Wednesday, December 24, 2014

කූට දත්ත මසුරු වෙළෙන්දූ - වෙළඳ සුරින්දූ







කැම්පස් ගියාම එපාවෙන ප්‍රධානම අප්සැට් එකක් තමයි දිව පිනන අම්මා අතින් උයන කෑම පිඟාන මිස් වෙන අවුල . වයලීනෝගේ ගෙදරත් කෑම උයන්නේ මාතර පදමට නිසා වයලීනෝ කොහෙන් කොහොම කෑවත් ලුණු ඇඹුල් මිරිස් තුනපහ ගැන මනා විමසිල්ලෙන් ඉන්නේ . ගෙදරනම් ලුණු පොඩ්ඩක් මිරිස් පොඩ්ඩක් එහා මෙහා උනාම දන්න අඩව් කස්තිරම් ඔක්කොම අල්ලනවා .

ලීඩර් ෂිප් ට්‍රේනින් එකට ගිය දවස්වල ඒකෙ වෙන මහන්සියයි , මහන්සිය නිසාම හැදෙන බඩගින්නයි නිසා දෙන ඕන මගුල කාලා දැම්මා . ඒත් ඒ පුරුද්ද ආයෙත් අප්සැට් උනේ කැම්පස් ගියාට පස්සේ . හම්මේ කැන්ටිමේ බත් එක . කියලා වැඩක් නෑ . දිව්‍ය බෝජන පරාදයි , කිව්වේ දෙවියන්ගේ කුස්සියේ වැඩ කරන එකා කන කෑම එක පරාදයි .

ඒ නිසාම වයලීනෝ කටින් කකා හිටපු කෑම පිටින් කන්න පටන් ගත්තා . ඔහොම පිටින් කන්න පටන් ගත්තට පස්සේ කැම්පස් එක කිට්ටුව තියෙන කෑම කඩ ඔක්කොම වගේ පරීක්ෂා කරා වේල වේල ගානේ කාලා . පස්සේ කඩ දෙකක් පරීක්ෂණයෙන් සමත් උනා .





ඔයින් එක කඩයක් කරන්නේ අක්කා කෙනෙක් . අක්කා කෙනෙක් කිව්වට ඉතින් මේ අක්කා එයාහේ හස්බන්ඩා අයියත් එක්ක තමා කඩය කරගෙන යන්නේ . දවසක් අක්කා ගාව මාරු සල්ලි නෑ කියලා මගෙන් කෑම එකට සල්ලි ගත්තේ රුපියල් 10ක් අඩුවෙන් . පහුවෙනිදා මම කෑවේ අනිත් කඩෙන් . ඊටත් පස්සේ දවසේ ආයෙත් මේ අක්කගේ කඩෙන් කාලා සල්ලි දෙනකොට අක්කට මම කිව්වා " අක්කේ ඉතුරු සල්ලි වලින් තව දහයක් ගන්න පෙරේදා සල්ලි අඩුවෙන් ගත්තේ " කියලා . ඉතින් අක්කා සල්ලි අරගෙන මට ටැංකු මල්ලි කියලත් කිව්වා .

බත් කඩේක අක්කෙක් ටැංකුයි කියලා කිව්වමයි . පස්සේ මම දිගටම ඒ කඩෙන්ම කන්න ගත්තා . අක්කා ඉතින් අපි අක්කා කියලා කිව්වට අපේ අම්මට වඩා ටිකක් විතර තමා වයසින් බාල . අක්කා අපෙන් හැමදාම බත් එක බෙදන ගමන් අහනවා කොහොමද මල්ලි අද උගන්නපුවා තේරුනාද ? එක්සෑම් ලේසිද ? කෝ අද යාලුවා දැක්කේ නැහැනේ සනීප නැතුවද ? කියලත් .

