අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

අදත් මතක් කරන්න යන්නේ මගේ ඉස්කෝලේ කාලේ අත්දකින්න ලැබුණ අත්දැකීමක් එක්කම එකට බැඳිලා තියෙන ගීතයක් ගැන . බැඳිලා තියෙන කියලා කිව්වට පින්...

එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි






අදත් මතක් කරන්න යන්නේ මගේ ඉස්කෝලේ කාලේ අත්දකින්න ලැබුණ අත්දැකීමක් එක්කම එකට බැඳිලා තියෙන ගීතයක් ගැන . බැඳිලා තියෙන කියලා කිව්වට පින්වතුනී මේක එහෙම බැඳිලාමත් නෑ . මම බලෙන් බන්දන්න තමයි හදන්නේ . ඔන්න බලන්නකෝ වැඩේ කොහොමද කියලා .

වයලීනෝට දේශපාලනය කියන මාතෘකාව හරිම අප්‍රිය ජනක දෙයක් වෙච්චි . ඒ නිසා ඔය චන්දේ දානවා කියන එක මහ අකමැතිම වැඩක් . ඇහින් දකින්න ලැබුනේ නැති උනාට කැමතිම දේශපාලන චරිතය එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක මහත්මයා .  ඒ එතුමා ගැන පොත් වලින් කියවලා වගේම අපේ සීයා මාත් එක්ක පොඩිකාලේ කිව්ව දේවල් වලින් දැනගත්ත දේවල් නිසා  . ඒ ඇර වෙන කිසිම දේශපාලන චරිතයක් වයලීනොට හරියන්නේ නෑ ඔන්න හරිය ? . ඒ ප්‍රතිපත්ති කෙසේ වෙතත් හාහාපුරා කියලා පලවෙනි චන්දෙ දාන්න , චන්ද කාඩ් ගෙදරට ආවට පස්සේ මම රෙඩ් ලයිට් පත්තු කරා මම ඔය මූසල හාල්පාරුවන්ට චන්දෙ දෙන්න නිකන් පෙට්‍රෝල් පුච්චගෙන චන්දෙ දාන්න යන්නේ නෑ , ඕන එක්කෙනෙක් ගිහින් දාගන්න කියලා .

ගෙදර අය සද්ද නැතුව ඉඳලා චන්දෙ දවසේ උදේ පාන්දර දෝස් මුරේ දැම්මා පළවෙනි චන්දෙ දාන්න තියෙන්නේ ඒ නිසා චන්දෙ දාන්න යන්න කියලා . මම ඉතින් මූණ ඇඹුල් කරගෙන චන්දෙ දාන්න යන්න ලැස්ති උනා . ඔන්න ඉතින් ලැස්ති වෙනකොට මගේ දුක හඬා වැටෙන්න ගත්තා . දුක කිව්වේ පින්වතුනී දුරකථනය . ඉතින් මම කාමරේට දුවගෙන ගියා වයලීනිවත් කතා කරනවද දන්නේ නෑ කියලා . කොහෙද බලනකොට දන්නෙවත් නැති නම්බර් එකක් . මම හෙලෝ කියනකොටම කෝල් එක කට් උනා . හයියෝ සල්ලි . ටිකක් වෙලා යනකොට ඔන්න ඒ නම්බර් එකෙන්ම මැසේජ් එකක් ආවා . ඒකෙ තිබ්බේ මෙන්න මෙහෙම .

" මේ වයලීනෝ අයියා නේද ? , මට අයියගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නම කියන්න එතකොට මට හරියටම ෂුවර් කරගන්න පුළුවන් මේ වයලීනෝ අයියද කියලා "

මම ඉතින් ඉස්සෙල්ලම වයලීනිගේ නම නොකියා ඇහුවා කවුද කියලා . එතකොට නම කියලා ආයෙත් මට මැසේජ් එකක් ආවා . ගින්නක් නෑ මම දන්න නංගි බබෙක් . හීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ හදවත කීං ගෑවා ඒ නංගි කියලා දැනගත්තම . පස්සේ ඉතින් මම වයලීනිගේ නම කිව්වා . එතකොට එයා හෙන හැපියේ මට මැසේජ් එකක් එවලා තිබුණා





" මම ගොඩක් මහන්සිවෙලා අයියගේ නම්බර් එක හොයාගත්තේ " කියල
 ඊට පස්සේ මම එයාට නටන්න කියලා චන්දෙ දාන්න ගියා . පලවෙනි චන්දෙ නිසා ලොකූ........ කතිරයක් ගහන්න ඕනනේ . ඒ නිසා මම චන්ද කොලේ විකර්ණ යා කරලා කතිරයක් ගහලා චන්දෙ දාලා ආවා ගෙදර . හප්පට උඩු ෆෝන් එකේ කට කපලා මැසේජ් ගොඩයි . මම ඉතින් දෙයියනේ කියලා කාලා බීලා ඇඳට වෙලා මැසේජ් ටික පිළිවෙලට කියෙව්වා .

