Thursday, September 11, 2014

ගී පද කී මට සිංදු ගිරා






වයලා තමයි මේ සිංදුව මතක් කලේ. කාලයක් සිංදුවා ගොහින් හිටියා දුර ඈත ඈත ඈත ඈතමත් නෙවෙයි ටිකක් ඈත පන්තියකට. ටික කාලයක් එහෙ නැවතිලා ඉතින් ඔන්න ඉගනීම් කටයුතු කොරනවා. සති පහ හයක් නැවතිලා ඉන්න වුනු නිසා ඉතින් සින්දුවතීව මීට් වෙන්නත් බෑ නොවැ. ඇරත් ඒ දවස්වල දැන් වගේ යතාර්ථය අවබෝධ වෙලා නැති නිසා දෙන්නා ඉතින් ප්‍රේම තටාකේ මේකයි මැණිකේ වෙලා  කවදාවත් දෙන්නේ නැතිවුනාට පණ දෙන්න වගේ තමා ඉතින් හිටියේ.

දැන් පන්නගන්න බැරිකමට හිටියට ඒ දවස්වල ඉතින් ඕකට යනවා කියපු දවසේ ඉඳලා සිංදුවතී කුරු කුරු ගා ගත්ත ගමන්මයි. දන්නේ නැද්ද ඕවත් ඉතින් මායං වලින් එකක් නොවැ. කෝමහරි ඔන්න පන්තියේ වැඩේ ඉවරවෙලා සිංදුවා දැන් ඉතින් එනවා ගම රට බලා....

මැණිකේ මම ආයේ ගෙදර එනවා.... කියාගෙන සිංදුවා ආවට ඕකට ගැලපෙන්න සින්දුවතිට කියන්න සිංදුවක් හිතාගන්න සිංදුවාටත් බැරුව තමා හිටියා. ආවට පස්සේ ඉතින් සිංදුවතී
මා වින්ද වේදනාව ප්‍රියේ........... කියලා ඔක්කොම ගොසිප් ටික තමා කියනවා.

පස්සේ ඉතින් ඔහොම ඔහොම දින ගෙවිලා ගෙවිලා මේ සින්දුව ඇහුනත් එක්කම ඔන්න ඔය සීන් එක සිංදුවාට ආයේ මතක් වුනා. මොකද ගැලපෙන සිංදුවත් එදා නොහිතුනට එහෙම එකක් තිබිලා තියෙයි නොවැ. ඇත්තටම ඉතින් එහෙම්මම එකක් නැතත් ලඟින් යන එකක්වත් තියෙයි. :D





වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම

නින්දා ගිණි නිවේවි
මාල හතක් දිලේවි
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට

සංගීතය : කසුන් කල්හාර
ගායනය : මාලිනි බුලත්සිංහල
පද රචනය : විදුර ඩයස් 


වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා 

මේ සිංදුවේ ගෑලු ළමයා ඔන්න ගමේ හැදුනු ගෑනු දැරිවියක්. මොකද එයා සින්දුව පුරා කියන උදාහරණ උපමා අනන් මනං ඔක්කොම ගමේ තියෙන එව්වා නොවැ. එයාගේ කොල්ලා ළමයා එක්කෝ රස්සාවකට හරි මොකක් හෝ හේතුවකට ( සිංදුවාට වගේ පන්තියකට දන්නේ නෑ හෙහ් හෙහ් ) එහෙම නැත්නම් මේ ළමයට කොල්ලා ජම්බු දීලා ගිහින්ද මන්ද කොහොමහරි ඔන්න මිනිහා සිදාදියට ගිහින්. 
දැන් කෝමහරි මේ කොල්ලා සනා එනකොට මේ කෙල්ලගේ හිතේ තියෙන සතුට තමයි සින්දුව පුරාම වගේ තියෙන්නේ. සතුටෙන් වටපිට බැලුවම ඔක්කොම සතුටට වගේනේ පේන්නේ. මෙයාටත් ඒ වගේ තමයි. මෙච්චර කල් නීරස වෙලා තිබුණු ගම්මානේ දැන් මිහිරියි, සිහිනයක් වෙලා තිබුණු වස්සානේ දැන් නිකන් නෙවෙයි හිනා වේවි එන්නේ :D මෙයා මාල ගිරවිනේ..... ඉතින් මේ ඈත දුර ගෙවාගෙන මෙයාට ගී පද කිව්ව මෙයාගේ ආදරේ දිනපු මාල ගිරවා එනවා. පද මහාප්‍රාණ නොවුනට ඒ ඒ සිද්ධි ගැලපීම නිකන් මැවිලාම පේනවා වගේ අර දෙමල සිංදුවක් තියෙන්නේ චින්න චින ආසෙයි කියලා, අන්න එකේ ඒ කෙල්ල නටනවා වගේ ගම පුරාම මේ සින්දුවෙත් ගෑලු ළමයාගේ සතුට. තනුවත් ඒකටම ගැලපෙනවා ඒ වගේම මාලිනියන්ගේ හඬ.. තාර පාර දිග සින්දුව ඇහෙන වෙලාවටයි මේ සින්දුව ඇහෙන වෙලාවටයි ඒ එකම හඬ දැනෙන විදි දෙක හොඳට තේරෙයි.

පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම 


අර ගී පද කියන කාලේ දෙන්නා කරපුවා වෙන්න ඇති. ඒ දවස් වල තිබුණු සොඳුරු මතක දැන් මෙයාට මතක් වෙනවා... ඉතින් ඒවා මේ කොල්ලා ආවම ආයේ කරන්න ආසාවෙන් ඉන්නවා. කරන්න ඉන්නේ මොනවද කියලා ඉතින් කියෙව්වම තේරෙනවා නොවැ.

නින්දා ගිණි නිවේවි
මාල හතක් තියේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට 


මෙන්න මෙතන තමයි තැන. නින්දා ගිණි නිවෙනවාලු දැන් මේ කොල්ලා ළමයා එන නිසා. මෙතන මොන නින්දාද දන්නේ නෑ. ඒ කියන්නේ කොල්ලා එකපාරටම ඔක්කොම දමලා සිදාදියට ගිය නිසා ඇතිවුණු නින්දාව විතරක්ද නැත්නම් අර සිංදුවා කලින් කිව්වා වගේ ජම්බු ලැබුණු ලක්ෂණ තියෙන නිසා ඇතිවුණු නින්දාවද දන්නේ නෑ.
කොහොම වුනත් සිංදුවාට හිතෙන්නේ නම් පලවෙනි එක වෙන්න ඕනා.
මාල හතක් තියේවී කියන්නේ දෙන්නා ඉතින් කාසද බඳීවි යන අදහස.
කිරි සුවඳක් කියන්නේ ඉතින් තුන් වෙනියා ගැන කියන එක... ඔව් ඔව් බබෙක් බබෙක්
නැවුම් කවක් අලුත් ජීවිතයක්...ඒ ඔක්කොම හීන අස්සේ ආයේ පොඩි බයකුත් නැතුවමත් නෙවෙයි ආයේ සිදාදියට යයිද මෙයාව තනි කරලා...
මොනවා වුනත් හරිම හුරතල් ගෑලු ළමයෙක් ගැන මැවෙන්නේ හප්පා... :D

ඉතින් ඔය සිංදුව වයලා මේ ඊයේ පෙරේදා මේ අහපන්කෝ කියලා දුන්නම සිංදුවට ටින් ගාලා මතක් වුනේ ඔය කලින් කියපු සින්දුවති සම්බන්ධ සිද්ධිය තමයි.
හැබැයි ඒකෙ සින්දුවති පොඩ්ඩක් සින්දුවේ කොටසක් වෙනස් කරලා ගයන්නේ...

ගී පද කී මට සිංදු ගිරා....................


31 comments :

  1. සිංදුවා මේ සින්දු ගැන හිතන හැටි නම් හරිම අපූරුයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉවාන්. :)

      Delete
  2. හෙහ් හෙහ්... සිංදුවති වගෙම තමා අනේ කොයි ගෑල්ලමයත් කොහෙ හරි දේස දීපංකරේක යනව කියපු ගමන් චුරු චුරුව...
    අර රත්නපුරේ ආකාසෙ වගේ තමා... කොයි වෙලෙත් එල්ල ගත්ත ගමන්

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම් හැමෝම ඔහොම තමයි. :D අර බුකියේ තිබුනා ඉස්ටෙටස් එකක් රත්නපුරේ කාලගුණෙත් හරියට පොඩි එකාගේ නැපිය වගේ කියලා. කොයිවෙලෙත් තෙතයි. හඃ හඃ හඃ :D

      Delete
  3. සිංදු ගිරාගෙයි පිස්සු වයලාගෙයි දෙන්නගෙම ගීත විචාර පට්ටයි අප්පා. වැදගත්ම දේ තමයි මොනතරම් සංගීත දැනුමක් තිබුනත්, සාහිත්ය දැනුමක් තිබුනත් මේ වගේ එක හුස්මට කියවාගෙන යන්න පුලුවන් විදියට, හාස්ය මුහු කරලා ගානට ලුණු ඇඹුල් ඇතුව ලියන්න ඉන්නෙ ඉතින් උඹලා දෙන්නම තමයි.

