Saturday, October 18, 2014

කපුටු සාත්තර කියනහැටි





                                  


සර්පවෙද දූත ලස්සණ විජ්ජාව ගැන කියලා දෙන්න කියලා මගේ පරණ පොත් අවුස්සනකොට ඒ පොතක් අස්සේ තිබිලා කොපි පොත් කොලයක් බිම වැටුනා . මොකද්ද කියලා බලන්න බිමට නැවෙනකොට තමයි දැක්කේ ඒ කොලේ තියෙන්නේ අපේ ආච්චිඅම්මගේ අත් අකුරු කියලා . එයාට අවුරුදු හැත්තෑ ගානක් විතර ඇති මම හිතන්නේ ඒ කොලේ ලියනකොට . ඒ කියන්නේ මම මොන්ටිසෝරි යන කාලේ .

අපේ ගෙදර ඉස්සර මට මතකයි මම පොඩි කාලේ , හැමදාම වගේ කපුටන්ට බත් ගුලි දෙනවා . සෙනසුරාදට කිරිබත් ගුලි දෙනවා . ඒ කාලේ අපේ ගෙවල් පැත්තේ කපුටන් වැඩිපුර හිටියත් එක්ක , එහෙම දාන දෙන්න . කපුටන්ට කන්න දෙන්නේ ඇයි කියලා මට ඒ කාලේ වැඩිය අදහසක් තිබ්බේ නෑ . අම්මලාගෙන් ඇහුවට අම්මලට ඒ කාලේ මට ඒ දේ කියලා දෙන්න විදියක් නැතුව ඉන්න ඇත්තේ , මොකද සෙනසුරු ග්‍රහය ගැන මම පොඩිකාලේ දන්නේ නැති නිසා . පස්සේ තමයි දැනගත්තේ සෙනසුරු ග්‍රහයාගේ වාහනය විදියට කටයුතු කරන්නේ කපුටා කියලා . ඒ නිසා කපුටා කියන්නේ එසේ මෙසේ සතෙක් නෙවෙයි .



ජෝතිෂ විජ්ජාවට අනුව මකර සහ කුම්භ ලග්න දෙක අයිති සෙනසුරු කියන ග්‍රහයාට . සෙනසුරු කියන්නේ ඵල දීම හා ඵල දෙවීම කියන කාරනා දෙක කරන ග්‍රහයා . ග්‍රහ මණ්ඩලයේ ඉන්න සේවකයා තමයි සෙනසුරු . සෙනසුරු ග්‍රහයාගේ හාම්පුතා විදියට වැඩ ඉන්නේ විෂ්ණු දෙවියන් . ඔය ඔක්කොම දේවල් කරණ කොටගෙන තමයි සෙනසුරු අපල වලට කපුටන්ට දාන දෙන්නේ . ඔය කපුටන්ට දෙන දාන වලින් වැදගත්ම දානයක් තමයි කපුටන්ට එළඟිතෙල් පොඟවපු පහන් තිර කන්න දෙන එක .

කපුටා කියන්නේ ඔක්කොම ජාති කන එක්කෙනේක්නේ . ඉතින් මෙයාට සමහර වෙලාවට බඩේ අමාරු හැදෙනවා , කාපුවා දිරවාගන්න බැරි වෙනවා . ඒ වෙලාවට කපුටට තියෙන දිව්‍ය ඖෂධයක් තමයි මේ එළඟිතෙල් පොඟවාපු පහන් තිර කියන්නේ . ඉතින් කපුටන්ට එව්වා කන්න දෙන එකත් සෙනසුරු අපල දුරු වෙන පිනක් කියල කියනවා .





දවසක් මට මතකයි මම මොන්ටිසෝරියේ ඉගෙනගන්න කාලේ ඉස්කෝලේ ටීචර් කපුටා ගැන අපිට කියලා දීලා කපුටා සාත්තර කියනවා කියලා කිව්වා . කපුටා ගෙ ඉස්සරහා ඉඳගෙන කෑගහන්නේ ගෙදරට කවුරු හරි එනවනම් තමයි කියලා කියා දුන්නා . ඉතින් මම ගෙදර ඇවිත් ඔයගැන කියනකොට අපේ ආච්චිඅම්මා ඒක අහගෙන ඉඳලා මට මෙන්න මේ කවිය ලියලා දුන්නා .

