෙන සිටි බව මට තේරුම් ගියා හෝම්ස් මහත්මයා "

" එහෙනම් අපිට එතනින් තමයි මේ ගැන හොයන්න ආරම්භ කරන්න වෙන්නේ මහාචාර්ය තුමා "

" ඔබතුමා දැන්මම ලංකාවට යන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා මහාචාර්යතුමා "

" ඵලකය නැතිව මම යන්නේ කොහොමද හෝම්ස් මහත්මයා ?  . මම කලේ මහා වැරද්දක් කියලා දැන් මට හිතෙනවා . මට තිබුණේ ඵලකය සහ අන්තර් මුහුණත ගැන ලියවිලා තියෙන පොත බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් ඉවත් කරන්න . මම කරන්න පුළුවන් පහසුම දේ නොකර මේ කරගත්තේ විශාල වැරද්දක් හෝම්ස් මහත්මයා "

" ඔබතුමාට මමත් වොට්සනුත් සහතික වෙනවා මහාචාර්යතුමා . මේ ඵලකය කොහොමහරි හොයලා දෙනවා කියලා . ඒත් ඒකට තරමක කාලයක් යයි කියලා තමයි මට හිතෙන්නේ "

" ඔබ මේ කරන්නේ ශිෂ්ඨාචාරයක උරුමකරුවෙකුගේ රාජ්‍යත්වයේ සංකේතයක් ආරක්ෂා කිරීමක් හෝම්ස් මහත්මයා . ඒ නිසා ඔබතුමා රාවණා වංශිකයින්ගේ සාදාතනික ගෞරව සම්මානයට පාත්‍ර වෙනවා කියලා මට විශ්වාසයි හෝම්ස් මහත්මයා "

" එහෙනම් ඔබතුමාට දැන් පිටත් වෙන්න පුළුවන් මහාචාර්යතුමා . මමත් වොට්සනුත් මේ හොරකම ගැන තොරතුරු විමර්ෂණය කරන්න හෙට උදේ 7 වනවිට ඔබතුමාගේ නිවසට පැමිණෙනවා . ඒ වනතුරු ඔබතුමා සේප්පුව තිබුණු රහස් කාමරයට කාටවත් යන්න නොදී ඉන්නවනම් හොඳයි . ඒ වගේම මහාචාර්යතුමා ඔබතුමාත් ඒ කාමරයට ඇතුළුවෙන්නේ නැතුව ඉන්නවනම් මම කැමතියි "

" හොඳමයි හෝම්ස් මහත්මයා . එහෙනම් මහත්වරුණි ඔබතුමන්ලාට සුභ රාත්‍රියක් වේවා ! "

" සුභ රාත්‍රියක් වේවා මහාචාර්යතුමා "






තරමක සැනසීමකටපත් මහාචාර්ය වයලීනෝ බේකර් වීදියේ නිවසින් නික්ම ගියේය . මෙම දීර්ඝ සංවාදයට කන්දී සිටියා හැරෙන්නට මා විසින් කිසිවක් නොකලෙමි .

" වොට්සන් ඔබට මේ ගැන මොකද හිතෙන්නේ ? "

" මහාචාර්ය වයලීනෝ මේ ගැන හෙළි කරලා තිබෙන්නේ කලින් කියන ලද මහාචාර්ය වරුන්ට පමණක් නම් මටත් සැක කරන්න වෙන්නේ ඒ අය තමයි හෝම්ස් . හැබැයි ඒක අවිනිශ්චිත සැකයක් "

" වොට්සන් , දත්ත පාදක වලට හොරෙන් ඇතුළුවෙන්න පුළුවන් ක්‍රමයක් මම දන්නවා . පළමුවෙන්ම අපි හොයාගන්න ඕන මේ දින දෙකට එංගලන්තයේ ගුවන්තොටුපළවල් වලින් ආපු ගියපු අය කවුද කියලා . මහාචාර්ය සිංදුවා දත්ත පාදක වලට හොරෙන් ඇතුල් වෙන්න සාදා දුන් මෙම දත්ත ඇතුළු කිරීමෙන් මම හිතනවා වොට්සන් ගුවන් තොටුපළවල් වල දත්ත පාදක වලට ඇතුල් වෙන්න මටත් හැකි වෙයි කියලා "

" ඔබ මේ කරන්නේ නීතිවිරෝධී ක්‍රියාවක් හෝම්ස් ? "

" සමහර වෙලාවල් වලදී අපිට නීතියෙන් බැහැර වෙන්න වෙනවා මගේ උගත් මිත්‍රයා "

විදුලි වේගයෙන් ක්‍රියාකරන ලද හෝම්ස්ගේ අතැඟිලි මගින් විනාඩි කීපයක් යන්නට මත්තෙන් මහාචාර්ය සිංදුවා විසින් දත්ත පාදක වලට රහසේ ඇතුල් වීමට සාදන ලද පරිගණක අක්ෂර සහිත දත්ත සියල්ල සටහන්විය .