දවසක් මමයි මගේ කුටියයි කෑම කනකොට අක්කා ඇහුවා අද කොහොමද මල්ලි එක්සෑම් කියලා . පස්සේ මගේ කුටියා කිව්වා හම්මෝ අක්කේ එක්සෑම් කෙසේ වෙතත් නිදි මරලා එපා වෙලා ඉන්නේ කියලා . අක්කගේ මහත්තයා අයියත් එතන හිටියා සල්ලි ගණන් කර කර . අයියා කියනවා අපි දෙන්නට ,






" හපෝ මල්ලි ඔයාලට නිදි මරන්න තියෙන්නේ මේ ටික විතරයි . අපි දෙන්න හැමදාම නිදාගන්නේ 12ට ආයෙත් 3ට නැගිටිනවා . ජීවිතේම එහෙමම තමයි . ඔයාලා හොඳට ඉගෙන ගෙන ලොකු මහත්තුරු වෙන්න .එහෙම වෙලා කාර් එකක් එහෙම අරගෙන ඒකෙන් යන දවසට අපේ කඩේටත් එන්නකෝ මේ වගේම බත් කටක් කාලා යන්න " කියලා .

මේ අක්කගෙයි අයියගෙයි මනුස්සකම ගැන මම හැමවෙලේම වගේ කල්පනා කරා . එක අතකට එයාලාගේ කපටිකම වෙන්නත් පුළුවන් ඒක . මොකද ඕක මාකටින් ට්‍රික් එකක් වගේ . මිනිස්සු එක්ක ලඟින් ආස්සරේ කරනකොට තමන්ගේ භාණ්ඩ හා සේවාවන් මාකට් කරන්න පුළුවන් දලමට . ඒත් කාලයක් ආස්සරේ කරාම හිතුනා ඒ එයාලගේ කපටිකමක්මත් නෙවෙයි කියලා . මොකද එයාලා අපිට කතා කරන්නේ අපේම නෑදෑයෝ වගේ . වෙලාවකට අම්මා තාත්තා වගේම අපිට් අවවාද දෙනවා .

මේ ලඟදි දවසක් දැක්කා අක්කගේ ජීවිත කතාව පත්තරේ දාලා තියෙනවා . ඒ පත්තර කොලේ අක්කා කඩේට එන අයට පේන්න කඩේ බිත්තියේ අලවලා තිබුණා . ඉතින් දවසින් දවස බත් කන ගමන් පොඩ්ඩ පොඩ්ඩ ඕක
කියෙව්වා . බලනකොට අක්කත් මාතර ඩයල් එකක් . මට කෑම එකත් අල්ලලා ගියේ අක්කලා උයන්නේ මාතර රහට නිසා වෙන්න ඇති කියලා හිතුනා .

කතාවෙන් අපිව අල්ලගෙන අපිට බත් කවලා හම්බ කරන මේ අක්කයි අයියයි කූට දත්ත මසුරු වෙළෙන්දන් උනත් අක්කා මාතර කියලා දැනගත්තට පස්සේ අක්කා කොහෙද කියලා දැනගන්න හෙන උවමනාවක් තිබුණා . මම ඉතින් දවසක් ඇහුවා අක්කාගෙන් අක්කා මාතර කියලා පත්තරේට කියලා තියෙන්නේ මාතර කොහෙද අපේ මහ ගෙවල් තියෙන්නේ සිංහාසන පාරේ කියලා . පස්සේ ඉතින් යනු එනු ගැන කියනකොට අක්කා අපේ නෑයොන්ගේ ගෙවල් වලත් යන එන ආස්සරේ කරන එක්කෙනෙක් .







මමත් බාගෙට මාතර පීතර කෙනෙක් කියලා දැනගත්තම අක්කා මට කියනවා " මේ පැතිවල අය දන්නේ නෑ මල්ලි බිස්නස් කරන්න . වැඩි හරියක් මෙහෙ බිස්නස් කරන අය කෝහෙද කියලා බැලුවොත් හැමෝම වගේ දකුණේ අය තමයි " කියලා .

තව සිද්දියක් තියෙනවා අද ගීතයත් එක්ක බැඳුනු .

