Wednesday, August 27, 2014

අලි ඇතුන්ගේ කුල




<< නැදුන්ගමුවේ රාජා >>
දෙව්පුර ඇතෙකී - කුඹු දහසයකී
දිග දළ අටෙකී - සත් ගැබකී
වැව් පොකුණු ද කී - සත් සිය ගැන කී
එක පොකුණෙකී - සිවු මලෙකී
සිවු මල පෙති කී - ගැන තිස් දෙකකී
පෙත්තක නටු කී - සිවු සැටෙකී
කව් කර වැනුකී - ලෙවු ඉසි බසෙකී
ගජගා නමකී - වන්නමකී


මේ පහුගිය සඳුදා රත්නපුරේ , සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යය ආරම්භ උනා . කප් සිටුවීම කියන පුරාන චාරිත්‍රයට අනුව සඳුදා උදේ නැකතකට කප් හිටවලා පෙරහැර මංගල්‍යය ආරම්භ කෙරුනා . කොහෙද මේ කැම්පස් එකක් එක්ක පෙරහැර බලන්නවත් යන්න විදියක් නෑනේ . හිතාගෙන ඉන්නේ සති අන්තේ ගෙදර දුවලා පෙරහැර බලන්න යන්න . එව්වත් ඉතින් කියන්න බැරි වැඩ . දෙවියන් එක්ක කට ඉස්සර කරගන්න එපා කියනවනේ . 

පෙරහැර බලන්න වැඩිපුරම උවමනාව තියෙන්නේ එදාට දෙවාලෙන් එලියට වඩම්මන දේවාභරණ බලාගන්නයි ලංකාවේ හතර වටින්ම දේවාලෙට ඇවිත් ඉන්න අලි ඇත්තු ටික බලාගන්නයි තමයි . මේ අතරේ දේවාලෙට එන කකුල් දෙකේ ඇතින්නියෝ ගැනත් බලන්න ඕන .

දේවාලෙට අලි ඇත්තු 60කට ආසන්න සංඛ්‍යාවක් පෙරහර කාලෙට එක්ක එනවා . ඒ හැම කෙනෙක්ම දැකලා දැකලා දැන් නම් මේ ඉන්නේ අර පන්සලේ මෙයා අර දේවාලේ එයා කියලා පොඩි මතකයක් තියෙනවා . ඒ කෙසේ වෙතත් අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නෑ කියනවා වගේ අලි දිහා කොච්චර බලා හිටියත් එපා වෙන්නේ නෑ . මේ ළඟදී අපේ කැම්පස් එකේ යාලුවෙක් අහනවා උඹලට අලි ඉන්නවද බං කියලා . හඃ හඃ හඃ හඃ බැරිවෙලාවත් අලියෙක් හිටියනම් මම නටන්නේ මෙහෙම නෙවෙයි කියලා හිත හිත මම උට කිව්වා මොන පිස්සුද බං . ඉඳලා හිටලා ඔය අලියෙක්ගේ ඇතෙක්ගේ ෆොටෝ එකක් ෆ්බ් දැම්මට උන් මගේ නෙවේ කියලා . 


                         

<< මිල්ලන්ගොඩ රාජා >>


අපිට මේ සෙමෙස්ටර් එකේ තියෙනවා පාරිසරික විජ්ජාව කියලා විජ්ජාවක් . ඒ විජ්ජාවට අපිට කරන්න වැඩක් දුන්නා . අපිට සමීප සතෙක්ගේ හැසිරීමේ ඉඳලා ඔක්කොම වැඩ කිඩ ටික අධ්‍යනය කරලා ඒ සතා ගැන රිපෝට් එකක් හදන්න කියලා . හිතට එකපාරටම ආවේ මාළු . මොකද අපේ මල්ලියි මමයි ඇලවල් වලින් දොළවල් වලින් මාළු අල්ලන් ඇවිල්ලා උන්ට එක එක ට්‍රීට්මන්ට් කරලා උන්ව පරලොව යවලා තියෙන නිසා මාළුන්ගේ පරිසර තත්ත්ව වෙනස් උනාම මොකද වෙන්නේ කියලා පොඩි අයිඩියා එකක් තිබුණ නිසා . 

