Friday, August 8, 2014

කොන්ඩ කැවුම්








උසස්පෙළ කරන්න ගත්තට පස්සේ ඉඳලා පොත් කියවන්න ගත කරන්න ලැබුන කාලේ හරිම අඩු වෙලා ගියා . ඒ නිසා පරණ පුරුද්ද අලුත් කරගන්න කියලා වයලීනොත් දැන් පොත් වලට යටවෙන්න තීරණය කළා . අහුවෙන අහුවෙන හැම පොතක්ම කියවන එක පොඩි කාලේ සිරිත . දැනුත් එහෙම වෙන්න තමයි හිතාගෙන ඉන්නේ . ඒත් වෙලාව තමා ප්‍රශ්නේ වෙන්නේ . ඒ නිසා දැන් බෑග් එකේ කොයි වෙලෙත් පොතක් දාගෙන යනවා අහුවෙච්ච වෙලාවේ කියවනවා කියලා හිතාගෙන .

වයලීනොට කැම්පස් පටන් ගත්තනෙව ආයෙත් . ඉතින් ඔන්න සිකුරාදා වෙනකං බලාගෙන ඉඳලා ඉඳලා ගෙදර දුවගෙන ආවා ස්වීට් ඇඳ බදාගන්නයි අම්මාගෙන් බත් කටක් කවාගන්නයි . ඒ එනගමන්  බස් එකේ වෙන කරන්න වැඩකුත් නැති නිසා කියවන්න ගත්තා මහාචාර්ය ගංගානාත් දිසානායක මහත්මයාගේ පැණිවළලු පොත . තමන්ගේ පොතට නම දාන්න තීරණය කරපු විදිය ගැන ගංගානාත් මහත්මයා හොඳ විස්තරයක් කරලා තියෙනවා මුල්ම පරිච්ඡේදයේ . 





මම ඉතින් ඕක කියෙව්වා කියෙව්වා කියන්නේ ඒ කොටසේ මාරම රහක් තියෙන්නේ . රත්නපුරේට එනකන්ම කියෙව්වේ ඒ කොටසමයි . ඒ නිසා පොත තාම කියවලා ඉවර නෑ . ඒ කියන්නේ එක එක පරිච්ඡේද එක්ක වයලීනොට කියන්න හොඳ හොඳ කතා ගොඩක් මතක් වෙයි කියලා හිතෙනවා . ඉතින් අද කියන්න යන්නේ ගංගානාත් මහත්තයට එයාගේ ආච්චි අම්මාගේ පැණිවළලු රහ වැටුනා වගේ වයලීනොට රහ වැටිච්ච වයලීනොගේ ආච්චි අම්මාගේ කොන්ඩ කැවුම් ගැන . 

අපි පහතරට මිනිස්සු නෙව ආයුබෝවන් . ඒ නිසා අපිට ගොඩක්ම සමීප කෑම තමයි ඔය කොන්ඩ කැවුම් . අපේ ආච්චිඅම්මා ඉන්න කාලේ ඉස්සර අවුරුද්දට හැමදාම කොන්ඩ කැවුම් හදනවා . කොන්ඩ කැවුම් නැති අවුරුද්ද නිකන් පරිප්පු නැති හෝටලයක් කියලා තමයි අපේ ආච්චිඅම්මා සැලකුවේ ඉස්සර . ඉතින් හැම අවුරුද්දෙම සිංහල අවුරුද්දට දින කීපයකට කලින් ආච්චි අම්මා කොන්ඩ කැවුම් හදනවා . 



කැවුම් හදන්න ආච්චිඅම්මා කුස්සියේ බිම ගල් තුනක් තියලා වෙනමම ලිපක් හදනවා . ඒ ලිප හදන එකත් වෙනමම ක්‍රියාදාමයක් . මොකද ඕකට ඕන සයිස් එකේ ගල් තුනක් හොයාගන්න ඕන . සීයා ඉන්න කාලේ සීයා තමයි ලිප හදලා දෙන්නේ . පස්සේ ඉතිං අපි උදවු වෙලා ලිප හදලා දෙනවා ආච්චිට . ඒත් ඕකේ මොකක් හරි අවුලක් කියනවා ආච්චි . ඒ නිසා අපි කරන්නේ ආච්චි හොඳයි කිව්ව ලිප් ගල් තුන වෙන් කරලා තියනව ඊළඟ අවුරුද්දෙත් ගන්න . 