    ReplyDelete
    Replies
    1. හානී....... බස්සි අක්කා ටැංකු ටැංකු . උම්මා උම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්බලකඩ :p :p :p

      Delete
    2. /හාස්ය/
      මේ මොකක්ද බොලව්

      Delete
    3. හෙහ් හෙහ් හෙහ් මොනවවුනත් අපේ ඔෆිස් එකේ වුනුත් තාම හිනා වෙනවා බස්සිගේ බෙහෙත් බොන ඔපරේෂන් එකට.. ඒක ආතල්... බොහොම ස්තුතියි :D

      හාස්ය = හචින් යනවා වෙන්න ඕනා c-) c-)

      Delete
    4. ඉප්පෙලින් මිට්ටේක් යකුනේ.... =D>

      Delete
  4. හෙක් හෙක් නියම විචාරේ

    ReplyDelete
  5. මරු සිංදුවක් තියෙනවා කියලා මේ ගීතය ගැන මට මතක් කලේ චූටිඅප්පෝ පුතා .

    අර ක්ලාස් එකේ ලියපු පොත් කියවලා බැලුවම පේනවා දෙන්නා කොච්චර අමාරුවෙන්ද ඒ කාලේ ඈත් වෙලා හිටියේ කියලා :) :) මතක්වෙන මතක්වෙන වෙලාවට එක එක ටෙන්සස් වලින් සෙන්ටෙන්සස් තියෙනවා :p :p :p
    ( දැන් තෝ ගෙදර ඇවිත් පොත් හොයන්න එපා . පොත් ටික අපේ ගෙදර )

    කොහොමත් කෙල්ල කැමති නෑ කොල්ල තමන්ගේ ඇස් මානෙන් ඈතට යනවට . මම වයලීනිගෙනුයි තව මගේ ෆ්රෙන්ඩ්ස්ලගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලාගෙනුයි ඕකට හේතු ඇහුව .

    ඒ හේතුත් එක්කම චූටි අප්පෝ පුතා මේ ගීතය මතක් කරාම මටත් කතාවක් මතක් උනා ලියන්න . මමත් මගේ කතාව ලියන්නම්කො . ඒ නිසා ඔන්න වැඩිය කියවන්නේ නෑ .

    කාලෙකින් අහන්න ලැබුන ලොවෙත් පට්ටම සිංදුවක් මේක . මාර ෆීල් එකක් තියෙන්නේ මියුසික්වලයි වොයිස් එකෙයි .

    ReplyDelete
    Replies
    1. හා හා එව්වා ඕනි නෑ කටයි අනිකයි වහගෙන හිටින්. ලියහන් ලියහන්... සිංදුව මමත් තාම පට්ට ගහනවා ඕයි. මට නම් එකේ කෙල්ලෙක් නටනවත් පේනවා වගේ හඃ හඃ හඃ

      Delete
    2. බය වෙන්න කාරී නෑ . දැන්ම ඒවා දාන්නේ නෑ . මම වෙලාවට දාන්නම් ඒවා . :v :v :v :v

      Delete
  6. එල කිරි සහ ටින් කිරි...
    සුපිරි විවරනයක්...

    අගේ ඇති ගීයක්..

    ජ ය වේ වා !!!@

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා ! ජයම වේවා ! :D

      Delete
  7. නින්දා ගිණි නිවේවි
    මාල හතක් තියේවී
    කිරි සුවඳින් පිරේවි
    නැවුම් කවක් ගෙතේවී
    සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
    ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට

    මේ කෑල්ලනම් මාරයි නේද...? බලාපොරොත්තු නම් එමටයි... ඒත් ඒ විදියටම වෙයිද...දැන් මාලගිරා ඇවිල්ලා ආගිය කතා කතාකරලා එක වෙලාවක් එනවනේ ගෑණු ළමයා "ගෙදරින් මට යෝජනා ගේනවා..." කියලා කියන...

    එක්කෝ ඕන්නෑ... :) ස්තූතියි සිංදුවා කලින් අහලා නැති මෙ සිංදුව බෙදාගත්තාට...

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ ගිරවටත් ඒ අත්දැකීම තියෙයි වගේ... හෙහ් හෙහ් හෙහ් හෙහ්
      බොහොම ස්තුතියි බීට්ල් !

      Delete
    2. මාල‍ හතක්
      දිලේවි . . .

      Delete
    3. නිවැරදි කරා :)

      Delete
  8. අම්මපා මේකටත් හිතෙන ඒවා....... :)

    ReplyDelete
    Replies
    1. ඇයි පුතා අවුල්ද ? හැක හැක හැක :D

      Delete
  9. https://m.facebook.com/story.php?story_fbid=10154212532444668&id=634559667

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.