අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

අපේ ගමේ ඉස්කෝලෙන් , සිස්සත්තේ පාස් වෙලා සීවලියට ගියේ දෙන්නයි . ගියාට පස්සේ අපි දෙන්නා වැටුනේ වෙන වෙන පංති දෙකකට . පස්සේ ඉතින් අලුත් ය...

මංදුවට සිඩ පාරක් සමග ගී පද කී උට සිංදු ගිරා 2






අපේ ගමේ ඉස්කෝලෙන් , සිස්සත්තේ පාස් වෙලා සීවලියට ගියේ දෙන්නයි . ගියාට පස්සේ අපි දෙන්නා වැටුනේ වෙන වෙන පංති දෙකකට . පස්සේ ඉතින් අලුත් යාළුවො ගොඩක් සෙට් උනා අපිට . ඔහොම 6 7 8 9 අවුරුදු හතරේ ඉන්නකොට ඉන්නකොට ඉන්න්න්න්න්න්න්න්න්නකොට ඉතින් කිසි අවුලක් නැතුව හිටියා . ඒත් 10 වසරට ආවම තමා කෙල උනේ . අපේ පංති හතර පංති පහකට කඩලා කලවම් කළා . ඊට පස්සේ ආයෙත් අලුත් යාළුවො කස්ටියක් සෙට් උනා .

ඒත් අර පොඩිකාලේ ඉඳල යාලුවොත් එක්ක තිබ්බ ෆිට් එක , අපි ඒ පන්තියට අලුතෙන්ම ගිය දවස්වල තිබ්බේ නෑ . මම හිටිය පේලියට ඉස්සරහ පේළියේ හිටියේ සිංදුවගේ මල්ලි . මම ඒත් සිංදු මල්ලි එක්ක වැඩි ෆිට් එකක් තිබ්බේ නෑ . මිනිහත් සංගීත කාරයා . කොහොමහරි අපි දෙන්නා සැට් උනා දිවාගුහාව විහාරයට දවුල්දෙන ඤානිස්සර හාමුදුරුවෝ වඩින දවසක උන්වහන්සේ පිළිගන්න පිළිගැනීමේ ගීතයක් ගායනය කරන්න යන්න . ඔන්න ඔය ගීතය පුරුදුවෙන්න ඉතින් අපි දෙන්නම යනවා . එහෙම යන දවස්වල තමා සිංදුවගේ මල්ලියි මමයි ෆිට් උනේ . සිංදුවත් ආවද කොහෙද ඕකට . මට හරියට මතක නෑ ( ආවද බං ? ) .

ඔහොම ඔහොම ඉතින් සිංදු මල්ලියි මමයි බත් පත දෙකට බෙදාගෙන කාලා ෆිටි එකේ හිටියා . අපේ 10 වසර පන්තිය තිබ්බේ උසස්පෙළ කළා විෂය ධාරාව උගන්වන පන්ති කිට්ටුව . ඔන්න ඉතින් මට පේනවා සිංදුව හැමදාම වගේ ඔය ආට් ක්ලාස් කිට්ටුව කැරකෙනවා . ඉන්ටවල් එකට එහෙම මේ මනුස්සය හැමදාම මේ ආට් ක්ලාස් පැත්තේ එනවා . මම ඉතින් සිංදු මල්ලිගෙන් ඇහුව

" මොකද අයියට මැත එපාවෙලාද ආට් ක්ලාස් පැත්තේ හැමවෙලේම කැරකෙන්නේ " කියලා . සිංදු මල්ලි එතකොට කියාපි

" නෑ නෑ ඕකා මේ පැත්තේ එන්නේ , ඕකා ආට් ක්ලාස් එකක අක්කා කෙනෙක් මට නෑන කෙනෙක් විදියට හොයාගෙන ඉන්න නිසා " කියලා .