ඊට පස්සේ ආච්චිඅම්මා තෙල් ලිප ගාව පොඩි මැටි මුට්ටියක වතුර පුරවලා තියාගන්නවා . ඒ මොකටද කියලා මම ආච්චි අම්මාගෙන්ම ඉස්සර ඇහුවා මතකයි . ආච්චිඅම්මා මට කිව්වේ එහෙම කරන්නේ කෙමක් කියලා . මොකටද කියලා මම දන්නේ නෑ . දන්න කෙනෙක් ඉන්නවනම් ඔන්න කියන්න ඒ මොකටද කියලා . ඉතින් ආච්චිඅම්මා ගෙදර වංගෙඩියේ කොටලා හලා ගත්ත පිටි වලට කිතුල් පැණි නැත්නම් සීනි උණුකරලා හදාගත්ත පැණි දාලා පදමට අනලා ටික වෙලාවක් තියලා තියනවා පදමට පිටි හරියන්න ඕන කියලා . 





මෙහෙම පදමට හදාගත්ත  පැණි පිටි මිශ්‍රණය තෙල් තාච්චියට හැන්දකින් වක්කරනවා . ඒකට ආච්චිඅම්මා නම් කියන්නේ තාච්චියට පිටි බෙදනවා කියලා . එහෙම පිටි බෙදලා පොඩ්ඩක් වෙලා ඉන්නකොට අතිරස ගෙඩියක් වගේ කැවුම වටේ තියෙන පිටි බැදිලා බෝලයක් වගේ හැදෙනවා . ඊට පස්සේ කරන්නේ ඉරටුවකින් මේ කැවුමේ මැද හිල් කරලා ඉරට්ට කරකවන ගමන් තෙල් හැන්දෙන් තෙල් ටික ටික මේ කැවුම උඩට දාන එක . එතකොට ඇතුලේ තියෙන දියාරු පිටි මිශ්‍රණය ටික ටික මේ සිදුර හරහා උඩට ඇවිත් කොන්ඩේ වගේ ඉහලට එනවා . 

පස්සේ ඇති තරමට කොන්ඩේ හැදුනම ඉරට්ට අයින් කරලා හොඳට පාට වෙනකන් බැදෙන්න දීලා තෙල් බේරලා මුට්ටියකට හරි කිරි ගොට්ටකට හරි දානවා වැඩි තෙල් ඉවත් වෙන්න . ඔන්න ඔහොමයි සාමාන්‍යයෙන් කොන්ඩ කැවුම් හදන්නේ . ඒත් ඕක සරල වැඩක් නෙවෙයි . පුරුද්ද නැත්නම් කොන්ඩේ එන්නෙත් නෑ . සමහර වෙලාවට කැවුම තෙලට දානකොට පිටි එහෙ මෙහෙ විසිරිලා යනවා . ඒ නිසා පිටිවල පදම ඉතාම වැදගත් මේ කොන්ඩ කැවුම් හදන්න . 





ආච්චිඅම්මට කොයිතරම් පුහුණුවක් මේ කැවුම් හැදිල්ලට තිබ්බද කියනවනම් ආච්චිඅම්මගේ කැවුමේ කොන්ඩේ නම් කවදාවත් වරදින්නේ නෑ . පුංචි කාලේ මම හරිම ආස කරපු වැඩක් තමයි මේ කැවුම් හදනවා බලාගෙන ඉන්න වැඩේ . ඉතින් මම කරන්නේ පොඩි බංකුවක් ලිප ගාවින් තියාගෙන ආච්චි අම්මා කරන මේ හපන්කම දිහා පුදුමෙන් බලාගෙන ඉන්න එක . ඒ ඉන්න ගමන් මම ලිපේ ගින්දරත් හදන්න උදවු වෙනවා . සීයා තමයි ඒ කාලේ කොලපු ඉරලා පොඩි පටි වලට කපලා ගෙනත් ලිප ගාවින් තියන්නේ . 

