Breaking

Post Top Ad

Blog Archive

Thursday, 11 December 2014

තරංගනී දේවියට මග කියන " මහා රාජතරංගනී තෛලය "





රාජ තරංගනී ගැන ලියන්න හිතාගෙන නෙවෙයි හිටියේ . ඒත් හෙනරාජෙ ගැන ලිව්වට පස්සේ දෙතුන් දෙනෙක්ම කිව්වා දන්නවනම් රාජතරංගනී ගැන නොලියා ඉන්න එපා , ඒ ගැනත් ලියලා දාන්න කියලා . නැත්නම් මම හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු කතාවේ දෙවෙනි කොටස කොටලා දාන්න කියලා හිතාගෙන හිටියේ .

ඒත් ඉල්ලුම මේක නිසා ඔන්න ලියන්න යන්නේ අද ඒ ගැන . මම දැක්කා සයිබරේ සැරිසරනකොට මේගැන ලියවිලා තියෙනවා . ඒවා ඔක්කොම වගේ මම කියවලා බැලුවා . එහෙම කියවලා ඒවායේ නැති දේවල් කියලා හිතෙන දේවල් ටිකක් එකතු කරලා තමයි මේ පෝස්ට් එක ලිව්වේ . තැඹිලි තෙල් හිඳින විදිය , බෙහෙත් වර්ග වගේ දේවල් ගැන මම විස්තර කරේ වෙන ලිපිවල සඳහන් වෙලා නැති දෙයක් කියලා මට තේරුණ නිසා .

රාජතරංගනී තෙල දෙවෙනි වෙන්නේ හෙනරාජ තෛලයට විතරයි . සමහරු කියනවා කළුකුමාර තෛලය තමයි හෙනරාජ තෛලයට පස්සේ තියෙන බලගතුම තෙල කියලා . ඒත් ඒක වැරදියි . රාජතරංගනීතෛලය තමයි ගුප්ත විජ්ජාවේ දෙවෙනියට බලගතුම තෛලය වෙන්නේ . කළුකුමාර තෛලය වෙනත් සම්ප්‍රදායක තෛලයක් , ඒත් රාජතරන්ගනී තෛලය දෙවියන්ට කැපවෙච්ච තෛලයක් . මම කලින් පෝස්ට් එකේ කිව්වා මතකද දන්නේ නෑ , හෙනරාජ තෛලය පිය පාර්ශවය නියෝජනය කරන තෙල කියල .

ඒ වගේ මේ රාජතරංගනී තෙල තමයි මවු පාර්ශවය නියෝජනය කරන්නේ .  තෙල හිඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් . ඒත් ඇදුරන්ට අයිති කාර්යක් විදියට සලකන , මේ තෙලට තරංගනී දේවිය බන්ධනය කරන විදිය ගැන මගේ දැනීමක් නෑ . මේකෙත් ක්‍රෙඩිට් එක යන්නේ අච්චිඅම්මට තමයි .





පොඩිකාලේ මොන්ටිසෝරි ගිහින් ආවම මට කවලා පොවලා මම නිදාගත්තේ නැත්නම් අපේ ආච්චිඅම්මා කරන්නේ මේවගේ රස කතාවක් මාත් එක්ක කිය කිය ඉන්න එක . ඒවායේ මතුපිටින් පේන රස වගේම ඒවායේ ඇතුලේ හැංගිලා තියෙන අද්භූත බවත් මට ඒ කාලේ දැනුනේ නෑ . ඒක විඳින්න ඒ ගැන පොඩ්ඩක් වැඩිපුර හොයලා බලන්න ඕන .

මේ සිද්දිය උනේ ආච්චිඅම්මාගෙ ළමා කාලයේ .එතකොට අපේ ආච්චිඅම්මට අවුරුදු දොළහක් විතර . ඒ කියන්නේ 1926 - 1927 වගේ කාලේ . ආච්චිඅම්මගේ තාත්තා , මම කිව්ව අර අපේ වෙද මුත්තා ජයටම වෙදකම් කරපු කාලේ . ඒකාලේ බෙහෙත් අහගන්න , තෙල් වර්ග ගෙනියන්න ගෙදරට ඇවිත් තියෙනවා දෙවුන්දර මාතර පැත්තේ අස්සක් මුල්ලක් නෑරම මිනිස්සු .