හැබැයි ආච්චි අම්මා මාත් එක්ක මේ කවිය කියලා මටත් පාඩම් කෙරෙව්වා . මේකෙන් කියන්නේ පුරාණ කාලේ ඉඳලා පැවත එන කපුටු සාත්තර කියන විදියක් ගැන . මීට වඩා වෙනස් විදිත් තියෙනවා . මේ එයින් එකක් විතරයි . දැන් නම් සාත්තර කියන්න තියා දක්කින්නවත් කපුටෝ නෑ . ඒත් ඔය කවි කියල දෙන කාලේ අපේ පැත්තෙත් හොඳට කපුටෝ හිටියා . මේ සාත්තරවල ඇත්ත නැත්ත ගැන නම් මම බලලා නෑ . මොකද කපුටා කෑ ගහනකොට ඒ ගාන ගණන් කරගන්න මීටර් වෙන්නේ ඌ ටිකක් කෑගැහුවට පස්සේ නිසා . ඒ මොනවා උනත් කමක් නෑ , මෙන්න මෙහෙමයි ඒ සාත්තර කියන්නේ .


මේ තියෙන්නේ ආච්චිඅම්මා මට ලියලා දීපු කොලේ .



මෙන්න මෙහෙමයි කපුටු සාත්තර ගැන කියන කවිය

එකවෙයි මියුරූ දෙක සුභ නැතිමය
තුනවෙයි සතුටූ සිවු කොලහලමය
පහවෙයි ලාභය හය සුභ ඵලමය
සත වෙයි මරණය පෙර ඉසි පැවසුය

මෙහෙමයි සාත්තරේ කියන්නේ . ඔන්න කපුටෙක් කෑගහනවානම් , එයා කෑගහන වාර ගණන් ගණන් කරගන්න ඕන . ඊට පස්සේ ඒ ගානට දහතුනක් එකතු කරලා . ඒක හතෙන් බෙදන්න ඕන . ඉතුරුවෙන ගාන අනුව තමයි මේ සාත්තරේ කියන්නේ . උදාහරණයක් විදියට මේ ගණිත කර්මයෙන් ඉතුරු වෙන උත්තරය පහ නම් තමන්ට හෝ නිවසට ලාභයක් ලැබෙනවා කියලා කියන්න පුළුවන් . අන්තිම පදයේ තියෙන " සත වෙයි මරණය " කියන්නේ හතෙන් බෙදලා කීයක් වත් ඉතුරු වෙන්නේ නැත්නම් මරණය කියන එකට . 


මොකද ඉස්සර අය බෙදනවා කියලා කරේ ගල් කැට අරන් හත හත අයින් කරපු එක . මෙහෙම අයින් කරනකොට අන්තිමට ඉතුරු වෙන්නේ හතක් නම් , ඒකෙ ප්‍රතිපලය මරණයක් කියල තමයි මේ කියන්නේ . ඔන්න ඔහොමයි කපුටා සාත්තර කියන්නේ . පෝස්ට් එක කොටයි . වැඩිය දෙයක් මේ ගැන කියන්නත් නෑ . ඒත් ලිව්ව දේ වැදගත් වෙයි කියලා හිතනවා . අවසාන වශයෙන් මේවා කියලා දීපු මගේ ආච්චිඅම්මවත් මතක් කරනවා . 


30 comments :

  1. සාමාන්‍ය දැන ගැනීම පිණිස මේ ලිපිය වටිනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති . :-f :-f :-f

      Delete
  2. ජන සමාජයේ තියෙන විවිද පිළිගැනීම්, මේ ලිපිය වටින්නේ ඒ පැතිකඩවල් හෙළි කලාට, මිත්යාදෘස්ටිය කියලා බැහැර කරන්න බැරි තරමට ඒවායේත් යම්කිසි හරයක් තියෙනවා. මට මතක් වෙනවා අපේ සීය මමට ලියලා දුන්නු කොළ කෑල්ලක් සර්ප දශටන ගැන කවි හතරක් එක්ක, අම්මපා එක කොහෙද දන්නෙත් නැහැ. අහුවුනොත් දාන්නම්කො, පොත් ගුලේ කොහෙහරි මුල්ලක ඇති. ලිපියට ගොඩක් තුති. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මිත්‍යාවන් වෙන්න පුළුවන් . ඒත් ඉතින් මේවා නිකන් ගොඩනගිච්ච දේවල් නෙවෙයිනේ නේද . ඇත්ත ඇත්ත කතාව . බොහොම ස්තූති අගය කෙරීමට . එල එල එහෙනම් ඒ කවි හම්බුනොත් දාන්නකෝ පෝස්ට් එකක් ..... g-) g-) g-)

      Delete
  3. මේක ඇත්තටම ගොඩක් ආස හිතෙන මාතෘකාවක්.ස්තූතියි කියල දුන්නට.

