අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

මේ දවස්ටිකෙම දිගට දිගට දිගආආආආආආආආආආට යක්කු භූතයෝ පෙරේතයෝ කුම්භාන්ඩයෝ ගැන ලිව්ව නිසා අද හිතුවා තවත් ගීතයක් ගැන ලියන්න ඕන කියලා . මි...

ගෙඩි සියයක් බිම හෙළුවත් !








මේ දවස්ටිකෙම දිගට දිගට දිගආආආආආආආආආආට යක්කු භූතයෝ පෙරේතයෝ කුම්භාන්ඩයෝ ගැන ලිව්ව නිසා අද හිතුවා තවත් ගීතයක් ගැන ලියන්න ඕන කියලා . මියැසියේ රස කතා උනාට දැන් මේක මියැසියේ බලි කතා වෙලානේ නේද මෙයාලා . මේ ගීතය ඉතින් ඉස්සර ඉඳල ඇහුවට මොකද ලියන්න ඕන කියලා හිතුනේ දැනට මාස දෙක තුනකට කලින් .

අපේ කැම්පස් කිට්ටුව ඉන්නවා පොල් කඩන ඩයල් එකක් . මිනිහා කෑගගහා යන්නේ " පොල් කඩනවා . තැඹිලි බානවා , පොල් ලෙලි ගහනවා " කියලා . ඕක කිය කිය යන වෙලාවට අපි හිනාවෙන්නේ නැතුව ඉන්නේ හරිම අමාරුවෙන් . බෝඩිමේ ඉන්නවෙලාවට නම් නැති තැඹිලි පැළ කරලා හරි කස්ටිය එක්ක හිනාවෙනවා . හිහ් හිහ් හිහ් . ඉතින් ඔය සීන් එක්ක තමයි මේ ගීතය ගැන ලියන්න ඕන කියලා හිතුවේ . ඒ දවස්වල ඉඳලම මේ ගීතය ෆෝන් එකට දාගෙන තැනක් නොතැනක් නැතුව බස් එකේ , මහපාරේ යන එන ගමන් ඇහුවා .

අපේ බෝඩිමේ මල්ලිකෙනෙක් ඉන්නවා ටිකක් සින්දු ගැන වෙනස් විදියට හිතන කෙනෙක් . මිනිහගෙන් මම ඇහුවා මේ සිංදුව අහනකොට මොකද හිතෙන්නේ කියලා . මිනිහානම් කිව්වේ පොල් කඩන අයගේ දුක ගැන තමයි කියන්නේ කියලා . පස්සේ මම දවසක් සිංදුවගෙන් ඇහුවා ඔය සිංදුව අහනකොට මොකද මතක් වෙන්නේ කියලා . සිංදුවට මතක් වෙන්නේ වෙරළු වට්ටියක් තියාගෙන පාරේ ඉන්න කෙනෙක්ලු . එකපාරටම වෙරළු වට්ටිය පෙරලිලා හැමතැනම වෙරළු ගෙඩි රෝල් වෙවී යනවා මතක් වෙනවලු .





වයලීනොටනම් මේ ගීතය අහනකොටම මතක් වෙන්නේ දොඩම් ගහක් . ගහ යට දොඩම් වැටිලා තියෙනවා . හැබැයි අප්පච්චිට එක ගෙඩියක් දීලා අනිත් ඔක්කොම ළමයි ටික කනවා කියලා වගේ තමා වයලීනොට මතක් වෙන්නේ . පොඩි කාලේ මේ ගීතය ගැන ඔලුවට ගියේ එහෙම අයිඩියා එකක් . ඒවා කවුරුවත් බලෙන් ඔලුවට දැම්මේ නෑ . අපිම හදාගෙන අපිම ඔලුවට දාගෙන අපිම රසවින්දා . ඒකෙත් මාර ලල් එකක් තියෙන්නේ මෙයාලා . ඒ උනාට අද කියන්න යන්නේ මේ ගීතයට දෙන්න පුළුවන් හොඳම තේරුම කියලා මට හිතෙන තේරුම .

අපේ ගෙදර වත්තේ එහෙ මෙහෙ හිටවලා පොල් ගස් කීපයක් තියෙනවා . කලින් නම් එක ළඟ එක ළඟ හිටවලා පොල්ගස් පහලවක් විතර තිබුනා . ඒත් වටේ පිටේ ගෙවල් වලට වැටෙයි කියලා බය නිසා ගොඩක් කපලා දැම්මා . දැන් තියෙන ඒවා වැටුනොත් වැටෙන්නේ අපේ ගෙදරට තමා . ඉතින් මේ පොල්ගස්වල පොල් කඩන්න කීපදෙනෙක්ම ඉස්සර ඉඳලා ආවා .