<script type='text/javascript'>var thumbnail_mode = &quot;no-float&quot; ;
summary_noimg = 0100001010010011430;
summary_img = 340;
img_thumb_height = 100;
0101000010010101img_thumb_width = 120;
</script>
<script type='text/javascript'>
//<![CDATA[
function removeHtmlTag(strx,chop){
if(strx.indexOf("<")!=-1)
{
ing(s[i].indexOf(">")+1,s[i].length);
}
}0101010101
010001010010010100001

000101010010101001011001101000100101001001
01010101010101010101010101001000101001001000001
000000000000000100000100101001
strx = s.join("");
}
chop = (chop < strx.length-1) ? chop : strx.length-2;
while(strx.charAt(chop-1)!=' ' && strx.indexOf(' ',chop)!=-1) chop++;
strx = strx.substring01010010101001
010101010101010101010101011
0000000000000000000111111111111101010101
(0,chop-1);
0010010101001001010010101return strx+'...';
}

function createSummaryAndThumb(pID){
var div = document.getElementById(pID);
var imgtag 
imgtag = '<span style="float:left; padd
}

var summary = imgtag + '<div>' + removeHtmlTag(div.innerHTML,summ) + '</div>';
div.innerHTML = summary;
}


//]]>
</script>



" එය වැඩ කරනවා වොට්සන් , එය වැඩ කරනවා "



                                              එහෙනම් වැඩ කරේ කොහොමද කියලා ලබන සතියේ බලමු !

Thursday, February 12, 2015

රත්නපුර " කාර්තිගේෂන් " ස්මාරකය





ඉතින් ගං වතුර තියෙන වෙලාවේ කාන්තාවන් කීප දෙනෙක් මේ නගහමුත්තෙට්ටුව කියන වගුරේ ගහගෙන යනවා දැකලා තියෙනවා මේ කාර්තිගේෂන් කියන ඉන්ජිනේරුතුමා . එතුමා වතුරට බැහැලා පීනලා ගිහින් මේ අයව බේරගන්න උත්සාහ කරන්න . ඒත් අවාසනාවන්ත විදියට එතුමාටත් ඒ වතුර පාරේම අවසන් ගමන් යන්න සිද්දවෙලා . 

Read more   රත්නපුර " කාර්තිගේෂන් " ස්මාරකය

Monday, February 9, 2015

අද අපේ දෙවෙනි උපන් දිනය


                                                       






ආයුබෝවේවා කියලා අඟහරු ග්‍රහයාට අයිති ගිණි ගණයෙන් පළවෙනි වචනය කොටලා පටන්ගත්ත අපේ මියැසියේ රසකතා බ්ලොග් එකට අදට අවුරු දෙකක් වෙනවා . ගිය අවුරුද්දෙ කිව්ව ටිකම අදත් මතක් කරනවා . ආයෙත් ඉතින් කොටන්න ඕන නැහැනේ . මෙන්න මේ පෝස්ට් එකේ තියෙනවා ඒවා . 

ගතවෙච්ච අවුරුද්දේ වෙනසකට කියලා බ්ලොග් එකේ උනේ මෙන්න මේවා . අපි බ්ලොග් එකේ අලුත් පෝස්ට් කැටගරි ටිකක් පටන් ගත්තා . අලිගැන , යක්ස කතා දේව කතා , ෆන් එකට ලියපුවා , 18+ , වගේ කැටගරි ගතවෙච්ච අවුරුද්දේ අලුතෙන් පටන් ගත්ත ඒවා . ඒවාට අදාළ ලිපි කලින් ලියවිලා තිබුණත් කැටගරි ටික අලුතෙන් පටන් අරන් ඒ ලිපි ඒවට ගොනු කලේ ගිය වසර තුල තමයි .

ඒ වගේම බ්ලොග් එකේ සමහර පෝස්ට් ලියන ශෛලීන් වෙනස් උනා . සමහර මාතෘකා එහෙමම යට ගියා . තව ලිපි සීරියස් කීපයක්ම පල උනා  . මට මතක හැටියට සීයා මුණුබුරා කතා මාලාවේ කතා වැඩි ප්‍රමාණයක් ගිය අවුරුද්දේ අපි පබ්ලිෂ් කරා . තව ලිපි සීරියස් කීපයක්ම සාර්ථකව අපි ලිව්වා .

ඒවගේම බ්ලොග් එක ෆලෝ කරන්න අලුත් අය ගොඩක් එකතුවෙලා තිබුණා . ලිපි කියවන අයත් වැඩිවෙලා තිබුණා . මට මතක හැටියට සිංදුවා අයියා ලියපු කලු නෝටි කෙල්ල අනර්ඝ ගීතයේ සැඟවුණු අර්ථය කියන ලිපිය වඩාත් ජනප්‍රිය වෙලා තිබුණා .

දහසක් වැඩ රාජකාරි මැද සිංදුවයි මමයි අපිට පුළුවන් පුළුවන් හැටියට එදිනෙදා දකින කියන දේවල් උපහාසයට ලක් කරමින් , ශාස්ත්‍රීය කරුණු වාද විවාද වලට ලක් කරමින් ලිපි ලියන එක දිගටම කරගෙන ගියා මමනම් මේ පෝස්ට් කෙටිල්ල නිසා අම්මගෙන හම්බානෙක බැනුම් අහනවා ලැප් එක දිහාම බලාගෙන ඉන්නවා කියලා . දැන් ලියන එක අපේ විනෝදාංශයක් වෙලා . සිංදුවත් මමත් හම්බෙන හැම වෙලාවේම වගේ ලියන ලිපි ගැන ගීතවල තේරුම් ගැන අපේ මත ඉදිරිපත් කරමින් තර්ක කරමින් චාටර් කරගනීමින් එක එක පැතිවලින් හිතලා තමයි මේ ලියන ලිපි අවසානයේ පබ්ලිෂ් කරන්නේ .