මට මතකයි ආච්චි අම්මා හදන කොන්ඩ කැවුමක් අඟල් දෙකක් විතර විශ්කම්භයක් තියෙන ලොකු කොන්ඩ කැවුම් .ඒවා එකක් තනි කෙනෙක්ට කන්න බෑ කියලා මම හිතාගෙන හිටියේ ඒ කාලේ . කොන්ඩ කැවුම් හදනකොට ආච්චි අම්මා කියනවා අපිට , කටවරද්ද ගන්න හොඳ නෑ කියලා . ඒ කියන්නේ එයාලා මේ වැඩේ කරේ ඒ වෙනුවෙන් පේවෙලා වගේ . මට මතකයි දවසක් අපේ සීයා කහට බොන ගමන් ආච්චි අම්මගෙන් ඇහුවා " මට ඔය කැඩිච්ච කැවුම් කෑල්ලක් දෙනවද " කියලා . ආච්චි අම්මා තෙල් ලිප ගාව ඉඳගෙනම මූණ ලොකු කරලා සීයා දිහා බලලා කෙන්තියටම මුකුත් කියන්නේ නැතුවම හිටියා . ආච්චි කැමති නෑ එහෙම දේවල් තෙල් ලිප ගාව ඉන්නකොට කියනකොට . එතකොට කැවුම් හරියට හදන්න බැරි වෙනවා කියලා ආච්චිඅම්මා විශ්වාස කළා.





පොඩි කාලේ මට දකින්න ලැබුන මේ දේවල් ඔක්කොම චිත්‍රපටියක් වගේ හිතේ මැවෙනකොට හිතෙනවා අනේ ආච්චි අපිත් එක්ක දැනුත් හිටියනම් කොච්චර හොඳද කියලා . ඒත් මට සතුටු වෙන්න පුළුවන් එක දෙයක් තියෙනවා . ඒ ආච්චිඅම්ම මැරෙන්න කලින් ආච්චි අම්මට කන්න කොන්ඩ කැවුම් හදලා දෙන්න මට පුළුවන් උනා . පොඩි කාලේ ඉඳලම ලිප ලඟට වෙලා අවුරුද්දක් ගානේ කොන්ඩ කැවුම් හදන පිළිවෙල බලාගෙන හිටපු නිසා වෙන්නැති මටත් ආච්චිඅම්මාගේ පිහිටෙන් කොන්ඩ කැවුම් හදන්න ඉගෙන ගන්න පුළුවන් උනා . 

දැන් අවුරුද්දට අපේ ගෙදර කොන්ඩ කැවුම් හදන්නේ වයලීනෝ තමයි . අපේ ආච්චිඅම්මගේ නම පුංචිනෝනා . මම කැවුම් හදන වෙලාවට තෙල් ලිප ගාව වාඩි වෙන්නේ , කොහෙද මෙයාලා පුංචි නෝනගේ දුවල උනාට කැවුමේ කොන්ඩේ ගන්න ඉගෙන ගත්තේ නෑනේ කියලා අම්මටල පොඩි හින්ට් එකකුත් දාගෙන තමයි . කොහොම උනත් පිටි වැඩිපුර තියෙන වෙලාවට බැන බැන තමයි කැවුම් හදන්නේ . මොකද තෙල් ලිප ගාව වැඩි වෙලාවක් ඉන්නකොට වෙරි වෙලා වගේ මත් වෙනවා . හැබැයි ආච්චි අම්මා උගන්නපු දේවල් වලින් නරකක් උනේ නෑ කියල පොඩි සතුටකුත් තියෙනවා ඒ අතරේම . සිංදුවගේ අම්මටනම් වයලීනෝ හදපු කොන්ඩ කැවුම් අවුරුද්දට නෑගම් යනකොට ගිහින් දුන්නා . හැබැයි හැදුවේ කවුද කියලනම් තාම දන්නේ නැතුව ඇති .





දැන් ඉතින් මේ කියන්න හදන්නේ වෙනමම කතාවක් . ඒ තමයි 

කොන්ඩ කැවුම් හදන්න ඉගෙන ගන්න කැමති දැරිවියෙක්ට වයලීනොගෙ මුළුතැන්ගෙයි ඇබෑර්තු ඇත . 