මට මතක මුල්ම කාලේ පොල් කඩන්න අවේ මාමා කෙනෙකුයි නැන්දා කෙනෙකුයි . ඒ දෙන්නාම ඇවිද ඇවිද පොල් කඩන්න යනවා . ළමයි නැද්ද කොහෙද එයාලට . ඒත් දවසකට හොඳ ගානක් හම්බ කරගන්නවා . ඒ නැන්දා පොල් කඩන තැන් වලට යන්නේ ඒ මාමා පොල් කඩලා ගන්න සල්ලි වලින් කසිප්පු බොන නිසා කියලා තමයි කිව්වේ . ඒත් ඉතින් ඒ මාමා හවසට ෂොට් එක දාගන්නවා . දැන් එයාලා දෙන්නම වයසයි . දැන් ඒ මාමා පොල් කඩන්නේ නෑ . මට දවසක් මුණගැහුනා පාරේ තණකොළ කප කප ඉන්නවා . හරක් ඇතිකරන තැනකට තණකොළ හොයලා දෙනවලු දැන් එයාලා . ඒකෙන්  හම්බෙන ගානෙන් ජීවත් වෙනවලු .






ඊට පස්සේ අපේ ගෙදර පොල් කඩන්න ආවේ අපේ පුංචි උගන්නන ඉස්කෝලේ ළමයෙක්ගේ තාත්තා කෙනෙක් . ඒකත් හොඳ කසිප්පු මරුවෙක් . ඒත් වැඩට දස්සයා . පොල් කඩනවා විතරක් නෙවේ . එයා ගස් කපන්න ගස් ඉරන්න වගේ දේවල් වලටත් හවුල් උනා . ඒත් බීම නිසා අගහිඟකම් තිබුනා . ඉතින් ඒ මාමගේ ළමයට ඉගෙන ගන්න අපේ පුංචි උදවු කරා .

ඒ මාමගේ නැන්දත් හිටපුගමන් එනවා අපේ ගෙදර පොත් අනං මනං ගන්න නැති උනාම සල්ලි ඉල්ලන් යන්න . දවසක් ඒ මාමා කොට්ට පුළුන් ගහක අතු කපන්න ගහට නැග්ග වෙලාවේගහ කඩාගෙන වැටිලා මිය ගියා . එයාගේ පුතා කොහොමහරි ඉගෙනගත්තා . උසස්පෙළ පාස්වෙලා දැන් රස්සාවක් කරනවා . හැමදාම සිංහල අවුරුද්දට එනවා අපේ පුංචිට බුලත් දීලා වැඳලා යන්න .

ඊට පස්සේ පොල් කඩන්න තව ඩයල් එකක් ආවා . හැබැයි පොරනම් ලකුණු කපා ගත්තා . ඒ කලටි පොල් වැඩිපුර කඩලා දාන නිසයි හොරෙන් පොල් මල් කපන නිසයි . මිනිහත් කසියා . මිනිහා සමහර තැන්වලින් සල්ලි ගන්නවා , උවමනාවලට පොල් මල් කපලා දෙන්නම් කියලා . දවසක් පොර ගහට නැගලා පොල් කඩලා ඉවරවෙනකොට පොල් මලකුත් බිමට වැටුනා . අපි බැලුවා මේ මොකද යකෝ මේ කියලා . පොල්වල ගානේ හැටියට දැන් පොල් මල් කපලා දාන්න පුළුවන් කාලයක් නෙවෙයිනේ . මේ තියෙන ගස්වලින් අපේ ගෙදර පොල් අවශ්‍යතාවයත් ගානට වගේ තමයි පිරිමහගන්නේ .

ඊටපස්සේ මිනිහා ගහෙන් බැහැලා කියනවා පෑගිලා කැඩුනා කියලා . සද්ද නැතුව ඉඳලා පොර යන්න ලාස්තිවෙලා දැන් පොල් මලත් ගෙනියන්න අයිඩියාව . අපි ගෙනියන්න දුන්නේ නෑ . පොල් මලේ කැපුම් පාර තිබුන නිසා පොල් මලෙන් මිනිහා වටේ ලස්සනට සරසලා , මිනිහට හොඳට දෙහි කපලා  , වස් දොස් දුරු කරලා යැව්වා . ඊට පස්සෙත් මිනිහා පොල් කඩන්න ආවට අපි පොල් කඩන්න දුන්නේ නෑ .






ඊටපස්සේ එන පොල් කඩන අයියා තමයි දැනුත් එන්නේ . මිනිහා මාර දියුණු පොරක් . කෙලින්ම ඕඩර් එක එන්නේ මිනිහගේ ෆෝන් එකට . මිනිහ ස්කූල් වෑන් එකක් ඩ්‍රයිව් කරනවා . ළමයිටික ඉස්කෝලේ දාලා පොල් කඩන්න ඇවිදලා දවල් වෙලා ළමයිටික ආයෙත් ගෙවල් වලට ගිහින් දාලා ආයෙත් පොල් කඩන්න් යනවා . තව නිවාඩු දවස් වලට ළිං හාරනවා , ගස් කපනවා ඒවා මේවා මාර මාර වැඩ ටිකක් තමයි කරන්නේ . මිනිහා දියුණුවෙන්න දඟලන පොරක් නිසා අපේ ගෙදර අයත් පොල් කඩන්න මිනිහටම කෝල් කරලා එන්න කියනවා .