මේ ලගදී දවසක් අපේ මාමා , මාතර මළගෙදරක ගිහින් ඉන්න වෙලාවක මරණෙට පාංසකූල දෙන්න වැඩපු දෙවිනුවර දේවාලය ළඟ තියෙන පරමවිචිත්‍රාරාම රජමහා විහාරයේ නායක හාමුදුරුවෝ අපේ මාමාව අඳුරගෙන ඒ වෙද මුත්තව මතක් කරලා තිබුණා " අපිත් පොඩි කාලේ වෙද මහත්තයගෙන් බෙහෙත් ගන්න ඇවිත් තියෙනවා " කියලා . ඔය පන්සලේ වැඩහිටපු නායක හාමුදුරුවරු වැඩිදෙනෙක්ම අපේ ආච්චිඅම්මලාගේ පවුලේ නෑදෑයෝ වෙනව කියලා මම අහලා තියෙනවා . එහෙම නෑයෝ වෙන නායක හාමුදුරු කෙනෙක් තමයි ජම්බුවත්තේ පියරතන හාමුදුරුවෝ .ඒ හාමුදුරුවෝ අපේ ආච්චිඅම්මාගේ මාමා කෙනෙක් වෙනවා .





ඉතින් අපි එමුකො කතාවට . මේ වෙද මුත්තා සමහර ලෙඩ වලට වෙදකම් කරේ අනුමානෙට මිසක් හරියටම ලෙඩේ හොයාගෙන නෙවෙයි . තවත් සමහර වෙලාවට සර්පයෙක් කාලා ආවට පස්සේ දූත ලක්සනෙන් මේ සර්පයා කවුද කියලා හොයාගන්න අමාරුවෙලාවල් පවා තිබිලා තියෙනවා . ඔය ප්‍රශ්නය නිසා විස බහින්න එක එක වෙදකම් ගොඩක් කරන්න වෙලා තියෙනවා . ඒවා කරන එක කෙසේ වෙතත් ඒවාට කාලයක් ගතවෙන නිසා ඒක හරිම කරදර වැඩක් උනාලු .

මේ හේතුව නිසාම මේ වෙදමුත්තා අඳුනක් හදන්න ඕන කියලා හිතලා තියෙනවා හනුමන්තාගෙන් බෙහෙත් අහගන්න . ඔය අඳුන හදන්න ගස් වර්ගයක් ඕන . මේ ලගදි සිංදුවා මගෙන් ඔය ගහේ නම අහනකොටත් මට ඔය අඳුන මතක් උනා . සමන්දේවාලේ වගේම අපේ කැම්පස් එකේ කීප තැනකමත් ඔය ගස් ජාතිය තියෙනවා . ඒ නිසා මට ඔය ගස් දකින දකින වාරයක් ගානේ ඔය අඳුනමයි මතක් වෙන්නේ .

ඒ ගස් දෙවුන්දර තිබුණත් ඒ ගහ ගාව මාස තුනක් විතර නැවතිලා ඉන්නත් ඕන නිසා මේ මුත්තා යනවා එයාගේ මල්ලිමුත්තා ජීවත්වෙලා හිටපු ගම්පහ උඩුගම්පලට . එහේ නැවතිලා ඉඳගෙන තමයි අඳුන හදන වැඩ කරලා තියෙන්නේ .





අඳුනේ වැඩ බාගෙට වගේ ඉවරවේගෙන එනකොට මුත්තගේ කකුලේ ලී පතුරක් ඇනිලා තුවාල වෙලා තියෙනවා . ඒත් එයා ඒකට වැඩි දෙයක් කරලා නෑ තුවාලේ සනීප වෙන්නවත් . මොකද එයා ඒ මුළු කාලේම කැපකරලා තිබුණේ අඳුන හදන්න නිසා . ඇදුරෙක් ඇවිල්ලා අඳුන ජීවම් කරන නිසා ඒ වැඩවලට මහන්සි වෙන්න උන නිසා තුවාලේ ගැන වැඩි විමසිල්ලෙන් ඉඳල නෑ . ටික ටික තුවාලේ වැඩි වෙලා . අන්තිමට එයා ගම්පහ ඉඳලා දෙවුන්දරට ආවේ ඇවිදගන්නත් බැරුව කීපදෙනෙක්ගේ වාරුවෙන් .