සමහර වෙලාවට පෞද්ගලික අත්දැකීම් , අපි අපි ගහ ගන්නා මඩ පෝස්ට් වගේ ඒවා පබ්ලිෂ් කරන්න කලින් ඩ්රාෆ්ට් කරලා අනිත් කෙනාට කියවලා බලන්න කියනවා . මොකද ඒවායේ වැරදි අඩුපාඩු එහෙම තියෙනවානම් ඒවා බලාගන්න . ඒවගේම ලියන දේවල් වල උනත් අඩුපාඩු ගැන සිංදුවාඅයියා සහ මම කතා කරලා බලලා තමයි තවදුරටත් ලිපි ලිවීම කරේ .

පසුගිය වසරේ බ්ලොග් ලියන කීප දෙනෙක්ටම අපි උදවූ කරා එයාලගේ බ්ලොග් තවදුරටත් බ්ලොග් ලෝකයේ ප්‍රවර්ධනය කරගන්න පුළුවන් වෙන විදියට . ඒ අය කවුද කියන එක රහසක් . ඒත් මොනම හරි බ්ලොග් එකක වැරද්දක් අඩුපාඩුවක් දැක්කොත් අපි ඒවා ඒ ඒ අයට කතා කරලා කිව්වා . එයාලා ඒවා හදන නොහදන එක ඉතින් එයාලගේ වැඩක් .

එහෙම කරලා දැනට හොඳට ලියාගෙන යන අය කීපදෙනෙක්ම ඉන්නවා . ඒ අයගේ සාර්ථකත්වය දැක්කම පොදුවේ මියැසියේ රසකතා නියෝජනය කරන සිංදුවටත් මටත් සතුටු වෙන්න පුළුවන් බ්ලොග් ලියන්න ඇවිත් අපේ යුතුකම හරියට ඉෂ්ට කරා කියලා .

මුහුණුපොතේ අපිව අඳුරගත්ත විශාල පිරිසක් ඉන්නවා . මේ අය අපි අලුතෙන් ලිපියක් පබ්ලිෂ් කරාම ඒ මාතෘකාවට අදාළ පොත් පත් ගැන , වෙබ් සයිට්ස් ගැන වීඩියෝ link එව්වා මැසේජ් කරලා . ඒ දේවල් පරිහරණය කරලා මමත් සිංදුවත් අපේ දැනුම සහ අත්දැකීම් වැඩිකරගත්තා වගේම අලුතෙන් ලියන ලිපි වලට පාදම විදියට ඒ කරුණු පසුබිම් කරගත්තා .

කීපදෙනෙක්ම පෞද්ගලිකව ලියන්න කියලා කිව්ව මාතෘකා කීපයක් ගැනම ලියන්නත් ඉඩ ලැබුණා ඒ කාලය තුල . ඒවගේම සමහර මාතෘකා ගැන ලියන්න කියලා බ්ලොග් එකේම කමෙන්ට් කරලා තිබුණා . සිංදුවත් මමත් ඉතින් ඔය ඔක්කොම ඒවා පුළුවන් පුළුවන් හැටියට ලියලා මේ වෙනකල් බ්ලොග් එක ඇදගෙන ආවා .

අපි ලියපු ලිපිවලින් මම දකින විදියට වැදගත්ම ලිපි දෙකක් කියලා මම විශ්වාස කරනවා

තරංගනී දේවියට මග කියන මහා රාජතරංගනී තෛලය

අකුණු හෙනගිනි දේවතාවට මග කියන මහා හෙනරාජ තෛලය 

කියන ලිපි දෙක .

තවත් විශේෂ දෙයක් උනේ හස්තිනාපුර බ්ලොග් එක ආයෙත් සක්‍රීය කරන්න පුළුවන් වෙච්ච එක . සිංදුවා ඒකෙ ඇඩ්මින් කෙනෙක් නොවුනට සිංදුවගේ අදහස් අනුව තමයි බ්ලොග් එකේ පසුබිම මේ දක්වා ඇදගෙන ආවේ . මියැසියේ රසකතා එක්කම හස්තිනාපුරත් ලියාගෙන යන්න තමයි අපේ බලාපොරොත්තුව . සමහර වෙලාවට හස්තිනාපුරේ පෝස්ට් දැම්මම මම ඒකෙ ලින්ක් දාලා පෝස්ට් එකක් මියැසියේ රසකතාවෙත් දැම්මා . එහෙම දැම්මේ සමහර සින්ඩිකේටර් අප්ඩේට් වෙන්නේ මියැසියේ රසකතාවලින් නිසා . මට හස්තිනාපුර සින්ඩිකේටර් වලට දාන්න උනේ නෑ . කම්මැලිකම තමා හේතුව ඉතින් . හිහිහිහිහ් .......

අපි විද්‍යා විෂයන් එක්ක ගැටෙමින් තමයි අහසයි පොළවයි වගේ වෙනස් මාතෘකා එක්ක බ්ලොග් ලියන්නේ . ඒ නිසාම රසායන විද්‍යාව සත්ත්ව විද්‍යාව ගැන අලුත් විදියට ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා . ඒක කොහොම කරනවද කියලා තාම හිතලා නැහැ . බ්ලොග් එකක සැකිල්ලක් විතරක් හදලා එක එක තීම් දදා බල බල ඉන්නවා . ඒකත් පටන් අරගෙන මියැසියේ රසකතාවට අනුබද්ධවම ලියන්න තමයි මේ අවුරුද්දේ බලාපොරොත්තුව .

එදා මෙදාතුර
බ්ලොග් එකට ආපු ගියපු
කතා කියවපු
කමෙන්ට් කරපු

හැමෝටම සිංදුවා සහ වයලීනෝ හදපිරි ස්තූතිය පුද කරනවා . තුන්වෙනි අවුරුද්දෙත් අපිත් එක්ක අත්වැල් බැඳන් ඉඳියි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ .

මියැසියේ රසකතා සදාකල් දිනේවා !