ඉස්සරම පොල් ගහකට මට මතක හැටියට දුන්නේ රුපියල් 30යි . දැන් ඒක 100 දක්වා වැඩිවෙලා තියෙනවා . සමහර ගෙවල් වලින් නම් ගහකට පොල් මෙච්චරක් කියලා පොල් දෙනවා . ඒත් අපිනම් දෙන්නේ සල්ලි තමා . ඒ නිසා පොල් කොච්චරක් දෙනවද කියලා දන්නේ නෑ .

අද කියන්න යන මේ ගීතය පටන් ගන්නෙත් අන්න එහෙම ගහකට දෙන පොල් ගණන කියලා තමයි . අපි එහෙනම් ඉස්සෙල්ලම ගීතය අහලා බලමුකෝ .


ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ


ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ


පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...


පද රචනය : සමන් ප්‍රියදර්ශන 
සංගීතය : ආනන්ද ගමගේ  
ගායනය : නන්දා මාලිනී






පොල් කඩන කෙනෙක් ගෘහමූලිකයා වෙච්ච පවුලක් . දුවලා දෙන්නෙක් ඉන්නවා මේ පවුලේ . හැබැයි මට තියෙන ප්‍රශ්නේ මේ ගෙදර අම්මා ජීවත් වෙනවද නැද්ද කියන එක . අම්මා ජීවත් වෙනවා කියලා හිතන්නත් පුළුවන් . දෙවෙනි දරුවා ඉපදුනාට පස්සේ  අම්මා මිය ගිහින් නිසා දැන් බාල දරුවාව බලාගන්නේ වැඩිමල් ළමයා කියලා හිතන්නත් පුළුවන් .

මගේ තවත් අදහසක් තියෙනවා මේ ගීතයට විෂය වෙන පවුල ගැන . ඔයාලා සමහරවිට දන්නවා ඇති සමහර වලව් , ලොකු පොල් වතු තියෙන තැන්වල වත්තේ පොල් කඩන්න ඉන්න කෙනා ඒ පොල් ඉඩමේම ගෙයක් හදාගෙන තමයි ජීවත් වෙන්නේ . එයාට මාසික වැටුපක් දෙන්නේ නැහැ . පොල් කැඩුවම එක්කෝ සල්ලි දෙනවා . නැත්නම් පොල් දෙනවා විකුණගෙන සල්ලි කරගන්න කියලා . 

මේ ගීතය ගැන හිතලා බලනකොට , ගීතයේ එක එක අවස්ථා වලදී මේ දේවල් ඔක්කොම වගේ සාධරනීකරණයකරන්න පුළුවන් . 






ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ



පොල් ගහක සාමාන්‍යයෙන් එක වතාවකට කඩන පොල් ගණන කාලෙන් කාලෙට ගහේ වයස වගේම බාහිර පරිසර සාධක හා ගහට ලැබෙන පෝෂණයත් එක්ක වෙනස් වෙනවා . මට පොල් කිව්වම තවත් මතක්වෙනවා පොඩිලෙවල් කරන කාලේ අපිට කෘෂිකර්මය උගන්නපු මිස් කිව්ව කතාවක් . අපිට පසේ ආම්ලික භාෂ්මිකතාවය ගැන උගන්නනකොට මිස් කිව්වා රත්නපුරේ පැත්තේ වැස්ස වැඩි නිසා කඳු උඩ පස ආම්ලිකයි කියලා . මොකද වැහි ජලයත් එක්ක ක්ෂාරීය ලවන හෝදගෙන යනවලු කඳු පාමුලට . ඉතින් කඳු උඩ පොල් හැදෙනවා හොරයිලු . කඳු පහල තමයි හොඳට පොල් හැදෙනවා කියන්නේ . ඉතින් මිස් කිව්වා මෙන්න මෙහෙම .

" මම මේ ඔයලාට කියන්නේ , කවුරු හරි කිව්වොත් අනේ රත්තරන් අපි කන්දක් උඩ ගෙයක් හදාගෙන පොල් සම්බෝලයි බතුයි කාලා ජීවත් වෙමු කියලා , යන්න නම් එපා මගේ දරුවනේ . ඔයාලා කියන්න අපිට කෘෂිකර්මයට ඉගැන්නුවා කඳු උඩ පොල් හැදෙන්නේ නෑ කියලා . ඒ නිසා මට බෑ ඔයත් එක්ක එන්න . ඔයා ආම්ලිකතාවය භාෂ්මිකතාවය ගැන මොකවත්ම දන්නේ නෑ . මට ඔයා එපා කියලා " හිහ් හිහ් හිහ් හිහ්  . කොහොමහරි අපිට පොල් වගාව ගැන ඕකෙන් හොඳට මතක තිබුණා .

ලොකු ලෙවල් කරන කාලේ බයෝ පාඩමක් අපිට තිබුණා ජීව විද්‍යාව සඳහා මූලික සංඛ්‍යානය කියලා . ඒකෙ තිබ්බේ මොකක් හරි ජෛවීය සංඝටකයක් ගැන සංඛ්‍යාන විජ්ජාවට අනුව ගණනය කරලා වගාව ගැන සාත්තර කියනවා වගේ වැඩක් කරන්න . ඒකෙත් අපිට උදාහරණ වලට ගොඩක්ම කරේ පොල් වත්තක පොල් ගහක හැදෙන පොල් ගෙඩි ගණන වෙනස් වෙන්න බලපාන සාධක මොනවාද කියලා කරපු පරීක්ෂණ ගැන .