උඩ සීන් එකට වඩා මටනම් මෙන්න මේ සීන් එක ආතල් . සෙනසුරාදා දවස් වලට වයලීනෝ වැඩි හරියක් සමන් දේවාලේ යනවා කියලා ගොඩක් දෙනෙක් මගේ පොස්ට් කියවන අය දැන් දන්නවා ඇතිනේ . ඔහොම ගිය දවසක බෙල්ලේ එල්ලන්න මොකක් හරි ගන්න ඕන කියලා තොරොම්බෝල් කඩ කීපයක් වටේ කැරකුනා .






ඒ කැරකි කැරකි ඉන්නකොට මතක් උනේ වයලීනෝ බබා කාලේ වයලීනොගේ ආච්චිඅම්මා වයලීනොගේ බෙල්ලේ එල්ලපු ගජ්මදාරා සුරේ . ඒක මොඩිෆයි කරන්න මොකක හරි ගත්තනම් හරි කියලා හිතලා කොටි දතක් වගේ ප්ලාස්ටික් වලින් හදලා තිබ්බ අයිටම් එකක් දැකලා අතට ගත්තා .

කඩේ හිටියේ අවුරුදු 30ක් විතර වෙන අයියා කෙනෙක් . ඌ නැගිටලා එතන හිටපු අවුරුදු 10ක විතර පොඩි එකෙක්ට කියලා ගියා " මම  කාලා එනකල් කඩේ බලාගන්න " කියලා . මම ඉතින් අර අතට ගත්ත කොටි දත වගේ එක අල්ලන් ඒ පොඩි එකාට කිව්වා " ඔයා දන්නවද මේවායේ ගණන් කොහොමද කියලා " කියලා .

පස්සේ ඒ පොඩි එකා කියනවා මහත්තයා මොකද්ද ගන්න බැලුවේ කියලා . මම ඒ කොටි දත වගේ අයිටම් එක නූලත් එක්කම අරන් ඌට පෙන්නුවම මෙන්න මූ කියාපි

" මහත්තයා ඕක එකසිය හතළිහක් වෙනවා එකසියදහයට වගේ දාලා දෙන්නම් " කියලා . මම ඩිම් උනා පින්වතුනී . සමන් දෙවියන්ගේ පිහිටෙන් තමා ආයෙත් පත්තු උනේ . ඒ කඩේට අල්ලපු කඩේ හිටිය මැදි වයසේ ඇන්ටි කෙනෙක් . ඒ ඇන්ටි එවෙලේ ඇර පොඩි එකාට කතා කරලා අහනවා

" ඒ කොල්ලෝ මේ සෙල්ලම් ඩෝසරේ කීයටද දෙන්න ඕන කියලා . ඌ කියාපි එතකොට ඕක දෙසිය හැටක් වෙනවා . දෙසිය තිහකට දාලා දෙන්නම් " කියලා . මම එවෙලේ ඩිම් වෙච්ච ඩිම් විල්ල පත්තු උනේ ආයෙත් ගෙදර ආවටත් පස්සේ . මම ඇර කොටි දත් අයිටම් එක අරගෙන එකසිය හතළිහම දුන්නා පොඩි එකෙක්නෙ කියලා . මෙන්න ඌ මට තිහක් දීලා කියනවා කමක් නෑ මහත්තයා එකසිය දහය ඇති කියලා . මූ ලොකු උනාම යකෝ සමන් දෙවියොත් මාකට් කරන සයිස් එකේ එකෙක් .

ඔන්න ඔහොමයි වෙළඳාම කියන එක . බස් එකකට නැග්ග වෙලේ ඉඳලා කී දෙනෙක් කීයක් ඒවා වෙළඳම් කරනවද . ඒවා ගැන ඉතින් ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැනේ . පහල ඇති එහෙම වෙළඳාම් කරන කීප දෙනෙක් බස් එකේ බෙදන කොළ වල ෆොටෝ දෙක තුනක් මම ගත්ත ඒවා .