ඔන්න ඉතින් අයියයි මල්ලියි මාළු අල්ලාගෙන ඇවිල්ලා දැන් ගෙදර ඉන්නවලු . ඒත් අනිත්මට ඕකුන්ගේ වැඩ කිඩ දිහා බලන් හිටියට ලියන්න ගියාම තමා කෙලවෙන්නේ කියලා තේරුණා . අන්තිමට මට මතක් උනේ සමන් දේවාලේ අලියා . හැම සෙනසුරාදාම දකින ඒ මිත්‍රයා ගැන ලිව්වනම් හරි කියලා තේරුනේ පහුවෙලා . ඉතින් අලි ඇත්තු ගැන හොයන්න ගත්තා තව දුරටත් ඊට පස්සේ . 

මෙහෙම හොයාගෙන යනකොට අලියාගේ කෑම බීම , නෑම , මූණ හේදීම ආ මූණ හෝදන්නේ නෑ , නිදාගැනීම , කක්කි දැමීම චූචු දැමීම වගේ හැම දේම ගැන විස්තර හොයාගත්තා . ඒ අතරේම අලි මන්තර , අලි බෙහෙත් , වගේම අද මේ කියන්න යන අලි කුල ගැනත් හොයාගන්න පුළුවන් උනා . එක දවසක් අලි බලන කෙනෙක් එක්ක කතා කරනකොට මේ අලි කුල ගැන අහන්න ලැබුනට කිසිම මතකයක් ඒ ගැන ඉතුරු උනේ නෑ . ඒත් දැන් ඔක්කොම එකතු කරගන්න වෙලාවේ අලි කුල ගැනත් අයිඩියා එකක් ඉතුරු උනා . 




ඔයාලා දන්නවා ඇති ලංකාවේ අලි ගාල් කිරීම ජයටම සිද්දවෙච්ච කාලයක් තිබුණා . ඔය පනාමුරේ අන්තිම අලි ගාල නැති උනාට පස්සේ අලි ගාල් කිරීම නැතිවෙලා ගියා . ඒත් මේ ළඟදී ඉඳලා පෙරහැරවල් වල අඩි හතරක් පහක් උස පොඩි අලි බට්ටෝ ටිකක් යනවා දැක්කා . ඒ අලි පැටවූ කොහෙන් ආවද කියලා ඉතින් කියන්න ඕන නෑනේ . ඒවා වැඩක් නෑ අපිට අපි බලමුකෝ මේ අලි කුල ගැන . 

ඔහොම ගාල් කරලා අලි අල්ලනකොට අලි අල්ලන අය අලින්ගේ තියෙන විශේෂ ලක්ෂණ බලලා හොඳ ලක්ෂණ තියෙන අලි ඇත්තු තමයි අල්ලගන්නේ . එහෙම අල්ලගන්න අලි ඇත්තු මිලදීගන්න අය වාසනාවන්ත දියුණුවෙන් දියුණුවට පත්වෙන අය බවට පත්වෙනවා . ඒත් සමහර ලක්ෂණ තියෙන අලි ඇත්තු මිලදීගත්ත අය නැත්තටම නැතිවෙලා යනවා . අලි අත්තුන්ගේ කුල බෙදීම ඇති උනේ මෙන්න මේ දේ නිසා . අලි ඇතුන්ගේ තියෙන මංගල ලක්ෂණ වගේම අභව්‍ය ලක්ෂණ මේ වැඩේට යොදාගන්නවා . අලියෙක් ඇතෙක් දැක්ක ගමන් අපිට ඌ ගැන ප්‍රිය මනාප හැගීමක් ඇතිවෙන්නේ හරි , ඒ ඇතාගේ හෝ අලියාගේ තේජස් ස්වරූපයක් පෙන්නුම් කරන්නේ මේ ලක්ෂණ නිසා . සමහර අලි ඇත්තු දැක්කම ඒ වගේ හැගීමක් ඇති නොවෙන්නේ ඒ අලියට හෝ ඇතාට ඒ මංගල ලක්ෂණ නැති නිසා . 