වඩුවගේ ගෙදර ඉඳගන්න පුටුවක් නෑ කියන්න වගේ , දෙවුන්දර නමගිය වෙදා ඇඳට වැටුණා . කේන්දර බලන්න දන්න මේ මුත්තා ගෙදර ආවට පස්සේ ගෙදර අයට කිව්වලු එයාගේ ග්‍රහචාරේ නරකට හිටලා තියෙන වෙලාවක මේ තුවාලේ උනේ , සමහරවිට මෙතනින් එයාගේ ජීවිතේ හරි කකුල හරි කෙලවර වෙන්නත් පුළුවන් කියලා .

ඉන්න තරම් දස්ස වෙදමහත්වරු ඇවිත් තියෙනවා මේ මුත්තට බෙහෙත් කරන්න . එයාලා ඒ මුත්තට නියම කරන බෙහෙත් සීට්ටු ලියාගෙන තියෙන්නේ අපේ ආච්චිඅම්මා . වෙලාවට ඒ බෙහෙත් සීට්ටු ලියපු පොත තාම මම ගාව තියෙනවා . සමහර බෙහෙත් වලට කියලා තියෙන ගස් වල නම් මමවත් තාම අහලා නෑ . කොහොමහරි බෙහෙත් කරාට ටිකෙන් ටික තුවාලේ නරකට හැරෙනවා මිස අඩුවක් නැහැලු .






ඔය වෙලාවේ වෙදමුත්තාගෙ ජීවිතය බේරුවේ මේ රාජතරංගනී තෛලය තමයි . 1883 ඉපදිච්ච මේ වෙදමුත්තා මියගිහින් තියෙන්නේ 1965 මැයි 12 . සමහර වෙලාවට ගමේ මරණ උනාම අපිත් යනවා මාතර . එහෙම ගියාම මාතර කනත්තේ මේ වෙදමුත්තා සැතපිලා ඉන්න සොහොන වටේ රවුමක් කැරකිලා පහන් සංවේගයට පත්වෙලා එන්න අපි අමතක කරන්නේ නෑ .

අන්තිම වතාවේ මාතර කනත්තට මම ගියේ දැනට අවුරුද්දකට විතර කලින් අපේ සීයා කෙනෙක්ගේ මරණෙකට . ඒ ගියවෙලේ අපේ පුංචි අම්මා මේ වෙදමුත්තාගේ සොහොන්කොත අල්ලලා වැඳලා ආවා මට මතකයි . අපේ ගෙදර හැමෝම ගෞරවයෙන් මතක් කරන චරිතයක් තමයි ඒ වෙදමුත්තා . මොකද ඒ වෙද මුත්තාගෙන් පස්සේ වෙදකම සම්පූර්ණෙන්ම නැවතිලා ගිය නිසා . ඒ මුත්තාගේ ධාරණ ශක්තිය හරිම ඉහලයි කියලා අපේ නෑදෑයෝ තාමත් මතක් කරනවා . එයාගේ ෆොටෝ එකක් අපේ ගෙදර තාමත් තියෙනවා . එන කෙනෙක්ට ඒක දැකලා බලල පහන් සංවේගයට පත්වෙලා යන්න පුළුවන් . හැබැයි පහන් සංවේගයට පත්වෙලා මෙතන පහන් පත්තු කරන්න හදන්න එපා . හීඉහිහිහීහිහීහීඉහ්.........

මේ වෙදමුත්තාගෙ හොඳම යාලුවෙක් හිටියා දෙවුන්දර ඉස්කෝලයක මුල් ගුරුවරයෙක් . මුල්ම කාලේ මම ලිව්ව පෝස්ට් දෙක තුනකම වගේ මම කියලා ඇති , දෙවුන්දර හිටියා කියලා හූනියම් දෙවියෝ වසඟයට ගත්ත , මතුරලා සර්පවිස බස්සන්න හැකියාවක් තියෙන කෙනෙක් ගැන . ඔන්න ඔය ඉස්කෝල මුල්ගුරුවරයා තමයි ඒ .



