රන් දෙවොලින් බැස නැවත රන් දෙවොලට





ආයු බෝ වේවා
කලසෙත උතුම් වේවා
දෝස දුරුවේවා
සක්‍ර මහබඹු ආයුබෝවා

හස්තිනාපුර බ්ලොග් එකේ ලියවෙන්න ඕන පෝස්ට් එකක් මම හිතන්නේ මේ මම මේකේ ලියන්නේ . ඒත් මේක එතන දානවට වඩා මෙතන දැම්මම වැඩි දෙනෙක් කියවන නිසා මම මේ පෝස්ට් එක මෙතන ලියන්න තීරණය කරා ඔන්න හරිය මෙයාලා ?

මුලින්ම දෙයක් කියන්න ඕන . මම ගුප්ත දේවල් ගැන ලියන එක ගැන දැන් ගොඩක් දෙනෙක් ගොඩක් අදහස් දක්වනවා . මට වෙලාවකට හිතෙනවා මම ගැන වැරදියට හිතලා කියලා සමහර අය . මේ දේවල් ගැන පන පිහිටවලා ලියන්න මට කිසිම අවුලක් නැතිව පුළුවන් උනේ පොඩි කාලේ ඉඳලා මේ දේවල් ගැන හොයන්න මට ලොකු උවමනාවක් තිබ්බ නිසා . ඒ ආසාවේ තරම නිසාම පාරම්පරිකවම ගුප්ත ශාස්ත්‍රයට සම්භන්ධ පවුල් කීපයක්ම මට එයාලගේ දැනුම ලබා දුන්නා .

ලියපු කොටපු පෝස්ට් කමෙන්ට්ස් හැමඑකකම වාගේ ඔය දැනුම ලබා දුන්නා , දැනුම ලබා දුන්නා කියලා කිව්වේ එයාල මට මේවා උගන්නලා මාවත් ඇදුරෙක් කරා කියන එක නෙවෙයි . එයාලා මේවායේ සැඟවිලා තියෙන රහස් ගැන ඒ වගේම ඒ ශිල්පය ගැන මාව ගැඹුරටම දැනුවත් කළා කියන ඒකයි  . ඊට පස්සේ මේ දේවල් ගැන දිගක් පළලක් නැතිවම ගවේෂණය කළා මිස ඒ දේවල් ඉගෙන ගත්තේ නෑ . හැබැයි වෙදකම සහ කේන්දර ගැන යම් තරමක දැනුමක් මට ලැබුණා . ඒ නිසා වෙදකම් කේන්දර ගැන නම් ලියන්නේ ඒ ගැන තරමක් වැඩිදුර ඉගෙනගෙන තමයි ඔන්න හරිය .





මේ දවස්වල වයලීනොට හැදිලා තියෙන්නේ සමන්දේවාලේ පෙරහැර බලන්න යන්න තියෙන උනක් . දෙයියනේ කියලා ට්‍රයි කරලා කරලා ට්‍රයි කරලා මහ පෙරහරට කලින් තියෙන පළවෙනි දෙවේලේ පෙරහැර බලන්න ගියා . කොච්චර කට්ටක් කෑවද කියනවනම් ඔය දෙවේලේ පෙරහැර බලන්න යන්න , රෑ බස් නෑ ත්‍රීවිල් නෑ , මුකුත් නෑ . අන්තිමට සිංදුවගේ ගෙවල් කිට්ටුව බස් හොලේ එකේ රෑ වෙනකන් බලන් ඉඳලා ඉඳලා පයින්ම දේවාලෙට ගියා . ආයෙත් දෙයියනේ කියලා රෑ එන්නත් වාහන නෑ . ඒ නිසා ගෙදර ආවෙත් දේවාලේ ඉඳලා පයින්ම තමයි .

එහෙම කට්ටක් කාගෙන ගියේ , දකින්න වැඩිපුරම කැමති සමන් දෙවියන්ගේ දේවාභරණ වැඩම කරවීම කියන රූප පෙළ ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් දැක බලා ගන්න ඕන නිසා . මහපෙරහර දවසට දෙවියන් වැඩම කරවීම බලන්න දෙන්නේ නෑ . මිනිස්සුන්ව දේවාලේ පහත මළුවෙන් අයින් කරවනවා මේ වෙලාවට .