හඃ හඃ හඃ හඃ 

32 comments :

  1. වයලීනුවෝ.....උඹ කැවුම් මික්ෂර් එක හදන්නත් දන්නවාද? අපේ ආච්චි කෑම ඉව්වේම නැහැ. රේන්ද ගොතන්න හරි දක්ෂයි. මම දවසක් ආච්චිගෙන් ඇහුවා,,,ඇයි ආච්චි උයන්න දන්නේ නැත්තේ කියලා. ඒ දවස්වල කුස්සියට යන්න උවමනාවුනේ නැහැලු. ආච්චිගේ ඇස් දෙකේ කඳුළු පිරුනා. ඒ කාලය මතක් වෙන්න ඇති. මහා ධනයක් එක්ක හැදිච්චි අය. අපේ තාත්තා බොහෝ දේ නැතිකරා. මට ඒ අපේ අම්මාගේ අම්මා....කොහේ හරි ඉඳන් මා දිහා බලන් ඉන්නවා කියන බොලඳ සිතුවිල්ල තවමත් තියෙනවා.

    පැණි වළලු මමත් හරි ආසාවෙන් කියවපු පොතක්. නොදැනුවත්වම ඒ කාලයට යනවා.

    ReplyDelete
    Replies
    1. එසේය පිංවත එසේය ....
      මා ඒ සියලු සත්‍යයන් වටහා ගතිමි . :) :)

      අහ්හ්හ් බීරළු රේන්ද ගැන වෙනමම ලියන්න ඕන . වෙලාවට ඒක නම් අපේ අම්මත් හොඳට ඉගෙනගෙන තියෙනවා . අපේ ආච්චිගේ ලොකුම ආසාවක් තිබුණා ඉන්දියාවේ ගිහින් එන්න වන්දනාවේ . ඒත් ඒකට ආර්ථිකය හයිය තිබ්බේ නෑ එයාට . අපිට එහෙම කරන්න ආර්ථිකය සවිමත් වෙනකොට ආච්චි හොඳටම වයසයි . ඒ නිසා අපි යවන්න කැමති උනේ නෑ . අපේ ආච්චි කඳුළු හැලුවේ ඔන්න ඔයවගේ ආසාවල් වලට තමා . :) :)

      Delete
  2. පැණි වලළු නං පට්ට මාත් ලංකාදීපෙ අහුවුනොත් ඉස්සෙල්ලාම කියවන්නෙ ඕක...
    ඒත්කොහෙන් හරි හම්බුනොත් කියෝනව මිසක් ලංකාදීප සල්ලි වලට ගන්න තරං හොද එකක් නෙවී කියලමයි මට හිතෙන්නෙ..
    අපේ අම්මට පුළුවං අළුව අනං මනං හදන්න තමා.. ලොකම්ම බලන්න එපෑ.. ඒකටත් එක්ක හම්මේ...
    මාත් පට්ට ලැයික් කොණ්ඩ කැවුම් වලට

    ReplyDelete
    Replies
    1. හපෝ ඔව් . ලංකාදීපේ හොඳයි කොළ ගොඩක් තියෙන නිසා . හඃ හඃ හඃ . හැබැයි සන්ඩේ ඔබ්සවර් ඊට වඩා හොඳයි කොළ ගොඩක් තියෙන නිසයි තේරෙන්නෙත් නැති නිසයි . =)) =))

      Delete
  3. අන්තිමට ඇබැර්තුව ගැනත් කියාගත්තා නේද?

    ReplyDelete
    Replies
    1. එහෙයි එහෙයි.........!