නම මොකද්ද කියලා නම් දන්නවා , ඒත් කියන්න බෑ , මොකද එයාගේ පවුලේ අය තාමත් දෙවුන්දර ඉන්න නිසා . එයා නැතත් එයාගේ දැනුම ඉතුරුකරලා ගියපු පොත් ගොන්න තාමත් ඒ ගෙදර පුස් කකා තියෙනවා . සමහර වෙලාවට ඒ ගෙදර අයගෙන් මම මේ ශිල්පය ගැන වැඩිපුර දේවල් හොයාගෙන තියෙනවා .

ඉතින් මේ ගුරුතුමා ආවලු අපේ මුත්තට කොහොමද කියලා බලන්න . ආවම දැන් මුත්තා ඇඳේ ඉන්නවලු . අර ගුරුතුමා අපේ මුත්තට කියන්නේ වෙද අයියා කියලා . ඉතින් ගුරුතුමා කියනවලු

"නරක වෙලාවට වෙද අයියගේ සාත්තරෙත් බොරු උනා එහෙනම් " කියලා .

ඒ මුල්ගුරුතුමා ඊටපස්සේ සූනියම් දෙවියන් ආරූඪ වෙච්චි වෙලාවක මේකට මොකද්ද කරන්නේ කියල බලනකොට තමයි තමයි කියලා තියෙන්නේ රාජතරංගනී තෙලෙන් අපේ මුත්තාව සනීප කරන්න පුළුවන් කියලා . තෙල හිඳින බෙහෙත් අපේ වෙදමුත්තත් දැනගෙන ඉඳලා තියෙනවා . ලෙඩ ඇඳේ ඉඳගෙනම එයා තමයි තෙල හිඳින්න බෙහෙත් කියලා තියෙන්නේ .

මාතර නුවර ගම්පහ අනුරාධපුරය කියන පැති හතරෙන් නමගිය හමගිය දස්ස ඇදුරෝ හතරදෙනෙක් ඇවිත් තියෙනවා ඔය තෙල ජීවම් කරන්න . ඒ හතරදෙනයි අර ගුරුතුමයි තමයි තෙල හිඳලා ඔක්කොම කරලා ජීවම් කරලා අපේ වෙද මුත්තට තෙල් පොවලා සනීප කරගත්තේ .සාධු කියන්න පින්වතුනී එහෙනම් .





මේ තෙලට ඕන කරන කඟවේන අං තමයි හොයාගන්න අමාරු . මේ කඟවේන අං ගැන එක එක මත තියෙනවා . සමහර අය කියන්නේ ගවරා කියන සත්වයාගේ අං තමයි මේ තෙල් හිඳින්න ගන්නේ කියලා . ගවර අං වෙනුවට වෙන ආදේශක තියෙන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා . ඒත් හරියට මීටර් නෑ . මොකද එහෙම තියෙනවා කියලා කියන අය ඒ මොකක්ද කියලා හරියට කියන්නේ නෑ .

සමහරවිට ඒ දේවල් වල යම්කිසි සමාන කමක් ඇති . ඔය කඟවේන අං අඳුරගන්න එක එක ක්‍රම තියෙනවා . ඒවා එක එක පරපුරවල් වලින් වෙනස් වෙනවා . මම අහලා තියෙන ක්‍රමය තමයි ඔය කඟවේන අං කෑල්ලක් ඌරච්චි කරලා ඇඟිල්ලක ගාගෙන වෙලුනාට පස්සේ ගින්දරට ඇල්ලුවට ඇඟිල්ල පිච්චෙන්නේ නෑ කියන එක . ඒකෙ සත්‍යතාවය කොච්චර දුරට නිවැරදිද කියලා කියන්න නම් අමාරුයි .මොකද අත්දැකීම නැති නිසා . සමහර තැන් වලදී මම අහලා තියෙන්නේ කඟවේනා කියන්නේ මනඃ කල්පිත සතෙක් කියලා . ඒත් වෙදපොත්වල වට්ටෝරුවේ තියෙන්නේ එහෙමයි .