ආවුස් හම්මා . දැන්නේ දන්නේ සීන් කෝන් එක . අපි ඉතින් ඒ කාලේ අයියා පෝස්ට්එක නිසා සිංදුව එක්ක වැඩි විහිලු ඇන්ඩ් කතා නෑ , ගෙදර ගියාම මිනිහා අපිට දාන පී ෂෝ එක අහගෙන ඔලුව නවාගෙන ඉන්නවා . වැඩිය අඳුරන්නෙත් නැති නිසා වෙන්නැති එහෙම වෙන්න ඇත්තේ . ඒත් අපිට කට තියාගෙන ඉන්න බැරි අමාරුව නිසා සිංදුවතී අක්කා ඉස්කෝලේදී ඉස්සරහට මුලිච්චි වෙනකොට

" ආ නෑනෝ......... "

කියලා වෙල් කම් එකක් දෙන්න පුරුදුවෙලා හිටියා . පස්සේ පස්සේ ටවුන් එකේදී හම්බුනත් අපි වතී අක්කට නැනෝ කියල තමා කතා කරේ . මට ඉතින් මුන්ගේ නෑකමක් තිබ්බේ නෑ , නෑනෝ නෑනෝ කියන්න . ඒත් සිංදුමල්ලි කියන නිසා ඇන්ඩ් එහෙම හරි සිංදුවට පොඩ්ඩක් නවන්න ඕන නිසා මමත් නෑනෝ නෑනෝ කියාගත්තගමන්ම තමා ඒකාලේ .

ඒ කාලේ මම ඉස්කෝලේ දක්ෂතම වාදකයා විදියට තේරීපත්වෙච්ච මුලම වගේ . ඒ නිසාම ඉස්කෝලේ සංගීත ගුරුවරු තුන්දෙනාගේම සංගීත තරඟ , බක්තිගීත අරගීත මේගීත ඔක්කොටම වයලීන් ගහන්න මට එන්න කියනවා . ඒ නිසා උදේ 7 30 ඉඳලා ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් හවස 5 30 වෙනකන්ම . රෙජිස්ටරේට එක දාන්න කියලා උදේම මම වයලීන් එකත් අරගෙන පන්තියෙන් පනිනවා . ඒත් මිස්ලා සර්ලා අවුලක් දැම්මේ නෑ . මම යන්නේ කොහෙද කියලා දන්න නිසා .

ඒ නිසාම මට ඉස්කෝලේ උගන්නන දේවල් ඔක්කොම මග ඇරෙනවා . සයන්ස් වෙලාවට සමහර දවසට මම එනවා . ඒත් ඒ ආවේ ලැබ් එකේ ප්‍රැක්ටිකල් තියෙන වෙලාවට . ඉතින් හවස්වෙලා ගෙදර එනගමන් සිංදුවගේ ගෙවල් ගාවින් බැහැලා සිංදු මල්ලිගේ පොත්ටික ඔක්කොම කරගහගෙන යනවා ගෙදර . ඒ ගිහින් රෑ කට්ට කාගෙන අර නෝට් ඔක්කොම ලියලා පාඩම් කරනවා . පහුවෙනිදා උදේට සිංදුමල්ලිට පොත් දෙනවා , ආයෙත් හවසට ගන්නවා . ඔය හේතුව නිසාම මම සතියට පහ හයක්ම සිංදුවගේ ගෙවල් පැත්තේ කැරෙකෙනවා .

ටික දවසක් යනකොට ඉතින් ඔන්න සිංදුවත් පොඩ්ඩක් ෆිට් . ගෙදර අයත් ෆිට් . ඒ කාලේ තමයි සිංදුවතී අක්කගේ පියාණන් අපිව දාල මෙලොවින් සමුගත්තේ . ඔන්න දැන් තමයි පින්වතුනී කතාව පටන්ගන්නේ . වතී අක්කා ඉතින් කොච්චර උනත් දැන් අපේ වෙන්න නෑනා වෙච්චි . සිංදුවත් ෆිට් වෙච්චි , ඒ නිසාම වතී අක්කගේ පියාණන්ට ගෞරව දක්වන්න සිංදු මල්ලියි මමයි අනිවා යන්න එපාය . දවසක් ඔන්න සිංදු මල්ලි කිව්වා අද ඉස්කෝලේ ඇරිලා හවස ගිහින් එමු වතී අක්කලාගේ ගෙදර කියලා . මමත් ඉස්කෝලේ ෂෝට් අ ලීව් එකක් දාලා ඉක්මනට ආවා ආවා . ඇවිත් ලෑස්තිවෙලා ඔන්න දැන් යනවා බස් එකක .

