Wednesday, August 6, 2014

උඹ දන්නවද ?







අහස
උඹ දන්නවද
කොච්චරනම් මම උඹ දිහා බලාගෙන ඉන්නවද කියලා  ?
පුංචි තරු පාවී එන තුරු

තරු
උඹ දන්නවද
කොච්චරනම් මම උඹ දිහා බලාගෙන ඉන්නවද කියලා ?
සීතල සඳ පාවී එනතුරු

සඳ
උඹ දන්නවද
කොච්චරනම් මම උඹ දිහා බලාගෙන ඉන්නවද කියලා ?
නිදිමත පාවී එනතුරු

නිදිමත
උඹ දන්නවද
කොච්චරනම් මම උඹ දිහා බලාගෙන ඉන්නවද කියලා ?
සිහිනයක් පාවී එනතුරු

සිහිනය
උඹ දන්නවද
කොච්චරනම් මම උඹ දිහා බලාගෙන ඉන්නවද කියල ?
අලුත් හෙටක් පාවී එනතුරු 





14 comments :

  1. මට නම් පේන්නේ අරයව නොදක ඉන්න බැරුව මෙයා ලියලා තීන්නේ මේක :X

    හා හා ...කාටවත් කියන්නෑ මං g-)

    ReplyDelete
    Replies
    1. අරයා ???? කොයාද හලෝ අරයා ????
      මම දන්නේ නෑ :p :p :p :p

      Delete
  2. නොදැක ඉන්න බෑ මට නං මගෙ ආදරේ...
    වගේ සීං කෝං එකද්ද ඈ...
    අපූරු කවියක්

    ReplyDelete
    Replies
    1. එහෙමද මන්දා . ඕක ලියන වෙලාවේ තිබ්බ ෆීලින්ග් එක අද දැන් නෑ වගේ :p :p

      බොහොම ස්තුති g-) g-)

      Delete
  3. මමත් ආවෙ මේ සිංදුවෙ කෝරස් එක ලියල යන්න හිතාගෙන. කොහෙද මහේෂ් මට කලින් ඒක ලියලනෙ.

    //නොදැක ඉන්න බෑ
    මටනම්
    මගෙ ආදරී.....//

    හා හා හොරේ දැනුනා දැනුනා....

    :))

    ReplyDelete
    Replies
    1. හ්ම්හ්
      ඔයාල නපුරුයි නපුරුයි
      මගේ ප්‍රථම කුළුඳුල් තිස්වෙනි මෙව්වා එකට විහිලු කරනවා :( :( :(
      හිහිහිහිහිහිහිහ් g-) g-) g-)

      Delete
  4. මට තේරෙනව මචං...මට තේරෙනව...උඹ ඔය කට්ටිය කියන කෝචොක් කතා අහන්ට එපා... g-) :D

    ReplyDelete
    Replies
    1. :( :( :(
      හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      මේ ලෝකය කූරයි මෙයා කූරයි
      හිහිහිහිහි g-) g-) g-)

      Delete
  5. සන්තෝසෙ බෑ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. එල එල

      බොහොම ස්තූති :) :)

      Delete
  6. හෙට
    උඹ දන්නවද
    කොච්චරනම් මම උඹ දිහා බලාගෙන ඉන්නවද කියල ?
    ඇය එනකම්..

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ
      උයා මගේ හිත කියෙව්වා නෙහ් ? :p :p :p

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.