ඒත් දෙවේලේ පෙරහැර දවසට ඒ සිදුවීම් සමුදාය සියැසින් දැකගන්න සබරගමුවේ වාසීන්ට හැකියාව ලැබෙනවා . මමත් ඉතින් ගිහින් මගේ ෆෝන් එකෙන් වීඩියෝ පාරක් දැම්මා . දේවාභරණ ගැන මම හස්තිනාපුර බ්ලොග් එකේ මෙන්න මේ පෝස්ට් එකේ වැඩිදුර විස්තර කරලා තියෙනවා . අද කියන්න යන්නේ දේවාභරණ වැඩම කරවීම කියන චාරිත්‍ර පිළිවෙත් ගැන කතාවක් .




රෑ 9ත් පහුවෙලා පෙරහැර දේවාලේ උඩමලුවෙන් පිටත්වෙලා ප්‍රධාන දොරටුවෙන් එලියට එනකොට . ඉස්සෙල්ලම කොඩි ගෙනියන ළමයි පිරිසක් එනවා පේලියට . මෙයාලා අරගෙන එන්නේ රතුපාට සහ සුදුපාට කොටු කොටු තියෙන කොඩි . ඊට පස්සේ ඉස්සෙල්ලම දොරටුවෙන් එලියට එන්නේ පත්තිනි දේවියගේ දේවාභරණ වැඩමවන දෝලාව රැගත් පිරිස . ඊටත් පස්සේ එන්නේ සමන් දෙවියන්ගේ බිසෝ දේවියගේ දේවාභරණ සහිත දෝලාව රැගත් පිරිස . ඊටත් පස්සේ තමයි සමන් දෙවියන්ගේ " හීය " කියන දේවාභාරණය හිසමතින් වැඩම කරවන කපු මහතා එන්නේ . මේ දෙවාභාරණයට ආරක්ෂාව සලසන්න පලිහක් අල්ලාගෙන ඒ නිලයට අදාළ පුද්ගලයෙක් දේවාභරණ වැඩම කරවන කපුමහතා එක්කම එනවා .

මේ ඔක්කොම වෙන්නේ සාම්ප්‍රදායික බෙර පද වාදනය කරන අතරතුරේ . ඒ බෙර වාදනය කරන්නේ දේවාලේ නිල හේවිසි කණ්ඩායම . මෙයාලගේ තියෙන වැදගත්ම දෙයක් වෙන්නේ හැමෝම තනි සුදු ඇඳුම් ඇඳලා ඔලුවේ සුදු ජටාවකුත් බැඳගෙන ඉන්න එක . දෙවියන්ගේ තේවාවට සහභාගීවෙන හැමෝම වගේ මේ ඇඳුම් කට්ටලයෙන් සැරසිලා තමයි එන්නේ . දේවාලයට දෙවියෙකු මෙන් පැමිණෙන්න කියලා දේවාලේ වාහල්කඩේ ගේට්ටු පාළුවක් ගහලා තියෙනවා දැක්කා . ඇත්තටම මේ තේවාව කරන අය දැක්කම හිතෙන්නේ මෙයාලත් දෙවියන් එක්කම ඉන්න පිරිසක් කියලා .




සමන් දෙවියන්ගේ මේ දේවාභරණය රැගත් කපු මහතා එක්ක පලිහ අල්ලන නිලය , අලියා පිටට ගොඩවෙන්නේ පෙරහැර පිටත්වෙන නැකතට . ඉතින් මේ වෙලාවට විනාඩි පහකට වගේ කලින් දේවාලෙන් පිටතට එන මේ කපුමහතා අලියා පිටට ගොඩවෙන්නේ හරියටම ඒ නැකතට . ඊට පස්සේ අලියාට කිරිබත් කවනවා දේවාලේ රාජකාරි නිලයේ පුද්ගලයෙක් .

ඊටත් පස්සේ සබරගමු නැටුම් ශිල්පීන් කීපදෙනෙක් දෙවියන්ගේ අනුහස් ගුණ ගායනා කරමින් මේ දේවාභරණ රැගත් කපුමහතා ඉන්න අලියා ඉදිරියේ නර්තනයේ යෙදෙනවා . මේ ඔක්කොම ඉවර උනාට පස්සේ තමයි පෙරහැර ගමන් ආරම්භ කරන්නේ . පෙරහැර දේවාලයේ වටේට ගිහින් දේවාලය ඉදිරියේ තියෙන සිංහාසන මණ්ඩපය අසලට පැමිණෙනවා .