" දැන් මස්සිනා පොඩ්ඩ දන්නවද නෑනාගේ ගෙවල් තියෙන තැන ? ඔන්න මමනම් දන්නේ නෑ " කියලා මම සිංදු මල්ලිට කිව්වා . එතකොට සිංදු මල්ලි කියනවා

" අවුලක් නෑ කැලේ ගමකනේ . වැඩිය ගෙවල් නැතුව ඇති . ඒ නිසා හොයාගන්න අමාරු වෙන එකක් නෑ" කියලා .

කිව්වත් වගේම හරි . ගේ හොයාගන්න අවුලක් උනේ නෑ . කොහොමත් පාරේ කොඩි එහෙම තිබ්බ නිසා ගින්නක් උනෙම නෑ . ඔහොම කැලේ පාරවල් වල යනකොට අංශක 360 ටම ඔලුව කරකවලා වටපිට බලාගෙන යන එක මගේ සිරිත . ඇයි යකෝ මේ හද්ද මූකලානේ ආයේ එන්න පාර අමතක උනොත් එහෙම . ඊටවඩා ගම්බද පැන්චාලියන් අට්ටාපිටිය ගඟ දෙපස දිය කෙල කෙල ඉන්නවද කියලත් බලන්න එපාය . ඒ යන අතරේ තමා මේ දැන් කියන දේවල් දැක්කේ .






ඒක පට්ටම ගමක් . තන්හි තන්හී ඇල දොළ දියපහරවල් වලින් පොහොසත් . ඒවගේම ඒ ඇල දොළවල් වලින් එගොඩවෙන්න තිබ්බේ ඒ දඬු . ලස්සන ලස්සන මල් පිපිලා ගමම සුවඳවත් වෙලා . හැබැයි ඒ මල් පිපිලා තිබ්බේ කෙසෙල් ගස්වල . මාර රොමැන්ටික් . කුඹුරු සරුසාරවෙලා නිලට නිලේ බබළනවා . මාල ගිරවු , මුදු ගිරවු , බ්‍රේස්ලට් ගිරවු වගේම කරාබු ගිරවු රෑන් රෑන් පිටින් ඇවිත් මේ කුඹුරු වලින් වීකරල් රැගෙන ඉගිලී යනවා ( අපේ ගිරවත් වී කරල ළඟදීම ගෙනෙයි වගේ ) . වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටවූ විතරක් නෙවේ ඇඹුල් පැටවූ , පැණි පැටවූ , ලුණු පැටවූ පවා උඩපැන නටනවා . උන්ට ඩිස්ටර්බ් වෙන්නේ නැතිවෙන්න මමයි සිංදුමල්ලියි ගියේ හරිම පරෙස්සමෙන් . පාරේ ගමන් කරන්න ඕන මංතීරු වෙන් කරලා තිබ්බේ . ඒවා දිශානත වෙලා තිබ්බේ උඩට පහලට පහලට උඩට .

ඔහොම ඔහොම ඔලුව වටේටම කරකවා කරකවා යත්දී හයියෝ වතී අක්කගේ ගෙදරට කිට්ටු උනා . මේ සරුසාර ගම ගැන සිංදු මල්ලිත් එක්ක කියෝ කියෝ ගිය නිසාම අපි දෙන්නගෙම කටවල් තිබ්බේ කන කිට්ටුවට යන්න ඔන්න මෙන්න කියලා . ගෙදරට කිට්ටු උනා විතරයි හම්මට උඩු , මාල ගිරවා ඉන්නවා ටෙන්ට් එකක් ගහගෙන . ආ නෑ නෑ ටෙන්ට් එකකට වෙලා . අපි ඉතින් ගෙට යන්න කලින් මූ නිසානේ ඉතින් අපි ආවේ කියල පොඩ්ඩක් ලඟට ගියා කතා කරන්න .

" හා උඹලා දෙන්නා එකම පාට ඇඳගෙන ඇවිත් තියෙන්නේ නේද ? " සිංදුවා ශ්‍රී මුඛය විවෘත කළා .