ඒ නංගිගේ කොල්ලා මම දන්න එකෙක් . මගේ යාලුවෙක් . ඉතින් ඌ ඒ නංගිට බූට් තියලා . අවුරුදු ගානක් යාළුවෙලා ඉඳලා . ඒත් අන්තිමට බූට් තියලා . මේ නිසා මේ නංගිට දුක කියන්න කෙනෙක් නැතුව මාව හොයලා දුක කියන්න . ඔය ගෑණුන්ගේ කන්දොස්කිරියාවන් අහන් ඉන්න ගියාම ටිකක් එපාවෙන නිසා මම වයලීනිවත් මේ වැඩේට මාට්ටු කරගෙන ඒ නංගිට හිත හදාගන්න උදවු උපකාර කොලා .

දවසක් ඒ නංගි මට මැසේජ් එකක් එවලා තිබුණා අයියේ මට වහ බොන්න හිතෙනවා කියලා . මටත් බොකු බඩවැල් කූල් උනා මේක දැකලා . ඇයි යකෝ මේකි මලා නම් එහෙම අන්තිමට මැසේජ් කරෙත් මට . මට තමා උසාවි යන්න වෙන්නේ කියලා . මම ඉතින් කෝල් කරා ඒ නංගිට .

හුටා මේකි ආන්ස්වර් කරන්නෙත් නෑ . මම හිතුවා හරි බඩු තමා කියලා . මම වයලීනිට කිව්වා

" මේ අර නංගි මැරෙනවා කියලා දැන් කතා නෑ . මට හිරේ යන්න තමා වෙන්නේ , ඒ නිසා වෙන එකෙක් හොයා ගන්නවා " කියලා .

වයලීනි කියනවා එතකොට " නෑ නෑ ඒ නංගි මටත් කිව්වා මැරෙනවා " කියලා පස්සේ එයාට එහෙමම නින්ද ගිහින් දැන් මැසේජ් කරා කියලා . මට ඉතින් එවෙලේ මතක් උනා අයන්නේ සිට ඉසෙඩ්යන්න දක්වා ඔක්කොම ටික .





ඒ නංගි මෙහෙම මැරෙනවා කිය කිය මටයි වයලීනිටයි හොඳ ආතල් දුන්නා . මටනම් වෙලාවකට යකා වැහෙනවා . ඒ වෙලාවට වයලීනි මාව කූල් කරනවා . ඔහොම ඔහොම ගිහින් අන්තිමටම ඒ නංගිට හැදුනා මහනවෙන ලෙඩක් . ඒකත් සනීප කරේ හරිම අමාරුවෙන් . ඒ නංගි පවුලේ එකම ළමයා නිසා මහන උනොත් අම්මලා පවු . යන්තම් දෙයියනේ කියලා ඒ නංගිට විද්‍යාපීඨ ආවා . ඒ ගියාට පස්සේ මටයි වයලීනටයිත් කරදරයක් නෑ . ඒ නංගිටත් කරදරයක් නෑ . දැන් නම් කොහේ ඉන්නවද දන්නේ නෑ .

නරක කාලෙට කෙලවෙනවා කියලා කියන එකේ ඇත්ත තත්ත්වය පසක් කරමින් මේ නංගිටත් එයාගේ ලව නැති උනා . ලව නැති උනාම ඉතින් තව එකක් හොයාගන්නේ නැතුව අඬා වැටි වැටී ඉඳලා වැඩක් නෑ . ප්‍රේමයනම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි තමයි . ඒත් තනි අතින් අත්පුඩි ගහන්න බැහැනෙව . ඉතින් අද කියන්න යන්නේ එහෙම කොල්ලා දාලා ගියපු කෙල්ල කියන ගීතයක් ගැන .

ගායනය නිරෝෂා විරාජිනී මහත්මිය



සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං

බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී
සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී






සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං


මහා නුගරුකක් වැනිවූ ඔබගේ ජීවිතය පාමුල මා ගතකල සුළු කාලය අතරතුර , මා ඔබගෙන් ලද සරදමකින් වුවද  සතුට ලැබුවෙමි . එම සතුට මගේ මුවගට රැගෙන ආවේ නිමාවක් නොමැති සිනහවකි . ඔබගේ රැකවරණය , ඔබ නිසා සමාජයෙන් මා ලද අභිමන , මෙපමණකැයි කියා වචන වලට පෙරලා නිමකළ නොහැක . එය මහෝගයක් වැනිය . ඒ සියල්ල හමුවේ මා ඔබගේ හදවත් දෙවොලෙහි ඇති ආදරය නමැති දෙව්රුව දුටුවෙමි . එබැවින් මාහට උරුම වීමට තිබුණු පෙම් ලොව මල් දම් ගිලිහුනද , නොහඩා ඉන්නෙමි පෙම්වත .


බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී
සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී

ඔබ සතු බෝසත් ගතිගුණ හමුවේ මා ඔබසමග ගතකල කාලය තුල මා පසුවූයේ බෝසත්වරයෙකු අසල දැහැනට සමවැදී සිටිනා උපාසිකාවක් ලෙසය . එබැවින් අප අතරට මල්සරාගේ කාමාතුර මල් හීසර පහර කිසිවිටෙකත් ලැබුණේ නැත . දැන් මාගේ ජීවිතයට කවුරුන්හෝ ලං වීමට සැරසුනද ඔබ කෙරෙහි පුදන්නට මා විසින් රැකගත් නිකැළැල් පිවිතුරු ආදර මල් කැකුල තවමත් ඔබ වෙනුවෙන් පුදන්නට බැතිබරවී පවතී .



මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී

මෙසේ මා තනිකර දමා ඔබ ඔබගේම ලොවක් සොයා ගියද , එය ඔබට සතුටක්නම් එය මගේද සතුට වන්නේය . මගේ සිතතුළ හටගන්නාවූ අපමණ දුක් කන්දරාව බෙදාගැනීමට දැන් කිසිවෙකු නැත  . ඔබත් සමග ඒ දුක බෙදාගන්න නොහැකි වීම දුකකි . ඔබ වෙනුවෙන් ජීවිතය තුරාවටම තනි වීමට කැමැත්තෙමි . එහෙත් එසේ ජීවත් වීමට කාන්තාවන් වන අපට සමාජයෙන් ඉඩක් නොලැබේ . එබැවින් මෙම සමාජය සිරගෙයක් වැනිය . එවැනි ලෝකයක අපගේ මේ හමුවීම සහ වෙන්වීම අදහාගත නොහැකි  සිදුවීමකි .


එකතු කරලා තියෙන රූපපෙළත් මේ ගීතයට හොඳටම ගැළපෙනවා . එහෙනම් ගීතය අහලා යන්න  :) :) 





28 comments:

  1. ගිතය විස්තර කරලා මදි කියලා මට හිතෙනවා....
    කොහොම වුනත් පොස්ට් එක හොදයි :)

    ReplyDelete
    Replies
    1. :) :) ඇත්ත ඇත්ත .
      හිත එකඟ කරගෙන ලියන්න අමාරුයි .
      ලියන්න ගත්ත නිසා ලිව්වා .
      එල එල බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  2. හිත එකඟ කරන්නේ නැතුව ලියපන් එහෙනම්. :P
    හැබෑටම තව විස්තර කළා නම් හරි මලයා. ඔය සින්දුව අහනකොට නිකම් දුක හිතෙනවා වගේ වෙනවා. :-SS

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ ඕවට හේතු ඉතින් දන්නා එක්කෙනෙක් තමා මේ නෙහ් .
      මතකද අර තෑගී ප්‍රදානෝත්සවය :p :p
      සිරා පට්ටම දුක හිතෙන සිංදුවක් .........!!!!

      Delete
  3. kathawanam hodha sinduwe theruma wadune na macho :-SS

    ReplyDelete
    Replies
    1. එල එල ආයෙත් දවසක වෙනස් විදියට ලියලා දාන්නම් :) :) :)
      ටැංකු ටැංකු g-)

      Delete
  4. දැන් අර නංගිට වයස කියක් විතර ඇතිද බන්....... එයා තාමත් සිංගල්විල්ද කියලා හොයලා බලලා කියපන්කො මට එයාට මෙන්න මේ සින්දුව කියන්න
    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්..
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්..//

    මගේ දුක දැක ඔබේ දෙනයන
    උපන් කඳුළින් සේදිලා..//
    ඔබේ වත නොව ඔබේ හදවත
    පුරා සඳ සේ පෑදිලා...

    සදාකාලික නොවූ...

    එදා ළඟ සිට දුටුව ඔබ නොව
    මෙදා දුර සිට මා දකින්නේ..//
    සදාකාලික නොවූ ලෝකේ
    සදා කෙලෙස ද පෙම් බඳින්නේ..

    සදාකාලික නොවූ...