මේවා ඔක්කොම එක්ක මට මතක් උනා මෙන්න මේ ගීතය මේ සිද්දිත් එක්ක ගැළපෙනවා කියලා . අද මේ ලිව්වේ ගීතයේ තේරුම කියා දෙන්න නම් නෙවෙයි . මට ඕන උනේ වැඩිපුර ඇහෙන්නේ නැති මේ ගීතය ඔයාලට මතක් කරලා දෙන්න විතරයි .

සත් මුතු පරපුරක් පුරා
පුන් සඳ වූ වෙළඳ පුලඹරේ
කූට දත්ත මසුරු වෙළෙන්දූ 

වෙළඳ සුරින්දූ 

සිනහ සපිරි මුසා බසින් හිත රවටන්නා 
නෙත පිනවා හිත රවටා අත පුරවන්නා 
පින් නොලදත් දන් දෙන්නට තරඟ වදින්නා 
කූට දත්ත මසුරු වෙළෙන්දූ 
වෙළඳ සුරින්දූ 

නුවරුන්ගේ දුක් ගින්දර සංසිඳවන්නා
සුරලොව සැප සැනෙකින් මිහි මතට ගෙනෙන්නා 
කල දුටු කල වල ඉහිනා සිරිත රකින්නා 
කූට දත්ත මසුරු වෙළෙන්දූ 
වෙළඳ සුරින්දූ 

ගායනය - අමරසිරි පීරිස් මහතා 




මේ ගීතය මට ඉස්සෙල්ලම අහන්න ලැබුණේ ටිකක් ඉස්සර කාලේ . වී ජේ මු ලොකුබණ්ඩාර මහත්මයා කථානායක වෙලා ඉන්න කාලේ කථානායක නිල නිවස ඉස්සරහා දෙසැම්බර් 31 දවසක සංගීත සංදර්ශනයක් පවත්වපු එකක් ටීවී එකේ පෙන්නුවා . ඒක සංගීත සංදර්ශනයක් කිව්වට බුංගු හුචාන් එකක්මත් නෙවේ . හොඳ අහන්න පුළුවන් ගීත තමා ගායනය කෙරුනේ . මෙන්න මේ ගීතය මට ඉස්සෙල්ලම අහන්න ලැබුණේ එදා තමයි . ඒක අලුත් සහ සිත් ගන්නා සුළු නිසා මතකයේ රැඳුනා . ඒත් ආයෙත් ගීතය හොයාගන්න ඒ කාලේ නෙට් වත් තිබුනේ නෑ . රේඩියෝ වලත් මේ ගීතය වැඩිය වාදනය වෙනවා ඇහුනේ නෑ .

ලියන්න ඕන කියලා හිතුන නිසා හොයලා බලනකොට තමා ගීතය හොයාගත්තේ . එහෙනම් ඔයාලත් අහලා බලන්න . තේරුම මොකක්ද කියලා අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ . සරල පදවැලක් වගේම සරල සංගීතයක් තමයි මේකේ තියෙන්නේ . සංගීතය සහ පද රචනය කවුද කියලා හොයාගන්න උනේ නැහැ . දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න .






එහෙනම් ආයෙත් මොකක් හරි ලියාගෙන එන්නම් . ගීතයත් අහලාම යන්න

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

29 comments :

  1. කඩේ අක්කා නිදාගන්ඩ කලින් අයියත් එක්ක සිංහල බ්ලොග් කියවනවලු පැයබාගයක්වත් , දැං ඉතින් කන්ඩ වෙන තැනක් හොයා ගනිං

    ReplyDelete
    Replies
    1. ඔය යට තියන හිනා මුහුනු ටික ගත්තේ කොහෙන්ද කියහංකො

      Delete
    2. හම්මට උඩු . එහෙමද ?
      අවුලක් නෑ . අයියා හොඳයි අක්කා හොඳා,,,,,,,,,,,,,,,,,,,,,,,යි :p :p :p

      Delete
    3. නොදනිමි . සිංදුවා තමා මේවට වග කියන්න ඕන .