" ඔව් ඇයි උඹට අමාරුවද ? " කියල කිව්වේ නෑ ඉතින් . හිතුවා විතරයි . කියන්න බෑහැනේ . අයියා පාට්නේ . ඊටපස්සේ සිංදුව මටයි සිංදු මල්ලිටයි මළගෙදරක හැසිරෙන්න ඕන හැටි ෆුල් ලෙක්චර් එකක් දුන්නා . එදා තමා මම ඉස්සෙල්ලම ඉගෙනගත්තේ මළගෙවල් වලට ආවම හිනාවෙන්න හොඳ නෑ , උතුරුසලුව මනාව සකස් කරගෙන සංවරව ඉන්න ඕන කියලා එහෙම .





ඔය ඔක්කොම අහගෙන ට්‍රයි කරලා කරලා කරලා කම්මුල් පහලට දාගෙන හෙන බැරෑරුම් මූඩ් එකක් අරගෙන මමයි සිංදුවගේ මල්ලියි වතී අක්කගේ පියාණන්ට ගෞරව දක්වන්න ගෙට ගොඩ උනා . හනේ මෙන්න වතී අක්කා අපිත් එක්ක හිනාවෙලා හා දැන්ද ආවේ මල්ලි කියලා ඇහුවා . හ්ම්හ් උන්දැට හිනාවෙන්න හොඳයි . අපි හිනා උනාම තමා අමාරු . මෙව්වා අධිරාජ්‍යවාදී සමාජවාදී කුමන්ත්‍රණ කියලා හිත හිත මමයි සිංදු මල්ලියි ගෞරව දක්වලා වතී අක්කා බල................................කරලාම කිව්ව නිසා හබුන් බයි කාලා ටිකක් හවස්වෙනකන් ඉඳලා ආවා . එදා ඒ ගමේ දැක්ක සරුසාර නිල්වත් කෙත්යායවල් , ඇලදොළ ගංගා යමුනා අචිරවතී සරගු මහී ඔක්කොම මගේ හිතේ ගීතයක් වගේ තැම්පත් වෙලා තිබුනා . ඉතින් තෙවරක් සාධු කියන්න පින්වතුනී .

ඊට මාස ගානකට පස්සේ මම ආයෙත් ඒ කැලේ ඩොටේ ගමට ගියා වෙනත් රාජකාරියක් ඉස්ටකොරගන්න . එයනකොට දැක්ක දේවල් වලින් මගේ හදවත සලිතවෙලා ලලිත වෙලා මුකුලිත වෙලා ගියා . අර ඇල දොළ ගංගා ඔක්කොම හිඳිලා . කෙත්වතු පුරන්වෙලා . මල් මුකුලිතවෙලා . මල්වල සුවඳ අතුරුදන් වෙලා . ගමට මාස ගානකින් වැහිපොදක් වැටිලා නෑ .

මම ඉතින් විද්‍යාත්ම ඇසකින් මේදෙස බලා වදාරා අවසානයේ මෙහෙම වෙන්න ඇත්තේ මේකයි කියලා නිගමනයකට එළඹුනා . ඒ තමයි වතී අක්කගේ ගමට ගී පද කියන සිංදුවා ගිරා පය තැබීම . ඒත් එක්කම සොබාදහම කම්පාවෙලා තමයි මේ ගමට මේ වින්නැහිය සිද්ද උනේ . හයියෝ මුදල් . නිලට නිලේ බැබලුන ගමට පොට්ටකොකා හඬලුවේ ඔහොමයි . ආ නෑ කණකොකා .

ඉතින් මේ ගීතය ලියවුනේ අන්න ඒ සිද්දිය මුල්කරගෙන කියලා මට සාධාරණ විනිශ්චයකට එළඹෙන්න පුළුවන් උනා .





වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම

නින්දා ගිණි නිවේවි
මාල හතක් තියේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට

සංගීතය : කසුන් කල්හාර
ගායනය : මාලිනි බුලත්සිංහල
පද රචනය : විදුර ඩයස්





වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

සිංදුවා යනවා වතී අක්කව මීට් වෙන්න ගමට . ඒ යනකොට ඔන්න වතී අක්කා ගේ ඉස්සරහා බලාගෙන ඉඳලා ඕ.......................... මගේ සිංදුවෝ...................... කියාගෙන දුවගෙන එනවා . ඇවිත් මෙන්න මේ ගීතය සීරුවෙන් ඉඳගෙන ගායන කරන්න පටන් ගන්නවා . වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ . ඒ කියන්නේ මේ ගමට ඔයා කලින් ආව දවසේ ඉඳලා වස්සානය , ඒ කියන්නේ වැහි කාලය එනවා වගේ පෙනුනත් එක හීනයක් විතරයි . ඇත්ටටම වහින්නේ නම් නෑ . ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ . ඒ කියන්නේ ගමේ තියෙන මිහිර ඔයා ආවට පස්සේ නැතිවෙලා ගියා . ආයෙත් ඒ මිහිර අපිට දැනෙයි කියන එක අරුමයක් විතරයි . කමක් නෑ ඉතින් මගේ මාල ගිරවා ඈත ඉඳන් නේ එන්නේ මේ . මොකද ස්ටෑන්ඩ් එකේ ඉඳලා මේ ඩොටේ ගමට එන්න හෙන වෙලාවක් යනවනේ . ඉතින් ඔන්න මම ඔයාව පිලිගන්නවා . කියලා වතී අක්කා පළවෙනි ස්ථායි කොටස ගායනා කරලා ඉවර කරනවා . 

ඊටපස්සේ සිංදුවා තමන්ගේ සාක්කුවේ සඟවාගෙන හිටපු මවුත් ඕගන් එකක් අරගෙන මේ ගීතයට අතුරු වාදනය සපයනවා . ඒ සද්දේ ඇහිච්චගමන් ඔන්න අපේ වතී අක්කට අමුතුම පණක් ලැබිලා අසල තියෙන වියලුනු පන් පඳුරකින් පන්ගහක් ගලෝගෙන ඇවිත් මෙන්න මේ අන්තරා කොටස ගායනා කරනවා .





පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම

ගීතය කියන ගමන්ම වතී අක්කා ඒ පන් ගහෙන් හීනියට තට්ටුවක් දාලා කියනවා පන්ගසකින් තලන්නම් කියලා . ඊට පස්සේ සිංදුවගේ කොන්ඩෙන් අල්ලලා ඔලුව දෙපැත්තට හොලවලා පොඩ්ඩක් ඈතට දුවලා ගිහින් කියනවා කෙහෙරොද ඇද දුවන්නම් කියල . ඔහොම පිස්සු නටන්නේ මේ ගමට පෑවිල්ල නිසා අපේ වතී අක්කට පොඩ්ඩක් දෙගුනේ වගේ වෙලා නිසා කියලා තමයි මමනම් හිතන්නේ . ඒ නිසා ඔන්න සිංදුවා බොරු තරහක් අරගෙන වතී අක්කා දිහා බලනවා . එතකොටම වතී අක්කා දුවගෙන ඇවිත් සිංදුවගේ දෑත අලාගෙන කිරි කිරි බෝලේ රැලි රැලි මාලේ කරන ගමන් කියනවා දෑතෙ වෙලී නටන්නම් කියලා . ඊළඟ පදේ ගැන ඔයාලා සිංදුවගෙන්ම අහගන්න . මම දන්නේ නෑ .


නින්දා ගිණි නිවේවි
මාල හතක් තියේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට





වතී අක්කගේ මේ ගීතය මුළු ලොවක් සනහාලන හරියට සෙත් කවියක් වගේ ක්‍රියාත්මක වෙනවා . ඉතින් ඒ නිසාම එවෙලේ අහස කලුවෙලා වැහිපොද කඩාවටෙන්න ගන්නවා . ඒ නිසා වතීඅක්කට හරිම සතුටුයි . අක්කා කියනවා ඉතින් සිංදුවෝ අද වහින්න ගත්ත නිසා , ඔයා නිසා මේ ගමට වෙලා තිබ්බ වින්නැහිය අද දුරු උනා . ඒ නිසා මට ගමේ අයගෙන් අහන්න වෙලා තිබ්බ නින්දා අපහාස ගිනි නිවිලා යයි කියලා . ඉතින් මේ හැපිටයම වතී අක්ක කියනවා , මම මාල හතත් හදලා තියෙන්නේ . අපි අදම බඳිමු . බැඳලා අර ඈත පේන කන්දේ පොඩි මැටි ගෙයක් හදාගෙන කිරි උතුරවලා ඒ ගෙයි පදිංචිවෙලා පොල්සම්බෝලයි බතුයි කාලා ජීවත්වෙමු , අනේ ඔයා ආයෙත් මාව දාලා ගෙදර යන්න එපා කියලා .