ඉතින් ඔහොම ඔහොම පොල් ගහක ගෙඩි ගොඩක් හැදිලා ගෙඩි සීයක්ම හොඳට පැහිලා ඉදිලා බිමට නැවිලා බරවෙලා අතු........... කියලා තියෙනවා කියලා අපි හිතමුකෝ . මේ ගහේ පොල් ඔක්කොම කඩලා බිමට දැම්මත් පොල් කඩන කෙනාට දෙන්නේ එක ගෙඩියයි ගහට නැග්ගට කුලිය විදියට . ඉතින් මේ පොල් කඩන කෙනාගේ ලොකු දුව , තමන්ගේ නංගිට කියනවා

"නංගියේ අපේ තාත්තා පොල් ගහකින් ගෙඩි සීයක් බිමට දැම්මත් ලැබෙන එක පොල් ගෙඩිය හන්දියේ තියාගෙන විකුණලා ඒකෙන් ලැබෙන මුදලින් තමයි අපිව ජීවත් කරවන්නේ . ඒ නිසා පොල් ගෙඩියේ වතුර බොන්න ඕන කියලා අඬන්න නම් එපා කියලා .

මෙතන ගීත රචකයා පුංචි ලිඳක් ගැන සඳහන් කරනවා . මට මතක හැටියට පුංචි ලිඳේ වතුර රසයි කියලා අහන තේරවිල්ලට උත්තරේ විදියට අපි පොඩි කාලේ කිව්වේ තැඹිලි කියලා . ඒත් මේ ගීතයේ හැටියටනම් කියවෙන්නේ පොල් නැත්නම් කුරුම්බා කියලා නේද . ඔයාලා මොකද කියන්නේ පොල්ද තැඹිලිද ?  . එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක් . :p :p

ගෙඩි සියයක් බිම හෙළුවත්
අප්පච්චිට එක ගෙඩියයි

කියලා කියන පද දෙකෙන් අපිට පේන්නේ ධනපති පංතිය විසින් නිර්ධන පංතියට සලකන පහත් ආකාරය ගැන . ගහෙන් ගෙඩි සීයක් කැඩුවොත් ඒවා විකුණලා ගහේ අයිතිකාරයා ලොකු මුදලක් ලබනවා . ඒත් ජීවිතය පරදුවට තියාලා පොල් කඩන්න ගහට නගින මනුස්සයාට දෙන්නේ එක පොල් ගෙඩියයි .

අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ

ඉතින් නිර්ධන පංතියේ ජනතාව ජීවත් වෙන්න කරන ජීවන අරගලය මේ ගීතයේ මේ පද දෙකෙන් කියවෙනවා කියලා කියන්න පුළුවන් . තාත්තා පොල් කඩලා කුලිය විදියට ලැබෙන පොල් ගෙඩි ටික ගෙනාවම අම්මයි දුවලා දෙන්නයි හංදියේ තියෙන මැස්සේ තියාගෙන නැත්නම් බිම්ම තියාගෙන මේ පොල් විකුණලා සල්ලි හොයාගෙන ඒ සල්ලි වලින් තමයි ජීවිතය ගැටගහ ගන්නේ .

" දැන් ගෙදර සල්ලි ඉවරවෙලා කන්න ගෙනාපු කෑම ජාතිත් ඉවර වෙලා . ඉතින් මේ ගෙදර පොඩි කෙල්ල අඬනවා බඩගිනියි කියලා . දෙන්න තියෙන්නේ පොල් ගෙඩියක් බිඳලා පොල් වතුර තමයි . ඒත් නංගියේ මේ පොල් ගෙඩිය බින්දොත් අපිට සල්ලි කරගන්න තියෙන එක පොල් ගෙඩියක් අඩු වෙනවා . ඒ නිසා අඬන්න එපා " කියලා අක්කා නංගිට කියනවා .

මට කලින් කියන්න බැරි උනා තේරවිල්ලත් එක්කම මට හිතෙන තව දෙයක් ගැන . පුංචි ලිඳේ වතුර රසයි . ඒ කියන්නේ මෙතන බොන්න පුළුවන් පොල් ගෙඩි ගැන තමයි කියන්නේ . ඒ කියන්නේ කුරුම්බා ගෙඩි වෙන්න ඕන . කුරුම්බාවලට කිට්ටුයි කියන්නේ පොල් කලටියි . ඉතින් ගස් අයිතිකාරයා පොල් කඩන කෙනාට දෙන්නේ පැහුන පොල් නෙවෙයි . කලටි කුරුම්බා ගෙඩි . එතනත් මේ ගීතයෙන් පේන්නේ අපේ සිංදුවා වගේ ධනපති පංතියේ හාම්පුතාලා නිර්ධන පංතිය පාගා පොඩි කරදමන ආකාරය නේද පිංවතුනී.......... හිහ් හිහ් හිහ්








ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ



දැන් මෙතන ගීත රචකයා කියනවා ගස් සොලවා හමා ඇදෙන සුළඟ තවත් මුරණ්ඩු වෙන්න පුළුවන් නිසා තාත්තා ගහේ ඉන්න වෙලාවට හයියෙ හුස්ම ගන්න එපා කියලා . ඔතනින් තමයි මම හිතන්නේ මේ පවුල ජීවත් වෙන්නේ පොල් වත්තක් එක්කම තියෙන නැත්නම් පොල් වත්තේම තියෙන ගෙදරක කියලා . මොකද පොඩි වයසක ගෑණු ළමයෙක් පොල් කඩන්න යන යන තැන එක්කගෙන යයි කියලා හිතන්න අමාරුයි . මොකද ළමයාගේ ආරක්ෂාව ගැන මොන තාත්තා උනත් හිතන නිසා . 

මේ කතාව නිසා මම හදිස්සියේම දෙවෙනි අන්තරා කොටසටත් පොඩ්ඩක් යන්නම් . දෙවෙනි අන්තර කොටසේ අවසාන පදයෙන් කියන්නේ " මමත් එහෙම කළා මගේ පුංචි සන්ධියේ කියලා . අක්කා පොඩි කාලේ එහෙම පොල් කඩනවා බලන් හිටියා කියන්නේ ඒ කාලේ නංගි ඉපදිලා නෑ . ඒ කියන්නේ අම්මා ජීවත් වෙලා ඉඳලා නම් තියෙනවා සුවර් එකටම . නැත්නම් මොකෝ නංගි හම්බුනේ උඩින් වැටිලය . ඒත් දෙවෙනි අන්තරා කොටසේ අම්මා ඉන්නවද නැද්ද කියන එක ගැන හිතන්න පුළුවන් වෙන විදියකට .

ඒ කියන්නේ අම්මා ජීවත්වෙලා ඉන්නවනම් ඒ කාලේ ගෑණු ළමයා තාත්තා යන යන තැනට එක්ක යන්න උවමනාවක් නැහැනේ . ඒ කියන්නේ මෙයාලා සුවර් එකටම ඉන්නේ පොල් වත්තේ හෝ පොල් වත්ත කිට්ටුවම හදලා තියෙන ගෙදරක තමයි . 

මේ අන්තරා කොටසින් කියවෙන්නේ අප්පච්චි ගහේ ඉන්න වෙලාවට හයියෙන් හුස්ම ගන්නවත් එපා , මොකද ඒ හුස්ම පාරෙන් වැඩිවෙන සුළඟින් වෙන බලපෑමෙන් උනත් පොල් ගහ හෙලවිලා අප්පච්චිට අනතුරක් වෙන්න පුළුවන් කියලා තමන් විශ්වාස කරන නිසා . ගීත රචකයා මෙතනින් උත්සාහ කරන්නේ පොල් කඩන කෙනෙක්ගේ ජීවිතේ තියෙන අස්ථීර බව උඩට ඔසවලා පෙන්වන එක . 






පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...

දැන් අක්කා නන්ගීට කියනවා මෙහෙම . අප්පච්චී පියවරෙන් පියවර ගහ උඩට නගිනකොට ඒ දිහා බලාගෙන ඉන්න බයයි වගේ නම් ඒ දිහා බලන්න එපා , පුංචි දෑස තදින් පියාගන්න කියලා . එහෙම කියලා අක්කා මතක් කරනවා තමන් පොඩි කාලෙත් එහෙම කරා කියලා . 

දෙවෙනි අන්තරා කොටස ඉවරවෙනකොට මට කියන්න පුළුවන් මේ පවුලේ අම්මා කලින් ජීවත්වෙලා ඉඳලා දෙවෙනි ළමයා ඉපදුනාට පස්සේ මිය ගිහින් කියලා . මොකද ස්ථායි කොටසේ කියන්නේ නංගි බඩගිනි වෙලා අඬන සීන් එකක් ගැන . දැන් නංගි බඩගිනි උනාම ඒක කියන්නේ අක්කටනම් , ඒකට නංගිගේ හිත සනසන්න දේවල් කියන්නේ අක්කා නම් අපිට සාධාරණව හිතන්න පුළුවන් අම්මා දැන් ජීවත් වෙන්නේ නෑ කියලා  . තාත්තා කඩාගෙන එන පොල් ගෙඩි , අක්කයි නංගියි සමහරවිට තාත්තත් එනවා ඇති . මෙයාලා ඒවා විකුණලා තමයි ජීවත් වෙන්නේ . 

මේ අන්තරා කොටස් දෙකම හරිම සමබර විදියට පද බෙදලා ලියලා තියෙන්නේ . බලන්න , අන්තරා කොටස් දෙකේම මුල පේලි දෙක ගත්තම ඒවායින් කියවෙන්නේ බය හිතෙන දෙයක් ගැන . 

ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි

පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්

අනිත් පද දෙක ගැන හිතුවම ඒ පද දෙකෙන් කියවෙන්නේ දුක හිතෙන දෙයක් ගැන . 

හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ

පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...