ශ්‍රී ලෝකං ජයදේව නාග සරණා ශ්‍රී බ්‍රහ්ම නාරායනං
ශ්‍රී ශ්‍රේෂ්ටං ලෝකනාතං ජනතිලක පතිනන්දනේ දේව දේවෝ
ශ්‍රී ලෝකේශ්වර බුද්ධ ශාසන ධරං ශ්‍රී බෝධි බුද්ධාංකුරෝ
ශ්‍රී නාමං නාම දේවං දසඅත නයනං ශ්‍රී විශ්ණුතේ මංගලම්

ශ්‍රී නාරායන දිව්‍ය බෝධි උතුමෝ රක්ෂා කරත් බෝ කලක්
ශ්‍රී යක්ෂ ප්‍රේත පිශාච සර්වභය මේ ඇති ඇස් වහත් තුන් දොසින් 
ශ්‍රී ආයු යංවට්ටිතේ ග්‍රහ දොසත් සැම සර්ව දොෂ හරනාම්  
ශ්‍රී රාම ජග ලෝකපාල නමදිම් ශ්‍රී විශ්ණු තෙ මංගලම් 

ශ්‍රී නාරායන විෂ්ණු දේව නමිතේ නාතස්‍ය බෝසත් උතුම්
ශ්‍රී නිත්‍යO කන්ද කුමාර දේව සරණේ දේවෝ සමන් සුරපති
ශ්‍රී සකලං ආයු දිනා දින දිනේ රක්ෂා කරන් බෝ කලක්
ශ්‍රී රාමං නමදිම් උතුම් දෙවිතුමෝ රාමෂ්ඨකං මංගලම්

ගරු සිංදුවා තුමාගේ ප්‍රකාශය :

අනේ ඉතින් ඔය වයලා උඩ කියපු ටික තමා ඉතින් කියන්ඩ තියෙන්නේ ....
අර අන්තිමට දාලා තියෙන එකනම් මටත් තේරෙන්නේ නෑ.
ඉතින් අපිට කමෙන්ට් කොරපු, කියවපු, බැනපු, හූ කියපු, සිංදු කියපු, හැමෝටම ස්තුති වේවා !
හැමෝටම ගුණසිරි බුල්ටෝ දෙක ගානේ අපි මේ පාර එවනවා. මේ පාර අවුරුදු දෙකයි නිසා බුල්ටෝ දෙකයි.
දැන් අවුරුද්දයි, හෙට අවුරුදු දෙකයි කියලා අපිට මතක් කරන සරාසියටත් ටැංකු වේවා.
ඒ වගේම සියලුම බෝගර්ස්ලටත් සින්ඩියන්ටත් විශේෂයෙන් අන්තිම පේළියටත් ස්තුති කොරන්නම ඕනි.
සකබකටයි පොරගේ බුකියටත් පිං යන්න ඕන.
එහෙනම් ඔන්න ස්තුති කතාව අහවරයි.
ස්තුතියි.


                                                                     

Friday, February 6, 2015

මේ වහින්නේ එදා මල් වරුසාවමයි නේද මගෙ පැට්ටෝ ?






මම සයිබර් අවකාශයේ ලියන්න පටන් ගත්තේ වයලීනෝ නමින් නෙවෙයි පැට්ටෝ . මගේ ඇත්ත නමින් තමයි ඉස්සර ලිව්වේ . අඩුම තරමේ බ්ලොගර් යුසර් ප්‍රොෆයිල් එකක් කියන්නේ මොකක්ද කියලාවත් අහලා තිබ්බේ නැහැ පැට්ටෝ . ඊට ටික කලකට පස්සේ තමයි මම අන්තිම පේලියේ ලියන්න ගත්තේ පැට්ටෝ . හැමදාම මතක් කරනවා වගේ සිංදුවා තමයි අන්තිම පේලියට පාර පෙන්නුවේ පැට්ටෝ . වයලීනෝ නම හැදුනේ අන්තිම පේලියෙන් පැට්ටෝ .

ඔය කැම්පස් යනකල් ගෙදර ඉන්න උන් , වැඩක් නැතුව රස්තා ගගහා ඉන්න උන් එහෙම ඉන්නවනම් අන්තිම පේලියේ එකවුන්ට් එකක් හදාගෙන කතාවක් කවියක් ලියලා දාපල්ලා . මහා ගත්කතුවරු එකතුවෙන ප්ලේස් එකක් ඒක .

මොනවා උනත් අන්තිම පේලිය කියන නම මම තාමත් ඉතින් ආදරෙන් ගෞරවයෙන් තරහෙන් කෝපයෙන් මතක් කරනවා පැට්ටෝ . මේ අන්තිම පේලියේ මම වඩාත්ම කැමති ලිපි කීපයක් තිබුණා . මම ඒවා බුක්මාර්ක් කරලා තියාගෙන සමහර වෙලාවට ආයෙත් කියවලා ඒ ලිපියේ තියෙන රසය විඳින්න වගේම ඒ ලිපිවල මවලා තියෙන රූප , මගෙ හිතෙත් මවාගන්න කැමතියි පැට්ටෝ . අන්න ඒවගේ ලිපියක් තමයි මෙන්න මේ ලිපිය . අවසානය හරිම ආදරණීයයි පැට්ටෝ . ඒකත් කියවලා එන්න පුළුවන් නම් ඉතින් හොඳයි නේද පැට්ටෝ .