අඩෝ සිංදුවෝ කඳු උඩ පස ආම්ලිකයි . ආම්ලික පසේ පොල් හැදෙනවා අඩුයි . ඒ නිසා පොල් හැදෙන පැත්තක මැටි ගෙයක් හදාගනින්  :p  :p .





ඔන්න් ඔහොමයිලු මේ ගීතය හැදුනේ . අනේ ඉතින් අපේ සුදු සිංදුවතී අක්කා.......... වයලීනෝ මල්ලිට හරි.........................ආදරෙයිලු . ඒ නිසා මේක කියවලා වයලීනෝ මල්ලිට බනින්නේ නෑලු . වැඩට ගිහින් එනකොට වයලීනෝ මල්ලිට චොකලට් එකක් ගෙනත් දෙනවලු . නෙහ් ? හිහිහිහිහිහිහ්

සිංදුවා ලිව්ව පෝස්ට් එකේ මම කමෙන්ට් කළා මේ ගීතය අහන්න ලැබුණේ සිංදු මල්ලි නිසා කියලා . දවසක් මම එහෙ යනකොට සිංදු මල්ලි මේ ගීතය අහ අහ ඉඳලා මේක අහලා තියෙනවද කියලා මටත් අහන්න දුන්නා . ඊටපස්සේ තමා සිංදුවටත් ඒ උන බෝ කරේ . මේ ගීතයෙන් කියවෙන සැබෑ අර්ථය ගැන මම හිතන්නේ මෙහෙම .






වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා


ටිකක් මුදල් හදල අතින් අමාරු පෙම්වතියක් සහ සමාජයේ යම් තත්ත්වයක් තියෙන සල්ලි තියෙන පවුලක පෙම්වතෙක් අතර වෙන ප්‍රේම කතාවක් මේ . මෙයාලා කලින් දීර්ඝ කාලයක් යාළුවෙලා ආදරෙන් ඉන්නවා . පස්සේ ඉතින් හරි කාලේ ආවම ගෙවල් වලට කියනවා . එහෙම කිව්වට පස්සේ කොල්ලගේ ගෙදරින් කැමති වෙන්නේ නෑ ගෑණු ළමය එයාලා බලාපොරොත්තු වෙන තත්ත්වය නැති නිසා . ඉතින් ඊටපස්සේ කොල්ලට කෙල්ලගේ පැත්ත ගන්නත් බෑ අම්මලා තාත්තලාගේ පැත්ත ගන්නත් බෑ . 

ඉතින් කොල්ලා කෙල්ලට කෝල් එකක්වත් දෙන්නේ නැතුව තරමක් ලොකු කාලයක් තනිවෙලා ඉන්නවා කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා හිතාගන්න බැරුව . මේ අතරේ කෙල්ල ඇත්ත තේරුම් අරගෙන රස්සාවක් හොයාගෙන සල්ලි ටිකක් හොයාගෙන දෑවැද්ද වගේ දේවල් පොඩ්ඩක් ශේප් කරගන්නවා . පස්සේ කොල්ලට මේ ගැන ආරංචිවෙලා කොල්ලට දුක හිතිලා අම්මලට බම්බු ගහගන්න කියලා කෙල්ල බලන්න ගමට එනවා . එහෙම එනවා කියලා කෙල්ලට පණිවිඩයක් දුන්නම කෙල්ලගේ හිතේ ඇතිවෙන සිතුවිලි දාමයක් තමයි මේ ගලාගෙන යන්නේ කියලා මම හිතන්නේ . 