තෙල් හිඳින්න අලුතෙන් ගොම මැටි ගාලා පිරිසිදු කරගත්ත තැනක් යොදාගන්නවා . උඩට උඩුවියන් , පයට පාවාඩ , වටට වටතිර , සුදු පාට රෙදි වලින් යොදන්න ඕන . ඒ පොළව කහ දියර වලින් පිරිසිදු කරන්න ඕන . මේ ගන්න බෙහෙත් වර්ග හැම දෙයක්ම හරිම පිරිසිදුව ගන්න ඕන . මේ බෙහෙත් වර්ගවල හැම දේකම වගේ ඉස්ම තමයි කොටලා මිරිකලා පෙරලා ගන්නේ .හැබැයි මිරිකන්න කියලා වතුර දාන්නේ නෑ . තනිකර ඉස්ම විතරයි ගන්නේ .





ඒවා වෙන වෙනම ගන්න ඕන භාජන වලට . යකඩ භාජන නම් මොකවත්ම ගන්නේ නෑ . මැටි භාජනත් ගන්න එක අවුල් . මොකද මැටි භාජන වලට ටිකක් මේවා උරාගන්නා නිසයි මැටි දිය වෙන්න පුළුවන් නිසයි . ඒ නිසා ගන්න ඕන පිත්තල , රිදී , තඹ වගේ භාජන . ඒ නැත්නම් වීදුරු භාජන තමයි ගන්නේ .

මේ ලිස්ට් එකේ තියෙන තෙල් වර්ග වලින් තැඹිලි තෙල් තමයි හිඳගන්න අමාරු . තැඹිලි තෙල් කියලා ගන්නේ රන් තැඹිලි තෙල් . රන් තැඹිලි තෙල් හිඳින හැටි දන්නවද දන්නේ නෑ ඔයාලා . මම කියලා දෙන්නම් රන් තැඹිලි තෙල් හිඳින හැටි . ඒක ශාස්ත්‍රානුකූලව කරන වැඩක් . එහෙම කරාම තමයි තැඹිලි තෙලේ නියම ජීව ගුණ තියෙනවා කියන්නේ . ඔයාලා ඔලුවේ ගාන්න තැඹිලි තෙල් හිඳිනවානම් මේ ක්‍රමය පුළුවන් නම් අනුගමනය කරන්න . හොඳ ගුණ ලැබේවි .

රන් තැඹිලි තෙල් හිඳින්න යොදාගන්න පුද්ගලයා දවල් කාලේ ඉපදිච්ච කෙනෙක් වෙන්න ඕන . දවල් කියන්නේ ඉර උදාවේ ඉඳලා ඉර බැසයාම කියන වෙලාවල් දෙක අතර ඉපදිච්ච කෙනෙක් වෙන්න ඕන  . හැමදේම එයා කරනවානම් හොඳයි . ඒ නැතත් පොල්ගාන මිරිකන සහ පොල් කිරි ලිපේ තියලා රත්කරන කියන වැඩ තුන දවල් කාලේ ඉපදිච්ච කෙනෙක්ම කරන්න ඕන . එහෙම කියන්නේ ලැබෙන තෙල් ප්‍රමාණය වැඩිවෙනවා කියලා පිළිගැනීමක් තියෙන නිසා වගේම එහෙම කරනකොට තෙල් වලට ලැබෙන ජීව ගුණ බලය වැඩිවෙනවා කියලා කියන නිසා .





රන්තැඹිලි ගෙඩි කඩන්න කලින් ඒ තැඹිලි ගහට වැඳුම් පිදුම් කරලා සුවඳ දුම් අල්ලලා පේ කරන්න ඕන . පස්සේ ගහට නැගලා තැඹිලි ගෙඩි බිමට කඩලා දාන්නේ නැතුව ගෙඩි බිමට බාන්න ඕන . කොහොමත් තැඹිලි කඩනකොට ගෙඩි බිමට බානවනේ . ඒත් තැඹිලි මෝරලා නිසා පුපුරන්නේ නෑ කියලා සමහරු මේ ගෙඩි බිමට අතාරින්න පුළුවන් . එහෙම නැතුව මේවා බිමට බාන්න ඕන . පොල් ලෙලිගහන්න ගන්නේ හොඳට උල් කරගත්ත ලීයක් . අලවංගු පාවිච්චිකරන්නේ නෑ . පොල් බිඳින්න පිහියක් ගන්නේ නෑ . ලීයකින් ගහලා තමයි පොල් බිඳින්නේ .