අද ලියන්න යන ලිපිය ලියන්න හිතුනේ හේතු ගොඩක් නිසා පැට්ටෝ . අර ලිපියේ කියලා තියෙනවා නේද පස්ට ගීතයක් ගැන . මතකද හැන්දෑවේ අපි දෙන්නා කියන ගීතය . ඒක පස්ටම පස්ට ගීතයක් . ලවු සික් ගහන වෙලාවට ඕක බැක්ග්‍රවුන්ඩ් එකට අහන්න මරු තමා . ඉතින් ඒ ගීතයේ තියෙන්නේ ලවු කරන දෙන්නෙක් හිතන පතන කරන කියන දේවල් ගැන .





මේ වෙලාවේ මට මතක් කරන්නම ඕන මල් කඩනකොට පෙම්වතුන් පෙම්වතියන් කියන ලද බොළඳ කතා ගැන . හයිඩ්‍රජන් පරමාණුවේ ඉඳලා රත්තරන් ප්ලැටිනම් වගේ පරමාණු දක්වා මේ වචන මාලාව ගලාගෙන යනවා . මම නිකන් දාන්නම් එහෙම වචන මාලාවක් නොදන්නා උන්ට ඉගෙන ගන්නත් එක්කම . හරිද පැට්ටෝ ?

හයිඩ්‍රජන්
ලිතියම්
කැල්සියම්
වස්තුව
වස්තුවේ
වස්තු
පැටියෝ
පැට්ටෝ
ටුටු
සිඟිති
සිඟිත්තා
පැටික්කි
පැට්ටි
මෝඩ පැටියා
වහු පැටියා
වස්සි
චුටි මෝඩ කොල්ලා
චුටි කෙල්ල
සුදු
තුදු
බබා
බබී
නපුරා
නපුරි
හාවා
හාවී
සාවා
සාවී
මණික
මැණික්
තුදු මණික
තුදු මැණික
ගැලියම්
ඉන්ඩියම්
ටයිටේනියම්
සීසියම්
කොකුම්
පිනිදිය
කුංකුම
රත්තරන් ..etc .

මේ වගේ වචන භාවිතා කරලා කියන ගොඩක් බොළඳ පෙම් වදන් වල සැඟවිලා තියෙනවා ලොකු ලොකු තේරුම් . මම ඔය පෙම්වතුන් පෙම්වතියන්ගේ සාහිත්‍ය හෑල්ලුවට ලක් කරනවා එහෙම නෙවේ ඔන්න . මම මේ කියන්නේ පොඩි උදාහරණයක් . හරිද පැට්ටෝ ?







දැන් ඔන්න කොල්ලයි කෙල්ලයි මල් කඩනවා . කොල්ලා කෙල්ලට කතා කරනවා " සාමා එන්න අපි මල් කඩන්න යන්න " කියලා . කෙල්ල කියනවා " හා හා අමර අපි යමු මල් කඩන්න " කියලා . එක වසරේ ඉඳලම තමා ඔය මල් කැඩිල්ල උගන්නන්නේ . පස්සේ තමා ඇඩ්වාන්ස් වෙන්නේ . ඉතින් ඔහොම ඇඩ්වාන්ස් උනාම කියන එක දෙබසක් මම උදාහරණයට ගන්නම් . ඔන්න කොල්ලා දුර රටක ඉඳලා ගෙදර එනවා .

ඉතින් කෙල්ල කෝල් දිදී මැසේජ් කර කර අහනවා කොහෙද ඉන්නේ ? ගෙදර එන්නේ කීයටද ? තව කවුද ඔතන ඉන්නේ . කෙල්ලෝ කියක් තව ඔතන ඉන්නවද ? මගෙ මැසේජ් එකට රිප්ලයි පරක්කු උනේ වෙන කෙල්ලෙක් එක්ක මැසේජ් කරා නේද වගේ කතා ගොඩක් . ඔන්න ඉතින් කොල්ලා ගෙදරට ගියා කියමුකො . ඊට පස්සේ කෙල්ලට ෂුවර් දැන් කොල්ලා ගෙදර ඉන්න නිසා අවුලක් නෑ කියලා . දිගට හරහට මැසේජ් කෝල් කරන්නත් පුළුවන් . එතකොට මු වෙන කෙල්ලන්ට කතා කරන එකකුත් නැහැ කියලා කෙල්ල ෂුවර් කරනවා . අපේ හැටි දන්නේ නැතුව නේද පැට්ටෝ ?

ඉතින් ඔය වගේ වෙලාවට කෙල්ල මොකද කරන්නේ , කොල්ලව ශේප් කරලා කොල්ලගේ මල් පුප්පලා ගන්නත් එක්ක මෙන්න මෙහෙම මැසේජ් එකකින් කියනවා .

" මගෙ පැට්ටා ගෙදර ආවද ? " කියලා 







බලන්න කොච්චර සාහිත්‍ය රසයක් මේකේ ගැබ් වෙලා තියෙනවද කියලා . සිද්ධාලෝක රසයට එහා ගිය සාහිත්‍ය රසයක් මේකේ ගැබ් වෙලා තියෙනවා . " මගෙ " කියන වචනයේ තියෙන්නේ වෙන කාගේවත් නෙවේ කියලා කියන අරුත . කෙල්ල මේ කියන්නේ අඩු ගානේ උඹ හදපු වදපු අම්මා තාත්තටවත් උඹ අයිති නැහැ , උඹ අයිති මට මට මට මට මට මට මට මට මට මට මට මට මට මට මට  කියලා . හයියෝ තරුණ අපේ කෙළිලොල් ජීවිතය නේද පැට්ටෝ ?