      Delete
    4. මම ඔය නෙට් එකෙන් අරන් පොඩි ප්‍රෝග්‍රෑමින් පාරක් දාලා කලෙක්ෂන් එකක් හැදුවා. මම ඒ කෝඩ් එක මේල් පාරක් දාන්නම් අටමට, හැබැයි එවන්න වෙන්නේ සඳුදට, නිවාඩුවට ලැප බෝඩින්ගත කරලා ආවේ.
      :D

      Delete
  2. යකෝ .... බලන් ගියාම අහන අහන එකා මාතර නෙව. කාටද ආඩම්බර. දාපන් මචං පහක් ! d-)

    කොහොමටත් රට වටේම ඉන්න බත් කඩකාරයොන්ගෙන් වැඩි හරියක් මාතර තමා මම හිතන්නෙ, මාතර කට්ටිය තුනපහ මිරිස් යහමට දාලා රසට උයනවා. සින්දු නම් මන්දා බන්ස්, කෑම දැකල මට බඩගිනිත් හැදුනා. උඹත් අර මාරය අයියා වගේනේ. තාම උදේට කෑවෙත් නෑ, දැන් ගිහින් කන්න ඕන.

    මේ ඒක නෙවි, උඹ ඔය උඩ තියෙන බත් පිඟානට පොටෝ එක ගැහැව්වට පස්සෙ තව බත් හැඳි කීයක් විතර දැම්මද. ඇයි මනුස්සයො මම එක කටටත් කනව ඔයිට වැඩිය බත්. :))

    ReplyDelete
    Replies
    1. හලෝ කොහොමද වාස දේස ? කාලෙකින් දැක්කේ . තව ටික දවසකින් මාතර පැත්තට බර පරපුරවල් වල නම් ලිස්ට් එකක් පෝස්ට් කරන්න කියලා හිතාන ඉන්නේ . ඒ නම් ටික දැම්මම රටෙන් භාගයක්ම දකුණට කියලා හිතෙයි කස්ටියට . හඃ හඃ හඃ

      මේ කාටවත් කියන්න එපා . ඒ මම ගහපු ෆොටෝ එකක් නෙවේ . මමත් ගූගල් කරලා අරගෙන තමා දැම්මේ උඩ තියෙන බත් පිඟන්වල ෆොටෝ කෑලි ටික . හික් හික් හික් .......... :p :p :p :p

      බොහොම ස්තූති g-) g-) g-) g-)

      Delete
    2. යකෝ මාර කතාවක් නේ .................. ඒතකොට දකුණ තමයි පොරවල් ඉන්නේ...... මේ නිකං අමාරුවේ නොවැටී ඉන්න හරිය.................. අපි නුවර හරිය.......................

      Delete
    3. හෙම්බා මාතර පුරවරයේ උපන් අභීත සිංහලයිනී ................. වහා නැගිට වරෙවු . කුරුට්ටාගේ කුරුටු ගෑ ගී පවුර තවත් කුරුටු ගාපියවූ..................

      මේ මේ මාතර කියන්නේ බුද්ධිමතුන් බිහි කල දේශයක් හරිය b-( b-( b-( b-(

      අනගාරික ධර්මපාල
      කුමාරතුංග මුනිදාස
      ගජමන් නෝනා
      අත්කුඩාවේ සිරි රාහුල හාමුදුරුවෝ
      සනත් ජයසූරිය
      මහාචාර්ය වයලීනෝ

      වගේ අය මාතර මුල් බැසගත් උදවිය හරිය b-( b-( b-( b-(

      හිහ් හිහ් හිහ් හිහ්

      Delete
    4. අපිත් මාතර තමයි යකුනේ

      Delete
    5. ආඩම්බරයි පුතේ =)) =)) =)) =))

      Delete
    6. //ඒ මම ගහපු ෆොටෝ එකක් නෙවේ . මමත් ගූගල් කරලා අරගෙන තමා දැම්මේ//

      නෙ...ද්දකිං ! මෙච්චර තෙපරබාලත් උඹ ඒකත් අරන් දැම්මෙ ගූගලෙන් ද? අනිත් දවසෙ අරහෙන් මෙහෙන් ඉස්සුවම ගත්තෙ මෙහෙන් කියලත් දාහං, අයිතිකාරයොන්ට ගරුකිරීමක් විදියට, තව ඉතිං වැරදි වැටහීම් ඇති නොවෙන්න. හරි .. හරි ... කොහොම හරි එහෙනම් ඊට වැඩිය ලොකු බත් පිඟානකට වග කියන්න උඹට බාධාවක් නැහැ නෙව දැන්. :D