      Delete
  4. උඹ කියපු දේම තමා පුතා මටත් වෙලා තියෙන්නෙ මේ හුචස් පෙළක් හින්දා.................. පැණි වළලු මට තාම කියවන්න බැරි උණා. කෝම හරි කියවන්න ඕනි. මේ දවස් වල ජයග්‍රාහී පස්වෙනි පාරටත් විප්ලවවාදී සාහිත්‍යෙය් මුදුන් මල්කඩ කියවනවා........... ඇබැර්තුවට ඉක්මනින්ම පිළිතුරු හම්බවෙයි......................... =))

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඇත්තද අංකල් ?
      විප්ලව වාදී නෙවේ උසස්පෙළ පොත් ටික කියවලා එක්සෑම් ගොඩ දාගනින් . අන්තිමට ජීවිතේ ගැටගහගන්න ඉතුරු වෙන්නේ ඒක තමයි . මේ සයිබරේ කරක් ගහන්නේ නැතුව පල . ගිහින් පාඩම් කරපිය . උඹ කියෙව්වේ නැද්ද ඉස්සර මම දාපු පෝස්ට් වල මම ලියලා තිබ්බා සිංදුවා මාව ඒ කාලේ fb එකෙන් එලවපු නිසා මම වැඩ කරගත්තා කියලා .

      කමන්ට් එකට උම්මා . පාඩම් කරපන් මලේ..... g-) g-) g-)

      Delete
  5. වතුර මුට්ටිය තියන්නේ,හදිසියේ තෙල් විසිවෙලා පිච්චුනොත් ටක් ගාලා වතුරට අත දාන්න වගේ වෙන්න ඇති නේද?
    අනික,තෙල් තාච්චිය ළග මාර රස්නෙයිනේ.ටික වෙලාවක් දිගට තාච්චිය ලග ඉදලා එකපාර නැගිට්ටම කැරකිල්ල වගේ එනවා නේ,වෙන කැවිලි වගේ නෙමෙයි කෙලින්ම සම්පුර්ණ අවධානය දෙන්න එපැයි.

    කෙල්ලන් දුටු විට කොල්ලන් දාන වළලු. :D


    ReplyDelete
    Replies
    1. අහ්හ් එහෙමද සීන් එක ?
      මම හිතුවේ මෙහෙම . තාප ගති විජ්ජාවේ කියනවනේ තාප සමතුලිතතාවන් . තෙල් තාච්චියේ රස්නේ පපුවට වදිනවට එයාලා වතුර මුට්ටියක් ලඟින් තියාගන්න ඇති . එතකොට තාපය වැඩිපුර යන්නේ වතුර මුට්ටිය පැත්තටනේ . ඒනිසා වෙන්නත් පුළුවන් නේද . හැබැයි ප්‍රායෝගික දේ උයා කිව්ව එක වෙන්න ඕන තමා තමා .. g-) g-) g-)

      Delete
    2. ඔයා කිවුව දේ හරි.
      අත පිච්චුනාම කරන්නේ කෙලින්ම,පිටි ද්‍රාවනයේ අත දාන එක.

      Delete
  6. මායි අපේ පවුලයි දවසක් කොන්ද කැවුම් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා.
    පිටි හලියම චාටර් වෙල අන්තිම කැවුමේ විතරක් කොන්ඩේ ආව

    ReplyDelete
    Replies
    1. අපෙත් ගෙදර සමහර අය හදනකොට එහෙම උනා . ආයේ හැදුවොත් මතක තියා ගන්න . එහෙම උනොත් පාන් පිටි ටිකක් ඒ මික්ෂර් එකට කලවම් කරලා හොඳට අනලා හදලා බලන්න . හරියයි :p g-) g-)

      Delete
  7. කොන්ඩ කැවුම් පැණි වලු වලට වඩා රැසක් ගංගානාත් මහත්තයාගේ පොතේ තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් . ඇත්තටම ඒ ලිපි පැණිවළලු වලට වඩා රසයි ....... :) :)

      Delete
  8. මගෙනං පේවරිට් කොකිස් තමා ඈ.. :P

    ReplyDelete
    Replies
    1. මගෙත් ෆෙවරිට් කොකිස් තමයි . මොකද කැවුම් හදලා ඉවර උනාට පස්සේ තෙල් කෑම අනිත් ඒවා කන්න අප්පිරිය වෙනවා . ඒ නිසා මමත් කන්නේ අන්තිමට කොකිස් තමයි :)

      Delete
  9. කැවුම් වලට නම් මාත් ආසයි...උණුවෙන් කන්ඩ...ම්ම්...
    වයලීනෝ ඔයා හැබැයි මගේ මෙන්න මේ පෝස්ට් එකෙන් ගත්තු මගේම ෆොටෝ එක මේකේ දාලත් ඒ ගැන සඳහනක් වත් නොකරපු එක ගැන නම් දුකයි... :(