තමන්ගේ පෙම්වතා තමාව බලන්න එනවා කියන්නේ හරියට නියඟයක් උදාවෙලා තිබ්බ පළාතකට වස්සානය උදාවෙනවා වගේ දෙයක් . හරියට ඒක සුන්දර සිහිනයක් සැබෑ උනා වගේ . ඒ නිසා කෙල්ලගේ හදවත හරිම සැහැල්ලුයි . ඒ සැහැල්ලු බව නිසා කෙල්ලට ගමේ තියෙන වටපිටාව දැනෙන්නේ මිහිරෙන් පිරුණු අරුමැසි ලෝකයක් වගේ . ඉතින් දුර ඈත ඉඳලා එයාගේ ගී ගයන මාල ගිරවා අද ආයෙත් ගමට වඩිනවා කියලා කෙල්ලට ගොඩක් සතුටු හිතෙනවා .






පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම

කෙල්ල දැන් හිතෙන් මවනවා කොල්ලා ආවම කොල්ලට ට්‍රීට් කරන්නේ කොහොමද කියලා . කෙල්ල හිතනවා කොල්ලත් එක්ක කුඹුරු වල ඇල දොළවල් වල ඇවිදින්න ඕන කියලා . එහෙම ඇවිද ඇවිද යනකොට පන් පඳුරකින් ගලවලා ගන්න පන් ගහකින් කොල්ලට තට්ටුවක් දාන්න ඕන , නැත්නම් කොල්ලගේ පොකුටු පොකුටු කොන්ඩේ තියෙන කෙස් රොදකින් ඇදලා දුවන්න ඕන කියලා හිතනවා . එතකොට කොල්ලා තමා දිහා බොරු තරහක් අරගෙන බලයි . ඒ තරහා නැතිවෙන්න පුංචි සා පැටියෙක් වගේ කොල්ලගේ තුරුලේ නිදන්න ඕන කියල මේ කෙල්ල හීන මවනවා .





නින්දා ගිණි නිවේවි
මාල හතක් තියේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට

තමා දැන් හොඳ රැකියාවක් කරන නිසා කෙල්ල හිතනවා තමා වින්ද නින්දා ගිනි නිවිලා ගිහින් නැන්දම්මයි මාමන්ඩියි තමාට කැමත්වෙයි කියලා . මාල හතක් තියේවි කියලා වක්‍රව කියන්නේ තමාට දැන් දෑවැද්දට දෙන්න දෙයක් තමා එකතුකරන් ඉන්නවා කියලා වගේ දෙයක් . කිරි සුවඳින් පිරේවි කියලා කියන්නේ කෙල්ල හිතනවා දැන් කොල්ලගේ අම්මා තාත්තා කැමති උනාම අපිට බඳින්න පුළුවන් වෙයි . ඒ නිසාම එයාලගේ ජීවිතවලට කිරි උතුරලා සෞභාග්‍ය උදාවෙයි කියලා . ඒ නිසා ආයෙත් තරහා වෙලා කෙල්ලව ගමේ තනි කරලා දාලා සිදාදියට යන්න එපා කියලා කොල්ලගෙන් ඉල්ලන්න ඕන කියලා කෙල්ල හිතනවා .

ඇති නේද එහෙනම් . ගීතයේ සංගීතය ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා . ඒ නිසා ඒකත් වෙනමම පෝස්ට් එකකට කොටන්නම් . නැත්නම් ඔයාලට කියවන්න එපා වෙයි දිග වැඩි නිසා . සතියක් දෙකක් ගතවෙනකොට මම තවත් පෝස්ට් එකක් දැම්මේ නැතොත් පොඩ්ඩක් හොයලා බලන්න . සමහරවිට වතී අක්කා මාව බේරාගත්තේ නැතොත් සිංදුවා මාව මරලා මගේ හත්දවසේ දානෙත් දීලා තියෙන්න පුළුවන් ඒ වෙනකොට..........  :( :(

එහෙනම් මම ගියා . ඉලවු යූ ඕල් :) 

23 comments:

  1. පන් ගසකින් තලන්නම්
    කෙහෙ රොද ඇද දුවන්නම්
    දෑතේ වෙලී නටන්නම්
    නෝක්කාඩු කියන්නම්
    බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
    සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම

    කොහොමද බන් මේ වගේ පද රචනා කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම් මම හිතන්නේ........ ඒකත් නිර්මාපනාත්මක පරිකල්පනේය ප්‍රතිපලයක් . ඔව් එකෙන්ම :)

      Delete
  2. මේක නම් පට්ටයි වයලෝ... උඹ ගැන දුකයි ඒත් ඉතින් මක් කොරන්නද! සිංදුවෝ හත්දවසෙ දානෙට චොකලට් බිස්කටුයි ඔරේන්ජ් බාර්ලියි දීපිය හරිද! :D :))

    ReplyDelete
    Replies
    1. :( :( :( ඊයේ රෑම තර්ජනය ආවා . අද ෂුවර් මට කෙලවෙනවා . එල එල බොහොම ස්තූති මෙයා :) g-) g-)

      Delete
  3. පට්ටම කියල ගමක් තියේද බං...

    ඒ උනත් ඉතිං උඹ ගැන මට පට්ට දුකයි..

    ReplyDelete
    Replies
    1. හිහිහිහිහිහිහිහ් ඔව් මේකත් ඒවගේ පට්ටමක් තමා . :p :p
      හ්ම්ම්ම් මරණ තර්ජන ඇවිත් තියෙන්නේ . මම අන්තිම කැමැත්ත ලිව්වා අද . :) :) :)

      Delete
  4. වයලෝ මරු කතාව ලොලේ ලොල් :-bd

    ReplyDelete
    Replies
    1. :) :) එල එල බොහොම ස්තූති මෙයා :)

      Delete
  5. එතකොට දැන් සින්දුවාගේ මල්ලි මොකෑ කොරන්නේ ???

    ReplyDelete
    Replies
    1. මිනිහා විස්සවිජ්ජාල අපේක්සාවෙන් පසුවෙනවා . අයියව පට්ටගහල පට්ටගහල ඉවර උනාම මල්ලිව පට්ටගහන්න පටන් ගන්නම් :p :p :p

      Delete
  6. පාන්දරින් ම සිනාසුනෙමි.. :D

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ එල එල එල ......... :) :) :) :)

      Delete
  7. නියමයි ඈ...
    කලිං පොස්ට් එකේ පොඩි විචාරයක් දෙන්නං කීවට ඒක මේ තරං ලොල් සහගත වෙයි කියල හිතුවෙම නැ...
    පට්ට මචෝ...
    හරිම මාන්දමිකයි..........................................................

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් පස්සේ තමා මතක් උනේ . හඃ හඃ හඃ.........
      තව එක මඩක් දෙනවා දෙන්නටම නැතිවෙලාම යන්න . :p :p :p

      Delete
  8. යකෝ මඩ ගහනවා කියල ඔහොම ගැහුවොත් අරූට ඔවයින්ම ගේ හදාගන්න පුළුවන් වෙයි අන්තිමට. හහ් හහ් හහ්

    ReplyDelete
    Replies
    1. කොහොමත් දැන් කන්ද උඩ ගෙයක් හදාගන්නනේ ඉන්නේ දෙන්නා :p :p :p :p

      Delete
  9. මචං..කියෙව්වා...එල ද බ්‍රා..
    උඔට මරනය ෂුවර්...

    ReplyDelete
  10. " උට" කිව්වෙ මොකක්ද... එහෙට මෙහෙට කරකෝ කරකෝ බැලුවා. ම්හු ????

    ReplyDelete
    Replies
    1. ඔය සින්දුවේ තියෙන්නේ ගී පද කී මට මාල ගිරා කියලා
      සිංදුවා ලිව්වේ ගී පද කී මට සිංදු ගිරා කියාලා .
      මම ඉතින් ලිව්වේ වතී අක්කා සිංදු කිව්වේ සිංදුවට නිසා ගීපද කී උට සිංදු ගිරා කියලා ;)

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. කෝ මේකේ අපේ සිංදුව අයියගේ කොමෙන්ට් එකක් නෑ නෙව.. :) :) :-vi

    ReplyDelete
    Replies
    1. " අයියා පාට්නේ " හිහිහිහිහ් :p :p :p

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.