මේ විදියට පද ගැලපීම සමබරව වෙලා තියෙන නිසා සංගීත සංයෝජනයේදී මේ ගීතයට සංගීතය සපයපු සංගීත ශිල්පියාට හරිම ලේසි වෙන්න ඇති ගීතයේ තියෙන හැගීම් ඉස්මතුවෙන විදියට ගීතයට සංගීතය සංයෝජනය කරන්න . 

ගීතයේ තාල වාදනය කරන්න ඔක්ටර් පෑඩ් එකක් , හයිහැට් එකක් භාවිතා කරනවා . තව බේස් ගිටාර් එකෙනුත් තාලය වාදනය කරන්න සෘජු වගේම වක්‍ර විදියට සහය වීමක් කෙරෙනවා . 

ගීතයේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම ඔක්ටර් පෑඩ් එකෙන් 

බෙට්ටක් කට
බෙට්ටක් කට
බෙට්ටක් කට
බෙට්ටක් කට 

කියලා තාලය වාදනය වෙනවා . මටනම් වැඩිපුරම ඔය ඔක්ටර්පෑඩ් සද්දෙන් ඇහෙන්නේ ගහෙන් පොල් වැටෙනවා වගේ හඬක් . නැත්නම් නිකන් කලටි පොල් හොලවනකොට ඇහෙනවා වගේ හඬක් . ඒක ගීතයේ තේමාවට ගැලපෙනවා කියලා හිතෙනවා . 

හයිහැට් එක 

ටිටිටි ටො ටිස්
ටිටිටි ටො ටිස්
ටිටිටි ටො ටිස්
ටිටිටි ටො ටිස් 

කියලා ගීතය පුරාවටම වාදනය වෙනවා . ඔයාලට ඒ හඬ නිකන් සමීප බවක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද ? . මටනම් ඇහෙන්නේ හයිහැට් එකේ හඬ හැටියට පොල් කට්ටකට කෝටු කෑලි දෙකකින් තට්ටු කරනවා වගේ සද්දයක් . නැත්නම් කෝම්පිට්ටු හදනකොට එක පොල් කට්ටකට පස් පුරවලා තව පොල්කට්ටකින් තලනවනේ . හයිහැට් සද්දේ ඒ වගේ දෝ කියලත් මට හිතෙනවා . ගීතයේ තේමාවට වගේම 
මේ ගීතයේ අක්කයි නංගියි කියන චරිත දෙක ශ්‍රාවකයාගේ හදවතට ඇතුළු කරන්න ඒ තාල වාදනය ලොකු රුකුලක් ලබා දෙනවා .

බේස් ගිටාර් පාට් එක ගීතය පුරාවටම වාදනය කෙරෙන්නේ

බුන්ග් බුකුං
බුන්ග් බුකුං
බුන්ග් බුකුං
බුන්ග් බුකුං

කියලා . ඒක හැබැයි ගීතයේ කීප තැනකදීම වෙනස් වෙනවා ඒ ඒ වෙලාවට ගායනය වෙන හෝ වාදනයවෙන ස්වර වලට අනුව .












අපි යමු දැන් ගීතයේ එක එක සංගීත කොටස් වලට . ගීතයේ තේමා වාදනය ගැන සලකලා බලනවනම් . තේමා වාදනය ආරම්භ වෙන්නේ එකට වාදනය කෙරෙන සංගීත භාණ්ඩ දෙකකින් . සිතාරයකින් වාදනයවෙන ඒ සංගීත කොටස , සිතාරයෙන් වගේම බැන්ජෝ ගිටාර් එකකිනුත් වාදනය කෙරෙනවා . ඊට පස්සේ ඒ ස්වර ටිකම ඇදිලා යන විදියට ඒ කියන්නේ වයලීන් වලින් ස්ල වාදනය කෙරෙනවා කියනවා එහෙම ඇදිලා යන විදියට වාදනය කරනවට . අන්න එහෙම වාදනය කෙරෙනවා ඒ ස්වර ටිකම . වයෙලීන් වලින් වාදනය කරනකොට ඒ වාදනයට අදාළ බේස් නෝට්ස් ටික , කවුන්ටර් පාට් එකක් විදියට චෙලෝ එකකින් වාදනය කරනවා . ඒ බේස් පාට් එක නිසා වයලීන් වලින් ගෙනෙන වාදන කොටස් හදවතට වඩා හොන්දික් කා වදිනවා .















මේ ඔක්කොම අතරේ අපිට ඇතුලෙන් ඇහෙනවා අවධානයෙන් අහගෙන හිටියොත් ග්ලොකන් ස්පීල් කියන වාදන භාණ්ඩයෙන් ස්රාන් ස්රාන් කියලා වාදනය කිරීමක් . ඒක හරියට පෙරහැරපොලේ බීම විකුණන මිනිස්සු බීම බෝතල් වලට බීම කටර් එකෙන් අතුල්ලලා සරාන් සරාන් ගාලා සද්ද කරනවා වගේ .

ගීතයේ තියෙන දුක , අසරණකම , බය වගේ දේවල් එක එක අවස්ථාවලදී ඉස්මතු කරලා පෙන්වන්න මේ තේමා වාදනය වඩාත් උදවු වෙනවා කියලා මට හිතෙනවා .