    ReplyDelete
    Replies
    1. අහ්හ් ......... සමාවෙන්න ඕන . හැබැයි ගූගල් එකට ෆොටෝ දැම්මට පස්සේ ඒවා ගත්තේ කොහෙන්ද හොය හොය ඔක්කොටම ගත්ත තැන කොහේද කියලා දාන එක ප්‍රායෝගිකද මන්දා . හැමෝටම එකපාර ස්තූති වන්ත වෙන්න නම් පුළුවන් . කිසිම ගින්නක් නැතුව .
      අනිත් දවසේ ෆොටෝ දානකොට ඒකෙ තමන්ගේ අනන්‍යතාවය සඳහන් කරොත් නරකද ? . එතකොට අවුලක් නෑනේ නේද :) :)

      එනිවේ බොහොම ස්තූති දක්වපු කාරුණිකත්වයට . g-) g-) g-) g-)

      Delete
    2. වයලීනෝ,
      අවුලක් නැහැ.. :)
      මෙහෙම ගුගල් ඉමේජස් දානොකොට චුට්ටක් සැලකිලිමත් වෙන්ඩ ඕනි දෙයක් කියන්නම්..ethical කාරණයක්. ඔයා නොදන්නා වගේ පෙනුන නිසාත්,බ්ලොග් ලියන හැමෝටමත් ප්‍රයෝජනවත් වේවි කියා හිතන නිසාත් ලියන්නේ...අපි ගුගල් ඉමේජ් එකක් හොයද්දි බලන්ඩ ඒ රූපේ මත ක්ලික් කරාම දකුණු පැත්තෙන් වැටෙනවා චුටියට 'Images may be subject to copyright.' කියලා. ඒ කියන්නේ ගුගල් රූප හොයල දුන්නට ඒවා පාවිච්චි කරන හැටි ගැන එයාල දන්නේ නැති බව. එතකොට, ඒ රූපේ පාවිච්චි කරන කෙනා දැන ගන්ඩ ඕනේ ඒ රූපේ copyright ගැන හොයා බලන්ඩ. රූපේ තියෙන සයිට් ගියාම ඒක ලේසියෙන්ම දැනගන්ඩ පුළුවන්. දැන් මගේ බ්ලොග් එකේ දාල තියෙන්නේ 'creative commons' -Attribution-NonCommercial-ShareAlike 3.0 Unported කොපිරයිට් එකක්. ඒ කියන්නේ වාණිජමය නොවන දේවලට එහි තියෙන ඕනෑම දෙයක් යොදා ගන්ඩ පුළුවන්, හැබැයි ගත්තේ කොහෙන්ද කියා සඳහනක් දමන්න ඕන කියන එක.

      ඉතින් මම ඔයාට නඩු දාන්ඩ වත් මොකක් වත් කරන්න යනවා නෙමෙයි :D . නමුත් සදාචාර වශයෙන් අපේ යුතුකම, අපි යමක් කොහෙන් හරි ගන්නවා නම් ගත්තේ කොහෙන්ද කියලා කියන එක. :)

      රූපේ නැතුව අපි හිතමු කවුරු හරි ඔයා ලියපු කවියක් හරි පොස්ට් එකක් හරි කොපි කරලා එයාලගේ බ්ලොග් එකේ දැම්ම කියලා. එතකොට ඔයාට දුක හිතෙනවානේ ඔයා මහන්සි වෙලා ලිව්ව දේ වෙන කෙනෙක් නිකම්ම කොපි කරපු එකට, නේද? ඉතින් යාලු ඒ වගේ තමයි තමන්ගේම ෆොටෝ අරන් බ්ලොග් වල දාන අයත්. කැමරා අටවගෙන ෆොටෝ අරන්, ඒවා කම්පියුටර් එකට දාල, ඒවා එඩිට් කරලා නේ දාන්නේ...