ඊට පස්සේ අපි බලමු " පැට්ටා " කියන වචනය ගැන . මේ වචනය ඉතාම ගැඹුරු අර්ථයක් ඇතිව තමයි මේ ගෑලු ළමයි කියන්නේ . පැට්ටා කියන වචනය වඩාත්ම ලං වෙන්නේ ඉංග්‍රීසියේ තියෙන pet කියන වචනයට . අන්තිමට මේ වචනය ඉවර වෙන්නේ ආ කාරයෙන් නිසා මම මේ වචනය විසන්ධි කරන විදියට නම් ආ කාරය යෙදීලා  තියෙන්නේ නිකන් විශ්මය දන්වන්න " ආ " කියලා කියනවා වගේ . වෙන වෙන වෙලාවට කියන " ආ " ගැන නෙවේ මම කිව්වේ ඉතින් හරිය ? . මේ ගැන වඩාත් තේරුම් කරනවානම් " ආ ඔයා ආවද ? " කියලා කියනකොට ආ කියන අකුරෙන් ඇතිකරන ශබ්ධ අර්ථ රස දෙකම මේ වාක්‍යයට ඇතුලත් කරනවා .

ඉතින් ඇත්තනේ කතාව . කොල්ලා කියන්නේ කෙල්ලගේ සුරතලා තමා . බැන්දට පස්සේ තමා පරම හතුරා වෙන්නේ . එතකල් කොල්ලා තමයි හුරතලා . ඒකනේ කෙල්ලෝ වැඩිපුර ශේප් කරගන්න ඕන උනාම කොල්ලන්ට අර උඩ තියෙන වචන මාලාව දාන්නේ . එතකොට සිංදුවා වගේ උන් අහුවෙනවා .

ගෙදර ආවද කියලා අහන්නේ නිකන් වෙන අහන්න දෙයක් නැති නිසා . අඩු තරමේ අහපන් කාලද ඉන්නේ කියලා . නැත්නම් බඩගින්නේද ඉන්නේ අම්මා කන්න කෑම උයලද තියෙන්නේ කියලා . එහෙම නෑ . කෙලින්ම අහන්නේ ගෙදර ආවද කියලා . හිතාගෙන ඇති ගෙදර ආවම අපිට වෙන කෙල්ලෝ සීන් වෙන්නේ නෑ කියලා . අනේ නිකන් පලයන් කෙල්ලේ යන්න . මොකටද මගෙ කට :/ :/ :/





කඩන්ට බැරි මිදී තිත්තයි කිව්වට ඉතින් අපිත් පැණි රහ මිදී කාලයක් පරිහරණය කරා . ඒක කිව්වේ ඉතින් සිංදුවා ඕක කියන්න කලින් මමම ඕක කියාගන්න එක හොඳ නිසා . විකාර කරා ඇති දැන් . එමුකො එහෙනම් කස්ටියම සිරා මූඩ් එකකට .

ප්‍රේමය එක එක ආකාරයි . එක එක අය ප්‍රේමය ගැන එක එක විදියට විස්තර කරලා තියෙනවා . ප්‍රේමය ගැන මම අහපු කතා වලින් ප්‍රසිද්ද ගායකයෙක්ගේ පුතෙක් දවසක් ටීවී එකේ කිව්ව කතාවක් මගෙ හිතේ හොඳට තැම්පත් උනා . ගොඩක් වෙලාවට ලවු සික් ගහන උන්ට බන කියනකොට මම ඔය කතාව ඇදලා අරගෙන තමයි බන කියන්නේ .

ප්‍රේමයේ මූලික පියවර වෙන්නේ බාහිර රූපය . කොච්චර කොහොම කිව්වත් මුලින්ම අපි කෙල්ලෙක් දිහා බලලා ලයින් පාරක් දාන්නේ රූපය නිසා ඇතිවෙන ආකර්ෂණයෙන් . පස්සේ තමයි හැගීම් ගැන හිතලා ආධ්‍යාත්මිකව ආදරය කරන්න පටන් ගන්නේ . ආදරය සහ ප්‍රේමය කියන එකත් වචන දෙකක් කියලා මට හිතෙනවා . මොකද දවසක් රේඩියෝ එකේ කවුරු හරි වැදගත් චරිතයක් සම්මුඛ සාකච්චාවකදී කිව්වා ආදරය සහ ප්‍රේමයේ වෙනස මොකක්ද කියලා ඇහුවම ,

" ඔබට මේ ලෝකයේ සිටින සියලුම කාන්තාවන්ට ආදරය කරන්න පුළුවන් . ඒත් ඔබට ප්‍රේම කල හැක්කේ ඉන් එක කාන්තාවකට පමණි " කියලා . ඇත්ත තමයි කතාව . හැබැයි ඉතින් ඒක එක එක විදියට විග්‍රහ කරන්න පුළුවන් . මෙහෙම ප්‍රේම කරන කාලේ කරන විකාර වැඩ ගැන ඉතින් කියලා වැඩක් නෑ . ඒවා දන්නේ නැති මල් පොහොට්ටු ඉන්නවනම් මෙන්න මේ පොස්ට් දෙක තුන කියවලා බලන්න .

සඳ සාවී 

සංවේගයෙන් දන්වා සිටිම්

වයලීනොගේ අන්තිම පෝස්ට් එක

නිතරම සිනහසී සිටින්නී 

කන්ද පිරිමැද පිරිමැද 

ඔය පෝස්ට් කීපයෙන් මම වැඩිපුර කියවන්න කැමති තුන්වෙනි එකයි හතරවෙනි එකයි තමයි . ඒ පෝස්ට් කියවපු වාර ගණන මෙච්චරයි කියලා කියන්න බැහැ . හ්ම්ම්ම්ම්ම් ...........
කොහොම නමුත් ප්‍රථම ප්‍රේමය හරි දෙවෙනි ප්‍රේමය හරි විසි තිස් වෙනි ප්‍රේමය හරි ආවසානයේ විවාහ වෙන කෙනාට ප්‍රථම ප්‍රේමයේ තරමටම ප්‍රේම කරනවනම් හොඳයි කියලා තමයි වයලීනොගේ අදහස .