පොල් ගාන්නේ හිරමනයකින්නෙවෙයි . ලී පතුරක් උල් උල් තියෙන්න කපලා අරගෙන එකෙන් තමයි පොල් ගාන්නේ . ඊටපස්සේ පිරිසිදු මිරිස් ගලකින් හොඳට පොල් අඹරලා කිරි මිරිකලා තඹ හැළියක දාලා මදගින්නේ රත් කර කර හින්දවන්න ඕන . මේකට ගන්න ඕන කුරුඳු දර . වෙන මොකවත් ලිපට දාන්න හොඳ නෑ . අපේ ගෙදර තිබ්බා මේ තෙල් හිඳින්න ඉස්සර පාවිච්චි කරපු තඹ මුට්ටියක් . ඒක පට්ට අයිටම් එක . ඒක හෝදලා නෑ කාලෙකින් . එනිසා ඔක්සයිඩ් බැඳිලා . මම පස්සේ වෙලාවක හෝදලා කරලා ෆොටෝ කෑල්ලක් දානම් .

එහෙනම් අපි යමුකෝ රාජතරන්ගනී හිඳින්න ගන්න බෙහෙත් වර්ග ගැන බලන්න . මේකේ ගොඩක් ඉස්ම වර්ග තියෙනවා . ඒවා පත බැගින් ගන්න කියලා තමයි වට්ටෝරුවේ තියෙන්නේ . ඝන ද්‍රව්‍ය ගන්න ඒවා මංචාඩි දහයක බරින් ගන්න ඕන . කොළ ඉස්ම වර්ග ඔක්කොම එකට දාලා ටිකක් රත් වෙනකොට එළකිරි ගිතෙල් එක්ක අනිත් තෙල් වර්ග ටික දාලා හොඳට හිඳගන්න ඕන . පස්සේ තමයි ඝන දේවල් ඔක්කොම එකට දාලා අඹරගත්ත කල්කය මේ තෙල් හැලියට දාන්නේ . මේ ලිපට ගින්දරදාන්නේ සගන්ධ තෙල් නිපදවන්න ගන්න ලී වර්ගවලින් . හොඳම ලී වර්ග වෙන්නේ සුදු හඳුන් නැත්නම් දේවදාර ලී . ඒවා නැත්නම් කුරුඳු උනත් කමක් නෑ ආයිබෝං .





මේ තියෙන්නේ ඕන කරන දේවල් ටිකක් .



ඇහැළපොතු 
උපුල් කොළ 
කරඳ
විස දූවිලි
හබරල
ඇඹල
කිතුල් මුල්
සැවන්දරා මුල්
ගිනිහිරිය
අහුදලු 
කොල්ලං  
අන්දර
බෝ
පුලිල
එළකිරි
ගිතෙල්
ඉරිවේරිය
වම්මුතු
තොටිලමුල්
පලොල් මුල්
බැබිල මුල්
නික දලු
හාතවාරිය
බෙලිමුල්
නෙලුම් දඬු
රුක්අත්තන පොතු
මදුරුතලා මුල්
කීකිරිඳිය
අඩහැර
කොබෝනීල 
බිම්කුඹුරු
එල ඔලිඳ
බෝමුල්
තැඹිලි තෙල්
අබතෙල්
තලතෙල්
එඬරුතෙල්

කඟවේනා අං කුඩු
තිප්පිලි
සූදුරු
තඹ
සාදික්කා
ඉඹුල් මැලියම්
කොල්ලු
ගල් දුම්මල
දෑසමන්
සුදු හඳුන්
රත්හඳුන්
ඉඟිනි ඇට
සහිඳ ලුණු
ජටාමකුට
මහදුරු
ගෝරෝචන
කොකුම් පොතු
රිදී
රත්තරං
මුතු


දාලා තෙල හොඳට හිඳුනට පස්සේ ඒ තඹ හැලියේම තියෙත්දිම තමයි මන්තර මතුරලා මේ තෙලට දේවතා බන්ධනය කරන්නේ . ඒක හරිම අමාරු වැඩක් . දේවතා දිෂ්ටිය වැටෙනකන් මේ තෙල සති ගණන් මාසගණන් මතුරන්නඕන .දේවතා දිෂ්ටිය වැටෙනකොට මතුරන ඇදුරා පිස්සු වැටෙනවා . ඒ නිසා මේ තෙල ජීවම් කරන්න අඩුම තරමේ දක්ෂ මන්තර ශාස්ත්‍රය දන්නා දෙන්නෙක්වත් ඉන්න ඕන . එක්කෙනෙක්ට පිස්සු හැදුනම අනිත් කෙනා තමයි මතුරලා ඒ දොස් නැති කරන්නේ .