      මේ කියන්නේ තරහකින් නෙමයි. ඔයාත් තරහ නොවනු ඇතැයි හිතනවා. :)

      Delete
    3. හපෝ නෑ නෑ තරහා නෑ . දැනුවත් කරාට ස්තූති . ආයෙත් මේ වරද නොවෙන්න වග බලාගන්නම්කො . මම ඇත්තටම ඔහොම කතාවක් දැනගෙන හිටියේ නෑ . :) :) :)

      Delete
  10. අන්තිමට දාල තියෙන ඇඩ් එක වැඩ කරයිද? ;)

    ReplyDelete
    Replies
    1. වැඩ නොකරොත් බලෙන් හරි උගන්නනවා =)) =)) =)) =))

      Delete
  11. පැණි වළලු මමත් හරි කැමැති කොලමක්.. ලිවීම් රටාව පට්ට...
    අපේ ත් අත්තම්මක ඉන්න කාලෙ කොයි තරම් නම් කෑම ජාති හැදුව ද..අපේ ලොකුඅම්ම (අම්ම ගෙ අම්ම) අදපු අතිරස වලට මම හරි ම ආසයි..ඒත් ලොකුඅම්ම මියැදුණාට පස්සෙ ඒ වගෙ හදන්ට දන්න කවුරුවත් ම නෑ..අම්මල ඒවගෙන් බාගයක් වත් හදන්ට දන්නෙ නෑ...අත්තම්මල හිටිය නං කොයිතරමි හොඳද ඇත්තටම...
    මම ත් එක අවුරුද්දක කොණ්ඩ කැවුම් හදන්ට ට්‍රයි කොළා, ඒත් හරිගියෙ නෑ...ඉතිං හැඳි කැවුම් හදල නිකං හිටිය.. මේ පැත්තෙ ඒව හදන්ට දන්න අයත් අඩුයි..අහගන්ට කෙනෙකුත් නෑ...

    දැන් නම් කොණ්ඩ කැවුම් හදන්ට උගන්නනව කිව්ව ම කෙල්ලො එයි කියල හිතන්ට අමාරුයි...ඒ නිසා කියපං කොණ්ඩ හදන්ට උගන්නනව කියල...සූ ගාල කෙල්ලො ඒවි...එක්ස්ට්‍රා දෙකතුනකුත් තියාගන්න පුළුවං වෙයි සමහරවිට ;)

    ReplyDelete
    Replies
    1. හයියෝ . මේවා දකිනකොට දුකයි අෆ්ෆා . :( . හ්ම් හ්ම්ම්ම්ම් එහෙනම් මම අදම යනවා බියුටි කචල් ක්ලාස් එකකට . g-) g-) g-)

      Delete
  12. එහෙනම් උඹද හැදුවේ කැවුම් ? අම්මා ගහයි බැට් එකෙන්. අඩෝ ඊළඟ පාර මමත් එනවා !

    ReplyDelete
    Replies
    1. මෙතැන්සිට කැවුම් සෑදීම කෑම සහ කැවුම් ක්ලාස් දැමීම වහාම ක්‍රියාත්මක වන ප(දි)රිදි නවතා දමන ලදී :p :p :p

      Delete
  13. අඩේ උඹට කැවුම් හදන්නත් පුළුවන්ද.. නියමයිනේ..

    ReplyDelete
    Replies
    1. එහෙමයි අප්පෝ :) :) :)

      Delete
  14. අඩේ අදනේ මේක දැක්කේ. ඊයේ මම කැවුම් හදන්න කියලා අරගෙන අර කිව්වා වගේ පිටි තාච්චියට දානකොටම විසිරිලා යනවා. ඉතින් වැඩේ අල්ලලා දැම්මා. :( ඒ වෙලාවට මොකද කරන්න ඕන වයලෝ?

    ReplyDelete
    Replies
    1. පිටි මිශ්‍රණයෙන් ටිකක් වෙනම භාජනයකට රැගෙන ( කැවුම් පහකට හයකට ඇතිවෙන තරමේ ) පාන්පිටි අහුරක් පමණ දමා හොඳින් කලවම් කර නැවත තාච්චියට දමා හිසට පොල්කට්ටක්ද පයට බාටා දෙකක්ද ගෙන ලිප දිශාව බලා කරකවනු මැනවි .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.