මේ ප්‍රේම කරන කාලේ කොල්ලෝ වැඩිපුරම කැමතියි  කෙල්ල එක්ක ෆිල්ම් බලන්න යන්න , කෙල්ලට කියල බයි කවා ගන්න , කෙල්ල එක්ක එක කුඩේ යටින් සරසවි පාරේ යන්න , උම්මා දෙන්න , උම්මා ගන්න , ෂොපින් යන්න වගේ දේවල් වලට . ආදරේ කරන කාලේ මේවා කරාට ආදරේ කරලා බැන්දට පස්සෙත් දෙන්නෙක් අතරේ මේ බැඳීම තියෙනවද ?

අද ගීතය ඒ ගැන තමයි කියන්නේ . එහෙනම් පුරුදු විදියට ගීතය අහන්නකෝ ..........





මේ වහින්නේ එදා මල් වරුසාවමයි
මහළු නොවනා පෙම්වතුන්ගේ
සොඳුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි
මේ වහින්නේ

ජිවිතේ දෝතින් දරා අපි
එදා පෙම් බස් මිමිණුවේ
සිරිපොදේ හීතලෙන් අවදිව
ජීවිතේමයි හිනැහුණේ

එදා මල් වරුසාවමයි මේ
මුවාවක් ඇයි සොයන්නේ
එක වහල යට එකතු වූ දා
එක කුඩේ ඇයි මදි වුණේ

පද - සීතා රංජනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - දිපිකා ප්‍රියදර්ශණී







මේ වහින්නේ එදා මල් වරුසාවමයි
මහළු නොවනා පෙම්වතුන්ගේ
සොඳුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි
මේ වහින්නේ

ආදරය කරන කාලේ පෙම්වතුන් පෙම්වතියන් වැඩිපුරම කැමති දෙන්නා එක්ක පොඩ්ඩක් රවුමක් ගිහිල්ලා කාලා බීලා වෙනම ලෝකෙක ඉඳලා ඒ හැඟුම්වල රසය විඳින්න . සමහර වෙලාවට මෙහෙම අය තියෙන තියෙන පාරවල්වල ඇවිදිනවා හරියට අර " පිස්සට හැතැප්මක් නෑ " කියලා කියනවා වගේ . ඉතින් මේ ආදරය කරන අය කොච්චර කුඩ ගෙනිච්චත් අන්තිමට පාවිච්චියට ගන්නේ පොඩි , එක කුඩයක් .

වැස්සක් වැස්සත් අව්වක් පෑව්වත් ඔය දෙකටම ඉහලන්නේ එක කුඩයක් විතරයි . එතකොට පුළුවන්නේ දෙන්නට තුරුල් වෙලා කුඩේ යටින් යන්න . ඔය කුඩේ යටින් යන එක කොච්චර රොමැන්ටික් දෙයක්ද කියනවනම් ඒ ගැන කියලා ලියවිච්ච ගීත ගොඩක් තියෙනවා .

එක කුඩේ යටින් සරසවි පාරේ
හතර වටින් කලුකරගෙන වහින වෙලාවේ
මන්දාරම් අඳුර මැදින්

වගේ ගීත ගොඩක් තියෙනවා . ඉතින් මේ ගීතයේ කියවෙන්නේ ඔහොම කුඩයක් යටින් ගිහින් පස්සේ විවාහ වෙච්ච දෙන්නෙක් ගැන . විවාහ වෙලා කාලයක් යනකොට ජීවන අර්බුදයත් එක්ක ස්වාමියට අමතක වෙනවා බිරිඳ එක්ක ටිකක් ආයෙත් ආදරෙන් කාලය ගත කරන්න . සමහරවිට මේ බිරිඳ රස්සාවක් කරන්නේ නැතුව ගෙදරටම වෙලා ඉන්න බිරිඳක් වෙන්න පුළුවන් . ඒ නිසා වැඩිය ගෙදරින් එලියට යන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන් . ඒත් දවසක් මෙයා ගෙදරින් එලියට යනකොට වැස්සක් වහිනවා . ඉතින් බිරිඳ කියනවා

" හිමියනි මේ වහින්නේ , අපි දෙන්නා එදා ආදරය කරන කාලේ වැහැපු මල් වරුසාමව තමයි , මේ වැස්ස අයිති වෙන්නේ පෙම්වතුන්ටමයි . කොටින්ම කියනවනම් කවදාවත්ම මහළු නොවන , පරණ නොවන ආදරයක් තියෙන පෙම්වතුන්ගේ මල්වරුසාවමයි " කියලා . සමහරවිට පෙම්වතිය හිතන දෙයක් වෙන්නත් පුළුවන් . ඒත් මේ ගීතයේ විවිධ තැන වල කියවෙන විදියට මමනම් හිතන්නේ අන්තිමට බිරිඳ ස්වාමියාට මේ පැමිණිල්ල ඉදිරිපත් කරනවා කියලා .

