අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

මේ දවස් ටිකේ වැඩිය බ්ලොග් කියෙව්වේ නැහැ . දිගටම කරේ කොටපු එකම තමයි . කියෙව්වේ නැත්තේ මොකද ගොඩක් බ්ලොග් වල දේශපාලනය ගැන කතා වෙනවා දැක්...

මහින්ද මහත්තයෝ ඔබ තුමාට දීර්ඝායුෂ වේවා !






මේ දවස් ටිකේ වැඩිය බ්ලොග් කියෙව්වේ නැහැ . දිගටම කරේ කොටපු එකම තමයි . කියෙව්වේ නැත්තේ මොකද ගොඩක් බ්ලොග් වල දේශපාලනය ගැන කතා වෙනවා දැක්ක නිසා . මුහුණුපොතෙත් දේශපාලනය , ටීවී එකෙත් එහෙමයි , රේඩියෝ එකෙත් එහෙමයි පත්තරේ කඩේ පොලේ ෆුඩ් සිටියේ හැම තැනකම දේශපාලනය .

ඒකාකාරී උනාම එපා වෙනෙවා . ඒ නිසා මම බ්ලොග් වල දේශපාලනය කරේ නැතුව හිටියා . අද මේ ලිපිය කොටා මිරිකා පෙරා සයිබර්ගත කරන්න හිතුනේ උදේ මයිත්‍රී මහත්තයා දිනනවා කියලා දැනගත්තට පස්සේ ඉඳලා මුහුණු පොතේ ගිය ෆොටෝ ස්ටේටස් ඒවා මේවා දැකලා හිතට ආව දේවල් නිසා .

ආයේ ඉතින් බොරු කියන්නේ මක්කටෙයි . වයලීනොත් මේ පාර ජලජ පක්ෂියාට තමයි කතිරේ ගැහුවේ . ඒත් අපේ ගෙදර ඔක්කොම මහින්ද මහත්තයට තමයි කතිර ගැහුවේ . වයලීනෝ ගෙදර චන්ද සටන තනියමම රන් කරේ . මහින්ද පැරදෙන්න කලින් හිතුනේ නැති උනාට දැන් හිතෙන්නෙම පවු කියලා තමයි . බලය අතට ලැබුනම මිනිස්සු මාර විදියට වෙනස් වෙනවා . ඒක ස්වභාවයක් .







මුහුණු පොතේ ගොඩක් අය කියලා තියෙනවා දැක්කා බොරුවට මහින්ද ගීයාට අඬන්න එපා . එයා මේ පාරත් ආවනම් ෆොන්සේකාට කරපු ටිකම තමයි මයිත්‍රී මහත්තයටත් කරන්නේ කියලා . ඇත්ත ඒක වෙන්න පුළුවන් . ඔයාලට මතකද දන්නේ නෑ ධාතුසේන රජතුමාගේ කාලෙත් හිටියා දෙමල සෙට් එකක් ලංකාව අල්ලාගෙන . අපිට ඉතිහාසය උගන්නන කාලේ මේවා පාඩම් කරේ මෙහෙම .

අසේල - එළ
ධාතු - පන්ඩු
සේන - වල්ල
වල - පුල

අසේල රජතුමාගේ කාලේ එළාර ලංකාව අල්ලගත්තා . ධාතුසේන රජතුමාගේ කාලේ පන්ඩු හා පාරින්ද කියන අය ලංකාව යටත් කරගත්තා . සේන රජතුමාගේ කාලේ ශ්‍රීමාර ශ්‍රී වල්ලභ ලංකාව අල්ලගත්තා . වළගම්භා රජතුමාගේ කාලේ පුලහත්ත කියන කෙනා ලංකාව අල්ලගත්තා .








අන්න ඒවගේ තමයි කවදාහරි ලංකාව අවසන් වරට එක්සේසත් කරපු රජතුමා විදියට මහින්ද රාජපක්ෂගේ නමත් මහාවංශයට එකතු වෙන්නේ . ඒකෙ යම් තරමක අසාධාරණත්වයක් තියෙනවා . ඇත්ත . ඒත් වෙන්නේ ඒක තමයි . සමහරවිට ෆොන්සේකාව හිරේ දැම්මා කියලා කතා වෙයි . ඒත් මේවා ගැන අහපු දැකපු අපි තරම් අනාගත පරපුරවල් වල අය මේ ගැන හිතන එකක් නෑ . එයාලා කියයි ලංකාව අවසන් වතාවට එක්සේසත් කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කියලා .