දැන් ඔන්න ගීතය ගායනා කරන්න පටන් ගන්නවා .

අප්පච්චිට එක ගෙඩියයි කියලා කියනකොට ඒ වචන ටික යටින් වාදනය කෙරෙනවා සයිලෆෝන් කියලා කියන වාදන භාණ්ඩය . හැබැයි මෙතන ඒ වාදන භාණ්ඩය වාදනය කෙරෙනවා කියලා කිව්වට හරියටම නම් වෙන්නේ ඕගන් එකකින් ඒ හඬ ගන්න එක . ඒ හඬ ලොකුවට ගන්නවානම් ග්ලොන් ග්ලොන් ග්ලොන් කියලා ඇහෙනවා . ඒත් මෙතන ඒ හඬ ගොඩක් අඩු කරලා හරිම අඩු සද්දෙකින් තමා වචන යටින් යන විදියට ඒක වාදනය කරන්නේ . සමහරවිට දැනෙන නොදැනෙන ගානට වගේ තමයි වාදනය කෙරෙන්නේ .


                                         



අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හංදියේ කියන වචන ටික කියනකොට වයලීන් වලින් වාදනය කරනවා කවුන්ටර් පාට් එකක් . ඒ කවුන්ටර් පාට් එකෙන් ඒ වචනවල තියෙන දුක ඉස්මතු වෙලා එනවා ඉතාම හොඳට .
වතුරට නාඩන්න නංගියේ කියන තැන් වලින් පළවෙනි වතාවේදීත් අර සයිලෆොන් පාට් එක වාදනය කරනවා .

දැන් අපි යමු අතුරු වාදනය කොහොමද කියලා බලන්න . අතුරු වාදනයෙදීත් මුලින්ම යන්නේ අර තේමා වාදනයේ මුලින්ම ගිය ස්ට්‍රින්ග් පාට් එකමයි . සිතාරයයි බැන්ජෝ ගිටාර් එකයි වාදනය කෙරෙනවා . ඒත් ඊට පස්සේ වයලීන් සහ චෙලෝ කියන වාදන භාන්ඩ දෙක එකතුවෙලා නිකුත් කරන්නේ දුක සහ බය කියන දෙකම මිශ්‍ර වෙන හැගීමක් ඇති කරන වාදන කොටසක් .

ඒත් එක්කම පොඩි ෆ්ලූට් පාට් එකක් වාදනය කරනවා . ඒකෙන් නම් ඇතිවෙන්නේ මේ අයගේ දුක ඉස්මතුවීමක් . ආයෙත් වයලීන් වාදනය ගිහින් ෆ්ලූට් පාට් එකක් වාදනය කෙරෙනවා .

දැන් එන්නේ මම මේ ගීතයේ වඩාත්ම කැමති කොටසට . ඒ තමයි අන්තරා කොටසේ සංගීත සංයෝජනයට .


ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි



පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්

බලන්න අන්තරා කොටස් දෙකේ මේ පද ගායනය කරනකොට ඒ යටින් වාදනය කරන වයලීන් වාදන කොටස . එක කවුන්ටර් පාට් එකක් . මේ පද කොටස් දෙකෙන්ම කියවෙන්නේ භය උපදවන හැගීමක් . ඒ භය හොඳට ඇඟට දැනෙන්න පුළුවන් විදියේ වාදන කණ්ඩයක් තමයි වයලීන් වලින් වාදනය කරන්නේ . බේස් ගිටාර් එකේ වාදන ශෛලීය පොඩ්ඩක් වගේ වෙනස් වෙනවා මෙන්න මෙතැනදී . ගීතයේ වඩාත්ම සාර්ථක තැනක් කියලා මම කියන්නේ මෙන්න මේ අන්තර කොටස් දෙක . ඒ කොටස් දෙක අන්තරා කොටස් දෙකේ එකම තැන් වලට එන්න ලියලා තියෙන නිසා සංගීත ශිල්පියාට එකම ආකාරයට හැගීම් ඉස්මතුවෙන්න සංගීතය සංයෝජනය කරන්න හැකියාව ලැබිලා තියෙනවා .

අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ

මමත් එහෙම කරා මගේ පුංචි සංදියේ

මෙන්න මේ ගායනා කොටස් වලදී ආයෙත් වයලීන් වලින් කවුන්ටර් පාට් වලින් ඒ පදවල තියෙන දුක ඉස්මතු වෙලා පෙන්නනවා . 

මේ ගීතය ගැන මට කියන්න තියෙන්නේ ඔන්න ඔහොම අර්ථකතනයක් තමයි . හැබැයි මට මේ ගීතයේ එක වැරද්දක් පේනවා . ඒක වැරද්දක්ම නෙවෙයි . අඩුවක් වගේ . මේ ගීතයට භාවිතා කරන වයලීන් වල හඬ මේ ගීතයට ගැළපෙන්නේ නැත්දෝ කියලා මට හිතෙනවා . මොකද අපේ වචනෙන් කියනවනං මේ වයලීන් හඬ හරිම ටකරං හඬක් . කිසිම ස්මූත් ගතියක් ඒ හඬේ නැහැ . හඬ තව ටිකක් ස්මූත් උනා නම් මේ ගීතය තවත් ලස්සන වෙන්න තිබුණා කියලා මට හිතෙනවා .  