මෙන්න මෙහෙමයි අලි ඇත්තු කුල වලට බෙදන්නේ . තියෙනවා ඔක්කොම අලි කුල 10ක් 

කලාවක 
ගන්ගෙයිය 
පන්දර
තම්බ
පිංගල
ගන්ධ 
මංගල 
හේම
උපෝසථ 
ඡද්දන්ත

මේ අය මේ කැටගරි වලට දාලා තියෙන්නේ මෙයාලට තියෙන වෙනස් ලක්ෂණ නිසා . තැපෑලෙන් පීනන්න උගන්නනවා වගේ ඒ ලක්ෂණ ටිකත් දාන්නම් . හැබැයි මෙහෙම කියවලා ඒ ගැන අවබෝධයක් ලබාගන්න අමාරුයි කියලා මට හිතෙනවා . මොකද අලි ඇත්තුන්ගේ පොඩි පොඩි වෙනස්කම් දකින්න පුළුවන් කමක් නැති අයට ඔක්කොම අලි ඇත්තු එක වගේ පේන්නත් ඉඩ තියෙන නිසා . කොහොම උනත් මේවා තමයි ඒ ලක්ෂණ වෙන්නේ 

කලාවක 
======

මෙයාලගේ ඇස් ඉතාම අඳුරු පැහැතියි . ඒ වගේම පාද කොටයි . සම තද කළු පාටයි . වලිගය වක් වෙලා පිහිටනවා . ඒ වගේම කකුලේ නිය පොතුත් හොඳට වක් වෙලා පිහිටනවා .

ගංගෙයිය
======

විශාල හිසක් තියෙනවා මෙයාලට . ඒ වගේම මෙයාලගේ කකුල් හොඩවැල වලිගය තරමක් දිගයි . නියපොතු විශාලයි . ඒ වගේම කකුල් වල යටිපතුල් පළල වැඩි ස්වභාවයක් ගන්නවා .

පන්දර
=====

දිගටි විශාල හිසක් පිහිටනවා මෙයාලට . හොඩය පටන්ගන්න හරිය තරමක් පළලින් වැඩියි . නියපොතු තද කහ පාටක් ගන්නවා . ඒ වගේම මෙයාලගේ සම අළු පාටට හුරු කළු පාටක් වෙනවා .

තම්බ
====

මෙයාලගේ ඔලුව වැඩිය ලොකු නෑ . ඒ වගේම හොඩය කොටයි පටුයි . කකුල් සිහින් වෙනවා . කන්දෙක ලොකුවට පිහිටනවා . ඒ වගේම ශරීරය තඹ පාටට හුරු කළු පාටක් ගන්නවා මෙයාලගේ .

පිංගල
====

ලොකු හිසක් තියෙනවා මෙයාලට . හොඩය පටන්ගන්න තැන ගොඩක් විශාලයි . දිගත් නැති කොටත් නැති කකුල් තියෙනවා . ඒ වගේම දිගටි ඇස් දෙකක් මෙයාලට හිමි වෙනවා . 

ගන්ධ
====

හිස , හොඩය . කකුල් කුඩාවට පිහිටනවා මෙයාලගේ .ඇඟ තද කළු පාටයි වගේම හම තරමක් වැඩිපුර ගොරෝසු වෙනවා .වලිගය නැමිලා නැත්නම් දඟර ගැහිලා තියෙන්න පුළුවන් . ඒ වගේම ඇඟේ ගොඩක් රෝම පිහිටනවා මෙයාලගේ .

මංගල 
====

හිස හොඩය දල දෙක පාද හතර සහ කන් දෙක විශාලව පිහිටනවා . යටිපතුල වෙන අයට වඩා පළල වෙනවා . ඒ වගේම මහතින් වැඩි ශරීරයක් සහ බිම ගෑවෙන වලිගයක් මේ අයට ලැබෙනවා .