අද කාලේ අපි මහාවංශය කියවනකොට , නැත්නම් වෙනත් පරණ ඉතිහාස පොත් කියවනකොට රචකයාගේ අභිප්‍රාය අනුව ලියවෙච්ච දේවල් ටිකක් විතරයි අපි දන්නේ . ඒත් ඒ කාලේ රජවරුත් අද කාලේ වගේම මාටියා ගහන්න ඇති , තව තව ඒවා ගහන්න ඇති . එයාලගේ ළමයිත් ඒවා ගහන්න ඇති . ඒත් ලංකාවේ අපේ ඉතිහාසය අද්විතීයයි . ඒ නිසා අපි ඉතිහාසයට ගරු කරන්න ඕන . මහින්ද මහත්තයත් දැන් ඉතිහාසයට එකතුවෙලා ඉවරයි . මොනවා කලත් උන්නැහේගේ නමත් මහාවංශයේ ලියවෙයි රන් අකුරෙන් . ඒකත් විශ්වාසයි . අපිට දැන් ලැබිලා තියෙන්නේ අලුත් නායකයෙක් . අපි බලමු මෙයාගේ නම මොන පාට අකුරෙන් මහාවංසයට යයිද කියලා .

මහින්ද මහත්තයට මම හැර අපේ ගෙදර අය හැමෝම චන්දෙ දුන්නා . ඒකට වැඩිම හේතුව උනේ ගමේකම . රත්නපුරේ උන්නට අපි මාතර . අපේ ඇඟේ දුවන්නේ තාමත් මාතර උණුහුම තියෙන ලේ . දකුණේ මිනිහා මොනවා උනත් දකුණේ මිනිහට තමයි සලකන්නේ කියලා මම අත්දැකීමෙන්ම දැකලා තියෙනවා . ඒ නිසා වෙන්නැති අපේ ගෙදර අයත් මහින්ද මහත්තයටම චන්දෙ දෙන්න ඇත්තේ .























මහින්ද පාලනය ගැන මගෙ කැමැත්ත අඩුවෙන්න පටන්ගත්තේ ශ්‍රී පාදස්ථානයට සලකන විදිය දැකලා . ඊට පස්සේ දළදා මාළිගාව , අපේ හදවතේ වැඩි තැනක් ගන්න දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය . සමන් දේවාලය කතරගම දේවාලය . මේ හැම එකකටම පත් වුනේ රාජපක්ෂ නම ගෑවුන අය . නැත්නම් රාජපක්ෂ ගොට්ටන් . එයාලා දේවාල සංස්කෘතිය වෙනස් කළා . ඒ නිසාම තමා වයලීනොට මේ රජාව එපා උනේ .

පස්සේ ඉතින් මාටියා ගැහිලි , හයිවේ කේස් , දූෂිත පවුල් දේශපාලනය අරවා මේවා ඔක්කොම දැනගත්තට පස්සේ තව එපා උනා . අන්තිමටම එපවෙලාම ගියේ ශ්‍රී පාදස්ථානයේ නායක හාමුදුරුවෝ සබරගමුව මහා සමන් දේවාලයේ සිරිත් විරිත් වෙනස් කරපු නිසා . ඒවා මම ලියයි ඉස්සරහට ටික ටික . ඒ එක්කම ශ්‍රී පාදස්ථානයේ දොළොස්මහේ පහන සහ ඝන්ටාරය මාරු කරපු එකත් මගේ හිතට හරිම අවුල් . මේ ඔක්කොම නිසා වයලීනෝ ගමේකම අමතක කළා ඔන්න .

චන්දෙට කලින් දවසේ මහින්ද මහත්තයා රත්නපුරේ ආවා . ඒ ආවේ අපේ සමන් දේවාලෙට . ඇවිත් තියෙන්නේ ශ්‍රී පාදස්ථානයේ දොළොස්මහේ පහන මාරු කරපු එකට සමාව ගන්න කියලා තමයි රත්නපුරයම වාගේ කතා වුණේ . මමත් එදා අහම්බෙන් දේවාලේ ගියා . ඒ ගියේ ගෙදර ඉන්න කම්මැලි කම නිසා . පස්සේ තමයි දැනගත්තේ රජතුමා දේවාලෙට එනවා කියලා . අවසන් මොහොතේ හරි , පළවෙනි වතාවට මම රාජපක්ෂ මූණ දැක බලා ගත්තේ එදා තමයි .







මහින්ද මහත්තයෝ ඔබතුමාට මොනවා නැතත් දේව ශාපයෙන් මිදෙන්න බැරි විත්තිය කවුරුත් එදා කතා උනා . මොනවා කොරන්නද ඉතින් . ඔබතුමාට දැන් බලය නැති නිසා අපිට ගමේ කමට සලකන්න පුළුවන් ඔන්න . වයලීනෝ අද මියැසියේ රසකතා ලියන්නේ ඔබ තුමා වෙනුවෙන් .