      අර ලිස්ට් එකට තව හුඟක් නම් එකතු වෙන්න ඕන බං, ඒ වගේම ඒකට බුද්ධිමතුන් කියලම යොදන්න අමාරුයි - හෙඩිම සංශෝධනය වෙන්න ඕන.
      අවසන් වශයෙන් අර අන්තිමට තියෙන නම - මහාචාරිය පොල්ගානෝට පස්සට පාරක් දීල ලිස්ට් එකෙන් එළියට දාන්න ඕන. =)) =)) =))

      Delete
    7. මාතර උපං බුද්ධිමත් සනත් ජයසූරිය මහතා රුහුණු කැම්පස් එකේ නූගතුන්ට එල්ල කල නින්දිත ප්‍රහාරය හෙලා දකිමු. හැක් හැක්..

      Delete
    8. ඔව් . මමත් හෙලා දකිනවා . සිරා

      Delete
  3. //මේ පැතිවල අය දන්නේ නෑ මල්ලි බිස්නස් කරන්න . වැඩි හරියක් මෙහෙ බිස්නස් කරන අය කෝහෙද කියලා බැලුවොත් හැමෝම වගේ දකුණේ අය තමයි //
    ඔව් ඔව් ඒකනේ අර බෙන්තර ගඟෙන් එහා කතාවක් තියෙන්නේ.
    මල්ලි මොකද කියන්නේ බ්ලොග් බිස්නස් එකක් අපි දෙන්නා පටන් ගමුද ?

    ReplyDelete
    Replies
    1. මචං , d( d( d( d(

      මම වෙලාවක සිතියමක් ඇඳලා පෙන්නනම් බෙන්තර ගඟ කොහෙද තියෙන්නේ නිල්වලා ගඟ කොහෙද තියෙන්නේ කියලා . බෙන්තර ගඟෙන් එහා තියෙන්නේ ගෝල්දේසේ . අර සූර පප්පලා හිටපු දිහාව . බුද්දීමතුන්ගේ නගරය තියෙන්නේ නිල්වලා ගඟ අසබඩ .

      සමෝධානිත ආර්ථිකය ප්‍රතිපත්තියක් ගොඩනගන්න වෙනවා එහෙනම් . බලමු ව්‍යවස්ථාව සංශෝධනය කරලා . කුණු හේදිලා ගියාම ලාභය කොහොමද කියලා .

      Delete
  4. මටත් කැම්පස් බත් මතක් උනා මේ පෝස්ටුව දැකලා. ඒ කාලෙ අපි ගෙවපු ජීවිතේ දැන් මතක් වෙනකොට දුකයි වගේ. ආයෙ එහෙම කාලයක් එන එකක් නෑ.

    මාතර කොස් ඇට සුද්ද නොකර උයන්නෙ මොකෝ බං? ඒ කාලෙ බෝඩිමේ හිටපු මාතර එවුන් බත් එකක් ගෙනාපුවම අපි බැන බැන කන්නෙ 'මාතර කම්මැලි ගෑණු කොස් ඇට සුද්ද කරන්නෙ නෑ ' කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය වාක්‍යය ඔහොමම මමත් ගෙදර කියනවා අපේ අම්මලට . සිරාවටම මාතර ගෑනු කම්මැලි කමට හදාගත්ත එකක් වෙන්නැති ඒක . හැබැයි මෙහෙම එකක් තියෙනවා .