හේම 
====

තරමක් ඉදිරියට නැවුන ශක්තිමත් හිසක් තියෙනවා මෙයාලට . දිගටි ඇස් වගේම මධ්‍යම ප්‍රමාණයේ හොඩයක් තියෙනවා .ඇඟ සහ කකුල් විශාලයි වගේම මහතයි . වලිගය නැවිලා තියෙනවා . ශරීරය අළු පාටට හුරු කළු පාටක් ගන්නවා . නියපොතු රතු පාටට හුරු වෙනවා .

උපෝසථ  
======

හිස , කන්දෙක , ශරීරය මධ්‍යම ප්‍රමාණයේ පිහිටනවා . ඒවගේම දිගටි පාද හතරකන් යුක්ත වෙනවා . නියපොතු කහ පාටයි . හොඩය ලිංගය වලිගය කියන තුන බිම ස්පර්ෂ වෙනවා . ශරීරය අළු පාටට හුරු කළු පාටක් ගන්නවා . 

ඡද්දන්ත
======

ශරීරය ඉතාම මහතයි . ඒ වගේම ඇස් දිගටියි . කකුල් හතරත් දිගින් වැඩියි . ඇස් දෙක රන් වන් පාටයි . ඒවගේම ශරීරයත් දීප්තිමත් පැහැයක් ගන්නවා . හොඩය , ලිංගය වලිගය කියන තුනම බිම ස්පර්ශ වෙනවා . 




<< කතරගම වාසනා >>


මෙන්න මෙහෙමයි මේ අයගේ ලක්ෂණ පිහිටලා තියෙන්නේ . මේවට කවි ශ්ලෝක වගේ දේවල් අලි බලන ය පාඩම් කරගෙන ඉන්නවා. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න ඕන මේ අලි කුල වලට එක එක අලි නිසා අලි හාම්පුත්තුන්ගේ ඉරණම තීරණය වෙන හැටි ගැනත් යම් කිසි පිළිගැනීමක් තියෙනවා . ඒ මෙන්න මෙහෙම .

කලාවක = හාම්පුතාට අවාසනාව අරගෙන එනවා .
ගන්ගෙයිය = හාම්පුතාට ශෝකය සහ අවාසනාව අරගෙන එනවා .
පන්දර = හාම්පුතා දුප්පත් කෙනෙක් වෙනවා .
තම්බ = හාම්පුතාට හා පවුලේ අයට හදිස්සි මරණය ගෙන එනවා . 
පිංගල = හාම්පුතාට මරණය ධන හානි වීම ගෙන එනවා .
ගන්ධ = හාම්පුතාට මධ්‍යස්ථ ලැබීමක් ලැබෙනවා .
මංගල = හාම්පුතාගේ තේජස වැඩි වෙනවා .
හේම = හාම්පුතාට වාසනාව යහපත ලැබ දෙනවා .
උපෝසථ = හාම්පුතා දීර්ගායුෂ විඳිනවා වාසනාවන්ත වෙනවා .
ඡද්දන්ත = හාම්පුතාට කීර්තිය තේජස වාසනාව මහජන බලය අරගෙන එනවා .

මම වගේම අලි ඇත්තු ගැන ඇල්මක් දක්වන අය විශ්වාස කරන හැටියට මිල්ලන්ගොඩ රාජා උපෝසථ කුලයට ආසන්නයි . නැදුන්ගමුවේ රාජා සහ කතරගම වාසනා ඡද්දන්ත කුලයට ආසන්නයි .

කොහොම හරි මෙයාලා ,  මෙන්න මේ කරුණු ගැන සලකලා බලලා තමයි ඉස්සර අලි බලන අය සහ අලි හාම්පුත්තු අලි ඇත්තු තෝරාගත්තේ . පෝස්ට් එක ඉවර කරන්න කලින් සක්‍ර දේවේන්ද්‍රයාගේ ඓරාවණ හස්තියා ගැන කියවෙන ගජගා වන්නම කියලා පෝස්ට් එක ඉවර කරන්නම් .


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!



26 comments :

  1. අලින්ගේ කුල ගැන එහෙන් මෙහෙන් අහලා තිබුනට මේ තරම් හොද විස්තරයක් කියවලා තිබුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. එල එල
      බොහොම ස්තූති :) :) :)

      Delete
  2. තැන්කුයි තෙවා...