රජෙකු උනත්  ගිලන් වෙලා 
එක් තැන් උන දා
කියනවාට සැකයක් නෑ 
සැකයක් නෑ  
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා 

ඉසුරු සමඟ හාද වෙලා 
නොසතුට ආ දා 
දැනෙනවාට සැකයක් නෑ 
සැකයක් නෑ 
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා

බැරි උන දා නෑදෑයන් 
අත හැරගිය දා
හිතෙනවාට සැකයක් නෑ 
සැකයක් නෑ 
විශ්වාසය හැර  නෑයෙක් ලොවේ කොයින්දා

ගායනය  සුනිල් එදිරිසිංහ
සංගීතය  රෝහණ වීරසිංහ
රචනය  මහින්ද චන්ද්‍රසේකර







රජෙකු උනත්  ගිලන් වෙලා
එක් තැන් උන දා
කියනවාට සැකයක් නෑ
සැකයක් නෑ
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා

මහින්ද මහත්තයෝ . ඔබතුමාට කවදාහරි තේරෙයි රජෙක් වෙලා හිටියට සනීප නැතුව එක්තැන් උනාම නිරෝගී සැප තරම් රජ සැප වටින්නේ නැහැ කියලා . ඔබතුමාට කවදාවත් මාරයා වළක්වන්න බැහැ . ඒත් ඒ වෙනකල් ජීවිතයේ වටිනාම දේ වෙන්නේ නිරෝගීකම . මේක ඔබතුමා මැරෙන්න කලින් මතක ඇතුව නාමල් මහත්තයටත් උගන්නල තියන්න . නැත්නම් පස්සේ කාලෙකදී එයාටත් කරදර වෙයි .

ඉසුරු සමඟ හාද වෙලා
නොසතුට ආ දා
දැනෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා

ඔබතුමා කොච්චර දේවල් හම්බකරගත්තත් , ඔබතුමාගේ පවුලේ අය කොච්චර හම්බකරගත්තත් ඕවා නෙවෙයි . කවදා හරි වටිනාම ධනය වෙන්නේ සතුට . තමන්ට පුළුවන් නම් තමන් ආපු පාර දිහා බලලා සතුටු වෙන්න . අන්න ඒක තමයි ලෝකයේ තියෙන ලොකුම ධනය වෙන්නේ .

බැරි උන දා නෑදෑයන්
අත හැරගිය දා
හිතෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
විශ්වාසය හැර  නෑයෙක් ලොවේ කොයින්දා

අතපය වාරු නැති දවසට නෑයොත් නැතිවෙයි . කොටින්ම මුරකාරයාවත් තමන් දිහා හැරිලා බලන එකක් නෑ . ඒ නිසා තමන්ගේ ජීවිතය ගැන තියෙන විශ්වාසය තමයි තමන්ට බැරි දවසක තමන්ට හයියට හිටින්නේ . ආයෙත් ඔබතුමා දේශපාලනයට ඇවිත් තවත් අවමාන විඳිනවට වඩා හොඳයි මෙහෙමම පැත්තකටවෙලා ඉන්න එක . සිංහලයා කියන්නේ හරිම ඉක්මනට අමතක වෙන ජාතියක් . තමුන්නැහේ මේ කරපු දේවල් සිංහලයාට ඉක්මනටම අමතක වෙලා යයි . ඒ නිසා ඉක්මනටම සරස්වතී තෙල හිඳින හැටි කියලා දෙන්න ඕන සිංහලයට .

එහෙනම් යාළුවනේ අපි තරහා මරහා අමතක කරලා අපේ රට එක්සේසත් කරපු අවසන් රජතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු .





මහින්ද මහත්තයෝ ඔබ තුමාට දීර්ඝායුෂ වේවා !

භවතු සබ්බ මංගලම්
රක්කන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානු භාවෙන
සබ්බ ධම්මානු භාවෙන
සබ්බ සංඝානු භාවෙන
සදා සොත්ති භවන්තුතේ 

14 comments:

  1. අපේ රට තවම ජය ගත්තේ නැත. යන විදියට ෂුවර්ද නැත.

    ReplyDelete
    Replies
    1. ඔව් . මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ

      Delete
  2. පූජාසනයේ ඔබ හිදුවා
    ඔබට පුදන මේ ලෝකයමයි
    ඔබට ඒරෙහි වී නැගිටින්නේ........................