අපේ මුත්තාට වෙදකම කරන්න එදා තෙල් හිඳිනකොට තෙලට දේවතා දිෂ්ටිය වැටිච්චවෙලේ අන්තිමට මතුරමින් හිටපු ඇදුරා පිස්සු වැටිලා ගෙදරින් පැනලා දුවලා තියෙනවා දෙවුන්දර පෙරලගෙන . පස්සේ බොහොම අමාරුවෙන් තමයි එයා ඉන්න තැන හොයාගෙන ගිහින් එයාව එක්ක ඇවිත් එයාටත් මන්තර මතුරලා දෙහි කපලා එයාගේ දොස් ඉවත් කරලා තියෙන්නේ . තරංගනී දේවිය බන්ධනය වෙනකොට තමයි මෙහෙම වෙනවා කියන්නේ .

මේ තෙල දාලා තියන්නේ රත්තරන් නැත්නම් රිදී මංජුසාවක . වෙන වෙන භාජනවල දාන්නේ නෑ . තෙලේ ගුණ කියනවනම් මෙන්න මේ ගුණ තියෙනවා මේ තෙලට .

* තෙල් තියෙන අවට යක්කු භූතයෝ පිසාචයෝ ඉන්නේ නෑ
* තෙල් බිව්වොත් ඇඟේ තියෙන විවිධ ලෙඩරෝග විශාල ගණනක් සුවපත් වෙනවා ( හොරි දද වණ ගෙඩි  
   කුෂ්ට පිළිකා වගේ දේවල් )
* පිස්සන්ගේ පිස්සුව සනීප කරන්න පුළුවන් ගුණයක් තියෙනවා
* බහිරවයා වසඟයට ගන්න පුළුවන්
* කොඩිවින වදින්නේ නෑ
* අංගම් කාලම් පිල්ලි සැර වදින්නේ නෑ
* මේ තෙල් සුරේක දාලා එල්ලගත්තම මිනිස්සු ඉක්මනින් වසඟයට පත්වෙනවා
* දරුවන් නැති ඒත් නියම වයස තියෙන කාන්තාවන්ගේ ප්‍රජනන ශක්තිය වැඩි කරනවා
* පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය වැඩි කරනවා
තව ගොඩාආආආආආක් ඒවා තියෙනවා . එව්වා එයාකරයි ඉතින්

අදකාලේ මෙහෙම තෙලක් හිඳින එක ලේසි වැඩක් නෙවෙයි . කඟවේනා තියා අද ගවරා කියන සතාවත් හොයාගන්න නැහැනේ . අපේ අයත් තෙල් හිදින්න කොහෙන් ඕවා හොයාගත්තද දන්නේ නෑ . අපේ ආච්චිඅම්මත් ඒ කාලේ දැනගෙන ඉඳලා නෑ මොකක් ගත්තද කියලා . සමහරවිට වෙන ආදේශකයක් තියෙන්න ඇති කියලා මට නිකමට හිතෙනවා . බලමු ඒ මොකක්ද කියලා හොයාගත්තොත් කියන්නම් .

එහෙනම් හැමෝටම තරංගනී දේවියගේ පිහිටයි ආආආආආරස්සාවයි .

ආ වයලීනොට එක්සෑම් ඉවරයි . ආයෙත් ලියන්න පුළුවන් දිගට හරහට පළලට උසට .
( සිංදුවාට මෙය අපලදායක වියහැකි බව කරුණාවෙන් සලකන්න )

19 comments:

  1. ලොකු කමෙන්ටු දාන්න මේ ගැන අදහසක් නෑ..ඒත් ඔයා ලියන විදිහ එල ද බ්‍රා..
    එහනම් ලියමු දිගට හරහට පළලට උසට පක්කං පදිරි සන්නහා සන්නද්ධ වෙන්න.