    ගායනය : සුනිල් එදිරිසිංහ
    පද රචනය : ආනන්ද කුමාරසිරි
    සංගීතය : රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. මමත් මේ එයාගේ නම්බර් එකක් හොයනවා :p :p

      Delete
  5. වයා කම්මැලි වෙලා... නැත්තං ඕප දූප ඔස්තාද් කෙනෙක් වෙන්න යන්නෙ..
    පෝස්ටුව නං මෙලෝ රහකට නැත...
    තරහ නොගන්න

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ ඔව් අෆ්ෆා . පස්සේ හිතුනා වැඩක් නෑ කියලා . ඒත් ඔන්නොහෙ දැම්මා . හැගීම් ඉස්සර උනාම ඔහොම තමා මෙයා . මොනා කරන්නද :( :( :(

      Delete
  6. //පලවෙනි චන්දෙ නිසා ලොකූ........ කතිරයක් ගහන්න ඕනනේ . ඒ නිසා මම චන්ද කොලේ විකර්ණ යා කරලා කතිරයක් ගහලා චන්දෙ දාලා ආවා ...//

    //බොකු බඩවැල් කූල් උනා මේක දැකලා . ඇයි යකෝ මේකි මලා නම් එහෙම අන්තිමට මැසේජ් කරෙත් මට . මට තමා උසාවි යන්න වෙන්නේ//

    //අර නංගි මැරෙනවා කියලා දැන් කතා නෑ . මට හිරේ යන්න තමා වෙන්නේ , ඒ නිසා වෙන එකෙක් හොයා ගන්නවා//

    හයියෝ පට්ට පට පට වයලෝ.... හිනා කෝටියයි...
    :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd

    ReplyDelete
    Replies
    1. හිහිහිඉහිහිහි
      ටැංකු ටැංකු :p :p :p :p

      Delete
  7. පට්ට බන්, සින්දුවක් බොක්කටම වදින්න එකේ තේරුම දනන් ඉන්න එකත් වටිනවා, මේ වගේ විචාරයකින් ඒ වගේ අඩුව පිරවෙනවා බන්, සින්දුවේ පසුබිම් කතාව හොයාගෙන එලියට ගෙනාවනම් මීට වැඩිය සාර්ථකයි කියලයි හිතෙන්නේ. ජය.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු . පස්සේ කාලෙකදී ඒවත් ලියන්න පුළුවන් වෙයි . එල එල බොහොම ස්තූති :) :)

      Delete
  8. අදමයි මෙ පැත්තේ ආවේ... ලස්සන ලිපියක්.. සුභපැතුම් :-f

    ReplyDelete
    Replies
    1. :) :) ටැංකු ටැංකු මෙයා :) :)
      :-f :-f :-f

      Delete
  9. උඹට මීට වඩා ගොඩාක් හොඳට ලියන්න පුලුවන් මල්ලි.....
    කම්මැලි වෙන්න එපා බං :-SS

    ReplyDelete
    Replies
    1. හිහිහිහිහිහ් එල් එල
      ආයෙත් ලියන්නම් :p :p

      ටැංකු ටැංකු මෙයා g-)

      Delete
  10. මටනම් මේක පට්ට...ඔක්කොටොම වඩා අර විස්තරේ කියලා තියෙන විදිය පට්ට ඕයි..
    විචාරෙත් වරදක් නෑ වගේ. එලද බ්‍රා !

    ReplyDelete
    Replies
    1. හිහිහිහිහ්
      ලිව්ව හැටි කිව්වනේ . මම ආයෙත් දෙපාරක් මේක කියෙව්වෙවත් නෑ . ඔක්කොටම හපන් වීඩියෝ එක . මමත් හතරැස් වෙන්න පෙරනිමිති පෙන්නුම් කලේ ඒ කාලේ :p :p :p

      Delete
  11. නියමයි :) විස්තර කලා මදි වගේ නැද්ද?

    ReplyDelete
  12. කාලෙකින් මේ පැත්තේ එන්න බැරි වුණානේ... අර නංගී නම් මාර ආතල් එකක් දීලා තියෙන්නේ උඹලට.... // " නෑ නෑ ඒ නංගි මටත් කිව්වා මැරෙනවා " කියලා පස්සේ එයාට එහෙමම නින්ද ගිහින්// කොහෙන්ද යකෝ මේවට හිනාවෙන්නේ....

    සිංදුවේ තේරුමට නං ඔන්න මම එකඟ නැහැ... මට හිතෙන්නේ ගැහැණියක් සහ පිරිමියෙක් අතර ඇති (නො)වෙන ඉතා දැඩි මිත්‍රත්වයක් වගේ එකක් ගැන මේ කියන්නේ කියලා... //මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී// දිගට ලියන්න දැන් වෙලා නැහැ මලේ...

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්හ් අවුලක් නෑ . මෙහෙම හරි ඇවිත් කියවන එකම ඇති :) :)
      ඔව් එහෙම කියන්න පුළුවන් සිරාවටම . නොහඩා ඉන්නම් ගිලිහුනදා පෙම් ලොව මල් දම් කියලා කියනකොට මේක යාලුවෙක්ට දුකක් කියනවා වගේ කියලා හිතන්න පුළුවන් තමයි :) එල එල g-) g-) g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.