      සමහර කොස් ඇට තැම්බෙනකොට පිටි ගතිය නිසා දිය වෙන්න බලනවා . ඒනිසා වෙන්න ඇති මෙයාලා පොතු පිටින් උයන්නේ . උයනකොට කොස් ඇට වතුරෙනුත් තම්බලා ආයේ පොල් කිරි වලිනුත් තැමබෙනවනේ . කොහොමහරි මමත් කියන්නේ ඒක කම්මැලි කමට හදාගත්ත එකක් කියලා තමා

      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
    2. ම් .... අපේ ගෙවල්වල නම් කොස් උයන කොට කොස් ඇට ශුද්ධ කරල ගන්නෙ. ශුද්ධ කරන්නෙ කොස් ඇටේ මොකකින් හරි තලල. ඒ නිසා කොහොමත් කොස් ඇටේ කෑලි කීපයකට කැඩෙනව, නැත්නම් කපල ගන්නව. උයන කොටත් හට්ටියෙ යටට දාන්නෙ කොස් ඇට - උඩින් තමා කොස් දාන්නෙ. ඒ නිසා කොස් ටික තැම්බෙනකොට කොස් ඇටත් හොඳට තැම්බෙනව. කොස් හුඟක් ලා නම් ඔන්න සම්පූර්ණ ඇටේම දානව. මොකද ඒවයෙ සිවිය තලන්නෙ නැතුව අයින් කරන්න පුළුවන්, අනික ලා නිසා ඉක්මනට තැම්බෙනව. මේ පැත්තෙ හුඟක් තැන්වල මම දැකල තියෙන්නෙ එහෙම උයනව. කොස් ඇට ශුද්දකරන්නෙ නැතුව උයන අයත් ඉන්නවද මන්දා.

      Delete
    3. මේ කියන්නේ කොස් එක්ක කොස් ඇට දාලා තම්බන එකේ නෙවෙයි මම හිතන්නේ . කොස් ඇට උයනවා කියන්නේ කොස් ඇට විතරක් ව්‍යංජනයක් විදියට හදන එකට වෙන්න ඕන . කොස් එක්ක තම්බනකොටනම් අපෙ ගෙවල් වලත් කොස් ඇට සුද්ද කරලා තමයි දාන්නේ .

      Delete
    4. ඔය දෙවර්ගයම මාතරින් ආවෙ සුද්ද නොකර :)

      Delete
    5. එහෙනම් හරී අනිවා කම්මැලි ගෑනියෙක් තමා. ෂුවර් එකටම වෙන පළාතකින් මාතරට දීග ආපු බවලතෙක් වෙන්ටෝන. ;)

      Delete
    6. අන්න හරි . මාතර ශ්‍රී නාමය කන්න ආව කෙනෙක් වෙන්න ඕන . =)) =)) =)) =))

      Delete
  5. මාගේ උපත : මාතර.. එල වයලිනෝ..තව ලියහන්. යකෝ අහන අහන හෑම එකාම දකුනෙ. එල..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම් ...... ආඩම්බරයි පුතේ !!

      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  6. හෙක් හෙක් හෙක්....මහාචාර්ය වයලිනෝ...ආඩම්බරයි ඈ..=D>

    ReplyDelete
    Replies
    1. ආඩම්බරයි පුතේ =)) =))

      Delete
  7. වයෝ මලේ.. මටත් ටික කාලයක් ඔය කොළඹ කඩ කෑම කන්න වෙලා මගෙත් පුරුද්දක් තිබ්බ මාතර රතු කැකුළු කඩේකින්ම කන්න.. දෙහිවල, කළුබෝවිල, බොරලෙස්ගමුව, මහරගම, නුගේගොඩ ඒරියල් එකේ ඔක්කොම වගේ මාතර රතු කැකුළු කඩ වැඳල තියෙයි.. හැබැයි සමහරුනම් බෙන්තර ගඟෙන් එගොඩහට ගිහින් තිබ්බේ නෑ කඩේ නම මාතර උනාට :D

    ReplyDelete
    Replies
    1. ඔව් . නමට මාතර නම දාගෙන බත් කඩ කරන උනුත් ඉන්නවා තමා නේද . එහෙම හරි කමක් නෑ කන්න පුළුවන් කෑමක් දෙනවනම් . :p :p

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.