සිංහාසන මණ්ඩපයේ මදකට නැවතීමු කියලා මම මෙන්න මේ පෝස්ට් එකේ ඔය සිද්දිය හොඳට විස්තර කරලා තියෙනවා . මේ සිහාසන මණ්ඩපයේ මදක්වෙලා මහන්සි නිවාගන්න පෙරහරේ සියලුදෙනාම ආයෙත් දේවාලය දක්වා ගමන් අරඹනවා . ඔහොම හෙමින් හෙමින් පෙරහැර ඇවිත් දේවාලයේ ප්‍රධාන වාහල්කඩෙන් ඇතුල් වෙලා නැවතත් දේවාලයට ගෙවදිනවා .










කෙටියෙන් මෙහෙම කිව්වට මේ හැමදේකම චිරාගත සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍ර ගොඩක් තියෙනවා . ඒ නිසා මම පෙරහැරත් එක්කම දේවාලේ වටේට දුව දුව මේ ඔක්කොම වීඩියෝ කළා . ඔක්කොම දේවල් නැතත් මම හිතනවා දේවාලේ නිල රාජකාරිවලට අයත් නොවන පිට අයට බලන්න පුළුවන් හැම දෙයක්ම වගේ මම වීඩියෝ කළා කියලා .

ඔන්න තියෙනවා වීඩියෝ එක . ඒක බලන්න . මේ ආකාරයට තමයි සමන් දේවාලේ දේවාභරණ වැඩම කරවන්නේ . සතුටට කාරනාව තමයි මේ වතාවේ පෙරහැර චාරිත්‍ර වලට ඒ නිලයන්ට අදාළ අයගේ පොඩි පොඩි ළමයිනුත් එක්ක ඇවිත් තිබුනා මේ දේවල් උගන්නන්න . ඒක ගොඩක් වටිනවා මේ චාරිත්‍ර ඉදිරියටත් පවත්වාගෙන යන්න .

ඒ කෙසේ වෙතත් මේවා වීඩියෝ කරලා සයිබර් ගතකිරීම දෙවියන් පහත් කරලා සලකීමක්ද කියලා මට හිතාගන්න අමාරුයි . මොකද මේවා වීඩියෝ කරන්න දෙන්නේ නැති නිසා . ඒ නිසා මගේ අතින් යම්කිසි අත්වැරැද්දක් වෙලා තියෙනවානම් මම ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා .



ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !





Comments

  1. නියමයි මචං.. අදත් සෑහෙන වටින විස්තරයක්..

    ReplyDelete
    Replies
    1. :) :) :)
      ටැංකු ටැංකු g-) g-) g-)

      Delete
  2. Replies
    1. එල එල . ටැංකු ටැංකු :) :) :)
      g-) g-) g-)

      Delete
  3. ඔක්කටම වැඩිය මට හිතටම ඇල්ලුවෙ වීඩියෝව...
    (තරහ නෑනෙ..)

    දවසක ඇත්තටම බලන්න ආසයි වයෝ

    ReplyDelete
    Replies
    1. අහ්හ් තරහ නෑ මෙයා . මටත් ඕන ඔයාලට වීඩියෝ එක පෙන්නන්න තමා .
      ඒත් ඉතින් වල් පල ටිකක් කියලා එන්න එපාය .
      ඒ නිසා වල් පල ටිකක් කියලා දැම්මා g-) g-) g-)

      හෙටින් ඉවරයි පෙරහැර . ලබන අවුරුද්දේ ට්‍රයි එකක් දාලා බලමු . :)

      Delete
  4. අපිට බලන්න සටහනක් එකතු කරපු එක එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. එල එල බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  5. මේ පාර පෙරහැර බලන්න බැරි උනානේ.අපරාදේ. :(

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ . මම බැලුවනේ :p :p :p

      Delete
  6. හෙක් හෙක්...//රෑ බස් නෑ ත්‍රීවිල් නෑ , මුකුත් නෑ . අන්තිමට සිංදුවගේ ගෙවල් කිට්ටුව බස් හොලේ එකේ රෑ වෙනකන් බලන් ඉඳලා ඉඳලා පයින්ම දේවාලෙට ගියා . ආයෙත් දෙයියනේ කියලා රෑ එන්නත් වාහන නෑ . ඒ නිසා ගෙදර ආවෙත් දේවාලේ ඉඳලා පයින්ම තමයි//
    මට මතක ඇති කාලේ ඉඳලම බස් කාර් වැන් මොනවා තිබ්බත් දේවාලේ ගියේ පයින් බස් එකේම තමයි.. ;-)

    ReplyDelete
    Replies
    1. මම ඉස්සර ඉඳලම පයින් ගමන් වලට කැමතියි බං :p ඒකෙ මාර ලල් එකක් තියෙනවා :p :p

      Delete

Post a Comment

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.