    ReplyDelete
    Replies
    1. එල එල බොහොම ස්තූති :-f :-f

      Delete
    2. monawada elanne

      Delete
  4. මෙව්ව උඹෙන්ම විතරයි අයියා................. එල...............

    ReplyDelete
    Replies
    1. අදට වඩා එලිය හඳක් හෙට පායනවා මල්ලි , එල එල බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  5. කපුටු රෑනක් හිටියොත් ඔක්කොම එවුං කෑගහන එව්වා ගනන් කරන්න ඕනද?

    ReplyDelete
    Replies
    1. මේක බොහොම සංකීර්ණ ගණනය කිරීමක් . ඉස්සෙල්ලම කපුටන්ගේ කකුල් ගාන ගණනය කරලා දෙකෙන් බෙදලා හතරෙන් ගුණ කරන්න ඕන . පස්සේ ඒ ගාන දෙකෙන් බෙදලා ආයෙත් එකෙන් බෙදලා ආයෙත් දෙකෙන් බෙදන්න ඕන . ඊට පස්සේ එන උත්තරේ හයයි දශම බින්වයි දෙකයි දෙක වැඩි කිරීම දහයේ විසිතුනෙන් වැඩි කරලා අවගද්‍රෝ නියතෙයෙන් බෙදන්න ඕන . ඒ එන උත්තරේට ඉහත ගණිත කර්මය කිරීමෙන් උත්තරය ලබාගත හැක . :p :p :p :p

      Delete
    2. උකුස්සෙකුට නම්, කපුටු රංචුවක් දැක්ක ගමන් කරන්න තියන එකම දේ රටෙත් නොහිට අභ්‍යවකාශ ගත වෙන එක. ගණන් කොර කොර ඉන්න ගියොත් නම්.... :P

      Delete
    3. මේ උකුස්සා ලගදී උද යන්න ගිහින් අපරාදේ ආයෙත් බිමට ආවා :p :p :p

      Delete
  6. කපුටො අඩුයි නේද දැන්. මං කිව්වෙ කළුම කළු ගං කපුටො. ? වත්තෙ, කුඹුරෙ හෙම ගියාම, තේ බොනකොට කනකොට හෙම ලඟට එන කපුටෙකුට මොනව හරි විසි කලාම, ඌ ඒක "කවුක්" ගාල උඩදිම අල්ලන හැටි බලන්න මං හෙන ආසයි පොඩ්ඩ කාලෙදි. :D

    ReplyDelete
    Replies
    1. ඔව් . කපුටෝ දැන් කූඩුවලට යකඩ කෑලි කම්බි කෑලි ගිහින් දාගන්නවනේ . ඒ නිසා ඒ යකඩ රත් වෙලා කපුටු බිත්තර බාගෙට තැම්බෙන නිසා කපුටෝ ඇතිවීම පාලනය වෙලා තියෙනවා කියලා කියන්නේ . අනික තමයි පොලිතීන් . ඒ නිසා කපුටෝ අඩුවෙලා . සාත්තර තියා පිහාට්ටක් වත් දැන් හොයාගන්න අමාරුයි :) :)

      Delete
  7. හුඟක් අය අපේ ගැමියෝ ගාව තිබ්බ සමහර ක්‍රම අරගෙන ඒවා විද්‍යාවෙන් පැහැදිලි කරනවා කරලා කියනවා. ඉස්සර ඒවා මැජික් වගේ කලාට ඒවගේ ඇති දෙයක් නෑ කියලා කෑ ගහලා කියනවා. ඒත් එයාම දන්නේ නෑ එයා හොයන් තියෙන්නේ අපෙ මිත්‍යාවේ තිබ්බ විද්‍යාව කියලා. මොනා වුනත් මේ කවියයි සාත්තරෙයි දාපු එක වටිනවා.
    කපුටා ගැන ලියවුනු තව කවි මන් ගාවත් තිබ්බා පුළුවන් උනොත් මාත් දාන්නම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් . ඒකනම් ඇත්ත . පරණ දේවල් විජ්ජාවෙන් ඔප්පු කරන්න පුළුවන් . අවුල තියෙන්නේ විජ්ජාව දන්නා එකා පරණ දේවල් හොයන්නේ අඩුවෙන් , පරණ දේවල් දන්නා එකා විජ්ජාව එක්ක ගැවසෙන්නේ අඩුවෙන් . මොනා උනත් පරණ දේවල් වලට ලොකු තේරුමක් තිබ්බා කියලනම් කියන්න පුළුවන් .
      බොහොම ස්තූති අදහස් දැක්වුවට :) :)