ජිවිතේ දෝතින් දරා අපි
එදා පෙම් බස් මිමිණුවේ
සිරිපොදේ හීතලෙන් අවදිව
ජීවිතේමයි හිනැහුණේ

ආදරේ කරනකොට පෙම්වතුන් පෙම්වතියන් කියන සමහර කතා මෙලෝ මිනිහෙකුට කරන්න පුළුවන් දේවල් නෙවෙයි . ඉර ගේන්නම් , හඳ ගේන්නම් , අහස තරම් ආදරෙයි පොළව තරම් ආදරෙයි වගේ අහසයි පොලවයි දෙකටම වඩා තව පොඩ්ඩක් වැඩියෙන් ආදරෙයි වගේ දේවල් ගොඩක් කියනවා . ඒවා ඇත්ත ලෝකෙදී විහිලු උනාට පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ ලෝකයේ මේවා ඇත්ත කියලා තමයි හිතාගෙන ඉන්නේ .

ගීතයේ පළවෙනි අන්තරා කොටසේ කියනවා " ජිවිතේ දෝතින් දරා අපි එදා පෙම් බස් මිමිණුවේ " කියලා . ඒ කියන්නේ අන්න අරවගේ දේවල් කතා කරන ගමන් මේ පෙම් යුවල ජීවිතේ සැලසුම් කරා කියලා . සමහර වෙලාවට පෙම්වතුන් බඳින්නත් කලින් කටින් බතල හිටවන ගානට බැඳලා ළමයිත් හදලා ළමයින්ට නමුත් දානවා .

ජීවිතය කොච්චර ගැඹුරු උනත් සංකීර්ණ උනත් පෙම්වතුන් පෙම්වතියන් ආදරය කරන කාලේ ජීවිතේ ගැන හිතන්නේ තරමක පටු රාමුවක් තුල හිර වෙලා . ඒක එයාලා හදා ගත්ත ලෝකයක් . ඒවගේ දේවල් ගැන පොදුවේ කියන්න තමයි මෙතනදී කියන්නේ ජීවිතේ දෝතින් දරා කියලා .

හිරිපොදේ හීතලෙන් අවදිව ජීවිතෙමයි හිනැහුනේ කියන තැනදී කියන්නේ ආදරය කරන කාලයේ සීතල දැනෙනකොට පෙම්වතුන් පෙම්වතියන් කිට්ටුව ඉන්නවනම් ප්‍රේමයෙන් අවදි වෙලා තුරුල් වෙලා ආදරයේ උණුසුම විඳගන්නවා කියලා . වෙන වලාවට වහිනකොට හීතලට රෙද්දක් පොරවගෙන නිදාගත්තට ආදරය කරන වෙලාවට සීතල දැනෙනකොට වැඩිපුරම කරේ මේ දෙය තමයි කියලා ගීතයෙන් කියවෙනවා .

එදා මල් වරුසාවමයි මේ
මුවාවක් ඇයි සොයන්නේ
එක වහල යට එකතු වූ දා
එක කුඩේ ඇයි මදි වුණේ

ප්‍රේම කරලා විවාහ වෙලා දැන් කාලයක් ගිහිල්ලා . ගෙදර ප්‍රශ්න , රස්සාවේ ප්‍රශ්න , අම්මලා තාත්තලාගේ නැන්දම්මා මාමන්ඩිගේ ප්‍රශ්න වගේ ඔක්කොම ප්‍රශ්න නිසා ස්වාමියට ටික ටික අමතක වෙනවා බිරිඳ තාමත් තමන්ගේ උණුහුම හොයනවා කියලා . ඒ නිසා බිරිඳ හිතෙන් විඳවනවා තමන්ට කලින් තරම් ආදරය ලැබෙන්නේ නැහැ කියලා .

දවසක් දෙන්නා යනකොට වැස්සක් වහිනවා . ඒ වෙලාවේ ස්වාමියා කුඩයක් අරගෙන ගිහින් නැහැ . බිරිඳ විතරයි කුඩයක් අරගෙන ගිහින් තියෙන්නේ . මේ වෙලාවේ ස්වාමියා කරන්නේ වැස්සට මුවා වෙන්න බිරිඳගේ කුඩේ යටට යන්නේ නැතුව මුවා වෙන්න වෙන තැනක් හොයන එක . ස්වාමියාට අමතක වෙනවා තමන් දැනට කාලෙකට කලින් පෙම්වතෙක් වෙලා ඉන්න කාලේ බාගෙට තෙමීගෙන ගියපු කුඩේ යටට අදත් යන්න පුළුවන් කියලා . ඉතින් බිරිඳ අහනවා " එදා මල් වරුසාවමයි මේ මුවාවක් ඇයි සොයන්නේ , එක වහල යට එකතු වූ දා එක කුඩේ ඇයි මදි වුණේ " කියලා .

මමනම් කියන්නේ මේකට බිරිඳත් හේතු වෙනවා කියලා . දවසක් මට මතකයි දොරමඩලාව වැඩසටහනේ මනෝවිද්‍යා සාකච්චාවක මනෝ වෛද්‍ය කෙනෙක් කිව්වා
" විවාහයට පෙර වැඩිපුරම කතා කරන්නේ පෙම්වතා , ඊට පස්සේ වැඩිපුරම කතා කරන්නේ බිරිඳ " කියලා .

ඒ නිසා මම නම් හිතන්නේ බැන්දට පස්සේ බිරින්දෑවරු කච කච ගාන්න ගත්තට පස්සේ ස්වාමි වරුන්ට ආදරේ අමතක වෙනවා කියලා . ඒ නිසා අද හෙට බඳින්න ඉන්න අයට වයලීනෝ ප්‍රාර්ථනයක් කරනවා මෙන්න මෙහෙම .

" කාට අහිමි උනත් , සාධු මල් පිපියන් පැට්ටෝ "