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ බොහොම ස්තූති :) :)

      Delete
  2. කතාව නියමයි. හිමවත‍ේ ඇත් ස‍ොහ‍ොනට පියමැන්න‍ෙ මු කතාව ඉක්මනටම දාන්න. තවත් මන්තර ගුරැකම් ගැන තියන කතා ග‍ොඩක් දාන්න. අපි හැමදාම ඇවිල්ලා බලනවා අලුත් කතා දාලද කියල. ඉක්මනටම කතා ග‍ොඩක දාන්න ඔයාලට සුභ පතනවා. ජය ව‍ෙීවා..!

    ReplyDelete
    Replies
    1. අහ්හ් තාම ඒ කතාවේ දෙවෙනි කොටස කොහොම ලියන්න ඕනද කියලවත් හිතලා නෑ . ඉක්මනටම දාන්නම් . බොහොම ස්තූති . ලියන්න නම් ගොඩක් ඒවා හිතාගෙන ඉන්නවා . හෙමිහිට ලියලා දාන්නම්කො . :) :) :)

      Delete
  3. තරංගනී කියන්නේ කවුද හැබෑට...... අපේ ගෙදර පහල ඉන්න අක්කා වත් ද?? හැබැයි ඒ දේවියගේ දිෂ්ටි වැටිච්චි එකා නම් නන්නත්තාර වෙලා ඉන්නේ...... ඉටයිල් එකයි කතන්දරෙයි නම් චෝයි....... :v

    ReplyDelete
    Replies
    1. තරන්ගනීගේ දිෂ්ටිය කාට වැටුනත් කෙලවිලා තමා පස්සේ ගොඩ එන්නේ හඃ හඃ හඃ
      එල එල බොහොම ස්තූති :)

      Delete
    2. කොහොම විස්තර හොයාගෙන කොහොම ලිව්වත්, උඹ ලිව්වා කියන්නෙ ඉතිං පට්ටම තමා :-f .......... ඒක නෙවේ මං මේ නිකමට වගේ කියන්නෙ. උඹ ඔය තෙල් හින්දොත් මටත් ටිකක් දියන් හොදේ....................

      මං ඒත් බැලුවා මොකද මේක වේලෙන්නෙ කියලා........ විභාග ඉවරයිනං ඉතිං හොදා. අර හිමවතේ ඇත් සොහොනට යන එක ඉක්මනට දාපන් හොදේ....................... ජයවේවා කිව්වා...!!!

      Delete
    3. හිමවතේ ඇත්සොහොනට පියමැන්නෙමු ලියන්න ගත්තා අලුත් කොටස . ඉක්මනටම දාන්නම් .
      බොහොම ස්තූති මල්ලි :)

      Delete
  4. සින්දුවා තෙලට පිං............... දැන් හින්දන්න පටන් ගන්න පුළුවන්.............. හින්දුවා ම කියන්නම්............ මේ මතං........ වයා කවදද ලියන්නේ................. උඹේ ඒවා කියවලා අැති වෙලා....................... හැක් (විහිලුවට හරිය)

    ReplyDelete
    Replies
    1. සිංදුව නෙවේ බං ලිව්වේ මම මම වයලීනෝ . වයා කවදද ලියන්නේ නෙවේ . ලියන්නේ වයා තමා .
      b-( b-( b-(

      Delete
  5. //* පිස්සන්ගේ පිස්සුව සනීප කරන්න පුළුවන් ගුණයක් තියෙනවා//
    අර අපේ අංගොඩ ඉන්න එකාටත් පොඩ්ඩක් දීපන්කො

    ReplyDelete
    Replies
    1. උට තියෙන්නේ පිස්සුව නෙවේ . ලංදුනෝන්උන්මාදය :p :p

      Delete
  6. me thela hari widihata hadala dena kenek innawada....hebei maha ganawalata neme yaluwa

    ReplyDelete
    Replies
    1. එහෙමනම් දන්නේ නැත :(

      Delete
  7. මං ගාව තියනවා රාජතරංගනි තෙල් දාපු රන් සුරයක්. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට

    ReplyDelete
    Replies
    1. එල එල
      බොහොම ස්තූති g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here