    ReplyDelete
    Replies
    1. වැරදුනා වයලීනෝ..

      Delete
    2. හඃ හඃ හඃ එල එල මට හිතුන පොඩ්ඩක් වැරදිලා තමයි කියලා :) :) :) g-)

      Delete
  3. ඉස්කෝතුයි වයෝ...
    ඔයා කියන කං ඔය මෙලෝ හසරක් දැනන් උන්නෙ නෑ.
    ඇත්තටම ඈ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එල එල්
      බොහොම ස්තූති ඈ g-) g-) :)

      Delete
  4. මෙච්චරකල් දැනං හටියෙ ඡද්දන්ත කුලේ ගැන විතරයි. මෙහෙම විස්තරයක් අදයි දන්නෙ. එතකොට ඔය අවුල් අලි ගත්ත කට්ටියට ඇත්තටම කෙලවෙනවද? එහෙම වෙලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම් එහෙම කෙලවගත්ත මැණික් මුදලාලිලා ඉන්නවා අපේ පැත්තේ . නම් දාන්න බැරියෝ..........

      Delete
  5. අර හැම තිස්සෙම ඇහෙන "සද්දන්ත කුලේ" කියන වචනේ තේරුම අදනේ දැන ගත්තේ. හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. හි හි
      බොහොම ස්තූති මෙයා g-) g-)

      Delete
  6. වාසනා උපෝසථ කුලයට අයිති ඇතෙක්. වාසනා බලන අජිත්ගෙන් තමයි දැන ගත්තෙ. දළඳා මාලිගාවෙ ඉන්දි රාජාත් ඡද්දන්ත කුලයට අයිති ලක්ෂණ පෙන්වනවා. හැබැයි හරියටම කියන්න බෑ. උපෝසථ වෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ් . එහෙමද . මම අනිත් ඇත්තු ගාවට ගිහින් තියෙනවා ඔය වාසනා ඇරෙන්න . වාසනා සමන් දේවාලේ ඇවිත් නෑ මම හිතන්නේ . ආවත් ළඟකදී ඇවිත් නෑ .
      අපි කිව්වට ඡද්දන්ත කියලා දැන් ඡද්දන්ත කුලේ අලි ඇත්තු නෑ නේද ආසන්න උනාට ?
      ඉන්න ඔක්කොම ලොකු ලොකු ඇත්තු උපෝසථ නෙහ් ?

      Delete
    2. ඉන්දි රාජාත් ඡද්දන්ත වෙන්න බෑ . අනිත් අයට සාපේක්ෂව එයාගේ ඔය ලක්ෂණ අඩුයි . මම හිතන්නේ එයා මංගල නැත්නම් හේම . ඉන්දි රාජා වැඩි කල් ජීවත් වෙන එකකුත් නෑ කියලා උගේ හැටියෙන් පෙරනිමිති පේනවා . බලමුකෝ වාසනාවට කල් ජීවත් උනොත් හොඳයි . එල එල
      බොහොම ස්තූති කමෙන්ට් කලාට .
      :) :) :)

      Delete
    3. ඉන්දි රාජා නම් දැන් ඉස්සරට වඩා ගොඩක් කෙට්ටුයි. මටත් දැන් හිතෙන්වා හේම කුලයට ළඟින් යන ඇතෙක් කියලා. මොකක්ද ඉන්දි රාජාගෙ ආයුෂ අඩු වෙන්න හේතුව?

      මම නම් ආසම ඇතා තමයි කැළණියෙ කණ්ඩුල. අලියා තමයි නිට්ටඹුවෙ ගජබා.

      මගෙ එක විනෝදාංශයක් තමා හීලෑ අලි ඇත්තුන්ගෙ පින්තූර ගන්න එක. මගෙ මූණු පොත පැත්තෙ ආවොත් ගොඩක් අලි ඇත්තුන්ගෙ පින්තූර බලා ගන්න පුළුවන්. හෙටත් බෙල්ලන්විල යන්න ඉන්නෙ පින්තූර ගන්න. ළඟදි කැලෙන් අල්ලපු අලි පැටව් ඇරෙන්න අනික් හීලෑ අලි ඇත්තුන්ගෙන් ගොඩක් දෙනෙක්ගෙ පින්තූර හා වීඩියෝ මයෙ ගාව තියෙනවා. අනිත් එක සතාගෙ මූණ බලල නම කියන්නත් ටිකක් පුළුවන් කමක් තියෙනවා.