15 comments:

  1. Replies
    1. කොට ඒවායේ ඉතින් අන්තර්ගතය අඩුයි නෙව . දිග ඒවා තමා අන්තර්ගතය වැඩි :p :p :p

      බොහොම ස්තූති

      Delete
  2. සිංදුවත් එපා වුනා මේක දැකල..
    //බෙට්ටක් කට
    බෙට්ටක් කට // හහ් හහ් හහ්..

    උඹේ යාළුවෝ මොන විදියට හිතා උන්නත් මටනම් මුළින්ම සින්දුව ඇහිච්ච දවසේ ඉඳලම මේ කතාව තමයි තේරුණේ.. අනික මුළු සින්දුවෙම ඔය ටික සරලවම කියල තියෙනව කියලයි මං හිතන් උන්නේ..

    ReplyDelete
    Replies
    1. වෙන බීට් එකක් මතක් කළා මතක් උනේ නෑ . මේක තමා හරියන්නෙම . හිහ් හිහ් හිහ් හිහ් හිහ් hi

      බොහොම ස්තූති g-) g-) g-) g-)

      Delete
  3. වයලීනෝ............................

    හරිම ලස්සන ගීතයක් තෝ රාගෙන............................

    //හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
    අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ//

    කොයිතරම් සංවේදී ද කියලා හිතන්නකෝ............. මේ තමයි පුංචි ඒවුන්ගේ හිතේ අැත්තට ම ගොඩනැගෙන බය........ උන්ට ඊට ඒහා දෙයක් තේරෙන්නේ නැහැ...........

    ReplyDelete
    Replies
    1. g-) g-) g-) g-)

      බොහොම ස්තූති මෙයා . ඒක ගීත රචකයාගේ ප්‍රතිභාව තමා . :)

      Delete
  4. වයලිනෝ වයලිනෝ මේ ලිපියනම් මාරයි! මේ තරම් අපූරුවට ගීත විචාර කරන එකම බ්ලොග් එක ඔයාලගෙ මියැසියේ රසකතා බ්ලොගිය විතරමද කොහෙද!
    g-) :-f

    ReplyDelete
    Replies
    1. හීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ

      ටැංකු මෙයා g-) g-) g-)

      :-f :-f

      Delete
  5. මම හිතුවේ //හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ// කියල කියන්නේ නංගිට අඬන්න එපා කියන එක කියල. පොඩි එවුං අඬනකොට හයියෙන් හුස්ම ගන්නවනේ. එතකොට ඔහොම දෙයක් කිව්වම ඉක්මනට ශේප් කරන්න පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ ........
      මේ දවස් වල මුහුණු පොතේ දාන ෆොටෝ දැක්කම මේ වගේ කමෙන්ට් වැටෙන එක ගැන පුදුම වෙන්න දේකුත් නෑ :p :p :p හිහ් හිහ් හිහ්

      එල එල බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  6. වයලෝ..දැන් උඹේ චින්තනෙත් වෙනස් වෙලානේ බං..ධනපති පංති ගැනත් දැන් හිතනව එහෙනං.. :-h
    කොහොම උනත් ඉදිරිපත් කිරීමේ ශය්ලිය නම් මරු..=D>

    ReplyDelete
    Replies
    1. මගුලක් කතා කරනවා උඹ . මම මේ දැන් ටියුෂන් පංතියක් ගැන හිත හිත ඉන්නේ . :p :p

      Delete
  7. මෙම සරල ගීතය තුළ මෙතරම් ගැඹුරු සංවේදි කාතාවක් අන්තර්ගතව ඇති කියලා නම් හිතුවේ නැහැ ගොඩාක් ලස්සන අර්ථකතනයක් වයලීනෝ. මම පුංචි කාලයේ හිතුවේ තාත්තා අඹ කැඩුවාහම එක ගෙඩියයි තාත්තාට ඉතිරි සියල්ලම දරුවන්ට කියලා මේ ගීතයෙන් කියවෙන්නේ කියලා. කොහොම වුනත් හරිම ලස්සනයි අර්ථකතනය. තවත් වැඩි වැඩියෙන් නිර්මාණ කරන්න. :C :C :C

    ReplyDelete
    Replies
    1. සමහර ගීතවල තියෙන්නේ අපි හිතන තේරුම් නෙවෙයි . තවත් සමහර ගීතවල තියෙන්නේ අපි හිතන තෙරුමේ හාත්පසින්ම වෙනස් පැත්තක් . ඒ වගේම ඉතින් ඒක එක එක්කෙනා හිතන පතන විදිය අනුව වෙනස් වෙනවා .
      බොහොම ස්තූති....... :) :) g-) g-)

      Delete
  8. දුප්පත් කම හුරැ කෙනෙක්ට ම් සින්දුව ගොඩක් ළගයි ඇස් දෙකට කදුලක් නැගෙන සින්දුවක්

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.