    ReplyDelete
    Replies
    1. චඃ . ඒක හිතට ආවනම් ඒකත් කොහෙන් හරි ලියලා දානවා . එළකිරි මතක් කරපු එක . g-) g-) g-)

      Delete
  3. //ඔතනින් මට මතකයි ධාතුසේන රජතුමා ලංකාව එක්සේසත් කරාට පස්සේ එතුමාගේ සේනාධිපතිව එතුමා විසින් හිර භාරයට අරන් මරවනවා . ඉතින් ඒකට වෛර බැඳපු ඒ සේනාධිපතිගේ බෑණා තමයි කාශ්‍යපට කේලම් කියලා ධාතුසේනව මරවන්නේ .//

    මචං වයලා, මට මතක හැටියට නම් ඉතිහාස පොත්වල තිබුනෙ වෙන කතාවක්. ඔය කියන සේනාධිපති රජුගෙ බෑනා. ධාතුසේන රජු විසින් මරවන්නෙ ඔහුගෙ මව. නැතිනම් තමන්ගෙම එක්කුස උපන් සහෝදරියව. ඒ වගේම නෑනල මස්සිනාල වන සේනාධිපති සහ රජුගෙ දුව හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. (ඔය වකවානුව අලලා රචනා කරපු, නවසිය හැටගනන්වල සිළුමිණ පත්තරේ කොටස් වශයෙන් පළවූ, මා ආසාවෙන් කීප වරක්ම කියවූ සෝමපාල රණතුංග මහත්මයගෙ ‘ශෛල කල්‍යාණි‘ රසාලිප්ත ඓතිහාසික නවකතාවෙ පිටපතකුත් මගේ ළඟ තියෙනව.)

    //මහින්ද මහත්තයට මම හැර අපේ ගෙදර අය හැමෝම චන්දෙ දුන්නා . ඒකට වැඩිම හේතුව උනේ ගමේකම . රත්නපුරේ උන්නට අපි මාතර//

    රත්නපුරේ ඉඳන් උඹලෑ ගෙදර අය මාතර නිසා මහින්ද මහත්තයට කතිරෙ ගැහුවට මාතර ඉන්න අපි වත් එහෙම කළේ නෑ බං. මනුස්සයෙක්ට රෙද්දක් ඇඳන් එයාට ඡන්දෙ දෙන්න පුළුවන් තත්ත්වයක් නෙවි එතුමා තමන්ගෙ ධූර කාලෙ අවසන් වසර කීපයෙ ඇතිකරගත්තෙ. හැබැයි මාතර දිස්ත්‍රික්කයෙන්ම මාතර ආසනය විතරයි ඔහු පැරදුනේ.

    ReplyDelete
    Replies
    1. අහ්හ් එහෙමත් එකක්ද . ඉන්ට බලන්ට .

      Delete
    2. මම ඒ ටික අයින් කරා . හොයලා බලලා ආයෙත් දාන්නම් . මේක ගොඩක් අය කියවන නිසා තියන ඒකත් අවුල් වෙනවනේ මේක තියෙන එක . නේද . හ්ම්ම් හ්ම්ම්
      බොහොම ස්තූති g-) g-)

      Delete
  4. මෙන්න මගේ කාලීන දේශපාලන විග්‍රහය පැමිණ කියවා අදහස් දක්වන්න

    ReplyDelete
    Replies
    1. එළකිරි . මම කියෙව්වා . ෆලෝ පාරකුත් දැම්මා .
      බොහොම ස්තූති !!! g-) g-)

      Delete
  5. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.. කියන විදිහට ව්‍යවස්ථා වෙනස් වෙලා දවසක මහින්ද මහත්තයා ආයෙම අගමැති වෙන්න උනත් බැරි නැහැනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් . වෙන්න පුළුවන් . කවුරු කවුරුත් වාසි පැත්තටනේ හෝයියා වෙන්නේ :p :p :p

      Delete
  6. Vialeeno, do you know what happened to the ancient brass bell Sripada Sthanya? This is the reason to install the new bell. Hidden agendas.

    ReplyDelete
  7. මචං දැන් දාන්න පුළුවන් දෙවැනි දොන් ජුවාන් ධර්මපාල චෙීතිය රජතුමාගේ කාලේ විග්නේෂ්වරම්-සිවාජිලිංගම් ට රටම ආක්‍රමණය කරන්න පුළුවන් උනා. මිනිස්සු හැමෝම හොඳට කාලා කාර්වල ගියා. දේශපාලකයො වියදම් අඩුකරන්න කරත්තවල ගියා කියලා.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.