      Delete
  8. දන්නවද වයා සම හරක් ඉන්නව උං මේව කීවම පිළිගන්නෑනැත්තං හිනා වෙනව... මේව හිනාවෙන්නවත් පිළිනොගන්නවත් තරං දේවල් නෙවී කියලයි මට හිතෙන්නෙ...
    හුගක්ම ඒම කරන්නෙ බාග සයන්ස් කාරයො...ඒ කියන්නෙ අර ගොබ්බ ටියුසන් කාරයො ළගට ගිහින් බාගෙට සයන්ස් කරල සියළු සයන්ස්කාරයො අනිතයයි කියන්නෙඅන්න ඒ ජාතියෙ ගොබ්බ ඩෑල්...
    කපුටු සෑස්තර ගැන නං දැනං හිටිය.. ඒත් මේ තරං විස්තර සහිතව නෙවී...
    ;ස්තූතියි වයෝ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම් . අපේ ආච්චි අම්මා මට කියා දීපු ගොඩක් දේවල් මම මේ හෙමින් හෙමින් ලියාගෙන එන්නේ මේ . එයා මට කිව්ව දෙයක් තමයි මේවා තව කෙනෙක් එක්ක කියලා එයා මේවා පිළිගන්නේ නැත්නම් වාද කරලා ඔප්පු කරන්න යන්න එපා කියලා . මොකද ඉතින් තිබහ වෙච්ච හරකෙක්ට වතුර ලං කරන්න පුළුවන් උනාට අපිට බැහැනේ උට වතුර පොවන්න . සමහර වෙලාවට මටත් යකා නගිනවා සමහරක් කියන කතාවලට . එත් දැන් නම් ඒක පුරුදුවෙලා නිසා අවුලක් නෑ . ඕන එකෙක් ඕන එකක් කියලා මම ඉන්නවා . ටියුෂන් කියන්නේ බිස්නස් එකක් . ටියුෂන් කාරයා කරන්නේ ළමයාගේ ඔලුවේ යම්කිසි රූපයක් මවලා උගන්නන එක . ළමයා එතනින් ඉගෙනගත්තත් සමහර ටියුෂන් කාරයෝ ඉන්නවා ඌ හදන්නේ උගේ ඔලුවේ තියෙන වල් බූත ටිකත් ඔක්කොම ළමයාගේ ඔලුවට දාන්න . සයන්ස් කාරයෝ නැසෙන සුළුය කියලා තමයි මමත් හිතාගෙන හිටියේ කැම්පස් එන්න කලින් . දැන් නම් හිතෙනවා ආපු එක හොඳයි කියලා . බොහොම ස්තූති මෙයා :) :) g-) g-)

      Delete
  9. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ විද්‍යාවෙන් අර්ථකතන දෙන්න බැරි ඒවාට. ඒත් එහෙම කියන අය නොහිතන කරුණක් තියනවා. ඒවා මෙච්චර කල් පැවත ආවේ කොහොමද කියන දේ. විද්‍යාව දවසින් දවස වෙනස් වෙන දෙයක්. අද තියන ඇත්ත හෙට බොරුවක් වෙනවා. දවසක මේවාටත් විද්‍යාත්මක හේතුවක් හොයා ගනීවී. එතකල් විස්වාස කරන අය වෙනුවෙන් මේ තොරතුරු පල කරන්න මල්ලි.

    ReplyDelete
    Replies
    1. මේ ලගදී මම දැක්කා ජපානේ හරි චීනයේ හරි විද්‍යාඥයෙක් අණුක ව්‍යුහ නිරීක්ෂණය කරලා කියලා තියෙනවා පිරිත් පැන් වලයි නිකන් සාමාන්‍ය වතුර වලයි අණු පෙළගැහිලා තියෙන විදිය වෙනස් කියලා . එයා කියන්නේ ධ්වනි තරංග වලින් අණුක මට්ටමේ වෙනසක් කරන්න පුළුවන් කියලා . එයා ඒ අණුවල ෆොටෝ අරගෙන දාලා තිබුණා . එහෙම බලනකොට ඉතින් ප්‍රාචීන විජ්ජාවල් උනත් බොරු කියන්න බැහැනේ . මොකෝ ඉතින් පිරිතෙන් කරන්නෙත් වෙනත් ශබ්ධ තරංග වලින් කරන්නෙත් එකම දෙයක්නේ . හැබැයි මේ ඇදහිලි විශ්වාස ඔප්පු වීම කෙසේ වෙතත් මේවා නැති වෙලා යන එකනම් හොඳටම ෂුවර් . මොකද බක පණ්ඩිත ටෝක්ස් දාන පණ්ඩිතයෝ මේවා හෙලා දකිනකොට මේවා දන්නා මිනිස්සු ඒවාට තර්ක කරන්නේ නැතුව ඒ දැනුම එහෙමම නැතිවෙලා යන්න දෙන නිසා . :p :p
      ටන්කු ටන්කු මෙයා :) :)