      Delete
    4. අහ්හ්හ් . මේ මගේ ෆ්බ් ලින්ක් එක . රික්වෙස්ට් එකක් දාන්න මැසේජ් එකක් එක්ක . මට ෂුවර් දැනටමත් ඔයාගේ ෆොටෝ මම මගේ වෝල් එකේ දාලා ඇති එහෙනම් . :p :p :p

      https://www.facebook.com/profile.php?id=100003522043398

      ඇත්තම කියනවනම් මම දකින්න අකමැතිම ඇතෙක් ඉන්දි රාජා . ඒ ඇයි කියලා කියන්න අමාරුයි :p :p :p
      ඉන්දිරාජා බොහොම අඩු වයසකින් පරිනත තත්ත්වයට ආව ඇතෙක් . සාමාන්යෙන් ඇතෙක් දළදා කරඬුව වැඩම කරවන්න ගන්නේ වයස 40 පැන්නම . මොකද ඒ පරිනත තත්ත්වය , මද කිපීමේ කාලය වගේ දේවල් හරියට වෙන්නේ 40 පැන්නම .

      එතකොට අපිට ඇතා ගැන ෂුවර් කරන්න පුළුවන් කරඬුව වඩම්මන්න සුදුසුයි කියලා . ඒත් ඉන්දි රාජාට ලොකු වයසක් නෑ තාම . ඒත් එයා දැන් කරඬුව වැඩම කරවන්න ගන්නේ ඒ තරම් පරිනත හැසිරීම් පෙන්නන නිසා . ඒවගේම එයාගේ පෙනුම දැන් ගොඩක් වියපත් වෙලා . ඒ නිසා මට උගේ මූණෙන් පේනවා වාසනාව වගේම අවාසනාවත් අරගෙන ආව ඇතෙක් කියලා . ඉන්දිරාජට කොන්දේ අමාරුව හැදෙයි ඉක්මනටම :p :p :p

      රැවුල ඉක්මනටම වවෙනකොට කොල්ලෝ කැමතියි දැන් හරි කියලා . ඒත් එකේ අනිත් පැත්තත් තියෙනවනේ තමා ඉක්මනට වයසට යනවා කියලා . නේද ? . ඉන්දි රාජත් එහෙම කියලයි මට හිතෙන්නේ . රික්වෙස්ට් කරන්ට සහෝදරයා :) :)

      Delete
  7. සිරාවටම මාලුට වඩා උඹ ඉතින් අලි ගැන කොරන එක පට්ට තමයි. ඇරත් ඕකෙන් සුවර් සොට් තැන එනවා ටින් ගාලා, හැක හැක හැක හැක හැක... උඹ කොහොමත් අලි බෙට්ටෙන් අලියා කව්ද කියන එකානේ :D

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ ඔක්කොම අලි එකම කෑමනම් කන්නේ ඒකත් බැරි වෙන එකක් නෑ .
      :v :v :v :v

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ලිපිය එල ද බ්‍රා.
    අලියාගේ කුඩාම අවයවය දන්නවද?

    ReplyDelete
    Replies
    1. ටැංකු .
      මොලේද ?
      දන්නේ නෑ :( :( :(

      Delete
    2. කුඩා බඩ වැල
      විහිලුවට බං කිව්වෙ

      Delete
    3. හාහ් හාහ් හාහ්
      මම හිතුව මේ මට අලි පාඩමක් කරන්න පටන් ගන්නවා කියලා.
      කුඩා බඩවැල දැකලා තියෙනවනම් විහිළුවටවත් ඔහොම කියන්න හිතෙන එකක් නෑ මම හිතන්නේ . :p :p

      Delete
  10. අලි ගැන එල කතාවක්......g-

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඉඟුරු මානව ඇවිල්ල තියෙන්නේ මේ :p :p :p
      එල එල g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.