      Delete
  10. කරලා බලන්න හිතුන. එක්කොත් ඕනේ නෑ... හතක් ඉතුරු උනොත්.. :O

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ . මටත් අත්දැකීමක් තියෙනවා . හැබැයි මරණය නෙවේ . නිකන් කනාවට වගේ කපුටා කෑගහනවා ගණන් කරලා ඒක උනේ :p :p
      බොහොම ස්තූති . g-) g-)

      Delete

  11. █ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති . අපි එකතු කරන්නම් :)

      Delete
  12. වයලීනුවෝ.....මේ දේවල් අහලා තියෙනවා. මම අපේ ආච්චිගේ අම්මාගේ හුරතලයත් ලබලා තියෙනවා. ඒ පිය පාර්ශවයෙන්. ඒ බබානෝනා ආච්චි ..බබාච්චි ඔය කපුටු සාස්තරේ ගැන කියනවා. ඒ නිකම් ජන වහරේ තිබිච්ච කතා. මේ දේවල් ගැන මට තේරෙන්නේ නැහැ කිසි දෙයක්. උඹ ලියලා තියන එක හොඳයි.
    කපුටෙක් කියන දෙයක් උඹ වගේ කපුටෙකුට මිසක් අපි වගේ කපුටන්ට තේරෙන්නේ නැතුව ඇති :D

    ලිව්වේ කවුද මියුසික් කවුද කියලා දන්නේ නැහැ. හැබැයි කිව්වේ නම් අපේ ඇම් ඇස් අයියා.
    මේ බලන්න මේ පක්ෂියා හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චි මට එයාගේ ආච්චි සීයාගේ කාලේ ඉඳලා දන්න දේවල් කිව්වා . ඒ නිසා ඒගැන පොඩි අයිඩියා එකක් තියෙනවා . හඃ හඃ හඃ මමත් වෙලාවකට කපුටෙක් තමා

      අපේ ආච්චි කියනවා සමහරවෙලාවට අපිත් කපුටෝ වගේ තමයි කියලා . මොකද කපුටා කියනවලු " මම හැමෝගෙම මාළු කනවා මගේ මාළු කන්න කවුරුත් නෑ කියලා . ඇත්තනේ කතාව . අපි ගොඩක් අයට උදවු කරාට අපිට කෙළවෙන වෙලාවට කවුරුවත්ම ළඟ නැතිවෙන වෙලාවල් එනවා .

      කපුටා ගැන සින්දුවක් මමත් හොයා හොයා හිටියේ . එල එල . බොහොම ස්තූති . :) g-)

      Delete
    2. මිත්‍යාව වුනත් නිකම්ම හැදෙන්නේ නැහැ. හැම දේටම තේරුමක් තියෙනවා. නමුත් අපේ අද සමාජයේ ඉඳන් වනවි එදා විදිහේ ඉඳන් බලන්න ඕන.

      Delete
  13. ow a vagema thiyenava thava tika amaru vidiyaka .a mehemai kaputa kagahanakota api issella davasa balanavava ilagata dishava balanava ilagatavelava balanava(velava kiwve sinhala krameta payakata vinadi 24 i davasata paya 60i eken ki veni payada me gevenne kiyala balanava)i lagata u kagahana sadde balanava onna ohoma thami venne oya okkko set venavanam thamai pala pala kiyanne naththan na udaharauyak kiyanavanam senasurada 7 veni paye niritha disaven kaaaka kaaaka kiya hadai nam hithavathek sathuru vei anna ehemai bt oya kiyana 4ma niyama vidiyata enne naththanam eka saththarayak vidiyata ganan ganne na mama karala balala thiyenava boho durata sarthakai

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් මම අහලා තියෙනවා ඔය වගේ හූනු සාත්තර . මේකත් හොයලා බලන්න ඕන . මම දන්නේ නෑ . අදමයි ඇහුවේ . බොහොම ස්තූති .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.